චාමර වීරසිංහයන් ගයන අනියම් ඇසුරක් දුරදික ගොස් ගැබ් ගත් තරුණියක ගැන කියවෙන “අමාවකට අතවනනා” මියුරු ගීතයේ සැගවුණු අමිහිරි අරුත මෙන්න

චාමර වීරසිංහයන් ගයන අනියම් ඇසුරක් දුරදික ගොස් ගැබ් ගත් තරුණියක ගැන කියවෙන “අමාවකට අතවනනා” මියුරු ගීතයේ සැගවුණු අමිහිරි අරුත මෙන්න
ඔබත් පිරිමියෙක්නම් මෙම ගීතයේ කියවෙන පුත්ගලයා කල වගේ අපරාදයක් හීනෙකින්වත් කරන්න එපා. පිරිමි කමටත් ලැජ්ජාවක් බලන්නකෝ මේ ගීතයේ අරුත මෙහෙම පිරිමි ගැන ලැජ්ජයි

Fun එකක් ගන්න නුවර එනවනම් මෙන්න නියම Places නුවර ඉන්න අයටම් මෙතන දිව්‍යලෝකයක් අනිවා යන්න

Fun එකක් ගන්න නුවර එනවනම් මෙන්න නියම Places නුවර ඉන්න අයටම් මෙතන දිව්‍යලෝකයක් අනිවා යන්න

මුලිම්ම කියන්න ඕන ලංකාවේ තියෙන මේ වගේ සුන්දර තැන් වලට ගියාට කමක්නෑ පරිසරයේ සුන්දරත්වය විනාශ කරන්න එපා සියලුම තොරතුරු දැනගැනීමට පහතින් ඇති වීඩියෝව නරබන්න

කපා කොටා ඝාතනය කල පුත්ගලයකු යළි ඉපදී බිරියගේ සිරුරේ ඇති රහස් කැළල සහ පෙර භවය පිලිබඳ හෙළි කළ විශ්මිත කතාව මෙන්න

කපා කොටා ඝාතනය කල පුත්ගලයකු යළි ඉපදී බිරියගේ සිරුරේ ඇති රහස් කැළල සහ පෙර භවය පිලිබඳ හෙළි කළ විශ්මිත කතාව මෙන්න

පුනර්භව සාධකවල දී පෙරභවය හෙළි කළ දරුවන්ගේ සිරුරුවල ඇති උපන් ලප කැළල් ඇතැම් විට ප්‍රබල සාක්කි බවට පත් වේ. එහෙත් වෙනත් පුද්ගලයන්ගේ සිරුරුවල තිබූ ලප කැළල් පිළිබඳව එම දරුවන්ගෙන් අනාවරණය වූ අවස්ථා දුර්ලභය. කාන්තාවකගේ සිරු​ෙර් තිබූ කැළලක් පිළිබඳව නිවැරදිව හෙළි කළ දරුවෙක් පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතරට ඇතුළත් වී ඇත. පෙරභවයට ප්‍රබලතම සාක්කියක් බවට පත්වූ එම දරුවා හෙළි කළ කැළල පිහිටා තිබුණේ ඔහුගේ පෙර භවයේ බිරියගේ සිරු​ෙර්ය.

පෙරභව ඥාතීන් සහ හිත මිතුරන් මවිතයට පත්කළ එම ආන්දෝලනාත්මක පුනර්භව සාධකය අනාවරණය වූයේ මීට වසර ගණනකට උඩ දී තුර්කියේ සිදුකළ පුනර්භව පර්​ෙ‌ය්ෂණයක දීය. අතිශය පුදුම අයුරින් සනාථ වූ එම දරුවාගේ පුනර්භව සාධකයට එරට ප්‍රධාන පෙළේ පුවත්පත් දෙකක් වූ YENI SABAH සහ AKSAM යන පුවත්පත් දැවැන්ත සිරස්තල යටතේ මහත් ප්‍රසිද්ධියක් ලබාදුන්නේය. මහත් ආන්දෝලනාත්මක පුවතක් වූ එය පළවූයේ 1963 අගෝස්තු 4 වැනිදාය.

එක්දහස් නමසිය පනස් එකේ අග භාගයේ දී උපත ලද එම දරුවා පස් දෙනකුගෙන් යුත් පවුලේ සිව් වන දරුවා විය. නෙකම් යනුවෙන් නම් ලද එම දරුවාගේ උපතින් හිසේ සහ මුහුණ ප්‍රදේශයේ ද ඇතුළුව සිරුරේ කීප ස්ථානයකම උපන් ලප දක්නට ලැබිණි. ඔහු තුළින් දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් වූයේ වසර පහක් වනතුරුත් ඔහුට කතා කිරීමේ හැකියාව නොලැබීමය. වෛද්‍යවරුන් පැවසුවේ ඔහු සෙමින් කතා කිරීම ආරම්භ කරන දරුවකු විය හැකි බවය. ඒ අනුව අවුරුදු පහක් ගතවීමෙන් පසු ඔහු බහ තේරීම ආරම්භ කළේය. ඔහුට හොඳින් කතා කළ හැකි වූයේ වයස අවුරුදු හයක් වීමෙන් පසුවය.
එම දරුවාට නම කියා ඇමතූ අවස්ථාව ප්‍රථම වරට ශ්‍රවණය වූ දරුවා දෙමාපියන් මවිතයට පත් කරවන ප්‍රකාශයක් කළේය.

ඔහුට එම නමින් ඇමතීම නොකළ යුතු බවය. ඔහු පැවසුවේ නෙසිත් යනුවෙන් ඔහු අමතන ලෙසය. තම දරුවාගේ මෙම ප්‍රකාශයට දෙමාපියෝ එතරම් අවධානයක් යොමු නොකළහ. කිසියම් අයුරකින් එවැනි නමක් ශ්‍රවණය වීමක් නිසා පුත්‍රයා එසේ පවසනු ඇතැයි දෙමාපියෝ සිතූහ.

මේ අතර ඔහු කුඩා දරුවන්ට මහත් ප්‍රියක් දක්වන බවක් ද දෙමාපියන්ට දක්නට ලැබිණි. ඔහුගේ සිරු​ෙර් පිහිටා තිබූ උපන් ලප එම පවුලේ අන් දරුවන්ගේ නොතිබීම ද දෙමාපියන්ගේ අවධානයට යොමු වී තිබිණි.

නිවසින් පිටවී ගමන් යෑමට ද මෙම දරුවා හැමවිටම මහත් ප්‍රියක් දක්වන්නට විය. මේ අතර දිනක් දෙමාපියන්ට ඔවුන්ගේ ඥාතිවරයකුගේ විවාහ මංගල උත්සවයකට යෑමට සිදුවිය. තම පුත්‍රයා ද කැටුව යෑමට දෙමාපියෝ තීරණය කළහ. ඒ අනුව එම විවාහ මංගල උත්සවයට එම දරුවා ද සම්බන්ධ විය. විවාහ මංගල උත්සවය සිදු වෙද්දී එහි පැමිණි කුඩා දරුවෝ පිරිසක් මිදුලේ සෙල්ලම් කරමින් සිටියහ.

ඒ දෙස බලා සිටි දරුවා සිය මව වෙත පැමිණ ඇය ඇමතුවාය. මටත් ඔය වගේ ළමයි හිටියා යැයි ඔහු මවට කීවේය. තම පුත්‍රයාගේ ප්‍රකාශයෙන් මවිතයට පත්වූ මවට එය අදහාගත නොහැකි විය. පුත්‍රයාගෙන් එ් ගැන විමසීමට සිතූ මව “ඔයා පොඩි ළමයෙක්නෙ. ඔයාට ​ෙකායින්ද දරුවෝ” යැයි විමසුවාය.

එයට පිළිතුරු වශයෙන් පෙර භව මතකය අවදි කළ දරුවා පෙර භවයේ දී ඔහු පදිංචිව සිටි ගම් ප්‍රදේශයත් එහිදී ඔහු මරණයට පත්වූ අන්දමත් අනාවරණය කළේය.

එම දරුවා ප්‍රකාශ කළ ගම් ප්‍රදේශය පිහිටා තිබුණේ ඔවුන් පදිංචිව සිටි නිවසට සැතපුම් අසූවක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයකය. සිය පුත්‍රයා හෙළි කරන තොරතුරු අනාවරණය කිරීම කෙරෙහි දෙමාපියෝ කිසිදු කැමැත්තක් නොදැක්වූහ. ඔහුගේ ප්‍රකාශ නතර කරවීමට ඔහුට පහරදීමට පවා දෙමාපියෝ පෙළඹී සිටියහ.

එහෙත් පෙරභව මතක සටහන් අනාවරණය කිරීම නොනැවැත්වූ දරුවා පෙරභව ජීවන තොරතුරු දිගින් දිගටම ප්‍රකාශ කළේය. දිනක් පුද්ගලයෙක් සමග ඇතිවූ ගැටුමක දී තමාට පිහියෙන් ඇන්න බවත් එම පිහි ඇනුම්වලින් තුවාල ලද සිරුරේ ස්ථානවල උපන් ලප පිහිටා ඇති බවත් ඔහු පැහැදිලි කළේය.

තම දරුවන් සහ බිරිය හමුවීමට ඔහු කැඳවාගෙන යන ලෙස එම දරුවා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය. ඔහු හෙළි කළ ගම් ප්‍රදේශය ගැන පියා දැන සිටියත් තම පුත්‍රයා එහි කැඳවාගෙන යාමට පියා අකමැති විය.
එහෙත් එම දරුවාගේ මෙම ප්‍රකාශ පිළිබඳ සොයා බැලීමට මවගේ පියා උනන්දු විය. දරුවා හෙළි කරන ගම් ප්‍රදේශය පිළිබඳව අවබෝධයකින් සිටි ඔහු මෙම දරුවා පෙරභව ගමට රැගෙන ගියේය. එහිදී ඔහු විසින් පෙරභව ඥාතීන් කීප දෙනෙක්වම නිවැරදිව හඳුනා ගනු ලැබිණ. පෙරභව නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ බිරිඳව හඳුනා ගැනීමේදී වූයේ ඇය මවිත කරවූ සිදුවීමකි.

පෙර භව බිරිය දුටු සැණින් ‘ඔබ මගේ බිරිය’ යැයි දරුවා ප්‍රකාශ කළේය. එය ශ්‍රවණය වූ බිරිය ඔහුට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

‘මා ඔබගේ බිරිය යැයි කියන්නේ කෙසේද?’ යැයි ඇගේ ප්‍රශ්නය විය. මොහොතක් කල්පනාවේ යෙදුණු දරුවා ඇගේ සිරුරේ කැළලක් ඇති බවත් එය කැපුම් තුවාලයක් බවත් කීවේය. සිරුරේ පාදයක ඉහළ කොටසේ තිබූ කැපුම් තුවාලයක කැළල දරුවා විසින් නිවැරදිව හෙළි කිරීම අතිශය ප්‍රබල සාක්කියක් විය. මෙම දරුවාගේ ප්‍රකාශ සනාථ වන විටදී ඥාතීහු කීප දෙනෙක්ම කඳුළු වගුරුවමින් දරුවා සිප වැළඳ ගැනීම ආන්දෝලනාත්මක සිදුවීමක් විය.

පෙර භවයේ ජීවිතය අවසන් වූ අන්දමද පැහැදිලිව හෙළි කළ ඔහු තමාට පිහි පහර එල්ල කළ පුද්ගලයාගේ නම ද නිවැරදිව අනාවරණය කළේය. පෙර භවයේ ඔහු මත්පැන් පානයට පුරුදුව සිටි අයකු විය. වෙනත් පුද්ගලයකු සමග මහමග දී ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස ඔහු මරණයට පත්වූයේ පිහි ඇනුමකිනි. බීමත්ව සිටිය දී සිදුවූ මිනීමැරුම එම දරුවාට ඉතා හොඳින් මතක තිබිණි. එම සිද්ධිය වූ ස්ථානය ද ඔහු නිවැරදිව ප්‍රකාශ කළේය.

මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණයේ දී මිනී මැරුම සිදුවූ ආකාරයත් ඔහුගේ සිරුරට සිදුව තිබූ තුවාල පිළිබඳවත් මරණ පරීක්ෂණ වාර්තා මගින් ද නිරීක්ෂණය කිරීමට පර්​ෙ‌ය්ෂකයන්ට හැකි විය. පිහිපහර එල්ල වූ අවස්ථාවේ ඔහු එම පුද්ගලයා සමග දිගින් දිගටම දබර කළ බවත් ඔහුගෙන් බේරීමට බැරිම තැන තමන් පිහි පහර එල්ල කළ බවත් මිනීමැරුම සිදු කළ පුද්ගලයා ප්‍රකාශ කර තිබිණි. එම ආරවුලේ දී ඔහුගේ සිරුරට පිහි පහර දාහතක් එල්ල වී තිබිණි. එම පිහි පහර එල්ල වූ ස්ථාන වැඩි ගණනක ඔහුගේ සිරුරේ උපතින් කැළල් පිහිටා තිබිණි. පිහි පහර එල්ල වීම නිසා ඔහු රෝහල් ගත කරන ලද නමුත් පසු දින මරණයට පත් විය. ඔහුගේ මරණය සිදුව තිබුණේ 1951 මැයි හය වැනිදාය.

පෙර භව බිරිය දුටු සැණින් ‘ඔබ මගේ බිරිය’ යැයි දරුවා ප්‍රකාශ කළේය. එය ශ්‍රවණය වූ බිරිය ඔහුට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

‘මා ඔබගේ බිරිය යැයි කියන්නේ කෙසේද?’ යැයි ඇගේ ප්‍රශ්නය විය. මොහොතක් කල්පනාවේ යෙදුණු දරුවා ඇගේ සිරුරේ කැළලක් ඇති බවත් එය කැපුම් තුවාලයක් බවත් කීවේය. සිරුරේ පාදයක ඉහළ කොටසේ තිබූ කැපුම් තුවාලයක කැළල දරුවා විසින් නිවැරදිව හෙළි කිරීම අතිශය ප්‍රබල සාක්කියක් විය. මෙම දරුවාගේ ප්‍රකාශ සනාථ වන විටදී ඥාතීහු කීප දෙනෙක්ම කඳුළු වගුරුවමින් දරුවා සිප වැලඳ ගැනීම ආන්දෝලනාත්මක සිදුවීමක් විය.

පෙර භවයේ ජීවිතය අවසන් වූ අන්දමද පැහැදිලිව හෙළි කළ ඔහු තමාට පිහි පහර එල්ල කළ පුද්ගලයාගේ නම ද නිවැරදිව අනාවරණය කළේය. පෙර භවයේ ඔහු මත්පැන් පානයට පුරුදුව සිටි අයකු විය. වෙනත් පුද්ගලයකු සමග මහමග දී ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස ඔහු මරණයට පත්වූයේ පිහි ඇනුමකිනි. බීමත්ව සිටිය දී සිදුවූ මිනීමැරුම එම දරුවාට ඉතා හොඳින් මතක තිබිණි. එම සිද්ධිය වූ ස්ථානය ද ඔහු නිවැරදිව ප්‍රකාශ කළේය.

ඒ වනවිට ඔහු දරුවන් සිව් දෙනකුගේ පියෙකි. පුතුන් තිදෙනකුගේ සහ එක් දියණියක සිටි බැව් දරුවා කළ ප්‍රකාශය නිවැරදිව සනාථ විය. දරුවන්ගේ සහ බිරියගේ නම ද එදා එම දරුවා ප්‍රකාශ කළේ පෙර භව ඥාතීන් පුදුමයට පත් කරවමිනි. ඔහු විසින් පෙර භවය පිළිබඳව කරන ලද ප්‍රකාශ ශාස්ත්‍රීය අයුරින් විමර්ශනය කිරීමේ දී සකස් කරන ලද පර්​ෙ‌ය්ෂණ වාර්තාවකින් කරුණු විස්සකට වැඩි සංඛ්‍යාවක් නිවැරදිව සනාථ විය. මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණයේ දී එම දරුවා විසින් හඳුනා ගත් පුද්ගලයින්ට අමතරව පෙර භාවයේ ජීවත්ව සිටිය දී භාවිතා කළ භාණ්ඩ රැසක් ද නිවැරදිව හඳුනා ගැනීමට ඔහුට හැකි විය. ඒ අතර ඔහු මුහුණ බැලූ කණ්ණාඩියක් ද ඇතුළත් විය.

පෙර භවයේ තැනැත්තා වූයේ නෙසිප් නම් අයෙකි. දරුවා කුඩා කල දී ඔහුට එම නමින් අමතන ලෙස ඉල්ලා සිටීම ද විශේෂත්වයක් විය. ඔහුට පිහි ඇනුම එල්ල කළ පුද්ගලයාගේ නම ද මෙම දරුවාට ඉතා හොඳින් මතක තිබිණි. පුනර්භව පර්​ෙ‌ය්ෂකයන් වූ මහාචාර්ය ස්ටීවන්සන් සහ බේයර් විසින් මෙම දරුවා පිළිබඳව සිදුකළ පර්​ෙ‌ය්ෂණ ප්‍රබල සාක්කි ලෙස පර්​ෙ‌ය්ෂණ වාර්තාවලට ද ඇතුළත් කර තිබේ.

මෙම දරුවාගේ පුනර්භව සාධකයේ මව දුටු සිහිනයක් පිළිබඳව ද හෙළිවේ. එනම් දරුවා මව් කුස පිළිසිඳ ගෙන සිටිය දී මව දක්නට ලැබූ සිහිනයකි. එම සිහිනය මගින් නාඳුනාන පුද්ගලයකුගේ රුව ඇයට දක්නට ලැබිණි. නාඳුනන එම තැනැත්තා ඇගේ නිවසට පැමිණෙන අයුරු ඇයට සිහිනෙන් දර්ශනය වී තිබේ. එම පුද්ගලයා කිසිදු අවසරයකින් තොරව නිවසට පැමිණ ආලින්දයේ අසුන් ගත්​ෙත්ය.

“පැමිණියේ ඇයි” දැයි ඇය එම පුද්ගලයාගෙන් විමසීමක් කළාය. නිවසේ නතරවීමට පැමිණි බැව් ඔහු ප්‍රකාශ කළේය. එහෙත් එයට විරුද්ධත්වය දැක්වූ ඇය ඔහුට නිවසින් යන ලෙස පැවසීය. එවිට ඔහු දුන් පිළිතුර වූයේ පිහි ඇනුමකින් මියගිය බවය. ඔහුගේ නම ලෙස පැවසුවේ තම දරුවා ඔහුට නම් කරන ලෙස ඉල්ලා සිටි නම බව ද ඇය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව එදා හීනෙන් අසන්නට ලැබුණ නම ඒ අයුරින්ම දරුවා විසින් ප්‍රකාශ කිරීම මෙම පුනර්භව සාධකයේ තවත් පුදුම උපදවන කරුණක් විය.

මේ අයුරින් පෙර භවය හෙළි කළ දරුවන් අතරින් බිරියන්ගේ හැඩරුව හෙළි කළ දරුවෝ රැසක් සිටිති. ඇතැම්හු සිය බිරියන්ගේ නම් පවා පැහැදිලිව හෙළි කළහ.

මීට වසර ගණනකට උඩදී ශ්‍රී ලංකාවේ පෙර භවය හෙළි කළ දරුවෙක් මගින් ද බිරිය පිළිබඳව අතිශය පුදුම කරුණක් අනාවරණය විය. හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි එම දරුවා ප්‍රකාශ කළේ ඔහුගේ බිරියගේ නම ​ෙද්විකා බවය. ඔහුට බිරිය දුටුවොත් හඳුනා ගත හැකි බැව් එදා එම දරුවා ඒ පිළිබඳව සිදු කළ පර්​ෙ‌ය්ෂණයේ දී පැවසීය. ඒ වනවිට සිව් හැවිරිදි වියේ පසුවූ දරුවා සිය බිරියගේ හැඩරුව ද හෙළි කළේය. ඒ අතර ඔහු අනාවරණය කළ කරුණක් ද අතිශය පුදුම උපදවන සුලුවිය.

“මට දේවිකා දැක්කොත් හඳුන ගන්න පුළුවන්. එයාගේ ඉස්සරහ දතක් නෑ” යැයි ඔහු පැවසීය.

“එයාගේ ඉස්සරහ දතට මොකද වුණේ” යැයි විමසූ විට එම දරුවා ප්‍රකාශ කළේ පහරදීමකින් එය ගැල වී තිබූ බවය. එම දරුවා අනාවරණය කළ ගම් ප්‍රදේශය ගැන පැහැදිලිව හෙළි නොවීම නිසා ඔහුගේ පෙර භව තොරතුරු තවමත් පර්​ෙ‌ය්ෂණ මට්ටමේ පවතී.

එම දරුවා ප්‍රකාශ කළ අනෙකුත් තොරතුරු අතර මිතුරෙකුගේ නමක් ද ඇතුළත් වී තිබිණි. ඒ බැව් ඔහු පැවසුවේ “මගේ හොඳම යාළුවා ගුණරත්න” යනු වෙනුවෙනි. පොලිස් සේවයේ යෙදී සිටි බවක් ද මෙම දරුවාට මතක තිබිණි.

පෙර භව නිවසට ගිය දරුවා ඔහුගේ බිරිය හඳුනාගෙන ඔබ මගේ බිරිය යැයි පැවසීය. “ඔබ එසේ කියන්නේ කෙසේදැයි” බිරිය එම දරුවාගෙන් විමසීමක් කළාය. “ඔබේ කකුලේ උඩ කොටසේ කැපුම් තුවාලයක කැළලක් තියෙනවා” යයි දරුවා පැවසුවේය. එම වදනින් මවිතයට පත්වූ බිරිය තම සැමියා යළි ඉපදී ඇති බවට ප්‍රබලතම සාක්කිය ලෙස පිළිගනු ලැබුවාය. පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතර නෑදෑ හිතවතුන් ද මවිතයට පත් කළ ආන්දෝලනාත්මක හඳුනා ගැනීමක් සිදුවූ පුනර්භව සිදුවීමක් ලෙස එම දරුවාගේ කතා පුවත ප්‍රකාශයට පත්විය.

තිස්ස ජයවර්ධන

මදුසමයෙදී සැමියාගේ පහසින් වශීවුණු බිරිදක් ගැන කියවෙන මෙම ගීතයේ සම්පුර්ණ අරුත බලන්නකෝ මේ ගීතයේ අරුත දැනගත් පසු ඔබ පුදුම වේවි

මදුසමයෙදී සැමියාගේ පහසින් වශීවුණු බිරිදක් ගැන කියවෙන මෙම ගීතයේ සම්පුර්ණ අරුත බලන්නකෝ මේ ගීතයේ අරුත දැනගත් පසු ඔබ පුදුම වේවි

ත්‍රස්ථවාදී කළුකොටි සැමරූ කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ LTTEය නැවතත් හිස ඔසවයිද…?

ත්‍රස්ථවාදී කළුකොටි සැමරූ කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ LTTEය නැවතත් හිස ඔසවයිද…?

ජූලි මස පස් වැනිදා උතුරේ බොහෝ ස්ථානවල කළු කොටි දිනය සමරන ලද පුද්ගලයන්ගෙන් කිසිවකුත් මේ දක්වා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන නොමැත.
යාපනයේ පාසල්වලද විශ්වවිද්‍යාලයේද තවත් ස්ථාන ගණනාවකද ජූලි මස පස් වැනිදා කළු කොටි දිනය සැමරීම නිමිත්තෙන් උත්සව සංවිධානය කොට තිබිණි.
කිලිනොච්චිය ස්කන්ධපුරම් ප්‍රදේශයේ මහාමාර්ගවලද බස් නැවතුම්පොළවලද කළු කොටි දිනයේ ප්‍රචාරාත්මක ලාංඡන ඇඳ තිබිණි.

මේ සිද්ධීන්වල වීඩියෝ දර්ශනද දෙමළ ජනමාධ්‍ය හරහා මෙන්ම සිංහල මාධ්‍ය හරහාද විකාශය වූ නමුත් කළු කොටි සැමරුම් උළෙලවල් සංවිධානය කළ පිරිස් හා ඒවා මෙහෙයවන ලද පුද්ගලයන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් බැවින් ඔවුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් පොදු ස්ථානවල ඔවුන් සැමරීමේ උළෙලවල් පැවැත්වීම තහනම් බව රජයේ ප්‍රකාශකයන් මෙන්ම ආරක්ෂක අංශවල මාධ්‍ය ප්‍රකාශකයන් කියා සිටින නමුත් මෙවර කළු කොටි දිනය සමරන ලද පිරිස අත්අඩංගුවට නොගැනීම විශාල ප්‍රශ්නයක් වී තිබේ.

වවුනියාව – රසාදි චතුරංගි ගමගේ

කටුපොල් ලංකාවට සුදුසු වගාවක් නෙවෙයි කටුපොල් වගාවෙන් පරිසරයට සිදුවෙන විශාල හානිය මෙන්න රට විනාශ කරන මෙම වගාව හැකි ඉක්මනින් මෙය නවතා දමන්න

කටුපොල් ලංකාවට සුදුසු වගාවක් නෙවෙයි කටුපොල් වගාවෙන් පරිසරයට සිදුවෙන විශාල හානිය මෙන්න රට විනාශ කරන මෙම වගාව හැකි ඉක්මනින් මෙය නවතා දමන්න

කටුපොල් වගාව තුළින් සිදුවෙන පාරිසරික සහ සාමාජීය බලපෑම් පිළිබඳව අධ්‍යයනය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පත්කරන ලද විද්වත් කමිටුව මගින් එම වගාවෙන් ඇතිවෙන පාරිසරික හානි පිළිබඳව අධ්‍යයනය කරන ලද අතර එය තවදුරටත් ලංකාවේ ව්‍යාප්ත කිරීමට සුදුසු වගාවක් නොවන බව නිර්දේශ කර තිබේ.

කටුපොල් වගාව නිසා ඇති වී ඇති අහිතකර පාරිසරික හා සාමාජීය බලපෑම් පිළිබඳ මහජන පැමිණිලි රාශියක් පසුගිය වසර කිහිපය තුළ මධ්‍යම පරිසර අධිකාරිය වෙත වාර්තා වූ අතර කටුපොල් වගාවේ ව්‍යාප්තියත් සමඟ මහජන පැමිණිලි හා විරෝධතා සංඛ්‍යාත්මකව වැඩි විය. මෙම ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඒ සඳහා අවශ්‍ය සුදුසු විසඳුම් සොයා ගැනීම පිණිස මධ්‍යම පරිසර අධිකාරිය විසින් මීට අදාළ ප්‍රධාන පාර්ශ්වයන් ද නියෝජනය වෙන පරිදි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, කෘෂි විද්‍යා පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා රබර් පර් යේෂණ ආයතනය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය, ජාතික වැවිලි කළමනාකරණ ආයතනය යන ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අධ්‍යයන කමිටුවක් පත් කරන ලදී.

මෙම අධ්‍යයන කමිටුව විසින් අන්තර් ජාතික පර් යේෂණ වාර්තා, සිද්ධි ක්ෂේත්‍ර අධ්‍යයනයන් හා අදාළ ප්‍රදේශ වල සිදු කරන ලද සමීක්ෂණ දත්ත පාදක කර ගනිමින් ශ්‍රී ලංකාවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන කටුපොල් වගාව සම්බන්ධයෙන් පහත කරුණු අනාවරණය කරගෙන තිබේ.

පරිසර හා සමාජ හිතකාමී වශයෙන් තහවුරුව පවතින රබර්, තේ සහ පොල් වැනි සම්ප්‍රදායික වැවිලි බෝගවල තිරසාර පැවැත්මට තර්ජනයක් එල්ල වීම.

දැනට පවතින රටාව ඉදිරියටත් ක්‍රියාත්මක වුවහොත් අනාගතයේදී රබර් ඉඩම් විශාල ප්‍රමාණයක් කටුපොල් වගාවට පරිවර්තනය වීම.

වගා ඉඩම්වල පාරිසරික යෝග්‍යතාව හඳුනා ගැනීමකින් තොරව කටුපොල් වගාව ව්‍යාප්ත වීම.

කටුපොල් ශාකය විසින් අධික ලෙස ජල පරිභෝජනය කිරීම

වැඩුණු කටුපොල් ශාකයක වාෂ්පීභවන හා උත්ස්වේදන ශීඝ්‍රතාව වියළි කාලයේදී දිනකට ලීටර 500-600 ක් අතර සහ සාමාන්‍ය දින වලදී දිනකට ලීටර 400 ක් පමණ ඉහළ අගයක් ගන්නා බව අන්තර්ජාතික පර් යේෂණ අධ්‍යයනයන් මගින් අනාවරණය කරගෙන තිබේ. මේ හේතුව නිසා කටුපොල් වගාව මගින් භූගත ජල මූලාශ්‍ර වලට වැඩි බලපෑමක් එල්ල කරයි. වැඩුණු පොල් ගසක වාෂ්පීභවන හා උත්ස්වේදන සීඝ්‍රතාව දිනකට ලීටර 80 ක් පමණ වන අතර රබර් ගසක දිනකට ලීටර 60 ක් පමණ වීම.

වර්ෂාව රහිත කාලයේ දී කටුපොල් වගාබිම් අවට පවතින ළිං සහ දිය පහරවල් වල ජලය ඉතා සීඝ්‍රයෙන් අඩු වීම සහ සිඳීයාම. (අන්තර්ජාතික අධ්‍යයන, මහජන පැමිණිලි)

කටුපොල් වගාවන් පවතින ප්‍රදේශවල, පස තද වීමකට ලක් වීම නිසා පාංශු ජල අවශෝෂණය අඩු වන අතර එවිට මතුපිටින් ගලායන වර්ෂා ජල ප්‍රමාණය වැඩිවීම මගින් පහත් බිම් වල නිරන්තර ජලගැලීම් තත්ත්ව ඇති වීම.

(අන්තර්ජාතික පර් යේෂණ)

බෑවුම් සහිත ප්‍රදේශවල පවතින කටුපොල් වගාවන්වල පාංශු ඛාදනය සාපේක්ෂව ඉහළ අගයක් ගැනීම.

බැවුම් සහිත ප්‍රදේශවල වගා වේදිකා ඉදිකිරීම හා කටුපොල් ගස් අවට පස නිරාවරණය කිරීම මගින් මෙම තත්ත්වය වඩාත් උග්‍ර වේ. (අස්වනු නෙළීම පහසුවීම සඳහා කටුපොල් ගස් අවට භූමිය යටි වගාවකින් තොරව නිරාවරිතව පවත්වා ගනී) කටුපොල් වගාවන්වල පාංශු පුනරුත්ථාපනය සඳහා අනෙකුත් වගාවන්ට වඩා වැඩි කාලයක් වැයවන බැවින් එය ආර්ථිකව ඵලදායී නොවීම.

කටුපොල් බීජ ස්වභාවිකව පැළවෙන අතර ස්වභාවික ප්‍රචාරණයෙන් කටුපොල් භෝගය වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්ත වීම.

මෙසේ ව්‍යාප්ත වුණු කටුපොල් ශාක ජල මාර්ග අවට භූමි ප්‍රදේශ සහ තෙත් බිම් ආක්‍රමණය කර ඇති බව මහජන පැමිණිලි ලැබුණ ප්‍රදේශ ආශ්‍රිතව සිදුකරන ලද සමීක්ෂණයේ දී එම කණ්ඩායම විසින් නිරීක්ෂණය කරන ලදී. මෙය ජෛව විවිධත්වයට තර්ජනයක් වීම.

රබර් වගාවන්ට සාපේක්ෂව කටුපොල් වගාවන්වල ජෛව විවිධත්වය අඩුවීම.

කටුපොල් වගාවන් ආශ්‍රිත ප්‍රදේශවල ජෛව විවිධත්වය අඩු වී ඇති නමුත් සර්පයින් වැනි සමහර සත්ව විශේෂවල ගහනයේ වැඩිවීමක් නිරීක්ෂණය කර තිබේ. (අන්තර් ජාතික පර් යේෂණ වාර්තා සහ ජෛව විවිධත්වය පිළිබඳ ජාතික විද්වත් කමිටුවේ නිර්දේශ)

භෝග ආරක්ෂාව සඳහා අධික ලෙස කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කිරීම සහ අධි මාත්‍රා වලින් අකාබනික පොහොර භාවිතය.

මෙම පොහොර ප්‍රමාණය රබර් වගාවට වඩා 8-10 ගුණයකින් පමණ වැඩිය. (SLAAS ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය-2002)

පාම්තෙල් සැකසුම් කර්මාන්තය මගින්, පරිසර දූෂක කාරක විශාල ප්‍රමාණයක් ජනනය වීම සහ ජනනය වන අප ජලය පිරිපහදු කිරීම අපහසුවීම.

නෙළාගන්නා අස්වැන්නෙහි බර අනුව 75% ක්ම අපද්‍රව්‍ය ලෙස බැහැර වේ. මෙයින් වැඩි ප්‍රතිශතයක් තෙල් සහ ජලය මිශ්‍රිත කාබනික අපජලය වේ. මේ හේතුව නිසා අපජලය මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රමිතීන්ට අනුව පිරිපහදු කිරීම් සඳහා ඉතා ඉහළ පිරිවැයක් වැයවන අධි තාක්ෂණික පිරිපහදු පද්ධතියක් අවශ්‍ය වේ. දැනට ලංකාවේ පවතින කර්මාන්තශාලා දෙකෙහිම අප ජල ප්‍රතිකාරක පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.
රබර් හා පොල් වැනි වැවිලි භෝගයන්ට සාපේක්ෂව කටුපොල් භෝගයේ දැවමය වටිනාකමක් නොමැති වීම.

කටුපොල් වගාවන් සඳහා වනාන්තර එළි කිරීමත්, මෙය ගෙවතු වගාවක් ලෙස පවත්වාගෙන යාමට ඇති ප්‍රවණතාවත් සම්බන්ධයෙන් දැඩි අවදානමක් පැවතීම.

පාම් තෙල් සඳහා දැනට පනවා ඇති ආනයන බඳු හේතුවෙන් කටුපොල් කර්මාන්තයෙන් විශාල ලාභයක් ඉපයීම හා කර්මාන්තයක් වශයෙන් ගත් කල එහි තිරසාර භාවයක් නොමැති වීම.

අධික ආනයන බදු (රු.130/ කී.ග්‍රෑම්) නිසා එයට හිමිව ඇති කෘත්‍රිම ඉහළ මිල, දේශීය පාම් තෙල් කර්මාන්තයේ ලාභදායිත්වයට ප්‍රධාන වශයෙන් හේතුවේ.

කටුපොල් වගා කරන රටවල් (මැලේසියාව) අත්විඳිනු ලබන විශාල නිෂ්පාදන පිරිවැය ගැටලු, නැවත වගාවේදී අස්වැන්න අඩු වීම්, පාම් තෙල් නිසා හටගන්නා නොයෙක් රෝග සහ සෞඛ්‍යමය ගැටලු වැනි ගැටලුකාරී තත්ත්වයන් රාශියකට මුහුණ දීමට සිදුවීම.

දැනට ලෝක නැඹුරුතාව පවතින්නේ පොල් වගාව හා පිරිසිදු පොල්තෙල් සඳහා

වන අතර, ශ්‍රී ලංකාව තුළ උචිත කෘෂි පාරිසරික කලාපයන් තුළ පොල් වගාව

ප්‍රචලිත කළ හැකි වීම

මෙම අධ්‍යයනයෙන් හෙළි වූ ඉහත සඳහන් කරුණු පාදක කර ගනිමින් අධ්‍යයන කමිටුව විසින් පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ කටුපොල් වගාවන් අලුතින් ආරම්භ කිරීම, නැවත වගාකිරීම හෝ පවතින වගාවන් පුළුල් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවිය යුතුය.

ආනයන – අපනයන පනත යටතේ සහ වෙනත් අදාළ නීති රෙගුලාසි යටතේ ජීව්‍යතාව සහිත කටුපොල් බීජ ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ යුතුය.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ අනුමැතිය යටතේ දැනටමත් ආනයනය කර ඇති කටුපොල් බීජ සිටුවීම, උපායමාර්ගික පරිසර අධ්‍යයනයක් (SEA – Strategic Environmental Assessment) සිදුකර හඳුනාගත් යෝග්‍ය ඉඩම්වල පමණක් සිදු කළ යුතුය.

දිස්ත්‍රික් ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද දිස්ත්‍රික් මට්ටමේ පසුවිපරම් කමිටුවක් මගින් දැනට ස්ථාපනය කර ඇති කටුපොල් වගාවන්ගේ වර්තමාන තත්ත්වය අධ්‍යයනය කළ යුතුය. මෙම පිරික්සුම් කමිටුව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යන ආයතනවල නියෝජිතයෙකුගෙන් හා අදාළ ග්‍රාම නිලධාරීවරයා සහ අවශ්‍යතාව අනුව වෙනත් ඕනෑම ආයතන නියෝජිතයෙකුගෙන් සමන්විත විය යුතුය.

දැනටමත් අස්ථායී හා පාරිසරිකව යෝග්‍ය නොවන නුසුදුසු ඉඩම් කට්ටිවල වගාකර ඇති කටුපොල් වගාවන් දිස්ත්‍රික් පසුවිපරම් කමිටුවේ මාර්ගෝපදේශයන්ට අනුව ප්‍රදේශයට සුදුසු ශාක විශේෂ වගා කිරීම මගින් හැකි ඉක්මනින් පුනරුත්ථාපනය කළ යුතුය.

කටුපොල් වගාවන් අවට ප්‍රදේශවල ස්වභාවික ප්‍රචාරණය මගින් බීජ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සුදුසු පුර්වෝපායන් යෙදිය යුතු අතර දැනට එසේ ව්‍යාප්තව ඇති කටුපොල් ශාක අදාළ වැවිලි සමාගම් මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගත යුතුය.

වැවිලි සමාගම් මගින් ඔවුන් සතුව පවතින කටුපොල් වගාවන් සඳහා පාරිසරික කළමනාකරණ සැලැස්මක් (Envirronmental Management Plan) ඉදිරිපත් කළ යුතුය. මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පෙර වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ මූලිකත්වයෙන් පිහිටුවා ගත් කමිටුවක් මගින් අදාළ සැලැස්ම සමාලෝචනය කළ යුතු අතර එහි අනුමත පිටපතක් දිස්ත්‍රික් පසුවිපරම් කමිටුව වෙත යොමු කළ යුතුය.

මේ අනුව කටුපොල් වගාව ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමට සුදුසු වගාවක් නොවන බව ඉහත කරුණු මගින් අනාවරණය වේ.

මධ්‍යම පරිසර අධිකාරිය

අභිරහස් ලෙස ගෙල වැළලාගෙන එකම මොහොතේ මියගිය එකම පවුලේ 11 දෙනෙකු ගැන පුදුම හිතෙන කතාවක් මෙන්න

අභිරහස් ලෙස ගෙල වැළලාගෙන එකම මොහොතේ මියගිය එකම පවුලේ 11 දෙනෙකු ගැන පුදුම හිතෙන කතාවක් මෙන්න

එකම පවුලක සාමාජිකයන් 11 දෙනකු පසුගිය ඉරිදා තම නිවෙසේදී ගෙල වැළලා දිවි නසාගැනීමේ පුවත ලොවම කම්පාවට පත් කළේය. දිවිනසාගෙන ඇත්තේ උතුරු දිල්ලියේ සාන්ත් නගර්හි භාතියා නම් පවුලකි. එය ආගමික පෙළඹවීමක් මත සිදු වූ බවට පොලිසිය සැක කරයි.

සාමාජිකයන් 10 දෙනකුගේ සිරුරු නිවසේ සාලයේ ද ගෘහපාලිකාව වූ 77 හැවිරිදි නාරායනී භාතියාගේ සිරුර ඇතුළු කාමරයක ද තිබී පොලිසියට හමුවිය. භාතියා පවුල වාසය කළේ උතුරු දිල්ලියේ සාන්ති නගර්හි 2 වැනි වීදියේ මහල් නිවෙසකය. එම නිවෙසේ නාරායනී භාතියා ද ඇයගේ පුතුන් දෙදෙනා වූ 50 හැවිරිදි භව්නේෂ් හා 45 හැවිරිදි ලලිට් ද ඔවුන්ගේ බිරියන් වූ සවිතා සහ ටීනා ද භව්නේෂ්ගේ දරුවන් වූ නීටු, මොනූ සහ ද්රුව් ද ලලිට්ගේ පුත්‍රයා වූ ශිවම් ද නාරායනීගේ දියණිය වූ 57 හැවිරිදි ප්‍රතිභා හා ඇගේ දියණිය වූ 33 හැවිරිදි ප්‍රියංකා ද වූහ.

මරණයට පත්ව සිටි සියල්ලන්ගේ දෑස් හා මුඛය වැසෙන සේ රෙදිකඩකින් ආවරණය කර දෑත් සහ පාද බැඳ තිබූ අතර දෙකන්හි පුළුන් ඔබා තිබිණි. නිවෙසේ තිබී හමු වූ දිනපොතක “මහා ගැලවීමේ මාර්ගය” යනුවෙන් සඳහන්ව තිබූ අතර සියදිවි නසාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ එහි පැහැදිලිව සඳහන් විය. සියදිවි නසාගැනීමට පෙර ඔවුන් ආගමික වතාවත්වල නිරත වූ බැව් පෙනෙන්නට තිබිණි.

මෙම මරණ පිළිබඳව අනාවරණ වූයේ පසුදින උදෑසන 7.30 පමණය. නිවෙසට පැමිණි අසල්වැසියකු වන ගුර්චරන් සිං සිදුවීම දැක පොලිසියට පැමිණිලි කර තිබිණි. භාතියා පවුල ව්‍යාපාරික පවුලකි. ඔවුන් සතුව සිල්ලර වෙළෙඳසලක් පැවැති අතර මාස කිහිපයකට ඉහත එයට යාබදව කිරි අලෙවිහලක් ද ආරම්භ කර තිබිණි. එම වෙළෙඳසල දිනපතා උදෑසන 5.30ට විවෘත කළ ද එදින උදෑසන 7 වනතෙක් එය විවෘත නොකෙරුණු හෙයින් කිරි මිලට ගැනීම සඳහා විශාල පිරිසක් වෙළෙඳසල ඉදිරිපිට පෝලිම් ගැසී සිටිනු දැකිය හැකි විය. වෙළෙඳසල විවෘත නොකරන්නේ මන්දැයි සොයා බැලීමට නිවෙසට පැමිණි ගුර්චරන් සිං සාලයේ එල්ලෙමින් තිබූ මළසිරුරු දැකගත හැකි විය. එම නිවෙසේ ඉතිරිව සිටි එකම ජීවියා වූයේ ඔවුන්ගේ සුනඛයා පමණි.

මෙම මරණ කොල්ලයක් සඳහා පැමිණි පිරිසක් විසින් කරන ලද ඝාතනයක් ද? යන සැකය පොලිසියට ඇති වුවද එහි තිබූ වටිනා භාණ්ඩ කිසිවක් සොරකම් කර නොතිබි හෙයින් එවැන්නක් සිදු නොවූ බවට පොලිසිය තීරණය කර තිබේ. කාන්තාවන් පැළඳ සිටි රන් ආභරණ ද ඔවුන්ගේ සිරුරුවල එලෙසින්ම තිබිණි. නිවෙසට කිසිවකු බලහත්කාරයෙන් ඇතුළු වූ බවට ද සාක්ෂියක් ද තිබී නොමැත.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

වාහනයක් තියෙන හැම පුද්ගලයෙක්ම බදු ගෙවිය යුතුයි දේශීය ආදායම් බදු කොමසාරිස්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

වාහනයක් තියෙන හැම පුද්ගලයෙක්ම බදු ගෙවිය යුතුයි දේශීය ආදායම් බදු කොමසාරිස්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

වාහනයක් නඩත්තු කරන සෑම පුද්ගලයකු සහ නිවාඩුවක් සඳහා විදේශ ගත වන පුද්ගලයන් සාමාන්‍යයෙන් බදු ගෙවිය යුතු, ආදායමක් තිබිය යුතු පුද්ගලයන් ලෙස හඳුනාගෙන ඇති බව දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

රුපියල් ලක්ෂ 05ක් කියන්නේ මාසයකට රුපියල් 50,000ට අඩුයි. මේක තුළ වාහනයකට පෙට්රල් ගහලා, ලයිෂන් කරලා, නඩත්තු කරලා, ඉන්ෂුවරන්ස් කරන්න බෑ. ඒ නිසා වාහනයක් නඩත්තු කරන හැම කෙනෙක්ම බදු ගෙවිය යුතු ආදායමක් තිබිය යුතු පුද්ගලයෙක්. ඒ වගේම හැම කෙනෙක්ම හැම නිවාඩුවකටම විදේශ ගත වෙනවා. අපි ඒ අය දකින්නේ බදු ගෙවිය යුතු අය ලෙස. ඒ අයට අපි ආරාධනා කරනවා තමන්ට ඇවිත් බදු ගොනුවක් විවෘත කර බදු ගෙවන්න ආරම්භ කරන ලෙස. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වන විට ආයතන 32ක් සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ආයතනවලින් ලබාගත් තොරතුරු අනුව අපි බදු ගොනුවක් විවෘත කළොත් තමන්ගේ මෙතෙක් වත්කම් සොයාගත් ආකාරයත් අපිට සොයන්න වෙනවා. ඒ නිසා අපි ඇවිල්ලා බදු ගොනුවක් විවෘත කරන්න කලින් ඔබ ඇවිත් බදු ගොනුවක් විවෘත කර එය පවත්වා ගෙන යන ලෙස ඉල්ලා සිටිනවා. අපිට දළ වශයෙන් ලක්ෂ 16ක බදු ලිපි ගොනු සංඛ්‍යාවක් තියෙනවා. අපේ බලාපොරොත්තුව 2020 වන විට තවත් ලක්ෂ 10ක් වැඩිකර ගැනීමයි.

ආදායම් බදු කොමසාරිස් ජනරාල්වරයා මේ සඳහන කළේ ඉකුත් 5 වැනිදා ගාල්ල දළවැල්ලේ පැවැති වැඩමුළුවකදීය.

මාපලගම – රසික සෙනවිරත්න, ඉමදුව – ටී. විතානවසම්

 

නිවුන් කොල්ලෝ දෙන්නෙක් කරපු බොක්කටම වදින සුපිරි රැප් එකක් ෆිල්ට් මේවා බලවත් හැදෙන්න මේවට තමා රියල් රැප් කියන්නේ

නිවුන් කොල්ලෝ දෙන්නෙක් කරපු බොක්කටම වදින සුපිරි රැප් එකක් ෆිල්ට් මේවා බලවත් හැදෙන්න මේවට තමා රියල් රැප් කියන්නේ

උඹට ඇහෙන ජරාවක්.බලලා පනින හිඟන හැත්ත ලංකාවේ කොල්ලෝ නිවුන් කොල්ලෝ දෙන්නෙක් කරපු සුපිරිම වැඩක්. වල් රැප් ගහන අයට ඇඩෙන්න ගහපු සුපිරි රැප් එකක් මෙන්න

ලංකාවේ සිටි අංක එකේ සෙල්ලක්කාරයා ගැන ඔබ දැන සිටියාද ? මෙන්න ලෝකෙම හෙල්ලූ ලංකාවේ හිටපු සුපිරිම සෙල්ලක්කාරයා

ලංකාවේ සිටි අංක එකේ සෙල්ලක්කාරයා ගැන ඔබ දැන සිටියාද? මීට වසර 90 කට පමණ පෙර මෙරට සිටි විනෝද රජා ගැන තොරතුරු කාලයාගේ වැලි තලාවෙන් වැසී ගොස් ඇත. ඉරිදා ලංකාදීප පත්‍රයේ 1956 වසරේ ඔහු ගැන කර්තෘ මාණ්ඩලික ධර්ම ශ්‍රී කුරුප්පු විසින් ලියා ඇති ලිපියක මෙසේ සඳහන් වී ඇත.

‘කඳුළෙන් හා ඩාදියෙන් තෙත්වූ දුකී දිවිමගක් ඔස්සේ ලංකාවේ පමණක් නොව මුළු ආසියාවේම පළමුවන විනෝදකාමියා වීමේ භාග්‍යය ලාංකිකයකුට හිමි වී ඇත. මේ පුදුම ක්‍රීඩා රසිකයා කවුද? ඔහු ඩොනවන් ඇන්ඩ්රිය. (DONOVAN ANDREE) මේ පුදුම මිනිහාගේ ජීවන චරිතය දිහා බැලූ පමණින් සිහියට නැගෙන්නේ ඇලඩින් සහ පුදුම පහනය. ඇලඩින් ඔහු නම් පුදුම පහන ඒ ඔහුගේ වැඩය.

1902 අප්‍රේල් 29 වෙනිදා බර්ගර් ජාතික දෙමාපියන් දෙදෙනෙකු ගේ හයවන පුත්‍රයා ලෙස උපන් බෙන්ජමින් ඩොනවන් ඇන්ඩ්රිගේ කුඩා කාලය කටුකය. අමිහිරිය, දුක්බරය. කොටින්ම තමාට ළමා කාලයක් නොතිබුණේ යැයි ඔහු කියා ඇත. ලාබයට ගත් කුණු කෙසෙල් ගෙඩි වලින් කුසගින්න නිවාගත් ඔහු තුංමුල්ල හන්දියෙන් රීඩ් මාවතට හැරෙන තැන පිහිටි ඩච් බර්ගර් සොසයිටියෙන් (ලන්දේසි බර්ගර් සංගමය) මසකට ලැබුණ රුපියල් දෙක පිහිට වී ඇත. සෙසු කටයුතු සඳහා උපකාරී වී ඇත්තේ ෙම් අසරණ සරණ සමිතියෙන් ලැබුණ රුපියල් දෙකය.

ඩොනවන් ඉගෙනුම ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි.

මට තිබුණේ එකම සපත්තු කුට්ටමයි. පොත් බෑග් එක තුරුලු කරගෙන සපත්තු කුට්ටම කලිසන් සාක්කුවේ රුවා ගෙන පයින්ම පාසල ළඟට යන මම යළිත් සපත්තු දාගෙනයි එයට ඇතුළුවන්නේ. මොකද? සපත්තු අඩිය ගෙවෙන නිසා. මගේ තාත්තා මියගිය අවස්ථාවේ අපි අසරණ වුණා. සහෝදර සහෝදරියන් එක්ක පාරක් පාරක් ගානේ හිඟමනේ ගියා. එසේ සොයා ගත් මුදලින් පූජකතුමෙකු ගෙනත් සුසාන භූමියේ අවසාන කටයුතු කළේ. අපේ පවුල රැකගන්න මම රැකියාවකට ගියා. ඩොනවන් තම අතීත කතාව විස්තර කර තිබුණි.

රාජකීය විද්‍යාලයේ 8 වැනි ප්‍රමාණය තෙක් ඉගෙන ගෙන තිබූ ඔහු කොළඹ නගර සභාවේ කසළ ශෝධක කණ්ඩායම් භාර ලිපිකරුවෙකු ලෙස සේවයට බැඳී ඇත. එදා ඔහුට පැයකට ලැබූ වැටුප ශත හතකි. එතැනින් පසු ඔහුට තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු ලෙස පත්වීමක් ලැබිණ. ඔහු ලේඛන කලාවට එක්වන්නේ ඉන් පසුකාලේ ය.

නත්තල් වාර්ෂිකවලට කෙටිකතා, ලිපි ලියූ ඔහුට ත්‍යාග ද හිමිවී ඇත. ලේඛන දක්ෂතා නිසා පීපල්ස් ඩේලි පත්‍රයේ මසකට රු 7 ශත 50 ක වැටුපට බැඳීමට අවස්ථාව ලැබිණ. එවකට ලංකාවේ සිටි දක්ෂතම ඉංග්‍රීසි පත්‍ර කතුවරයකුව සිටි ආමන්ඩ් ද සූසාගේ මෝනිං ලීඩර් පත්‍රයේ වාර්තාකරුවකු ලෙසද සිලෝන් ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු ලෙස ද කටයුතු කොට ටයිම්ස් ඔෆ් සිලෝන් පත්‍රයේ ප්‍රධාන ක්‍රීඩා වාර්තාකරුද විය. පුවත්පත් කලාව ඔහුට සුබපල ගෙනාවේ නැත. වරෙක ඔහු පාලන අධිකාරිය හා ගැටුණේය. ඉන් ඉවත්වූ ඔහු ඉබාගාතේ ගියේය.

රේස් ඔට්ටු ගැනීමේ ව්‍යාපාරයකට එක්වූ ඩොනවන් දක්ෂ සංවිධායකු විය. පාසල් යන කාලේ ඔහු පාපන්දු ක්‍රීඩකයකු වූ නිසා කොල්ලුපිටියේ ශාන්ත මයිකල් ක්‍රීඩා සමාජය ආරම්භ කොට පාපන්දු ක්‍රීඩාවට දක්ෂ ලාංකික පාපන්දු කණ්ඩායමක් පුහුණු කොට ඔවුන් රැගෙන ඉන්දියාවට ගොස් එහි තිබූ දක්ෂතම පාපන්දු සමාජයක් වූ මෝහන්බර්ග් පාපන්දු කණ්ඩායම පරදවා ජය ලබා විජයග්‍රාහීව ලංකාවට පැමිණ ඇත.

ලාංකික ගායක ගායිකාවන් කණ්ඩායමක් සමග දෙවන ලෝක සංග්‍රාමය කාලයේ ඉන්දියාවට ගිය ඔහු එහි වනාන්තරවල ලැගුම් ගෙන සිටි සෙබළුන්ගේ විනෝදාත්මක ප්‍රසංග පවත්වා මවුන් බැට්න් සාමිගෙන් ප්‍රශංසා ලැබීය. මේ සියල්ලම ඔහු කළේ නොමිලයේය. අරුම පුදුම මිනිසා මේ කටයුතුවලින් පන්නරය ලැබීය. ආණ්ඩුකාරවරු ප්‍රභූන්ගේ හොඳ සිත දිනාගත් ඔහු ඉන්පසු මුළු රටම විනෝදයෙන් මත් කිරීමට සිතුවේය.

කොළඹ ප්‍රදර්ශනය සමයේ ඔහු පිටරටවලින් මෙහි ගෙන්වූ හෙලෙමි කළු කිරිල්ලයක් බුෂ් සර්කස්කාරයන්ද මල්ලව පොර ශූරයන්ද දැකීමට අතිමහත් ජනතාවක් එක් රොක්ව ඇත. ඔහුට අයිති බම්බලපිටියේ දුම්රියපොළ අසල තිබූ ඉඩමේ ඔහු හිම මත නැටුම් ඉදිරිපත් කිරීමට අවශ්‍ය අංගෝපාංග රැස් කළේය. පිටරටින් ඒ සඳහා අයිස් ද ගෙන්වූ බවද පැවසේ.

ඔහු අයිස් මත රඟන නාටිකාවන් මෙරටට ගෙන්වීය. Holiday on Ice නම් ප්‍රසංගය දැකීමට ජනතාව රැස් කෑවේය. එපමණක් නොව හුලා හුප් නැටුම්, ටෝම් බෝලා, ස්නෝ බෝල්, වැනි ක්‍රීඩා බැලීමට මෙරට ජනතාවට ඉඩ ප්‍රස්ථාව ලබාදුන් අතර කානිවල් රට පුරා ඇති කරමින් විනෝදාස්වාදය ජනතාවට දීමට ඔහු පුරෝගාමී විය.

ඔහුගේ එකම අභිප්‍රාය වී ඇත්තේ මුළු රටම ස්වර්ග රාජ්‍යයක් දිව්‍ය ලෝකයක් දිව්‍ය විමානයක් කිරීමටය. ඔහු ලංකාවේ සිටි නොම්මර එකේ සෙල්ලං කාරයා ලෙස ප්‍රකට විය. එක එක අමුතු දේවලින් රටම ඔහු කුල්මත් කළේය. කොටින්ම අවුරුද්දේ දින 365 ම ජනතාව ස්වර්ග ලෝකවල තැබීම තම සතුට බව ඔහු පවසා තිබුණි.

ඔහු නිරතුරුවම තමා ලත් මහා ධනයෙන් කොටසක් ක්‍රීඩා සමාජවලට ආධාර වශයෙන් දුන් අතර දුප්පත් අයටත්, ළමා නිවාසවලටත්, පුණ්‍යායතනවලටත් නොමසුරුව පරිත්‍යාග කර ඇත. කුඩා ළමුන්ගේ විනෝදය සඳහා ඩොනවන් ඇන්ඩ්රි පෞද්ගලික සත්තු වත්තක් බම්බලපිටියේ පවත්වාගෙන ගොස් ඇති අතර එය ආසියාවේ තිබූ ​ෙහාඳම පෞද්ගලික සත්තුවත්ත ලෙසද ප්‍රකටව තිබුණේ ලු.

ඔහු පිටරටකට ගිය හැම අවස්ථාවකම අලුත් විනෝදාංශ නැරඹූ අතර ඒවා මෙරටට ගෙන්වා තමා ලැබූ විනෝදය ලංකාවේ රසිකයන්ට දීමට උත්සාහ ගෙන ඇත. ඇමරිකාවේ නිව්​ෙ‌යා්ක් නගරයේද මිසරයේ කයිරෝවේද ප්‍රංශයේ පැරිසියේද විනෝද කණ්ඩායම් ලංකාවට ගෙන ආ ඔහු හම්බකරන්නා වගේම අත දිග හැර වියදම් කළ නිර්ලෝභී මිනිසෙකි. කුඩා කල අපමණ දුක් වින්ද මේ මිනිසා වාසනාවන්තයකු විය. ඔහු අත තැබූ සියල්ල ඵල දැරුවේය.

වරක් ඔහු එංගලන්තයට ගිය අවස්ථාවක නැරඹූ තුරඟ තරගයකදී බෙන්ජමින් නම් අශ්වයාට පවුම් පනහක ඔට්ටුවක් අල්ලා පවුම් 25,000 ක් දිනා හැම්ස්ටන් හි සුඛෝපභෝගී සුවිසල් මන්දිරයක් මිලයට ගත්තේය.

ඔහුට වරක් වස අැබැද්දියක් වූ බවද වාර්තා වේ. දිනක් ඔහු තුරඟ තරගයක් බැලීමට ගොස් ඇත්තේ සාක්කු දෙකේම පවුම් 365 පුරවාගෙනය. දක්ෂ හොරෙකු මේ මුදල් සූර ලෙස සොරා ගැනීමට සමත්ව ඇත. එහෙත් තව දිනක පවුම් දහස් ගණනක ස්වර්ණාභරණ පොදියක් හොරෙකුට අමතකවීමක් නිසා ඩොනවන් අතටම ලැබීම ද දෛවයේ සරදමක් වී ඇත.

දෙවරක්ම දික්කසාද වී සිටි ඩොනවන් හා ඔහුගේ දෙවන බිරිඳ වූ එරීන් ද සෙල්ෆා අතර පැවති දික්කසාද නඩුව මුළු ලෝකයේම පැතිර ගොස් ඇත. එය අතිශයින්ම හාස්‍යජනකවී ලු. මේ නඩුවේදී අනාචාර චෝදනාව මත තම භාර්යාව වූ එරින් සමග දික්කසාද වීමට ඉඩ ලැබී ඇත.

ඩොනවන් මෙන්ම එරීන් ද සෙල්ෆා (ERIN DE SELFA) ද ලංකාවේ සුප්‍රසිද්ධ ගායිකාවකි. 1926 මාර්තු 19 වැනිදා ලංකාවේ උපත ලැබූ සෙල්ෆා එංගලන්තයේ ඉමහත් කීර්තියට පත් දක්ෂ ගායිකාවක් ලෙස ප්‍රකටව සිටියාය. ලන්ඩනයේ ඇල්බට් ශාලාවේ ගී ගැයූ ප්‍රථම ලාංකික ගායිකාව වූ ඇය එහිදී දන්නෝ බුදුන්ගේ ගීතය ගයා ඇත. එංගලන්තයට පෙර ලංකාවේ රේඩියෝ සිලෝන් හි වසර හතරක් පමණ ගී ගැයූ ගීත අතිශයින්ම ජනප්‍රිය වී ඇත. ඇය ඉංග්‍රීසි ගීත කොපමණ හොඳින් ගයන්නීද යත් ඕ ලාංකීක කාන්තාවකැයි කටහඬින් හඳුනා ගැනීම එපමණ පහසු නොවන බව 1946 වසරේ පළවූ ආනන්ද තිස්ස ද අල්විස් සංස්කරණය කළ ලංකා සඟරාවට ඔහු විසින්ම ලියූ ලිපියක සඳහන් වෙයි.

1946 වසරේ සෙල්ෆා බ්‍රිතාන්‍යයේ චිත්‍රපට සමාගමක් නිෂ්පාදනය කළ කැරවන් චිත්‍රපටයේ ස්පාඤ්ඤ නාටිකාංගනාවියක ලෙස රඟපෑවාය. බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ (BBC) ද ඇය සුමිහිරි ගී ගයමින් ජනප්‍රියත්වයට පත්ව සිටියාය. ඇය රෙඩ් ටේල් මින්ස්ට්‍රල් නමැති සංගීත සංධ්වනියේ ප්‍රධාන ගායිකාව වූ අතර ඇය එකල ඩයනා නමින් හඳුන්වා ඇත. මේ ප්‍රසංගය ලාංකීක රසිකයන් සඳහා එංගලන්තයෙන් ගෙන්වා ගෙන ඇත්තේ ඩොනවන් ඇන්ඩ්‍රි විසිනි. ඇය කොළඹ හා ත්‍රිකුණාමලයේ මහ නගරවල ප්‍රසංග පවත්වා ඇති අතර ලංකාවේ නොයෙක් තැන්වල පිහිටි වනබද ගුවන් කෙත් වල වාඩි ලූ දස දහස් ගණන් මිත්‍ර පාක්ෂික සොල්දාදුවන් උදෙසා පැවැත්වුණු ගීතෝස්වයන්හී පූර්වෝක්ත නළු මුළුව විසින් ගී ගයමින් රඟපා ඇති අතර ඩයනා (සෙල්ෆා) කොපමණ ජනප්‍රිය වූවාද යත් භට කෝටියේ ප්‍රියාව යන උප පදයෙන්ද අෑ ප්‍රකට වූ බව ලංකා සඟරාවේ සඳහන් වී ඇත. ඇන්ඩ්රි හා සෙල්ෆාගේ ආදරය ගොඩ නැගී ඇත්තේ මේ ලංකා ගමනේදීය. පළමු බිරිඳගෙන් වෙන් වී ඔහු ඇගේ අත ගත්තේය.

සියලු යස ඉසුරු වලින් උඩඟු නොවූ සෙල්ෆා තමාගේ ගීත රසවිඳීමට නොහැකිව රෝගාතුරව නේවාසිකව සිටි සොල්දාදුවන් බැලීමටද ගොස් ඔවුන්ගේ වේදනාවන් සමනය කිරීමට ගී ගැයීමට තරම් නිහතමානී වී ඇත. රෝගී භටයන්ට ඇගේ දර්ශනය ගාන්ධර්ව දිව්‍ය ලෝකයෙන් පැමිණෙන සුර දුවක් ලෙස පෙනී ඇති බවද ලංකා සඟරාවෙන් අනාවරණය වෙයි.

ලංකාවේ අංක එකේ විනෝදරජා වූ ඩොනවන් ඇන්ඩ්රි ගේ ජීවිත කාලය වයස අවුරුදු 57 කට සීමා විය.

ටික දිනක් අසනීපව සිටි ඔහු සැත්කමකින් පසු 1959 ජූලි 01 වෙනිදා කොළඹ මහ රෝහලේ දී මියගියේය. එරීන් ද සෙල්ෆා වසර 50 ක් ගතකොට අැත්තේ ලන්ඩනයේ ය. ඇය වයස අවුරුදු 92 ක් ආයු වළඳා 2013 සැප්තැම්බර් මාසයේ දිනක මියගියාය.

ඒ.ඩී. රන්ජිත් කුමාර