‘ක්ලියෝපැට්රා’ වීඩියෝව නිසා ප්‍රසිද්ද උන පියුමි කියන අමුතු කතාව 

‘ක්ලියෝපැට්රා’ වීඩියෝව නිසා ප්‍රසිද්ද උන පියුමි කියන අමුතු කතාව

ලංකාවේ මිනිස්සුන්ට ලොකුවට තියෙන හඳ පෙන්නුවම බලන්නේ පොඩියට තියෙන ඇගිල්ල දිහා

මේ දිනවල සමාජ වෙබ් අඩවිවල විවිධ වූ අපහාස චෝදනා ලබමින් කතාබහට ලක්වන චරිතයක් ලෙස පියුමි සිරිනායක හැඳින්විය හැකිය. මේ දිනවල සමාජ වෙබ් අඩවිවල විවිධ වූ අපහාස චෝදනා ලබමින් කතාබහට ලක්වන චරිතයක් ලෙස පියුමි සිරිනායක හැඳින්විය හැකිය.

*මේ දවස්වල ෆේස්බුක් ගොසිප් වගේම ප්‍රතිචාරත් ඇතිනෙ. ඒ ගැන කියමු මුලින්ම?
මේ දවස්වල හොඳ නරක දෙකම සමානව යන්නෙ, මගේ ‘ප්‍රේම සටන’ වීඩියෝ එක සහ ‘ක්ලියෝපැට්රා’ වීඩියෝව නිසා. අලුත් දෙයක් කරන්න ඕන නිසා මම ඒ වගේ වීඩියෝ දෙකම කළා. ඒකේ මම කිසිම වැරැද්දක් දකින්නෙ නැහැ.

*’ක්ලියෝපැට්රා’ ගැන මොකද හිතෙන්නෙ?

‘ක්ලියෝපැට්රා’ කියන්නෙ අද සමාජයට ගැළපෙන, සමාජයේ කිසිම බයක් නැතුව සිද්ධ වෙන දේවල් ස්ත්‍රී දූෂණ ගැන කියැවෙන දෙයක්. මට කියන්න ඕනෙ අද සමාජයේ ඕනෑතරම් ගැහැනු ළමුන් ඉන්නවා ක්ලබ් යන, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන. අද ඉන්න පෙම්වතා නෙමෙයි හෙට ආශ්‍රය කරන්නෙ.
ඉතිං ඒ වගේ කෙල්ලන්ට මේක හොඳ ආදර්ශයක්. පිරිමි කෙනෙක්ගෙන් අනාථ වෙලා තමන්ට ලැබෙන්න ඉන්න දරුවා මරා දමන්නේ නැතුව මේ ලෝකෙට බිහි කරලා ඒ දරුවා වෙනුවෙන් තමන්ගේ ශරීරය සල්ලිවලට විකුණලා තමන්ගේ දරුවාව හදාගන්න කාන්තාවක් ගැන කියන්නෙ.

මේ වගේ දේවල් අද සමාජයේ ඕන තරම් සිදුවෙනවා. මම ඒ මියුසික් වීඩියෝවේ කිසිම වැරැද්දක් දකින්නෙ නැහැ. මොකද අද සමාජයේ තියෙන ලිංගික ආසාවන් සඳහා අතින් අතට යන කාන්තාවන් ඕන තරම් ඉන්නවා. ක්ලබ් ඕන තරම් තියෙනවා. ඒ ක්ලබ් සමාජය තුළ තමන්ගේ තෘප්තිය වෙනුවෙන් ඇඟ විකුණන කාන්තාවන් අතරින් තමන්ගේ දුව වෙනුවෙන් වෙහෙසෙන කාන්තාවක් ගැන තමයි මේ වීඩියෝවෙන් කියැවෙන්නෙ.

* වැඩිපුරම බැණුම්ද මේ වීඩියෝවට ලැබුණේ?.

ප්‍රතිචාර හැමදාම හොඳ වගේම නරක දෙකම තියෙනවා. ඇත්තටම අපේ මිනිස්සුන්ට හඳ පෙන්නුවාම බලන්නෙ ඇඟිල්ල දිහා. නමුත් අපේ මිනිස්සු අමරසිරි පිරීස් සර්ගේ ‘ලඳුනේ’ සිංදුව කියද්දි ඒක හොඳට රසවින්දා. ඉරාජ් එයාගේ විදිහට කිව්ව ‘ක්ලියෝපැට්රා’ ගැන විවේචනය කරනවා. යාපනේ වින්ද්‍යා ගැහැනු ළමයාව, සේයා වගේ දරුවො තව ඕන තරම් අහන්න සිදුවුණ දූෂණ, අපරාධ ඒවා ගැන කතා කරන්න තමයි මම මේ වීඩියෝ එක කළේ. ඇත්තටම එඩිට් එකෙන් පස්සේ බලපුවාම මගේම ඇස්වලින් කඳුළු ආවා. මේ නිර්මාණය බලද්දි ඇත්තමට මම මේ වීඩියෝ එක ඉදිරියේ ප්‍රේක්‍ෂිකාවක් විදිහට රසවින්දා.

* ඔබ මුලින්ම සඳහන් කළා ‘ප්‍රේම සටන’ අලුත් දෙයක් කියලා?

අලුත් දෙයක් කියලා කියන්නෙ ලංකාවේ එක දේකට කොටුවෙලා තමයි නිර්මාණයන් කරන්නේ. මිනිස්සු කියන්නේ සංස්කෘතිය බිඳෙනවා, එහෙමත් නැත්නම් ලංකාවේ මිනිස්සුන්ට ඒක ගැළපෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඕනෑම නිර්මාණයක් කරන්නේ යම් සීමාවකට කොටුවෙලා. අපි හිතුවා ඉන්ටර්නැෂන්ල් ලෙවල් එකට නිර්මාණයක් කළානම් වෙනසක් සිදුවෙයි කියලා.

* ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්න නිර්මාණ කරන්න ඕනෙ අඩනිරුවත් වෙලාද?.

එහෙම දෙයක් නෙවෙයි සාමාන්‍යයෙන් ඉන්ටර්නැෂන්ල් ෆිල්ම් එකක් ගත්තොත් 80%කගේ වගේ සෙක්ස්ෂුවල් සීන් තියෙනවා. පොඩි ළමයින්ගේ ෆිල්ම්වල පවා තියෙනවා. ඒකෙ නිර්මාණාත්මකභාවය වැඩිවෙන්න රසාත්මක බව වැඩි වෙන්න එහෙම දානවා ඇති. ඉතින් මම හිතන්නේ අපි කරපු නිර්මාණයත් ඒ වගේ දෙයක් කියලා. මිනිස්සු අකමැති දෙයක් නම් බණිනවා නම්, ඒක බලන්නෙ නෑ, ඒකෙ වීවුස් අඩුවෙන්න ඕනෙ. මිනිස්සු බැණ බැණ බලන්නේ ඒක මිනිස්සු කැමති දෙයක් කුතුහලය ඇතිවන දෙයක් නිසානෙ.

* ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ යම් කාර්යයක් සිදුකරන්න හැකියාව තියෙන්නෙ ඔවුන්ට සංස්කෘතියක් හෝ ඒ කාරණාවක් නැති නිසයි. නමුත් ලංකාවේ ඒ දේ කරන එක ගැන මොකද හිතන්නෙ?
අපේ ලංකාවේ මියුසික් වීඩියෝ වැඩිපුර කරනවා. ටෙලිනාට්‍ය හදනවා අඩුයි ලංකාවේ. පිටරටවලින් ගෙනත් පෙන්වනවා. ඒක කරන්නේ බජට් එකක් මත. ඉතින් අපේ අය කරන්නෙ මියුසික් වීඩියෝ එකක් කරන එක. මියුසික් වීඩියෝවලින් දක්ෂතාව පෙන්වන්න යන්නේ. හොලිවුඩ්, බොලිවුඩ් ගත්තොත් ඒගොල්ලන්ට මියුසික් වීඩියෝ කරකර ඉන්න ඕනේ නෑ.

මොකද ඒගොල්ලන් ලොකු බජට් දාලා සිනමාව හා ටෙලිනාට්‍ය ආක්‍රමණය කරලා ඉවරයි. අපට නිර්මාණයක් විදියට කරන්න පුළුවන් අඩු වියදමකින් මියුසික් වීඩියෝ එකක් විතරයි. මිනිස්සු කැමතිත් ඒකට. මියුසික් වීඩියෝ එකකින් අපට උපරිමයෙන් කරන්න පුළුවන් දේ අපි කරන්න ඕනේ කියලා මම හිතනවා.

* ඉරාජ් කරපු දෙයක් පස්සේ දැන් හැමෝම යනවා. ඇයි කෙනෙක්ව හැමතිස්සෙම අනුගමනය කරන්නේ? හැමෝම දෙයක් කරන්න කැමතියි, ඒත් කරන්න බය තියෙනවා. ඕනෙම වැරැද්දක් මුලින්ම කෙනෙක් කරනකම් තමයි බලාගෙන ඉන්නේ. එක්කෙනෙක් ඒ දේ කළොත් අනිත් අයත් ඒක අනුගමනය කරනවා. අපිත් කරලා බලමු කියලා හිතනවා.

ඉතින් මම හිතුවා සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා නම්, මියුසික් වීඩියෝ එකක් නිසා සංස්කෘතිය නැති වෙනවා කියලා හිතනවා නම්, ඒදේ බිඳලා ඉරාජ් බය නැතුව ඒදේ කළා. ඉතින් අනිත් කට්ටියත් ඒක අනුගමනය කරනවා. ඒකෙ මම වැරැද්දක් දකින්නේ නැහැ. ඕනෑවට එපාවට කරන මියුසික් වීඩියෝත් මම දැකලා තියෙනවා. එහෙම නොකර මියුසික් වීඩියෝ ඉන්ටර්නැෂනල් ලෙවල් එකකින් කළා නම් ඇත්තටම හොඳයි.

* සංස්කෘතිය බිඳලා වීඩියෝ කරන්න ගත්තොත් ලංකාවට ඉදිරියේදී මොකද වෙන්නේ?

අපේ මිනිස්සු සංස්කෘතිය බලන්නෙ සෙක්ස්වලින්. එහෙමත් නැත්නම් අඩනිරුවත්කමින්. ඒ දෙක නැතිවුණා කියලා මම හිතන්නේ නෑ ලංකාවට ලොකු දෙයක් සිදුවෙනවා කියලා. අපි ඇඟ වහ‍ෙගන ඉන්න ඉන්න ඒ දේ ටිකක් ඇරිය ගමන් මිනිසුන්ගේ ආසාව ඔක්කොම එළියට එනවා. දියුණු රටකට ගිහින් බලපුවාම, මම බාගෙට ඇඳගෙන ගියත් ඒ මිනිස්සු බලන්නෙ නැහැ.

මොකද ඒ මිනිස්සුන්ට හැමදාම ඒක දැකලා දැකලා ඇතිවෙලා. ඒක නිසා වැරදි කරනවා අඩුයි. අපේ ලංකාවේ ඇඟ වහගෙන ඉඳලා ඉඳලා ඩෙනිම් එකක් හිරට ඇඳගෙන ගියොත් හරි බ්ලවුස් එකක් හිරට ඇඳගෙන ගියොත් හරි මිනිස්සුන්ට ඉන්න බෑ.

ඉතින් හිතෙන්නෙ අනේ මට මෙයාව අල්ලන්න තිබුණානම් කියලා. මියුසික් වීඩියෝ එකකින් නැතුව තව ඕනෑතරම් ක්‍රම තියෙනවා සංස්කෘතිය මනින්න. ඒ වගේම හදාගන්න ඒ දේවල් ගැන හිතුවොත් හොඳයි.

* අලුත් ගීතය නිසා ගොඩක් තරහකාරයො ඇතිවුණා? ඔබ මේ දේ කළේ ජනප්‍රියත්වය නිසා කියලා කට්ටිය කියනවා. ඒ ගැන මොකද හිතන්නෙ?

මම ජනප්‍රියත්වය නිසා මේ වීඩියෝව කළේ නැහැ. මට ජනප්‍රිය වෙන්න ඕනේ නැහැ. ගොඩක් ෆෑන්ස්ලා දන්නවා මාව. මම මියුසික් වීඩියෝ, ටෙලිනාට්‍ය කරලා තියෙනවා.Q මේ සඳහා ඔබේ ස්වාමිපුරුෂයා දායක වුණා. ඔහුටත් මඩ ප්‍රහාර එල්ල වුණා. ඒ ගැන මොකද හිතන්නෙ? කතාවට කියනවානේ නරියට මිදි කන්න බැරි වුණාම තිත්තයි කියලා. ඒ වගේ දෙයක් තමයි මෙතැන වෙන්නෙ. මේ වගේ දෙයක් ලස්සනට කරගන්න බැරි වුණාම මේ වගේ තැනකට තමන්ට එන්න බැරි වුණාම ගොඩක් මඩ ප්‍රහාර එල්ල කරනවා.

මගේ සැමියටත් එහෙම කියලා තියෙනවා. මම ගණන් ගන්නේ නෑ ඒක. මොකද හොඳක් කළත්, නරකක් කළත් ලංකාවේ මිනිස්සු බලන්නෙ වපර ඇසින්.

* ටෙලි නිර්මාණයක ප්‍රධාන චරිතයකට දායක වුණා. ඒ දේ ගැන කිව්වොත්?
සිරස නාළිකාවේ එය විකාශය වුණා. දැන් ඒක ඉවරයි. මට තාම ඒකෙ ප්‍රතිචාර ලැබෙනවා. මේ මාසෙ 20න් පස්සෙ ෂූටින් පටන් ගන්නවා සිරස නාළිකාවේම ටෙලි නාට්‍යයක. ප්‍රධාන චරිතය තමයි මම ඒකෙත් කරන්නෙ. ඉස්සරහදී ඒක බලාගන්න පුළුවන්.

* ඔබ වෙළෙඳ දැන්වීම් පැත්තට යොමු වුණේ නැද්ද?

වෙළෙඳ දැන්වීම් පැත්තට. යොමු වුණා ගොඩක් අඩුයි. මම මොකද මම ඒ පැත්තට වඩා ගොඩක්ම කැමැති රංගනය පැත්තට.

* සිනමාව පැත්තට යන්න අදහසක් නැද්ද?
මම ගොඩක් කැමතියි සිනමාව පැත්තට. සිනමාවෙන් මට ආරාධනයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම ඒක කරනවා.

* ඔබට මෙම ක්‍ෂේත්‍රය ගැන කලකිරීමක් ඇතිවෙන්නෙ නැද්ද, මේ එන මඩ ප්‍රහාරත් එක්ක?
ක්‍ෂේත්‍රය ගැන කලකිරීමක් ඇතිවෙන්නෙ නැහැ මේ ක්‍ෂේත්‍රයේ විතරක් නෙවෙයි ඕනෑම තැනක. පිටරට මනුස්සයෙක් වැරැද්දක් කළොත් පවා අපේ ලංකාවේ මිනිස්සු ඒ මිනිස්සුන්ට බණිනවා. ඊරිසියාව හා කුහකකම නිසා මිනිස්සු බලන්නෙ කොහෙන්හරි ප්‍රහාරයක් එල්ල කරන්න. ඒ නිසා මම සැලෙන්නේ නෑ කොහොමටවත්.

* ඉදිරියේදී තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද?
පොඩි කාලයේ ඉඳන් මම රංගනයට තමයි කැමැති වුණේ. මගේ රංගන කුසලතාව දවසින් දවස දියුණු කරගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තුව රංගනය පැත්තෙන්. ඡායාරූප – කවීත් මිලින්ද [අද පුවත්පත ]

සරාගීම සිරුර තෝරපු ආච්චිල ගේ “බිකිනි ඉවෙන්ට්” විලාසිතා තරගය හොමද ආච්චිල දාන වැඩ 

සරාගීම සිරුර තෝරපු ආච්චිල ගේ “බිකිනි ඉවෙන්ට්” විලාසිතා තරගය හොමද ආච්චිල දාන වැඩ

රූ සපුව මෙන්ම ඇඳුම් ආයිත්තම් ප්‍රදර්ශනය කෙරෙන තරග හා අවස්ථා ලොව පුරා එමටය.

ඒ සැමෙකකදීම ඉදිරිපත්කරන්නා හෝ ඉදිරිපත්කරන්නියගේ සිරුරේ ස්වභාවය කෙරෙහි අවධානයක් යොමුවේ.Image result for old girl Bikini Event in china

චීනයේ මෙවරත් පැවැත්වුණු සුවිශේෂී එවන් තරගයක් දෙස බොහෝ දෙනාගේ අවධානය යොමු විණි.

‘ද ග්‍රෑන්ඩ් බිකිනි ඉවෙන්ට්’ (The Grand Bikini Event) නමින් චීනයේ තියාන්ජින් පළාතේ පැවැත්වුණු එම තරගය වයස අවුරුදු 55 ඉක්මවූවන් සඳහාම වෙන්වුවකි.

තමන්ගේ සිරුර පිළිබඳ විශ්වාසය ඇතිකිරීම මෙන්ම වියපත්වීම කෙරෙහි සුබවාදී ආකල්පයක් ඇතිකිරීම ප්‍රවර්ධනය කිරීම සංවිධායකයින්ගේ අරමුණය.

78 හැවිරිදි මා ජින්ග්, මෙවර ඊට ඉදිරිපත්වූ වයස්ගතම තරගකාරිය වන අතර ඇය පිළිකා කිහිපයකින්ම සුවය ලද්දියකි.Image result for old girl Bikini Event in china

ඉතා ප්‍රීතියෙන් යුතුව මීට ඉදිරිපත්වූ 400 ට අධික තරගකරුවන් සිනහමුසු මුහුණින් විවිධ ඉරියව් නිරුපණයේ යෙදුනු අතර ඔවුනට ත්‍යාග පිරිනැමිණි.

මේ තරගකරුවන් පවසනුයේ ‘වයස යනු ඉලක්කමක් පමණක්’ බවය.

(BBC)

රූගත කිරීම අතර තුර ඔරුව පෙරලී ගයේෂා පෙරේරා වතුරෙ ගිලෙයි 99 නමයෙන් බේරිලා 

රූගත කිරීම අතර තුර ඔරුව පෙරලී ගයේෂා පෙරේරා වතුරෙ ගිලෙයි 99 නමයෙන් බේරිලා

මිල්ලෑව වලව්ව ටෙලිනාට්‍යය රූගත කිරීම අතර තුර ඔරුව පෙරලී සිදුවූ අනතුරෙන්.එහි රංගනයෙන් දායක වූ කලා ශිල්පීන් ලොකු අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වුනා.කාටවත් කරදරයක් නම් වෙලා නෑ.මේ ආරංචිය හොයාගත්තේ ධනංජය සිරිවර්ධනගේ මුහුණු පොතෙන්.

Geplaatst door Dananjaya Siriwardana op vrijdag 28 juli 2017

 

Image may contain: outdoor, water and nature

Image may contain: one or more people, child, outdoor, water and nature

 

 

මියගිය ආත්මයක් කැදවා බෝනික්කෙකුට පනදී කරන බිහිසුණු ක්‍රීඩාව කරන්නේ මෙන්න මෙහෙමයි  

මියගිය ආත්මයක් කැදවා බෝනික්කෙකුට පනදී කරන බිහිසුණු ක්‍රීඩාව කරන්නේ මෙන්න මෙහෙමයි

මේක හදුන්වන්නෙ “one man hide and seek” කියලා.කියවලම බලන්න පොඩි කාලෙ කරපු සෙල්ලමට වඩා මේක කොච්චර භයානක ද කියලා.
One man hide and seek කියන්නෙ මලවුන් සමග කරන සෙල්ලමක්.මලවුන් සම්බන්ද කරන චාරිත්‍රයක් වදිියටත් මේක හදුන්වනවා.
පොළොව මත අවිවෙකිව ඉබාගාතේ යන එහෙමත් නැත්නම් නොසන්සුන් ආත්ම හැම මොහොතකම ශරීරක් අයිති කරගන්න උත්සාහ කරනවා.මේ චාරිත්‍රයේදි කරන්නෙ ඒ වගේ ආත්මයක් මිනිස් සිරුරක් වෙනුවට බොනික්කෙක් තුලට කැදවීමයි.
(අවවාදයයි:- ඔබ අද්‍යාත්මික හැකියාවන් සහිත අයෙකු නම් ඔබට මෙම චාරිත්‍රය සිදු කරන විට අනතුරු ඇති වීමේ හැකියාව වැඩියි.)

ඔබට අවශ්‍ය වන දේ:-

1)පුලුන් හෝ රෙදි පිරවූ බෝනික්කෙක්.
(බෝනික්කාට අත් පා තිබිය යුතුයි)
2)බෝනික්කා සම්පූර්ණයෙන්ම
පිරවීමට ඇති තරම් සහල්.
3)ඉදිකටුවක් සහ රතු නූලක්.
4)නියපොතු කපනයක්(nail clippers).
5)තියුනු මුහුනතක් ඇති උපකරණයක්.
(පිහියක්,වීදුරු කෑල්ලක්,කතුරක්)
6)ලුනු වතුර කෝප්පයක්.
7)බේසමක්,නාන කාමරයක්,Timer 1ක්.8)සැගවීමට ස්ථානයක්.(සුවඳ දුම් ඇල්ලූ
කාමරයක් වඩා යෝග්‍ය වේ.)එම
ස්ථානයේ රූපවාහිනියක් තිබිය යුතුය.

සූදානම් කිරීම:-

1)බෝනික්කා පිරවීමට යොදා ගත්
සියලු දේ ඉවත් කර සහල් පමනක්
යොදා එය නැවත පුරව ගන්න.
2)බෝනික්කා තුලට ඔබේ නියපොතු
කැබලි කිහිපයකුත් කපා දමන්න.පසුව
රතු නූල යොද ගෙන සහල් පිරවීමට
යොදා ගත් විවරය මසන්න.මසා
අවසානයේ ඉතිරි නූල නොකඩා
බෝනික්කා වටේ ඔතන්න.
3)නාන කාමරයට ගොස් එහි ඇති
බේසම වතුරින් පුරවන්න.
4)ඔබේ සැගවෙන ස්ථානයේ බිමින් ලුනු
වතුර කෝප්පය තියන්න.

සිදුකරන ආකාරය :-

1)බෝනික්කාට නමක් දෙන්න.(ඔබේ නම
හැර වෙන ඕනෑම නමක්)
2)වෙලාව පාන්දර 3.00 වූ විට
බෝනික්කාට “(ඔබේ නම) තමයි
පළමුවැනියා” ලෙස 3 වරක් පවසන්න.3)පසුව නාන කාමරයට ගොස්
බෝනික්කා වතුර පිරවූ බේසමට
දමන්න.
4)ගෙදර ඇති සියලු විදුලි පහන් නිවා
දමා සැගවෙන ස්ථනයට ගොස්
රූපවාහිනිය ක්‍රියාත්මක කල යුතුය.
5)පසුව ඇස් වසා 10ට ගනන් කර තියුනු
ආයුදය ගෙන නැවත නාන කාමරයට
යා යුතුය.
6)බේසම ළගට ගොස් “මම ඔයාව
හොයාගත්තා,(බෝනික්කාගේ නම)”
ලෙස බෝනික්කාට පවසා එයට
ආයුදයෙන් පහර දෙන්න.(අනින්න)
7)පසුව “ඊළග වාරය ඔබේ,
(බෝනික්කාගේ නම)” යනුවෙන්
බෝනික්කාට කියා එය බේසමෙන්
එළියට ගන්න.ආයුදය එතනින් තබා
Timer එක ක්‍රියාත්මක කර බෝනික්කා
එතනින් තබන්න.
8)බෝනික්කා එතනින් තැබූ විගස Timer
එක 0 වීමට පෙර සැගවෙන ස්ථනයට
දුව ගොස් හැන්ගෙන්න.
අවසාන කරන ආකාරය:-
1)ලුනු වතුර කෝප්පයෙන් බාගයක්
පමණ කටට වත් කර ගන්න.එය නොබී
එලෙසින්ම තබා ගන්න.
2)සැගවී සිටින ස්ථානයෙන් එළියට
පැමිණ බෝනික්කා සෙවීම අරම්භ
කරන්න.බෝනික්කා අනිවාර්යයෙන්ම
නාන කාමරයේ නැත.කුමක් වුවත්
කටෙහි ඇති ලුනු වතුර හලා නොගත
යුතුය.(බෝනික්කා විසින් ඔබව සොයා
ගැනීමට පෙර ඔබ බෝනික්කා සොයා
ගත යුතුය.නැතහොත් බෝනික්කාට
ඔබ කර දෙය බෝනික්කා ඔබට කරනු
ඇත)
3)ඔබ බෝනික්කා දුටු විගස කෝප්පයේ
ඉතුරු වී ඇති ලුණු වතුර ටික එය
මතට වත්කරන්න.පසුව කටෙහි ඇති
ලුණු වතුර ටිකත් එය මතට
වත්කරන්න .
4)”මම දිනුවා”කියා 3 වරක් පවසන්න. *ඉන් පසු ක්‍රිඩාව (චාරිත්‍රය) අවසන් වේ.

අවසානයේ මේ සදහා යොදා ගත් බෝනික්කා වියළා, පුලුස්සා, විනාශකරන්න.
වඩා වැදගත්:මෙම චාරිත්රය අතරමගදී නොනවත්වා අවසානය දක්වා සිදු කළ යුතුය .

මතක තබා ගත යුතු දේ:-
1)චාරිත්‍රය අවසන් කරන තුරු නිවස
හැර නොයන්න.
2)විදුලි බුබුළු නිවා දැමිය යුතු
අවස්තාවේ නිවසේ ඇති සියලු විදුලි
බුබුළු නිවා දැමිය යුතුය .
3)සැඟවී සිටියදී ඔබ නිහඬව සිටිය
යුතුය.
4)චාරිත්‍රය ආරම්භයේ සිටම ලුණු වතුර
කටෙහි තබා ගැනීම අවශ්‍ය නොවේ.
5)මෙම ක්‍රීඩාව පැය 2ක් හෝ අඩු
කාලයක් තුළ අවසන් කළ යුතුය .
(නැතහොත් ආත්මය බෝනික්කා තුළ
සිටීමට හුරු වුවහොත් එය ඉවත්
කිරීමට අපහසු වේ.)
6)මෙය සිදුකරන විට නිවසේ සියලු
ජනෙල් හා දොරවල් විවෘත කර තැබීම
වඩා යෝග්‍ය වේ.

වැදගත් කරුණු :-

1)සහල් මගින් බෝනික්කාගේ
අංගෝපාංග සංකේතවත් කරනු ලබයි. එසේම සහල් වලට ආත්ම ආකර්ෂණ‍ය
කිරීමට හැකි බව පිළිගනී .
2)රතු නූල මගින් රුදිර නාල සංකේතවත්
කරන අතර එමගින් ආත්මය
බෝනික්කා තුළ සිර කර තබයි.
3)නූල කැපුවහොත් මුද්‍රාව කැඩී
සිරකරගත් ආත්මය නිදහස් වේ.
4)ඔබ ලුණු වතුර නොමැතිව සැඟවී
සිටින ස්ථානයෙන් පිටතට ගියොත්,
ඔබ වටා නිවස තුළ ඔබට හානි කළ
හැකි යම් වෙනසක් (දෙයක් )ඇතිවේ.

රූපවාහිනියේ සිදුවන වෙනස්කම්
මගින් එය හදුනාගත හැක.
රූපවාහිනියේ දැකිය හැකි වෙනස්කම් පෙන්නුම් කරයි.
එම වීඩියෝ දර්ශනය තුල ඔබට
ශබ්දයේ වෙනස්කම් ඇසෙනු ඇත.ශබ්දය අස්ථිර වීම, කැඩුණු වාර්තාවක් ලෙස නැවත නැවත play වීම, අවසානයේ විකෘති වීම මෙහිදී සිදුවේ.

අක්කලාටම හිතයන ලංකාවේ ප්‍රසිද්ද නළුවා “මාර වැඩේ කියන්නේ මට හිත යන්නෙම අක්කලාට” 

අක්කලාටම හිතයන ලංකාවේ ප්‍රසිද්ද නළුවා “මාර වැඩේ කියන්නේ මට හිත යන්නෙම අක්කලාට”

රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් තමයි ජනිත් වික්‍රමගේ කියන්නේ. මෙවර ආදරය ගැන කතාබහට අපිත් එක්ක එකතු වුණේ ඔහුයි. මේ ආදරය ඔහුට දැනෙන විදිහ.

* පාසල් ප්‍රේමය සුන්දරයිද?
ඕනම කෙනෙක්ට නැවුම්ව ලැබෙන අත්දැකීමක් පාසල් ප්‍රේමය තුළ තියෙන්නේ. නමුත් දීර්ඝකාලීන සම්බන්ධතාවකදී පසුකාලීනව ජීවිතේ ලබන අත්දැකීම් එක්ක පාසල් ප්‍රේමයකට එහා ගිය දෙයක් ආදරය තුළ තියෙනවා.

* ආදරය මුලින්ම හිතට දැනෙනකොට වයස කීයද?
ආදරයක්ම කියලා හරි වැටහීමක් නැති හැඟීමක් මුලින්ම හිතට ආවේ දහම් පාස‍ලේදි. අපිට උගන්වන්න ආව අක්කා කෙනෙක් ගැන. ඒ හැඟීම ඇතිවෙනකොට වයස අවුරුදු 15ක් ඇති.

* ආදරය මුලින්ම ප්‍රකාශ කළ යුත්තේ හැමවිටම පිරිමි ළමයද?
ආදරය කියන හැඟීම කාන්තාවට පිරිමියාට කියලා වෙන් වෙන්නේ නෑ. ඒක ‍පොදු හැඟීමක්. සම්මතයට අනුව පිරිමියා ආදරේ ප්‍රකාශ කළත් අද දියුණු ලෝකයත් එක්ක එහෙම සීමාවක් පැවතිය යුතු නැහැ.

* අප්‍රකාශිත ආදරයක් ඔබට තිබේද? තිබුණාද?
මගේ ජීවිතේ එහෙම අවස්ථා තිබිලා නෑ.

* ආදරය කරන දෙදෙනකුගෙන් පෙම්වතා වැඩිමහල් විය යුතුද?
ආදරේට එහෙම සම්මතයක් නෑ. වයසින් වැඩිමල්ද, කසාද බැඳලද, දරුවො ඉන්නවද, වැරදියට ජීවත්වෙන කෙනෙක්ද කියන කිසිම දෙයක් ආදරේට අදාළ නෑ. ආදරේ හැමෝටම ‍පොදු මානුෂීය හැඟීමක්.

* ඔබට වඩා වයසින් වැඩිමහල් කෙනකු ගැන ආදරයක් හිතිලා තියෙනවාද?
මට හිතෙන තරමක් වැඩිපුර ආදරේ හිතිලා තියෙන්නේ මට වඩා වයසින් වැඩි අයට.

* පෙම්වතියගෙන් ලැබුණු පළමුවැනි තෑග්ග මොකක්ද?

ෆර්ෆියුම් එකක් තමයි මට මුලින්ම ලැබුණේ.

* ඇය ඔබට ආදරයට කියන නම මොකක්ද?
කාලෙන් කාලෙට හිටිය පෙම්වතියෝ ඉතින් එක එක නම් කියනවා. ඒ අතරින් ‘ජනු’ කියන නම තමයි ගොඩක්ම කියලා තියෙන්නේ.

* කාන්තාවකගේ ඔබට ආදරේ හිතෙන්නේ ඇයගේ මොන වගේ ගතිගුණවලටද?
මුලින්ම ආදරේ හිතෙන්නේ ආකර්ෂණයට. නමුත් පසුකාලීනව තේරුම් ගැනීමේදී මං කැමති සමාජයත් එක්ක ගනුදෙනු කළ හැකි, ‍පොළොවේ පය ගහලා ජීවත් වෙන, දෙමාපියන්ට ආදරේ කරන, මනුෂ්‍යත්වයට ආදරය කරන, ඒ වගේම උපරිම ආදරයෙන් ඉන්න කෙනෙක්ට.

* ආදරය විවාහයෙන් කෙළවර වෙනවාද?
එතැන තියෙන්නේ බැඳීමක්. විවාහ වීමට ආදරේ කරන්න අවශ්‍ය නෑ. විවාහවෙලත් ජීවිත අවුල් වුණු අය මං දැකලා තියෙනවා. විවාහය කියන වචනයට කොටුවිය යුතු නෑ. ඒ දිහා පුළුල් අර්ථයකින් බලන්න ඕන. ආදරය ආත්මීය බැඳීමක් විය යුතුයි. විශ්වාසය සහිත වූ දෙයක් මිස විවාහය ලෝකෙට පෙන්වන්න ඕන දෙයක් ‍නෙවෙයි.

* විවාහය නිසා මිනිසුන් වෙනස් වෙන්නේ කොහොමද?

විවාහයට පස්සේ මිනිසුන් ජීවිතේ වගකීම් සහගත වෙනවා. තනි ජීවිතයක් ‍නෙවෙයිනේ එතකොට ගෙනියන්නේ. හොඳ ගැහැනියක් ලැබුණොත් තමන්ව හොඳ මාර්ගයේ ගෙනියන්න ඇයට හැකියාව තියෙනවා. එතැනදී නිවැරදි තෝරාගැනීම තමයි වැදගත් වෙන්නේ. හොඳ සහකාරියකට මිනිහෙක්ගේ ජීවිතේ හදන්න පුළුවන්.

* විවාහය ලියාපදිංචි කළ යුතුද? ඒ ඇයි?
ඒකත් අපි දාගත්තු සම්මතයක්. එහි වැරැද්දක් මං දකින්නේ නෑ. නමුත් එය එහෙම විය යුතුම නෑ. විවාහය ඉතින් ජන සංඛ්‍යාතය හොයාගන්න හොඳයි. ඊට වඩා කොළේකට සීමාවීමේ වැදගත්කමක් මං දකින්නේ නෑ. විවාහය තුළ තියෙන්න ඕන ලියාපදිංචියට වඩා එකට ජීවත්වීම, විශ්වාසය කියන දේවල්.
* ආදරය සහ රාගයට එකවිට පැවැත්මක් තියෙන්න පුළුවන්ද?

අනිවාර්යයෙන්ම එය එසේ විය යුතුයි. රාගය තියෙන්නේ ආදරේ තුළ. නමුත් ප්‍රමුඛ විය යුත්තේ ආදරය. රාගය ප්‍රමුඛ කරගත්තොත් ඒ සබඳතාවයේ සාර්ථකත්වයක් දකින්න අමාරුයි.

* ඇය සමග තරහ වුණාම ඔබ මොකද කරන්නේ?

අපේ පරණ කතාවක් ගැන කීවම ඉතින් එයාව ෂේප් කරගන්න පුළුවන්.

* ඒ තරහව කොච්චර කාලයක් තියෙනවාද?

අපි කෙනෙක්ට හදවතින්ම ආදරෙයි නම් තරහව හිතේ තියාගෙන තේරුමක් නෑ. හේතුව තමයි ආදරේදි ‍පොර වීම ‍නෙවෙයි වැදගත් අනිත් කෙනාගේ සතුට. එහිදී තමන් ගැන නොහිතා පුළුවන් තරම් නම්‍යශීලී වීම වැදගත්. රණ්ඩුවකදී මුලින්ම නම්‍යශීලී වෙන කෙනාට තමයි ඇත්තටම ආදරේ අවශ්‍ය සහ ආදරේ වටින්නේ.

* විරහව එක පේළියකින් විස්තර කරන්න?

ආදරේ තුළ තියෙන අත්දැකීමක් තමයි විරහව.

* ආදරය එක් සහකාරියකට පමණක් සීමා විය යුතුද?
ආදරයක් හිතේ වේ නම් එය ඒ කෙනා වෙනුවෙන්ම විය යුතුයි. ඒක තමයි මගේ විශ්වාසය. බුදුහිමිත් දේශනා කරලා තියෙන්නේ ජීවිතේ විනාශ වෙන මාර්ගයට ස්ත්‍රිය එක හේතුවක් වෙනවා කියලා. ආදරෙ පිළිබඳ තීරණ ගැනීමේදී ජීවිත කාලය පුරාවටම එක් අයෙක් සමග විතරක් ඉන්න අවශ්‍ය දේවල් අපි ගොඩනගා ගත යුතුයි. කෙතරම් ප්‍රශ්න ආවත් විසඳුම දික්කසාදය කරනොගෙන බැඳීමකට පැවැත්මක් ගොඩනගා ගන්න හැකියාව අප සතු විය යුතුයි.

* මේ වෙද්දි ගැහැනු ළමයි කීදෙනෙක් දාලා ගිහින් තියෙනවාද?
මේ වෙනකොට ගැහැනු ළමයි දෙන්නෙක් දාලා ගිහින් තියෙනවා.

* ආදරයට නිර්වචනයක් දෙන්න?
ලෝකේ තියෙන වචන අතරින් ලස්සනම සහ නරකම වචනය ආදරය.

නඳුනි ආරියවංශ [රිවිර]

ගුවන් යානයක් තරම් විශාල අභ්‍යවකාශ ග‍්‍රාහකයක් පෘථිවිය අසලට 

ගුවන් යානයක් තරම් විශාල අභ්‍යවකාශ ග‍්‍රාහකයක් පෘථිවිය අසලට

ගුවන් යානයක් තරම් විශාල අභ්‍යවකාශ ග‍්‍රාහකයක් පැයට සැතපුම් 11,369 ක් වේගයෙන් පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ බව ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කළේය.

පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර මෙන් තුනෙන් එකක් ඈතින් ගමන් කර ඇති බව විද්‍යාඥයෝ පවසති. දින තුනක් යනතුරු එහි ආසන්නම පිහිටීම හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයන්ට නොහැකි විය.

පෘථිවියේ සිට කිලෝමීටර 123,031 ක් දුරින් මෙම ග‍්‍රාහකය ගමන් කර ඇති බව පසුව සනාථ කර තිබේ. මෙම ග‍්‍රාහකය 2017 001 ලෙස නම් කර තිබේ. පසුගිය ජූලි 23 වැනිදා මෙහි නිවැරැදිව හඳුනාගෙන තිබෙන අතර මීටර 25 ත් 78 ත් පමණ පළලකින් යුක්ත වන බව පැවැසේ. ඇට්ලස් දුරේක්‍ෂයකින් මෙය හඳුනාගෙන තිබේ.

මියගියා යැයි පැවසෙන රිතුගෙන් ආන්දෝලනාත්මක කතාවක් “ගොසිප් කාරයෝ නිසා ලව් කරන්නත් නෑ”

මියගියා යැයි පැවසෙන රිතුගෙන් ආන්දෝලනාත්මක කතාවක් “ගොසිප් කාරයෝ නිසා ලව් කරන්නත් නෑ”

රිතූ ගොඩක් කාර්යබහුලයි වගේ..?

ඔව්. මේ දවස්වල රංගන කටයුතු එක්ක ගොඩක් කාර්යබහුලයි. මම සම්බන්ධ වෙන සසර සේයා සහ තුරුම්පු ආසියා කියන ටෙලි නාට්‍ය දෙක විකාශය වෙනවා. ඊට අමතරව “තුත්තිරි” සහ “චුට්ටේ” කියන ටෙලි නාට්‍ය දෙකටත් රංගනයෙන් සම්බන්ධ වෙනවා.

ඒ කියන්නේ රිතූට වැඩවල අඩුවක් නෑ වගේ..?

මට කවදාවත් වැඩ අඩු වුණේ නැහැ. මම ක්ෂේත්‍රයට ආපු කාලේ වගේම අඩුවක් නැතිව මට රංගන වැඩ කටයුතුවලට ආරාධනා ලැබෙනවා.

වැඩ ජයටම ලැබෙන්නේ රිතූගේ දක්ෂතාව නිසාද..? නැත්තම් ලැබීම හොඳ නිසාද..?

ක්ෂේත්‍රයේ යම්කිසි තැනකට යන්න නම් දක්ෂකමයි, ලැබීමයි දෙකම තියෙන්න ඕන. මම හිතන්නේ මේ දෙකම මට තියෙනවා.

රංගන ක්ෂේත්‍රයේ නිළියෝ වැහි වැහැලා. නිළියෝ වැඩි වෙද්දි රිතූට තරගකාරිත්වයක්දැ නිලම නැද්ද..?

මට හැමදාම තරගය තිබ්බේ මාත් එක්ක. මම මට ලැබෙන වැඩේ හරියට කළා. අනෙක් අය ගැන හිත හිත හිටියොත් මම කරන වැඩේ හරියට කෙරෙන්නේ නැතිවෙයි. ලැබෙන දේ හරියට කරන නිසා තමයි අධ්‍යක්ෂවරු මාව නිර්මාණවලට සම්බන්ධ කරගන්නේ.

හැබැයි සමහරු නම් කියනවා නිළියන් තැන හදාගන්න අධ්‍යක්ෂවරු එක්ක විශේෂ හිතවත්කම් හදාගන්නවා කියලා. සල්ලිවලටත් චාන්ස් ලැබෙනවලු. ඔය එක ක්‍රමයක්වත් රිතූ පාවිච්චි කරන්නේ නැද්ද..?

සල්ලි, බලය ඔය එක එක ක්‍රමවලින් මේ ක්ෂේත්‍රයේ ර¼දාපවතින්න නම් බෑ. ප්‍රේක්ෂකයෝ ආදරය කරනකල් තමයි අපිට මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න පුළුවන්. අපි නිහතමානි, දක්ෂ කලා ශිල්පිනියෝ වුණොත් මේ ක්ෂේත්‍රයේ පවතින්න පුළුවන්. අනෙක් ක්‍රම පාවිච්චි කරන්න නම් මට වුවමනා නැහැ.

ලැබීම් හොඳ වුණත් සම්මානනීය ලැබීම් නම් රිතූට දුරයි වගේ..?

මේ පාර රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රිය නිර්දේශ බැලුවම නම් මට හිනා ගියා. ඒ අතරේ මගේ නම නොතිබුණා නම් හොඳයි කියලා තමයි මට හිතුණේ. කොහොම වුණත් අන්තිම තීරණය තියෙන්නෙ ප්‍රේක්ෂකයෝ අතේ. මම ක්ෂේත්‍රයට ආපු කාලේ ඉඳන් ජනප්‍රිය සම්මානයට නිර්දේශ වුණා.

කවදාහරි මගේ ප්‍රේක්ෂකයෝ ඒ ජනතා සම්මානය මට දෙයි. කොහොම වුණත් ජනතාවගේ ආදරය මට අඩුවක් නැතිවම ලැබෙනවා. අපි කරන චරිතයකින් ප්‍රේක්ෂකයන් අපිව හඳුන්වනවා කියන්නෙම අපි ජනතාව අතරට ගිහින් කියන එක. මම කරපු වරුණිගේ චරිතයෙන්, කාසි වත්තේ චුක්කිගේ චරිතයෙන් තාමත් ප්‍රේක්ෂකයෝ මට කතා කරනවා.

ජනප්‍රියත්වය එක්ක අනෙක් පසින් ලැබෙන දෙයක් තමයි විවේචන, ගොසිප්. මේ දේවල්වලට රිතූට ශක්තිමත්ව මුහුණ දෙන්න හැකියාව තියෙනවද..?

දැන් ගොසිප් සයිට් Views ප්‍රමාණය වැඩි කරගන්න කලා ශිල්පීන්ට මඩ ගහනවා. එයාලගේ ගොසිප් විකුණගන්න අපිට මඩ ගහන්න වෙනවා. මගේ නමට කැත නාමයක් ගෑවෙනවට මම කැමැති නැහැ. ඒ නිසා මම ගොසිප්වලට බයයි.

වැරැද්දක් නොකළොත් බය වෙන්න දෙයක් නෑ නේද..?

අද කාලේ හරියට හිටියත් මඩ ගහනවා. යන්තම් චරිතයක් කළොත් බේරිලා ඉන්න පුළුවන්. ප්‍රධාන චරිත කළොත් නම් මඩවලින් බේරිලා ඉන්න අමාරුයි. ඉස්සර තමයි කිව්වේ ගින්නක් නැතිව දුමක් නඟින්නේ නෑ කියලා. හැබැයි දැන් ගිනි නැතිවම තමයි දුම් නඟින්නේ.

පසුගිය කාලේ රිතූගේ කියලා වීඩියෝ එකකුත් අන්තර්ජාලේ හරි හරියට සැරිසැරුවා නේද..?

ඔව්. එහෙම එකක් ගියා. හැබැයි ඒක මගේ නෙවෙයි. අපේ නම් කැත කරන්න ඔය වගේ දේවල් කරන්නේ. ඒ වීඩියෝවේ හිටියේ ඉන්දියන් ගැහැනු ළමයෙක්. තමන්ගේ ඍඪඥඹඵ වැඩිකරගන්න කාට වුණත් ඒ වගේ දේවල් කරන එක වැරැදියි.

රිතූට ක්ෂේත්‍රයේ ඇතුළේ කැපිලි නැද්ද..?

අම්මෝ ක්ෂේත්‍රයේ අයගෙන් නම් මට කවදාවත් කැපිලි ඇවිත් නැහැ. මම කා එක්කවත් තරහා අමනාපකම් වෙලා නැහැ. මොකද මම ක්ෂේත්‍රයයි පෞද්ගලික ජීවිතයයි පටලවා ගන්නේ නෑ. ක්ෂේත්‍රයේ අය මම පෞද්ගලිකව ආශ්‍රය කරන්නේ නැති තරම්. දැන් අපේ ගොඩක් ආටිස්ලාට වෙලා තියෙන්නේ තමන්ට පෞද්ගලික ජීවිතයක් තියෙනවා කියලා අමතක වෙලා. ගොසිප් සයිට් වුණත් කලාකරුවන්ට පෞද්ගලික ජීවිතයක් තියෙනවා කියලා අමතක කරලා. දැන් ඔක්කොම දේවල් පැටලිලා තියෙන්නේ.

රිතූ පුංචි තිරයට විතරක් සීමා වෙන්නද අදහස..?

මම අවස්ථා හොයාගෙන ගිය කෙනෙක් නෙවෙයි. අවස්ථා මං ළඟට එනකල් මම බලාගෙන හිටියා. හරි කාලෙදි මට හැමදේම ලැබුණා. සිනමාවේ හොඳ නිර්මාණයක් ලැබුණොත් මම භාර ගන්නවා.

දැන් ඉතිං රිතූ ආදර සම්බන්ධයකත් පැටලිලා ඇතිනේ..?

ආදර සම්බන්ධයක් පටන් ගන්නවත් බෑනේ දැන් තියෙන ගොසිප් නිසා. දැන් එක නළුවෙක් එක්ක නාට්‍ය දෙකක රගපෑවත් ඒ නළුවා එක්ක යාළුයි කියලා ගොසිප් හදනවා. ඒ නිසා තාම නම් මට එහෙම ආදරවන්තයෙක් නෑ.

රිතූ කවදා හරි තෝරගන්න ආදරවන්තයා ක්ෂේත්‍රයේ කෙනෙක් වෙයිද..?

මගේ ආදරවන්තයා කවදා කොයි විදියට මුණගැහෙයිද දන්නේ නෑ. හැබැයි ඒ කෙනා කලා ක්ෂේත්‍රයේ කෙනෙක් නම් වෙන එකක් නැහැ. මොකද මම ටිකක් ඊර්ෂ්‍යයි. වෙන කෙනෙක් එක්ක මගේ ආදරවන්තයා රඟපානවා බලද්දි මට ඊර්ෂ්‍යා හිතෙයි. ඒ නිසා ජීවිතේට නළුවෙක්ට නම් මම ආදරේ කරන එකක් නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මොකද්ද මේ ගිනි පෑගිම කියන්නේ මෙන්න ගිනි පෑගීම පිළිබද ඔබ කිසිදා අසා නොමැති සත්‍ය කතාව 

මොකද්ද මේ ගිනි පෑගිම කියන්නේ මෙන්න ගිනි පෑගීම පිළිබද ඔබ කිසිදා අසා නොමැති සත්‍ය කතාව

කතරගම ඇසළ උත්සවයේ වඩාත්ම විචිත්‍රවත් අංගයක් ලෙස ගිනි පෑගීම නම් කළ හැක. ඇසළ උත්සවය සමයේ නියම කර ගන්නා එක් දිනයක මහා දේවාලය ඉදිරියේ දී මෙම කාර්යය සිදුකෙරේ. රාත්‍රී පෙරහැර නිමා වීමෙන් පසු දල්වන ගිණි මැලය අළුයම අඟුරු බවට පත් වීමත් සමඟම දේවාලයේ ප්‍රධාන කපු මහතා විසින් දේවාලයෙන් ගෙනෙනු ලබන පැන් සහ විභූති ගිනි මැළයට ඉසිනු ලැබේ. ඉන්පසුව ඒ සඳහා පේවී සිටින බැතිමතුන් දෙව් බැතියෙන් හදවත් පුරවා ගෙන දැවෙන ගිනි අඟුරු සහිත මැළය තරණය කරති. මෙය විදෙස් සංචාරකයන් පවා විස්මයට පත් කරවන දසුනකි.Related image

කතරගම ඇසළ උත්සවයෙහි දී දැකිය හැකි වඩාත් ම සිත් ගන්නා අංගයක් වන මෙය දැක බලාගැනීමට අති විශාල පිරිසක් වාර්ෂිකව රැස්වෙති. කතරගම දෙවොලෙහි ගිනි පෑගීම හා සම්බන්ධ නිශ්චිත පුරාවෘත්තයක් නැත. එහෙයින් කඳ සුරිදුන්ගේ මහා තේ‍ජෝබලපරාක්‍රමය සපථ කරවනු වස් බැතිමතුන් විසින් පවත්වනු ලබන පූජෝපහාරයක් ලෙසින් මෙය හැඳින්වීම සාධාරණය.

චාරිත්‍රයක් වශයෙන් දෙවියන් පිළිබඳ උත්සව වලදී ගිනි පෑගීම ශ්‍රී ලංකාවට හුරුවන ලද්දේ ඉන්දියාවේ කේරළයෙනැයි විශ්වාස කෙරේ. නමුදු දේවමහිමය සපථ කරනු වස් ලොව ඇතැම් ගෝත්‍ර සමාජයන්හි ද ගිනි පෑගීම සිදු කෙරෙන බව පොත පතෙහි සඳහන්ය.Related image

ශ්‍රී ලාංකිකයන්ට දේවාලයන් හි ගිනි පෑගීම හුරු කරවන ලද්දේ යැයි කිව හැකි කදිම පුරාවෘත්තයක් තිබේ. රසවත් බවින් අනූන වූ එම පුරාවෘත්තය දෙවොල් දෙවියන් සහ පත්තිනි දේවිය අළලා ගොඩ නැගී ඇත.
ඒ මෙසේය;

දඹදිව කුදුප්පර නම් නුවර රාජසිංහ රජුට තෙදපති, ගුණපති, අමිතාපතී. සිරිපති, මිහිපති, යහපති සහ අග්නිපති නම් බිසෝවරු සත් දෙනෙක් වූහ. රජුට දාව එක් බිසවක් එක් පුතෙකු බැගින් ලද්දෙන් ඔවුහු දෙවොල්සාමි, හිරුරැස් සාමි, සඳරැස් සාමි, තෙදරැස් සාමි, අග්නිරැස් සාමි, මහරැස් සාමි සහ කුඩාරැස් සාමි නමින් ප්‍රසිද්ධ වූහ.

තරුණ වියේ දී මොවුන් වෙළදාම පිණිස මුහුදේ නැව් නැගී යන අතරේ චණ්ඩ කුණාටුවකට හසු වූ නැව් කැඩී බිඳී ගියේය. කෙසේ හෝ සිය ජීවිත ගළවාගත් මෙම ප්‍රතාපවත් දෙවොල් පිරිස හික්කඩුව ආසන්නයේ පිහිටි සීනිගම් වෙරළට සම්ප්‍රාප්ත වූහ. එහෙත් ඒ පැමිණීම පිළිබඳව පත්තිනි දේවිය නොසතුටු විය. එහෙත් අවසානයේ එතුමිය එම දෙවොල් පිරිසට එක් අභියෝගයක් කළාය.
“මම සීනිගම් වෙරළෙහි ගිනිමැළ සතක් දල්වමි. ඔබ සතු මහා දේව බලයෙන් ඒවා තරණය කර පැමිණියහොත් පමණක් ඔබට මෙහි වාසය කිරීමට අවසර තිබේ.”
එම අභියෝගය පිළිගත් එම බලසම්පන්න දෙවොල් සාමි ඇතුළු පිරිස පත්තිනි දේවිය මැවූ ගිනි මැළ හතම දෙබෑකොට දිවයිනට ආහ. ඔවුන් මෙම අභියෝගයට මුහුණ දෙන අයුරු දැකීමට හෙළයේ දොලොස් මහ දෙවිවරුන් ද පැමිණි බව ජන ප්‍රවාදයන් හි සඳහන් ය.

Related image
‘දොළහ දෙවියන්’ නමින් ද හැඳින්වෙන එම දෙවිවරු මෙසේ වෙති.
පල්ලෙබැද්දෙ දෙවියෝ, අළුත් නුවර දෙවියෝ, කළුකුමාර දෙවියෝ, දේවතා බණ්ඩාර දෙවියෝ, කළු බණ්ඩාර දෙවියෝ, කොසඹා දෙවියෝ, කීර්ති බණ්ඩාර දෙවියෝ, ගගේ බණ්ඩාර දෙවියෝ, වන්නියේ බණ්ඩාර දෙවියෝ, කඩවර දෙවියෝ, අභිමාන දෙවියෝ, බෝවෙල දෙවියෝ
මෙම දෙවිවරුන් සහ පත්තිනි දේවිය; දෙවොල් දෙවියන් ප්‍රමුඛ පිරිසගේ ගිනිමැළ තරණය දැක පැහැදී ඔවුන් දේව සභාවට භාරගන්නා ලදැයි කියැවේ. ඒ අනුව අද ද දිවයිනේ ප්‍රදේශ රැසකම දෙවොල් දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වේ. ශ්‍රී ලංකාවේ චිරප්‍රසිද්ධ දෙවොල් මඩු සංදර්ශන මෙම දෙවොල් දෙවියන් ගේ පැමිණීම සංකේතවත් කෙරෙන පූජා විදිහකි. එහි දී දෙවොල් දෙවියන් ගිනි මැළ හත තරණය කිරීම සිහිගන්වමින් බැතිමත්හු ගිනි පෑගීමේ යෙදෙති.

කඳ සුරිදුන් (කදිරවේල්) සහිත පහුර ද මුලින් ම සැපත් වූයේ ශ්‍රී ලංකාවේ සීනිගම වෙරළට බව ඇතැම් ප්‍රවාදයන් හි සඳහන් වේ. කඳ සුරිදුන් දෙවුන්දරත් සිය නිත්‍යවාසය ලෙස කතරගමත් තෝරා ගන්නා ලද‍්දේ ඉන් පසුවය. එසේ නම් මෙම ගිනි පෑගීම, දෙවොල් දෙවියන්, සීනිගම, කතරගම සහ කඳ සුරිදුන් අතරේ ද කුමක් හෝ සම්බන්ධයක් පවතින බව සිතිය හැක.

පුරාණ කාලයේ කතරගම ද දෙවොල් දෙවියන් සඳහා දේවාලයක් තිබූ බවට පහත දැක්වෙන පැරණි කවිය ද නිදසුනකි.

සීනිගමට, ගල්පහුරට, කතරගමට, විබූසනට
වේරගොඩට, දෙවුන්දරට, වීදගමට, තොටගමුවට
උණවටුනට, නවගමුවට, ලනුමෝදර වල්අස්නට
නාවින්නට, උග්ගල්බඩ, පානදුරා දේවාලෙට

මේ වාතාවරණය යටතේ වුව ගිනි පෑගීම වූ කලී කතරගමට ගැළපෙන්නක් වන බව විශේෂයෙන් අවධාරණය කළ යුතුව ඇත.

හින්දු ආගමෙහි යෝගී ක්‍රම අනුව ද අග්නිස්නාන නම් පිළිවෙත් ක්‍රමයක් තිබේ. දෙවියන් පිළිබඳව පවිත්‍ර භක්තියක් ඇත්තවුන් විසින් දක්වනු ලබන මෙම පූජා ක්‍රමය චිත්ත පාරිශුද්ධිය පිණිස යොදා ගැනේ. එමෙන්ම ඇතැම් රෝග සුවවීම සම්බන්ධ චිකිත්සක ක්‍රමයක් ලෙස සමහරු මෙය යොදා ගනිති.
හින්දු ආගමෙහි එන අග්නිස්නානය සහ ගිනි පෑගීම අතර බොහෝ වෙනස් කම් දැකිය හැකි වුවද ගිනි පෑගීම යනු අගනිස්නානය ආදර්ශ කොට ගත් පූජා ක්‍රමයක් ලෙස ද නම් කිරීමේ වරදක් නැත.
කෙසේ හෝ කතරගම සුරිඳුන්ගේ අනසක ගිනි පෑගීමේ මංගල්‍යය කෙරෙහි ද බලපැවැත්වෙන බව චිරාත් කාලයක් මුළුල්ලෙහි පිළිගෙන තිබේ. වර්තමාන අධ්‍යාත්මික පරිහානිය තුළින් එහි ප්‍රබල හාස්කම් දැක්වීම තරමක් අසීරු වුව ද මින් පරම්පරා කිහිපයකට ඉහත පැරැන්‍නෝ කතරගම පුදබිමෙහි ගිනි පෑගීම තුළින් ඉමහත් දේව කරුණාවක් ලබා ගත් බව අපි කොතෙකුත් අසා ඇත්තෙමු.Related image

‘තවද කනු කපන මංගල්ලෙට, ඇසළ පෙරහැර මංගල්ලෙට, නානුමුර මංගල්ලෙට, දිය කැපීමේ මංගල්ලෙට, ඉල්මහ මංගල්ලෙට, ගිනි පෑගීමේ මංගල්ලෙට යහතින් දිවැස් කරුණා හෙලා වදාරමින් මෙරට වාසීන්ට අභයදානය සළස්වා දෙන ඔබ වහන්සේට’ ආදී වශයෙන් වූ පුරාණ දේව කන්නලව්වෙන් ද ඒ බව පසක් වනු ඇත.

ඡයාරූප – අන්තර්ජාලය ඇසුරිනි
කලාභූෂන කතරගම සුමන සෝමපාල (ලක්බිම)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථමඅධි තාක්ෂණික නෞකාව අද ලංකාවට, බලන්නකෝ  නාවික හමුදාව නැව පිලිගනිපු හැටි 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථමඅධි තාක්ෂණික නෞකාව අද ලංකාවට, බලන්නකෝ  නාවික හමුදාව නැව පිලිගනිපු හැටි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තටකාංගනයේ නිෂ්පාදනය කරනලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (ජූලි 28) උදෑසන 09.30 පමණ කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

නවීන යුද නෞකාවක් වන මෙය ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට අලුතින්ම මිලදී ගත් ප්‍රථමඅධි තාක්ෂණික නෞකාව ලෙස සනිටුහන් වනු ඇත. එහි පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 66.55 කි.නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (මාලිමා) නිශාන්ත අමරෝසා මහතා කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයන් 100 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.

මෙම නෞකාව අගෝස්තු මස 02 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී, සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ වශයෙන් අධිකාරියට පත් කිරීමට ද නියමිතව ඇත.

කාගෙනුත් බැනුම් අහන දෙවැනි ඉනිමේ ක්‍රිකට් කෝච් කියන අමුතු කතාව 

කාගෙනුත් බැනුම් අහන දෙවැනි ඉනිමේ ක්‍රිකට් කෝච් කියන අමුතු කතාව

මේ දවස්වල “දෙවැනි ඉනිම” නරඹන ප්‍රේක්ෂකයන්ගෙන් වැඩිපුරම බැණුම් අහන්නේ කවුද කියලා ඇහුවොත් ඔබ දෙන පිළිතුර කවුද? “වෙන කවුද ඉතින් ඉස්කෝලෙට අලුතින් ආපු ක්‍රිකට් කෝච් තමයි”. අනිවාර්යයෙන්ම ඔබ ඒ පිළිතුර දෙනවාමයි. දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ ලයනල් සඳුන් කියන ක්‍රිකට් පුහුණුකරුවාගේ චරිතය රඟපෑවාට ඔහුගේ ඇත්තම නම රයන් වැන්ඩස්ටේ‍රා්යි.

 

මේ දවස්වල රයන්ට බොහෝ අයගෙන් ප්‍රතිචාර ලැබෙනවා ඇති?
අන්තර්ජාලයේ මුහුණු ‍පොතෙන් වගේම පාරේ යද්දී අතින් අල්ලලා නවත්වාගෙන ප්‍රතිචාර දක්වන රසිකයිනුත් ඉන්නවා. හැබැයි ඒ හැම ප්‍රතිචාරයක්ම ඉතාමත් නරක ප්‍රතිචාර. ඒ වෙලාවට මට ලොකු සතුටක් නම් දැනෙනවා. මගේ රංගනය සාර්ථක හින්දානේ ඒ වගේ නරක ප්‍රතිචාර වුණත් ලැබෙන්නේ.

 

ඒ ප්‍රතිචාර අතර තදින් හිතට වැදුණු අවස්ථාත් ඇති
ටෙලි නාට්‍යයේ එක දර්ශනයක් තිබුණා මම ප්‍රින්සිපල් ඉස්සරහදීම වේවැල අරගෙන අනුහස්ට පහර දෙනවා. ක්‍රිකට් කෝචර් කෙනෙකුට ප්‍රින්සිපල් ඉස්සරහ ඒ විදියට පාසල් ශිෂ්‍යයෙකුට පහර දෙන්න බැහැනේ. ඒක ඇත්තටම මම කළ නීති විරෝධී වැඩක් කියලා හිතාගෙන FB හරහා මට අසීමිත ලෙස බැණ වැදුණු අය හුඟ දෙනෙක් හිටියා.

‘දෙවැනි ඉනිම’ තුළින් බොහෝ අයගේ කතාබහට ලක් වුණාට රයන්ට දිගුකාලීන රංගන ඉතිහාසයක් තියෙනවා නේද?
ඔව්, මම රංගනයට පිවිසුනේ 2004දී. මේ වෙද්දී චිත්‍රපට 6ක් සහ ටෙලි නාට්‍ය 39කට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඔබ විදෙස් නිර්මාණවලටත් සම්බන්ධ වූ රංගන ශිල්පියෙක් නේද?
‘බොම්බේ වෙල්වට්’ සහ ‘රූට් ඔෆ් ලව්’ චිත්‍රපටවල මම රඟපෑවා ‘රූට් ඔෆ් ලව්’ චිත්‍රපටයේ රඟපෑවේ ජෝන් එබ්‍රහම්ගේ මිතුරෙකුගේ චරිතයක්.

වසර 13ක් දෙස් විදෙස් නිර්මාණවලට රංගනයෙන් එක්වුණත් රයන් ඒ ගමන ආවේ බොහොම හෙමින් කියලයි අපිට නම් හිතෙන්නේ ?
ඒ හෙමින් ගමන මම නිහඬවම තවමත් ඉදිරියට යනවා. ඒ ගමනෙදී මම ජනප්‍රියත්වය ගැන හිතලාම නැහැ. කරන දේ හරියට කරන්නයි මම උත්සාහ කරන්නේ. මගේ ආටිකල් එකක් කරලා දෙන්න කියලා මම කවදාවත් කිසිම පත්තරේකට කියලා නැහැ. මම මෙහෙම කිව්වම ඔයා වුණත් පුදුම වෙයි. මේ අවුරුදු 13ට. ‘රිද්ම’ තමයි මගේ තුන්වැනි ආටිකල් එක කරන්නේ. මීට කලින් මගේ ආටිකල් දෙකක් විතරයි පත්තරවල ගිහින් තියෙන්නේ.

රයන් රංගනයට පිවිසුණේ කොහොමද?
පුංචි කා‍ලේ ඉඳන් කලාවට ආශාවක් තිබුණත් රංගනයට පැමිණීමේ අදහසක් තිබුණේ නැහැ. ඒක අහඹු සිදුවීමක්. මම නිතර යන එන “කොෆි ෂොප්” එකක් තියෙනවා. බුද්ධික ජයරත්නත් ඔතැනට එනවා. දවසක් බුද්ධික මට කතා කරලා කිව්වා. “මම කාලයක් ඔයාව ස්ටඩි කළා. මම ‘දේදුනු වැස්ස’ කියලා චිත්‍රපටයක් කරනවා. ඒකේ රජිව් කියලා චරිතයක් තියෙනවා ඒක රඟපාන්න කැමතිද?” කියලා. ඒ විදියට තමයි මගේ රංගන දිවිය පටන් ගත්තේ. ඇත්තටම නළුවෙක් විදියට මම මෙතැන ඉන්නවා නම් එහි ස්තූතිය හිමි විය යුත්තේ බුද්ධිකටයි.

රයන්ගේ පුද්ගලික විස්තර දැනගන්නත් “රිද්ම” පාඨකයෝ කැමති වෙයි
මම ඉපදුනේ හැදුණේ වැඩුනේ ගල්කිස්සේ. ඉගෙන ගත්තේ ශාන්ත මේරි විදුහ‍ලේ. මම බර්ගර් ජාතිකයෙක් වුණාට ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ගෙදර දී විතරයි. ගේට්ටුවෙන් එළියට බැස්ස වෙලාවේ ඉඳන් කතා කරන්නේ සිංහලෙන්. මගේ යාළුවො ඔක්කොම සිංහල, දෙමළ, මුස්ලිම් අය. ඒ හින්දා රඟපාද්දී සිංහල දෙබස් කියන එක ගැටලුවක් නමෛයි. මම මගේම ව්‍යාපාරයක් කරගෙන යන අතර තමයි රඟපාන්නේ.

කවද්ද රයන්ගේ තනිකඩ ජීවිතය නිමා කරන්නේ ?
ළඟදීම ඒ දවස උදාවෙයි.

ආරියවංශ කුලතිලක