මට ගොඩක් යාළුවො හිටයා හැබැයි පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත මම ගොඩක් පාඩම් ඉගෙනගත්තා M.G ධනුෂ්ක ගෙන් ආන්දෝලනාත්මක කතාවක් 

මට ගොඩක් යාළුවො හිටයා හැබැයි පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත මම ගොඩක් පාඩම් ඉගෙනගත්තා M.G ධනුෂ්ක ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

ධනුෂ්ක හා හා පුරා කියලා රසිකයෝ අතරට මියුසික් වීඩියෝවක් ගෙනැත් නේ?

ඔව් ‘ලැබුණානම්’ කියන්නේ මගේ පළමුවැනි මියුසික් වීඩියෝව. මම අවුරුදු තුනක් විතර නිශ්ශබ්ද වෙලා හිටියා. ඊට පස්සෙ තමයි මම මියුසික් වීඩියෝවක් කළේ. මේ ගීතය ලිව්වේ ඩිලාන් ගමගේ. ගීතය සංගීතවත් කළේ අෂාන් ප්‍රනාන්දු. රූප රචනය කළේ චම්මු ශ්‍රී .

‘ලැබුණානම්’ කියලා කියන්නේ ධනුෂ්කට නොලැබුණු කා ගැනද?

මේක මට අදාළ දෙයක් නෙවෙයි. මට එහෙම කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මගේ ගීතයට වියදම් කළේ සහෝදරයෙක් වගේ මාත් එක්ක ඉන්න කෙනෙක්. විෂුවල් එකේ තියෙන්නේ ඇත්තම අත්දැකීමක්. ඔහුගේ අදහසකට අනුව තමයි මෙය කළේ. ගොඩක් අය මට කතා කළාම කියනවා ඒ අයගේ ජීවිතවලත් මේ වගේ අත්දැකීම් තියෙනවා කියලා. ඉෂාන් සහ උදාරි එකතු කරගෙන ලස්සනට විෂුවල් එකක් කළා.

ධනුෂ්ක මෙතෙක් ගායනා කරපු ශෛලියට වඩා වෙනස් ශෛලියක ගීතයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මොකක්ද ඒ වෙනස?

මම මේ ගීතය කළේ ඉදිරියට අඩියක් තියන්න ඕන නිසා. මම මිනිස්සු අතරට ආව ශෛලියත් එක්ක වෙනසක් කරද්දි ඒ අය මාව පිළිගනියිදෝ කියලා සැකයක් ආවා. මම ආපු ශෛලියෙන් එළියට පැනලා තමයි මම මේ නිර්මාණය කළේ.

මියුසික් වීඩියෝවක් කරන්න ධනුෂ්ක කල් ගත්තා වැඩි නැද්ද?

මම මගෙනුත් අහන දෙයක් තමයි ඇයි මම මෙච්චර කල් ගත්තේ කියලා. ප්‍රසංග, විදෙස් සංචාර වගේ දේවල් එක්ක හිටපු නිසා මේ වගේ දෙයක් කරන්න ඕන කියලා මට ඒ තරම් තේරුමක් තිබ්බේ නැහැ. කරන්න ඕන දේ ගැන මට කාගෙන්වත් අවවාදයක් ලැබුණෙත් නෑ. මම එක එක අයගේ එක එක කතා අහගෙන හිටියා. එතකොට කෝච්චිය ගොඩක් දුර ගිහින්.

ඔය වෙනසට ලැබෙන ප්‍රතිචාර හොඳයිද?

ගොඩක් අය ගීතය අහලා තියෙනවා. ගීතයට එක එක වීඩියෝ හදලා ෂෙයාර් කරලත් තියෙනවා. ගොඩක් අය හිතලා තියෙන්නේ මට ඒ වගේ ගීත ගායනා කරන්න බෑ කියලා. නමුත් මම එක ශෛලියකට කොටුවෙලා නැහැ. අපි වැල යන අතටත් මැස්ස ගහන්න ඕන. නැත්නම් අපිව වැටෙන්න පුළුවන්. ලැබෙන ප්‍රතිචාරවලින් මට හිතෙන්නේ මම කරපු වෙනස රසිකයෝ පිළිඅරගෙන කියලා.

මාධ්‍ය නාළිකාවලින් බිහිවුණු සමහර තරුවලට අනෙක් මාධ්‍යවල සහාය ලැබෙන්නේ නෑලු. ධනුෂ්කටත් ඔය ඉරණම බලපාලා තියෙනවාද?

ඔය ප්‍රශ්නය ගොඩක් අයට තියෙනවා. හැබැයි ඒක අසාධාරණයි. අපේ ගීත මිනිස්සු අහන්න ඕන. ජනමාධ්‍ය අපිව කොටු කරනවා නම් අපි අසරණ වෙනවා. මාත් එක්ක නම් මාධ්‍යවල අය තරහා නැහැ. ගොඩක් අය මගේ ගීතය ප්‍රචාරය කළා. හැම කෙනෙක්ටම ඒ අවස්ථාව ලැබෙනවා නම් හොඳයි.

තරුවක් විදියට එළියට බහිද්දී ධනුෂ්කට ප්‍රසංග වේදිකාවේ ලොකු ඉඩක් ලැබුණානේ. තාම ඒ ඉඩ ලැබෙනවාද?

මට තාමත් ප්‍රසංග ලැබෙනවා. තාමත් මම සින්දුවක් කියද්දී විසිල්, අත්පුඩි නොගහන කෙනෙක් නෑ. මම ගීත ගයන විලාසය වෙනස්. මම රසිකයන්ව හොඳින් පිනවලා තමයි වේදිකාවෙන් බහින්නේ.

ධනුෂ්කට දැන් එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ ගීත කියන්නත් අවසර නැහැ නේද?

පහුගිය ටිකේ මට ප්‍රශ්න ටිකක් ආවා. දැන් මම එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ ගීත ප්‍රසංග වේදිකාවේදී ගායනා කරන්නේ නැහැ. මාව ෂෝවලට ගෙන්නුවම මාත් තේරුමක් නැතිව ඒ ගීත ගායනා කරමින් හිටියා.

ප්‍රසංග වේදිකාවේදී ගායනා කරන්න තරම් දැන් ධනුෂ්කගේ ගීත තියෙනවාද?

එළියට දාපු මගේම ගීත හයක් විතර තියෙනවා. එළියට දාපු නැති ගීත කිහිපයකුත් තියෙනවා. මම දැන් මගේම ගීත ගායනා කරනවා. ඊට අමතරව නටන්න පුළුවන් විදියට ජෝතිපාල මහත්මයාගේ ගීතත් ගායනා කරනවා.

ජනප්‍රියත්වය එක්ක ධනුෂ්කට නොලැබුණු දේවල් තියෙනවද?

මට කිසි දෙයක් නොලැබුණේ නැහැ. මට ලැබිච්ච දේවල් තමයි තියෙන්නේ. හැබැයි ඒ ලැබුණු දේවල්වලින් මම ප්‍රයෝජනයක් ගත්තාද කියන ප්‍රශ්නය තියෙනවා.

ඒ කියන්නේ ලැබිච්ච අවස්ථාවෙන් ධනුෂ්ක ප්‍රයෝජන ගත්තේ නෑ කියන එකද?

ලැබුණු දෙයින් හරි ප්‍රයෝජනය නොගෙන මිස්ටේක් වුණු අවස්ථා තියෙනවා. මම මාව මේන්ටේන් කරගත්තේ නැහැ. මොකද මට තේරුමක් තිබ්බේ නැහැ. හැබැයි ඒ වැරැදීම් ඉදිරියට සිද්ධ වෙන එකක් නැහැ.

ධනුෂ්කගේ ජීවිතයේ හිටපු විශේෂම අයත් තාමත් ධනුෂ්ක ළඟද?

ඔව්. මගේ ළඟ හිටපු හැමෝම මං ළඟ ඉන්නවා. එයාලා කොහෙවත් ගිහින් නැහැ. බිරිය, දුව, පුතා මේ හැමෝම මාත් එක්ක ඉන්නවා. දැන් මගේ දුවට අවුරුදු පහයි. මගේ පුතාට අවුරුද්දයි. අපි හැමෝම හොඳින් ජීවත් වෙනවා.

තරුවක් වෙන්න කලින් ධනුෂ්කට හිටපු හිතවතුන් තාමත් ධනුෂ්ක එක්ක ඉන්නවද?

මට ගොඩක් යාළුවෝ හිටියා. මම යාළුවන්ටත් ගොඩක් උදවු කළා. මටත් උදවු කරන්න අය හිටියා. හැබැයි පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත මම ගොඩක් පාඩම් ඉගෙනගත්තා. මට හොඳ කියන අය වගේම මට බනින අයත් ඉන්නවා. මට පහුගිය කාලේ වැරැදුණු තැන් වැඩියි.

ධනුෂ්කට මුල මතක නෑ කියලත් සමහරු කියනවා නේද?

මට අමතක කරන්න දෙයක්වත් මට අමතක වෙන්න තරම් දෙයක්වත් තිබුණේ නැහැ. හැබැයි මගේ අතින් වැරැදීම් වෙන්න පුළුවන්. මේ ළඟදී රියැලිටි වැඩසටහනක ඉන්න මල්ලි කෙනෙක් අපේ පැත්තේ ෆැක්ටි්‍ර එකකට ගියාම කිව්වලු ධනුෂ්කට එස්.එම්.එස්. ගැහුවට දැන් පැත්ත පළාතක එන්නේ නෑ කියලා. මම ගම කාලා තියෙන්නේ කිව්වලු. අනේ ඉතිං මට එස්.එම්.එස්. ගැහුවා කියලා මට හැම තැනටම යන්න විදියක් නෑ. ඉතිං ඒක ප්‍රේක්ෂකයනුත් තේරුම් ගන්න ඕන. මම මට පුළුවන් විදියට පුළුවන් තැන්වලට යනවා.

ගමේ වැඩවලට කතා කරද්දිත් ධනුෂ්ක ගණන් උස්සනවද?

මට ගමේ වැඩවලට කතා කරනවා අඩුයි. මොකද මම ලොකු ගාණක් ඉල්ලනවා කියලා රාවයක් යනවා. මේක මගේ වෘත්තිය. මගේ ජීවත්වීම වෙනුවෙන් මම යම්කිසි මුදලක් අයකරනවා. ඔය රාවේ යන විදියට හැත්තෑ දාහට, අසූදාහට මම සිංදු කියලා නැහැ. ගමේ වැඩක් ලැබුණත් මම ඒවට ගණන් උස්සලා නෑ.

ධනුෂ්ක නළුවෙකුත් වෙලා නේද?

මට රංගන කටයුතුවලටත් ආරාධනා ලැබුණා. ‘අනෝරා’ කියන නිර්මාණයට මම සම්බන්ධ වුණා.

ඒ කියන්නේ දැන් ධනුෂ්ක නළුකම තෝර ගනියිද?

මම රංගනය කරනවා කියලා ඒකම කරන්න ආස නැහැ. හැබැයි මම මට අභියෝගයක් ලැබුණොත් එය භාර ගන්න කැමැතියි. මට සිංදු කියන්න කිව්වොත් මම සිංදු කියනවා. නටන්න කිව්වොත් නටනවා. රඟපාන්න කිව්වොත් රඟපානවා. ඉදිරියටත් රංගනයෙන් වුණත් ගැළපෙන දෙයක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

සිනමාවේ ප්‍රේමවන්තයා වෙන්නද දුෂ්ටයා වෙන්නද කැමැති?

මට ප්‍රේමවන්තයාගේ චරිතය කරන්න බැරිවෙයි. මාව ඒ චරිතවලට ගැළපෙන එකක් නෑ. මම කැමැතියි ජගත් චමිල, මහේන්ද්‍ර පෙරේරා වගේ බැරෑරුම් විදියට චරිත කරන්න.

ඉදිරියට කරන්න සැලසුම් කරගත්ත දේවලුත් ඇති?

මගේ ‘හෙලෝ’ බෑන්ඩ් එක හොඳ තත්ත්වයක දැන් තියෙනවා. ඒකත් තව ඉදිරියට ගෙනියන්න අදහසක් තියෙනවා. මියුසික් තව හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවා. පටන් අරගෙන තියෙන පුංචි ව්‍යාපාරයත් ඉදිරියට ගෙනියන්න ඕන. ඒ වගේම තව මාස එක හමාරකින් විතර කවුරුවත් හිතන්නේ නැති විදියේ නිර්මාණයක් එළියට ගේනවා. ඒක මගේ දක්ෂතා පෙන්වන ප්‍රශස්ත නිර්මාණයක් වෙයි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ප‍්‍රභාකරන් ජීවග‍්‍රහයෙන් අල්ලා කෑලී සීයකට වෙන් කරන බවකියූ බැස්ටියන්පිල්ලේ ගේ ඝාතනය වෙනුවෙන් සිදුවූ ප්‍රභා-උමා ගැටුම මෙන්න 

ප‍්‍රභාකරන් ජීවග‍්‍රහයෙන් අල්ලා කෑලී සීයකට වෙන් කරන බවකියූ බැස්ටියන්පිල්ලේ ගේ ඝාතනය වෙනුවෙන් සිදුවූ ප්‍රභා-උමා ගැටුම මෙන්න

භාකරන් ජීවග‍්‍රහයෙන් අල්ලා කෑලී සීයකට වෙන් කරන බවට පුරසාරම් දෙඩු බැස්ටියන්පිල්ලේ වන ලැහැබක කුණු වෙමින් සිටිය දී ගස් කපන්නෙකුට හමු විය. මේ ප‍්‍රවෘත්තිය එල්.ටී.ටී.ඊ ට ඉස්තරම් වාර්තාවක් වූ අතර තමන්ට ඕනෑම වීර කි‍්‍රයාවක් කර නොපෙනී යාමේ බලයක් ද පවතින බවට වහසි බස් දෙඩීය.

මෙම සුරු – විරු කම් ජ්‍යාතන්තරයට යාමත් සමඟ, 1978 දී කොටි සංවිධානය තුන්වන ලොකයේ ගරිල්ලා සංවිධානයක් බවට ප‍්‍රසිද්ධ වෙමින් පැවතිණි. එම ස්ථාවරය මත, ප‍්‍රභාකරන්ගේ නොනිල අපාරදෘශ්‍ය මෙහෙයවීම යටතේ නමුත් උමා මහේෂ්වරන්ගේ නව දෙනෙකුගෙන් යුත් මධ්‍යම කාරක සභාවකින් සමන්විත සංවිධානයක් ලෙස කොටි සංවිධානය මතුව පෙනිණි.

නැකත මනරම් යැයි සිතුණු නිසාදෝ 1975 දී සිදු කළ නගරාධිපති දොරේ අප්පාගේ ඝාතනයේ පටන් එද‌ා වන තුරු සිදු වූ ඝාතන ගණනාවක් ගැන කොටි සංවිධානය ප‍්‍රසිද්ධියේ වගකීම භාරගත්තේ 1978 දී ය. ලාභ කඩද‌ාසියක ඉන්දියාවේදී මුද්‍රණය කළ ලිපි ශීර්ෂයක කොළඹදී යතුරු ලියනය කරන ලද මේ නිවේදනය මගින් කොටි සංවිධානය සිය අතිශය ස්ථාවර අභංගුර මංගල නිවේදනය මුළු රටටම ප‍්‍රකාශ කර තිබිණි. “සියලුදෙනාගේම දැනගැනීම පිණිසයි.” ලෙස පණිවිඩය ආරම්භ වූ අතර එය අවසන් වී තිබුණේ මෙලෙසය. “මෙම මරණ සම්බන්ධයෙන් කිසිම සංවිධානයක් හෝ පුද්ගලයෙකු වගකීම භාර නොගත යුතුයි. එවැනි ක්‍රියාමාර්ග ගන්නන්ට එරෙහිව අතිශය බිහිසුණු පියවර ගැනීමට සිදු විය. පසු ගිය කාලයේ සිදු වූ හොරකම් ගැනද අපගේ සම්බන්ධයක් නැත.”

මෙම නිවේදනයේ පිටපත් පහක් දේශීය පුවත්පත් පහකට කොළඹ තැපැල්හලකින් යවා තිබිණි. එය පළකරන ලද්දේ ‘වීරකේසරී’ දෙමළ පුවත් පතේ පමණි.

එතෙක් කලක් කනින් කොණින් අසා කසු කුසුවක් ලෙසින් දැන සිටි දූෂමාන ආරංචිවලට නිල වශයෙන් වගකීමක් ලැබුණේ එද‌ායින් පසුවය. ඒ වනතුරු ‘කොටි’ පිළිබඳව මහජනතාව අදහාගෙන සිටියේ එය පවතින රජයේම අතේ රෝලක් ලෙස වුවත් මෙතැන් පටන් සිදුවන කටයුතු ගැන ජනතාව නිල වශයෙන් අයිතිකරුවකු ගැන දැන සිටියේය.

අමනාපයට පත් ආණ්ඩුව විශේෂ විධි විධාන භාවිතා කරමින් කොටි සංවිධානය තහනම් කළේය. තිස් අටදෙනෙකුගේ නම් රැගත් පෝස්ටරයක් මුද්‍රණය විය. යන්තම් වැඩුණු උඩු රැවුලක් සහිත ගැමි පෙනුමක් ඇති කොල්ලකුගේ රූපයක් යටින් මෙසේ සටහන්වී තිබිණි. වේලුපිල්ලේ ප‍්‍රභාකරන් නොහොත් තම්බි. 322 පේදුරුතුඩුව පාර, වැල්වැටිතුෙරෙයි.”

ඒ ආසන්නයේම දින දෙක තුනක් ඇතුළත අපරාධ රැල්ලක්ම සිදු විය. යාපනයේ සිට කොළඹට පැමිණි ගුවන් යානයක් කොළඹ දී පිපිරිණි. තවත් බැස්ටියන්පිල්ලේ කෙනෙකු වූ පොලිස් නිලධාරියෙකු ඔහුගේ බිරිඳ ඉදිරියේම වෙඩි කෑවේය. කොටි සංවිධානයට ආර්ථික ලාබයක් ලබාදෙමින් රුපියල් ලක්‍ෂ දොළහක මංකොල්ලයක් යාපනය රාජ්‍ය බැංකුවක සිදු විය. සියලු උත්සහයන් නිෂ්ඵල විණි. ‘ත‍්‍රස්තවාදීන් ගැන කිසිවෙකුගෙන් කිසිම තොරතුරක් නොලැබිණි.’

උසස් පොලිස් නිලධාරියෙකු වු ස්ටැන්ලි සේනානායක මෙසේ කියා තිබිණි: “මේ සාමාන්‍ය අපරාධකරුවන් නොවේ. ඔවුන් සාමාජ ජාලයන් සමඟ විධිමත් ක‍්‍රමවේදයන් හද‌ාගත් උගත්, කාර්යක්‍ෂම, නිදැල්ලේ සිටින අයයි. දැන් දැන් ඔවුන්ට මහජනතාවගේ බිය වැඩිවේ. ඒ නිසා තොරතුරු කොහෙත්ම ලැබෙන්නේ නැහැ.”

1979 වන තුරුත් සැනසිලිද‌ායක වාතාවරණයක් ආරක්‍ෂක හමුද‌ාවට නොලැබුණු නිසා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හමුද‌ා කණ්ඩායම් යාපනයට යවා සැකකටයුතු තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන පහර දී වධ හිංසාවලට පවා ලක් කෙරිණ. අවස්ථාවෙන් මග හැරීම සඳහා ඔවුන් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවට පලා ගියහ.

එළැඹෙන අදියරට නොබියව මුහුණදීමට කොටි සංවිධානයට ඊරොස් සංවිධානයෙන් කාලීන වරමක් ලැබිණි. සුදුසු සටන්කරුවන් සිවු දෙනෙකුට ලෙබනනයේ දී විස්තීර්ණ යුධ පුහුණුව ලබා දීමයි. එක් එක් සෙබළාට කොටි සංවිධානය මඟින් රුපියල් ලක්‍ෂයක් (ගුවන් ගමන් සඳහා) ගෙවන ලදී. ලන්ඩනයේ විසූ සිරියානු ජාතිකයන් විසින් වීසා පහසුකම් සලසන ලදී.

උමා මහේෂ්වරන් හැර අනෙකුත් තිදෙනා පුහුණුවට අඛණ්ඩව සහභාගී විය. උමා නොසතුටින් ආපසු පැමිණියේ ප‍්‍රශ්නයක්ද හද‌ාගෙනය. ප‍්‍රශ්නය නම් උමා, කාන්තාවක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට නැගුණු පැමිණිල්ලයි. සංවිධානය තුළ එවැනි සම්බන්ධකම් තහනම් කර තිබිණි. උමාට සංවිධානයෙන් ඉවත් වන ලෙස දැන්වුවත් ඔහු ඉවත් වූයේවත්, චෝදනාව පිළිගත්තේවත් නැත.

ප‍්‍රභාකරන් ගන්නා තීරණයක් නැවත සංශෝධන නොවන්නා නිසා මේ තීරණය හා ඊට පසුව ආ මතභේද ක‍්‍රමයෙන් ගොඩගැසී උමා හා ප‍්‍රභාකරන් අතර හටගත් මේ සංවිධානයේ විනය පිළබඳ කොන්දේසිය පසුව පුද්ගලික නෝකඩුවක් වන තරමට වර්ධනය විය.

විශේෂයෙන් ලන්ඩන් ශාඛාවෙන් නියෝජනයක් යාපනයට පැමිණ උත්සහා කලද යහපත් ප‍්‍රතිඵල නොවීය. එබැවින් ලන්ඩනයේ පදිංචි පුරවැසියෙකු වූ ඇන්ටන් බාලසිංහම් ලංකාවට එවීමට යෝජනා විය.

නැගෙනහිර දර්ශනවාදයේ මාක්ස්වාදී මතවාදයේ හා පුවත්පත් කාලාවේදීයකුද වූ මේ ඇන්ටන් ස්ටැනිස්ලෝස් බාලසිංහම්, දෙවන කසාදය වශයෙන් ඔස්ට්‍රෙිලියානු කාන්තාවක් සමග දිවිගෙවූ හිටපු බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාල නිලධාරියෙකි.

ඔහු ලියූ ‘සමාජවාදී ගමනක් වෙත’ නමැති දේශපාලන නිබන්ධනය ගැනද ප‍්‍රභාකරන් අසා තිබිණි. පසු කලෙක උමා මහේෂ්වරන් විසින් අනුමත කරන ලද මෙම නිබන්ධනයේ පිටපත්, යාපනය පුරා බෙද‌ාහැර තිබිණි. එපමණක් නොව තවත් භාෂා හයකට පරිවර්තනය කරන ලදුව කියුබාව ඇතුළු විවිධ රටවලද බෙද‌ාහැර තිබිණි.

බාලසිංහම් ලන්ඩනයේ සිට ඉන්දීයාවට පැමිණ සාමාන්‍ය හෝටලය නතර විය. ප‍්‍රභාකරන් ඔහු සමඟ කථා කළේ රාත්‍රී කාලයේදීය. ලංකාවට පැමිණීමට පෙර ඔහු ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ සගයින්ට මාක්ස්වාදයේ මූලික හරයන් ගැනත්, ඊළම් දේශය ගැනත් හා ප‍්‍රවේශම් විය යුතු ලිංගිකත්වය ගැනත් කරුණු කියා දුන්නේ ය. ඉන්දියාවේ සිටින කෙටි දින කිහිපය තුළ ප‍්‍රභාකරන් ඔහුට තම අතින්ම කෑම පිසූ අතර බටහිර හා දෙමළ චිත‍්‍රපටයක්ද නිවසේදීම නරඹන්නට සැලැස්වීය.

උතුරේ චණ්ඩි නායකයා වූ ප‍්‍රභාකරන් හඳුනා ගැනීමෙන් පසුව නැවතත් ඇන්ටන් බාලසිංහම් යුවල ලන්ඩනයට පිටත් වූ අතර යලිත් වරක් උමා – ප‍්‍රභා මත භේදය ඇවිලිණි. ප‍්‍රභාකරන් උමා මහේෂ්වරන්ට ඔහුගේ පෙම්වතිය වූ උර්මිලා කසාද බැඳීමට බල කලත් එයද ඉටු නොවිණි. උමාගේ මිතුරන් උර්මිලාටද, උමාටද සමාවන ලෙස ප‍්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටි විට ඔහු උර්මිලාගේ දෙපයට කෙල ගැසීය. ඔහුට පක්‍ෂයේ විනය කඩ කිරීම සම්බන්ධයෙන් පැවති ක්‍රෝධය එතරම් සැහැසි විය.

වෙලි වෙලී එන මතභේදයට නව දඟකැවීමක් කරමින් නවීනවන පක්‍ෂය ඉදිරියේ තමන්ට පසුබසින්ට සිදු වන බව ‘නිදහසට හේතුවක් පිණිස’ උමා ප‍්‍රකාශ කළේය. නමුත් ප‍්‍රභාකරන් එසේ නොවීය. (උමා වාර්තා කර ඇති ප‍්‍රකාශවල හැටියට ඔහු 1979 දී සංවිධානය අතහැර ගියේ ය) උමා එල්.ටී.ටී.ඊ පක්‍ෂය හැර ගියේ එල්.ටී.ටී.ඊ යේ අවි ආයුධද සමඟයැයි ඇතැම් මූලාශ‍්‍රවල සඳහන් වේ. එලෙස ගියා පමණක් නොව නියම සංවිධානයේ නායකයා තමන් බව ප‍්‍රකාශ කළ බවද සඳහන් වේ.

යළිත් වරක් කාසි ආනන්දන් වෙත ගිය ප‍්‍රභාකරන් – “මම දන්නේ නෑ, දැන් මොකක් වෙයිද කියලා. අපි අපි අතරම ගැටුම් ඇතිවෙයිද කියලත් හිතෙනවා.” – ඔහු තම වික්ෂිප්ත භාවය පළ කරමින් කීය.

“තමන් ගැන තියෙන විශ්වාසය විතරක් නැති කර ගන්න එපා.” කාසි ආනන්දන්ගේ සැනසිලිදායක අවවාදය එය විය.
තීරණ ආපසු හැරවීම දුෂ්කර වුවත්, මදුරාසියේදී උමා මහේෂ්වරන්ගේ ඇවතුම් පැවතුම් සෝදිසියෙන් සිට තමන්ට රහසින් වාර්තා කීරිමට ප‍්‍රභාකරන් තරුණ ඔත්තුකරුවකු යෙදෙව්වේ ය.

1980 දී ප‍්‍රභාකරන් යළිත් යාපනයට පැමිණියේය. පක්‍ෂය තුළ මතභේද තවමත් පැහෙමින් පැවතිණි. කවුරුත් ප‍්‍රභාකරන්ට මැසිවිලි හා කෙනෙහිලිකම්වලින් ඇනුම්පද හඟවන්නට පටන්ගත්හ. ඇතැමෙක් පක්‍ෂය විසුරවා හැර රහසිගත සංවිධානයක් ලෙස ගෙන යන්නටද යෝජනා කළහ.

සිටියා වූ ඇතැම් අය ‘ද්‍රෝහීන් ’ ලෙස නම් කළ ප‍්‍රභාකරන් වාමාංශික ව්‍යවස්ථාවක් සමඟ අලුත් මධ්‍යමකාරක සභාවක් පත් කළේය. නොසල්වී සිටි මිත‍්‍රයින් සිටියේ අතළොස්සකි. බොහෝ දෙ​ෙනක් පක්‍ෂපාත නොවූහ. ප‍්‍රභාකරන් පක්‍ෂය තුළ තීරණ අතික‍්‍රමණය කළ හැකි බලයක් තමන් වෙත දෙන ලෙස ඉල්ලුවත් එයද ප‍්‍රතික්ෂේප විය.

“මම පක්‍ෂය වෙනුවෙන් හූඟාක් දේ කළා. ඒත් කවුරුවත් ඒවා සලකන්නේ නැහැ.” ප‍්‍රභාකරන් ප‍්‍රසිද්ධියේම විවේචනය කළේය. ඇතැම්හු ඔහුව කෙලින්ම විවේචනය කළ අතර, ප‍්‍රභාකරන් කදුළු පිරි දෑසින් සියල්ල ඉවසා ගත්තේය. ඉතා ඉක්මනින් තමන් කල්ලියෙන් ඉවත් වන බවද කීවේය. එම තීරණය කම්පනයෙන්ද, නිශ්බ්ධතාවයෙන්ද, පිරුණු ඝනාන්ධකාරයක් විය.

ඉතාම ලඟින්ම සිටි මිතුරන් පවා ඔහුගේ හැරයාම වලක්වන්නට උත්සාහා කළද ප‍්‍රභාකරන්ගේ තීරණ අයෝමය විය. තමන් බැරූරුම් ලෙස හෑල්ලූ වී නිග‍්‍රහයට පත්වී ඇතැයි ඔහුට සිතී තිබිණි.

එක් චණ්ඩියෙකු ඔහුගේ කම්පාව වෙනුවෙන් පිස්තෝලයක් තෑගී දෙන්නට ඉදිරිපත් වූ අතර ප‍්‍රභාකරන් එය ආඩම්බරයෙන් බාරගත්තේය. මෙසේ චිත්ත පීඩාවෙන්ද, කල කිරුණු සිතින්ද හා විඩාපත් හදවතින්ද යුතුව ආපසු හැරුණු ප‍්‍රභාකරන්, තම මාමාගේ ගෙදරට ඇවිද ගොස් නව ජීවිතයක් අලුතින්ම ආරම්භ කළේය.

රගපාන්න සල්ලි නැති නිසා බිරිදගේ කරාබු දෙකත් උකස් කළා මාසෙකට ලැබෙන මුදල මෙච්චරයි කියල මමවත් දන්නේ නැහැ 

රගපාන්න සල්ලි නැති නිසා බිරිදගේ කරාබු දෙකත් උකස් කළා මාසෙකට ලැබෙන මුදල මෙච්චරයි කියල මමවත් දන්නේ නැහැ

මේ දිනවල තිරගතවන “ධර්ම යුද්ධය“ චිත්‍රපටය ඔස්සේ ඔබ හමුවට එන ඔහු “හාරකෝටිය” “ පැහැසරා” සහ “ලව් ටූ බෝයි” යන ටෙලි නාට්‍ය ඔස්සේ පුංචි තිරයට එක්වෙයි. ඊට අමතරව “කෝ කුක්කෝ” වේදිකා නාට්‍යයෙන් සහ තමන් විසින්ම නිර්මාණය කරමින් රංගනයට දායක වූ “හොරු හොඳයි” වේදිකා නාට්‍යයෙන්ද ඔහු අපට හමුවෙයි.

දශක හතරකට ආසන්න කාලයක් පුරා ප්‍රහසන රංගනයේ පටන් ගැඹුරු චරිතාංග රංගනය දක්වාම සිය කුසලතා පළකළ ඔහු ආනන්ද අතුකෝරාල නම් දක්ෂ රංගන ශිල්පියාය.

ඔබේ රංගන දිවියේ ආරම්භය සිහිපත් කරමින්ම මේ කතාබහ අරඹමු

මගේ ගම් පළාත හොරණ. මුලින්ම නාත්තන්ඩිය දම්මිස්සර විදුහලින් අධ්‍යාපනය ලබලා ඉන් පස්සේ මාදම්පේ මධ්‍ය මහා විදුහලින් වැඩිදුර අධ්‍යාපනය ලැබුවා. පාසල් වේදිකාවෙන් තමයි රංගනයට අත්‍පොත් තැබුවේ. ඒ වගේම ගමේ විවිධ ප්‍රසංගවල රඟපෑවා. ගීත ගායනා කළා. පාසල් අධ්‍යාපනය ඉවර වුණාට පස්සෙත් රංගනයට ඇති ඇල්ම ඒ ආකාරයටම පැවතුණා. ඔය කා‍ලේ පුවත්පත්වල නවක නළු නිළියන් ඉල්ලලා දාන දැන්වීම්වලට ඉල්ලුම් කළා.

සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතා විසින් ඔහුගේ නවතම නිර්මාණයට නළු නිළියන් අවශ්‍ය බව දන්වලා පුවත්පතක පළකර තිබූ දැන්වීමක් අනුව ඉල්ලුම් කරලා ඒ මහතාගේ “සොක්කානෝ රජානෝ” නාට්‍යයේ සුළු චරිතයකට එක්වන්න අවස්ථාව හිමිවීම තමයි මේ ක්ෂේත්‍රයේ දොරටු විවර වූ අවස්ථාව වුණේ. ඒ අසූව දශකයේ මුල් භාගයේදී. ඉන් පසුව දිගටම එම නාට්‍යයේ රැඳී සිටියා. පසු කාලෙක එහි ප්‍රධාන නළුවා ඉවත්වීමෙන් පසුව ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. ඔය අතර දිගින් දිගටම වේදිකා නාට්‍ය සඳහා අවස්ථා ලැබුණා.

වේදිකාවෙන් පුංචි තිරයටත් රිදී තිරයටත් එකතු වූ ආකාරයත් කතා කරමු?

ටෙලි නාට්‍යවලට එකතු වූයේත් අසූව දශකයේදීම තමයි. ඒ ධම්ම ජාගොඩ මහතාගේ මිහිකතගේ දරුවෝ” ටෙලි නාට්‍යයෙන් ඉන්පසු දිගටම වේදිකා සහ ටෙලි නාට්‍යවල රැඳී සිටියා. “ජැක් ඇන්ඩ් ජිල්” සිනමා පටයෙන් තමයි සිනමාවට එකතු වුණේ.

දශක හතරකට ආසන්න කාලයක් කලාවේ රැඳී සිටි ඔබ රංගනයේදී තෝරාගැනීම් සිදු කරනවාද ? නැතිනම් ලැබෙන ඕනෑම චරිතයක් රඟපාන නළුවෙක්ද?

සිනමාව සහ වේදිකාව තුළ තෝරාගැනීම් කරනවා. ඒත් ටෙලිනාට්‍යය තුළ නම් තෝරාගැනීම් කරන්නේ නැහැ.

ඊට හේතුව ?

කලා නිර්මාණ කෙරෙන්නේ වේදිකාවේ සහ සිනමාවේදී. ඒත් ටෙලි නාට්‍යය ඊට වෙනස් එහි මුල්තැන වාණිජ පරමාර්ථ මත සිදුවන්නේ. ඒක රූපවාහිනී මාධ්‍යයේ ස්වාභාවය. මම වෙනත් රැකියාවක් කරන්නේ නැහැ. ජීවත් වෙන්නේ කලාවෙන් නම් අපේ පැවැත්ම ගැන හිතන්න වෙනවා. ඒ හින්දා ඕනෑම ටෙලි නාට්‍යයක්, ඒ වගේම මොකක් හෝ රූපවාහිනී වැඩසටහනක්, රියැලිටි වැඩසටහනක් වුණත් භාරගන්නවා. ඒ ආර්ථිකය ගැන හිතලා. ඒත් වේදිකාව සහ සිනමාව තුළ නම් නිර්මාණයකට දායක වන්නේ මුදලට වඩා කලාව ගැන හිතලා. එහිදී නම් තෝරාගැනීම් කරනවා.

කලාවෙන්ම ජීවන පැවැත්ම සකසා ගනිද්දී ගැටලු මතුවන්නේ නැද්ද ?

ඇයි නැත්තේ, මාසෙකට ලැබෙන මුදල මෙච්චරයි කියල මමවත් දන්නේ නැහැ. මගේ බිරිඳ නිශානි නෙල්කා අතුකෝරාලගෙන් ලැබෙන සහය හින්දම තමයි මම මේ විදියට මගෙ පැවැත්ම සකසාගෙන ඉන්නේ. ඇය මුල් කාලයේ කරාබු දෙක උගස් තියලා පවා මගේ නාට්‍ය කරන්න මුදල් දීල තියෙනවා. ලැබෙන මුදල අනුව ජීවන පැවැත්ම සකසාගන්න හින්ද ගැටලුවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවනි.

ආනන්දගේ එකම දියණිය රංගනය තුළින් ඉදිරියට යවන්න කැමති නැද්ද ?

මගේ දුව ඉෂාරා අතුකෝරාලට වයස 22 යි. දුව උසස්පෙළ අවසන් කරලා ඉන්නේ. ඇය “ආත්මා” ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඒත් දුවව පූර්ණ කාලීනව රංගනයට එවන්න නම් කැමති නෑ. එයා ගෑනු ළමයෙක්නේ.

ඇයි ගෑනු ළමයෙකුට මේ ක්‍ෂේ්ත්‍රය සුදුසු නැද්ද ?

කලා ක්‍ෂේත්‍රය ඉතා උත්තරීතර ක්‍ෂේ්ත්‍රයක්. ඒත් ඒ ක්‍ෂේ්ත්‍රයේ විවිධාකාර අය ඉන්නවා. ඒ අතර ඉන්න සමහරු හින්දා තමයි ක්‍ෂේත්‍රයේ නම කැතවෙන්නේ. ඒ හින්දා ගෑනු ළමයෙක් මේ ක්‍ෂේත්‍රයට එවද්දී ටිකක් හිතන්න වෙනවා.

ආනන්ද දශක හතරකට ආසන්න කාලයක් ක්‍ෂේත්‍රයේ රැඳිල ඉඳලත් ආර්ථික අර්බුදවලට මුහුණ දෙනවා. ඒත් අද ගීත රූප රචනාවක් දෙකක් රඟපාලත් ලක්ෂ ගණන් හම්බකරන අය ඉන්නවා ?

කෙටි කලකින් ජනප්‍රිය වන අය, ඉතා හදිසි ගමන් යන අය, ඒ වගේම ඇතිවෙලා නැතිවෙලා යන අය අරගෙන බැලුවොත් ඒ අතරින් බහුතරයක් ටීවී එක මුල් කරගෙන ආව අය. ඒ අය එක්කෝ ටෙලි නාට්‍යයකින් එහෙම නැතිනම් කවර හෝ ටීවී වැඩ සටහනකින් තමයි ඇවිත් ඉන්නේ. ඒත් සිනමාව හෝ වේදිකාව ඊට වෙනස්. වේදිකාව කියන්නේ හොඳ රංගන පාසලක්.

අපේ රටේ කලාව හදාරන්න තැනක් නැහැ. වේදිකාව ඊට හොඳ තෝතැන්නක්. කලා ක්‍ෂේත්‍රයේ රැඳී හිදින කලාකරුවන් අතරින් සියයට අනූවක්ම වේදිකාවෙන් පැමිණි අය. ඒ අය අතර එක රැයින් ජනප්‍රිය වූ චරිත නැති තරම්. ඔබ කී ආකාරයේ අය බහුතරයක්ම ඇතිවී නැතිවී යන අය. මම එතැන නැහැ. ඒත් මම තවමත් කේෂ්ත්‍රය තුළ රැඳී සිටින එක ගැන මට සතුටුයි .

එක රැයින් ජනප්‍රිය වන අයට පවතින්න බැරිද?

පැවැත්මට අවශ්‍ය ප්‍රධාන සුදුසුකමක් තමයි කැපවීම. සාමූහික බව.. වේදිකාවෙන් පියවරින් පියවර එද්දී ඒ පුහුණුව අපට ලැබුණා. ලැබෙන මුදල සහ පරිබාහිර දේට වඩා අප හිතන්නේ නිර්මාණය ගැන. ඒත් එක රැයින් අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණම එහෙම නැහැ. ඒ අයට අවශ්‍ය වෙන්නේ ඒ ලැබූ ජනප්‍රියත්වය පවත්තවා ගන්න. එහෙම වුණාම සමහර වෙලාවට තමන්ගේ ජනප්‍රියත්වය කළමනාකරණය කරගන්නත් අමාරු වෙනවා. පැවැත්ම නැතිවී යන්නට ඒ හේතු බලපානවා.
ආරියවංශ කුලතිලක

අටමගල කියන වචනෙ කියන වචනේ තේරුම දන්නවනම් ඔබ කවදාවත් එම වචනය කියන එකක් නෑ 

අටමගල කියන වචනෙ කියන වචනේ තේරුම දන්නවනම් ඔබ කවදාවත් එම වචනය කියන එකක් නෑ

අටමගල කියන වචනෙ ඇහුණ ගමන් ඔළුවට එන්නෙ කොහොම අදහසක්ද? ගොඩක් වෙලාවට, නිතරම කැඩෙන කසිකබල් යන්ත්‍රයක්. වැඩකට නැති, නැතුවත් බැරි දෙයක් හෝ බොහෝ වෙලාවට මොකක් හරි වරදක් තියෙන දෙයක්.

ඒත් පුරාණයේ අටමඟල කිව්වෙ මීට වඩා වෙනස් දේකට. ඇත්තටම අටමඟල කියන වචනෙ තේරුම “අෂ්ඨ මංගල වස්තු” කියන එකයි. එහෙම බැළුවම වර්තමාන ව්‍යවහාරයේ එන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් අර්ථකථනයක් නෙ. අපි අතින් ලොකු වැරදීමක් වෙලා වගේ නේද? මංගල කටයුතු, එහෙමත් නැත්නම් සුභ කටයුතු වලදී මෙම අටමඟල අතීතයේදී යොදාගැණු

නා වගේම අදටත් භාවිතා වෙනවා. මේ අෂ්ඨ මංගල වස්තු වලට අයත් වෙන්නෙ

* ස්වස්ථික
* පුන් කලස්
* චාමර
* ප්‍රදීප
* ඡත්‍ර
* දර්පණ
* ශංඛ සහ
* ශ්‍රී වත්ස යන සලකුණුයි

සෙත් ශාන්ති ලඟා කරගැනීම ආදී විශ්වාසයන් හේතුවෙන් අටමඟල යන්ත්‍ර පැලඳීමක් ගැන හින්දු වේදයේ සටහන් වෙනවා. මීට අමතරව ශාන්තිකර්ම, පෙරහැර, විවාහ, නිවෙස් ඉදිකිරීම්, නේත්‍රා මංගල්‍ය ආදී අවස්ථාවන් වලට තමයි සිංහල බෞද්ධයා වැඩිපුරම මෙම සංකේත යොදාගන්නෙ. ඒ වගේම විවිධ අවස්ථාවන් වල අෂ්ඨ මංගල වස්තු හැටියට ගැනෙන සංකේත වෙනස් වන අවස්ථාත් දැකගන්න පුළුවන්. උත්සව අවස්ථාවල සැරසිල්ලක් ලෙසත් යොදාගැනෙන අෂ්ඨ මංගල සලකුණු අප අතර පවතින වැදගත් සංස්කෘතිකාංගයක් ලෙස හැඳින්විය හැකියි.

අටමඟල සලකුණු ගල් පුවරුවක කොටා ඇති අයුරු – තන්තිරිමලේ කෞතුකාගරය

මේ අතරම මේ සටහනට එකතු කලයුතු තවත් දෙයක් තියෙනවා. ඒ තමයි අප අද වෙනකොට මේ අෂ්ඨ මංගල වස්තු හැඳින්වෙන “අටමඟල” කියන වචනය අපහාස, උපහාස අවස්ථාවන්ට යොදාගැනීම. මෙහෙම යෙදුම් ව්‍යවහාරයට එකතු වුණේ කොයි කාලෙද? කව්ද පටන් ගත්තෙ? කොහොමද? කොහෙදිද? ….. ප්‍රශ්න ගොඩයි. හරියට බැළුවොත් දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ අෂ්ඨ මංගල වස්තු වලට අපිම ගරහනව නේද?

අපේ දේවල් වලට, අපේ සංස්කෘතියට අපිම ගරහන පළමු හා එකම අවස්ථාව මේක නෙවෙයි. ව්‍යවහාරයෙන් තව ඕනෑ තරම් නිදර්ශන ගෙනහැර දක්වන්න පුළුවන්. අපි ඇයි මේ විදිහට අපේම දේ වලට ගරහන්න පුරුදු වෙන්නෙ? බොහෝ වෙලාවට මේ වචන වල ඇත්ත තේරුම නොදන්නා කම නිසා කොහෙන් හරි ඇහුණම ඒක කියන්න පුරුදු වෙනවා.

මේ තත්වය මඟහරවා ගන්න හොඳම ක්‍රමය අපේ සංස්කෘතිකාංග ගැන මනා අවබෝධයක් ලබාගැනීම නේද? මේ ගැන සලකා බැලීම ඇත්තෙන්ම වටිනවා. සිංහලයගෙ සංස්කෘතිය ගැන සිංහලයා මිසක් වෙන කවුරු දැනගන්නද? අපි හැමවිටම අපේ දේ ගැන ඉගෙනගමු. අපේ සංස්කෘතිකාංග වලට ගරහන අවස්ථා හොයා ඒවා නිවැරදි කරන්න අපේ දායකත්වය උපරිමයෙන් ලබා දෙමු.

වේල්සයේ රෝස කුසුම දිවි ගමනින් සමුගෙන අදට වසර විස්සයි මෙන්න ඩයනා කුමරියගේ සංවේදී කතාව 

වේල්සයේ රෝස කුසුම දිවි ගමනින් සමුගෙන අදට වසර විස්සයි මෙන්න ඩයනා කුමරියගේ සංවේදී කතාව

වේල්සයේ රෝස කුසුම යන විරුධාවලිය ලබමින්, මහා බ්‍රිතාන්‍යය රජ පවුලේ වඩාත් කතාබහට ලක්වූ වේල්සයේ කුමරිය බවට පත් ඩයනා ස්පෙන්සර් සිය දිවි ගමනින් සමුගෙන අදට (31දා) විසි වසරක් සපිරෙයි.වේල්සයේ රෝස කුසුම යන විරුධාවලිය ලබමින්, මහා බ්‍රිතාන්‍යය රජ පවුලේ වඩාත් කතාබහට ලක්වූ වේල්සයේ කුමරිය බවට පත් ඩයනා ස්පෙන්සර් සිය දිවි ගමනින් සමුගෙන අදට (31දා) විසි වසරක් සපිරෙයි. වර්ෂ 1961 ජූලි 01 වැනිදා ඩයනා ෆ්‍රාන්සෙස් ස්පෙන්සර් නමින් උපත ලැබූ මේ සුන්දර දූ කුමරිය, වර්ෂ 1981 පෙබරවාරි 24 වැනිදා බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුන් සමග විවාහ ගිවිස ගැනීම සිදුවිය.

එම ජූලි 29 වැනිදා පැවති ඔවුන්ගේ විවාහ මංගල්‍යය එදාමෙදා තුර ලෝක ඉතිහාසයේ වැඩිම පිරිසකගේ අවධානය දිනාගත් සහ මිලියන 750ක රූපවාහිනී ප්‍රේක්ෂකයන් ග්‍රහණය කරගත් විවාහ මංගල්‍යයක් බවට පත්විය. විලියම් සහ හැරී යන පුත් කුමරුන් දෙදෙනෙකුගේ දයාබර බවක් මෙන්ම, රාජකීයත්වය සාමාන්‍ය ජන හදවත් සමග බද්ධ කළ වේල්සයේ කුමරිය ලෙස ඇය රාජ කුමරියකට වඩා සමාජ සේවිකාවක ලෙස ජනාදරයට පත්වන්නට විය.Related image

කෙසේ වෙතත්, ඩයනා සමග විවාහ වනවිටත් චාර්ල්ස් කුමරු, කැමිලා පාකර් සමග පැවති සබඳතාව ඔවුන්ගේ විවාහය වෙත කණකොකා හැඬවීමට වැඩි කාලයක් ගත වූයේ නැත. වර්ෂ 1992 දෙසැම්බර් මාසයේදී ඔවුන් දෙදෙනාගේ වෙන්වීම ප්‍රසිද්ධියට පත්වූ අතර, 1996 අගෝස්තු මාසයේදී දික්කසාදය තීන්දු විය.

රජ පවුලෙන් වෙන් වුණත්, තම සමාජ සේවා කටයුතු නොපිරිහෙලා ඉටුකළ ඩයනා, රාජකීයයන් ඉක්මවා යන කීර්ති රාවයක් පැතිරූ යුගයේ කාන්තාවක බවට පත්විය. නමුත්, ඒ සොඳුරු හදවත නිහඬ කළ මරණය ඇය සොයා ආවේ කිසිවෙකුත් නොසිතූ මොහොතකය. ඒ හරියටම අද වැනි දිනකය. වර්ෂ 1997 අගෝස්තු 31 වැනිදාය. එවකට ඇගේ හදවත දිනූ ඩොඩී අල්ෆයර්ඩ් සමග නිවාඩුවක් ගත කිරීමට පැරීසියට ගොස් සිටි ඩයනා හදිසි අනතුරකට මුහුණ දුන්නාය.

එම අනතුරින් ඩයනා, ඩොඩී සහ රියදුරු හෙන්රි පෝල් ඒ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූහ. මෙම මරණයේ චෝදනාව ඩයනා පසුපස ලුහුබැඳි පැපරාසීන් වෙත පැවරුණද, එහි බොහෝ සැඟවුණු කතා ඇති බව මේ දශක දෙකකට ආසන්න කාලය තුළ වරින් වර මතුවන විවිධ සිදුවීම් ඔස්සේ ඉස්මතු වූ බව නොරහසකි. අද, අගෝස්තු 31 වැනිදා ඩයනා සිය දිවි ගමනින් සමුගෙන විසි වසරක් සපිරෙන මොහොතේ ඇයගේ පුතුන් දෙදෙනා සහ ලේලිය මුලින්ම ඩයනා වෙනුවෙන් සිය ගෞරවය දැක්වීමට පැමිණ සිටියහ.Related image

ඩයනා එකල විසූ ලන්ඩනයේ, කෙන්සින්ග්ටන් මාලිගය ඉදිරිපිට ඩයනාට පෙම්බැඳි දහසකුත් ජනයා තබාගිය මල් කලඹ, ඉටි පන්දම් මෙන්ම, විවිධ වැකි සඳහන් වූ පෝස්ටර්, කාඩ්පත් මේ පුතුන් දෙදෙනාගේ සිත් පැහැරගත් බව විදෙස් වාර්තාවල දැකගත හැකිවිය. මේ ඩයනා වෙනුවෙන් වූ එවැනි වැකි කිහිපයකි, “ඇය සාමාන්‍ය ජනතාව ගැන සිතුවා.

ඇය සුවිශේෂීයි. ඇගේ පුතුන් දෙදෙනා ඇගේ කාර්යය දිගටම සිදුකරනවා. ඔවුන් ඇය වගේමයි…” “ඩයනා… අපේ නිර්භීත කුමරිය. ඔබේ පුතුන්ට ඔබේ ශක්තිය ලැබී තිබෙනවා…” “ඔබ වැනි කුමාරියක් ලැබීමට අපේ රට මොනතරම් වාසනාවන්ත වුණාද…?” කෙසේ වෙතත්, අදින් හරියටම වසර 20කට පෙර තම මව මියගිය මොහොතේ මේ ආකාරයෙන්ම කෙන්සින්ග්ටන් මාලිගය ඉදිරිපිට ඩයනා වෙනුවෙන් තබාගිය දහසකුත් මල් කලඹ හා විවිධ වැකි සඳහන් වූ පෝස්ටර් හා කාඩ්පත් දෙස නව යොවුන් වියේ පසු වූ විලියම් සහ පුංචි හැරී කුමරු බලන විට චාර්ල්ස් කුමරුන්ද ඔවුන්ගේ තනියට සිටියද, මෙවර ඩයනා වෙනුවෙන් කුමාරවරු දෙදෙනා සමග සිටියේ ඇයගේ ලේලිය, හෙවත් ඩයනා නම ඉදිරියට ගෙනයෑමට සිටි කේට් කුමරියයි.

ඉන් අනතුරුව කුමාරවරු කෙන්සින්ග්ටන් මාලිගයේ සන්කන් උද්‍යානය නැරඹීමට ගිය අතර, එය මෙම වසරේ සිට ඩයනා කුමරියට උපහාර ලෙස ධවල උද්‍යානය ලෙස නම් කෙරිණි.

අනුරාධපුර නටඹුන් දාගැබකින් සිතූ පැතූ සම්පත් ලබාදෙන බුද්ධ මන්ත්‍රයක් හමුවෙයි මෙන්න එම මන්ත්‍රය 

අනුරාධපුර නටඹුන් දාගැබකින් සිතූ පැතූ සම්පත් ලබාදෙන බුද්ධ මන්ත්‍රයක් හමුවෙයි මෙන්න එම මන්ත්‍රය

සජ්ජායනා කිරීමෙන් ලව්කික සම්පත් ලබා දෙන බව පැවසෙන බුද්ධ මන්ත්‍ර පිළිබඳව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත් මේවා සියල්ලම පහේ මෑත කාලීන ජන සම්මතයන් වන අතර මේවායේ කිසිඳු ඓතිහාසිකත්වයක් තහවුරු කර ගැනීමට නොහැකි වී තිබේ.

දුටුගැමුණු රජ තුමන් විසින් භාවිතා කරන ලැදැයි පැවසෙන මහා නුභාව ගාථා රත්නයන්හි අතීතය පවා මීට වසර දෙතුන් සියක් නොයික්මවන බව ශාස්ත්‍රීය වශයෙන් සනාථවී තිබේ. එයින් එමගින් අතිතයේ බුද්ධ මන්ත්‍ර නොතිබූ බවක් නොහැගේ.

මේ අතර දැනට පුරා විද්‍යා ගවේෂණ සහ කැණීම් සිදුකරන අනුරාධපුර විජයාරාම පුරාවිද්‍යා පරිශ්‍රයේ තිබී මහානුභාව සම්පන්න යැයි සැළකෙන මහායාන බුද්ධ මන්ත්‍රයක් හෙවත් ‛ධාරණියක්’ සහිත තඹ පතක් හමු වී ඇත. සිංහල බසින් ලියැවුණු මෙම ධාරණියේ අක්ෂරවලට අනුවඑය ක්‍රි.ව. 600ගණන්වලට අයත් යැයි එම පුරා විද්‍යා කැණීම් භාරව කටයුතු කරනමධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරා විද්‍යා අධ්‍යක්ෂ (අනුරාධපුර) සේවාසම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා පවසා සිටියි.

මෙම බුද්ධ මන්ත්‍රයේ පුරාවිද්‍යාත්මක අගය තහවරු වනුයේ එම මතය පළ කල පුරාවිද්‍යාඥයා සතු ශාස්ත්‍රීය ප්‍රතාපයද පදනම් කර ගනිමිනි.

සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී කුලතුංග මෙරට ඉතිහාස හා පුරාවිද්‍යා කේෂ්ත්‍ර වෙනුවෙන් විපුල මෙහෙයක් ඉටුකළ මහා පඬිවරයෙකි. ඒ උදෙසා මහාචාර්ය ටී.ජී.කුලතුංගයන්ට 2017සැප්.07දින බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී ඞී.ලිට් ( සාහිත්‍ය ශූරී) සම්මාන උපාධිය ද පිරිනැමේ.

ඔහු විසින් මේ වන විට ප‍්‍රකාශයට පත් කර ඇති සියයකටත් අධික ග‍්‍රන්ථ හා පර්යේෂණ ලිපිවලින් ඔහු විශිෂ්ට පුරාවිද්‍යාඥයයෙකු හා ඉතිහාසඥයෙකු බව මනාව සනාථ කර ඇත. පුරාණ අභයගිරි විහාරය නම් වූ ඔහුගේ කෘතියට 2015වසරේදී විශිෂ්ටතම පර්යේෂණ ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථයට හිමි වන රාජ්‍ය සම්මානය ද හිමි වීය. ඔහු විසින් රචිත ශී‍්‍ර ලංකාවේ කාසි හා මුදල් ව්‍යවහාරය නම් වූ පර්යේෂණ ග‍්‍රන්ථය 1924එච්.ඩබ්.කොඞ්රින්ටන් ලියූ සිලෝන් කොයින්ස් ඇන්ඞ් කරන්සි ග‍්‍රන්ථයෙන් පසු එම විෂයට අදාලව රචිත එකම ප‍්‍රමාණික ග‍්‍රන්ථය වේ.

ඔහුගේ වෙනත් ග‍්‍රන්ථ අතර මධ්‍යකාලීන ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක සංවිධාන, මහමෙව්නාවේ මහාවිහාරය, අභිලේඛන ශාපපාඨ අභයගිරි ලිපි ඇතූ ග‍්‍රන්ථ රාශියකි. ඔහු විසින් ලංකාවේ පුරාවිද්‍යාවට කරන ලද සේවය අගයමින් 2013දී සංස්කෘතික හා ජාතික උරුම අමාත්‍යාංශයෙන් උරුම ප‍්‍රසාද ස්වර්ණ සම්මානය පිරිනැමීය.

මෙම ධාරණී හෙවත් බුද්ධ මන්ත්‍රය හුදෙක් ජන සම්මතයට පමණක් සීමා නොවන්නක් බව අප හට ඒත්තු ගැන්වෙනුයේ මහාචාර්ය කුලතුංගයන් වැනි පර්යේෂකයෙකු විසින් එහි පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික අගය තහවුරු කොට ඇති බැවිනි.

‛ධාරණී’ යනු මහායානයට අයත් බුද්ධ මන්ත්‍ර විශේෂයක් ලෙස සැළකේ. මෙයඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ Great Compassionate Mantra නමිනි. එහිසිංහල අරුත ‛මහා කරුණා මන්ත්‍ර’ යනුවෙන් හැඳින්විය හැක. මෙම මන්ත්‍රවලටවැඳුම් පිදුම් කිරීමත් ඒවා සජ්ජායනය කිරීමත් මෙලොවදීම මහානුභාව සම්පන්නප්‍රතිඵල ලැබීමට හේතු වන බව පැවසේ. මෙම ධාරණිය සහිත තඹ පත නූතන සමාජය පළඳිනසුරවල තැන්පත් කරන ආනුභාව සම්පන්න යන්ත්‍රයකට තරමක් සමානය.
‛ධාරණීයන්නෙහි’ වාචික අර්ථය පමණක් සළකා බැලූ විට අරුත වන්නේ ‛යමක් දරාගෙනසිටිනවා’ යන්නය.

කෙසේ නමුත් ධාරණී යනු සංස්කෘත බසෙන් රචිත එක්තරා ආකාරයකගුප්ත මන්ත්‍ර විශේෂයකි. මෙය මතුරන්නාගේ හදවතේ බුද්ධ දේශනාවන් තැන්පත්කරවන්නට තරම් බලයක් ඇතැයි පැවසේ. මනා සිහිය, බලය සහ ප්‍රඥාව ළඟා කරගැනීමේඅරමුණින් මේවා මතුරනු ලබයි. එමෙන්ම මේවා මැතිරීමෙන් දීර්ඝායුෂ, ජයග්‍රහණය, සර්පයන් වැනි විෂඝෝර සතුන්ගෙන් ආරක්ෂාව සහ රෝගාදී කරදර ද දුරුවන බැව්විශ්වාස කෙරේ.

දැනට ථේරවාදී බුදුදහම අදහන ශ්‍රී ලංකාවේ මෙම ධාරණීවලට තැනක්ලැබී නැතත් එහෙත් අතීතයේ අප රටේ පැවති මෙම බුද්ධ මන්ත්‍ර චීනය ඇතුළු මහායානබුදුදහම අදහන බොහෝ රටවල අතිශය ජනප්‍රිය වී තිබේ. ඔවුන් පවසනුයේ මෙම බුද්ධමන්ත්‍ර සජ්ජායනය කිරීමෙන් තම ජීවිතවල සියලු දුක් කරදර වැනසී සතුට, සාමය සහසෞභාග්‍යය තමන් වෙත උදාවන බවය.

ධාරණී පහක් ඇතුළත් ‛පංචාරක්ෂා’ යන්න නේපාලයේ ඉතා ජනප්‍රිය පැරණි කෘතියකි. මෙහි පහත සඳහන් ආරක්ෂණ මන්ත්‍ර පහ ඇතුළත් වේ.

මහා ප්‍රාතිසාර – පවින්, රෝගාදියෙන් සහ නපුරෙන් ආරක්ෂා වීම

මහා සහස්‍රප්‍රමාදිනි – නපුරු ආත්මයන්ගෙන් ආරක්ෂා වීම

මහා මයුරි හෝ විද්‍යාරජ්නි – සර්ප විෂෙන් ආරක්ෂා වීම

මහා සිතාවති – ග්‍රහ අපල, දරුණු සතුන් සහ විෂ සහිත කෘමී සතුන්ගෙන් ආරක්ෂා වීම

මහා රක්ෂා මන්ත්‍රානුසාරණී – රෝගාදියෙන් ආරක්ෂා වීම

මෙම පුරාණ ධාරණී මන්ත්‍රය සහිත තඹ පත හමු වූ විජයාරාම පුරා විද්‍යා නටබුන්සංකීර්ණය යනු ක්‍රි.ව. 7වැනි සියවසට පමණ අයත් පබ්බත විහාරයක් ලෙස සැළකේ.මෙහි පොහොය ගෙය, පිළිම ගෙය, බෝධි ඝරය, ස්තූපය, ජන්තාඝරය සහ දානශාලාවක්ඇතුළත් පුරාණ සමාරක 43ක් හමු වී තිබේ. ඒවා අතර ‛ශංඛ පද්ම බහිරව රූප ද’ දතිබේ. අක්කර 23 ක විශාලත්වයකින් යුත් මෙම පබ්බත විහාරය වටා තිබූ දිය අගලකනටබුන් ද සොයාගැනීමට ද මහාචාර්ය ටී.ජී. කුලතුංග ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායමටහැකිවී තිබේ.

මෙම ගවේෂණයට නායකත්වය දුන් මහාචාර්ය කුලතුංග 1986සිට මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ අභයගිරි ව්‍යාපෘතියට සම්බන්ධව කටයුතු කරන අතර දැනට අභයගිරිය – මහාවිහාරය- අනුරාධපුර විජයාරාමය ආදියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක වේ. අභයගිරි ස්තූපය සංරක්ෂණය කිරීම ආරම්භයේ සිට අවසානය දක්වාම එහි පුරාවිදා අධ්‍යක්ෂක වූයේ ඔහුය.

ශී‍්‍ර ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ අධි සාමාජිකයෙකු වන ඔහු සභාපති ලේකම් ආදී තනතුරු රැසක් හෙබවීය. දීර්ඝ කාලයක් පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජිකයෙකු වීය. ජාතික පුරාවිද්‍යා ප‍්‍රතිපත්තිය සැකසීමේ කමිටුවේ සාමාජිකයෙකු වීය.ශී‍්‍ර ලංකා කලා මණ්ඩලයේ පර්යේෂණ හා ප‍්‍රකාශන කමිටුවේ වරෙක සභාපති වීය.පුරාවිද්‍යා පශ්චාත් උපාධ් ආයතනයේ කලමනාකරන මණ්ඩලය අධ්‍යයන මණ්ඩලය ආදියේ සාමාජිකයෙකි.

ඔහුගේ ගවේෂණයට ලක් වූ අනුරාධපුර විජයාරාමය 1884දී පමණ එවකට නුවරකලාවියේඒජන්ත වූ අයිවර්ස් මහතා හා එස්.එම්.බරෝස් මහතා විසින් සොයා ගැනීමෙන් පසු 1891දී ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් මහතාවිසින් මූලික ගවේෂණයක් අරඹන ලදී. එහි ස්තූපය ඒ වන විටත් නිදන් හොරුන්විසින් සාරා තිබු බවත් එය සෑරූ පස් අතර තිබී මහායාන සූත්‍ර පාඨ සඳහන් තඔපත්ඉරු හමු වූ බවත් එතුමන් වාර්තා කර ඇත.

එහෙත් එම පත්ඉරු මේ වන තුරු සොයාගත නොහැකිව තිබේ. එහෙත් විජයාරාම ස්තූපය හා අනිකුත් නටබුන් සංරක්ෂණය සඳහාදැනට කෙරෙන කැනීම්වලදී ස්තූප අංගනයට පහළින් ගොඩ ගසා තිබූ ගොඩැලි නිදන්හොරුන් විසින් ස්තූපය සෑරීමේදි ඉවත දැමූ පස් බව අනාවරණය විය. එහෙයින් එමපස් ගොඩැල්ලක සියුම්ව කළ කැනීම්වලදී ස්තූපයේ නිදන් කර තිබූ තඹ පත්ඉරුවකලියූ මහායාන ධාරණිය මහාචාර්ය කුලතුංගයන් ප්‍රමඛ පර්යේෂක කණ්ඩායමට හමුවී ඇත. 1891 වසරේ එච්.සී.පී. බෙල් මහතා සිදු කළගවේෂණයෙන් වසර 124කට පසුව මෙම පරිශ්‍රය පුරා විද්‍යා ගවේෂණයකට ලක් වූ ප්‍රථමඅවස්ථාව ද මෙය වේ.

මහායානිකයින් විසින් ස්තූපවල මෙම ධාරණී නිදන්කිරීමේදී ඒවා ධර්ම ධාතු ලෙස සළකා ඇති බව මේ සම්ප්‍රදායටම අයත් අනුරාධපුරපුලියන්කුලම විහාර භූමියෙන් හමු වූ ශිලා ලිපියක ‛දහම් දා’ යනුවෙන් සඳහන්වීමෙන් පැහැදිලි වේ. හමුවූ තඹ තහඩුවේ ඇති ධාරණිය හෙවත් බුද්ධ මන්ත්‍රයේසඳහන් වන්නේ ‛ඕම් තරෙතුතරෙතුරෙස්වාහඃ’ යන්නය.

හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක යන්ගේ අනුමැතියෙන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මැදිහත්වීමෙන් 2015 වසරේ මුල සිට මෙම පරිශ්‍රයේ කැණීම් ආරම්භ විය. මෙම කටයුත්ත සඳහා සමස්ත ලංකාබෞද්ධ මහා සම්මේලනය ද විශේෂ අනුග්‍රහයක් දක්වා ඇත. අනාගතයේදී අනුරාධපුරවන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පුරා විද්‍යා නටබුන් නැරඹීම සඳහා මෙන්ම විවේකගැනීම සඳහා මෙම ස්ථානය ‛පුරා විද්‍යා හරිත උද්‍යානයක්’ වශයෙන් සංරක්ෂණයකිරීම සඳහා කටයුතු යොදා තිබේ.

නමුත් ඉතාම අවාසනාවන්ත තත්වය වන්නේ නොවිධිමත්පස්කැපීමක් නිසා මෙහි ප්‍රවේශ මාර්ගය අවහිර වී තිබීමය. ඒ නිසා වාහනවලින්පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ මෙය නැරඹීමට නොහැකිව ආපසු හැරී යති. උතුරුමැද පළාත් සභාව මැදිහත් වී මීටර් 500ක පමණ දුර ප්‍රමාණයක් ඇති මෙම ප්‍රවේශමාර්ගයේ ගැටලුව නොපමාව විසඳා දෙන්නේ නම් මෙම ස්ථානයේ අගය මහජනතාව අතරේප්‍රචලිත වීමට පහසු ඉඩකඩක් සැළසෙනු ඇත.

තිලක් සේනාසිංහ

වසර හතලිස් හයක් බස් නැවතුමේ ජීවත්ව සිට තුරු සෙවනේ අවසන් ගමන් ගිය “ලොකු බණ්ඩා” 

වසර හතලිස් හයක් බස් නැවතුමේ ජීවත්ව සිට තුරු සෙවනේ අවසන් ගමන් ගිය “ලොකු බණ්ඩා”

1971 මේ රටට සුවිශේෂ වර්ෂයක් වන්නේ ශ්‍රී ලංකාවේ පළමු වන තරුණ කැරැල්ල ඇති වූ වර්ෂය බැවිනි. එදා ඇරඹී එම කැරැල්ලේ සෙවණැලි මෑතක් වන තුරුම විවිධ ස්වරූපවලින් අපි අත්වින්​ෙදමු.

මහනුවර පූජාපිටිය බොක්කාවල නගරයට නුදුරු උඩහිඟුල්වල පදිංචිව සිටි පුස්සේගොඩ ගෙදර ලොකු බණ්ඩා 1971 වන විට අවුරුදු 23 ක තරුණයකුව සිටියේය. භීෂණයේ සෙවණැලි ඔහු පසුපසද එන්නට වූයේ ඔහුද නොදැනුවත්මය. ඒ නිසාම මේ අගාධයට ඇද නොවැටීමේ අරමුණින් තරුණ ලොකු බණ්ඩා නිවසින් පිට වන්නේ යන එන මඟක් නොදැනය.

වසර 46 කට පෙර මෙලෙස පාරට බැස්ස ලොකු බණ්ඩා කෙළින්ම වැටුණේ බොක්කාවල නගරයටය. එදා පටන් පසුගිය 14 වනදා දක්වා බොක්කාවල නගරයේ බස් නැවතුම්පොළ සිය නවාතැන කර ගත් ලොකු බණ්ඩාව නගරවාසීන් හඳුන්වනු ලැබුවේ ‘බණ්ඩා’ යන නමිනි.

එදා පටන් නගරවාසීන්ගේ උදව් උපකාර මැද බස් නැවතුමේ ජීවත් වූ බණ්ඩා නගරයේ විවිධ වෙ​ෙළඳ ආයතනවලට වැඩ කර දී සිය ජීවිකාව කරගෙන ගියේය. එසේ සිටියදී සිය 69 වන වියේ දී පසුගිය 14 වනදා සවස ඔහු දින කිහිපයක් අසනීපයෙන් සිට සිය ජීවිතයෙන් සමු ගත්තේය. මේ වන විට නගරවාසීන් ඔහුට බස් නැවතුම්පොළේ කාමරයක්ද සකස් කර දී තිබූ අතර ඇඳක් මෙට්ටයක් ඇතුළු පහසුකම්ද සපයා දීමට ඔවුහු පියවර ගෙන තිබුණහ.

වසර 46 කට පෙර නිවසින් පිටත්ව පැමිණ බස් නැවතුම්පොළේ තනිවම කල් ගෙවූ බණ්ඩා මිය යාමෙන් පසුව ඔහුගේ ඥාතීන් පිළිබදව සොයා බැලීමේදී සොහොයුරියන් දෙදෙනෙකු ඉදිරිපත් වූ නමුත් ඔවුන් සමඟ ද ඔහු කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බව අනාවරණය විය.

වසර 46ක්ම නගරයේ ජීවත් වූ බණ්ඩාගේ අවසන් කටයුතු ඉතා ගෞරවාන්විතව සහ චාම්ව කරන්නට නගරවාසීහු පියවර ගත්හ. පූජාපිටිය ප්‍රා‍දේශීය සභාවේ හිටපු මන්ත්‍රී චාමර විජේරත්න මහාගේ සහ නගරවාසීන්ගේ ඉල්ලීමක් අනුව මහනුවර නුවර මල්ශාලාව මගින් වටිනා පෙට්ටියක් නොමිලයේම ලබා දුන් අතර දේහය සුසාන භූමිය කරා ගෙන යාම දක්වා වූ සියලු ප්‍රවාහන කටයුතු ද ඔවුහු නොමිලයේම ඉටු කර දුන්හ.

හාරිස්පත්තුව ගලසියපත්තුව හදිසි මරණ පරීක්ෂක එල්.බී.ඩබ්ලිව්. සේනාරත්න මහතා විසින් බොක්කාවල රෝහලේදී පවත්වනු ලැබූ හදිසි මරණ පරීක්ෂණයෙන් පසුව ඔහුගේ දේහය ඔහු වසර 46ක්ම ජීවත් වූ බස් නැවතුම්පොළේ අවසන් ගෞරවය සඳහා නගරවාසීන් විසින් තැන්පත් කර තිබූ අතර ඔහුගේ දේහයට එහිදී විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වූහ. ඉන් අනතුරුව ඔහුගේ අවසන් කටයුතු සිදු කරනු ලැබුවේ වෑවල සුසාන භූමියේය.

බොක්කාවල ග්‍රාම නිලධාරි ඒ.ජී. ඥානතිලක සහ උඩහිඟුල්වල ග්‍රාම නිලධාරි එස්.එච්.ඩබ්ලිව්.එම්. සුනිල් යන මහත්වරු පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් මංජුලා මඩහපොල මහත්මියගේ උපදෙස් මත අවශ්‍ය සියලු සහයෝගයන් ලබා දුන්හ. පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චාමර විජේරත්න මහතාත් බොක්කාවල නගරයේ වෙ​ෙළඳ සංගමයේ සාමාජිකයෝ, ත්‍රීරෝද රථ සංගමයේ සාමාජිකයෝ ඇතුළු නගරවාසීහු ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට සිය පූර්ණ දායකත්වය ලබා දුන්හ.

හාරිස්පත්තුවේ – මොහොමඩ් ආසික්

ආතුරයා ආරූඨ කරන්න ගිය හොර ඇදුරාට පුව්ලේඅය අම්බානක ගුටි දීලා

ආතුරයා ආරූඨ කරන්න ගිය හොර ඇදුරාට පුව්ලේඅය අම්බානක ගුටි දීලා

ආතුරයා ආරූඪ කිරීමට ආයකටු වලින් ඇනීමට ගොස් ආතුරයාගෙන් සහ ඔහුගේ පවුලේ උදවියගෙන් හොඳ හැටි ගුටි කෑ කපුවෙකු පිළිබඳව රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගමකින් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.

එම පවුලේ එක් දරුවෙක් යම් කිසි රෝගී තත්ත්වයකින් දීර්ඝ කාලයක් තිස්සේ පසුවෙයි. යම් යම් ප‍්‍රතිකාර සිදුකළද සුවනොවූ කල ඔහුත් අවසාන වශයෙන් පිහිට පතා ඇත්තේ දෙවියන්ගෙනි.

ඒ සඳහා ඔවුන් ගමේ ඇදුරකු ගෙන්වා තොවිලයක් සූදානම් කර තිබේ. කෙසේ වෙතත් ඇදුරා දුන් බඩු ලැයිස්තුවට අනුව එය තොවිල් ගෙයක් නොව මගුල් ගෙයක ආහාර ලැයිස්තුවක් විය. කෙසේ හෝ දරුවා සුවකර ගැනීමට සිතූ පවුලේ උදවිය ඇදුරා කියූ පරිද්දෙන්ම කටයුතු සම්පාදනය කළහ.

විසිදෙනකුට පමණ මස්, මාළු, කිරි, බිත්තර, මත්පැන් ඇතුළු ආහාර රැසක් ඔවුන්ට පිළියෙළ කරන්න යෙදුනි. තොවිල් දා පවුල් පිටින් සහභාගිවී භෝජන රස බැලූ ඇදුරා ඇතුළු ගෝලයන් පිරිස තොවිලය ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් ඔහුත් සිංහලෙන් යකුන්ට ආරාධනා කරනවා ඇරෙන්නට වෙනත් කිසිවක් සිදු නොකරන අයුරු දුටු ගෙදර සිටි තරුණයෙකු ඇදුරන් සමග පැමිණි පුද්ගලයකු අමතා මේ ගුරුන්නාන්සේ මේ අය ආපු වෙලාවේ ඉඳලම එකම වචනේමයි කියන්නේ ඒකත් සිංහලෙන් ඒ ඇයි දැයි විමසා ඇත.

මොවුන් ගොනාට ඇන්දවීම පුළුවන් යැයි සිතූ ඔහු මේකනේ මල්ලි ඔයා ජංගම දුරකතන පාවිච්චි කරනවා නේද, ආ ඔය අතේ එකක් තියෙන්නේ බලන්න පාරිභෝගික සේවාවට අරන් සිංහලෙන් සවන් දීමට 1 දෙමළෙන් 2 ඉංග‍්‍රීසියෙන් 3 දැන් තාක්ෂණේ දියුණුයි. අපිත් ලේසි භාෂාව සිංහල හින්දා ඒක තෝරාගෙන තියෙන්නේ යැයි පවසා ඇත.

ඒ අතරම කාමරය දෙසින් ඇසුණු ලතෝනිය නිසා දිවගිය පවුලේ අය දැක ඇත්තේ රෝගීව සිටි තරුණයාට ආයකටු වලින් දිගට හරහට අනින ඇදුරාය. කුපිත වූ පවුලේ පිරිස පෙරේත තට්ටුවෙන් ඇදුරාට පහර දෙද්දී බෙර කරුවන් බෙරද එල්ලාගෙන හිස් ලූලූ අත දිවගොස් ඇත්තේ පණ එපා කියමිනි

උපේන්ද්‍ර ප‍්‍රියංකර ජාතුංගම

කමල් අද්දරාච්චි ට මම ගැන හැගීමක් ඇතිවුනේ මොකද කියලනම් මම දන්නේ නෑ – සමිතා

කමල් අද්දරාච්චි ට මම ගැන හැගීමක් ඇතිවුනේ මොකද කියලනම් මම දන්නේ නෑ – සමිතා

ඇය දහසකුත් රාජකාරි මධ්‍යයේ වුවද මා හා කතා බහ කිරීමට වේලාවක් දුන්නේ, එදා තිබූ ඇයගේ නිහතමානීත්වය එලෙසින්ම අද ද පෙන්නුම් කරමිනි.

‘‘ඔබ, මම ගරුකරන කෙනෙක්.

ඒ නිසාමයි මෙහෙම හරි කාතා කරන්න කැමති වුණේ. නැත්නම් මම කිසිම කෙනෙක්ට දැන් ආදරය, විවාහය ගැන කතා කරන්නේ නෑ.

දැන් මම පාඩුවේ ළමයි එක්ක පැත්තකට වෙලා ඉන්නේ. ඒ හින්දා සමහර කරුණුවලට මට උත්තර දෙන්න බැරි වෙයි.

සමාවෙන්න’’ යැයි ඇය මුලින්ම පැවසුවේ, අද සියලු දෙයින්ම හොඳටම පරිණත වී ඇති නිසාය. ඇයට ගරු කරමින් මේ පරිච්ඡේදය ලිවීමට මම සිතා ගත්තෙමි.

සමිතා, ඔයා ආදරය, ප්‍රේමය හඳුනාගෙන තිබෙන්නේ කොයි ආකාරයට ද කියලා මුලින්ම පැවසුවොත්.

ආදරය, ප්‍රේමය ඉතාම සුන්දර දෙයක් විදිහට තමයි මම හඳුනාගෙන තිබෙන්නේ. එය ලස්සන දෙයක්.

ආදරයක් ඔබට මුලින්ම ඇති වුණේ කොයි කාලයේ ද?

සාමාන්‍යයෙන් ආදරයක් ඇති වන ආකාරය විවිධයි. පොඩි කාලයේ මව්පියන්ට. ඊට පස්සේ ආදරය කරන විරුද්ධ ලිංගිකයාට. පසුව දරුවන්ට. පස්සේ යාළුවන්ට. ඊටත් පස්සේ සතුන්ට පවා අපට ආදරය කරන්න පුළුවන්. ආදරය විවිධාකාරයි. එය විවිධ විදිහට විඳින්න පුළුවන් දෙයක්.

පාසල් යන කාලයේ ද ඔබ මුලින්ම ප්‍රේම සබඳතාවක් ඇති කර ගත්තේ?

ඒ කාලයේ අපේ අම්මා හරිම සැර කෙනෙක්. එහෙම මට පාසල් යන කාලයේ ආදරය කරන්න සිතුණත්, අම්මාගේ දැඩි පරිස්සම හින්දා එහෙම කරන්න වෙලාවක් තිබුණේ නෑ. මොකද අම්මාට තිබු බය හින්දා. අනෙක අම්මා හරියට මගේ ළඟින්ම හිටියා. ඊට පස්සේ මට මුලින්ම ආදරයක් ඇති වුණේ කොයි කාලයේ ද කියලා මතකයක් නෑ.

ඒ කියන්නේ පාසල් කාලය ඉවර වුණාට පස්සේ වෙන්නැති. ඔබට ප්‍රේම සිතිවිල්ලක් ඇතිවෙන්න ඇත්තේ. එහෙම නේද?

ඔව්. මම හිතන්නේ පාසල් කාලය ඉවර වුණාට පස්සේ තමයි ඒ සිතුවිල්ල ආවේ. ඒ කියන්නේ අ.පො.ස. (උ.පෙළ.) ඉවර කළාට පස්සේ.

ඒ ආදරයේ මිහිර මතකය තිබුණා ද?

අ​පෝ නෑ.

ඔයා හිතුවද ආදරය විවාහයකින්ම කෙළවර විය යුතුයි කියා.

සාමාන්‍යයෙන් අපි විවාහ වෙන්න කලින් විවාහයක් ගැන සිතනකොට විවාහය සදාකාලිකයි කියලා සිතනවා. ආදරයක් කළා නම්, ඒක විවාහයෙන් කෙළවර වෙන්න ඕනේ කියලා අපි සිතුවා. එහෙම හිතලා තමයි අපි විවාහ වෙන්නේ.

ඒ කාලයත් මට එහෙම සිතුණා. ඉස්සර අපි ගොඩාක් දේවල් බැරෑරුම් විදිහට හිතන්නේ නෑ. මාත් මුලින්ම ආදරය කරනකොට සිතුවා මේක විවාහයකින් කෙළවර වෙන්න ඕනේ කියලා. ඒක තමයි හරි දේ කියලා. එහෙම හිතලා තමයි අපි ආදරය පටන් ගත්තේ.

අතුල අධිකාරි නමැති සංගීතඥයා, ගායකයා ඔබට හමුවෙන්නේ කොයි කාලයේ ද?

අතුල හම්බවෙන්නේ මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා අවුරුද්දක් ගියාට පස්සේ.

අතුල සමග ආදරයක් ඇති වුණේ ඇයි? ඔහුගෙන් ඔයා විශේෂත්වයක් දැක්කා ද?

ඔව්. විශේෂත්වය කියන්නේ ඔහු කෙළින්ම මට ආදරය කරන්න පටන් ගත්තට පස්සේ අපේ ගෙදරට අැවිත් මා ගැන ඇසුවා. ඔහුව කලින් මම දන්නවා. ‘‘සන්ෆ්ලවර්’’ සංගීත කණ්ඩායමේ වාදනය කරන කාලයේ ඉදන්ම. ඉතිං මගෙත් ඔහු ගැන ආදරයක් තිබුණා. ඒ හින්දා තමයි අතුලත් එක්ක ආදරය කතාව පටන් ගත්තේ.

එතකොට අතුල එක්ක විවාහ වෙන්න ඔබ තීරණය කළේ ඇයි?

අපේ ප්‍රේම සම්බන්ධතාවය මාස 8ක් ගියාට පස්සේ විවාහ වෙන්න තිරණය කළා. එතකොට ගෙවල්වලින් කැමැත්ත ලැබිලයි තිබුණේ.

ඔයා බලාපොරොත්තු වූ ආදරය, රැකවරණය අතුල තුළ තිබුණා කියා සිතුණා ද?

ඔව්. එහෙම තමයි. විවාහ වුණාට පස්සේ මුල් කාලයේදී අපි එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඒ දේවල් සිතාගෙන නේද අපි විවාහයක් කරගන්නෙත්.

ඔය දෙන්නාගේ විවාහය බිඳිලා ගියේ ඇයි? ඔයාගේ වරදක් හින්දද? නැත්නම් අතුලගේ වරදක් හින්ද ද?

මම කාටවත් ඒ ගැන විග්‍රහ කරන්න යන්නේ නෑ. අතුලයි මමයි ඒ දේ දන්නවා මොකක්ද වුණේ කියලා. මම ලෝකයාට ඒ ගැන කියන්න කැමැති නෑ. මොකද ලෝකයා මම ගැන නොදැන ගොඩාක් දේවල් කතා කරනවා. ඉතිං මම ලෝකයාට කතා කරන්න ඉඩදීලා මම මගේ පාඩුවේ ඉන්නවා.

මම සාමාන්‍යයෙන් එහෙම කෙනෙක්. අතුලගෙයි මගෙයි ප්‍රශ්න අපි දෙන්නා විතරක් දැනගත්තාම ඇති නේද? එතනින් එහාට මම ඒවා මාධ්‍යයට කියන්නේ නෑ. මාධ්‍යය මට ගොඩාක් වටිනවා. මම කැමති නෑ මාධ්‍යයත් එක්ක ගැටෙන්න.

ඔය දෙන්නගේ විවාහය දික්කසාද නොවී රඳවා තබාගන්න උත්සාහ කළේ නැද්ද?

නොගැළපීම් වැඩිනම්, තවදුරටත් ඉදීමෙන් පලක් නැහැ. එතන දී දික්කසාද වීම හොඳයි කියලයි හිතන්නේ. නොගැලපීම් නැතිවුණා නම් මම තවමත් අතුල එක්කයි ඉන්නේ.

අතුල නැවතත් විවාහයක් කරගත්තාම ඔයාට මොකද හිතුණේ?

මට මොකුත් සිතුණේ නෑ. මොකද එයා මගේ නොවෙයිනේ.

ඔබ ඒ පවුලත් එක්කත් ඉතා හොඳින් සබඳතා තබාගත්ත කෙනෙක්. එය ලෙහෙසියෙන් කාන්තාවකට කළ හැකි දෙයක් නොවෙයි. එහෙම නේද?

ඔව්. ඒ සාමාන්‍යයෙන් මගේ හැටි. මම මගේ හතුරාත් එක්කත් හොඳින් ඉන්න කෙනෙක්. මට හතුරුකම් කරන කට්ටියක් එක්කත් සුහදව ඉන්නවා. මූණටම ඇවිල්ලා බණින කට්ටිය එක්කත් හොඳින් ඉන්නවා. ඒක මගේ හැටි. මම බුදු දහම අදහන කෙනෙක්. වෛරය කියන දේ මගේ සිතේ නෑ. ඒ හින්දා කාටවත් මම ​ෙවෙර කරන්නේ නෑ.

ඔහොම දික්කසාද වුණාට පස්සේ ඔයාට විවාහ යෝජනා හරියට එන්න ඇති නේද?

මම ඒ ගැන දන්නේ නෑ. විවාහ යෝජනා අහන ඒවා මට ඇහෙන්නේ නැති විදිහට හිටියේ. ඒක මාර වැඩක්. සමහර විට ඒක වෙන්න බෑ කියලා කාටහරි කියන්න පුළුවන්. නමුත් ඒක එහෙම වෙන්න පුළුවන්. එහෙම විවාහ යෝජනා එන්න ඇත්තේ මගේ මොකක්හරි හොඳක් ඇති හින්දා වෙන්නැති.

මම ‘‘ඉර පායා’’ ගීතය ගැයූ දවසේ ඉඳලා දැනට ඉන්න ප්‍රේක්ෂකයෝ දිහා බලනකොට මට ඒ අයගේ තිබෙන ආදරය හොඳටම ඇති. ඉතිං මට මෙයා කැමති ද? මෙයා බඳින්න ඕනේ කියලා දෙයක් මගේ ඔලුවේ දැන් නෑ.

දැන් ඉතිං දුවත්, පුතත් එක්ක ඔයා දිගටම තනියෙන් ඉන්නද කල්පනා කරන්නේ? නැවත විවාහයක් කරගන්න කැමැත්තක් නැද්ද?

මට ගෙදරක් තිබෙනවා. දුව, පුතා ඉන්නවා. අම්මා, තාත්තා ඉන්නවා. ඉතිං මට ඒ ඇති. මට කවුරුහරි හොඳ කෙනෙක් හම්බවුණොත් ඒ ගැන හිතලා සතුටින් ඉන්නවා. විවාහයක් කරගන්නවාද නැද්ද? කියන එක මම දන්නේ නෑ.

අතුල නැවතත් ඔබ සොයාගෙන ආවොත්, ඔහු නැවතත් භාරගන්නවා ද?

මම ගිය කට්ටිය කොහෙත්ම යළිත් භාරගන්නේ නෑ. ඒක ස්ථිරයි.

පසුගිය වකවානුවල ඔබ එවකට රජයේ ඇමැතිවරයකු එක්ක සබඳතාවක් තිබෙනවා කියලා ආරංචි පැතිර ගියා. මේ කතාවේ ඇත්ත මොකක්ද?

ඒක ආරංචියක් වෙන්නැති. මාත් දන්නේ නෑ ඒ ගැන. ඔය ප්‍රචාරය මගේ ඇඟේ වදින්නේ නැහැනේ. මට ඇවිත් කවුරුත් කිව්වත්, ආරංචි ආවත් මට වදින්නේ නෑ. මට ඇහෙන්නෙත් නෑ. මට අදාළත් නෑ. මට ඕවා මගේ කන ඇතුළට ගන්නෙත් නෑ.

විවාහ ජීවිතය ගැන ඔබට ආපසු හැරී බලද්දි ඔයාට ​ෙමාකද හිතෙන්නේ?

මොනවත්වත් සිතෙන්නේ නෑ. ඒක තමයි ප්‍රශ්නය. මට සිතුණොත් ඒ ගැන මාධ්‍යයට කියන්නෙත් නෑ. විවාහයක් වෙන්න ඕනේ නම් හරි. මම කාට හරි ආදරය කරනවා නම් හරි, ඒක මම විතරක් දැනගත්තාම අැති නේද?

ඔයාට ආදරය, විවාහය හා පෞද්ගලික ජීවිතය ගැන පසුගිය කාලයේ විවිධ ​ෙචා්දනා එල්ල වුණා නේද? ඒවා ගැන මොකද සිතන්නේ?

සාමාන්‍යයෙන් කටකතාවක් හැදෙන්න එක්කෝ අපේ ගෙදර ජීවත් වෙන්න ඔනේ කවුරු හරි.

එක්කෝ මාත් එක්ක උදේ ඉඳන් රෑ වෙනතුරු දුරකතනයෙන් හරි කතා කරලා මා ගැන දැන ගන්න ඕනේ. නැත්නම් උදේ හවස මාව දකින්න ඕනේ.

හමුවෙන්න ඕනේ. කතා කරන්න ඕනේ. ඉතිං මම දන්නේ නෑ, කවුද මාව උදේ හමුවෙන්නේ, කවුද මට උදේ ඉඳන් රෑ වන තුරු කතා කරන්නේ, කතා කරන අය මාව දැකලා තියෙනවාද, කිසිම කෙනකු සමග තරහා නෑ කියලයි. ඒ අයට ඇත්තටම ජොබ් එකක් තිබෙන්න ඕනේ.

මට උදේ ඉඳන් ගත්තාම නැගිට්ට වෙලාවේ ඉඳන් ගෙදර වැඩ තියෙනවා. ඊට පස්සේ මට මියුසික් වැඩ ටික තිබෙනවා. ළමයින්ගේ වැඩ ටික තිබෙනවා. නැත්නම් වයසක අම්මලා තාත්තලාට උපකාර කරන සමාජ සත්කාර වැඩ මට තිබෙනවා. එතකොට මට දවසේ කාලයත් මදි.

ඉතිං මම, මට කට කතා හදන අය එක්ක ඇත්තටම ආදරෙයි. මොකද ඒ අයටත් රස්සාවක් කියලා දෙයක් තිබෙන්න ඕනේ. ඒ අයට කට කතා හදන ජොබ් එක නැත්නම්, ඒ අයට යන එන මං නැහැනේ. ඉතිං මම ඒ අය ඉහළ තැනක කියලා කතා කරන්නේ. කටකතා හැදෙන තරමට මා ගැන හැම තිස්සෙම කතා කරනවා. එ් අයට ඒවා කරන්න දීලා මගේ වැඩ ටික ලස්සනට කරගෙන ඉදිරියට යනවා.

කමල් අද්දරආරච්චි රංගන ශිල්පියා වරක් මා සමග පැවසුවා, ‘‘ඉර පායා’’ කරන කාලයේ දී සමිතා පිළිබඳ හැඟීමක් ඇති වුණා කියලා. ඇත්තටම ඒ කාලයේ ආදරයක් ඇති වුණා ද?

කමල්ට ඇතිවෙලා හින්දනේ ඔහු ඒ ගැන කියා තිබුණේ. කමල් කියන කෙනා කොයිම වෙලාවකවත් තරහෙන් කතා කරලා තිබුණේ නෑ. මම ඒ ලිපිය කියෙව්වා. ඔහු, සංගීතා, දිල්හානි කියන චරිත තුන ගැන කොයි වෙලාවකවත් තරහ විදිහට නොවෙයි කතා කරලා තිබුණේ. එයාට හැඟීමක් ඇති වුණා. ඕනෑම කෙනෙකුට හැඟීම් ඇතිවෙන්න පුළුවන්. ඒක වැරැද්දක් නැහැනේ.

එහෙම හැඟීම් ඇති වෙලා ඔයා ගැන ඇසූ අය ඉන්න ඇති නේද?

මම දන්නෙ නෑ. හැබැයි මෙහෙමයි. කවුරුහරි මගෙන් එහෙම ඇහුවා නම්, ඒ ගැන මාධ්‍යයට කියන්නෙත් නෑ. මට කවුරුහරි එක්ක හැඟීමක් ඇති වුණා නම්, ඒක ඇයි මම කියන්න යන්නේ. අවශ්‍ය නැහැ නේද?

මාධ්‍යයෙන් පළවූ වැරැදි තොරතුරු නිසාත්, වෙබ් අඩවිවලින් වන මඩ ගැසීම් නිසාත්. ආදරය, විවාහය යන මාතෘකා ගැන කතා කිරීමට අෑ කැමැත්තක් දක්වන්නේ නැත. ඒ ඇය තමන්ගේ පාඩුවේ පැත්තකට වී තම කටයුතු කර ගැනීමට අවශ්‍ය නිදහස අගයන බැවිනි.

සමිතා අද තමන්ගේ මවුපියන් ද, දරු දෙදෙනා ද, රැක බලා ගනිමින් සංගීත දිවිය ද පවත්වාගෙන යන පරිණත කාන්තාවක් යැයි මට සිතුණේ, ඇය ඒ වෙනුවෙන් කරන උනන්දුව හා කැපවීම නිසාමය. සමිතා හඳුනා ගන්න ඔබත් උත්සාහ කරන්න. එවිට සත්‍යය වටහා ගත හැකිය.

සටහන් කළේ –
සමන්ත යම්පත්

ගයත්‍රි ගැන මුකුත්ම අහන්න එපා. මම මුකුත් කියන්නෙ නැහැ – මම හැමදාම පෙම්වතෙක් මම හැමදාම ආදරේට ආදරේ කරනවා-අනුජ්

ගයත්‍රි ගැන මුකුත්ම අහන්න එපා. මම මුකුත් කියන්නෙ නැහැ – මම හැමදාම පෙම්වතෙක් මම හැමදාම ආදරේට ආදරේ කරනවා-අනුජ්

අනුජ් මේ දවස්වල කාර්යබහුලයි වගේ?

ඔව්. මේ දවස්වල සිරස හරි රහ වැඩ සටහනත් එක්ක කටයුතු කරනවා. මාසයක් වගේ කාලයක් ඇතුළත උදෑසන වැඩසටහන් අතර ඉහළ අලෙවි වාර්තා තබන්න මේ වැඩසටහනට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ශාන් එක්ක නර්තන වැඩසටහනක් කරගෙන යනවා. මම මහා පරිමාණයේ නර්තන වැඩසටහනකට මීට පෙර සහභාගි වෙලා නැහැ. මේක පළමුවැනි අත්දැකීම ඒ සම්බන්ධව. ඒ දේවල් එක්ක තමයි මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ.

සිනමාවේ අලුත් වැඩකට සම්බන්ධ වුණේ නැද්ද?

හර්ෂ උඩකන්දගේ රෙඩ් චිත්‍රපටයේ වැඩ කටයුතු තව මාසෙකින් විතර පටන් ගන්නවා.

රෙඩ් චිත්‍රපටයට ලොකු දායකත්වයක් දෙන්න ලෑස්ති වෙනවා කියලා තමයි ආරංචි?

සිනමාව මගේ ජීවිතය වගේ. මගේ ලොකු ෆෝකස් එකක් තිබුණා සිනමා නිර්මාණ සම්බන්ධයෙන්. මමත් හර්ෂ උඩකන්දත් එකට එකතු වෙලා තමයි රෙඩ් සම්බන්ධ සියලු කටයුතු කළේ. මම ඒ චිත්‍රපටයට නිෂ්පාදන අංශයෙනුත් යම් විදියකට සහභාගි වෙනවා. ඒ වගේම රෙඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් මම.

සිනමා ක්ෂේත්‍රයේ යම් ප්‍රගතියක් මේ දවස්වල තියෙනවා. තරුණ සිනමාකරුවන්, තරුණ රංගන ශිල්පීන් මෙයට හේතුවක්. ඒ අතර ඔබ සිනමාවට දෙන දායකත්වය ගැන සතුටුද?

ඔව්. මම ඇතුළු තරුණ කණ්ඩායමක් මොනවහරි දෙයක් මේ තුළ කරන්න දඟලනවා. පසුගිය කාලේ තිරගත වූ චිත්‍රපට නිසා චිත්‍රපට ශාලා පිරිලා ඉතිරිලා ගියා. ඒ ෆිල්ම්වල මගේ යාළුවෝ හිටියා. හේමාල් නිසා හෝ පුබුදු නිසා හෝ මම නිසා යම් චිත්‍රපටයක් ජනප්‍රිය වෙනවා නම් ඒක මුළු චිත්‍රපට කර්මාන්තයටම යහපතක්. ඒකෙන් යළි චිත්‍රපට බැලීමේ පුරුද්ද ප්‍රේක්ෂකයා තුළ ඇති වෙනවා. ඒ නිසා චිත්‍රපට කවුරු නිසා ජනප්‍රිය වුණත් එය මේ ක්ෂේත්‍රයට යහපතක්.

සිනමාවේ හොඳ ගමනක් යන්න ගොඩක් කැප වෙන්න ඕන. අනුජ් ඒ කැපවීම කරනවද?

සිනමාව මගේ ජීවිතය වගේ. අත්හදාබැලීම් තුළින්ම තමයි අද මට මේ ඉන්න තැනට එන්න පුළුවන් වුණේ. දවසින් දවස මම අලුත් වෙනවා. අලුත් දේවල් ඉගෙන ගන්නවා. මම හරිම කැමැතියි අභියෝග භාර ගන්න. මම මහා නර්තන ශිල්පියෙක් නෙමෙයි. නමුත් මම ඒ වෙනුවෙන් කැපවීම් කළා. මගේ දක්ෂතා මම ඔපවත් කර ගත්තා.
මම නිරූපණ ශිල්පියෙක් විදිහට මේ ක්ෂේත්‍රයට ඇවිත් අද වන විට රූපවාහිනිය මෙන්ම සිනමාව තුළ මගේ හැකියා ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. මගේ හීනය සිනමාව තුළ වඩා යහපත් ගමනක් යන එක. මම ඒකටයි උත්සාහ කරන්නේ.

ඔබ නිර්මාණ තෝරා ගැනීමේදී යම් විශේෂීකරණයක් කරනවාද?

නැහැ. මේ දවස්වල වැඩි වශයෙන්ම ලැබෙන්නේ පෙම්වතාගේ චරිත. සුදු චරිත, කළු චරිත, විකෘති පුද්ගලයන්ගේ චරිත ආදී සියල්ල මට එකයි. මම ඒ හැම චරිතයකටම සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

පහුගිය දවස්වල ජනප්‍රිය රංගන ශිල්පියෙක් ප්‍රතික්ෂේප කළ චිත්‍රපටයකුත් අනුජ් භාරගත්තා නේද?

උදයකාන්ත කියන්නෙ මම කැමැති අධ්‍යක්ෂවරයෙක්. වැදගත් වන්නේ චිත්‍රපටය ලැබුණෙ මුලින්ද පස්සෙද කියන එක නෙමෙයි එය මම හොඳට කළාද නැද්ද කියන එක. මම මට පුළුවන් උපරිමය කළා ඒ නිර්මාණය වෙනුවෙන්.

මේ දවස්වල අනුජ්ගේ ජනප්‍රියත්වය එක්ක ඔබේ පෙම්වතිය පිළිබඳවත් යම් යම් කට කතා පැතිරෙනවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නෙ?

මම හැමදාම පෙම්වතෙක්. මම හැමදාම ආදරේට ආදරේ කරනවා. මම කාටවත් වෛර කරන්නේ නැහැ.

ගයත්‍රි හා ඔබ ගැන යම් කටකතාවක් පැතිරෙනවා. ඒ කටකතා ගැනත් අනුජ් ළඟ උත්තරයක් ඇති නේද?

ඒ ගැන මුකුත්ම අහන්න එපා. මම මුකුත් කියන්නෙ නැහැ. කවුරු මට මොනව කීවත්, කිසිම කෙනෙක්ගෙ නමක් භාවිත කරල මඩ ගහන්න, පහර දෙන්න මම කැමැති නෑ.
මට ගොඩක් අය මඩ ගහනවා. ඒත් මම කැමැති නෑ කාටවත්ම, කිසිම විදිහකින් අපහාස කරන්න. කටකතා පැතිරෙන එක සාමාන්‍ය දෙයක්. ඒවාට උත්තර දෙන්න අවශ්‍ය නැහැ.

අනුෂා රාජපක්ෂ