ලංකාවේ ටජ්මහල ලෙස හදුන්වන ගල්කිස්ස මහා හෝටලයේ සුන්දර ප්‍රේම වෘතාන්තය පිළිබද ඔබ නොදත් සංවේදී කතාව මෙන්න

ඇත්තෙන්ම මේ මන්දිරය ඉදි වෙන්නට ප්‍රධාන ම හේතුව බ්‍රිතාන්‍ය – ලංකා ඉතිහාසයේ ඇසෙන සුන්දරම ආදර කතාවක්.

මේ ආදර කතාව නිසා මෙම ගොඩනැඟිල්ල එක්තරා විදියකට ශ්‍රී ලාංකීය ටජ් මහල හැටියට හඳුන්වන්නත් පුළුවන්.ශ්‍රී ලංකාවේ පළමුවන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ ෆෙඩ්රික් නෝර්ත් 1805 වසරේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් ඉවත් කරනු ලබනවා.

මෙයට එක් විශේෂ හේතුවක් වෙන්නේ 1803 උඩරට අල්ලා ගැනීමේ සටන අසාර්ථක වීමයි. ඒ වෙනුවට ඔවුන් පත් කර යවන්නේ වයස අවුරුදු 46 ක් වූ අවිවාහක, ප්‍රියමනාප පුද්ගලයෙක් වූ තෝමස් මේට්ලන්ඩ්වයි.

තෝමස් මේට්ලන්ඩ් ගේ සහ ලංකාවේ රොඩී තරුණියකගේ නොමියෙන ආදර කාතාව පහත වීඩියෝවෙන් නරබන්න

මාත් මල්ලි කෙනෙකුට ලවු කරලා තියෙනවා, සමලින්ගික ආදරය සාමාන්‍ය දෙයක් මම එකේ වරදක් දකින්නේ නැහැ  සේමිණී ඉද්දමල්ගොඩ

මාත් මල්ලි කෙනෙකුට ලවු කරලා තියෙනවා, සමලින්ගික ආදරය සාමාන්‍ය දෙයක් මම එකේ වරදක් දකින්නේ නැහැ  සේමිණී ඉද්දමල්ගොඩ

සේමිණී ඉද්දමල්ගොඩ කියන්නේ රංගන ක්‍ෂේත‍්‍රයේ සිටින දක්ෂ ප‍්‍රවීණ රංගන ශිල්පිනියක්. ඒ නිසාම ආදරය ගැන කතා කරන්න ඇයව එකතු කරගත්තා

ආදරයට නිර්වචනයක් දෙන්න

ආදරය කියන්නේ මානුෂීය බැදීමක්

පාසල් පේ‍්‍රමය සුන්දරයිද?

මටනම් සුන්දරයි. මොකද පාසල් පේ‍්‍රමය මගේ විවාහයෙන්ම කෙළවර වුණා. දැන් අවුරුදු විසිපහක් වෙනවා. තාමත් ඒ පාසල් පේ‍්‍රමයේම ඉන්නවා.

ආදරය දැනෙද්දී වයස කීයද?

ඒවා කියන්න බැහැ. ඒවා කීවොත් ළමයි නොමග යනවා

ආදරය හැමවිටම ප‍්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයද?

එහෙම එකක් නෑ තමන්ට දැනෙන හැෙගන දේ ප‍්‍රකාශ කරන්න ස්ත‍්‍රී පුරුෂ භේදය බලපාන්නෙ නැහැ.

අප‍්‍රකාශිත ආදරයක් ඔබට තිබුණද ?

අනේ නැහැ. මට ආදරය කරන්න හිතුන හැම කෙනාටම මම ආදරය කරලා තියෙනවා.

ආදරය කරද්දී පෙම්වතා වැඩිමල් විය යුතුයි කියල හිතනවද?

ආදරයට වයස භේදයක් විදියක් නැහැ. හැබැයි වැඩිමල් කෙනෙක් එක්ක විවාහ වුණාම හොද පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්.

වයසින් බාල කෙනෙක් ගැන ආදරයක් හිතිලා තියෙනවද?

ඇති වෙලා තියෙනවා. එ්ක ඉතින් සාමාන්‍ය දෙයක්

පෙම්වතාගෙන් ලැබුණු මුල්ම තෑග්ග මතකද?

ඔව්. මුලින්ම ලැබුණේ එලාම් ඔරලෝසුවක්. පාසල් යන්න උදේම ඇහැරෙන්න කියල එ්ක උදේ පහට කෑ ගහනවා . ඒක එදාම කැඩුවා. ඒක තාම තියෙනවා අම්ම ගාව.

ඔහු ඔබට ආදරයට කියන නම මොකද්ද?

බබී කියල තමා ඔහු කියන්නේ. ගෙදර අය ආදරේට කියන්නේ සුද්දී කියලා.

පිරිමියකුගෙන් ඔබට ආදරේ හිතෙන්නේ මොන ගතිගුණවලටද?

පෞරුෂය තමයි මුලිකම දේ. අනිත් දේ මනුස්ස කමට.

ඔබ හිතනවද ආදරය විවාහයෙන් කෙළවර වෙන්න ඕන කියල?

නෑ. විවාහය ආදරයෙන් කෙළවර විය යුතුම නැහැ.

ආදරයට හා රාගයට එකවිට පැවැත්මක් තියෙන්න පුළුවන්ද?

ආදරයේ උච්චතම අවස්ථාව තමයි රාගය කියන්නේ. ඒ දෙකම තිබිය යුතුයි.

විවාහයෙන් පස්සේ ඇතැම් අය වෙනස් වෙනවා, ඒ ඇයි ?

එකිනෙකාට ගෞරව නොකිරීම, ඒ වගේම තමන් අනිත් කෙනාට වඩා උසස් යැයි හිතීම වගේ ආත්මාර්ථකාමි වුණාම තමයි මිනිස්සු වෙනස් වෙන්නේ.

විවාහය ලියාපදිංචි කළ යුතුද?

විවාහය ලියාපදිංචි කළොත් දරුවන්ගේ අනාගතයට හොදයි කියල හිතනවා.

විරහව ජේදයකින් විස්තර කරන්න ?

ලොකු කනගාටුවක් ඇතිවෙන සතියකින් දෙකකින් යථා තත්ත්වයට පත්වන දෙයක් තමයි විරහව කියන්නේ

සමලිංගිකයන්ගේ ආදරය සමාජ සම්මතයට පටහැණිද?

නෑ. ස්වභාවික දෙයක්. ඒකේ කිසිම අස්වාභාවික දෙයක් මම දකින්නේ නැහැ.

ආදරය එක සහකරුවකුට පමණක් සීමාවිය යුතුද?

එහෙම වෙනවනම් හො`දයි. හැබැයි ඉතින් එහෙම වෙන්නේ නැහැ.

මේ වෙද්දී පිරිමි ළමයි කී දෙනෙක් දලා ගිහින් තියෙනවද?

එහෙම කිසි කෙනෙක් දාලා ගිහින් නෑ.

තිළිණි කරුණාරත්න

දසුන්ගේ මරණයට ඇත්තම හේතුව ශලනි තාරකාද නැත්තම් විශාදයද ? දසුන්ට ජීවිතය දෙන්නට බැරිවූූයේ ඇයි ? මෙන්න එම අභිරහස

දසුන්ගේ මරණයට ඇත්තම හේතුව ශලනි තාරකාද නැත්තම් විශාදයද ? දසුන්ට ජීවිතය දෙන්නට බැරිවූූයේ ඇයි ? මෙන්න එම අභිරහස

ජීවිතයක් කාටත් ලැබෙන්නේ අහම්බෙනි. ඒත් අහම්බෙන් ලැබුණා කියා ඒ ජීවිතය නැතිකර ගැනීමේ අයිතිය කිසිවකුටත් නැත. ඕනෑම කෙනකුට ජීවත්වීමේ කාලයක් ඇත. ඒ නිශ්චිත කාලය ගෙවුණාට පසු කාටත් ජීවිතය හැරයන්නට පුළුවන. එතෙක් ජීවිතයට ලැබෙන සැප, දුක, සතුට, වේදනාව, සිත්තැවුල්, ප‍්‍රශ්න, ගැටලූ සියල්ල ඒ ජීවිතයේදී කාටත් දරාගන්නට සිදුවේ. ඒවා දරාගැනීම යනු ජීවත්වීම වේ.

දරාගැනීම්වලට, අවුල් වියවුල්වලට මුහුණ දෙන්නට බය අයවලූන් ඒ සඳහා විසඳුම් සොයන්නේ බුද්ධියෙන් නොව ජීවිතයෙනි. ඔවුන් සිතන්නේ සියදිවි හානිකර ගත්විට සියලූ ප‍්‍රශ්න අවසන් බවයි. ඒත් ඒ තත්පරයකදී සිතෙන සිතිවිල්ලකි. ඊළඟ තත්පරයේ ඒ සිතුවිල්ල වෙනස්විය හැක. ඔවුන්ට හැම විටකම මැරෙන්නට සිතෙන්නේ නැත. ඒ සිතුණ වෙලාවට මැරෙන්නට උත්සාහ කිරීම හෝ මියයාම සිදුවේ.

මේ යුගයේ ලංකාවේ ජනප‍්‍රිය රංගන ශිල්පියෙකු ලෙස කාගෙත් ආදරය දිනා සිටි දසුන් නිශාන්ද සිල්වාට සිදුවූයේද එයමය. දසුන් නිශාන් තරුණය. කඩවසම්ය. එමෙන්ම ජනප‍්‍රියය. ඒ නිසාම ක්ෂේත‍්‍රයෙන් මෙන්ම සමාජයෙන් ද තරුණියන්ගෙන් ලැබෙන ආදරයත් වැඩිවිය. එයින් ඔහු සිත ගත් ඔහුගේම ක්ෂේත‍්‍රයේ යුවතියක හා පේ‍්‍රමයෙන් බැඳුණු බව කියයි. ඒත් දසුන් අමතක කළ කරුණක් තිබුණි. ඒ ඔහු ඊට පෙර විවාහයක් කරගත් අයකු බවය. ප‍්‍රශ්න, ගැටලූ, කලකිරීම් ඔහු සිතට එන්නේ ඉන්පසුවය.

අලූත් පෙම්වතිය විවාහ කරගන්නට, නීත්‍යනුකූල බිරිඳගෙන් වෙන්වන්නට වුවමනා විය. ඒත් එය දසුන්ට හිතූ තරම් පහසු කටයුත්තක් නොවීය. හැම පැත්තෙන්ම ඔහුට දැනුණේ ගැටලූය. පෙනුණේ ගැටලූය. මනස වියවුල් කරන තරමට, මේ ගැටලූවලට මරණය හැර වෙන විසදුමක් නැතැයි සිතෙන තරමට ඔහු අවුල් වුණේය.

ඔහු මනසට සැනසීම තෝරා ගත්තේ එලෙසින් වුවද ඉන් පෙර ඒ සිතුවිල්ල දැනෙද්දී ඔහුව ඒ සිතුවිල්ලෙන් මුදවාගන්නට කෙනකු සිටියා නම්, ඔහුගේ කතාව මීට වඩා වෙනස් වන්නට තිබුණි. ඔහු වටා සිටි සමීපතමයින්ට කිසියම් අවස්ථාවක ඔහුට ජීවිතය එපා වී ඇති බව, ජීවිතය හැරයන්නට සිතෙන බව, ජීවිතය හැරයන බව, අඟවා තිබෙන්නට ඇත. ඒත් ඒ ගැන කිසිවකුත් නිසිලෙස සැලකිලිමත් නොවූයෙන් අවසානේ ඔහු සියතින්ම දිවි තොරකරගෙන ඔහුගේ සිතිවිල්ල ජයගෙන යන්නට ගියේය.

ඒ එක් සිදුවීමකි. මීට පෙර මේ අයුරින් සිය දිවි හානිකරගත්තන් පිළිබ`ද වරින්වර ලංකාවෙන් වාර්තා වුණේය. ඒ සියදිවි හානිකර ගැනීම් කර තිබුණේ එක් හේතුවකට නොවේ. විවිධ හේතුන් ඒවා යට තිබුණි. විශේෂඥ මනෝ වෛද්‍ය ප‍්‍රභාත් වික‍්‍රම මහතා පවසන්නේ ලංකාවේ මේ වන විට සියදිවි නසා ගැනීමේ අඩුවක් ඇතත් සියදිවි නසා ගන්නට තැත් කරන්නන්ගේ අගයෙහි අඩුවීමක් නැති බවයි.

සිය දිවි නසා ගැනීමත් සියදිවි නසා ගැනීමට තැත්කිරීමත් කාරණා දෙකකි. නමුත් මේ දෙකෙන් එකකටවත් සරල හේතුවක් ගෙනහැර දක්වන්නට නොහැකිය. ඊට හේතුව සියදිවි නසා ගන්නට හෝ තැත් කිරීම වන්නේ හේතූ ගණනාවක සංකලනයකින් වීමයි. විද්‍යානුකූලව සියදිවි නසාගන්නට හේතු සෙවීම අපහසු වැඩකි. ඒ සියදිවි හානිකර ගත්තේ නම් අදාළ පුද්ගලයා ජීවතුන් අතර නැති නිසාය. ඒ නිසා කරන්නේ මියගිය පුද්ගලයා සමීපව ඇසුරු කළ අය හා කතාබහ කොට සියදිවි නසාගන්නට හේතුන් අනුමාන කිරීමයි.

1997 වසරේදී මනෝ විශේෂඥ වෛද්‍ය රනිල් අබේසිංහ මහතා පුද්ගලයන් 499 ක් සම්බන්ධ කොටගෙන සිදු කළ පර්යේෂණයකදී සියදිවි නසාගත් කණ්ඩායමෙන් 1/3 ක පිරිසක් විෂාදය (ාැචරුිිසදබ* රෝගයෙන් පෙළෙමින් සිටි බව හෙළිවිය. සියදිවි නසාගත් පිරිසෙන් 2/3 ක පිරිසක් මත්පැන් පානයට හෝ මත්පැන් පානයෙන් ඇතිකරගත් ගැටලූවලට මුහුණ පා සිටියහ. සිය දිවි නසා ගත් අයගෙන් 1/3 ක් කිසියම් විටෙක තමන් දිවිනසා ගන්නා බවට අනතුරු අඟවා තිබුණි.

සිය දිවි නසා ගැනීමට තැත් කරන්නන් වන්නේ යම් අවස්ථාවක දිවි නසා ගන්නට උත්සාහකර එය නිෂ්ඵල වූ පිරිසයි. දිවි නසාගත්තවුන්ගේ මරණයට හේතු සොයනවාට වඩා පහසුවෙන් දිවි නසා ගන්නට තැත් කළ වුන්ගෙන් ඊට හේතු සොයා ගත හැකිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය තිළිණ රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වස සහ වැඩිපුර බෙහෙත් පානය කර සුවපත්වූ 25 දෙනකුගේ කණ්ඩායමක් හා 1000 කට ආසන්න කණ්ඩායමක් ඇසුරින් කොටස් දෙකකට පර්යේෂණයක් සිදු කළේය. කෙනකු දිවිනසා ගැනීමට තැත්කිරීමට කල් පවතින හේතු මෙන්ම ආසන්න හේතුද බලපාන බවට ඉන් පෙනී ගොස් ඇත.

කල්පවතින හේතු හැටියට කුඩා කණ්ඩායමෙන් 1/3 ක් විෂාදයෙන් පෙළෙමින් සිට ඇති අතර තවත් 1/3 ක් මත්පැන් භාවිතය සම්බන්ධ ගැටලූවලින් පෙළෙමින් හිඳ ඇත. විශාල කණ්ඩායමෙන් 70% ක් පමණ පිරිසක් තම ලබැඳියකු සම්බන්ධ ගැටලූවකට දිවි නසා ගන්නට තැත්කර තිබුණි. ආර්ථික ගැටලූ විභාග ගැටලූ, ශාරීරික අපහසුතා ආදියද දිවි නසාගන්නට තැත් කරන්නට ආසන්න හේතුව ලෙස දක්වා තිබුණි. එමෙන්ම බොහෝ දෙනෙක් තමන්ට ඇතිවූ මානසික කම්පනයකින් මිදීමේ මගක් ලෙසටද සියදිවි නසාගන්නට තැත්කර තිබුණි.

මේ අයුරින් සියදිවි නසා ගන්නට තැත් කරන්නන් තුළින් සිය දිවි නසාගන්නට හේතු අනාවරණය කරගත හැක. මේ හේතුන් කලින් හඳුනාගෙන ඒවාට ප‍්‍රතිකාර ලබා දීම තුළින් කෙනකුට දිවිනසාගන්නට සිතෙන සිතුවිල්ලෙන් මිදෙන්නට හැක.

කෙනකු විෂාදය තත්ත්වයේ පසුවන්නේ නම් බාහිරින් එය හඳුනාගත හැකි ලක්ෂණ ඇත. නිරන්තර දුක, සතුට නැතිකම, ඇඟට ප‍්‍රබෝධයක් නැතිකම, අමතකවීම, තරහ යාම, තමා වරදක් කළා යැයි හැඟීම, ජීවිතය එපාවීම, කෑම අරුචිය, නින්ද පිළිබඳ ගැටලූ විෂාදයේ රෝග ලක්ෂණයි. මේවා වෛද්‍ය ප‍්‍රතිකාර මගින් සුව කරගත හැකිය.

කෙනෙකුට ඇතිවන දුක, ලජ්ජාව, තරහව වැනි ආවේග සදාකාලිකව, පවතින ඒවා නොවේ. ඒවා ඒ තත්ත්පරයේම හෝ පැය කීපයකින්, දින කීපයකින් නැතිවී යන ආවේගයි. ආවේග දරාගත නොහැකිව සියදිවි හානි කර ගැනීම මෝඩකමකි. මෙවන් ආවේගයක් ඇතිවූ කල්හී වඩා සමීප හිතෛෂියෙකු හෝ විශ්වාසවන්තයකු සමග කතාකිරීම සුදුසුය. එසේ කළ නොහැකිනම් ඒ ගැන ලිවීම, ආගමික වතාවත්වලට සහභාගී වීම, කලා කටයුත්තක යෙදීම හෝ කාලයට ඉඩදීම තුළින් ආවේග තුනීවී යා හැක.

ගැටලූකාරී මත්පැනට යොමු වූවන්ටද ප‍්‍රතිකාර ක‍්‍රම ඇත. අද පිරිමි අයගෙන් 60% කට ආසන්න පිරිසක් මත්පැන් ගැටලූවලින් පෙළෙයි. ඒ අය සඳහා ද ප‍්‍රතිකාර ඇත. එමෙන්ම ඒ අයට ප‍්‍රථිකාර කරන විවිධ ආයතන ද ඇත.

තම ළබැඳියකු නිසා ඇතිවන ගැටලූවලදී හෝ සිත් තැවුල්, පේ‍්‍රම සම්බන්ධතා, ආර්ථික ගැටලූ, විභාග ගැටලූ හා ශාරීරික වැනි ගැටලූ නිසාත් අදාළ කෙනා සිය දිවි නසා ගැනීම ගැන ළබැ`දියන් සමගම ඉඟි පළ කිරීම සිදුවේ.

විද්‍යාත්මකව සිදුකළ පර්යේෂණවලින් හෙළිවන්නේ සිය දිවි නසාගන්නට 37% පමණ කලින් අඟවන බවයි.

”මට මැරෙන්න ඕන”

”මම මැරෙනවා ”

”මෙහෙම ජීවත්වනවට වඩා හොඳයි මැරෙන එක ”

”මම සියල්ල දෛවයට භාර දෙනවා ”

වැනි ඉඟි දෙන පුද්ගලයෝ සිටිති. මෑත කාලයේ නම් එවන් අය කිය කියා ඉන්නවට වඩා මුහුණු පොතේ ඒ බව සටහන් කරයි. සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් දෙයක් කෙනෙක් කියයි නම් ඒ ගැන සොයා බැලීම කළ යුතුයි. විශේෂයෙන් තරුණ ළමයි අධික ලෙස කේන්ති ගන්නේ නම් හුදකලාව කාමරයට වී සිටින්නේ නම් ඒ ගැන සොයා බැලිය යුතුයි. මේ අයටද වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍යය.

මනෝ වෛද්‍ය ප‍්‍රභාත් වික‍්‍රම කියනුයේ මේ සියලූ හේතු කාරණා අවසානයේ විෂාදය හැදීමේ ඉඩකඩ වැඩි බවයි. විෂාදය හැදුණු කෙනෙකුට සිය දිවි හානි කරගන්නට හිතෙන ඉඩ වැඩිය. ඒ නිසා මේ ගැටලූවල ජීවත් වන්නන් සමීපතමයන් හෝ හඳුනාගන්නේ නම් ඔවුන් වහා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් ඒ ජීවිත ඛේදවාචකයකින් අවසන් නොවී ඔවුන්ටද පරමායුෂම ලැබෙනු ඇත.

බියංකා නානායක්කාර

“සුමති සම්මාන උළෙල මට නම් තරගයක් කියලා දැනුණෙ නෑ” දෙවෙනි ඉනිමේ දෙවුමිගෙන් ආන්දෝලනාත්මක කතාවක් 

“සුමති සම්මාන උළෙල මට නම් තරගයක් කියලා දැනුණෙ නෑ” දෙවෙනි ඉනිමේ දෙවුමිගෙන් ආන්දෝලනාත්මක කතාවක්

ඇය නමින් නයනතාරා වුණත් ප්‍රේක්ෂකයන් ඇයව හඳුනන්නේ ‘දෙව්මි’ නමින්. ඒ ජනප්‍රියත්වය කෙතරම්ද කියතොත් රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේ ජනප්‍රියම නිළිය වූ ඇය මෑතකදී පැවැත්වූ සුමති ටෙලි සම්මාන රාත්‍රියේදිත් ජනප්‍රියතම නිළිය ලෙස කිරුළු පලඳිනවා. වසරේ ජනප්‍රිය නිළියගේ සම්මානයක සතුට වචන බවට ලියැවුණේ මෙහෙමයි.

දෙවැනි වතාවටත් ජනප්‍රියම නිළිය වෙන්න පුළුවන් වුණා නේද? මොකද හිතෙන්නේ?

ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරය විඳින්න තවත් අවස්ථාවක් ලැබුණා කියලයි මට නම් හැඟෙන්නේ. ඔවුන්ගේ ඒ ආදරය තමයි අද මාව ජනප්‍රිය නිළිය හැටියට හැමෝම ඉදිරියට අරන් ඇවිත් තියෙන්නේ. ගොඩක් සතුටුයි ඒ ආදරණීය ප්‍රතිචාර නොඅඩුව ලැබිමට තරම් මම සුදුස්සකු වීම ගැන.

ජනප්‍රිය නිළිය කියන දේ ඔබ කොහොමද දකින්නේ?

ජනප්‍රිය නිළිය කියන තැන රැකෙන්නේ ප්‍රේක්ෂක ආදරය සහ කැමැත්ත මත. ඔවුන්ගේ ආදරයේ සහ කැමැත්තේ එකතුවක ප්‍රතිඵලයක් හැටියට ජනප්‍රිය නිළිය සම්මානය පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මං දකින දේ නිතරම දකින්න හිටියා කියලා ඒ වටිනාකම ගොඩනගා ගන්න අමාරුයි. අපි කරන එක චරිතෙත් හොඳට ප්‍රමාණවත් ප්‍රේක්ෂක හදවතේ අපි වෙනුවෙන් ඉඩක් වෙන්කරගන්න.

රයිගම් ටෙලි සම්මාන රාත්‍රියට වඩා මෙවර ලොකු තරගයක් තිබුණා කියලා හිතෙන් නැද්ද?

මට නම් තරගයක් කියලා හැඟීමක් දැනුණෙ නෑ. නමුත් රසික රසිකාවියන් තුළ උදේ‍යා්ගයක් තිබුණා කියලා නම් මට දැනුණා. එහි ප්‍රතිඵලය දෙවැනි වරටත් මාව ජනප්‍රිය නිළිය බවට පත්කළා.

ජනප්‍රියම නිළිය වෙන්න එස්.එම්.එස්. සඳහා ඔබට කීයක් වියදම් වුණාද?

වියදම් කරගෙන ජනප්‍රිය වෙන්න තරම් අවශ්‍යතාවක් ඇත්තටම මට නෑ. ඒක නිරායාසයෙන්ම ප්‍රේක්ෂක හදවතින් ලැබෙන දෙයක්. කෙසේ නමුත් ජනප්‍රිය වෙන්න වියදම් කරන්න තරම් හැකියාවකුත් මට නෑ.

ජනප්‍රියත්වයට බලපාන්නේ රූපයද? හැකියාවද?

දක්ෂතාව නම් අනිවාර්ය සාධකයක් වෙනවා ප්‍රේක්ෂක හදවත්වලට සමීප වීමේදී. ප්‍රසිද්ධ වෙන්නත් ඕනම කෙනෙක්ට පුළුවන්. රූපය හරහා වුණත් ප්‍රසිද්ධිය ළඟාකරගන්න පුළුවන්. නමුත් ජනප්‍රියත්වය ඉන් එහා ගිය දෙයක්. මොකද අපේ හැකියාවට මිනිසුන්ගේ ආදරය එකතුවෙලා ගොඩනැගෙන වටිනාකම හැටියටයි මම ජනප්‍රියත්වය දකින්නේ.

ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් අඩුවක් නැතුව ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලැබෙන හැම ප්‍රතිචාරයකම තියෙන්නේ ඔවුන්ගේ ආදරය. ඒ ආදරය මට හොඳට දැනෙනවා. මොකද මං ජීවත් වෙන්නේ ඔවුන්ගේ ආදරය සහ ආශිර්වාදය එක්ක නිසා. මට ඔවුන්ව දැනෙනවා.

හොඳම නිළිය වෙන්න අදහසක් නැද්ද?

ජනප්‍රිය කිරුළ වගේම හොඳම නිළිය කිරුළත් මගේ බලා‍පොරොත්තුවක්. ඒ වෙනුවෙන් ලැබෙන අවස්ථා තෝරලා බේරලා මගේ හැකියාව ඒ සඳහා යොදවන්නයි මං උත්සාහ ගන්නේ. මේ වෙනකොටත් අලුත් නිර්මාණයක වැඩ කරගෙන යනවා. සම්මාන බලා‍පොරොත්තුවෙන්ම රඟපාන නිළියක් නම් ‍නෙවෙයි මම. නමුත් ඇගැයීමක් ලැබිය යුතුයි නම් අනිවාර්යයෙන්ම ඒ දේත් ලැබෙයි.

දෙවැනි ඉනිම හරහා සමාජයට වැරදි ආදර්ශයක් දෙනවා කියලා කියනවා. ඔබේ අදහස මොකක්ද ඒ ගැන?

ඕනම කෙනෙක්ට හොඳ හෝ නරක ප්‍රතිචාර දැක්වීමේ ස්වාධීන අයිතියක් සහ නිදහසක් තියෙනවා. ඒක වැරදි කියන්නේ නෑ මං, නමුත් මේ අපේ රටේ අපේ කලාකරුවන්ගේ නිර්මාණයක්. මුලින්ම අපි ඒ දේයි අගය කළ යුත්තේ. දෙව්මිලා, සමන්තලා, අනුහස්, අවන්ත, උදේනි, රවී වගේ චරිත අපි අතර ජීවත් වන සජීවී චරිත හැමෝගෙන්ම හිතින් ‍පොඩ්ඩක් අහලා බැලුවොත් උසස් පෙළ කා‍ලේ ජීවිතේ සුන්දරත්වය කිසිම කෙනෙක් මේ තුළ වරදක් නොදකීවි. මගේ දැක්ම නම් සජීවී, සංවේදී චරිත රඟන ස්වභාවික නිර්මාණයක් තමයි දෙවැනි ඉනිම කියන්නේ.

සමහර අධ්‍යක්ෂවරු කියනවා සම්මානයක් දෙකක් ගත්තාම නළු නිළියෝ හරි ආඩම්බරයි කියලා. ඔබටත් ඒ කතාව අදාළයිද?

මේ වනතුරු නම් කිසිම කෙනෙක්ගෙන් ඒ විදිහේ ප්‍රතිචාර නම් ලැබිලා නැහැ. ඇත්තට මං ආඩම්බර චරිතයක් ‍නෙවෙයි. සම්මානයක්ම ලැබුණයි කියලා අනවශ්‍ය විදිහට ආඩම්බර වෙන්න අවශ්‍ය නෑ.

සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?

චිත්‍රපට තුනකට රංගනයේ යෙදෙන්න මට අවස්ථාව ලැබුණා. බොහෝ දුරට ඒ නිර්මාණවල වැඩ මේ වෙනකොට අවසන්. සම්භාව්‍ය ගණයේ සහ වාණිජමය නිර්මාණ හැටියට ඒ චිත්‍රපට හරහා සිනමාව තුළිනුත් මාව දකින්න පුළුවන් වේවි.

මතෛක් පැමිණි ගමන් මගේ කාටද ස්තුති කරන්න තියෙන්නේ?

මේ වෙනතෙක් මම රංගනයේ යෙදුණු හැම නිර්මාණයකම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම දෙවැනි ඉනිම අපේ කණ්ඩායම වගේම ටී.වී. දෙරණ මේ ගමනට ලොකු හයියක් වුණා. ඔවුන්ටත් ආදරණීය ප්‍රේක්ෂක පිරිසටත් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

ඉදිරි වැඩකටයුතු මොනවාද?

නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ අතරින් චන්න පෙරේරාගේ අධ්‍යක්ෂණයක් වන ‘භාවාත්මා’ කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ප්‍රේක්ෂක හදවත්වලට සමීප විය හැකි තවත් චරිතයක් කියල මට එහි චරිතය දැනෙනවා. ලැබෙන අවස්ථා තුළින් හොඳ චරිත තෝරාගෙන ප්‍රේක්ෂකයන් අතරට ඒමයි මගේ බලා‍පොරොත්තුව.

නදුනි ආරියවංශ

කාමරංකා කන්න එපා ඔබේ ජීවිතය අනතුරේ මෙන්න නවතම පරීක්ෂණයකින් හෙළිවුණුදේ කෑවොත් ඉතින් බඩුම තමා 

කාමරංකා කන්න එපා ඔබේ ජීවිතය අනතුරේ මෙන්න නවතම පරීක්ෂණයකින් හෙළිවුණුදේ කෑවොත් ඉතින් බඩුම තමා

වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ බරපතළ සෞඛ්‍ය තර්ජනයකි. කිහිප ආකාරයක වකුගඩු ආසාදන ශ්‍රී ලංකාවේ වාර්තා වන අතර මෑතක සිට කෙටිකාලීන වකුගඩු ආසාදන වඩාත් වේගයෙන් පැතිරෙන බව දක්නට ලැබේ. එබැවින් එකී රෝගයට හේතුව කුමක්දැයි සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබේ. එම රෝගී තත්ත්වයට කාමරංකා පලතුර එක හේතුවක් බව විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කිරීමත් සමග රටේම අවධානය කාමරංකා වෙත යොමු විය. මේ එම වෛද්‍යවරයා හා කළ සාකච්ඡාවකින් ලියැවෙන ලිපියකි.

අපේ ළමා කාලයේ ගෙවතුවල බොහෝ පලතුරු ගස් තිබුණා මතකය. එහෙත් ඒ බොහෝ පලතුරු අපට සිත් සේ භුක්ති විදීමට දෙමාපියන් ඉඩ දුන්නේ නැත. ඒ විවිධ ලෙඩ දුක්වලට ඒවා මුල්වන බව කියමිනි. එහෙත් එක්තරා ගසක ගෙඩි සිත් සේ කෑමට අපට බාධාවක් නොවීය. කොළ පාටින් දිළිසි දිළිසි දාර බේරි තිබූ ඒ ගෙඩි කටට ගෙන හැපූ සැනින් කට කන ළඟට ගොස් කට කෙළවරින් කෙළ බේරෙන තරමේ ඇඹුලක් දැනුණා මතකය. කාමරංකා ලෙසින් හැඳින්වූ එකී පලතුරු විශේෂය අප එදා කොලුකමට කා දැමුවද අපේ අම්මලා තාත්තලා එය කෑමට ගත්තේ ‘සීනි අමාරුවට’ හොඳ බව කියමිනි. එහෙත් අප මේ කියන්නට යන්නේ කාමරංකා ගැන ඊට වඩා ඉඳුරාම වෙනස් ප්‍රවෘත්තියකි.

කාමරංකා ගැන මෙතුවක් රටේ තිබුණේ එය දියවැඩියාවට හොඳ බෙහෙතක් බවය. එමෙන්ම නිතර කෑමෙන් දත් පිරිසිදු වන බවට විශ්වාසයක්ද විය. එහෙත් මේ සියල්ල යටපත් කරමින් පසුගිය සතියේ කාමරංකා ගැන අලුත් පුවතක් රට පුරා පැතිර යන්නට විය. බට කැ‍ලේට ගිනි තිබ්බා සේ රටේ පැතිරුණ එකී පුවතින් කියවුණේ කාමරංකා නිසා වකුගඩු අකර්මණ්‍ය වන බවය. මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය කර තිබුණේ ජාතික රෝහ‍ලේ වෘක්ක වේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන එරංග විජේවික්‍රම විසිනි.

අනාදිමත් කාලයක් ලාංකිකයාගේ ජනප්‍රිය පලතුරක් වූ කාමරංකා මෙතරම් බිහිසුණු රෝගී තත්ත්වයකට අත වනන්නේ කෙසේදැයි ඔහු පැහැදිලිි කළේ මෙසේය.
“කාමරංකා කියන්නේ ඇඹුල් රසැති පලතුරකි. මෙහි ඔකසිලික් ඇසිඩ් නමැති අම්ල වර්ගය අඩංගු වෙනවා. මෙකී අම්ල වර්ගය ශරීරගත වූ පසු වෘක්කාණු (වකුගඩු තුළ ඇති)නම් නාල විශේෂයට හානි ගෙන එනවා.

ඒ කියන්නේ ඒ නාල අවහිර වෙනවා. වකුගඩුවල මෙවැනි නාල විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා මුත්‍රා පෙරීමට දායක වෙනවා. මෙම නාල අවහිර වීම නිසා මුත්‍රා කිරීම අඩාලවී සිරුරෙන් ඉවත්විය යුතු විෂ වර්ග වන යූරියා වැනි දේවල් වකුගඩු තුළ රැඳෙනවා. එය හානි කරයි“
විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම පවසන පරිදි කාමරංකා පිළිබඳ සැකය ඔහු තුළ ජනිත වනුයේ අහඹු ලෙස කළ තොරතුරු විමසීම් නිසාය.

“ජාතික රෝහලට එන වකුගඩු රෝගීන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. එක් කොටසක් අපි දන්න නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) පෙළෙන අය. අනිත් අය දියවැඩියාව, විෂබිජ ශරීරගතවීම වැනි යම් නිශ්චිත තත්ත්වයක් නිසා වකුගඩු රෝගී වූ අය. ඒ වගේම තවත් කොටසක් ඉන්නවා ඒ හිටි හැටියේ වකුගඩු රෝගී වූ අයයි. එය විශේෂ තත්ත්වයක්. නිරෝගීව සිටි කෙනකු හිටි හැටියේ වකුගඩු අසාදිතයන්වීම සුවිශේෂ කරුණක්. එවැනි රෝගීන්ගේ රෝගී තත්ත්වය ගැන දැන ගන්න අපි විවිධාකාර ප්‍රශ්න කිරීම් කරනවා. එතැනදී ඔවුන්ගේ ආහාරපාන, ඇවතුම් පැවැතුම්, රැකියාව වැනි දේ ගැන අපි විමසනවා. එවැනි සොයා බැලීම්වලදී රෝගීන් ගණනාවකගෙන්ම කාමරංකා ආහාරයට ගත් බව තහවුරු කරගන්නට පුළුවන් වුණා”

රෝගීන්ගේ ප්‍රකාශ මගින් කාමරංකා ගැන ඇතිවූ සැකය තහවුරු කර ගැනීම වෛද්‍ය එරංග ඇතුළු සගයන්ගේ ඊළඟ අවශ්‍යතාව ලෝකයේ විවිධ රටවල පළමු වෛද්‍ය ‍ලේඛන (Medical jarnal) විධිමත්ව අධ්‍යයනය කරන්නටද සිදුවිය. එහිදී බොහෝ ‍ලේඛනවලින් වකුගඩු ආසාදනය සහ කාමරංකාවල සබැඳියාව තහවුරු කරගත හැකි විය.

ඒ අනුව දිගු කලක් කළ සොයා බැලීම්වල අවසානයේ කාමරංකා කෙටි කාලීන වකුගඩු ආසාදනවල සබැඳියාව තහවුරු කර ගත හැකි විය. කාමරංකා මගින් කෙටි කාලීන වකුගඩු රෝග ඇති කිරීම එක එක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. ඇතැම්හු දින ගාණක් හෝ මාස ගාණක් කාමරංකා කෑ පසු කෙටි කාලීන වකුගඩු අකර්මණ්‍යතාවට ලක්ව ඇත. එමෙන්ම තවත් අය එක කාමරංකා ගෙඩියක් කෑ පසු මෙකී රෝගී ලක්ෂණ පෙන්වා ඇත. තවත් අය පානයක් ලෙස එක දිනක් පානය කළ පසු රෝගී ලක්ෂණ පෙන්වා ඇත. ඊට හේතුව වෛද්‍ය එරංග විජේවික්‍රම පහදා දෙනුයේ මෙසේය.

“කාමරංකා ප්‍රධාන ආහාර වේලට පසු අතුරුපසක් ලෙස ගැනීම එතරම් ගැටලුවක් නොවෙයි. ඒත් හිස්බඩ කාමරංකා කෑම හෝ බිම සුදුසු නෑ. ඊට හේතුව ආමාශයේ ආහාර නැති වෙලාවලදී කාමරංකාවල ඇති ඔක්සිලික් අම්ලය සෘජුවම ශරීරගත වන වීමයි.

ඒ වගේම තමයි කන ප්‍රමාණය, දිනපතා ගෙඩි ගණනාවක් කෑම නැතිනම් ගෙඩිය බැගින් දිගුකාලයක් කෑම රෝගී ලක්ෂණ පෙන්වීමට ගතවන කාලයට බලපානවා. ඒ වගෙම තමයි ඔබේ වකුගඩුවල ඔබ නොදන්නා සුළු හෝ රෝගී තත්ත්වයක් තිබුණෙත් කාමරංකාවල හානිය ඉක්මනින් දැනෙන්න පුළුවන්”
අතීතයේ කාමරංකා වැඩිපුර කෑවේ ගම්වල ඇත්තන්ය. එහෙත් අද තත්ත්වය ඊට වඩා වෙනස්ය.

නාගරික සුපිරි ජීවිත ගත කරන්නන්ට කෑම මේසයේදී තමුන් අමතක කළ ගම සිහිපත් වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ඒ නිසාමදෝ ඔවුහු අඟුණකොළ, තැල් කොළ, පතෝල, වැටකොළු, මියන දලු ආදී ගම්වල කෑම සොයා යති. අනෝදා, වෙරළු, කාමරංකා වැනි හද්දා පිටිසර සුලබ පලතුරු සොයා සොයා යති. අලුත්ම ‘ටේ‍රන්ඩ්’ එක වී ඇත්තේ පලතුරු කෑම නොව බිමය. ඒ නිසා නාගරිකව ජීවත්වන්නෝ ජූස් බාර්වලට ගොඩවී සිත්සේ පලතුරු යුෂ පානය කරති.

බොහෝ අය මේවා බොන්නේ උදෑසන ජොගිංවලට ගොස් එද්දී “ඒ වගේ වෙලාවට අපි ඉන්නේ හිස් බඩ. දාඩිය දාලා ඇඟේ ජල ප්‍රමාණය අඩුයි. ඉතින් ලොකු කාමරංකා වීදුරුවක් බිවම අපේ ශරීරයට වෙන හානිය ඉතාම වැඩියි. වකුගඩුවලින් තනිකරම කාමරංකා යුෂ පෙරන්න ගියාම වෘක්කාණු හානියට පත්වීම කඩිනම් වෙනවා” යැයි වෛද්‍ය එරංග විජේවික්‍රම පවසන්නේය.

කාමරංකා ආහාරයට ගැනීමෙන් විශේෂයෙන් වැළකිය යුතු අය ලෙස වෛද්‍යවරු හඳුන්වන කණ්ඩායම් කිහිපයක් වේ. ඒ දියවැඩියා රෝගීන්, වකුගඩු බද්ධ කළ හෝ උපතින්ම එක වකුගඩුවක් ඇති රෝගීන් හා කිසියම් ආකාරයක වකුගඩු ආසාදනයකට ලක්වූවන් යන කණ්ඩායම්ය.
“එහෙම අය කාමරංකා ආහාරයට ගන්නවා නම් ඉක්මනින්ම රුධිර පරීක්ෂාවක් කර ගැනීම සුදුසුයි“ වෛද්‍ය විජේවික්‍රම අවධාරණය කරන්නේය.

දිගු කලක් පුරා අප කෑමට ගත් පලතුරක් ගැන අලුතින් මතුව ඇති අවදානම කුමක්දැයි ඔබට සිතෙන්නට පුළුවන. වෛද්‍ය එරංග ජයවික්‍රම පවසන පරිදි කෙටි කාලීන වකුගඩු අකර්මණ්‍යතාව සෑමවිටම මරණයෙන් කෙළවර නොවේ.
“කාමරංකාවල තියෙන ඔක්සිලික් ඇසිඩ් නිසා වෘක්කාණු අවහිර වුණ අය යළිත් එම පලතුර නොකා සිටීමෙන් වගේම ඊට සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුවවන අවස්ථා තිබෙනවා.

මොකද මෙම අවහිරතාව මහගැරී ගිය පසු මුත්‍රා පෙරීම සාමාන්‍ය අතට පත්වෙනවා. ඒත් වකුගඩු වැනි සංවේදී ඉන්ද්‍රියකට වන හානිය යළි සියයට සියයක්ම යථා තත්ත්වයට පත්වන්නේ නෑ. එවැනි රෝගියකුට පසුකාලීනව අවදානම ඉතා වැඩියි. ඒ වගේම තමයි විෂබිජ ශරීරගත වීමකට ලක් වුවහොත් තත්ත්වය බරපතළ විය හැකියි. විශේෂයෙන්ම කාමරංකා දියවැඩියාවට ගුණදායක බව පැවැසුනත් එවැනි රෝගීන් මෙම පලතුර ආහාරයට ගැනීම භයානකයි“ වෛද්‍ය එරංග පවසන්නේය.

එළවළු සහ සහල් වැනිදේට කෘෂිරසායනික අවිචාරවත්ව යොදන බව දැන දැනත් අපි ඒවා කරන්නෙමු. ඒ වෙනත් විකල්ප නැති බැවිනි. එහෙත් කාමරංකා යනු එලෙස නොතකා බැරි පලතුරක් නොවේ. එබැවින් හැකි සැමවිටම කාමරංකා කෑමෙන් වැළකී සිටීම සුදුසුය. එමෙන්ම කාමරංක කන සියලුදෙනාට වකුගඩු ආසාදන ඇතිවන්නේ නැති බවද වෛද්‍ය එරංග විජේවික්‍රම පවසන්නේය.
කාමරංකාවලට අමතරව එම කුලයටම අයිති බිලිංවලද ඔක්සිලික් ඇසිඩ් අඩංගුය. එබැවින් එයද ආහාරයට ගැනීමට පෙර සිතා බැලීම වඩාත් සුදුසුය.

ජීවක ජයසිංහ

උතුරු කොරියානු නායකයා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇතැයි කියා උතුරු කොරියානු නායකයා බියෙන් තැති ගනී

උතුරු කොරියානු නායකයා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇතැයි කියා උතුරු කොරියානු නායකයා බියෙන් තැති ගනී

මේ දිනවල ආසියානු දේශපාලන කරළියේ වඩාත්ම ආන්දෝලනාත්මක රාජ්‍ය නායකයා බවට පත්ව සිටින්නේ උතුරු කොරියාවේ කිම් ජොන්උන් යැයි කිවහොත් නොඅනුමානවම බොහෝ දෙනෙකු ඊට එකඟ වනු ඇත. එයට ආසන්නතම හේතුව නම් මේ වන විට ඔහු ඇමෙරිකානු සුපිරි බලවතාට එරෙහිව දැඩි ආවේගශීලී, ‘ප්‍රහාරාත්මක’ ප්‍රවේශයක් පෙන්වමින් වාග් සංග්‍රාමයක පැටලී සිටීම සහ ඇමෙරිකාවට එරෙහිව න්‍යෂ්ටික මිසයිල තර්ජනයක් පවා ඉදිරියට ගෙන ඒමට සමත්ව සිටීමයි.

ඇමෙරිකාවට පහර දිය හැකි බව පැවැසුණු මිසයිල දෙකක් පසුගිය දිනවල උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද අතර ඇමෙරිකානු හමුදා කඳවුරු පිහිටි ගුවාම් නමැති දූපත ආසන්නයට මිසයිල ප්‍රහාර එල්ල කරන බවටද වහසි බස් කීවේය.

එයට පෙරහුරුවක් වශයෙන් දෝ ජපානයට ඉහළින් පැසිෆික් සාගරයට මිසයිල දෙකක් යැවීමටද උතුරු කොරියාව පියවර ගත්තේය. උතුරු කොරියාව ඇමෙරිකාවට එරෙහිව මේ සියල්ල කරන්නේ ඇමෙරිකාව දකුණු කොරියාවත්, ජපානයත් සමග එක්ව තම රට ආක්‍රමණය කිරීමටත්, රටේ පාලනය පෙරලා දමා ඇමෙරිකානු හිතවාදී පාලනයක් එහි බිහි කර ගැනීමටත් කුමන්ත්‍රණය කරමින් සිටිනවාය යන චෝදනාව පදනම් කර ගනිමිනි.

මේ ආකාරයෙන් ඇමෙරිකාව සමග ඇති කරගත් උණුසුම් ගැටුම් හේතුවෙන් මහත් කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටින කිම් ජොන් උන් සම්බන්ධයෙන් ගිය සතියේ තවත් ආන්දෝලනාත්මක පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය හරහා වාර්තා විය. එනම් ඔහු ඝාතනය කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීමේ සූදානමක් පවතින බවටය.

ඉදිරි කාලයේදී කිම් ජොන් උන් ගේ ක්‍රියාකාරකම් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී යුදමය තත්ත්වයක් ඇති වුවහොත් ඔහු ඝාතනය කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට ඇමෙරිකාවේ සමීපතම සගයෙකු වන දකුණු කොරියාව අදහස් කරගෙන සිටින බව මෙහිදී අනාවරණය කෙරිණි. අල් කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කළ ඇමෙරිකානු හමුදා අංශවල සහයද මෙහිදී දකුණු කොරියාවට ලැබෙනු ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණි. ඒ දකුණු කොරියානු සෙබළුන් මේ සඳහා පුහුණු කිරීම වැනි කටයුතුවලදීය.

කිම් ජොන් උන් සම්බන්ධයෙන් මෙවැනි බැරෑරුම් තීරණයක් ගැනීමට සිදුව ඇත්තේ කලින් සඳහන් කළ ලෙසම උතුරු කොරියාව මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීමේ වැඩපිළිවෙළ නිසා ය. මෙම වැඩපිළිවෙළ නිසා ඇමෙරිකාවට මෙන්ම ඇමෙරිකාවේ මිතුරන් වන දකුණු කොරියාවට සහ ජපානයටද අනතුරක් ඇති බව එම පාර්ශ්වයෙන් කියැවෙන කතාවයි.

ඔවුන් කියමින් සිටින්නේ උතුරු කොරියාවෙන් තමුන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි. එබැවින් මෙම මිසයිල නිපදවීමේ වැඩසටහන නතර කර ගැනීම සඳහා දැන් කාලයක සිටම ඇමෙරිකානු පාර්ශ්වය උත්සාහ කරමින් සිටියි. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා උතුරු කොරියාවට එරෙහිව විවිධ ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනවීම ආදී ක්‍රියාමාර්ග පවා ඔවුන් විසින් ගනු ලැබුවද ඒ කිසිවකින් උතුරු කොරියානු වැඩපිළිවෙළ පාලනය කිරීමට හැකි වී ඇති බවක් නොපෙනේ.

මෙම සම්බාධක නිසා උතුරු කොරියානු ආර්ථිකයට යම් යම් බලපෑම් සිදුව ඇති බව සත්‍යයක් වුවද ඔවුන් කිසිවිටෙකත් සිය මිසයිල වැඩසටහන අත් හැරීමට සූදානම් නොවනු ඇති බව බොහෝ දෙනා පෙන්වා දෙන කාරණාවකි. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවා පසුගිය දිනෙක පවසා තිබුණේ උතුරු කොරියානුවන් තණකොළ කන තත්ත්වයට පත්වුවද න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත් නොහරිනු ඇති බවයි.

මෙම තත්ත්වය තුළ, ඇතැම් නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ දකුණු කොරියාව කිම් ජොන් උන් ඝාතනය කිරීමට සූදානම් වන බව පැවැසීම මෙම ගැටලුව විසඳීම සඳහා යොදාගන්නා කිසියම් මානසික උපක්‍රමයක් විය හැකි බවයි. මේ මගින් ඔහු තුළ සිය ජීවිතය පිළිබඳ බියක් ඇති කර ඒ ඔස්සේ ඔහු පාලනය කර ගැනීමට කල්පනා කිරීම මෙයට හේතුව විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

කිම් ජොන් උන් ඒකාධිපති ස්වරූපයේ නායකයෙකු බැවින් ඔහුට විරුද්ධ සහ ඔහු නිසා හිරිහැරයට පත්ව සිටින පාර්ශ්ව රට තුළම මෙන්ම ඔහුගේ සමීපතමයන් අතරද සිටිය හැකි බවත්, මෙවැනි පාර්ශ්ව හරහා කිම් ජොන්උන්ගේ ජීවිතයට හානියක් කිරීමේ හැකියාවක් තිබිය හැකි බවත් ඇතැම් ආරක්ෂක විශ්‍ලේෂකයන්ගේ අදහසයි.

මේ නිසා දකුණු කොරියාවේ මෙම ඝාතන සැලැස්ම පිළිබඳ කතාව උතුරු කොරියානු නායකයා තුළ තැති ගැන්මක් ඇති කරන්නට ඉඩ ඇති බව පෙන්වා දෙනු ලැබේ.
නමුත් මේ සම්බන්ධයෙන් මීට වෙනස් අදහස්ද ඉදිරිපත් වෙයි.

සිය නායකයා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇතැයි යන හැඟීම උතුරු කොරියානු ජනතාව තුළ ඔහු කෙරේ වන බැඳීම තවත් දැඩි කරන්නක් වීමටද ඉඩ ඇති බව ඇතැම්හු පෙන්වා දෙති. මේ තුළින් කිම් ජොන් උන් ගේ මිසයිල වැඩපිළිවෙළට ඇති ජනතා සහයෝගය ද වැඩි වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. උතුරු කොරියාවේ ජනතාවගෙන් විශාල පිරිසක් ඇමෙරිකාව ඇතුළු බලවතුන්ගෙන් සිය රටට එල්ල වන කෙණහිලිකම් ගැන විරෝධයෙන් පසුවන බව බොහෝ විට අසන්නට ලැබෙන කාරණාවක් බවද මෙහිදී සඳහන් කළ යුතු වෙයි.

මොන තර්ජන එල්ල වුවත් උතුරු කොරියාව සිය න්‍යෂ්ටික මිසයිල වැඩසටහන අත් හැර දමනු ඇත්ද යන්න සැක සහිතය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ ඇමෙරිකානු පාර්ශ්වයෙන් සිය රට ආරක්ෂා කරගැනීමට ඇති වුවමනාව ය.

ඇමෙරිකාව ඔවුන්ගේ මිතුරන් සමග එක්ව සිය රට ආක්‍රමණය කිරීමටත්, කිම් ජොන් උන් පාලනය පෙරලා දමා ඇමෙරිකානු හිතවාදී පාලනයක් එහි ස්ථාපිත කර ගැනීමටත් කුමන්ත්‍රණය කරන බව උතුරු කොරියාව නිතර පවසයි. එහිදී ඔවුහු ඉරාකයේ සිදු වූ ඇමෙරිකානු ආක්‍රමණයද නිදසුන් ලෙස පෙන්වා දෙති. මෙම ඇමෙරිකානු තර්ජනයෙන් ගැලවීමට නම් තමුන් න්‍යෂ්ටික බලවතෙකු බවට පත්විය යුතුය යන්න ඔවුන්ගේ මතය වී තිබේ.
ඇමෙරිකානු පාර්ශ්වය තුළ මෙවැනි කුමන්ත්‍රණකාරී සැලැස්මක් තිබිය හැකිය යන්න සම්බන්ධයෙන් උතුරු කොරියාවේ අසල්වැසියන් වන චීනය සහ රුසියාවද අවධානයෙන් සිටින බව දැකිය හැකි වෙයි.

යම් හෙයකින් උතුරු කොරියාව තුළ ඇමෙරිකානු ගැති පාලනයක් ඇති වුවහොත් එය මෙම කලාපය තුළ චීනයේ මෙන්ම රුසියාවේද බලයට අභියෝගයක් බව ඔවුහු දනිති. මේ නිසා චීනය සහ රුසියාව බොහෝ දුරට උතුරු කොරියාව සම්බන්ධයෙන් දක්වන්නේ තරමක මෘදු ආකල්පයකි. තීරණාත්මක අවස්ථාවක බොහෝ දුරට ඔවුන්ගේ සහය උතුරු කොරියාවට ලැබෙනු ඇතැයි බලා‍පොරොත්තු විය හැකිය. මෙයද උතුරු කොරියානු නායකයා තුළ කිසියම් ආත්ම විශ්වාසයක් ඇති කරන සාධකයක් ලෙස සැලකිය හැකි වෙයි.

තමා ඝාතනය කිරීමට දකුණු කොරියාව සැලසුම් කරන බවට ඇති කතාව කිම් ජොන් උන් තුළ කවර බලපෑමක් ඇති කරනු ඇත්ද යන්න තීරණය වනු ඇත්තේ මෙම සියලු සාධකවල එකතුවෙනි.

නිහාල් පීරිස්

හැමෝම ආදරයකළ “කීල්ස් කොල්ලා” දසුන් නිෂාන්ගේ රංගන දිවිය ගැන ඔබ නොඇසූ කතාව මෙන්න 

හැමෝම ආදරයකළ “කීල්ස් කොල්ලා” දසුන් නිෂාන්ගේ රංගන දිවිය ගැන ඔබ නොඇසූ කතාව මෙන්න

” කීල්ස් කොල්ලා ” කලක් කා අතරත් නොදන්නා චරිතයක් වුණා.වැඩි දෙනෙකු අතර ප්‍රසිද්ද වීමට මේ නමත් දායක වුණා.මෙලෙස ප්‍රසිද්දියක් ලැබීමට වාසනාවන්ත වුණේ වෙන කවුරුවත් නොව ඊයේ දිනයේ ( 28 ) සදහටම අප අතරින් යන්න ගිය මරණයට පත් වූ දසුන් නිශාන් නමැති සොඳුරු කලාකරුවා.මොහු කිසිදිනක රසිකයන් අතරින් නොමැකි තියෙවී..තරුණයෙක් වුවත් ඔහු ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයන් විශාල පිරිසකගේ ආදරය දිනා ගැනීමට හැකි වුණා.

කීල්ස් කොල්ලා ගැන කතා කලොත්,ලංකාවේ තිබෙන ප්‍රමුඛ පෙලේ සමාගමක් තමයි කීල්ස් සුපර් කියන්නේ.මේ සමාගම විසින් ඔවුන්ගේ වෙළඳ දැන්වීමක් සඳහා මෙම කඩවසම් චරිතය යොදා ගැනීමට කටයුතු කළා.දසුන් නමැති මේ කඩවසම් චරිතය ඒ සඳහා කැමැත්තෙන් සහභාගී වී තිබෙනවා..ඔබත් ඕනෑ තරම් එම වෙලන්දසැල වෙත යන දොරටුව ළඟ ඔහුගේ චායරුපය සහිතව බඩුමල්ලක් අතින් ඇතිව තිබෙන ජීවමාන කාඩ්බෝර්ඩ් රුවක්..ඔහුත් සමග එම ජීවමාන කාඩ්බෝර්ඩ් රුවට පෙනීසිටීමට දායක වූ තවත් කෙනෙක් තමයි අපේ රටේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කුමාර සංගක්කාර.එම නිසා මොවුන් දෙදෙනාද හොඳ මිතුරන්ද වුණා.

දසුන් මිය යන විට වෙළඳ දැන්වීම් 60ක් පමණ දායක වී තිබෙනවා.කෙතරම් රට පුරා කතා පැතිරුණත් ඔහු මේ කල සේවාව අපට අමතක කල නොහැක.ඔහුගේ මේ දක්ෂතා සදා නොමැකි තියේවි..සදහටම වෙන්ව ගිය දසුන් නිශාන් ඔබට නිවන් සුව ලැබේවා..

ලයිවු වැල බලන්න මහා රෑ පොල්ගහේ බඩගාපු දකුණේ කොල්ලේක් බඩත් ලේලිගහගෙන වැඩෙත් මාටු මෙන්න විස්තරේ

ලයිවු වැල බලන්න මහා රෑ පොල්ගහේ බඩගාපු දකුණේ කොල්ලේක් බඩත් ලේලිගහගෙන වැඩෙත් මාටු මෙන්න විස්තරේ

පොල් ගසක භාගයක් නැග අලූත බැඳපු ජෝඩුවක් නිදන කාමරයකට එබිකම් කළ තරුණයකුට ලැබුණු අපූරු දඬුවමක් පිළිබද පුවතක් දකුණේ ගමකින් වාර්තාවේ.

හේ තරුණයෙකි. කුලෑටිය. පේ‍්‍රම සබඳතාවලට බියක් දක්වයි. බොහෝ වෙලාවට ඔහු නිදි වර්ජිතව මේ කාර්යයේ නිරත වෙයි.

ළඟදී ඔහුගේ නිවස අසල තරුණයෙක් විවාහ වූයේය. ජෝඩුව නිදන කාමරයට දින දෙක තුනක සිටම එබිකම් කිරීමට ඔහු උනන්දු වූයේය. ඒ එම කාමරය අසල තිබු පොල් ගසක බාගයක් පමණ නැගය.

ජෝඩුව නිදන කාමරයේ ඇතුළත සිදුවන දේ කළුවර නිසා ජනේලයේ උඩින් ඇති කුඩා සිදුරුවලින් නොපෙනුණත් ඔවුන් දෙදෙනාගෙන් ඉඳහිට ඇහෙන මිහිරි වදන් ඔහුට මිහිරි විය.

එදා රාත‍්‍රියේත් ඔහු මේ අලූත බැඳපු ජෝඩුව නිදන කාමරය අසල තිබු පොල් ගසට නැග්ගේය. ඒ සුපුරුදු කාර්යයේ නියැළීමටය. ගතවුයේ ටික වේලාවකි. අවශ්‍යතාවක් සඳහා මේ ජෝඩුවෙන් කෙනෙක් කාමරයේ විදුලි පහන දල්වුයේය. මෙයින් ඔහු කොතෙක් කලබල වූයේ දැයි කිවහොත් පොල් ගසෙන් බැස්සා නොව ඉක්මනටම ලිස්සගෙන ආවේ පොල් ගසෙන් බඩ සීරෙන බව පිළිබඳවත් නොසිතාය. මෙසේ පොල් ගසෙන් ලිස්සාගෙන ආ ඔහුගේ බඬේ ලෙලි ගියේය. කොතරම් වේදනා දුන්නත් ඔහු එය ඉවසාගෙන ගෙදර දුවගෙන ආවේ කෑගැසූනොත් අත්වන ඉරණම ගැන සිතාය.

එළිවනතුරුම වේදනාවෙන් සිටි ඔහු ගෙදර අයට මේ වගක් නොපෙනීමට නිතරම කමිසයක් දමාගෙන සිටියේය. වේදනාව තවත් ඉවසාගත නොහැකිව සිටි හේ බොරු බේගල් රැසක්ම ඇද බාමින් සිය මිතුරෙකු සමග බෙහෙත් ගැනීමට උදේ රැයින්ම වෙද මහතකු ළඟට ගියේය.

වෙද මහතාගේ හරස් ප‍්‍රශ්න වලින් බේරීමට බැරිවූ නිසාම ඔහුට ඇත්ත කියන්නට සිදුවුයේ සිය මිතුරා ඉදිරියේමය. මිතුරාට සිදුව ඇති මේ හදිසි අකරතැබ්බය පිළිබඳව දැනුවත්වූ ඔහුගේ මිතුරා මේ බව කිසිවකුටවත් කියන්න එපා යයි ඔහු ඉල්ලීම් කළද මිතුරා අනෙක් මිතුරන්ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළේ නියම කල්‍යාණ මිතුරකුගේ ගුණද මනාව පෙන්වා දෙමින්ය.

(කරන්දෙණිය එම්. සුසිල් ප‍්‍රියන්ත)

මම කලෙත් සීගිරි ලලනාවන් කල වැඩේමයි එයාලත් උඩට ඇදුමක් ඇදලා නෑ නේ මම නිරුවත ප‍්‍රසිද්ධ කරලා ආපු කෙනෙක් නෙවෙයි – චමත්කා 

මම කලෙත් සීගිරි ලලනාවන් කල වැඩේමයි එයාලත් උඩට ඇදුමක් ඇදලා නෑ නේ මම නිරුවත ප‍්‍රසිද්ධ කරලා ආපු කෙනෙක් නෙවෙයි – චමත්කා

ඉරාජ් වීරරත්නගේ ගිනියම් රෑ මියුසික් වීඩියෝව හරහා ජනප‍්‍රියත්වයක් හිමිකරගත් චමත්කා ලක්මිණි සිනමාවට සම්බන්ධ වෙලා නිසා ඇගේ තොරතුරු අහන්න මෙවර කතා බහට ඇයව එකතුකර ගත්තා

ක්‍ෂේත‍්‍රයට ආපු හැටි මතක් කළොත්?

මම මුලින්ම අවේ නිරූපණයට, 2015 අවුරුද්දේ මිස් ටීන් ඔෆ් ඒෂියා පැජන්ට් එකට ගියා. ගිය අවුරුද්දේ සයිප‍්‍රස්වල පැවැත්වුණු මිස් ග‍්‍රීන් ටීන්වලට වගේම, මිස් ඒෂියා තරගයට සහභාගී වුණා.

මියුසික් වීඩියෝ වලට එකතු වෙන්නේ කොහොමද?

ෆයින් මීඩියා එකේ ලක්ෂාන් අයියගේ වැඩකට ගියා. ඊට පස්සේ සිකුරු ලියා ගීතයට රූප රචනය සදහා රංගනයෙන් දායක වුණා.

චමත්කා ඉදිරියේදී සිනමාවෙනුත් දකින්න පුළුවන් වෙයි ?

ඔව්. නාලක විතානගේ මහත්මයාගේ ෆිල්ම් එකක වැඩ කළා. එ්ක බෝහෝ දුරට මේ වසරේ තිරගත වේවි, තවත් ෆිල්ම් එකක වැඩ කළා, දිගටම සිනමාවට සම්බන්ධ වෙලා වැඩකරන්න කැමැත්තෙන් ඉන්නවා.

ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

නැහැ, කාලය මදි නිසා ටෙලිනාට්‍යවලට සම්බන්ධවෙන්නේ නැහැ කියල හිතුවා.

ඔබ නර්තන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා නේද?

ඔව්. උසස් පෙළෙන් පස්සේ තමයි මගේ යාළුවෝ නැටුම් කණ්ඩායමක් හදාගත්තා. මාත් එ්කට සම්බන්ධ වුණා. ඒක හසිනි පෙරේරා කරන්නේ. ඒකේ විතරයි මම රංගනයෙන් දායක වෙන්නේ.

වෘත්තියමය වශයෙන් මොන ක්‍ෂේත‍්‍රයද තෝරාගන්නේ?

නර්තනය, රංගනය, නිරුපණය මේ තුනම කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබව බෝහෝ දෙනා හදුනන්නේ ඉරාජ්ගේ ගිනියම් රෑ මියුසික් වීඩියෝව හරහා.ඒ වීඩියෝ නිසා නේද බෝහෝ දෙනා ඔබව හදුනා ගත්තේ ?

ඔව්. ඒ වීඩියෝවේ රංගනයෙන් දායක වීම ගැන කිසි පසුතැවීමක් නැහැ. මොකද ඒ වීඩියෝව නිසයි හැමෝම මාව දැනගත්තේ. අදටත් ගිනියම්රෑ එකේ චමත්කා කීවමයි මිනිස්සු මාව දන්නේ, ඒ නිසි මට ගොඩක් අවස්ථා ලැබෙන්නේ.

අඩනිරුවත් ලෙස රංගනයෙන් දායක වුණේ ආකර්ෂණය ලබාගන්නද?

ඒ රංගනයට අඩනිරුවත් කියන්න බෑ. එතන තියෙන්නේ කලාවක්. මොකද සීගිරී චිත‍්‍ර ගත්තමත් එතැන තියෙන්නේ කලාවක්. මට කමක් නැහැ ඒකට අඩ නිරුවත් රංගනයක් කියනවට, මොකද ඔයිට වඩා දේවල් සමාජ ජාල වෙබ්සයිට්වලින් ප‍්‍රසිද්ධ වෙනවා. මම නිරුවත ප‍්‍රසිද්ධ කරලා. මේ ක්‍ෂේත‍්‍රයට ආපු කෙනෙක් නෙවෙයි.

තවත් එවැනි අඩනිරුවත් දර්ශන සදහා පෙනී ඉන්න ආරාධනා ලැබුණද?

ඔව් ඒ වගේ ආරාධනා ගොඩක් ලැබුණා, හැබැයි මම ඒවා භාරගත්තේ නැහැ, ඒ වගේම මම රංගනයෙන් දායක වුණොත් මගේ නම යාවි මම නිරුවත් ඒ වගේ විතරක් කරන කෙනෙක් කියලා. එහෙම කෙනෙක් නෙවෙයි මම. මට ලැබෙන චරිතයට සාධාරණයක් ඉටු කරන කෙනෙක් තමයි මම.

ආදරය ගැන මොකද හිතන්නේ?

ආදරය සුන්දරයි. මම දැනටමත් ආදරය වි`දිනවා. මම දැනටමත් එන්ගේජ් වෙලා ඉන්නේ.

ඔහු මේ ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ කෙනෙක්ද?

එයා මේ ක්‍ෂේත‍්‍රයට සම්බන්ධ නැහැ.

මගේ හැම වැඩකටම එයා මට උදව් කරනවා.

මොනවද අනාගත බලාපොරොත්තු ?

මම කරන දේට සාධාරණයක් ඉෂ්ට කරමින් කාටවත් කරදරයක් නොවී, මේ ක්‍ෂේත‍්‍රයේ දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.

තිළිනි කරුණාරත්න

මම වමට කපද්දී ට්‍රේලරය දකුණට හැරෙන්නේ ඒ නිසා මට දැන් පෙම්වතියක් නෑ මම තනියම ඉන්නේ 

මම වමට කපද්දී ට්‍රේලරය දකුණට හැරෙන්නේ ඒ නිසා මට දැන් පෙම්වතියක් නෑ මම තනියම ඉන්නේ

මේ දවස්වල වෙනස් වෙනස් වැඩ කිහිපයකින් ඉසුරු පේන්න ඉන්නවනේ..?

ඔව්. මේ දවස්වල අලුත්ම ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා. ඒ ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කරන, මහේෂ් සත්සර රචනා කරන “පිනි” ටෙලිනාට්‍ය. ඒකේ මම නිරූපණය කරන්නේ “සම්පතා” කියලා සුවිශේෂ චරිතයක්. පැහැසරා ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන්නේ “දිල්මින්” කියන කුම්මැහි කුමාරයෙක්ගේ චරිතය. ඒ වගේ වෙනස් වෙනස් චරිත කිහිපයක් නිරූපණය කරන්න මට ලැබුණා.

ඔය චරිත ඉසුරුගේ සැබෑ ජීවිතයටත් සම්බන්ධයක් තියෙනවාද..?

මගේ ජීවිතයට මේ චරිත දෙකේම සම්බන්ධතාවක් නෑ. “සම්පතා” කියන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු චරිතයක්. දිල්මින් කියන්නේ කුම්මැහි පෙරේතයෙක්. මම ඔය චරිත දෙකටම සම්බන්ධ නැහැ. හැමදේම අතහැරෙනවා කියලා තේරුම් අරගෙන මැදුම් පිළිවෙතේ ඉන්න උත්සාහ කරන කෙනෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටි කියන්නේ.
ඉසුරු කියන්නේ ඔය කියන විදිහටම කරන,

කරන දේ කියන පුද්ගලයෙක්ද..?

මම කියන දේ කරන්න උත්සාහ කරන, කරන දේ කියන්න උත්සාහ කරන කෙනෙක්. මම හොඳ මිනිහෙක් වෙන්න උත්සාහ කරනවා. මට තාම පන්සිල් පද පහම රැකගන්න බෑ. හැබැයි මම පන්සිල් පද පහවත් ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා.

පිනි ටෙලියේ “සම්පතා” කියන්නේ ඔබව මේ දිනවල ජනප්‍රිය තැනක තිබ්බ චරිතයක්නේ. ඒ ගැනත් කතා කරමු..?

පිනි ටෙලි නාට්‍ය විකාශනය වෙන්න අරගෙන තාම ටික දවසයි. මේ කාලය ඇතුළතත් සම්පතාගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මත්කුඩුවලට ඇබ්බැහි වුණු කෙනෙක් ඔහු. ඔහුගේ නංගිගේ චරිතය රඟපාන්නේ උදාරි. ඇයත් ඩ්‍රග්ස් ඩීල් එකකට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ චරිත නිරූපණයට ප්‍රේක්ෂකයෝ ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා.

වෙනස් චරිතයක් නිසා චරිත අධ්‍යයනයක යෙදෙන්න ඇති..?

අනිවාර්යයෙන්ම. මේ චරිතයට මට කතා කරපු වෙලාවේ ශාන්ත මහත්මයයි මහේෂ් මහත්මයයි මට කිව්ව දෙයක් තමයි සම්පතාගේ චරිතය සමාජයට එපා වෙන චරිතයක් වෙන්න බෑ කියන එක. මේ චරිතය කරන්න කලින් මම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු චරිත ආශ්‍රය කළා. ඔවුන්ගේ චරිත මම වැරැදි තැනකින් ඇල්ලුවොත් ඒක ගොන්පාට් එකක් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ වචන භාවිතය, ඔවුන්ගේ හැසිරීම අධ්‍යයනය කරලා මම සම්පතාව නිරූපණය කළා.

ඉසුරු කියන්නේ චරිතයට උපරිම කැපවෙන කෙනෙක් වගේ..?

ඔව්. මම මට ලැබෙන චරිතයට උපරිම කැප වෙනවා. හරිම අමාරුවෙන් මම මේ තැනට ආවේ. ඉසුරු ලොකුහෙට්ටිව ගොඩදාන්න කවුරුවත් නෑ. මමමයි මාව ගොඩදාගන්න ඕන. නළුවෙක් විදිහට ස්ථාවරයක් හදාගන්න අමාරුයි. අධ්‍යයනයකින්, කැපවීමකින් මේ ගමන හදාගන්න මම උත්සාහ කරනවා.

ඉසුරු කියන්නේ ලැබෙන ඕනම චරිතයකට අනුගත වෙන්න පුළුවන් කෙනෙක්ද..?

මම මට ලැබෙන චරිතවලට කොටු බැමි දාගෙන නැහැ. හැබැයි මම එක වගේ චරිත කරන්නේ නැහැ. මට ගොඩක් විලන් චරිතවලට කතා කරන්නේ. ඒත් මම එක වගේම චරිත කරන්න කැමැති නැහැ. සම්පතා, දිල්මින් වගේ චරිත වෙනස් චරිත. මට වෙනස් චරිත ලබා දුන්න අධ්‍යක්ෂවරුන්ට, නිෂ්පාදකවරුන්ට මම ස්තුති කරනවා. ගැමුණු මහරජ නාට්‍යයේ නන්දිමිත්‍ර, පැහැසරා නාට්‍යයේ දිල්මින්, පිනි නාට්‍යයේ සම්පතා, ළඟදී විකාශනය වෙන කොන්කළ දෝණි ටෙලි නාට්‍යයේ පෙම්වතාගේ චරිතය වගේ වෙනස් චරිත මට ලැබුණා. මම හිතනවා මේ වගේ වෙනස් චරිත කරපු එකම නළුවා මම කියලා.

නිර්මාණ කිහිපයක එකම කාලේ පේන්න ඉද්දී අගය අඩු වෙනවා කියලා සමහරු කියනවා. නිර්මාණ කිහිපයකම එකම කාලේ පේන්න ඉද්දී ප්‍රේක්ෂකයන්ට ඉසුරුව
එපාවෙයි කියලා හිතෙන්නේ නැද්ද..?

එහෙම පෙනිලා පෙනිලා එපා වෙන නළුවෝ ඉන්නවා. ඒ එයාලා ඒකාකාරී චරිත කරපු නිසා. නළුවෙක් කියන කෙනා පේන්න ඉන්න ඕන. හැංගිලා ඉඳලා වැඩක් නැහැ. මම එක වගේ චරිතවල පේන්න නැති නිසා මාව ප්‍රේක්ෂකයන්ට එපා වෙයි කියලා බයක් නැහැ. තමන් දැන ගන්න ඕන ප්‍රේක්ෂකයන්ට එපා නොවෙන විදිහට විවිධ චරිත කරන්න. විජය කුමාරතුංග, ගාමිණි ෆොන්සේකා ඒ කාලේ වැඩිපුර පේන්න හිටියට ප්‍රේක්ෂකයන්ට ඔවුන්ව එපා වුණේ නෑ.

එතකොට ඉසුරුත් ප්‍රේක්ෂකයන්ට එපා වෙන එකක් නෑ කියලද කියන්නේ…?

ඔව්. ප්‍රේක්ෂකයන්ට මාව එපා නොවෙන්න මම වගබලා ගන්නවා.

ඉදිරියේදී ඉසුරුව සිනමාවෙනුත් වැඩිපුර දකින්න ලැබෙයි නේද..?

මගේ පළමුවෙනි චිත්‍රපටය රන්සයුර. ඒක තිරගත වුණා. මම පුරුදු දුෂ්ටයාගෙන් එළියට ආවේ. මා, සිනමා, කිඩ්නැප්, නිදහසේ පියා කියන චිත්‍රපට ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. තව චිත්‍රපට දෙකක වැඩ මේ අවුරුද්දේ පටන් ගන්නත් තියෙනවා.

මොකක්ද මේ ඉසුරුගේ ෆේස්බුක් සෙල්ලම..?

ඇත්තටම ඒක මටත් ප්‍රශ්නයක්. මගේ ෆේස්බුක් ගිණුම කවුද හැක් කරලා. ශාරුක් වගේ සල්මන් වගේ වෙන්න හදන අය ඉන්නවනේ. ඉතිං මේ ඉසුරු ලොකුහෙට්ටි වගේ වෙන්න හදන්නේ කවුද කියලා මටත් ප්‍රශ්නයක්. මගේ ෆේස්බුක් ගිණුම දැන් මට අරින්න බෑ. ඒ නමින් වෙන ෆේස්බුක් ගිණුමක් හදලා මගේ ෆොටෝස් දාලා එක එක පෝස්ට් හදලා දාලා. ඉතිං මගේ ප්‍රේක්ෂකයන්ට කියන්න ඕන ඒ ඉන්නේ මම නෙවෙයි කියලා.

එතකොට තරින්දිත් එක්ක ඉසුරුගේ තියෙන විශේෂ ඇයි හොඳයිය මොකක්ද..?

තරින්දියි මමයි පැහැසරා නාට්‍යයේ රඟපානවනේ. අපි පැහැසරා ෆේස්බුක් පේජ් එකට දාන්න ෆොටෝස් ගන්නවා. ඒ පේජ් එකෙන් ගත්ත ෆොටෝස් අරගෙන තමයි මගේ නමින් ෆේස්බුක් අකවුන්ට් එකක් හදලා ඒකට ඒ ෆොටෝ දාලා තියෙන්නේ. ථර තධමඥ , මගේ පණ කියලා අපි දෙන්නගේ ෆොටෝ ෂෙයාර් කරනවා. මට ඔය විදියට පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ කරන්න මොළේ අමාරුවක් නෑ. කවුරු හරි මානසික ලෙඩක් තියෙන පුද්ගලයෙක් තමයි ඔය වැඩේ කරන්නේ.

ඇත්තටම තරින්දි එක්ක ඉසුරුගේ සම්බන්ධයක් නැද්ද..?

තරින්දි මගේ සහෝදරියක් වගේ. එහෙම සම්බන්ධයක් තියෙනවා නම් හැංගි හොරා වෙස් බඳින්න ඕන වෙන්නේ නැහැ. තරින්දිත් මේ නිසා අපහසුතාවට ලක්වෙලා තියෙනවා. හැබැයි එයාලගේ පවුලේ අයත් මේ දේවල් තේරුම් ගන්න නිසා ප්‍රශ්නයක් නෑ.

වෙන කෙනෙක් ඉසුරු නමින් පෙනී සිටීම ප්‍රශ්නයක් නෙවෙයිද..?

මං වගේ පෙනී සිටින කෙනා මගේ යාළුවන්ට පරුෂ වචනයෙන් චැට් කරලා තිබුණා. මගේ යාළුවෝ ඒ චැට් ස්ක්‍රීන් ෂොට් ගහලා මට වයිබර් කළා. ඒ කරන වැඩ නිසා මම අනිත් අය අතරේ පිරිහෙනවා. ඒකයි ප්‍රශ්නය.

ඒ තත්ත්වය වළක්වන්න පියවරක් ගත්තේ නැද්ද..?

මම ඒ ගැන රිපෝට් කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි.

දැන් ඉසුරුගේ ජීවිතේ විශේෂ කෙනෙකුත් ඇති නේද..?

මගේ ජීවිතේ අද වෙනකල් විශේෂ අය ඉඳලා තියෙනවා. හැබැයි කාලයක් යද්දී ඒ විශේෂ අය අතිවිශේෂ වෙනවා. එතකොට අමාරුයි. මම ජීවිතේ ට්‍රේලර් කිහිපයක් එල්ලගෙන ගියා. හැබැයි මම වමට කපද්දී ට්‍රේලරය දකුණට හැරෙන්නේ. ඉතිං මම හිතුවා ට්‍රේලරයක් නැතුව තනියම යන ගමන පහසුයි කියලා.

ඔය නොකියා කියන්නේ ඉසුරුට අවංක ආදරයක් හම්බවුණේ නෑ කියන එකද..?

නෑ… අවංක ආදරේ හම්බුණා. හැබැයි ආදරේ වැඩි වෙද්දී සමහරුන්ට හිතට ඊර්ෂ්‍යාවක් එන්න පුළුවන්. සමහර පෙම්වතියෝ කැමැති නෑ තමන්ගේ පෙම්වතාට යෙහෙළියෝ ඉන්නවට. ආදරේ වැඩි වෙද්දී පෙරේතකම වැඩිවෙනවා. හැබැයි සැබෑ ආදරේදී ඕන දෙයක් අතහරින්න පුළුවන් වෙන්න ඕන.

තිළිණි කෞශල්‍යා විජේසිංහ