මුළු ලොවටම පරමාදර්ශී නගරයක් වූ ලංකාපුරය පිළිබද වෙශ්මිත කතාව මෙන්න

මුළු ලොවටම පරමාදර්ශී නගරයක් වූ ලංකාපුරය පිළිබද වෙශ්මිත කතාව මෙන්න

හෙළ අසුර අධිරාජ්‍ය සතුරනගෙන් රැකීම ඉතා අවශ්‍ය වුණා. මේ හින්දාම රට කොටස් තුනකට බෙදලා තාරක, සුරපද්ම සහ සිංහමුඛ කුමාරයන් අතර බෙදා දීලා තියෙනවා. මේ කුමාරුවන් 3 දෙනාම ඒ වන විට දේව අධ්‍යාපනය හදරා තිබුණා. තාරක කළුතර අසල වේලාපුර අගනුවර කරගත්ත අතර සූරගුප්ත මැණික් ගඟ අසල මහින්දපුර නොහොත් මහේන්ද්‍රගිර(වැඩහිටි කන්ද කියලා සිතන්න පුළුවන්) අගනුවර කරගත්ත බවත් සදහන් වෙනවා.

නමුත් සිංහමුඛ කුමරුට අගනුවරක් තිබිලා නැහැ ඒ නිසාම තාරක හා සුරපද්ම කුමාරවරුන්ගේ ඉල්ලීම පරිදි මායා-අසුර (විශ්වකර්ම) විසින් ලංකා පුරය ඉදිකර දුන් බවරාමායණයේ සදහන් වෙනවා. ඒත් එක්කම නිල රථය ලෙස පුෂ්පක රථය නොහොත් දඩු මොණරයද (දඩු මොණරය ශකුණ වර්ගයේ විමාණයක් ලෙස සදහන් වෙනවා) නිෂ්පාදනය කර දී තිබෙනවා. වේලාපුර කළුතර හා මහින්දපුර මුහුදට කිට්ටුව තිබූ නිසා ලංකා පුරයත් මුහුදට කිට්ටුව තියෙන්න ඇතියි කියලා අපිට හිතන්න පුළුවන්.

රාමායණයේ එන හනුමා දුටු ලංකා පුර විස්තරය යටතේ ලංකා පුරය පිහිට තිබුනේ මහුද අයිනේය. සීතා සිරකර සිටි මන්දීරය රොසපාට කොරල් පර වලින් සාදා තිබුණ බවත්, ඇය ජනේලය හැරිය විට මුහුදු සුලං ඇයට රාමා පිළිබදව ශෝක ගීත ගෙන ආ බවත් හනුමා විස්තර කල බව රාමායණයේ සදහන් වේ. ලංකා පුරය ත්‍රිකූටකයක් මත නොහොත් කදු මුදුන තුනක් මත තිබූ සදහන් වේ. ත්‍රිකූටමලය යන අර්ථය අති ත්‍රී කුණාමළය මෙම ස්ථානය වී තිබෙන්නටත් පුළුවන්.

මළය යනු උස්බිමයි. ලංකාවේ මළය රට ලෙස මධ්‍යම කදුකරය හැදින්වෙන්නේ ඒ බැවිණි. ත්‍රිකුණාමලයේ පාෂාණ ස්ථරයන් පොළවට ගිලා බැස ඇති අයුරු අදටත් ත්‍රිකුණාමළයෙන් දැකගත හැක. රාමායණයේ සදහන් වන පරිදි රාවණ කුමරු විසින් මිනිසෙක් අතින් තමා මිය නොයන වරය ලබා ගැනීමට වසර 3ක් උග්‍ර තපස් රැක්කේද ගෝකණ්න නැමති ස්ථානයේය. පසුකලෙක ගෝකණ්න වරාය ත්‍රිකුණාමළය ලෙස හැදින් වීම නිසා ලංකා පුරය පිහිටි ස්ථානය ත්‍රිකුණාමළයේ පිහිටියායි අනුමාන කරන්නට තිබෙන සාක්ෂි වැඩියි.

ක්‍රි.පු 4 වන සියවසේදී ග්‍රීසියේ විසූ ප්ලේටෝ පඩිවරයාගේ

අත්ලාන්තිස් පුරවරය

රාමායණයේදී හනුමාන් විසින් දුටු ලංකා පුරයට හැම අතින්ම සමානය. මේ දෙකම අවසානයේ මුහුදට ගිලී විනාශ විය. මෑතකදී සොයා ගනු ලැබූවේ අත්ලාන්තිස් පුරවරය හා ලංකාපුරය යනු එකම ස්ථානයක් බවත් රාමායනය හා ප්ලෝටෝගේ

අත්ලාන්තිස් පුරවරය

එකම ස්ථානය ගැන ලියැවුන වාර්තා දෙකක්

බවයි.

දේව(පුජක) පාලනය

ගුවන් යානා

කාන්තා-පිරිමි සම අයිතිවාසිකම්

තනි දේවාලයක්

මාර්ග පද්ධතිය

නිවාස වල පිහිටීම

අලියා

කෙසෙල් දොඩම් හා අඹ

විනාශකාරී අවි

අසුර නාමය (ග්‍රික අස්වින්)

ලොව පරමාදර්ශි රාජ්‍ය

මුහුදට ගිලා බැසීම

ආදි වු සමාන ලක්ෂණ මේ දෙකේහිම විස්තර වන විස්තර වන නිසා ලංකාපුර හා අත්ලාන්තීස් පුරවරය යන්න එකක් බව සැකයකින් තොරවම ඔප්පු වේ. එමෙන්ම ප්ලෝටෝ පවසන පරිදි අත්ලාන්තිස් යන නාමයද දී ඇත්තේ ඔහුය. ඊට හේතුව ලෙස ප්ලෝටෝ මිසරවරුන් එය ඔවුන්ගේ නමකින් හැදින්වීම යන්න පවසයි. ග්‍රීකයන් මෙම තොරතුරු දැනගෙන ඇත්තේ මිසරයන්ගෙනි. කෙසේ වුවත් මෙම අත්ලාන්තිස් පුරවරය යන්න සුදු ජාතීන්ගේ හෝ යුරෝපිය උරුමයක් නොවන බවට අද පිළිගනු ලැබේ.

යුද්ධය පුහුණු වීමෙන් පසුව ඇතී වූ ප්‍රීතිජනක සන්ත්‍රාසය (ත්‍රීල්) නිසා සුරපද්ම කුමරු එහි අනන්තයටම යමින් ඉවක් බවක් නැතිව යුද්ධ කරන්නත් පහරදෙන්නටත් පටන්ගෙන තියෙන අතර ඒ වන විට ඉන්දු දේශයට ගොස් සිටි සිව නැතහොත් ඉන්දු නැමති හෙළ දේව රජුගේ පුත් ජයන්ත කුමරුව පැහැරගෙන තියෙනවා. සිව රජු ඉන්දු දේශයට(පංජාබ් තැනිතලාව හා කාශ්මීරය) පිටතින් ආවා මිස ආවේ කොහෙන්දැයි හින්දු පුරාණයන් නොකියන අතර සිව+ගිරි (සීගිරියේ) සිට ආ සිව රජ වත්මන් මූල්තාන් මුල්කරගෙන තම රාජධානීය ගොඩනැගූ බවත් සදහන් වෙනවා.

අරිසෙන් අහබුදු සූරීන් පවසන්නේ සිව රජු සිව+ගිරයේ නොහොත් සීගීරයේ සිට ඉන්දු දේශයට ගොස් ඉන්දු රජ ලෙස ප්‍රසිද්ධ වූ බවයි. සංස්කෘත භාෂා විශාරදයෙක් වන නාගොඩ ආරියදාස සෙනවිරත්නයන් පවසන්නෙ සිව රජු නිර්මාණවාදයක් හා මහා බ්‍රහ්මයා නොවන මැවුම් කරැවෙකු පිළිබදව දර්ශනයක් ඉදිරිපත් කිරීම නිසා ලද දඩුවමක් ලෙස කාශ්මීර පාලනයට යැවූ බවකි. විශ්වකර්ම විසින් ලංකාපුරය නිර්මාණය කරන ලද්දෙ සීගිරිපර්වතය මත බවද

සෙනවිරත්න සූරීන් විසින් පෙන්වා දෙන අතර හින්දු ආගමේ

යනු සිව රජු බව අරිසෙන් අහුබුදු සුරීන් පවසයි.

කෝපයට පත් ඉන්දු රජු තම පුත් කතිර කුමරු සමග විශාල දේව සේනාවක් එවා සුරපද්මට දඩුවම් කර ජයන්ත කුමරු රැගෙන යාමට කටයුතු කරන අතර ( මේ සිද්ධියද රාමා විශාල වදුරු සේනාවක් රැගෙන විත් රාවණ රජු සමග සටන් කර පැරදවීමට සමාන්තරව සිටී) එසේ පැමිණි කතිර කුමරු ඇතුළු සේනාව මූලික කදවුර මැණික් ගග අසල කතිරගම පිහිට වූ අතර අද කතරගම ලෙස හැදින්වෙනේ එම ස්ථානය ලෙස සැලකේ.

එතැන් සිට සුරගුප්ත සමග සටන් කල කතිර කුමරු සුරගුප්ත පරාජය කොට මරා දමා තම සොහොයුරු ජයන්ත කුමරු ආපසු යවා කතිරගම නැවතී කතිරගම රාජධානිය ඇරඹිය. මොවුන් වෘත්තියෙන් නාවිකයෝ වූ අතර ඔවුන්ගේ සංකේතය මීන වීය. මේ අතර වේලාපුරයට ගොස් තාරක සමග සටනට වැදුන අතර තාරක ඉන් පැරදී පලා ගිය අතර මේ පුවත සැල වූ සිංහමුඛද ලංකාපුරය හැර පලා ගිය බව සදහන් වෙනවා.

ලංකා පුරය

අරාජික වූ විට නැවත එය අත්පත් කරගන්නා ලද්දේ විශ්‍රවස මුනිගේ යක් බිරියක් වූ ඉල්වීලාගේ පුත්‍ කුවේර විසිනි. විශ්‍රවස් මුනිට රකා නැමති තව බිරියක් වූ අතර දණ්ඩාකාරණය පාලනය කරන ලද්දේ බර නැමැති ඇයගේ පුත්‍රයා විසිනි. කුවේර ලංකාපුරයේ රජ වීම ගැන රාවණ විරුද්ධ විය. ඒ කුවේර දේව අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ප්‍රගුණ නොකළ අයෙක් වූ බැවිනි. ඉන් පසුව ලංකාපුරයේ රාජ්‍යත්වයට පැමිනෙන රාවණ රජු විසින් කුවේරව කාශ්මීරයේ පාලනයට යවන ලදි. කෛලාස කූටය මෙහි රජුගේ මාලිගය පිහිටි ස්ථානය විය. අලංකාපුරය කුවේරගේ අගනුවර විය.

ලංකාපුරය ඉදිරිපත් වීමත් සමග හෙළ අසුර අධිරාජ්‍යය ආධිපත්‍ය වාදය කරා යන්නට විය. රාවණ රජු සමයේ මෙම ආධිපත්‍යවාදය වැඩි වූ අතර ලංකාපුරයේ කැමැත්තට අනුව අසුර අධිරාජ්‍යෙය් පාලනය සිදු විය යුතු බව ප්‍රතිපත්තිය විය. මෙයින් වූයේ කේන්ද්‍රෙයෙන් පරිදිය හසුරවන ආකරයේ පාලන ක්‍රමයක් බිහිවීමය. සංස්කෘතික සමානත්වයෙන් පැවතියා වූ සංස්කෘතික අධිරාජ්‍යය අවසන් විය. මෙයින් සිදු වුයේ ලොව පුරා පැතිර සිටි හෙළයන්ම අධිරාජ්‍යට සතුරන් වීම හා සතුරන් බහුල වීමයි.

මේ වන විට පාද+තල+යට හෙවත් ඇන්දීස් කදුමුදුනේ පිහිටා තිබූ පාතාල රාජධානීය ස්වාධීනව කටයුතු කිරීමට පටන්ගෙන තීබූ අතර ඇන්දීස් කදුකරයේ පිහිටි පාතාල රාජධානීයේ පැවති අධික ශිත නිසාම ලංකාපුර පිහිටි ලංකාවේ ජීවන රටාවට වඩා වෙනස්වීම සිදු විය යුත්තකි. නමුත් රාවණ රජු බලාපොරොත්තු වූයේ හෙළදිවට ගැලපෙන ජීවන රටාව පාතාල රාජධානියටත් ගැල පිය යුතුය. වර්තමානයේ ඇමරිකානු අධිපත්‍ය ලොව පුරා පැතිර වීමට යාමද මෙය හා සමාන්තරව එහි පිහිටි ශිත ජීවන රටාව නිවර්තන රටවලිනුත් අපේක්ෂා කරීමෙන් පෙනෙන්නේ දීර්ඝ කාලීන ආසාර්ථකත්වයකි. බලවතාගේ කැමැත්තට අනුව සොභාධර්මයට විරුද්ධව යාමෙන් අවසානයේ ආසාර්ථකත්වයයි.

කෙල්ලෝ සෙමින් කකුල් පද්දන්නේ ඇයි මෙන්න ගොඩක් කෙල්ලෝ කරන ලජ්ජා හිතෙන වැඩක් මාට්ටු

මෙන්න ඔබ කාන්තාවන් පිළිබද කිසිදා අසා නොමැති රහස් කරුණක් කාන්තාවන් ගත්විට විශේෂයෙන් දකුණු ආසියාවේ 20% පමණ පහසුවෙන් හිදගෙන සිටින අවස්ථා වලදී තම දෙපා තාලයකට පාදයි මෙය නිරායාසයෙන් සිදුවන ක්‍රියාවලිය >>ඔයා ඉන්න තැනත් කෙල්ලේක් කකුල් හොල්ලනවා දැකලා තියෙනවනම් අනිවා මේක බලන්න හැබැයි කෙල්ලොන්ට විහිලු කරන්න එපා පවුනේ

මෙන්න රෙදි නවන හරිම ක්‍රමය මෙහෙම රෙදි නැවුවොත් ගොඩම තමා මෙන්න එම විශ්මිත ක්‍රමය

මෙන්න රෙදි නවන හරිම ක්‍රමය මෙහෙම රෙදි නැවුවොත් ගොඩම තමා මෙන්න එම විශ්මිත ක්‍රමය

ඇත්තටම හැම වැඩක්ම කලාවක් නමුත් අපි ඒ බව දන්නේ නෑ අපි හොයනෙත් නෑ හොයන්න වෙලාවකුත් නෑ ඒවගේ තමා ඇදුම් කියන්නෙත් කලාවක් අපිව ලස්සනකරන අපි කවුරුත් ආසාකරන කලාවක් නමුත් ඔබ එම ඇදුම් ඇසරුම් කරන විදිහ හරියට හරිද මෙන්න ඇදුම් නවන සුපිරිම ක්‍රමයක්

A clothes folding talent! Like us to see more like this from China.

Geplaatst door China Plus News op donderdag 19 oktober 2017

ගංගා මෑණියන්ගේ ආශීර්වාදය පිළිබද චන්දිමාල් සියල්ල හෙළිකරයි මෙන්න එම ආන්දෝලනාත්මක වීඩියෝව

ගංගා මෑණියන්ගේ ආශීර්වාදය පිළිබද චන්දිමාල් සියල්ල හෙළිකරයි මෙන්න එම ආන්දෝලනාත්මක වීඩියෝව

අපි හැමෝටම ආශිර්වාදය ඕන ඕනෑම ආගමකින් කරන්නේ ඒක එක තමයි ඇත්ත කතාව මම ගංගා මෑණියන්ව පුද්ගලිකව අදුනනවා පහතින් නරබන්න එම වීඩියෝව

1989 ලංකාවට ආපු සුද්දෙක් නුවර සිට ගාල්ල දක්වා ඇති සුන්දර ස්ථාන වීඩියෝ කරලා බලන්නකෝ ඒ කාලේ ලංකාවේ හැටි

1989 ලංකාවට ආපු සුද්දෙක් නුවර සිට ගාල්ල දක්වා ඇති සුන්දර ස්ථාන වීඩියෝ කරලා බලන්නකෝ ඒ කාලේ ලංකාවේ හැටි

1989 ලංකාවේ සංචාරයට පැමිණි විදේශිකයෙක් තමන්ගේ වෑන් රථයෙන් නුවර සිට ගාල්ල දක්වා එවකට තිබු ප්‍රදාන නගරයන් සහ ලංකාවේ සංස්කෘතික අංගයන් මෙන්ම පරිසරයේ සුන්දර දසුන් ඔහුගේ වීඩියෝ කැමරාවේ සටහන් කරගෙන තිබුනේ මේ ආකාරයටයි බලන්න එම වටිනා වීඩියෝව පහතින්

කේල්ලොන්ගේ යට ඇඳුම් වලට රසායනික ද්‍රව්‍යය දාලා කෙල්ලෝ වඳ කරන්න පුලුවන්ද…? මෙන්න ඔබ කිසිදා නොඇසූ විශ්මිත කතාවක්

කේල්ලොන්ගේ යට ඇඳුම් වලට රසායනික ද්‍රව්‍යය දාලා කෙල්ලෝ වඳ කරන්න පුලුවන්ද…? මෙන්න ඔබ කිසිදා නොඇසූ විශ්මිත කතාවක්

කාන්තා යට ඇඳුම් වලට රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් හෝ තනපට (බ්‍රසියර්) වල ජෙල් වර්ග තැවරීමෙන් හෝ ආහාර වලට සහ කිරි වලට රසායනික ද්‍රව්‍ය මුසු කිරීමෙන් හෝ කාන්තාවන් ‘වඳ’ හෙවත් නිසරු භාවයට පත් කළ නොහැකි යැයි විශේෂඥ ප්‍රජා වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා පවසා සිටී.

නමුදු සමහර කෘෂි රසායනික සහ ඖෂධ වර්ග කාලාන්තරයක් ගැනීමෙන් නිසරු භාවය ඇති විය හැකි අතර පිළිකා රෝගීන් සඳහා දෙන ‘කීමෝ තෙරපි සහ රේඩියෝ තෙරපි’ වැනි චිකිත්සක ක්‍රම මඟින් පිරිමින් තුළ වඳ භාවය ඇතිවිය හැකි යැයි අනුමානයෙන් ඔවුන්ගේ ශුක්‍රාණු ඉවත්කර ගැනුණු බව පැවසීය.

ඒ අනුව ආහාර මඟින් වඳ බාවය ඇති කළ නොහැකි බවක් නොපැවසෙන අතර කාන්තාවන් සඳහා වූ ගිලින පෙති, නික්ෂේපන ආදියෙන් ඔවුන් තුළ තාවකාලික නිසරු භාවය ඇති කළ හැකි අතර පවුල් සංවිධාන ක්‍රම වශයෙන් ඒවා රජය මඟින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින්ද ලබා දෙන බව පැවසීය.

විෂ රසායන ද්‍රව්‍යය කවලම්වූ පොල්තෙල් දැන් වෙලදපොලේ පොල්තෙල් මිලදී ගැනීමට පෙර මේගැන දැනුවත්වන්න

විෂ රසායන ද්‍රව්‍යය කවලම්වූ පොල්තෙල් දැන් වෙලදපොලේ පොල්තෙල් මිලදී ගැනීමට පෙර මේගැන දැනුවත්වන්න

නැවත පරිභෝජනයට නොගතයුතු ඇසුරුම්වල (බැරල්වල) පොල්තෙල් සහ පාම් තෙල් ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම විශාල වශයෙන් රට පුරා සිදුකෙරෙන බව පාරිභෝගිකයෝ පවසති. මේ හේතුව නිසා ජනතාව සෞඛ්‍යමය ප්‍රශ්න රැසකට යොමුවී ඇති බවත් කියති.

පාරිභෝගික අයිතීන් සුරැකීම සඳහා ඇති ආයතන මේ පිළිබඳව වගකීම ඉටු නොකිරීම නිසා ජනතාවට මේ තත්ත්වය උදා වී ඇති බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට පාම් තෙල් හා පොල් තෙල් ප්‍රවාහනය කරනු ලබන්නේ නොනිදන නගරය නමින් හඳුන්වන දඹුල්ල නගරයෙන්ය. මේ දිනවල දඹුල්ල නගරයේ බොහෝ තොග වෙළඳසැල්වල මෙසේ මිනිස් පරිභෝජනයට නුසුදුසු බැරල්වල පොල්තෙල් ගබඩා කර තිබීම ගැන තොරතුරු වාර්තා වෙයි. ජාතික සංවිධායකවරයා විසින් මාධ්‍යවේදීන්ට එම පොල් තෙල් බැරල් සහ බැරල්වල උඩ කොටසේ නැවත පාවිච්චියට නොගන්නා ලෙස සඳහන් කෙරුණු අවවාදාත්මක සටහන් තබා ඇති ආකාරය පෙන්වන ලදී.

මෙම පොල්තෙල් සහ පාම් තෙල් ගෙන්වන සහ ප්‍රවාහනය කරන පිරිසගෙන් මේ පිළිබඳව විමසීමේ දී කියා සිටියේ විවිධ රසායනික ද්‍රව්‍ය යොදා බැරල් සුද්ද කරන බවයි. ඒත් යොදන රසායනික ද්‍රව්‍ය කුමක් දැයි විමසීමේදී ඔවුහු කිසිවක් ප්‍රකාශ නොකර සිටියහ. එමෙන්ම මෙම බැරල් තීන්ත දියකරන රසායනික ද්‍රව්‍ය වන බවත් විදේශ රටවලින් විවිධ රසායනික ද්‍රව්‍ය ගෙන්වන බැරල් බව ද ඔවුහු පිළිගත්හ.
මේ පිළිබඳව දඹුල්ල මහනගරසභාවේ නාගරික කොමසාරිස් රුවන් රත්නායක මහතාගෙන් අප කළ විමසීමේදී කියා සිටියේ එවැනි සිද්ධියක් තමන් නොදන්නා බවත් එහෙත් කඩිනමින් මේ පිළිබඳව සොයා බලා වැටලීම් කණ්ඩායමක් නගරයේ එම ප්‍රදේශයට පිටත්කර යවන බව ය.

පැය කිහිපයක් ගත වනතුරුත් දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන් එම වෙළඳසැල්වලට නොපැමිණි අතර ලොරි රථ කිහිපයකින් රැගෙන ආ පොල් තෙල් තොග කඩවල බෑම සිදුකොට නැවතත් ලොරි පිටත්ව යන අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු කිහිපදෙනෙකු දුරකථනයෙන් කතාකොට මෙම ලොරි පිටවෙන බව දැනුම් දෙන අවස්ථාවේ එකවරම තමන් පැමිණ ඇති බව පවසමින් වාහනයෙන් බැසීම අමුත්තක් විය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කීවේ පැමිණීමට වාහන නොමැති බවය.
එම නිලධාරීන් පැමිණෙන විට සියලුම වෙළඳසැල්වලට ගෙනවිත් තිබූ පොල් තෙල් සහ පාම් තෙල් සියල්ල සඟවා තිබුණි. සොයා ගැනීමට හෝ නිසි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ආකාරයත් දැක ගන්නට නොහැකි විය. කෙසේ වෙතත් දඹුල්ල මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ මෙම ස්ථානයේ ඇති බැරල් නැවත පාවිච්චියට හෝ ඒවායේ ඇති දෑ අඩුම තරමේ සමේ හෝ ගැවීමට තරම් නුසුදුසු බවට බැරල් පියන්වල සටහන් කොට තිබෙන බවය.

කෙසේ වෙතත් ඇතැම් බැරල්වල අවවාදාත්මක ස්ටිකරය මකා දමා තිබෙන නිසා නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මතය විය. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ දැනට ගබඩා කොට ඇති තෙල්වලින් ලබාගත් කොටස් පරීක්ෂණ සඳහා රැගෙන යන බවය. මින් ඉදිරියට බැරල්වල තෙල් වෙළඳාම් කිරීම, ගබඩා කිරීම, ළඟ තබාගැනීම නොකරන ලෙස වෙළඳ සැල් හිමියන් දෙදෙනෙකුට පමණක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අවවාද කරන ආකාරය දැක ගැනීමට හැකියාව ලැබිණි.

මෙම පොල්තෙල් ජාවාරම පිළිබඳව අපි පාරිභෝගික ජනතාවගෙන් ද විමසීමක් කළෙමු. එහිදී අදහස් දැක්වූ දඹුල්ල පහළවැව ප්‍රදේශයේ පදිංචි වී.ජී. දයාරත්න මහතා මෙසේ පැවසීය.

“අපි පොල්තෙල් ගැන මොකද කියලා ගොඩක් දුරට හොයල බලනවා. අඩුයි හැබැයි කඩේට ගිහිල්ලා පොල් තෙල් කාලක් භාගයක් බෝතලයක් තමයි අරගෙන එන්නේ. සිල්ලර වෙළඳසැල්වල දාල තියෙන්නෙ නම් ප්ලාස්ටික් බැරල්වල තමයි. හැබැයි අපි මේවා හොඳ ද නරක ද කියලා හොයලා බලන්න දන්නේ මොකද පොල්තෙල් අපට අත්‍යවශ්‍ය වන නිසා. සතියකට පොල් තෙල් බෝතලයක් විතර පරිභෝජනය කරනවා. හැබැයි කියන්න කනගාටුයි අපේ ගම්වලත් හැමදෙනාම වගේ හඳුනා නොගත් ලෙඩරෝගවලට ලක්වෙලා තියෙනවා.

ඇතැම් විට අපි හිතනවා මේ ආකාරයෙන් පරිභෝජනයට නුසුදුසු ඇසුරුම්වල පොල්තෙල් පහන් මේ වගේ අපි ආහාරයට අරගෙන ලැබෙනව ද කියලා හරියටම දන්නේ නෑ. හැබැයි මේ පිළිබඳව බලධාරීන් ඉක්මනින් හොයල බැලුවොත් වඩා හොඳයි කියලයි අපේ විශ්වාසය. මොකද, පොල් තෙල් කියන්නේ හෝදලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. කඩේ තියෙනවා වෙළෙඳ ව්‍යාපාරිකයන් විශ්වාස කරලා තමයි මේවා අපි ගේන්නේ. ජනතාව ආරක්ෂා කිරීම ව්‍යාපාරිකයන්ගේ වගකීමක්. පාරිභෝගික අධිකාරියත් එහෙම කියලයි විශ්වාස කරන්නෙ. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව තමයි අපේ විශ්වාසය.

අද බලන්න හැම රෝහලකම බාහිර රෝගී අංශ පිරිලා තියෙනවා. එ් විතරක් නෙවෙයි, මාසිකව පවත්වන වෛද්‍ය සායනවල වැඩිපුරම ඉන්නේ පපුවේ අමාරු රෝගීන්. ඒ වගේම කොලෙස්ටරෝල් වැඩි වෙච්ච සමහර විට තවමත් හඳුනාගෙන නෑ. ඇයි මෙහෙම වෙන්නේ. අපි ආහාරයට ගන්නා බොහෝ දේවල්වල මේ තත්ත්වය පවතිනවා කියලා තමයි විශ්වාස කරන්නේ.”

එමෙන්ම පාරිභෝගික අයිතීන් සුරැකීම සඳහා ඇති ආයතනය පිළිබඳවත් එමෙන්ම ජනතාව පරිභෝජනය කරන ආහාර පිළිබඳවත් ආපන ශාලා සහ හෝටල්වල පොල්තෙල් පරිභෝජනය සිදු කරන ආකාරයත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා වැඩිදුරටත් මෙසේද අප සමඟ පැවසීය.

“අද ආපන ශාලා බොහොමයක් ටෙන්ඩර් මණ්ඩල මගින් තමයි ලබා දෙන්නේ. රාජ්‍ය ආයතනවල වගේම සරසවිවල ආපනශාලාවල මේ පොල් තෙල් භාවිතය ෆාම් තෙල් භාවිතය ඉතාමත් වැඩියි. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ මේ පොල්තෙල් හා පාම් ඔයිල් වගේම පරිභෝජනය සඳහා යොදාගෙන නැවත නැවත පරිභෝජනය කිරීමේ සිද්ධීන් ද වාර්තා වෙනවා.

හැබැයි ව්‍යාපාරික ප්‍රජාව සිද්ධ කරන්නේ බොහෝදුරට මහා පරිමාණ සංචාරක හෝටල්වල ආහාර විස ඉවත් කරන පොල්තෙල් පහන් තෙල් නැවත විකුණන විදිහ කවුරුත් දන්නෑ. හැබැයි අපි වගකීමෙන් යුතුව කියනවා කොළඹ ප්‍රදේශවල සහ අනෙකුත් ප්‍රදේශවල සංචාරක හෝටල්වලින් ඉවත් කරන තෙල් විශාල වශයෙන් ආපන ශාලාවලට ඉතා අඩු මුදලට ලබාගෙන තියෙන විත්තිය. ඒ නිසා මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. අපි අභියෝග කරනවා පාරිභෝගික සේවා අධිකාරියට පුළුවන්නම් මේ පිළිබඳව සොයා බලන්න කියලා. අපි බොරු කියනවා නම් වහාම සොයා බලා මේ පිළිබඳව අපි වුණත් අත්අඩංගුවට ගන්න.

ඒ විතරක් නෙවෙයි අද ආපනශාලාවක ආහාරවල මිල ගණන් ඉතාමත් අඩු මුදලට දෙන්න කියලා තමයි ටෙන්ඩර්වලින් කියන්නේ. හැබැයි අඩු මුදලට දෙන්න හැකියාවක් නැහැ. මොකද සියලුම දේවල් ඉතාමත් මිල ඉහළයි. හැබැයි මේ ඉහළ යන මිල නිසා ඉතා අඩු මුදලට තත්ත්වයෙන් බාල ආහාර නිෂ්පාදනය කිරීමට ආපන ශාලා හිමියන්ට සිද්ධ වෙලා තියෙනවා. කෝටියක් වූ මේ රටේ ජනතාවට තුන්වේලක් ආහාර භුක්ති විඳින අයට කිසිම ආකාරයකින් නීතියක් පනවන්න කිසිම කෙනෙක් මැදිහත් වෙලා නැහැ. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වැටලීම් කරනවා. තමන්ගේ නායකයන් සතුටු කරන්න නඩු කිහිපයකුත් පනවනවා.

හැබැයි අපි ඉල්ලා සිටින්නේ මේ රටේ ආහාර භුක්ති විඳින ජනතාව මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියලා. රජයේ වගකීම තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ජනතාවට ලබා දීම. අද ඒක සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා බොහෝ දෙනෙක් ඇවිදින මළකඳන් බවට පත්වෙලා තියෙනවා. හැබැයි මේකෙ වෙන කිසිවක් නිසා නෙවෙයි තමන් සල්ලි දීලා ගන්න ආහාර නිසා ඒ නිසා මේ පිළිබඳව පාරිභෝගික අධිකාරිය සමඟ ඕනෑම වෙලාවක මුහුණට මුහුණ වුණත් සාකච්ඡා කරන්න කැමතියි. හැබැයි ඒවට අපි ආරාධනා කළත් කිසිම කෙනෙකුගෙ මැදිහත්වීමක් පේන්න නෑ.”

අද පොල්තෙල් සහ පාම් තෙල් ගබඩා කරන ප්‍රවාහනය කරන බැරල් දෙස අවධානය යොමු කරන්න කියලා පාරිභෝගික අධිකාරියට අපි කිව්වත් ඒක ඵලක් නැහැ. අද දිවයිනේ ඕනෑම තැනක ගිහිල්ලා හොඳට බලන්න විවිධ රසායනික ද්‍රව්‍ය ලංකාවට ගෙන්වන ඇසුරුම්වල බැරල්වල තමයි පොල්තෙල්, පාම් තෙල් ප්‍රවාහනය කෙරෙන්නේ ගබඩා කෙරෙන්නේ.

මේවා නිසි ලෙස සුද්ධ පවිත්‍ර වෙනව ද එහෙම නැත්නම් මේවා ප්‍රවාහනය කිරීම සඳහා නීති පද්ධතියක් ක්‍රියාත්මක කරනවා ද? අපිට තියෙන්නේ බරපතළ ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට කවුරුත් උත්තර හොයන්න උත්සුක වෙන්නෙ නෑ. හැබැයි මේ පිළිබඳව අවධානය යොමු කළොත් අපේ රටේ ඉදිරි අනාගතය බාරගන්න ඉන්න පරම්පරාවට හරි සාධාරණයක් ඉෂ්ට වේවි. නැත්නම් මුළු රටේම ජනතාව හඳුනා නොගත් බෝ නොවන රෝගවලින් ගහන වන එක නම් නවත්තන්න බැහැ. අද සෑම ආහාරයකම පවතින්නේ වස විස කියලා තමයි අපේ විශ්වාසය. ඒ නිසා මේ පිළිබඳව කඩිනමින් බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු බවයි අපේ විශ්වාසය.”

මෙම පොල්තෙල් සහ පාම් ඔයිල් ගබඩා කර තැබීම, අලෙවි කිරීම, ප්‍රවාහනය කිරීම පරිභෝජනයට සහ පරිහරණයට නොගතයුතු බැරල් ඇසුරුම් පිළිබඳව අප විමසීමක් කළේ දඹුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අරුණ කුමාර මහතාගෙනි. ඒ මහතා මෙසේ පැවසීය.

ඇතැම් විට එකවරම රෝගයක් හඳුනා ගැනීමට හැකියාවක් නැහැ. බොහෝ දුරට මෙවැනි ආහාරයට නුසුදුසු දේවල් ආහාරයට එකතු වීමෙන් විවිධ ලෙඩ රෝග ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා. ඇතැම් විට කාලාන්තරයක් යද්දී මෙහි භයානක ප්‍රතිඵල අත්විඳීමට හැකියාව තිබෙනවා. අද බොහෝ දුරට රෝහල්වල සායනවලින් රෝගීන් පිළිබඳව පරීක්ෂා කළොත් ඇතැම් විට එහි භයානක ප්‍රතිඵල දැක ගන්න පුළුවන්කමක් තියෙන නිසා නීතියෙන් පමණක් නොව ව්‍යාපාරික ජනතාව මේ පිළිබඳව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.

විශේෂයෙන්ම අපේ රටේ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි. මොකද ජනතාවට මුදලට අලෙවි කරන්නේ වස විස නම් ජනතාවගේ ජීවය පිළිබඳව ප්‍රශ්නයක් ගැටලුවක් පවතිනවා. ඒ නිසා සියලුම දෙනා ආහාර පිළිබඳව ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි කියලයි මගේ විශ්වාසය. පාම් තෙල් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ගබඩාකරණය කියලා තමයි. හැබැයි මේ පිළිබඳව වැඩි අවධානයක් යොමුකරලා තියෙනවා. ජනතාව දැනුවත් කරනවා. ව්‍යාපාරිකයන් දැනුවත් කරනවා. එ පමණකින්

සියල්ල සිදුවෙන්නේ නැහැ. මොකද කරුණු රැසක් පවතිනවා. මේ පිළිබඳව ව්‍යාපාරිකයන් ගැන ජනතාව දැඩි අවධානය යොමු කළ යුතුයි. පරිභෝජනය සඳහා ගන්නා ආහාර කුමක් හෝ වේවා ඒවායේ පිරිසිදුභාවය පිළිබඳව සෞඛ්‍යාරක්ෂිත භාවය පිළිබඳව ඒවාට අයත් දේ පිළිබඳව කරුණු විමසීම සඳහා පාරිභෝගිකයන් වන ජනතාවට අයිතියක් පවතිනවා. සේවා අලෙවිකරණය මුදල් උපයන ව්‍යාපාරයකි. තමන්ගෙ සේවාදායකයන් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටිනවා. ඒ නිසා මේ සියලු දෙනාම ඒකරාශී වී වස විස ආහාරයට ගැනීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුයි කියලයි අපේ විශ්වාසය.

කෙසේ වෙතත් මේ වනවිටත් රැගෙනවිත් තිබූ විශාල වශයෙන් සඟවා තිබීම ගබඩා කරන ආකාරය පිළිබඳව නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි එහි සිටි බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් බවට පත්වීම නිසාම පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතාගෙන් දුරකථනයෙන් අප මේ පිළිබඳව විමසීමක් කළෙමු.

ඒ මහතා කියා සිටියේ ‘‘මෙම පොල්තෙල් ඇසුරුම් බැරල් පිළිබඳව ජනාධිපතිවරයාගේ පවා අවධානය යොමු වී මේ වනවිට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කොට මෙයාකාරයෙන් පොල්තෙල් ළඟ තබා ගැනීම, ගබඩා කිරීම, අලෙවි කිරීම තහනම් කොට තිබෙන බවයි. කෙසේ වෙතත් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව තමන් සොයා බලන බවත් එසේම මෙය බරපතළ වරදක් බව’’ ද සඳහන් කළේය.

සටහන : දඹුල්ල
කාංචන කුමාර ආරියදාස

වියලුවේ වෙල් යායක අභිරහස් ආවාටයක් තම කිසිම පරීක්ෂණයක් නෑ මෙන්න එම විශ්මිත කතාව

ලොග්ගල්ලා ඔය මෙන්ම සුන්දර දුන්හිඳ දිය ඇල්ල නිර්මාණය කරමින් ගලා බසින බදුලුඔය අප රටේ දිගම ගංගාව වන මහවැලි ගංගාවේ ප‍්‍රධාන අතු ගංගා දෙකකි. පස්සර ප‍්‍රදේශයෙන් ලොග්ගල්ලා ඔය ඇරඹෙන අතර බදුලුඔය සශ‍්‍රීක වන්නේ බදුල්ල හා ඒ අවට ප‍්‍රදේශවලිනි.

බදුල්ල හා පස්සර ප‍්‍රදේශවලින් ආරම්භ වී ගලා බසින මෙම අතු ගංගා දෙක මහවැලි ගංගාවට එක්වන්නේ මීගහකිවුල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක් සශ්‍රීක කරවීමට සිය දායකත්වය ලබා දීමෙන් අනතුරුවය.

මීගහකිවුල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසක් හරහා එකිනෙකට සමාන්තරව ගමන් ගන්නා බදුලුඔය සහ ලොග්ගල්ලා ඔය එකිනෙකට මායිම් වන්නේ එම ඔයවල් දෙක අතර පිහිටි කිතුලාන හා බඹරගල කන්ද ප‍්‍රධාන කොටගත් තවත් කුඩා කඳුවැටි කීපයකිනි.

ලොග්ගල්ලා ඔය හරස්කර තැනූ අමුණක් හරහා මීගහකිවුල කෝමාරීක ගොවි ජනපදයට දියවර සැපයෙන අතර බදුලුඔය හරස්කර තැනූ අමුණක් හරහා තල්දෙන ව්‍යාපාරයට දියවර සැපයෙයි.

ලොග්ගල්ලා ඔයෙන් දියවර සැපයෙන කෝමාරීක ඇළ ව්‍යාපාරයට අයත් ඩී දෙක නම් වූ ප‍්‍රධාන අතුරු ඇළ ඔස්සේ පැමිණි මහා ජල කඳක් ඇළ මැද හිටිවනම මතුවූ සුවිසල් උමගකට වැටී අතුරුදන් වන්නට පටන් ගත්තේ ඉකුත් 14 වන දා පස්වරුවේය.

කෝමාරික ඇළ ව්‍යාපාරයට අයත් ඩී දෙක අතුරු ඇළේ මතුවූ උමග පිළිබඳ කතාවේ උණුසුම පහව යන්නටත් මත්තෙන් එම ස්ථානයට කිලෝමීටර් කීපයක් දුරින් පිහිටි බදුලු ඔයෙන් දියවර සැපයෙන තල්දෙන ව්‍යාපාරයට අයත් මාළිගාතැන්න වෙල්යාය මැදින්ද එවැනිම ප‍්‍රමාණයේ සුවිසල් උමං මාර්ගයක් මතුවූවේ ප‍්‍රදේශයේ බහුතරයක් ජනතාව ද අන්දමන්ද කරමිනි. ඒ කෝමාරීක සිද්ධියෙන් හරියටම දින 07 ක් ගතවූ ඉකුත් 21 වනදා පෙරවරුවේය.

මුලින්ම පොල් වළක් තරමට මතුවූ උමගට කුඹූරේ ලියැදිවලින් ගලා ආ ජලකඳ මහ හඩක් නඟමින් වැටෙන්නට පටන් ගත් අතර කුඩාවට තිබූ උමංකට අඩි 15-20 ක පමණ විෂ්කම්භයෙන් යුත් මහා වළක් බවට පත් වන්නට ගතවූවේ පැය දෙකකටත් අඩු කාලයකි.

මාළිගාතැන්න වෙල්යායෙන් හිටි හැටියේම මතුවූ මෙම උමග මුලින්ම දැක ඇත්තේ එදින එම කුඹුරේ සී සෑම සදහා පැමිණි ප‍්‍රදේශයේම ගොවි පිරිසකි.

වසර ගණනාවක් තිස්සේ යල මහ දෙකන්නයේම සී සෑම ඇතුළු වගා කටයුතු සඳහා නිරතුරුවම එම වෙල්යාය වෙත පැමිණෙන මෙම පිරිසේ බොහෝ දෙනකු කිසි දිනෙක මෙවැනි උමගක් දැක නොතිබිණි. ඒ නිසාම තම දෑස් හමුවේ මතුවූ මෙම උමග ඔවුන් දැඩි භීතියටත් කලබලයටත් පත්කරන්නට තරම් හේතුවක් විය.

මේ උමග මුලින්ම දැක ඇත්තේ නගුල බැදි ගවයින් දක්කාගෙන ඒ අසලින් යමින් සිටි තල්දෙන ගල්ගේලන්දේ ඩී. එම්. අසිත මහතාය. ඔහු ඒ ගැන මෙසේ කීවේය.

අපි උදේ 7.00 ට විතර මේ වෙලට ආවේ කුඹුර හාන්න. ගමේ කීප දෙනෙක් අපිත් එක්ක වැඩට ආව. කුඹුර හෑවේ මම. දින ගාණකින් වැහැල තිබුණේ නැහැ. හැබැයි හාන්න ඕනි නිසා කලින් දවසේ ඉඳලම කුඹුරට වතුර බැඳලා තිබුණ. ටිකක් වෙලා වැඩ කරගෙන ඉන්නකොට අපි වැඩකරපු තැනට මීටර් පහ හයක් පහළින් සද්දයක් ඇහුණ. මම ඒ දිහා බලද්දි වෙල මැද පොල් වළක් වගේ එකක් දැක්ක. මම වැඩිය ගණන් ගත්තේ නැහැ.

ටික වෙලාවක් යද්දි ආයෙත් ඒ පැත්තෙන් වතුර වළකට මොනවාදෝ වැටෙනවා වගේ සද්දයක් ආව. එතකොට මම දැක්ක අර වළ කලින්ට වඩා ලොකු වෙලා තියෙනව. කුඹුරේ තිබ්බ වතුර ඒ වළට මහ සද්දෙන් ගලාගෙන යනවත් මම දැක්ක. බලා ඉද්දි වටේ පස් තව තව කැඩෙන්න පටන් ගත්තා. කුඹුරෙ ආව වතුර පාර වළ ඇතුළට වැටෙන සද්දේ ඇහුණ. ඊට පස්සේ මම අනිත් අයටත් මේක පෙන්නුවා.” ඔහු කීවේය.

තල්දෙන ගල්ගේලන්ද ගම්මානයේ ආර්. එම්. සෝමපාල මහතා ද මේ පිරිස සමග පැමිණ සිටියේ සී සාන කුඹුරේ කැඩී යන නියරවල් බැඳ දෙන්නටය. අසිතගේ කෑ ගැසීමත් සමගම උදැල්ල පැත්තකට දැමූ සෝමපාල මහතා ද සෙසු පිරිස අතරට එක්ව උමග මතුවූ තැනට දිව ගියේ සිදුවන්නේ කුමක්දැයි දැක බලා ගන්නට සිත තුළ මතුවූ දැඩි කුතුහලය නිසාය.

‘‘අපි මේ කුඹුරේ වැඩ කරල තියෙන්නේ අද ඊයේ ඉඳල නෙමෙයි. කිසි දවසක මෙහෙම දෙයක් සිදුවෙලා නැහැ. පොල් වළක් වගේ තිබුණු වළ අපි බලා ඉද්දි පස් කැඩි කැඩී ලොකු වෙන්න පටන් ගත්තා. හිටි ගමන් වළෙන් දුමක් වගේ පිටවුණා.” සෝමපාල මහතා කියාගෙන ගියේය.

පැය කීපයක් ගත වනවිට උමග අලියකු දැමිය හැකි තරමට විශාල වී තිබිණි. එහෙත් එහි ගැඹුර කොතෙක්දැයි ඔවුන්ට නිරීක්ෂණය කර ගන්නට නොහැකි වූවේ අවටින් ගලා ආ කුඹුරේ මඩ ජලය ඒ තුළට ගලා යාම නිසාය.

පැමිණි පිරිසේ ඇතැමෙක් උමග තුළට කුඹුර අද්දර තිබූ විශාල ගල් කුළු ගෙනවිත් අත අරින්නට වූ අතර මහත් හඩක් නඟමින් එම ගල් කුළු පෙරළී ගියේ පැමිණි සිටි පිරිස තව තවත් අන්ද මන්ද කරමින්ය.

“මේකේ ගැඹුර බලමුද? තවකෙක් යෝජනා කලත් වළ ළඟට යාමට තිබූ බිය නිසා කිසිවෙකුත් ඊට ඉදිරිපත් නොවූහ. ඒ සඳහා ක‍්‍රමවේදයක්ද ඔවුන්ට නොතිබිණි.

කෙසේ වෙතත් පිරිස අතර සිටි සුමතිපාල උඩලකුඹුර මහතාත්, රංගන මධුමාල් සමරකෝන් මහතාත්, මීගහකිවුල ප‍්‍රාදේශීය ලේකම් එච්. එම්. නන්දසේන මහතාට මෙන්ම බදුල්ල දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ද, පොලීසිය ඇතුළු සෙසු ආයතනවලටද දැනුම් දීමට පියවර ගත්තේ සිය වගකීම් හරිහැටි තේරුම් ගනිමිනි.

ඒ අනුව හෝරාවකටත් අඩු කාලයකදී ප‍්‍රදේශය බාර ග‍්‍රාම නිලධාරීවරයා ඇතුළු පිරිසක් සමග එහි පැමිණි මීගහකිවුල සහකාර ප‍්‍රාදේශීය ලේකම් ආර්. ඩී. ඒ. චාමර මහතාට සිදුවූවේ ඒ වන විටත් බුරුල්වූ පස් කඳු කඩා වැටෙමින් අනාරක්ෂිතව පවතින උමග දෙසට ගමන් ගන්නා මිනිසුන්ගේ ආරක්ෂාව සලසන්නටය.

“ඔතන විතරක් නෙමෙයි අර එහා පැත්තෙත් දවස් කීපයකට ඉස්සර වළක් හෑරීලා තියෙනවා. “පිරිසේ සිටි තරුණයකු එසේ කියද්දී හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී රංගන මධුමාල් මහතාද දින තුන හතරකට පෙර උමග මතුවූ ස්ථානයට මීටර් 200-300 ක් ඉහළ කුඹුරු යායේ සිදුව තිබූ නාය යෑමක් වෙත අපගේ අවධානය යොමු කරන්නට විය.

රංගන මහතා පැවැසූ ස්ථානයේ පිහිටි හෙල්මලු කුඹුරු යායේ අඩි 20-30 ක් පළලට හා අඩි 30- 40ක් පහළට විශාල පස් කන්දක් නාය යාමට පත්ව තිබුණේද වර්ෂාවක් පවා නොමැති අවස්ථාවකදීය. ඒ සමගම පිරිසේ සිටි තවත් තරුණයකු මෙම උමග මතුවූ ස්ථානයට කිලෝමීටර් බාගයක් පමණ ඈතින් තල්දෙන ගල්ගේලන්ද මාර්ගයේ පසෙක තිබූ අලි අඩියක් තරම් වූ ගිලා බැසීමක්ද අපට පෙන්වූවේ මේ සියලු සිද්ධින් දාමය එකකට එකක් සම්බන්ධ යැයි අපට පවසන්නට මෙන්ය.

ඒ අතරේ මෙම ගිලා බැසීම සිදුවූ දින එනම් 21 වන දින අලුයම 3.00 ට පමණ ඊට කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි තල්දෙන බතලවත්ත ගම්මානයේ පිරිසකට සුළු භූමි චලනයක් අත් විඳින්නට ලැබුණේ යැයිද කියවිණි.

“මම නින්දේ හිටියේ. එක පාරටම සද්දයක් ආව. වළං පිඟන් හෙල්ලුණා. වහලෙත් හෙල්ලෙනව වගේ දැනුණා. ඒ වෙලාවේ පාන්දර තුනට විතර ඇති” සිද්ධිය අත්දුටු තල්දෙන 10 කණුවේ එච්. එම්. රේණුකා මහත්මිය කියා සිටියාය. ඒ අතර සිටි තවත් පිරිසක්ද රේණුකා මහත්මියගේ කතාව සනාථ කළේ ඔවුන් ලද අත්දැකීම් විස්තර කරමින්ය.

“මේකට මාළිගාතැන්න වෙල කියල කියන්නේ ඉස්සර මේකේ රජ මාළිගයක් තිබුණු නිසාලු. පල්ලෙහා තියෙන බදුලුඔයේ රන්පුහුලාවල, බොරපැන්වල කියල තැන් දෙකකුත් තියෙනවා. මේ ගමට ගල්ගේලන්ද කියන්නේ විශාල ගල් ගෙයක්, රජවරු ගමන් කළ උමං මාර්ගයක් තිබුණු නිසා කියලා මේ ගමේ වැඩිහිටියෝ කියනවා.” ගම ගැනත් ගමේ ඓතිහාසික කරුණු කාරණා ගැනත් මනා දැනුමක් ඇති උඩලකුඹුර මහතා ද ඔහු දන්නා අත්දැකීම් අප හමුවේ විස්තර කළේ මේ සිදුවීම පහසුවෙන් බැහැර කළ හැකි එකක් නොවන බව අපට ඒත්තු ගන්වන්නට මෙන්ය.

ඒ අතර තවත් පිරිසක් මේ දිනවල දැඩි කතා බහට ලක්වෙමින් පවතින උමා ඔයේ බලපෑමක් නිසා මෙය සිදුවන බවද පවසන්නට වූහ. උමා ඔය ව්‍යාපෘතිය සඳහා උමග කැණීමත් සමගම එම ප‍්‍රදේශයේ භූ ගර්භය තුළ මේ වන විට සිදුවී තිබෙන විපර්යාසයන් හේතුවෙන් මෙම ගිලා බැසීමත් මීට පෙර කෝමාරීක ව්‍යාපාරයේ සිදුවූ ගිලා බැසීමත් සිදුවන්නේ යැයි ඔවුහු පවසන්නට පටන් ගත්තේ”හෙට අනිද්දා වන විට අපිටත් මේ ගම් දාලා යන්නට සිදුවේවි යන බිය මුසු හැඟීමෙන්ය.”

“මහා මාර්ග ඔස්සේ තල්දෙන හා බණ්ඩාරවෙල අතර දුර ප‍්‍රමාණය කිලෝමීටර් 40 ක් තරම් වූවත් ගුවනින් ගත් කල එම දුර ප‍්‍රමාණය කිලෝමීටර් හත අටක් තරම් නිසා එවැනි බලපෑමක් සිදු නොවේ යැයි පවසන්නේ කෙසේදැ”යි ඔවුහු ප‍්‍රශ්න කරන්නටද වූහ.

අපි මේ සිදුවීම පිළිබඳ විමසීමට, මෙම ගිලා බැසීම සිදුවූ ස්ථානයට යාබදව පිහිටි තල්දෙන ශ‍්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී තල්දෙන මිහිඳු සාමනේර ආයතනයේ ප‍්‍රධානාචාර්ය තල්දෙන ධම්මවංශ හිමියන් මුණ ගැසීමටද අමතක නොකළේ උන්වහන්සේ සතුවද ප‍්‍රදේශය පිළිබඳ බොහෝ තතු විත්ති ඇති බව අත්දැකීමෙන්ම දන්නා නිසාය. උන්වහන්සේ කියා සිටියේද මෙම ප‍්‍රදේශය හා බැඳුණු ඓතිහාසික සිද්ධීන් පහසුවෙන් බැහැර කළ නොහැකි බවය.

මේ පන්සලට යාබද කුඹුරු යාය තමා මාළිගාතැන්න කියන්නේ. මට මේ ප‍්‍රදේශයේ වැඩිහිටි අය කියපු විදිහට මේ අවට රජ මාළිගයක් වගේම රජවරු ආගිය බව කියන උමං පද්ධතියක්ද තිබිල තියෙනවා. මොකද එහා ගමට කියන්නෙත් බිංගේලන්ද කියලා.

ඒ වගේම පන්සලට පහළ බදුලුඔයේ තියෙනව, බොරපැන්වළ කියල එකක්. ඒකෙ තමා රාජ කුමාරියො නාල තියෙන්නේ. “බොල” කියන්නේ බොලදියෝ කියන එක. බොලදියෝ නාපු වළට ඒ කාලේ මිනිස්සු කියල තියෙන්නේ බොලපැන්වල කියලා. පස්සේ තමයි ඕක ව්‍යවහාරයට පහසුවෙන්න බොරපැන්වළ කරගෙන තියෙන්නේ ධම්මවංශ හිමියෝ පැවැසූහ. එපමණක් නොව එම බොරපැන් වළෙන් හිටි හැටියේම රන් තළියක් මතුවන බවත් එය ගැනීමට යාමේදී අතුරුදන් වන බවත් ප‍්‍රදේශයේ ජනතාව පැවැසූ බවද උන්වහන්සේ අපට කීහ. මෑත කාලයේදී පවා මේ රන් තළිය දුටු පිරිස් තල්දෙන ගම්මානයේ සිටිතැයිද උන්වහන්සේ කියා සිටියහ.

එසේම මීට ආසන්නව ඓතිහාසික ප්‍රවෘත්ති රැසකට බඳුන් වූ රන්පුහුලාවල නමැති ඉසව්වක් ගැනද ධම්මවංශ හිමියෝ අපට කියා දුන්හ.

මෙම ගිලා බැසීම සිදුවීමත් සමගම මෙවැනි කට කතා ජනප‍්‍රවාද රැසක් එළියට ගලා ගෙන එන්නට පටන් ගත් අතර කෝමාරික ව්‍යාපාරයේ සිදුවූ ගිලා බැසීමත් සමගම මෙවැනි ජනප‍්‍රවාදයක් ගෙනහැර දැක්වූ පාලාවත්ත ගොවි සංවිධානයේ සභාපති ඩී. එම්. විජේරත්න මහතාද මෙම ගිලා බැසීමට ලක්වූ ස්ථානයත් තල්දෙන පිහිටි ගල්ගේලන්ද ගමේ වූ උමඟක් ගැනත් (ඒ වන විට තල්දෙන ගිලා බැසීම සිදුවී නොතිබිණි) ඇති සම්බන්ධතාවක් ගැන මාධ්‍යයට කීවේය.

කෝමාරික ව්‍යාපාරයේ සිදුවූ ගිලා බැසීම සම්බන්ධයෙන් මෙන්ම මෙම ස්ථානයේ ගිලා බැසීම සම්බන්ධයෙන්ද අවසන් නිගමනය විද්‍යානුකූලව අපට ලබා ගත හැක්කේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නිකුත්කරන වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.

අප බදුල්ල වැඩබලන දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේද ඉදිරි දින කීපය තුළ ජාතික ගොඩනැගිලි හා භූ විද්‍යා පරීක්ෂණ ආයතනය මගින් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බවය.

මූලික පරීක්ෂණයක් සිදුකළ ද ගිලා බැසීම සම්බන්ධයෙන් යම් නිශ්චිත අදහසක් පැවැසිය නොහැකි බවද අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා කියා සිටියේය.

මේ අතර ගිලා බැසිමට ලක්වූ වෙල්යායේ එම වළ සහිත ප‍්‍රදේශය මේ වන විට එහි හිමිකරුටද තහනම් කලාපයක් කරමින් ලණු කීපයක් වටේට ගැට ගසා සීමා පනවා ඇති අයුරු ඉකුත් 25 වනදා පස්වරුවේ එහි ගිය අපට දැක ගන්නට ලැබිණි. පොළොව මට්ටමේ සිට අඩි හත අටක් ගැඹුරට පැහැදිලි ජලයෙන් පිරී ගොස් තිබුණි.

“මහත්තයෝ මෙතන ගිලා බැහැපු දවසේ නම් කුඹුර පිරෙන්න කට්ටිය ආව. පරීක්ෂණත් කළා. හැබැයි ඊට පස්සෙනම් අද වෙනකම් කිසි කෙනෙක් නැහැ. දැන් මෙතන්ට ඇතුළු වෙන්නත් බැහැ. කුඹුර වපුර ගන්න විදිහකුත් නැහැ. මම ජීවත්වෙන්නේ මේ කුඹුර කොටල ගන්න වී ටිකෙන්” කුඹුරේ අද ගොවියා වූ ආර්. එම්. පේ‍්‍රමරත්න මහතා සිය අසරණකම පැහැදිලි කළේ කරන පරීක්ෂණයක් ඉක්මනින් අවසන් කර දෙන්නැයි ඉල්ලීමක් ද කරමිනි.

විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුව කෝමාරීක ඇළ ව්‍යාපාරයේ සිදුවූ ගිලා බැසීමට හේතුව වන්නට ඇත්තේ, පොළොව යට පිහිටි හුණු ගල් ස්ථරයක ක‍්‍රියාකාරීත්වය බව ඒ සම්බන්ධයෙන් දළ අදහසක් ඉදිරිපත් කළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ හා බදුල්ල දිස්ත‍්‍රික් බාර නිලධාරී එම්. එම්. සී. බී. මොරේමඩ මහතා කියා සිටියේය.

මෙම කරුණු කාරණා කෙසේ වෙතත් උමං මාර්ග පිළිබඳ අප සමාජයේ කතා බහට ලක්වන්නේ අද ඊයේ සිට නොවේ. උමං මාර්ග පිළිබද ඉතිහාසය මිනිස් ශිෂ්ටාචාරයේ ඉතිහාසය තරම්ම පැරැණිය.

රාවණා රජු පොළොව යටින් තැනූ උමං පද්ධතියකින් එහා මෙහා ජලය රැගෙන ගිය කතාවක් අපි කුඩා කල අසා ඇත්තෙමු.

සුදු අධිරාජ්‍යවාදීන්ගේ සමයේදී කොළඹින් ආරම්භ වූ දුම්රිය උඩරට කඳුකරය ඔස්සේ බදුල්ල දක්වා පැමිණෙන්නේද ඔවුන් විසින් තැනූ විවිධ දිගින් හා පළලින් යුත් උමං මාර්ග රැසක් නිසාය. එවැනි උමං මාර්ග ඉදිවූ රටකට අද විදෙස් විද්වතුන්ගේ උපදෙස් ලබා ගන්නට සිදුවීම වෙනම කතාවකි.

ඒ නිසා උමං මාර්ග යනු අපට අලුත් දෙයක් නොවේ. කතා බහට ලක්වූවක්ද නොවේ. එම උමං මාර්ග හමුවේ ජන ජීවිතයට බලපෑම් එල්ලවූ බවක් අසන්නට ද නොලැබෙයි .

එවැනි උමං මාර්ග ඉදිවූ රටකට අද විදෙස් විද්වතුන්ගේ උපදෙස් ලබා ගනිමින් උමං තනන්නට සිදුවීම වෙනම කතාවකි.

එසේ වුවද රටේ තවත් කොනක සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් තනන්නට ගිය උමා ඔය උමග නිසා අද වන විට ගැටලු රැසක් පැන නැඟී ඇති අතර සුන්දර බණ්ඩාරවෙලට හා අවට ගම්බිම් රැසකට අත්වී ඇති ඉරණමද සුළුපටු නොවේ.

එහෙත් එම ස්ථානයේ දී හමුවූ එම ගමේම පදිංචිකරුවෙකු වූ හර්බට් මැල් මහතා ඊට තරමක් වෙනස් කතාවක් කීවේය.

‘‘මහත්තයෝ ඔය ගිලා බැසීම වෙන්න ඉස්සරත් ඔය හරියට පාත් වෙච්ච හෙනයක් නිසා වළක් හෑරිලා තිබුණා. මිනිස්සු ඒකට කීවේ අහස් වළ කියල. ඒ කිට්ටුවම තමා මේ වළත් හැරිලා තියෙන්නේ’’ ඔහු පරණ මතකයක් එලෙස යළි ආවර්ජනය කළේය.

කෙසේ වෙතත් දින කීපයක් තුළ සිදු වූ මෙම ගිලා බැසීම් භූමි කම්පා මෙන්ම පස් කඳු කඩා වැටීම හේතුවෙන් මේවන විට තල්දෙන හා අවට ගම්මු පසුවන්නේ දැඩි භීතියකිනි. එසේ වුවද පසුගිය 26 වැනි දින වන විටත් මේ සම්බන්ධයෙන් කිසිදු ආයතනයක් පරීක්ෂණ පැවැත්වීම සඳහා තල්දෙන ගමට නොපැමිණ තිබූ අතර ඒ පිළිබඳව ගම්මුන් කතා කළේ දැඩි කම්පාවකිනි.

සටහන සහ ජායාරූප:
වියලුවේ නිශාන්ත කුමාර

දෙවෙනි ඉනිමේ චුටි මැණිකේගේ පිස්සු හැදෙන ලස්සනම ලස්සන වැඩටිකක් මෙන්න

දෙවෙනි ඉනිමේ චුටි මැණිකේගේ පිස්සු හැදෙන ලස්සනම ලස්සන වැඩටිකක් මෙන්න

දෙවෙනි ඉනිමේ චුටි මැණිකේගේ පිස්සු හැදෙන ලස්සනම ලස්සන වැඩටිකක් මෙන්න

දෙරණ නාලිකාවේ විකාෂනයවන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙන් ජනතාව තරට එන ඇය කවුරුත් දන්නා ලිහිණි එහෙමත් නැත්නම් චුටි මැණිකේ බලන්නකෝ මෙයාගේ ලස්ස

බැදපු මිනිහට ළමයි හදන්න බැරි නිසා වෙනත් පිරිමියෙක්ට කියලා වැඩේ කරගන්න අශාවෙන් ඉන්න කාන්තාවක් පිළිබද කියන මේ සිංදුවේ තේරුම බලන්නකෝ

කද තාම පෑල් රකිනවදො නිදි නෑතිව” මෙතන පෑල් රකින සීන් එකක් කියන්නේ එහෙම එකක් නෙමේ. මෙයාගේ පුරුශයාට යම් බෙලහීන සීන් එකක් තියෙනවා. අන්න ඒක තමා ඔතනින් කියන්නේ. ආදරෙයි තමා, රන්කද උනත් මේ යකා මොක කරනවද, එකෙකො බෑරි දේවල් නොකර නිදා ගනින්කො කියන හෑගීම. “නිල් තරු රෑන ඉගි බිගි පාන අහස යට”.. තවමත් ඉගි බිගි පාන තරු ඉන්නවා, ඒ තරු එක්කලා යන්නත් හිතයි, ඒත් රන්කද?.. “මල් පිපුනාට ගෙඩ් නෑ තාම”..  හොදම සීන් එක තියෙන්නේ මෙන්න මෙතන බලන්නකෝ පහත වීඩියෝව