වැන්දට වැඩක්නෑ තිරුපති කෝවිලෙන් ශිව දෙවියන් ඉවත්ව ගොස් අවුරුදු 80යි කබිලිත්තේ දෙවියන් නැත යක්ෂයෙක් සිටින බව කියයි. ජීසුස් අල්ලානමින් දෙවිවරු දිව්‍යලෝකයේ නෑලු

වැන්දට වැඩක්නෑ තිරුපති කෝවිලෙන් ශිව දෙවියන් ඉවත්ව ගොස් අවුරුදු 80යි කබිලිත්තේ දෙවියන් නැත යක්ෂයෙක් සිටින බව කියයි. ජීසුස් අල්ලානමින් දෙවිවරු දිව්‍යලෝකයේ නෑලු

කතරගම දෙවියන් නමින් දෙවි කෙනෙක් සිටී ද? සිටී නම් ඒ කොහෙද? දෙවියන් සම`ග කතා කළ හැකි ද? දේව ස්වරුපය කෙබදු ද? දෙවියන් සිටී නම් මෙපමණ අපරාධ සිදුවන්නට ඉඩ දෙන්නේ ඇයි? දෙවියන් සම්බන්ධයෙන් විශ්වාසයත්, අවිශ්සවායත්, බියත්, එලෙසම භක්තියත් වසර දහස් ගණනාවක සිට ගලාගෙන එන්නා වූ උභතෝකෝටික පැනයකි.

මිනිසුන් එති, යති, මියෙති, උපදිති. නමුත් අප දන්න කාලයේ සිට දෙවියන් මියගිය කතාවක් අසා නැත. ඉපදුණු කතාවක් ද අසා නැත. දෙවියන්ගෙන් වැඩ කරගන්න විවිධ වූ මිනිසුන් සොයා දුක් ගැහැට කියන්නට රට පුරා පමණක් නොව මෙරටින් ඉන්දියාවට පවා යන මිනිසුන් බොහෝ වෙති. මේ සියලූදෙනා දුක කියන්නට ගිය ද දෙවියන් ඔවුන් සම`ග කතා කළ බවක් අසා නැත.
සමන් දේව අඩවිය මායිමේ හරිත කලාපයක වෙසෙන වයස අවුරුදු 32ක තරුණයෙකු දැනට වසරක සිට කතරගම දෙවියන් සමග සජීවීව කතාබහ කරන බවට ලැබුණු අත්භූත ආන්දෝලනාත්මක තොරතුරක් අනුව අප ඔහු සොයාගත්තෙමු.

ඔබ දෙවි කෙනෙක් ද?
කොහෙත්ම නැහැ. මම සාමාන්‍ය මනුස්සයෙක්.

නිකම්ම නිකම් මනුස්සයෙක් කතරගම දෙවියන් එක්ක කතා කරනවා. ඒක මහ විහිළු කතාවක්නේ?
අවිශ්වාසය තියෙනකම් විහිළුවක්. විශ්වාස කරන්න, එතකොට දැනේවි.

මොකද්ද?
දෙවියන් ඉන්නවා කියලා.

දෙවියන් ඇති, සමහරවිට නැතුවත් ඇති. ඉන්නවා කියන්නේ දිව්‍ය ලෝකේ, ඉතින් වෙනත් ලෝකයක කෙනෙක් එක්ක කොහොමද සන්නිවේදනයක් පවත්වන්නේ?
එකට පිං කරන්න ඕන. මේ ආත්මේ නෙමෙයි ආත්ම ගණනාවක් තිස්සේ පිං රැුස් කරන්න ඕන.

ඔබේ නම මොකක්ද?
නම හෙළිකරන්න මම කැමති නැහැ.

වයස?
32යි.

නම හෙළිකරන්නේ නැත්තේ හිතේ වංචාවක් තියෙන නිසා ද?
වංචාවක් කරන්න ඕන යමක් බලාපොරොත්තුවෙන්. මට වංචා කරලා ගන්න දෙයක් නෑ. මම දෙවියන් සම`ග කතා කරනවා. දෙවියන් මගේ ඉදිරියට එනවා. වංචාවක් කරන තැනක දෙවියන් රැුෙ`දන්නේ නැහැ.

මොනවද කතා කරන්නේ?
මම මගේ දියුණුවට අදාළ දේවල් දෙවියන්ගෙන් විමසලා කටයුතු කරනවා. මට ඔය සාස්තර කියන කපු මහත්තුරු කියන ජාතියේ කෝවිල්, දේවාල දමාගෙන ව්‍යාපාර කරන්න, මිනිස්සු රවට්ටන්න, අරක කරලා දෙනවා මේක කරලා දෙනවා කියල හම්බකරන්න උවමනාවක් නෑ. මම දෙවියන්ගෙන් දෙවියන් ගැන කරුණු විමසන එක කරන්නේ.

දෙවියන් මාර්ගෙන් හම්බකරන්නේ නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ?
මට කේටරින් සර්විස් එකක් තියෙනවා. ඒක මගේ ජීවිකාව. මම ඒකෙන් සතුටින් හොදින් ජීවත් වෙනවා.

දෙවියන් මුණගැහිලා කොපමණ කාලයක් වෙනවද?
දැන් අවුරුද්දක් විතර වෙන්නේ, 2016 අගෝස්තු 27 වෙනිදා කතරගම කිරිවෙහෙර වන්දනා කරනකොට මට දෙවියන් මුලින්ම දර්ශනය වුණේ.

ඒ කොහොමද?
මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ අඩි 30ක ටෙන්ට් එකක් බදු දෙන්න පටන්ගෙන. කතරගම දෙවියන් කියන්නේ ව්‍යාපාරයන්ට අධිපති දෙවියන්. මගේ ව්‍යාපාරය ආරම්භ කරපු දවසේ ඉ`දන් ව්‍යාපාරය දියුණු කරලා දෙන්න කියල කතරගම මහා දේවාලයට භාර වුණා. ඒ භාරය වසරක් පාසා ඔප්පු කරමින් නැවත භාරවෙමින් අපි හැම අවුරුද්දකම කතරගම යනවා. ගිය අවුරුද්දේ ගියාම තමයි මට දෙවියන් මුණගැහෙන්න වාසනාව ලැබුණේ.

මුණගැහුණේ කොහොමද?
මම බිරිදත් එක්ක කිරිවෙහෙර මළුවට ඇතුළු වෙලා ඇතුළු වුණු තැනට වම් පැත්තට වෙන්න තිබෙන මළුවේ සෑය වදිමින් ඉන්නකොට මගේ ඉස්සරහට රත්තරන් පාටට දිලිසෙන එළියක් එක්ක කෙනෙක් ආවා. මම එකපාර තිගැස්සුණට බය හිතුණේ නැහැ. බොහොම ප‍්‍රසන්න කෙනෙක්. දෙවියන්වහන්සේත් එක්ක රත්තරන් පාටින්, අපි ස්වර්ණමය කියන්නේ ඒ වගේ දෙවියන්ගේ පාටම මොනරෙකුත් හිටියා. උන්වහන්සේ මං ආව කාරණාවත් දැනගෙන තමයි මට දර්ශනය වුණේ. උස අඩි හත හමාරක් විතර ඇති.

කවුද මුලින්ම කතා කළේ?
උන්වහන්සේ මට කතා කළා. මගේ ගැන කියාගෙන ගියා. ඉදිරිය යහපත් බවට කරුණු පැහැදිලි කළා.

එතකොට බිරිද දෙවියන් දැක්කේ නැද්ද වටේ මිනිස්සු?
එතකොට වෙලාව ? 9ට කිට්ටු වෙලා ඇති. මට ඒ ගැන අවධානයක් තිබුණේ නැහැ. දෙවියන් ගැන මගේ ඇස තිබුණේ. දෙවියන්ගෙන්ම ඒ වෙලාවේ විමසුවා අනෙක් අය දකීවි නේද කියලා. දෙවියන් පැවසුවා පෙර පින් බල මහිමයෙන් පමණයි දෙවියන් දිස්වෙන්නේ. මට තිබෙන පුණ්‍ය ශක්තිය අනුව තමයි මේ විදිහට දෙවියන් දිස් වුණේ කියන එක. මම ඇහුව කිරිවෙහෙරට ?ට අවොත් දෙවියන් බලන්න පුළුවන් ද කියල. එහෙම හැමෝටම බැහැ. පින තිබෙන කෙනාට දිස්වෙන බව තමයි පැවසුවේ.

කොච්චර වෙලාවක් දෙවියන් සමග කතා කළා ද?
විනාඩි 15ක් විතර.

ඒ වෙලාවේ පියවි සිහියෙන් ද හිටියේ?
ඔව්.

ඉන්පසු දෙවියන් සමග කතා කරලා තිබෙනවද?
ඔව්. මට හරි ආසාවක් දැනුණා දෙවියන් සම`ග කතා කරන්න. දෙවියන් මගෙන් නික්මෙද්දී මම නැවත දෙවියන් දකින්නට ලැබේද විමසුවා. ඒ මොහොත සිට දින 45කින් නැවත දෙවියන් දකින්නට හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පුද පුජා කරලා දෙවියන්ට වඩින්නට හැකි පිරිසිදු වාතාවරණයක් නිර්මාණය කරන්න කිව්වා. දෙවියන්ට ආරාධනා කරන්න වෙනමම ආයාචනයක් ලබාදුන්නා.

මේ වෙනකොට දෙවියන් සමග කොපමණ කතා කරලා තිබෙනවද?
පැය එකහමාරක් විතර.

මේ කතරගම දෙවියන්ම කියල ඔප්පු කරන්නේ කොහොමද?
දෙවියන්ගෙන්ම විමසූවම උන්වහන්සේ මට තමන්වහන්සේ කතරගම දේව රාජෝත්තමයාණන්වහන්සේ බව සඳහන් කළා.

ඔය කියන විදිහට මුහුණු සයක් අත් දොළොසක් කතරගම දෙවියන්ට නැහැ?
මං ඉදිරියට අවේ එහෙම නෙමෙයි. නමුත් උන්වහන්සේට ඕනෑම ස්වරූපයකින් පෙනී සිටින්න හැකියාව තිබෙනවා. ආත්ම 8ක් පසුපසට අපේ විස්තර කියන්න හැකියාව තිබෙනවා. උන්වහන්සේගේ සහෝදරයා වන ගණ දෙවියන්ට ආත්ම විස්සක්, පියාණන් වන ශිව දෙවියන්ට ආත්ම 30ක් පසුපසට යාමට, විස්තර කර කියන්න හැකියාව තිබෙනවා. මම මගේ බිරිඳම සම`ග සිටින තුන්වන ආත්මය බව පවසලා තිබෙනවා.

දෙවියන් මොනරාගේ පිටේ නැගල නෙමෙයිද එන්නේ?
දෙවියන් මොනරට තිබෙන කැමැත්ත නිසා ළ`ග තබා ගෙන සිටින්නේ. වහනය ලෙස භාවිත කරන්නේ නැහැ. දෙවියන්ට වාහනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පාවෙලා වගේ ගමන් කරන්නේ.

දෙවියන් කතා කළේ සිංහලෙන් ද?
ඔව් සිංහලෙන්, උන්වහන්සේ දේවත්වයට පත්වෙන්න පෙර හින්දු භක්තිකයෙක් ඉන්දියාවේ ඉ`දපු. ගෞතම බුදුන්වහන්සේට ඇප උපස්ථාන කර තිබෙනවා. ඒ පින් බලයත් සම`ග තමයි මේ දේවත්වයට පත් වෙන්නේ.

සාමාන්‍යයෙන් දෙවියන් එක්ක කතා කරන්නේ කවදට ද?
කෙම්මුර දවස් කියල කියන බදාදා සෙනසුරාදා දවස්වල. පිළී කිසිම දෙයක් ආහාරයට නොගෙන තමයි දෙවියන් සමග කතා කරන්න පුළුවන් වෙන්නේ. මමත් දෙවියන් මුණගැසෙන්නට පෙර මත්පැන් පානය කරලා තිබෙනවා. නමුත් දැන් නැහැ.

කුකුළු මස් ආහාරයට ගන්නවා, වෙන කිසිම මසක් ආහාරයට ගන්නේ නැහැ. දෙවියන් සමග කතා කරන දවසට කිසිම පිළී, කිලි තිබෙන දෙයක් ආහාරයට ගන්න බෑ. ඒ වගේම මේ ආත්මයෙත් යහපත් ලෙස ජීවත් වෙනව නම් පමණයි දෙවියන් සමග කතා කරන්න පුළුවන්. පින තිබුණට මදි. අපි දෙවියන්ට දිනපතාම පින් දෙනවා. පහන පත්තු කරලා, බුදුන් වැදලා, පින් දෙනවා දෙවියන්ට අපේ දියුණුව පතලා. නැතුව දේවාලවල එහෙම කිසිම දෙයක් කරන්නේ නැහැ.

කතරගම දෙවියන්ගේ දෙමව්පියන් වෙන්නේ අග්නි දිව්‍ය පුත‍්‍රයා සහ පාර්වතී දේව මෑණියන් කියල කියවෙනවා. ඒක පිළිගන්නව ද?
නැහැ. දෙවියන් පවසන් පරිදි ඒක වැරදියි. කතරගම දෙවියන්ගේ දෙමාපියන් වෙන්නේ ශිව දෙවියන් සහ උමයන්ගනා දේව මෑණියන්. එකම සහෝදරයා ගණ දෙවියන්.

ඉන්දියාවේ දෙවි කෙනෙක් ඇයි ලංකාවට එන්නේ?
ලංකාවේ සුන්දරත්වය නිසා ගණ දෙවියන් තමයි මුලින්ම ලංකාවට එන්නේ. ඒ අපු ගමන වල්ලි අම්ම දැකලා කතරගම දෙවියන් වන එවකට ස්කන්ධ නමින් හැදින්වූ තම අයියාට ඒ බව කියනවා. එතකොට ස්කන්ධ කුමරයා දෙමව්පියන් වන ශිව සහ උමයන්ගනා දේවිය සමග ඉන්දියාවේ තිරුපතිවල වැඩ ඉදලා තියෙන්නේ.

වල්ලි අම්මගේ රූප සම්පත්තිය පවසල මෙහෙට කැඳවාගෙන එන්න උත්සහ කළාට සක‍්‍ර දෙවියන්වහන්සේගේ දියණිය වූ සෙල්ල මෑණියන් සමග විවාහ වෙලා ඉදපු නිසා කැමති වෙලා නැහැ. පෙරැුත්ත නිසා මෙහෙට ඇවිත්. ජනප‍්‍රවාදයේ තියෙන කතාව නිවැරදියි. ඒ් අනුව වල්ලි මෑණියන් විවාහ කරගෙන. පසුව සෙල්ල මෑණියනුත් ලංකාවට වැඩම කරලා මෙහෙ කතරගම වැඩ හි`දිනවා. ගණ දෙවියන් උතුරු ඉන්දියාව යනවා.

එතකොට කතරගම දෙවියන්ට චෝදනාවක් එල්ල කරනවනේ මිනිස් සමාජයෙන් දිව්‍යාංගනාවන් දෙදෙනෙක් ඉදලත් දරුවෝ නැහැ කියල. ඇයි දරුවෝ නැත්තේ?
දරුවෝ ඉපදෙන්න නම් එයාලත් දේව දරුවන් වෙන්න ඕන. ඒ කියන්නේ කතරගම දෙවියන්ගේ පුත‍්‍රයා හෝ දියණිය වෙන්න සුදුසු පුණ්‍ය බල මහිමයක් තිබෙන කෙනෙක් තවම පහළ වෙලා නැහැ. අවුරුදු දෙදහසකට මෙපිට දිව්‍ය ලෝකයේ අලූත් උප්පත්තියක් සිදු වෙලා නැහැ.

එහෙම දෙවි කෙනෙක් ලෙස උපදින්න මෙලොවින් පින් රැුස් කරගත් අය නැහැ. ලෝකයේ අයහපත තමයි දැන් වැඩි වෙමින් පවතින්නේ. පව්කම් සහ විනාශකාරී දේ වැඩිවෙනවා. ඒක ඇතුළේ පින් එකතු කරන අය නැහැ. එතකොට දේව දරුවන් ලෙස බිහිවෙන්න අය නැහැ. දෙවියන් ඒ බව පැවසුවා.

එතකොට දෙමාපියන් බලන්න කතරගම දෙවියන් තිරුපති යනවද?
මීට අවුරුදු 80ට පෙර ශිව දෙවියන් තිරුපති දේවාලය අතහැර නැවත දිව්‍ය විමානයට තම දේවිය සම`ග වැඩම කරලා තිබෙනවා. ඉන්දියාවේ පව්කම් සීඝ‍්‍රයෙන් වැඩි වනවිට උන්වහන්සේ ඉවත් වෙලා තිබෙනවා. දෙවියන්ට වැඩ හි`දින්නට පිරිසිදු පුණ්‍ය භූමියක් අවශ්‍යයි. මනු ලොව එම ස්ථාන ¥ෂණය වෙද්දී දෙවියන් දිව්‍ය විමානවලට වඩිනවා පෘථිවිය ඇත හැරලා. නමුත් තිරුපතියේ ශිව දෙවියන්ගේ බැල්ම ආශිර්වාදය තිබෙනවා.

කතරගම දෙවියන්ට පූජා කරන ඔය පලතුරු වට්ටිවල තියෙන පලතුරු අනුභව කරනව ද?
අනුභව කරනවා කියන්නේ උන්වහන්සේලා එම පලතුරුවල සුගන්ධය තමයි ආහාරය ලෙස ලබාගන්නේ. මේ වෙනකොට උන්වහන්සේ අපේ ලෝකයේ වසර තුන හමාරකට වරක් ආහාර ලබාගැනීම සඳහා දිව්‍ය ලෝකයට වැඩම කරනවා. ඒ වගේම දැන් නොඉ`දුල්, සුගන්ධවත්, පිරිසිදු අහාර නොලැබෙන බව පවසලා තිබෙනවා. කතරගම දවසකට පිරිසිදු පූජා වට්ටි දහයක්වත් නොලැබෙන බව කියල තිබෙනවා. නමුත් දෙවියන් ආශිර්වාද නොකර ඉන්නේ නැහැ. උන්වහන්සේ පැමිණෙන සැමට ආශිර්වාද කරනවා.

දැන් කතරගම දෙවියන් ඉපදිලා කොපමණ කල්ද?
ලංකාවට වැඩම කරලා 2000ක් වෙනවා.
අවුරුදු 2000ට වැඩියි. හරියටම මතක නැහැ දැන්. නමුත් මට ඉදිරියේදී දෙවියන්ගෙන් විමසල නියම කාල වකවානු කියන්න පුළුවන්. ගණ දෙවියන් උන්වහන්සේට වැඩ අවුරුදු 400ක් බාලයි.

අන්තිමට දෙවියන්ට කතා කළේ කවදද?
ගිය මාසේ අන්තිම සෙනසුරාදා.

දැන් දෙවියන්ගෙන් මොනවද කරගෙන තියෙන්නේ?
එහෙම කිසිම දෙයක් නැහැ. මට ගමේ මිනිස්සුන්ගෙ, රටේ මිනිස්සුන්ගෙ ලෙඩ හො`ද කරන්න බෑ. බලි, හූනියම් කරන්න බෑ. ඒවා බොරු වැඩ. ඊට පස්සේ මම කට්ටඩියෙක් වෙනවනේ. කපුවෙක්, දේවාලකාරයෙක් වෙනවනේ. මට තම අවුරුදු 32යි. මට තියෙන පිනෙන් යහපත් විදිහට මේ කරන ව්‍යාපාරය දියුණු කරගෙන ජිවත් වෙනවා.

අවශ්‍යතාවයක් වුුණොත් පමණයි දෙවියන්ට කතා කරන්නේ. මගේ නැන්දම්මට තිබුණු පපුවේ අමාරුවක් දෙවියන්ගේ උපදෙස් පතලා සම්පුර්ණ සුව කළා. හදවතේ නාලයක සිහින් වීමක් නිසා ඒක වෙලා තිබුණේ. ඇයටවත් මේ දේව සම්බන්ධයක් පවසල නැහැ. මිනිස්සු අපිට පිස්සු වංචාකාරයෝ කියනවනේ. තමන් පින් කළොත් ඒක තමන්ට.

දෙවි කෙනෙක් කියන්නේ ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක්නෙ. දුක් විදින්නේ නැතුව එක පාර දියුණුවෙන්න පොටක් පාදගන්න බැරි ද?
දෙවියෝ කියන්නේ විශ්වකර්මයෙක් නෙමෙයි. මිනිස්සු කියන විදිහට ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. යම් පුණ්‍ය ශක්තියක් නිසා දිව්‍යභාවයට පත් වුණු කෙනෙක්. සියල්ල කරන්න බැහැ.

ආණ්ඩු පෙරළීම්, බලය අල්ලාගැනීම් වගේ දේවල් ගැන ඇහුවේ නැද්ද?
මම දේශපාලනය ගැන අහලා තිබෙනවා. නමුත් දෙවියන් දේශපාලනයට එහෙම ආශිර්වාදයක් ලබාදෙන්නේ නැහැ. ඒ ගැන අහන්න එපා කියල තමයි තියෙන්නේ.

ඒ කියන්නේ දේශපාලකයන්ට කතරගම දෙවියන් උදව් කරන්නේ නෑ?
නෑ නෑ නෑ..

එතකොට දුටුගැමුණු රජතුමා දේශපාලකයෙක්නේ. එතුමාට යුද්ධේ ජයග‍්‍රහණයට ආශීර්වාද කරලා තියෙනව කියල කියවෙනවා?
ඔව් මං ඒ ගැන අහල තිබෙනවා. එතැනදී රට එක්සේසත් කරලා බුදු දහම රැුකීමේ කාර්යය උදෙසා තමයි ආශිර්වාද කරලා තිබෙන්නේ. මෙතේ බුදුන් දවස වෙනකන් බුදු දහම රැුකෙන්නේ ලංකාවේ නිසා එය ආරක්ෂා කරන්න තමයි එහෙම කරලා තිබෙන්නේ. ඒ වගේම රාවණා කියල කියවෙන කෙනා ඇත්ත වශයෙන්ම මේ රටේ ඉදල තිබෙනවා, නමුත් ඔහු යක්ෂයෙක්. ඔහුගෙන් රට බේරාගෙන බුදු දහම රකින්න තමයි විෂ්ණු දෙවියන් රාමා කුමාරය ලෙසත්, ලක්ෂ්මී දේවිය සීතා කුමරිය ලෙසත් මේ ලෝකේ ඉපදෙන්නේ.

දෙවියන්ට ආයු කාලයක් තිබෙනවද?
නැහැ. මෙතේ බුදුන්ගෙන් බණ අහලා නිවන් දකින තුරු දෙවියන් සිටිනවා. නමුත් දෙවියන්ට ලෙඩ රෝග ඇති වෙනවා. එහිදී දේව සභාවේ දිව්‍ය වෛද්‍යවරුන් ප‍්‍රතිකාර කරනවා. කලාතුරුකින් දෙවියන් චුත වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ අපි මැරෙනවා කියන්නේ, එහෙම වෙන අවස්ථාවලූත් තිබෙනවා.

කතරගම දෙවියන් වැඩිපුරම කැමති කෑම මොනවද?
අඹ, අන්නාසි, දිවුල්.

කතරගම දෙවියන් එතකොට ස්ථිරව වැඩ ඉන්නේ කිරිවෙහෙරේ ද, වැඩහිටි කන්දේ ද, මහා දේවලේ ද, කැබිලිත්තේ ද?
කතරගම මහා දේවාලයේ වැඩ හි`දින්නේ. කැබිලිත්තේ ඉන්නවා කියන්නේ බොරු කතාවක්. එහෙ ඉන්න සමහර යක්ෂයන්ටත් මිනිසුන්ට උදව් කරන්න, යම් යම් කාර්ය කරලා දෙන්න හැකියාව තිබෙනවා. කබිලිත්ත පිරිසිදු පූජා භූමියක්. නමුත් කතරගම දෙවියන් වැඩ හි`දින්නේ මහා දේවාලේ පමණක් බව පැවසුවා.

දෙවියන් දේව මෑණිවරුන්ගේ කුස පිළිසිඳගෙන උප්පත්තිය ලබන පිරිසක් ද, නැත්නම් වෙනත් ක‍්‍රමේකින් පහළ වෙනව ද?
වෙනත් ක‍්‍රමේකින් නෙමෙයි, කුස පිළිසිඳගෙන දින නවසියයකින් තමයි උප්පත්තිය ලබන්නේ.

දැන් මේ ලෝකේ මිනිස්සු අනුමෝදන් කරන පින් දෙවියන්ට අනුමෝදන් වෙනවද?
ඔව් අනුමෝදන් වෙන බව මට පවසල තිබෙනවා. නමුත් අපරාධකාරයන් කන්නලව් කළා කියල ආශිර්වාදයක් වෙන්නේ නැහැ. ඒ ස`දහා ගතින්, සිතින් පවින් තොර අයට තමයි ආශීර්වාදය තිබෙන්නේ.

දැන් අපි උදේ 9 කියල ගත්තොත් මේ රටේ ස්ථාන 10ක එකවර සාස්තර හෝ දේව කන්නලව්වක් සිද්ධ වෙනවා. එතකොට ඔය හැම තැනකටම එකපාර යන්න පුළුවන් ද දෙයියන්ට?
බැහැ. ඒක බොරුවක්. මා සම`ග කතා කරන මොහොත ගත්තොත් ඒ මොහොතේ මා සම`ග පමණයි. තවත් තැනක තවත් දෙයක් කරන්න බැහැ. මන් ඒක විමසල තිබෙනවා දෙවියන්ගෙන්.

ඔය පුජා වට්ටියට තියන පඩුරු දෙවියන් භාර ගන්නවද?
දෙවියන්ට පඩුරුවලින් වැඩක් නෑ. එහෙම කිසිම විදිහකට කිසිම දෙයක් දෙවියන් බලාපොරොත්තු වෙන්නේ නෑ.

ජේසුස්වහන්සේ දෙවියන්ගේ පුත‍්‍රයා කියනවා, අල්ලාහ් දෙවියන්වහන්සේ කියනවා. එතකොට කතරගම දෙවියන්ට ඒ අය මුණගැහිලා නැද්ද?
උන්වහන්සේ කියන්නේ එහෙම දෙදෙනක් දිව්‍ය ලෝකේ නෑ කියලා.

කසුන් ගනේවත්ත

ඉරිදා ඇපල් ජාතික පුවත්පත

ලෝකෙම දන්නා රජ කුමරිය කේට් කුමාරියට හැදුන ලොවම හෙල්ලූ අමුතු අමුතු ගෝසිප් මෙන්න

ලෝකෙම දන්නා රජ කුමරිය කේට් කුමාරියට හැදුන ලොවම හෙල්ලූ අමුතු අමුතු ගෝසිප් මෙන්න

අද කාලයේ අන්තර්ජාලයේ වැඩිපුරම ජනප්‍රියව ඇත්තේ ගොසිප්ය. අනුන්ගේ කුණුකන්දල් හාරා අවුස්සා බැලීමේ නොතිත් ආශාවකින් අපේ රටේ උදවියද පසුවීම ඊට හේතුවය.

ඒ නිසාම රටේ නමක් තියෙන කොයි කවුරුන් හෝ ඉලක්ක කරගෙන ගොසිප් නිර්මාණය කිරීම වර්තමානයේ හතු පිපෙන්නාක් මෙන් ඇරඹෙන වෙබ් අඩවිවල සම්ප්‍රද‌ායයි. අනුන්ට මඩගහන තරමට තමන්ගේ වෙබ්අඩවිය ජනප්‍රිය වන බව වෙබ්අඩවි පවත්වාගෙන යන්නෝ විශ්වාසය කරති.

මේ හේතුව නිසාම අනර්තර්ජාලය තුළ ගොසිප් වෙබ් අඩවි බොහෝ ගණනක් නිර්මාණය වී තිබේ. ඉස්සර ‘නිව්ස්’ බලන්නට ආශා කළ උදවිය අද හොයන්නේ ගොසිප්ය.

‘අපේ රටේ, අපේ රටේ’ කියමින් ලිපිය පටන් ගත්තාට පිටරටවලත් වඩාත් ජනප්‍රිය ‘නිව්ස්’ නොවේ. ‘ගොසිප්ය’
ගොසිප් වැඩිපුරම නිර්මාණය වන්නේ නමක් තියෙන අයට බව මුලින්ම කීවෙමි. එසේ නම් ලෝකයේ වැඩිපුරම ගොසිප් හැදෙන්නේ කාටද?

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ට්‍රම්ප්ට ද? එහෙම නැත්නම් එංගලන්තයේ රජ පවුලටද?

ඇත්ත වශයෙන්ම ට්‍රම්ප්ට වඩා ජනප්‍රිය එංගලන්තයේ රජ පවුලය. ඉස්සර සුරූපී ඩයනා කුමරිය ගැන තොරතුරු හෙවූ තරමට අද තොරතුරු පෙනීයන්නේ කේට් කුමරිය ගැනයි.

ඇහැටකණට පේන රූමතියක් වීමත් රජ පවුලේ අනාගත කිරුළ හිමි කුමරකුගේ බිරිඳ වීමත් ඒ ‘ගොසිප්’ බිහිවීමටත් ‘ගොසිප්’ ජනප්‍රිය වීමටත් හේතුවයි.

මේ නිසාම දවස දවස ගා​ෙණම කේට් ඉලක්ක කරගෙන ගොසිප් නිර්මාණය වෙයි. ඇය අලුත් විලාසිතාවක් කළත් ගොසිප්ය. පිරිමියකු සමඟ කතා කළත් ගොසිප්ය. ජල ක්‍රීඩා කරන්නට බිකිනියක් ඇන්දත් ගොසිප්ය. කලකිරුනත් ගොසිප්ය. ඇය පිළිබඳ පළවෙන ගොසිප් බලන්නට පාඨකයන් දක්වන ඇල්ම නිසා ඇය පිළිබඳ ගොසිප් හොයන්නට කැමරා කරේ එල්ලාගත් පැපරාසියන් මේ මොහොතේත් ඇය ලුහුබඳින වාට සැක නැත.

ඇය පිළිබඳ රහස්‍ය ඡායාරූපයක් වෙතොත් එය පවුම් සියගණනකට වුව මිලදී ගත්තාට පාඩුවක් නැත. ඒ නිසා තරගකාරී වෙඩ් අඩවිවලට කේට්ලාගේ රහස්‍ය පිංතූර රත්තරංවලටත් වඩා වටනේය.

ඒ කෙසේ වෙතත් කේට් ගැනත් පළවන හැම ගොසිප් එකක්ම සත්‍ය නොවේ. බොහෝ ඒවා අතේ රෝල්ය. එද‌ා ඩයනා කුමරියට ගොසිප් නිර්මාණ්‍ය කළා සේම අද කේට් කුමරියට බොරු ගොසිප් නිර්මාණය වෙයි.

එබඳු ගොසිප්වලින් දෙක තුනක් කියවන්නට ඔබද කැමති වෙතැයි සිතමු.

කේට් කුමරිය ගැන ගොසිප් නිර්මාණය වෙන්නට පටන් ගන්නේ ඇය රාජකීය පවුලේ ඉලන්ද‌ාරියාට ප්‍රේම කරන්නට පටන් ගත්ද‌ා පටන්ය.

රාජ උෂ්ණයේ ප්‍රශ්නය

ඇය ඔහු සමඟ විවාහ වී රජ මාලිගයට ගියාම පසුව රාජකීය ජීවිතයට හැඩගැහෙන්නෙට බැරි වීම නිසා මානසික ආතතියට පත්වූ බවත් ගොසිප් කොප් වෙබ්අඩවිය සඳහන් කළේය.

එංගලන්ත රජ මැදුරේ ආහාර රටාවට හුරුවීමට කේට් මිඩ්ල්ටන් කුමරියට අපහසු වීම නිසා අැය පසුවන්නේ කනස්සල්ලෙන් බවත්, රජ මැදුරේ ආහාර වර්ග හා ආහාර රටාව ඇයට ‘ඇලජික්’ බවත් පළවූ වාර්තාවයි.

මේ රාජකීය ප්‍රශ්නය ඩයනාටත් තිබුණා. ඇයත් රජ පවුලේ ආහාර රටාවට හුරු වෙන්න බැරිවයි හිටියේ මේ නිසා කේට් කුමරිය මේ දවස්වල ඉන්නේ මානසික පීඩාවකින්.

ගොසිප්කාරයෝ රස කරමින් කීය.

රජ පවුලේ යුද්ධයක්.

කේට් කුමරිය සහ රාජකීය පවුල අතර සටනක් දියත් වී ඇති බව ගොසිප්කාරයෝ ප්‍රකාශ කළේ කේට්, විලියම් සරණ බැඳි ටික කාලයකට පසුවය. මේ යුද්ධය වෙන කෙංගෙඩියක් නොව රාජකීය උත්සවලදී ඊට ගැලපෙන ලෙස අැඳීමට සහ හැසිරීමට කේට් නොදැන සිටීමය. මේ පිළිබඳව විලියම් කුමරු සේම ඇන්ඩෘ කුමරුත් ඔවුන්ගේ පියා වූ චාල්ස් කුමරුත් කේට්ට තදින් අවවාද කර තිබූ බවද ඒ ඕපාදූපය ඇතුළත් කතාවය.

කේට්ට නිඹුල්ලු, ගබ්සාවක්

කේට් විලියම් සරණබැඳ මාස දෙකක් ගතවන්නටත් කලින් නිර්මාණය වූ ඕපාදූපය වූයේ කේට්ගේ නිවුන් දරු කළල ගම්සා වූ පුවතයි.

ඒ නිඹුල් දරුවන් ගැහැනු දරුවන් බවත්, ඔවුන් හදිසියේ ගබ්සා වූ බවත් සඳහන් ඕපා දූපයට අත්තටු ලැබී ලොව පුරාම ප්‍රචලිත විය. ඒ සමඟ රජ පවුලට උමතුවෙන් මෙන් ප්‍රේම කරන්නෝ දුකටත් කම්පාවටත් පත්වූහ. සමහරු ශෝකය සටහන් කර ලියුම් රජ මැදුරට යොමු කළහ.

ඒත් කේට්වත් විලියම්වත් එබඳු සිදුවීමක් ගැන මෙලෝ දෙයක් දැන සිටියේ නැත.

මම තාම ගැබ් ගෙන නැහැ. කවුද ඔය බොරුව කිව්වේ.’

කේට්ගෙන් ගබ්සාව ගැන ඇසූ බොහෝ උදවියගෙන් ඇය අසුවාය.

කේට් ගේ ඊර්ෂ්‍යාව

විලියම් හා විවාහවීම හේතුවෙන් කේට්ට හිමිවුණු නැන්දම්මා කැමිලා පාකර්ය. එහෙත් මේ කැමිලා එංගලන්තයේ ජනප්‍රිය ගායිකාවක වන ලේඩි ගාගාගේ මිතුරියකි. මේ මිත්‍රත්තවයන් හා හමුවීම් ගැන කේට් කුමරිය සිටින්නේ ඊර්ෂ්‍යාවෙන් බව ගොසිප් වෙබ්අඩවි සඳහන් කර තිබුණි. මෙමඟින් කේට් සහ කැමිලා අතර ගැටුමක් තිබෙන බව ලෝකය හමුවේ ප්‍රකාශ විය.

තවත් වරෙක ප්‍රකාශ වූයේ කේට් කුමරිය, මේගන් මාර්කල්ට ඊර්ෂ්‍යා කරන බවත් මේගන් වූ කලී එංගලන්ත සමාජයේ ආශක්තම කාන්තාවකි. පිරිමින් ආකර්ශනය කළ හැකි ශෘංගාර මායම් නම් මේ ගැහැනියට සමාජයෙන් ලැබී තිබෙන තැන ගැන කේට් ඊර්ෂ්‍යා කරන බව ප්‍රකාශ කළ වෙබ් අඩවි, වැඩිදුරටත් සඳහන් කළේ හැරී කුමරු, මේගන් විවාහ කර ගැනීමට සැරසෙන බවයි. එසේ වුවහොත් කේට් ඉක්මවා මේගන් ජනප්‍රිය වන බවත් කේට්ගේ ඊර්ෂ්‍යාවට හේතුව එම කාරණය බවත් පැවසිණි.

කාඩේසියන් ගැන සැකයක්

කිම් කාඩේසියන් වූ කලී ලෝකයේ ආකර්ශනීයම නිතඹ හිමි කාන්තාව බව පැවසෙයි. යුවතියකගේ ලස්සන මනින මිමි අතරට කිම් කාඩේසියන්ගේ වගේ නිතඹක් හිමිවිය යුතු බව බොහෝ පොතපතේ සඳහන් වේ.

මේ කියන කාඩේසියන් සහ විලියම් කුමරා අතර ඇති හාදකම සීමාව ඉක්මවා ගොස් ඇති බව කේට් කුමරියට දැනී ඇති බවත් එනිසාම ඇය විලියම් සහ කිම් ගැන සැකයක් ඇතිකරගෙන ඇති බවත් වෙබ්අඩවි සඳහන් කළේ කේට් විලියම් විවාහය සිදුවී අවුරුද්දකට පමණ පසුවය.

මේ ගොසිප් පුවත සමඟ විලියම් සහ කාඩේසියන්ගේ සමීප ඡායාරූපයක්ද පලවීම එය හුදෙක් ඕපාදූපයක්ම නොව සත්‍යක්ද සැඟවුණු ප්‍රවෘත්තියක් බව ලෝකයාට ඇඟවීමට සමත් විය.

විලියම් වැනි කඩවසම් කොල්ලෙක් අරවගේ නිතඹක් හිමි කෙල්ලකට පෙම් නොකරන්නට හේතුවක් නැති බව ලෝකයේම විශ්වාසය විය.

රාජකීය කසාදයේ කචල්

මේ පුවතේ උණුසම මැකී යන්නටත් පළමුව ගොසිප් වෙබ්අඩවි ප්‍රකාශ කළේ විලියම් කුමරුගේ විවාහයේ අර්බුද පටන් අරගෙන ඇති බවකි. ඔහුගේ පියා වූ චාල්ස් කුමාරුගේ සහ ඩයනා කුමරියගේ විවාහයය දෙදරා ගියේ චාල්ස් ඔහුගේ පරණ පෙම්වතිය වූ කැමිලා සමඟ යළි පෙම් කරන්නට පටන් ගැනීමත් සමඟය. එලෙසින්ම විලිම් ද කාඩේසියන්ගේ පිරුණු නිතඹට වහ වැඩී සිටින බැවින් ඔහුගේත් කේට්ගේත් රාජකීය කසාදය දෙදරා යෑම අරුමයක් නොවනු ඇත. මේ සිදුවීම් දෙස බලා ඉන්න මහ රැජින මේ නිසා අවුල්වී සිටින බව මේ පුවතේ ඊළඟ කොටස විය. තම පුතාට සිදුවුණු දෙයම මුණුබුරාටත් සිදුවීම මහලු රැජිනගේ කනස්සල්ලට හේතුවකි.

වැඩි මනාපය හැරීට

මේ ගොසිප්වල උණුසුම පහවී යන විටම තවත් අලුත් ඕපදූපයක් නිර්මාණය කර පාඨකයාගේ හිත්වල කුණු රසය ඇවිස්සීමට ගොසිප් වෙබ්අඩවි සමත් විය.

ඒ වතාවේ ඔවුන් පළ කළේ කේට් කුමරිය විලියම් සහ හැරී කුමරුන් සමඟ ප්‍රීතියෙන් වෙලී සිටින ඡායාරූපයක්. ඊට යටින් පළවූයේ කුමරිය, තම සැමියාට වඩා ඔහුගේ සොහොයුරාට වඩාත් ඇලුම්කරන බවය.

විලියම් කුමරු ඒ වන විට තට්ටයකු වී සිටියත් හැරී කුමරුන්ට ආකර්ශනීය කොණ්ඩයක් හිමිවී තිබිණි. ඔක්කෝටමත් වඩා අර කී ඡායාරූපයේ කේට් කුමරිය බලාගෙන සිටියේ හැරී කුමරුන් දෙසය. දුම නගින්නට හේතුවූ ගින්න තිබුණේ එතැනය.

යට ඇඳුම් සොරකම

යට ඇඳුම් සොරකම, අපේ රටේද එක්තරා කාලයක ලොකු ආන්දෝලනයක් කළ සිද්ධියක් විය. එබඳුම සිදුවීමක් එංගලන්තයේ රජ පවුලේ කේට් කුමරිය සම්බන්ධයෙන්ද ලොකු ආන්දෝලනයක් කළේය.

ගොසිප් වෙබ්අඩවිවලට අනුව මේ යට ඇඳුම් සොරකම සිදුවූයේ කේට් කුමරිය අතින් නොවේ. ඇගේ පරණ ප්‍රේමවන්තයකු වෙතිනි.

සිදුව තිබුණේ කේට් සහ විලියම් වාසය කළ කන්සින්ටන් මාලිගයේ තිබූ කේට් කුමරිය සතු වටිනා යට අඳුම් වගයක් යම් කිසිවකු සොරා ගැනීමය. මේ සොරකම කර ඇත්තේ කේට්ට පෙම් කළ පරණ සල්ලාල පෙම්බරයකු බව රාජකීය ඔත්තු සේවා අනාවරණය කරගෙන අැති බව ගොසිප් වෙබ් අඩවි රහ කර කර තලු මැරූ ඕපාදූපයයි.

රැජින ‘ෂොක්’ කළ කේට්ගේ ගවුම

ඕපාදූපකාරයෝ මොකක් හෝ පුංචි දෙයක් අල්ලාගෙන බොරු ප්‍රචාරය කිරීමට සමත්තුය. පුවත් නැතිනම් අලුතින් පුවත් නිර්මාණය කර හෝ තම වෙබ්අඩවිවල පාඨකයන් තෘප්තිමත් කිරීම ඔවුන්ගේ වගකීමය. මේ නිසාම රජපවුල ගැන කුණු කන්දල් නැතිවිට කේට් කුමරිය හුදෙකලාව සිටින පින්තූරයක් හෝ පළ කර ඇය කනස්සල්ලෙන් සිටින බවත් හේතුව කසාදයේ බවත් සඳහන් කිරීම සුලභ සිද්ධියකි.

එහෙත් වරෙක පළවූයේ කේට්ගේ ඇඳුම් විලාසිතාවක් ගැන රැජින කනස්සල්ලෙන් සිටින වගය.

රජකම පවරයි.

එළිසබෙත් මහරැජින තමන් සතු රජ කිරුළ සිය මුණුබුරු විලියම් කුමරු වෙත පැවරූ බවත් එබැවින් මේ මොහොතේ පටන් කේට් කුමරිය රැජින බවට පත්වන බවත් ලෝකයම හෙල්ලූ ඕපාදූපයක් විය.

මන්දයත් මහ රැජින වූ කල ලෙහෙසියෙන් රජ කිරුල අත්නොහරින යකඩ ගැහනියක බව ලෝකය විශ්වාස කළ බැවිනි.

එහෙත් පුවතේ පළවූයේ රැජින මානසිකව ද කායිකව ද වෙහෙසට පත්ව සිටින බැවින් මේ තීරණය ගත් බවය.
මේ පුවතත් සමඟ බොහෝ රටවැසියෝ විලියම් කුමරුටත් කේට් කුමරියටත් සුබ පතා පණිවිඩ පිට පණිවිඩ යොමු කළහ. විලියම් කුමරු සේම කේට් කුමරියද පුදුමයෙනුත් පුදුමයට පත්කරන්නට මේ සුබ පැතුම් සමත් විය. එහෙත් රැජින එ් වන විටත් තම කිරුළ බරක් සේ සැලකූයේ නැත.

කේට් ‘ටොප්ලස්’

දකුණු පංශයේ නිවාඩු නිවස්නයක කේට් කුමරිය නිරුවත් උඩුකයෙන් අව්ව තපින පිංතූරයක් ප්‍රංශ ගොසිප් පත්තරයක් සාඩම්බරයෙන් පළ කළේය. මේ සමගම කේට් කුමරිය ගැන තවත් ඕපාදූපද පළ කෙරුණේ ඇගේ චරිතය මත මඩ තට්ටු පිටින් අතුල්ලමිනි.

තුන්වෙනි දරුවා

ගොසිප් හිඟවූ බොහෝ අවස්ථාවල කේට් කුමරිය තුන්වැනි වතාවටත් ගැබ්ගත් බව සඳහන් කෙරිණි. රජ පවුලට තවත් කෙනෙක් එකතුවීම එංගලන්ත රට වැසියන්ට තලු මැරිය හැකි ප්‍රවෘත්තියකි.

එනිසාම ගොසිප් හිඟවෙන හැම වරෙකම කේට්ට බබෙක් කියමින් පළ කරන ගොසිප් පාඨක ආකර්ශනය දිනාගන්නේය.

හැබැයි කේට් තුන්වැනි දරු උපතකට සූදානම් බව රජ මාලිගය නිවේදනය ක​ෙළ් ඊට කලකට පසුවය.

උදේ ලෙඩ්ට කේට්ට සුප්

කාන්තාවක් ගැබ් ගත් විට, උදේ පාන්දරට හැදෙන අසනීප තත්ත්වය තරමක් අමාරුය. උදේට වමනය වීම නිසා සිරුරට දැනෙන්නේ මළානික බවකි. මේ හේතුව නිසා කේට් කුමරියට තම දෛනික රාජකීය රාජකාරිය අතපහසු වන්නේය.

මෙය අපූරු ගොසිප් එකකි.

මේ ගොසිප් එක දවස් දෙක තුනක් තලු මැරූ පසුව පාඨකයන් වෙත ළං කළේ කේට්ට සුප් පිළියෙළ කර දෙන පුවතය.
කේට්ට හිමිදිරියෙන්ම ලබාදනෙ සුප් කෝප්පය පිළියෙල කළේ හැරී කුමරුගේ ආදරය දිනූ මෙගන් මැර්කල් බව සඳහන් කෙරිණි.

අසම්මත ආදරය

අසම්මත පෙම්කතා පාඨකයන් තලු මර මරා රසවිඳින ගොසිප්ය මේ හොර පෙම් කතා ඩයනාටත් තිබිණි. එහෙමනම් කේට්ට නොතිබෙන්නට පුළුවන්ද?

වතාවක් ලෝකයම හෙල්ලුම් කෑ ඡායාරූපයක් ගොසිප් වෙබ් අඩවියක පළ කෙරුණේය. එහි වූයේ කේට් කුමරිය, තවත් ඉලන්දාරියකු සමඟ ඇවිද යන පින්තූරයකි.

පැපරාසියකුගේ කැමරාවක සටහන් වූ බව ද පැවැසුණු මේ පින්තූරයේ, කේට් සමඟ සිටින්නේ ඇගේ පරණ පෙම්වතෙකැයි ද සඳහන් කර තිබිණි.

මේ විදිහට ගොසිප් මවන එක ගොසිප් වෙබ්අඩවිවල පුරුද්දයි. මෙවැනි ගොසිප් නැතුව තමන්ගේ වෙබ්අඩවි පවත්වාගෙන යන්නට වෙබ් අඩවි නිර්මාතෘවරුන්ට පුළුවන් කමක් නැත.

එහෙත් ප්‍රශ්න ඇතිවන්නේ මේ කුණු ගොසිප්වලට මුහුණ දෙන්නට සිදුවන උදවියටය. කොටින්ම කුණු ගොසිප් නිසා කේට් කුමරිය පමණක් නොව මුළු රජ පවුලම පත්වූයේ අමාරු අඩියකටය. එනිසාම බොහෝ ගොසිප් බොරු බව පවසා ප්‍රතික්ෂේප කරන්නට රජ මැදුර ක්‍රියා කළේය.

එහෙත් කේට්, විලියම්, හැරී, චාල්ස් ඇතුළු රජ පවුලේ උදවියට හෙටත් ගොසිප් මැවෙනු ඇත්තේය. කේට්ගේ පොඩිඑවුන් තව චුට්ටක් ලොකු වෙනකොට ඔවුන්ටත් ගොසිප් හැදෙනු ඇත්තේය.

ශාන්ත කුමාර විතාන

මස්කෙළියේ රාවණා ගල ලංකාවේ පැරණිම ගුවන්තොටද? මෙන්න ඉතිහාසයට අභියෝගකල විශ්මිත කතාව 

මස්කෙළියේ රාවණා ගල ලංකාවේ පැරණිම ගුවන්තොටද? මෙන්න ඉතිහාසයට අභියෝගකල විශ්මිත කතාව

රාමායනය කථා පුවතේ එන පරිදි රාවණා රජු යනු බල සම්පන්න රජකෙනෙකු වේ. නමුත් රාමායනය කථා පුවතේ රාවණා දුෂ්ටයාගේ චරිතයට ඇද දමා ඇති මුත් රාවණා රජු පිළිබඳ ගවේෂණය කරන ලාංකික විද්වත්හු ඔහුව දේශයේ අසමසම රජකෙනෙකු ලෙස සැළකූහ. එ් මන්දයත් ඔහු සතුව පැවැති බලය හා තාක්ෂණික දැනුමේ සන්නද්ධභාවය නිසාය.

ලංකාවේ පළාත් සියල්ලම තුළ රාවණා රජු සම්බන්ධ කුමන හෝ ස්ථානයක් ඇති අතර වර්තමානය වනවිට රාවණා රජු පිළිබඳ කතිකාවත දැඩි ලෙස සමාජගත වී හමාරය. දඬුමොනරය යනු ලෝක ඉතිහාසය තුළ ගුවනින් ගමන් ගත් ප්‍රථම වාහනය වන අතර මෙකී දඬුමොනරය එලෙස ගුවනින් ගමන් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ ගුවන්තොට පිළිබඳ විවිධ මතවාද හා ජනප්‍රවාද ගොඩනැගී ඇත. ලංකාවේ බොහෝ දෙනෙක් නොදන්නා එවැනි ගුවන්තොටක පැහැදිලි ලක්ෂණ සහිත ඉසව්වක සැඟවුණු අභිරහස් සොයාගිය ගමනක විස්තර මෙසේය.

දඬුමොනරය වචනයේ පරිසමාප්ත අරුතින්ම මොනරකුගේ හැඩය ගත් යානාවකි. එම යානය ගුවන් ගත කිරීමට සුළං ප්‍රවාහය මාධ්‍යයක් ලෙස යොදා ගැනුණද එය උඩුගුවනට යාමට එම ක්‍රමය කෙ​ෙලස තාක්ෂණිකව යොදා ගත්තේද යන්න ගැටළුවකි. තවද ජනප්‍රවාදයට අනුව දඬුමොනරය යනු දෙදෙනකුට පමණක් යා හැකි ලෙස නිමැවුණු අලංකාර ගුවන් යානයකි.

වර්තමාන සිත්තරුන් ත්‍රිමාණ සජීවීකරණ ශිල්පීන් බොහෝමයක් ඔවුන්ගේ මනසේ ගලායන සිතුවමකින් දඬුමොනරය අර්ථ දැක්වීමට උත්සහ කළ අතර ඉන් බොහොමයක පරිදි මෙය නෞකාවක් ලෙස හැඩ ගැන්වුණු ගුවනට ඉහළ විවෘත යානාවකි. කෙසේ හෝ මෙවැනි යානයක් ගුවන්ගත කිරීමටත් එය නැවත ගොඩබෑමටත් සුදුසු ස්ථාන තිබිය යුතුය. ජනවහරට අනුව ලංකාවේ එලෙස හඳුනාගත් ස්ථාන අටක් පමණ දැකිය හැකි අතර ඉන් වඩාත්ම සුවිශේෂී පිහිටීමක් ඇත්තේ මස්කෙළියේ පිහිටි රාවණාගල නම් ස්ථානයයි.

රාවණා පරිශීලකයන්ගෙන් මෙන්ම සංචාරකයන්ගෙන් වසං වූ මෙම ස්ථානය පිළිබඳ අභිරහස ලංකාවේ අභිරහස් ගොන්නට වැටෙන සුවිශේෂී ස්ථානයකි. මන්ද ගුවන් තොටක ලක්ෂණ පෙන්නුම් කරන රාවණාගල එසේ නම් ලංකාවේ හෝ ලෝකයේ ඉපැරැණිම ගුවන්තොට විය හැකි බැවිනි.

දඬුමොනරය ගොඩබස්සවන ස්ථාන අට අතරින් පළමුවැන්න ලෙස උස්සාන්ගොඩ පිළිබඳ ගත් කල එහි සමතලා පොළොව විශාල වපසරියක යුක්තවීමත් කිසිදු උස් ශාකයක් නොවැවෙන පරිදි රක්ත වර්ණ දෙරණක් වීමත් රාවණා රජුගේ දඬුමොනරය දක්ෂිණ ප්‍රදේශයේ ගොඩබස්වන ප්‍රධාන ස්ථානයක් ලෙස සැළකිය හැක. තවද වාතයෙන් ගමන් කරන වාහනවල නැවතුම්පොළ ලෙස අර්ථ දැක්විය හැකි වාරියපොළ (වා+රිය+පොළ) සහ ගුරුළුපොත ප්‍රදේශයත් අපට දඬුමොනරය සම්බන්ධ ස්ථාන වේ. උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානයක් සේම ගුරුළුපොත යනු පුරා විද්‍යා බිමකි. ගුරුළුපොත යනු මොනර සම්බන්ධ අතර දඬුමොනරයේ අළුත්වැඩියා සිදුකළ ස්ථානයක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වේ.

තවද සිව්වැන්න ලෙස හෝර්ටන්තැන්නේ පිහිටි ලංකාවේ තෙවන උසම කන්ද වන තොටුපොළ කන්ද ද දඬුමොනරය ගොඩබාන ස්ථානයක් ලෙස සැළකේ. ගුවන් තොටුපොළ වැනි අරුත් දෙන තොටුපොළ කන්ද දඬුමොනරය හා ප්‍රචලිත ස්ථානයක් වේ. ඊළඟට සීගිරිය හා වේරගන්තොට සැළකෙන අතර ඒවාද දඬුමොනරය ගොඩබාන ලද ස්ථාන ලෙස රාවණා කථා පුවත්වල සඳහන් වේ. මීට අමතරව ලකේගල සහ අද කතිකාවත රාවණාගල ද දඬුමොනරු ගුවනට යොමු කරන හා ගොඩබාන ස්ථාන ලෙස සැළකේ.

මීට අමතරව අපට රාවණා කථා පුවත්වල එන කඳු පර්වත වනුයේ රම්බොඩ චැරියට් පාත්, නුවරඑළියේ හක්ගල කන්ද, බෙලිහුල්ඔය හාවාගල කන්ද, කුරුණෑගල දොළුකන්ද හා මහකුඩුගල කන්ද පමණි. රාවණාගල යනු පවතින භූමි වපසරිය තුළ පිහිටි ස්ථානයක් වන අතර මාඋස්සාකැලේ ජලාශය පෙනෙන මානයේ නෝටන් හී පිහිටි ඉසව්වකි. පසෙකින් සමනල රක්ෂිතයත්, කාසල්රී – මාඋස්සකැලේ ජලාශ සේම කැනියොන් විදුලි බලාගාරයක් පිහිටි මෙම ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය වනුයේ තේ දළු නෙළීම හා තේ ආශ්‍රිත වගාවන්ය.

ලකම්බි (Luccumbe) නම් වූ කුඩා නගරය ආසන්නතම නගරය වන අතර මෙම ස්ථානයට යා යුතු මාර්ගය අතිශය දුෂ්කර හා සෞන්දර්ය විචිත්‍රභාවයෙන් පිරුණු ගමනකි. රාවණාගල යනු ස්වභාවිකව පිහිටි දැවැන්ත සමතලා ගලකි. එම කළුගල දැවැන්ත ප්‍රදේශයක පැතිර ඇති අතර ගලට දෙපසින් රූස්ස ගස් හා මාන පඳුරුවලින් පිරී පවතියි.

වාහනයකින් පවා මෙම ස්ථානයටම පැමිණිය හැකි අතර පැහැදිලි අහස් කුස සහිත දිනයන්හිදී ප්‍රදේශයේ ලස්සන හා රාවණා ගලේ පිහිටීම අපූරුවට දැකගත හැක. සාමාන්‍යයෙන් ගුවන් පථයක් යනු සමතලා බිමක විශාල වපසරියක පැතිරුණු ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ කිසිදු ශාකයක් හෝ ගොඩනැගිල්ලක් නොමැත්තේ ගුවන් යානා ගොඩබැස්සවීම සිදුකරන නිසාවෙනි. එසේ නම් එම මූලික ලක්ෂණ අපට රාවණාගල මතුපිටින්ද දැකිය හැකි විය.

මීදුමෙන් බර වැසිබර කාලගුණික තත්ත්වයක් තිබුණද රාවණා ගල මත සීතල දිය දහරා රැඳී තිබුණි. රාවණා ගලේ එක් අන්තයකට ගිය විට නැවත විවෘතව තිබෙන ගල්තලාව දෙස බැලූ කල සිතෙහි මැවෙන්නේ වර්තමානයේ ඇති ගුවන් තොටුපළක චිත්තරූපයයි. මන්ද සමාන්තරව පිහිටි ප්‍රදේශයක පසෙකින් මහා ගොඩනැගිලි පිහිටා ඇති අතර ගුවන් පථය තුළට ගුවන් යානා ගොඩබැස්සවිය හැකි බව මනාව දැකිය හැකි වේ.

සාමාන්‍යයෙන් ගුවන් තොටුපොළක් නිර්මාණය කරන විට ගුවනතට විවෘත විශාල බිම් කඩක් තෝරාගනු ලබන අතර ගොඩනැගිලි හැරුණු විට එම භූමියේ කිසිදු ශාකයක වර්ධනයක් සිදු නොකරයි. එලෙසම ගුවනේ සිට බලන කල ගුවන් පථය පැහැදිලි ලෙස හඳුනාගත හැකි ලෙස පිහිටා තිබිය යුතු අතර ගුවන් නියමුවාට පහළ යානාව හසුරුවීමට සංඥා ලබාදෙන නිලධාරින්ව සහ යානය ගොඩබස්වන පථය පැහැදිලිව පෙනිය යුතුය.

එසේ නම් මධ්‍යම කඳුකරය තුළ කඳු හෙල් වනාන්තර බහුලව තිබෙන බැවින් දඬුමොනරය ගොඩ බැස්සවීමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස අපට වුව සංචාරක අත්දැකීමෙන් පෙනෙන්නේ මෙම රාවණාගල පමණි. මන්ද හෝර්ටන්තැන්න හෝ චැරියට්පාත් යන ප්‍රදේශ කොතරම් සමතලා තැනිතලා ලෙස පිහිටියත් එවැනි තණ පඳුරු වැවී ඇති පස පොළවට යටින් පිහිටි භුමි ප්‍රදේශ වේ. තවද සමස්ත නුවරඑළිය දිස්ත්‍රික්කය තුළම ස්වභාවිකව පිහිටි දැවැන්ත සමතලා ගල් තලාවක් ලෙස මෙම ස්ථානය අවිවාදයෙන් හඳුනාගත හැක.

කරුණු කාරණා එපරිද්දෙන් ගුවන් යානයක් ගොඩබැස්වීමට බලපාන්නේ නම් අතීතයේ හෙළයේ රාවණා රජු ඔහුගේ තාක්ෂණික දැනුම මත ගොඩනැගුණු දඬුමොනරය ගොඩබෑමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස රාවණාගල තෝරා ගැනීම සාධාරණ වේ. අතීත හෙළයාට වර්තමානයේ පරිදි පරිගණකාශ්‍රිත තාක්ෂණික දැනුමක් නොතිබුණද පරිසරය මත පදනම් වූ ප්‍රායෝගික යථාර්ථානුකූල දැනුමක් ඔවුන්ට තිබූ බව රාවණා රජු තුළින්ද අතීතයේ වාරිමාර්ග හා රාජකීය ක්ෂේත්‍ර තුළින්ද අපට මනාව පැහැදිලි වෙයි.

මේ වනවිට සමතලා ගල මතුපිට යම් ප්‍රදේශයක තේ වගා කරන අතර සමහර ස්ථානවල මාන හා තණ පඳුරු වැවී ඇත. ඒ පඳුරු ඉවත් කොට බැලූ කල මෙම ගල්තලාව අක්කර භාගයකට වඩා වැඩි සමතලා තනි කලුගලක් වේ. මෙම රාවණාගල ගුවන් පථයක් යැයි උපකල්පනය කිරීමට ප්‍රබල සාධකය නම් අඟලේ ගැඹුරට මීටර 60ක් පමණ දුරට පිහිටි ඉරි වේ. මෙය ගලේ ස්වභාවික පිහිටීමක් විය නොහැක මන්ද මෙවැනි ඉරි (Lines) 4ක් පමණ පැහැදිලිව සමස්ත ප්‍රදේශය විවිධ ස්ථානවල දැකිය හැක.

ඒ සියල්ල අඟලක පමණ ගැඹුරට කැණ තනි කෙළින් මීටර 50ක් 60ක් පමණ පවතින ඉරි වේ. නිතැතින්ම මිනිසාගේ මැදිහත්වීමත් සහිතව මෙලෙස කළු ගලේ පිහිටීමත් තිබිය යුතුමය. තවද එම ඉරි බොහෝ ඈතට වුව පැහැදිලිව දැක ගත හැකිවේ. අසල සන්නිවේදන කුළුණක් සහිත මීට වඩා උසින් පිහිටි කඳු ගැටයක් ඇති අතර එහි ගිය කල පහළ බලන විට එම ඉරි පැහැදිලිව දැකගත හැකිවිය යුතු බව සිතුණි. තවද මෙම ස්ථානය පිහිටියේ ලකම්බ ගම්මානයේ සිට මීටර 200ක පමණ උසින් වන අතර සමස්තයක් ලෙස මුහුදු මට්ටමේ සිට මීටර 1400ක් උසින් රාවණා ගල පිහිටා ඇත. සංචාරකයෙක් ලෙස අප මධ්‍යම පළාත තුළ කළ සංචාර අතුරින් එහි කොතැනකවත් මෙපමණ ප්‍රදේශයක් පුරා පැවැති සම්පූර්ණ සමතලා ගල්තලාවක් දැකගත නොහැක.

ලුල්කඳුරේ කොණ්ඩගල පවා බෑවුමක් සහිත ගල්තලාවකි. කෙසේ නමුත් මෙම ප්‍රදේශයට ඉතාමත් පැහැදිලිව සප්ත කන්‍යා කඳු වැටියත් ගවරවිල කඳුවැටියත් දැකගත හැකි අතර වර්ෂාව හේතුවෙන් ගැටමෝර් ඇළේ මහ ජල කඳ වැටෙන දර්ශනය පවා පැහැදිලිව දැකගත හැකිවිය. තවද ලක්ෂපාන ප්‍රදේශය රාවණා ගලට බෑවුමක් වන අතර පැහැදිලි දිනයක අවට පිහිටි විසල් කඳු පර්වත දැකගත හැකි බව ගම්වැසියන් අපට පැවැසීය. තවද මෙම ප්‍රදේශයේ දිවියන් සැරිසරන බැවින් ආරක්ෂාකාරීව හා අවධානයෙන් සිටීම ඉතාමත් වැදගත් බව ඔවුන් අප සමඟ පැවැසීය.

නැවතත් අප දඬුමොනරය ගොඩ බෑ ස්ථාන ලෙස හඳුනාගත් ස්ථාන දෙස බලන කල උස්සන්ගොඩ යනු මුහුද අද්දර පිහිටි තැනිතලාවකි. රක්ත වර්ණ පස් සහ අස්වභාවික පාෂාණා පිහිටි එම භූමියේ කිසිදු ශාකයක් වර්ධනය නොවේ. නමුත් ඇත්තේ එක මට්ටමට තෘණ පමණයි. දඬුමොනරය ගොඩබෑමේදී වූ පිළිස්සුම් නිසා රතු පාට පස් සේම පිළිස්සුණ වැනි ගල් හැදුණු බවද තවත් පසෙකින් මෙහි ඇති අාවාටයක් වැනි කොටසට අතීතයේ උල්කාපාතයක් වැටී ප්‍රදේශය රක්ත වර්ණ පස් බවට හැරවුණු බවත් කියැවේ. අම්බලන්තොටට උරුම වූ මෙම ජාතික උද්‍යානයේ පිහිටි අස්වභාවික භූමිය සහ ඊට දඬුමොනරය ගොඩබැස්විය හැකි තරම් ගුවන් පථයක අවශ්‍ය මූලික ලක්ෂණ පිහිටීමත් නිසා උස්සන්ගොඩ රාවණා කථා පුවතට වැදගත් ස්ථානයක් වේ.

එසේම සීගිරිය හා මා අසල පිහිටි පිදුරංගල කන්ද යනු රාවණා කථා පුවතටත් දඬුමොනරය ගොඩබස්වන හෝ අහසට නග්ගවන ස්ථානයක් ලෙස සැලකේ. මන්ද පිදුරංගල පවා ගුවන් යානයක් හෝ වාතයෙන් ගමන් ගන්නා යම් වාහනයක් ගුවනට යොමු කිරීමට සුදුසු තරම් වපසරියක බිම් කඩක් පවතියි. එසේම ලකේගල පවා පිහිටි සුවිශේෂි බව තුළ දඬුමොනරය නවතා තැබීමට කදිම තෝතැන්නක් වූ බවට ප්‍රකටය. වාතයේ වේගයෙන් ගමන් ගන්නා රිය නැවතුම් කරන පොළ ලෙස අර්ථ දැක්විය හැකි වාරියපොළ ප්‍රදේශය දඬුමොනරයට කදිම නිදසුනක් වේ.

ඊට වඩාත් සුදුසුම නිදසුන නම් කදිරාගල පුරාණ විහාරස්ථානය පිහිටි කදිරාගල කන්දයි. මෙය කඳ සුරිඳු ආගල ලෙස අර්ථ දක්වන නමුත් කදිරාගල කඳු මුදුන ඉහළ සමතලා බිමක් පවතියි. වාරියපොළ ප්‍රදේශය තුළ සමතලා කඳු බිමක් දැකිය හැකි නම් ඒ කදිරාගල පමණක් වන අතර රාවණා කථා පුවතේ දඬුමොනරය ගොඩබාන්නට වාරියපොළ පිහිටි එකම සුදුසු බිම් කඩ මෙය විය හැකි බව අවිවාදයෙන් පිළිගත යුතු වේ.

තව ද ඊළඟට අප කථා කළ යුත්තේ ගුරුළුපොත නම් ප්‍රදේශයයි. ගුරුළුපොත පුරාවිද්‍යා වැඩ බිමක් වන අතර අනවසරයෙන් පිවිසිය නොහැක. තවද ගුරු​ළුපොත වඩාත් ප්‍රචලිත වන්නේ සීතා කොටුව නම් පුරා විද්‍යාත්මක නටබුන් තිබෙන හෙයිනි. හසලක ප්‍රදේශයට ආසන්නව පිහිටි ගුරු​ළුපොත ග්‍රාමයේ පිහිටි සීතා කොටුව ආශ්‍රිත නටබුන් සමහරක් අද වනවිට වනගත වී යමින් තිබේ. එලෙසම මේ අසල දිය ඇලි යුගලයක්ද පිහිටා ඇති අතර ඒවා ද සීතා කොටුව ඇලි ලෙස නම්කර ඇත. තවද ගුරුළුපොත යන අරුත නම් මොනරා සම්බන්ධයි. එම නිසා ගුරුළුපොත යනු දඬුමොනරයේ යම් යම් අලුත්වැඩියා කටයුතුවලට භාජනය වූ ස්ථානයක් විය හැක.

එසේ නම් දඬු මොනරය අලුත්වැඩියා කරන්නේ මෙම ස්ථානයේ පමණක් නම් එහි අරුත රාවණා රජු නිතරම ගැවසෙන ස්ථානයක් බවයි. එසේ නම් සීතා දේවිය සඟවා තැබුමට හෝ සීතා දේවියට රැඳී සිටීමට සීතා කොටුව නම් බලකොටුවක් මෙහි ස්ථාපනය කළ හැකි තර්කයකි. මන්ද දඬුමොනරය අලුත්වැඩියා කිරීම් යනු කාලය ගත වන කටයුත්තක් බැවින් සීතා හා රාවණා රැඳී සිටි ස්ථානයක් ගුරුළුපොත සීතා කොටුව විය හැකිය.

කෙසේ නමුත් දඬුමොනරය නිශ්චිත වශයෙන් පුද්ගලයන් දෙදෙනකුට හෝ ඉතා සීමිත ප්‍රමාණයකට යා හැකි යානයක්ද නැතහොත් එය විමාන තාක්ෂණය යටතේ අහසේ ගමන් කළ හැකි විමානයක් බඳු යානයක් දැයි නිගමනය කළ නොහැකිය. එය විමාන තාක්ෂණය ඔස්සේ කළ නිමැවුමක් නම් තොටුපොළ කන්ද, වාරියපොළ, මහකුඩුගල, හක්ගල හා සීගිරිය, පිදුරංගල, ගුරුළුපොත වැනි ප්‍රදේශ උපකාරි විය හැක. නමුත් එය යානයක් ලෙස සැළකෙන්නේ නම් එයට යම් බලයක් ආරෝපණය කර ගැනීමට වර්තමාන ගුවන් යානා ලෙස මඳ දුරක් ගමන් කරවිය යුතු නම් ඊට හොඳම ස්ථාන ලෙස උස්සන්ගොඩ හා රාවණාගල සැළකිය හැකිය.Related image

කෙසේ හෝ රාවණා රජුගේ දඬු මොනරය හා සම්බන්ධ ලංකාවේ පැරැණිතම ගුවන් තොටුපොළවල් ලෙස අර්ථ දැක්විය හැකි උස්සන්ගොඩ හා රාවණා ගල තුළ සැබැවින්ම අස්වාභාවික පිහිටීම් සිදුවිය නොහැකිද? මෙම ප්‍රදේශ දෙක තුළම පවතින ස්වභාවිකව පිහිටීමක් යැයි විශ්වාස කළ නොහැකි සාධකවල සැඟවුණු අභිරහස විසඳීම වර්තමානයේ කළ නොහැක්කක්ද? රාවණාගල මතුපිට පිහිටි ගලේ කොටා ඍජුව තිබෙන ඉරි පිහිටවූයේ කෙලෙසද?

එහි සමාන අඟලක බැස්ම තුළ එය නිර්මාණය කළ පුද්ගලයන් අපේක්ෂා කළේ කුමක්දැයි අපට තවමත් සොයා ගත නොහැක. මධ්‍යම කඳුකරය තුළ ස්වභාවිකව පිහිටි විශාලම සමතලා කළුගල් බිම වනුයේ රාවණාගලය. එහි වර්තමානය වනවිට වැවී තිබෙන පඳුරු හා ශාක ඉවත් කළහොත් අපට දැකිය හැකි බිම් කඩට වඩා විශාල කළුගල් තලාවක් මෙහි පවතියි. එම නිසා මෙවැනි ස්වභාවික පිහිටීම අතීතයේ හෙළ දරුවන් රජ දරුවන් විසින් ඔවුන්ගේ යුද උපක්‍රමවලට හෝ රාවණා වැනි බල සම්පන්න රජ කෙනෙකුගේ දඬුමොනරය වැනි තාක්ෂණික ගුවන් යානවල ගුවන් පථ ලෙස භාවිත නොකෙරෙන්නට ඇත්දැයි නිශ්චිත කළ නොහැක.

එබැවින් ලංකාවේ අභිරහස් ගොන්නට අයත් රාවණාගේ දඬුමොනරය හා සම්බන්ධ ගුවන් තොටුපොළ සියල්ලම සහ මෙම රාවණාගල වැනි අතහැර දැමූ ස්ථාන නිසි පරිදි ගවේෂණයකට ලක් කළ යුතුය. විශේෂයෙන් එහි භූ විද්‍යාත්මක පිහිටීම පිළිබඳ සොයා බැලිය යුතු යැයි අපට සිතුනි.

විශේෂ ස්තුතිය
මධුශංක හෙට්ටි ආරච්චි මහතාට
සංචාරක සටහන හා ඡායාරූප
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු

මීගමුවේදී මියගිය දැරිය වසර එක හමාරකට පසු මොරටුවේදී යළි ඉපදී පෙරබවය පිළිබද හෙලිකල විශ්මිත කතාව මෙන්න

මීගමුවේදී මියගිය දැරිය වසර එක හමාරකට පසු මොරටුවේදී යළි ඉපදී පෙරබවය පිළිබද හෙලිකල විශ්මිත කතාව මෙන්න

ගඩොල් කර්මාන්තය ජීවන වෘත්තිය කරගත් බර්නාඩ් සහ ඔහුගේ බිරිය දරුවන් සමග පදිංචිව සිටියේ දන්කොටුවට නුදුරුවය. ඔවුන්ගේ ගඩොල් පෝරණුවද නිවසට ආසන්නව පිහිටා තිබිණි. තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණිය ඉරේෂාය. පියා සමග ගඩොල් පෝරණුවේ වැඩ කිරීමට දරුවන් මෙන්ම බිරියද සහාය වීම සිරිතය. බාල දියණිය වූ ඉරේෂාද පෝරණුවට යෑමට දැඩි ආශාවක් දැක්වීය. ඒ වන විට ඇය අධ්‍යාපනය ලබමින් සිටියේ සිව්වන ශ්‍රේණියේය.

එදා 1989 මැයි මස තුන්වැනිදාය. ඉරේෂා පාසල් ගොස් සිටි අතර වැඩිමහල් පුත්‍රයා සමග පියා පෝරණුවේ වැඩට ගොස් සිටියේය. එදා ඔවුන්ට නියමතිව තිබුණේ පෝරණුවේ ගල් බෑමය. ඉරේෂා පාසල් අවසන් වී නිවෙසට පැමිණියාය. දහවල් ආහාර ගැනීමෙන් පසු ඇයද මව සමග පෝරණුව වෙත ගියේ, පෝරණුවේ ගල් බාන අයුරු දැකීමට ඇයද ආශාවක් දැක්වීම නිසාය. පියා ඇතුළු සොහොයුරා මව සමග එක්ව ගල් බාන ස්ථානයේ රැඳී සිටි ඇයට දිය පිපාසයක් දැනුණි.

“අම්මේ මට වතුර බොන්න ඕනෑ.” යයි අසල සිටි මවට ඇය කීවාය. ජලය පිරවූ බැරලයක් පෝරණුවේ පසෙක විය. ඒ වන විට පෝරණුවේ ගල්වලින් දැඩි උෂ්ණත්වයක්ද නිකුත් විය. එක් පැත්තකින් ගැලවී තිබූ පෝරණුවේ ආරක්ෂාවට මුක්කුවක් සවිකර තිබිණ.

නැගණියට ජලය ලබා දෙන ලෙස පෝරණුවේ වැඩ කරමින් සිටි පුත්‍රයාට මව පැවසුවාය. නැගණිය සමග ජල බැරලය වෙත ගිය ඉරේෂාගේ සොහොයුරා ඇයට ජලය ලබා දී ඉන් ඉවත් විය. ජලය පානය කළ දැරිය නැවත මව සිටි ස්ථානයට ඒමට දුව ගියාය. හදිසියේම ඇගේ කකුලක් පෝරණුවේ සවිකර තිබූ මුක්කුවේ වැදුණි. මුක්කුව ගැලවීමත් සමග උණු ගල්ගොඩක් ඇය මතට පතිත විය.

උණු ගල් අතර සිරවී සිටි දියණිය බේරා ගැනීමට පැමිණි මවගේ දෙපාද පිළිස්සීමට ලක්විය. දැරිය වහා රෝහල් ගත කෙරිණි. හදිසි ශල්‍යකර්මයකට ඇය භාජනය කරනු ලැබුවද ජීවිතය බේරා ගැනීමට නොහැකිව ඇය අවසන් හුස්ම හෙලුවාය. ඒ වන විට වයස අවුරුදු හය හමාරක්ව සිටි දියණියගේ අකල් මරණය මාපියන්ට දැඩි වේඳනාවක් විය.

ඇගේ ඇඳුම් පැළඳුම් සහ ඇය සතුව තිබූ ඇගේ සියලු භාණ්ඩ අසරණ දරුවන්ට පරිත්‍යාග කිරීමට මාපියෝ කටයුතු කළහ. තම දියණියට අකාලයේ සිදුවූ මරණය පිළිබඳව මාපියෝ දැඩි ලෙස ශෝක වන්නට වූහ. දියණිය මියගොස් වසර එකහමාරක් පමණ ගත විය.

මොරටුව ප්‍රදේශ​ෙය් පදිංචිව සිටි දෙදරු මවක වූ චන්ද්‍රානි 1990 අගෝස්තු මාසයේදී සිය දෙවැනි දියණිය මෙලොවට බිහිකළාය. නිරෝගි දැරියක් වූ ඇයට වසර දෙකක් පමණ ගතවන විට ඇය හොඳින් කතා කළාය. දිනක් මව අසලට පැමිණි දැරිය.

“මාව පිච්චුනා” යයි කීවාය. එය ඇසූ සැණින් මව කලබල වූවාය.

“කොහොමද පිච්චුනේ” යි මව ඇගෙන් විමසීමක් කළේ දියණිය පිලිස්සීමේ කිසියම් අනතුරකට පත්ව ඇතැයි සිතාය. එහෙත් පිලිස්සුණු තැනක් නොපෙන්වූ ඇය කිසිදු වේදනාවක් නොදක්වන බවක්ද මවට දක්නට ලැබිණි. නැවතත් දියණිය ඇමතූ මව “කොහොමද පිච්චුණේ?” යි ඇසුවාය. මොහොතක් කල්පනාවේ යෙදී සිටි දියණිය.

“මාව පිච්චුනේ ගල්වලට” යැයි කීවාය. පිලිස්සීමකට ලක්වීමට කිසිදු ගල් වැනි දෙයක් නිවෙස නොතිබූ බව මවට විශ්වාසය. ඒ පිළිබඳව නැවතත් දියණියගෙන් ප්‍රශ්න කළ ඇය,

“මොන ගල්වලටද?” යැයි විමසා සිටියාය. එයට පිළිතුරු දුන් දියණිය

“පෝරණුවේ ගල්වලට” යි ප්‍රකාශ කළාය. නිවෙසේ පෝරණුවක් නොතිබුණු බැවින් දියණිය කරන ප්‍රකාශය මවට මහත් ගැටලුවක් විය.

නිවෙසේදී එවැන්නක් සිදුවීමට කිසිසේත් අවස්ථාවක් නොමැති බව මවට පැහැදිලිය. එසේ නම් දියණිය විසින් පෝරණු ගල්වලට පිලිස්සීම ගැන කරන ප්‍රකාශය කුමක්ද? එවැන්නක් සිදුවූයේ කෙසේද මව විමසිලිමත් වූවාය. දියණිය විසින් හෙළි කරනු ලබන පිලිස්සීම පිළිබඳව ඇගෙන් තවදුරටත් විමසීමට මව උනන්දු වූවාය.

“ඔයාව පිච්චුණේ කොහේදීද?”

“එහෙදි”

“ගල්වලට පිච්චුණේ කොහොමද?”

“ගල්වැටිල”

“ගල්‍ වැටුණේ කොහෙන්ද?

“පෝරණුවෙන්”

“මොන පෝරණුවෙන්ද?”

“ගඩොල් පෝරණුවෙන්”

දියණියගේ මෙම ප්‍රකාශ වලින් ඇය කිසියම් පෙර භවයක තොරතුරු හෙළි කරන්නේද යන්න මවට සැකසිතුණි.

එතැන් සිට දියණිය හෙළිකරන පෙරභව තොරතුරු තව තවත් විමසීමට මවට අවශ්‍ය විය. ඔවුන් පදිංචි සිටි ප්‍රදේශයේ කිසිදු ගඩොල් පෝරණුවක් නොමැති වීමත් දියණිය ඒ වන විට කිසිවිටෙකක් එවැන්නක් දැක නොතිබීමත් නිසා ඇය හෙළිකරන ප්‍රදේශය ගැන මව විමසා සිටියාය. ඒ පිළිබඳව දැන ගන්නා අදහසින් මව දියණිය ඇමැතුවාය.

“ඔයාව ගඩොල්වලට පිච්චුණේ කොහේදිද? යයි විමසීමක් කළාය.

“එදා මම ඉස්කෝලෙ ඇරිලා ඇවිත් තාත්තගේ ගඩොල් පෝරණුවට ගියා. අම්මලා, ග​ෙඩාල් බාන කොට ග​ෙඩාල් ගොඩක් මගේ ඇඟට වැටුණා. ඒ ගල්වලට මාව පිච්චුණා” යි ඇය පැවසුවාය. තවදුරටත් පෙර භව තොරතුරු හෙළි කළ දැරිය “අයියයි අක්කයි අම්මයි තාත්තයි ගල් පෝරණුවෙ හිටියා.” යනුවෙන් ප්‍රකාශ කරන්නට වූවාය. ගඩොල්වලට පිලිස්සුනු හැටි හෙළිකළ පෝරණුව තිබූ ප්‍රදේශය හැටියට ඇය ප්‍රකාශ කළ තැනක් වූයේ මෝලවත්ත යනුවෙනි.

“එහෙදි මම ඉස්කෝලෙ ගියේ පල්ලියේ ඉස්කෝලෙට. අපේ ගෙදරට යන පාරේ කණුවල කොක්කු දෙන්නෙක් හදලා තිබුණා යයිද ඇය පැහැදිලිව ප්‍රකාශ කළාය.”

දියණිය හෙළිකරන මෙම තොරතුරු සොයා බැලීමට පියා තීරණය කළේය. දියණිය ප්‍රකාශ කළ පරිදි ගඩොල් පෝරණුවකදී පිලිස්සීමකට ලක්වූ දැරියක් පිළිබඳව ඔහු විමසන්නට විය. ඒ අනුව දංකොටුවට නුදුරු ප්‍රදේශයකදී එවැන්නක් සිදුවී බැව් පියාට ආරංචියක් ලැබිණි. ඔහුට ලැබුණු තොරතුරු අනුව දියණිය එම ප්‍රදේශයට කැඳවාගෙන යාමට පියා උනන්දු විය. ඔවුන් සොයාගිය නිවෙසට යන අතර ඇය පෙර භවයේදී ඉගෙනීම ලැබූ පාසල නිවැරැදිව පෙන්වා දීමටද එදා මෙම ​දැරියට හැකියාව ලැබිණි. අනතුරුව නිවෙසට ගිය විටදී සොහොයුරා හඳුනා ගැනීමට ද ඇයට හැකිවිය.

මෙම දැරියගේ පුනර්භව පර්යේෂණය සඳහා අපට පෙර භවයේ මාපියන් හමුවීමටද අවස්ථාව ලැබිණ. එහිදී පෙර භවයේ මව ඒ පිළිබඳව අනාවරණය කළේ මෙසේය.

“එදා ඒ ළමයා අපේ ගෙදරට එන තුරු අපි දැනගෙන හිටියේ නැහැ. එය ඇත්තද කියලා බලන්න අපිටත් අවශ්‍ය වෙලා තිබුණා. ඒ ආපු වෙලාවෙ අපිව අඳුන ගත්තා” යැයි පෙර භවයේ මව ප්‍රකාශ කළාය.

“කාවද අඳුන ගත්තේ? එය විමසූ විට ඇය කියා සිටියේ

“අම්මා, තාත්තා කියලා අපිට පෙන්නලා අඳුන ගත්තා. ගෙදර එන පාරේ තිබුණු කණු දෙකක් ගැනත් ඒ දරුවා කියලා තිබුණා. එදා එයා මැරුණු හැටිත් කියලා තිබුණෙ පුදුම විදියට. එදා පෝරණුවෙ ගල්වලට පිච්චුණේ ඉස්කෝලෙ ඉඳලා ඇවිත් පෝරණුවට ගිය වෙලාවෙ තමයි. එයා ඉගෙන ගන්න ඉස්කෝලෙත් එයා පෙන්නුවා. අපේ පල්ලිය ගැනත් ඒ ළමයි මතකයෙන් කියලා තිබුණේ පුදුම විදියට. ඒ විතරක් නෙවෙයි තවත් පුදුම දෙයක් තිබුණා.

මගේ මැරුණ දුවගේ එක ඇහැක සුදු ලපයක් තිබුණා. ඉපදිලා ඉන්න ඒ දුවගෙත් එක ඇහැක ඒ විදියටම සුදු ලපයක් දක්නට ලැබුණා. අපේ ගෙදරට ඒ දරුව එදා ඇවිත් හැසුරුණ විදියටත් අපේ ගෙදර තොරතුරු හෙළිකරලා තිබුණු විදියක් බැලුවම අපේ දරුව නැවත ඉපදීලා කියල අපි විශ්වාස කරනවා.” යයි මව අප සමග කීවාය.

“ඉරේෂාගේ මරණය සිදුවූ අවස්ථාවේ ඇයව බේරා ගැනීමට ගිය මවද පිලිස්සීමකට ලක්වූ හැටි ඇය පවසා තිබිණි. එම සිදුවීම පිළිබඳවද අපි පෙරභවයේ මවගෙන් විමසුවෙමි.

“ඉරේෂා දුව් පිලිස්සීමට ලක්වූ වෙලවෙ සිදුවීම මතකද?

“ඔව්”

එය සිදුවුණේ කොහොමද?

පෝරණුවේ වැඩකරමින් සිටියදී එයාට බොන්න වතුර ඉල්ලුවා. වතුර තිබුණ තැන පෝරණුවට ගහපු මුක්කුවක් තිබුණා. පුතා ගිහින් එයාට වතුර දිලා ආවාම එයා ඒක බීලා එතැනින් පැනල දුවගෙන එන විට මුක්කුවේ වැදිලා මුක්කුව ගැලවුණා. පිලිස්සී තිබුණු ගල්ගොඩක් පෙරලුණා. දරුවගේ ඇඟට උණුගල් වැටිලා තිබුණා. මම ඒ ගල්ගොඩට පැනලා දරුව බේරාගන්න කොට මගේ කකුල් දෙකක් පිච්චුණා. ඒ බව එයාගෙ අම්මත් එක්ක ඒ දරුව හරියටම කියා තිබුණා. යයිද පෙර භවයේ මව හෙළි කළාය.

පෙර භවයේ නිවෙසේ සෑදූ කෑම වර්ගයක් පිළිබඳව යළි උපත ලද දැරිය පැහැදිලිව හෙළිකර තිබිණි. “අපේ ගෙදරදී අම්මා දොදොල් හදනවා” යන්න එම කෑම වර්ගය විය. ඒ පිළිබඳව විමසීමේදී පෙරභවයේ මව කියා සිටියේ ඇතැම් දිනවලදී ඇය නිවෙසේදී දොදොල් වර්ග සාදන බවය.

මෙම පුනර්භව සාධකයේ දැරිය ප්‍රකාශ කළ පෙර භව තොරතුරුවලින් සත්‍ය තහවුරු කිරීම අපහසු වූයේ ඇය අනාවරණය කරන ලදැයි හෙළිවූ පුද්ගල නමක් පමණි. දිලිනි යනුවෙන් හැඳින් වූ මිතුරියන් ගැන ඇය ප්‍රකාශ කර තිබුණේ

“මගේ යාළුවා තිළිණි” යනුවෙනි. ඒ හැරුණු විට ඇය හෙළිකළ තොරතුරු වලින් සනාථ වූ කරුණු පර්යේෂණයේදී සටහන් වී ඇත්තේ මෙසේය.

ගල්වලට පිච්චුණා.
අම්මගේ කකුල් පිච්චුණා.
තාත්තට ගඩොල් පෝරණුවක් තිබුණා.
පෝරණුව වැඩට අයියයි අම්මයි ගියා
පෝරණුවේ ගල් ඇද්දා
ඉස්කෝලෙට ගියා
ගෙදරට යන පාරේ කණු දෙකක කොක්කු හිටියා.
ඉස්කෝලෙ ළඟ පල්ලිය තිබුණා.
දිලිණි යාළුවා
අම්මා දොදොල් හැදුවා
ගල්ගොඩ උඩ වැටුණාම අම්මා ඇවිත් ඔසවා ගත්තා

අයියා මට වතුර දුන්නා යනුවෙනි.

ඉරේෂා මියගිය ප්‍ර​ෙද්ශයත් පෙර භවය හෙළි කළ දැරියගේ උපත සිදුවූ ප්‍රදේශයත් අතර දුර ප්‍රමාණය සැතපුම් හැටක් පමණ විය. මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කියක් වූයේ යළි උපන් දැරියගේ ඇසක පිහිටා තිබූ උපන් ලපයකි. එම උපන් ලපයට සමාන කැළලක් පෙර භවයේ දැරියගේ ඇසක ද දක්නට ලැබුණු බැව් දෙමාපියෝ පැවැසූහ. 1982 ඔක්තෝබර් 9 වැනිදා මීගමුව රෝහලේදී උපත ලද ඉරේෂා, 1989 මැයි 3 වැනිදා මරණයට පත්වූයේද මීගමුව රෝහලේදීය.

තිස්ස ජයවර්ධන

සොදුරු සුකොමළ දෙපා මත ලියැවුණ ඔබ කිසිදා නොසිතු අපූරු ජීවිත රහස් රැසක් මෙන්න

සොදුරු සුකොමළ දෙපා මත ලියැවුණ ඔබ කිසිදා නොසිතු අපූරු ජීවිත රහස් රැසක් මෙන්න

කෙනෙකුගේ ශරීරයේ අඟපසඟවල පිහිටීම අනුව ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්ෂණ පිළිබඳව අනාවැති පැවසීම දේහලක්ෂණ විද්‍යාව ලෙස සැලකේ. අතීතයේ විසූ සෘෂිවරු විසින් ස්ත‍්‍රියකගේ පා ඇඟිලිවල පිහිටීම හා ප‍්‍රමාණය ආදිය පරික්ෂාකොට ඔවුන්ගේ ජීවිත පිළිබඳව විවිධාකාර රහස් හෙළි කරනු ලැබිණ.

යම් ස්ත‍්‍රියකගේ පාද අඳුරු පැහැයෙන් හා කුල්ලක හැඩයෙන් යුතු වෙයිද පා ඇඟිලි අපිළිවෙළින් විසිරුණු ස්වභාවයෙන් පිහිටා ඇත්තේද, නියපොතු කුළුවල පිට ඇති ආකාරයෙන්ද පිහිටා ඇත්තේ නම් එම ස්ත‍්‍රීහු වාසනාවන්ත නොවෙති. දාසියක් හා සමානව ජීවිත කාලය තුළම දුක්විඳින්නේය.

උගතුන්ගෙන් යුක්ත පවුලක හෝ ධනවත් පවුලක හෝ උපත ලැබුවත් ඇය කම්කරු ස්ත‍්‍රියකගේ ස්වභාවය පෙන්නුම් කරයි. පහත් තත්ත්වයේ සිටින පුරුෂයින්ගේ ඇසුර ප‍්‍රියකරයි. යහපත් පිරිමින්ට ප‍්‍රිය මනාප අයුරින් සිටීමට හෝ ක‍්‍රමානුකූලව ඇඳුම්, පැළඳුම්, වලින් සැරසී සිටීමට හෝ ප‍්‍රිය නොකරයි. කලඑළියට පැමිණීම වෙනුවට ගේ තුළටම වී සිටීමට ප‍්‍රිය කරන්නීය. දරුඵල බහුල වුවත් ගැහැණු දරුවන්ට කැමති වේ. සුළු ශාරීරික වේදනාවක් වුවද විඳ දරා ගැනීමට අපහසුය. ඔවුන්ගේ විවාහ ජීවිතයද සාර්ථක නොවේ. ශිල්ප ශාස්ත‍්‍ර තරමක් දුරට හෝ අධ්‍යාපනය ලැබුවත් ඇය උගත්කම පිටතට ප‍්‍රදර්ශන නොකරන්නීය.

යම් ස්ත‍්‍රියකගේ පාදය සිනිඳුවද, වට වූ ස්වභාවයෙන් හා රෝස පැහැයෙන් යුක්ත වූයේ නම් ඇය බොහෝ සම්පත් ලැබීමට වාසනාවන්තය. පා පිට නිර්මලද, නෙළුම් පෙති පියන් සේ මොලොක්වද යුක්ත වූයේ නම් එම ස්ත‍්‍රියද ඉතා වාසනාවන්තය. පාදයේ දෙවෙනි ඇඟිල්ල මැඳගිල්ලට වඩා මදක් දික්ව පොළොව ස්පර්ෂ කරයි නම් යහපත් වාසනාවන්ත දරුවන් හිමිව සැපවත් දිවියක් ලබන්නේය.

දික් සහිත පා හිමිවීමද වාසනාවන්තය. කෙටි පාද කපටිකම හා වංචනික බව ​ෙහලිකරයි. සුළඟිල්ල අනෙක් ඇඟිලිවලට වඩා උස නම් ඇය දුරාචාරයේ යෙදෙන්නීය. පය සම්පූර්ණයෙන්ම බිම් නොවදින්නේ නම් ඇය හිතුවක්කාරය. බිම වදින්නේ නම් වාසනාවන්තය. පය කකුළුවකුගේ මෙන්නම් ඇයට මෙහෙකාර වෘත්තියේ යෙදීමට සිදුවෙයි. පයේ ඇඟිලි වැඩිනම් බොහෝ දරුවන් ලබන්නීය. පාදයෙහි පතුල මැද නැවී උඩට නෙරා පිහිටියේ නම් පය බිම තැබූවිට දෙපැත්ත පෙනෙන කුහරයක් සේ

පිහිටියේනම් ඇය දිවි ඇතිතෙක්ම දිළින්දියක් ලෙස කල් ගෙවන්නීය.
ගමන් කරනවිට එක් පාදයක් ඇළකර තඹමින් හෝ පය බිම අද්දමින් හෝ එම දෙයාකාරයෙන්ම හෝ ගමන්කරන ස්තිය මවගෙන් හෝ පියාගෙන් ද‌ායාදයක් නොලබයි. තරුණ වියේදීම ඇය අනාචාරයට පෙළඹෙයි.

විවාහපේක්ෂාවෙන් ඇසුරුකළ පිරිමිද ඇය අතහැරයති. කොතරම් ඉගෙනීම ලැබවත් ඉන් ප්‍රතිඵලයක් නොලබයි. විවාහයට පත් වූවන් ජීවිතය සාර්ථක නොවෙනු ඇත.

යම් ස්ත්‍රියකගේ කණ්ඩා යුගලය මනාසේ පරිපූර්ණව පැහැපත් ජවි වර්ණයෙන් යුක්තවීම ලෝම රහිතව ලේ ශිරා මතු වී නොපෙනීම. දෙදන එක සමානවීමද වාසනාවන්තය. ඇයගේ පය ඇඟිලි එක පිට එක ගැසුනාවූ වේනම් ඉතා අසුබය. ඕ තොමෝ සිය සැමියා නසා වෙනත් හිමියන් සමඟ සතුටු වෙන බව කියැවේ. බොහෝවිට වෛශ්‍යාවන්ගේ පා ඇඟිලි මේ අයුරින් පිහිටා ඇතැයි කියනු ලැබේ. පාදයේ නිය සිනිඳුව වට වූ ස්වභාවයෙන් හා තඹ වර්ණයෙන් යුක්ත වූයේනම් ඇය බොහෝ සම්පත් ලබන්නීය.

පාද නැමුන ආකාරයෙන් වූයේ නම් ඇය සද‌ාකල්හිම දිළිදු බවින් කල් ගෙවන්නීය. පා ඇඟිලි ඝනව මහපට ඇඟිල්ලේ සිට සුලගිල්ල දක්වා ක්‍රමයෙන් කෙටි වී පිහිටීමද ඉතාමත් සුභ ලක්ෂණයකි. යටිපතුල් රන් පැහැවීමත්. එහි රේඛා අතර මත්ස්‍ය රූප, වී ඇට, දියමන්ති නගුල, කඩුව යනාදී රූප සටහන් පිහිටා තිබීම රජ බිසවකට සමාන සැප සම්පත් ලැබීමට හේතු වනු ඇත.

මහපට ඇඟිල්ල දිග්ව මහත්වී තද ගතියෙන් යුක්තනම් ඇය එඩිතරය. අහංකාරය, වැඩිදෙනාගේ අප්‍රසාදයට ලක්වේ. එහෙත් සැප සම්පත් වලට උරුමකම් කියන්නීය. රතු පැහැයෙන් යුතු ඇඟිලි පෙළ පොළොවේ ස්පර්ශවේනම් ඇය විවිධ වූ සම්පත් වලට හිමිකම් කියන්නීය. රාජ්‍ය සම්මාන පවා හිමිවෙයි. රජ බිසවක්සේ සම්පත්තීන් ලබයි.

අනාමික ඇඟිල්ල හෙවත් පයේ දෙවෙනි ඇඟිල්ල මසින් පිරි මහපට ඇඟිල්ල දෙසට නැඹුරුවූයේ නම් දෙමාපිය වැඩිහිටියන්ගේ ගෞරවයට බඳුන්වේ. චරිතය නොකැලැල්ය. කුල සිරිත් රකී. හිමියාගේ නොමද ආදරය ලබයි. සැපවත් යුග දිවියක් හිමිය. පතිභක්තියෙන් යුක්ත වන්නීය. අනාමික ඇඟිල්ල හා මහපට ඇඟිල්ල වඩා දිග්ව සිහින්ව පිහිටියේ නම් සැමියා සමඟ නිතර අඩදබර ඇති කරන්නීය. ඔහුව පාලනය කරන්නීය. අනාමික ඇඟිල්ල මැදඟිල්ලට වඩා මදක් දිග්ව පොළව ස්පර්ශ කරයිනම් යහපත් දූ දරුවන් හිමිවේ. සැපවත් දිවියක් හිමිය.

මුල් ඇඟිලි තුනෙහිම තද කාල වර්ණ රෝම පිහිටියේ නම් දුක් දොම්නස්, ඈ සොයා පැමිණේ. විවාහය සැපතක් නොවේ. පවුලේ සාමය සමගිය ඇයට අහිමිය. ගමනේදී ඇඟිලි තුළින් ශබ්දයක් බිහිවේනම් ජීවිතයේ සැඳෑ සමයේ දුක් විඳීමට හේතුවේ.

පිරිමියකුගේ පාදවල ඇඟිලි කෙටිවීම ශුභ නොවේ ඒවා සම දිගින් පිළිවෙළකට පිහිටා තිබීම වාසනාවන්තය. ඇගිලි අතර ලොකු හිඩැස් ඇත්තේ නම් හෙතෙම ගෘහ සේවකයෙකු වන බවට සලකුණක්සේ සැලකිය හැක. කෙනෙකුගේ දෙවෙනි ඇඟිල්ල පළමු ඇඟිල්ලට වඩා දිගනම් ඔහුට තමාගේ භාර්යාවද අහිමිවීමට ඉඩ ඇත. එය පළමු ඇගිල්ල හා දිගින් සමවේනම් යහපත්ය.

තුන්වෙනි ඇඟිල්ල දිග නම් ඉගෙනීමේ කටයුතු වලට වඩාත් නැඹුරුවෙයි. එය දෙවෙනි ඇඟිල්ලට වඩා කෙටිනම් හෙතෙම පරදාර සේවයේ යෙදෙන්නෙකුවේ. පළමු ඇගිල්ල හතරවෙනි ඇගිල්ලට වඩා දිගුවේ නම් ඔහු සතුටින් කල් ගෙවන මහා සම්පත් ඇත්තෙකුවෙයි. දෙවෙනි ඇගිල්ල බොහොසේ දිගුනම් එවැනි අය සමාජයේ අවමානයට ලක්වේ.

මාපටඟිල්ලත් පළමු ඇඟිල්ලත් අතර විශාල පරතරයක් ඇත්තේ නම් හේ පුළුල් හදවතක් ඇත්තෙකි. එම පරතරය දෙවෙනි ඇඟිල්ලත් තුන්වෙනි ඇඟිල්ලත් අතර වේ නම් ඔහු අලුත් අදහස් ඉදිරිපත් කිරීමේ සමතෙකි. එම පරතරය තුන්වෙනි ඇඟිල්ලක් හතරවෙනි ඇඟිල්ලත් අතර වේනම් ක්‍රියාවෙන් නිදහස් අයෙකු වන අතර ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්නෙකු වේ

(පැරණි පතපොත ඇසුරිනි)
හිමුටානේ පියතිලක ද අල්විස්
158 හිඹුටාන, මුල්ලේරියාව නව නගරය

මගේ ජීවිත කතාව අහපු දවසට ඔය ප්‍රසිද්ධ චරිත ගොඩක් බය වෙයි කලාවට එන අලුත් කොල්ලෙකුට මුහුණ දෙන්න සිදුවන ඇත්තටම කටුක අත්දැකීම් ශිහාන් මිහිරංග හෙළිකරයි

මගේ ජීවිත කතාව අහපු දවසට ඔය ප්‍රසිද්ධ චරිත ගොඩක් බය වෙයි කලාවට එන අලුත් කොල්ලෙකුට මුහුණ දෙන්න සිදුවන ඇත්තටම කටුක අත්දැකීම් ශිහාන් මිහිරංග හෙළිකරයි

ශිහාන් මිහිරංග කියන ගායකයා ජීවිතේ වැඩියෙන්ම සතුටක් ලබන්නේ මොනවගේ දේවල්වලින්ද කියලා මුලින්ම කියන්න?
නිදහස තුළින්…. මේ හැමදේකින්ම නිදහස් වෙලා ගෙවන තත්පරය පවා මට ලොකු සතුටක්.

එතකොට ඔබ වැඩියෙන්ම දුක් වෙන්නේ…?
මම ජීවිතය ගොඩනගන විට බිංදුවට වැටුණු අවස්ථා තිබුණා. රැවටීම්වලට ලක්වූ අවස්ථා තිබුණා. වැරදුණු අවස්ථා තිබුණා. ඒවා කියන්න ගියොත් මේ රටේ ප්‍රසිද්ධ චරිත කීදෙනකුට එළියට එන්න වෙයිද දන්නෑ.

ඔබට දුක් දුන්නේ ප්‍රසිද්ධ චරිතද?
මම කතා කරන්නේ අවුරුදු 19 වෙනකල් ගෙවිලා ගිය සැහැල්ලු ජීවිතේ නමෛයි. කිසිදෙයක් දන්නේ නැති අවුරුදු 19ක පාසල් ශිෂ්‍යයකු විදියට ක්‍ෂේත්‍රයට ඇවිල්ලා මේ අවුරුදු 12 තුළ විඳි අනන්ත අප්‍රමාණ අත්දැකීම් හා ඊට දායක වූ අය ගැන.

ඒවා ප්‍රසිද්ධියේ කියන්න ගියොත් ඇති වන අතුරු ප්‍රශ්න ශිහාන්ට තවත් දුකක් එකතු කරයි කියලා බයක් තියෙනවාද?
කිසිම බයක් නැහැ. ඉදිරියේදී මම ‍පොතක් විදියට ඒ සිදුවීම්වලට සම්බන්ධ අයගේ නම් ගම් සහිතව ඒ හැමදේම ලියනවා. කලාවට එන අලුත් කොල්ලෙකුට මුහුණ දෙන්න සිදුවන සැබෑම කටුක අත්දැකීම් ඇතුළත් ඒ ‍පොත නිකුත් වුණාට පස්සේ මම ‍නෙවෙයි බොහෝ ප්‍රසිද්ධ, ප්‍රවීණ චරිත නම් බයවෙයි.

කලාව හැරුණාම සමස්ත ජීවිතය තුළදීම විඳි සතුටුදායක හා දුක්බර අත්දැකීම් සිහිපත් කළොත් ?
අවුරුදු 28 වෙද්දී මම තාත්තා කෙනෙක් වුණා. 30 වෙද්දී දරු දෙන්නෙකුගේ තාත්තා කෙනෙක් වුණා. ඒක තමයි සතුටුම අත්දැකීම. දුක්බර අත්දැකීම මගේ තාත්තාගේ අභාවය. ඇත්තටම තාත්තා නැතිවුණ දා දැනුණු දුකට වඩා දුකක් දැනෙන්නේ අද ජීවිතේ යම් ප්‍රශ්න ආවම “තාත්තා හිටියනම්” කියන හැඟීම හිතට එන වෙලාවටයි.

අද තිස් දෙවැනි වියේ ඉඳන් සුපර් ස්ටාර් තුළින් ආපු 19 වැනි වියේ පසුවූ හුරුබුහුටි ගැටවරයා සිහිපත් කරන කොට දුකක් හිතට එනවාද?
දුකක් එන්නෙත් නැහැ. සතුටක් එන්නෙත් නැහැ. ලොකු ලැජ්ජාවක් නම් එනවා. (මහ හඩින් සිනාසෙයි)

ඇයි ඒ ?
මට මතකයි ඒ දවස්වල ගෑනු ළමයිගෙන් මට ලොකු ආකර්ෂණයක් තිබ්බා. ඒවා දකින කොට සමහර කොල්ලෝ කියනවා. “ඇයි මූට මැරෙන්න හදන්නේ… මූට මොනවාද තියෙන්නේ” කියලා. වයස 19-20 මගේ පින්තූර, වීඩියෝ අද දකිද්දී මට පෙනෙන්නේ ඇට සැකිල්ලකට ඇඳුමක් අන්දලා වගේ පෙනුමක්. ඒ පින්තූර දකිද්දී මටත් අද හිතෙනවා “කෙල්ලෝ මූට මැරෙන්න හැදුවේ ඇයි… මූට මොනවද තියෙන්නේ” කියලා.

ඒ කියන්නේ ශිහාන් වඩා සතුටු වන්නේ අද තියෙන පෙනුමට…?
නෑ. හෙට දවසේ පෙනුමට. රැවුල ටිකක් සුදුවෙලා, කොණ්ඩෙ ලාවට සුදුවෙලා, මූණ ටිකක් වෙනස් වෙලා, ඇඟපතත් වෙනස් වෙලා වැඩිහිටි බවක්, පරිණත පෙනුමක් ලැබෙන තුරු මං ආශාවෙන් බලාගෙන ඉන්නවා.

ශිහාන් තැනකට ගියාම ගෑනු ළමයි පිස්සු වැටිලා වටකර ගත්තු යුගය අද සිහිවන විට දැනෙන්නේ සතුටක්ද දුකක්ද?
සතුටකුත් නමෛයි, දුකකුත් නමෛයි. සාමාන්‍ය හැඟීමක්.

ඔහොම කිව්වට විවාහයත් එක්ක කාන්තා ආකර්ෂණය අඩුවෙලා ගිය එක ගැන නම් පුංචි දුකකුත් හිතේ ඇති?
(හිනැහී) අවිවාහක තරුණයන්ට ලැබෙන කාන්තා ආකර්ෂණය නම් විවාහයත් එක්ක නැතුව ගියා. හැබැයි ඉතින් විවාහක පිරිමින්ට ආකර්ෂණය වන කාන්තාවෝ පිරිසකුත් මේ රටේ ඉන්න බව ඔයා තවම දන්නේ නැතුව ඇති.

මම ඕක ඔය විදියටම ලියන්නම්. හැබැයි ඔබේ බිරිඳ මේ පුවත්පත් ලිපිය කියවීමෙන් ඇතිවන ප්‍රතිඵල ඔබට ලොකු දුකක් ඇති කරන්න බැරි නැහැ.?
මගේ බිරිඳට කලා ලෝකයේ ස්වභාවය ගැන හොඳ වැටහීමක් තියෙනවා. අදටත් මගේ කාමරේ බිත්ති පුරා ඉන්නේ කාජල්. ඒත් කාජල් බැඳලා ළමයිනුත් ඉන්නවා. මට අද කාජල්ව බඳින්න ලැබුණොත් මම මෙයාව බඳිනවා කියලා මම බිරිඳට දැනටත් කියන අවස්ථා තියෙනවා. අදත් ශිහාන් මිහිරංගට ආදරේ කරන කාන්තාවෝ ඉන්න බව බිරිඳ දන්නවා. ඒත් ඇය ඒ ගැන කලබල වෙන්නේ නැහැ.

ආරියවංශ කුලතිලක

දෙවෙනි ඉනිමට කූඹින්ගෙන් ප්‍රහාරයක් කුබියෝ පිළිබද විශාල රහසක් හෙළිවෙයි “කූඹියෝ” නිර්මාණය පටන්ගත්තේ 2012 දී. ඉවර කළේ 2015 දී

දෙවෙනි ඉනිමට කූඹින්ගෙන් ප්‍රහාරයක් කුබියෝ පිළිබද විශාල රහසක් හෙළිවෙයි “කූඹියෝ” නිර්මාණය පටන්ගත්තේ 2012 දී. ඉවර කළේ 2015 දී

ගෙදර ආලින්දයේ තියෙන රූප පෙට්ටිය හරහා දකින දහසකුත් ටෙලි නාට්‍ය වටා එකතු වන පිරිස අලුත් අත්දැකීම් විඳදරාගන්න කැමැතියි. වෙනස් ආරක ටෙලි කතාවක් දැක්කම ශීඝ්‍රයෙන් ඒ වටා එක්රොක් වීමට විතරක් ‍නෙවෙයි, ඒ ගැන කතා කිරීමටත් ප්‍රේක්ෂකයන් පෙළඹෙන්නේ ඒ හින්දා. සෙනසුරාදයි ඉරිදයි රෑ 8.00ට ස්වාධීන රූපවාහිනී නාළිකාව හරහා විකාශය වන “කූඹියෝ” ටෙලි නාට්‍යය වෙනස්ම විදියේ තේමාවක් සහිතව විකාශය වන ටෙලි නාට්‍යයක්.

මේ වෙද්දී අන්තර්ජාලයේ මුහුණු ‍පොත හරහාත් “කූඹියෝ” ගැන විශාල කතිකාවක් ගොඩනැගිලා තියෙනවා. අපි මේ සතියේ “කූඹියෝ” ගැනයි, මේ ඇති වෙලා තියෙන කතිකාව ගැනයි විමසන්න හිතාගෙන “කූඹියෝ” ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන ලක්මාල් ධර්මරත්නට කතා කළා. ඔහු කතාව පටන් ගත්තේ මේ විදිහට කියමින්.

“කූඹියෝ” පිටපත් රචකයන් දෙදෙනෙකුගේ නිර්මාණයක් නේද?

මම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා. දමිත චන්ද්‍රසිරි මෙහි සංස්කාරකවරයා. පිටපත රචනා කරන්නේ අපි දෙන්නාම එකතුවෙලා. ඇතැම් රටවල රචකයන් දෙතුන් දෙනෙකු එකම කතාවේ පිටපත් රචනයට එකතු වන අවස්ථා තියෙනවා. ඒත් අපේ නාට්‍යවල වයස 18 තරුණයාගේ පෙම්වතියගේ, 75 වයසක ආච්චිගේ දෙබස් ලියන්නේ රචකයා. ගෑනු චරිතවල දෙබස්, සිතුම් පැතුම් ඒ අය මුහුණ දෙන හැටි ලියන්නේ පිරිමි පිටපත් රචකයන්. මගේ ඉදිරි නිර්මාණවලදී කාන්තා පිටපත් රචිකාවියක් එකතු කරගන්න මම හිතාගෙන ඉන්නවා.

ඔය ක්‍රමවේදයේදී රචකයන් අතර ගැටුම් ඇතිවන්නේ නැද්ද?

දමිතුයි මමයි අතර උපරිමයෙන් ගැටුම් ඇතිවෙනවා. හැබැයි ඒ පිටපත සාර්ථක කරගන්න ඇතිවන ගැටුම්. අපි අවුරුදු 10ක විතර යාළුවෝ. ඒ හින්දා ඒ ගැටුම් පෞද්ගලිකත්වය දක්වා යන්නේ නැහැ.

“කූඹියෝ” හා “දෙවෙනි ඉනිම” පිරිස් අතර අද අමනාපයක් තියෙනවාද?

(හිනැහී) සාරංග මෙන්ඩිස්, සමන් එදිරිමුණි සහ මම හොඳ යාළුවෝ. අපි අතර නම් කිසිම අමනාපයක් නැහැ.

ඒත් අද වෙද්දී අන්තර්ජාලයේ මුහුණ‍පොත හරහා දොගොල්ලෝ දිගට හරහට බැණ ගන්නවා.
ඒ “කූඹියෝ” නරඹන පිරිස හා “දෙවෙනි ඉනිම” නරඹන පිරිස. හොඳ දෙයක් දැක්කම ඒ දේ ගැන අදහස් දක්වන මිණුම් දණ්ඩ කරගන්නේ ඒ වනවිට තියෙන හොඳම දේ. අද වෙද්දී “දෙවෙනි ඉනිම” ජනප්‍රියතම නාට්‍යය. කවුරු හෝ කෙනෙක් “කූඹියෝ” දෙවැනි ඉනිමට වඩා හොඳයි කියලා ජ්.ඕ. එකේ සඳහන් කරලා. ඒ කූඹියෝට කැමැති කෙනෙක්. දවෛනි ඉනිමට කැමැති කෙනත් ඊට උත්තර දීලා. ඔය විදියට ඇති වූ මතවාදය අද වෙද්දී අසභ්‍ය වචනයෙන් අදහස් හුවමාරු කරගන්න මට්ටමට දුරදිග ගිහින්.

දෙවෙනි ඉනිම “බත්” නම් කූඹියෝ “මැල්ලුම්” කියලා දවෛනි ඉනිමේ පිටපත් රචක සමන් එදිරිමුණි FB එකේ දාලා තිබුණා. ඔබත් ඊට උත්තර දීලා තිබුණා නේද?

අපි නිර්මාණයක් කරලා ජනතාවට දුන්නම එක අයිති ජනතාවට. ඒක බලන්න, අගය කරන්න, බනින්න ජනතාවට අයිතිය තිබුණට අපිට ඒ අයිතිය නැහැ. මිනිස්සු දරන මතවලට උත්තර දෙන්න එපා කියලා මම සමන්ට කිව්වා. සමන් ඒ ප්‍රකාශය කළේ “කූඹියෝ” හෑල්ලු කරන්න නොවෙයි. ඒත් බොහෝ අය ඒක වටහා ගත්තේ ඒ විදියට. “දෙවෙනි ඉනිම” සතියේ දිනවල විකාශය වෙනවා. කූඹියෝ සති අන්තයේ විකාශය වෙනවා. අපි දෙගොල්ලොම ටෙලිනාට්‍ය දෙකම බලනවා. අපිට කාත් එක්කවත් තරගයක් නැහැ.

අද මේ විදියට කතිකා ගොඩ නැගුනට “කූඹියෝ” පෙන්නන්න නාළිකාවක් නැතුව හිටපු කාලයක් තිබුණා නේද?
“කූඹියෝ” නිර්මාණය පටන්ගත්තේ 2012 දී. ඉවර කළේ 2015 දී. කොටස් 58ක නාට්‍යයක් වුණත් නළු නිළියෝ 100ක් විතර යොදාගෙන කළ දැවැන්ත නිර්මාණයක් තමයි “කූඹියෝ” කියන්නේ. තුමිඳු, කලණ, යුරේනි, ඇන්ඩෲ පුල්‍ලේ, මොරින්, රමණි, ඩබ්.ජයසිරි, රම්‍යා වනිගසේකර, විශ්වජිත් නානායක්කාර ඇතුළු දක්ෂ ජනප්‍රිය නළු නිළියන් රැසක්ම ටෙලිනාට්‍යයේ රඟපානවා. නිෂ්පාදක අසංග දොඩංතැන්නට අවශ්‍ය වුණේ හොඳ නිර්මාණයක් කරන්නයි.

ඒත් මේ ටෙලිනාට්‍ය කරලා නාළිකා ගානේ යද්දී ගොඩක් අය මේක තුට්ටු දෙකට ඉල්ලුවා. මේ නාට්‍යයේ තියෙන්නේ මිනී මරන්නෙ නැතුව මිනිස්සු පාවිච්චි කරලා තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ගේම්කාරයකුගේ කතාවක්. හොරුන්ගේ චරිත අපේ නාළිකාවෙන් මතු කරන්නේ නැහැ කියපු
නාළිකාත් හිටියා. අන්තිමට අයි.ටී.එන්. එකට දෙවැනි වතාවටත් ඉදිරිපත් කළාමයි අපිට ඉඩ ලැබුණේ. අද මේ නාට්‍යයට ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

ආරියවංශ කුලතිලක

හොරාට හරක් රැගෙනගොස් චෙන්සෝ වලින් මස් කරපු අමානුෂික පිරිසක් යටියන්තොට සිටිනබවට හෙළිවෙයි මෙන්න එම සංවේදී කතාව

හොරාට හරක් රැගෙනගොස් චෙන්සෝ වලින් මස් කරපු අමානුෂික පිරිසක් යටියන්තොට සිටිනබවට හෙළිවෙයි මෙන්න එම සංවේදී කතාව

ගවයන් සොරකම් කර පණ පිටින් යාන්ත්‍රික කියතකින් කපා මස් කරන අමානුෂික පිරිසක් ගැන යටියන්තොට ගනේපල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ බව යටියන්තොට පොලිසිය පවසයි.

ගනේපල්ල වීරගල්ල හා අවට ප්‍රදේශවල කලක සිට මේ ගව සොරකම සිදුවී තිබෙන අතර මේ වන විට ගවයන් 10ක් පමණ නැතිවූ බව ගම්වාසීන් පවසයි. මේ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් කණ්ඩායමක් විසින් මෙසේ ගවයන් සොරකම් කර යාන්ත්‍රික කියත් ආධාරයෙන් මස්කර පටවන බවට තොරතුරු ගම්වැසියන් දැන සිටියත් මොවුනට ඇති බිය නිසා අදාළ තොරතුරු පොලිසියට ලබාදී නැති බවද පොලිසිය කියයි.

දින කීපයකට ඉහතදී ගනේපල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් රුපියල් 70,000ක් පමණ වටිනා පැටවකු බිහිකිරීමට සිටින එළ ගව වැස්සියක් පුරන්වූ වෙල්යායක බැඳ සිටියදී කිසිවකු විසින් සොරාගෙන තිබිණි.

ගව හිමියා මේ සම්බන්ධයෙන් සොයා බලන විට ගනේපල්ල සිට වීරගල්ල පාරේ පාළු පෙදෙසක පිහිටි මොට්ට පාලම අසල යම් සතකු මරා ඇති බවට සලකුණු දැකගන්නට ලැබී ඇත. එම ස්ථානයේ තිබූ ලේ පැල්ලම්, මස් කැබැලි, ලණු, කරපටි, අනුව මරාදමා ඇත්තේ තමාට අයත් ගවයා බවට ගව හිමියා තහවුරු කරගෙන ඇත.

පුද්ගලයෙක් රාත්‍රියේ ගවයෙක් රැගෙන යනු ප්‍රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයෙක් දැක ඇති අතර ඔහු විසින් ඒ බව ගව හිමියාට පවසා ඇත. ඒ අනුව ගව හිමියා විසින් යටියන්තොට පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත. අනතුරුව පොලිසිය විමර්ශන කටයුතු සිදු කළ අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී යම්කිසි පාර්සලයක් රැගෙන නිවෙසේ පිටුපස ‍ෙදාරෙන් පලා යෑමට තැත් කළ සැකකරු පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු රැගෙන යෑමට තැත් කළ පාර්සලයේ යම් සත්ත්ව මාංස කොටසක් තිබී ඇති අතර එම පාර්සලයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. යාන්ත්‍රික කියත අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව පොලිසිය කියයි.

සැකකරු පසුගිය 28දා රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් ඩී.ජී. ජයතිලක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන මස 10 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත. සැකකරු භාරයේ තිබී අත්අඩංගුවට ගත් මාංස කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය වෙත යවා වාර්තාවක් කැඳවීමටද නියෝග කර ඇත.

යටියන්තොට පොලිසියේ ස්ථානාධිපති (පො.ප.) එච්.ජී.එස්.පී.කේ. චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත යටියන්තොට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති (පො.ප.) පී.ජේ. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් අනෙකුත් සැකකරුවන් අනාවරණය කර ගැනීමට වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

කිතුල්ගල – තරින්ද රත්නායක

පිරිමි ලියපු ගෑනු සින්දු ගැන නිලියක් කියන පට්ට කතාව පිරිමින්ගේ ඇග ඇතුලේ ඉන්න ගෑනිලු මේ සින්දු ලියලා තියෙන්නේ

පිරිමි ලියපු ගෑනු සින්දු ගැන නිලියක් කියන පට්ට කතාව පිරිමින්ගේ ඇග ඇතුලේ ඉන්න ගෑනිලු මේ සින්දු ලියලා තියෙන්නේ

“කවි විතරක් නෙවෙයි සින්දුත් ඔක්කොම ගෑනු ගැන එතකොට මෙතන ප්‍රශ්නයක්” බලන්නකෝ කියන කතාව ඔක්කොටම වඩා සුපිරි නැටිල්ල

නම වෙනුවට “බඩුව” කියනවට කැමති නැති කෙල්ලෙක්නම් අනිවා කියවන්න අවංක කොල්ලෙක්නම් Share කරන්න

නම වෙනුවට “බඩුව” කියනවට කැමති නැති කෙල්ලෙක්නම් අනිවා කියවන්න අවංක කොල්ලෙක්නම් Share කරන්න

මේක ලියන්නෙත් කොල්ලෙක් ඇත්ත කතාකරන කොල්ලෙක් නංගි කෙනෙක් ඉන්න කොල්ලෙක් දැන් ඉන්න කෙල්ලොන්ගේ නම වෙනුවට “බඩුව ” කියනවට කැමති නැති කොල්ලෙක් හිතට එකගව කතාව ඇත්තනම් තවත් කෙල්ලෙක් විනාශ වෙන්න කලින් මේක බලලවත් හැදේවි කියලා හිතලා share කරන්න

>>>>>කෙල්ලෙක් නම් කියවන්න…අද සමාජේ කෙල්ලො ගොඩක්ම ජීවිතෙ වරද්ද ගන්නවා.මොකද හැගීම් වලට වහල් වෙලා,හැගීම් පස්සෙ යන හින්දා.රැල්ලට ආදරේ කරන්න ගිහිං තමයි මේ දේ වෙන්නෙ.කෙල්ලො කෙල්ලො එකතු උනාම ගොඩාක් දුරට කතා කරන්නෙ තම තමන්ගේ පෙම්වතුන් ගැන..මගේ අයියා අරමයී,මගෙ අයියා මේමයි කියලා.

ඒත් ඔතන කොල්ලෙක් නැති කෙල්ලෙක් හිටියොත් එ කෙල්ලට ඒක තදින්ම දැනෙනවා..ඒ හිංදා ඒ කෙල්ලත් රැල්ලට ආදරේ කරන්න පටන් ගන්නවා.බොහෝ විට යාලුවෙන්නේ වයසින් ගොඩක් වැඩි කොල්ලෙක් එක්ක(මාමා type)< අනිවාරෙන්ම උට සල්ලි තියෙනව,වාහන තීනවා >(bike,car තීනවටනෙ කෙල්ලො කැමති) මේ යාලුවෙන්නෙ ඇත්තටම හිතේ ආදරයක් ඇතිවෙලා නම් නෙමේ..යාලුවන්ගේ කොල්ලන්ට වඩා තමන්ගේ කොල්ලට යමක් තියේ කියල පෙන්න..

ඒ කෙල්ල ආදරේ කියන්නෙ මොකද්ද කියලවත් දන්නෑ..18වත් උන් නැති කෙල්ලෙක් කොහොමද ආදරේ ගැන දන්නේ.. >(18ට අඩු නංගිලාට රිදෙයි දැං ඒත් වයස යනකොට තේරෙයි ආදරේ ගැන දැනං ඉදල තියෙන්නෙ මොනවද කියලා)< .. ඔය කෙල්ලට කියන්න පුලුවන් මං ඔයාට ආදරෙයි කියලා විතරයි.. මෙහෙම ටික දවසක් යයි උපරිම මාසයයි නැත්නම් දෙකයී..ඔය දවස් වෙද්දි කොල්ලා කෙල්ලව රූම් අදින්න පටන් ගන්නවා.මොකද කොල්ල වයසින් වැඩියි නෙ..උට තියෙන්නෙ ගොඩක්ම අශාවල්..

කෙල්ලගෙත් හෝමෝන තදින්ම active කාලෙ ඕක.. >(කෙල්ලෙක්ව පරිස්සම් කරන්නම ඕනි අවු:17,35 කාලෙ කියලා කොහෙන් හරි අහලා තියේ )< ඔහොම ඔහොම රූම් යනවා කෙල්ලත් හොදට ඇබ්බැහි වෙනවා ඒකට..කාලයක් යද්දී ඕක එපා වෙනවා කොල්ලට…මොකද එකම කෑම හැමදාම කෑවම එපා වෙනවනේ (පොෂ් කෑම උනත්)  ..හැමදාම දකින කුකුලගෙ මොකද්ද සුදුයිලුනේ..අනික වයස් පරතරය හින්දා දෙන්නගේ අදහස් එහෙමත් එකට හැප්පෙනවා..

ඔය කාලෙ වෙද්දි කොල්ලගෙ MSG,call එහෙම අඩුවෙලා යනවා.. >(කෙල්ලො ආසයිනෙ ගොඩක් MSG කොටන්න)<  ඉතින් බොහෝ දුරට කොල්ලට වගේම මං දකින විදිහට කෙල්ලටත් මේක එපා වෙනවා.ඔය වයසෙ කෙල්ලො නහයට අහන් නෑ නෙ..ඉතින් පෙර දැනුම් දීමකින් තොරව ඒ කොල්ලව අතාරින්වා >( අනිවාරෙන් ආයේ කොල්ලෙක් line කරද්දි )< අර කොල්ලට ඕක ගානක් නෑ මොකද ඌට පුලුවන් තරමක් කෑවනේ..අනික උගෙ මුකුත් නැති උන් නෑනේ..ආදරේ කරෙත් නෑනෙ. ඉතින් ඔය කෙල්ල ආයෙ යාලුවෙන කොල්ල ඔය ටික දැන ගන්නකං ඔය සම්බන්ධය තියේවි..

ඔක්කොම දැන ගත්‍තම ඒක ඉවරයී..මොකාද කැමති වෙන එකෙක් හාපු කුබුරක වපුරන්න.. >( පනුවො කාපුවා කන්නෙ පනුවොම තමයී )< එහෙම නොවෙන්න නම් ඌ ඇමරිකාවෙ හැදුන එකෙක් වෙන්න ඕන..

ඔන්න ඉතිං ආදරේ කරන්න සුදුසු වයස එනකොට ඒ කෙල්ලට (කෙලින්ම කීවොත්) වටේ ගියපු එකක් කියන ලේබල් එක වැදිලා ඉවරයී ( රැල්ලට ගියොත් වැල්ලෙත් වටේ යන්න වෙනවලු )
කෙල්ලො තමන්ගෙ රහස් කෙල්ලො එක්ක නොකීවට කොල්ලො හැමදෙයක්ම වගේ යාලුවෙක්ට වත් කියනවා..දන්නවනේ යාලුවො වගේ ඉන්න චීත්ත කෑලි උන් ඉතින් රට වටේම කිවම අර කෙල්ලව ඌ රූම් ඇදපු දවස් ගාන පටන් වටේ උන් දන්න්වා..

සමහට විට පස්සෙ ඒ කෙල්ල එක්ක යාලුවෙන්න කොල්ලො විතරක් නෙමේ නාකි උන්,පොඩි උන් පවා එනවා..ඒ එන්නේ ආදරේටද නෑ නේද ?

සමහර විට ඔය කෙල්ලට බොක්කෙන්ම ආදරේ කරන කොල්ලෙක් සෙට්වෙන්නත් පුලුවන්..එත් උටත් කාලයක් යද්දි එපා වෙනවා..වටෙන් ගොඩෙන් ඇහෙන දේවල් එක්ක ගෙදරින් වත් කැමති වෙයිද..ඒ මිනිස්සු පතිවත චෙක් කරොත් හම්බෙයිද..(ඇදිවත නැති කෙල්ලන්ට ආස කරන උන් බදින්න පතිවත තීන කෙල්ලෙක් හොයනවා කියයි දැං) අන්තිමේදි බොක්කෙන් ලව් කරපු ඌත් සෙල්ලක්කාරයෙක්,බේබද්දෙක් වෙනවා (ඒක ඉතින් අවාසි වෙන්නෙ තවත් කෙල්ලෙක්ට දෙන්නෙක්ටම තමයි) ඕකයි අද සමාජෙ මං දකින විදිහ හරි වෙන්න පුලුවන් වැරදි වෙන්න පුලුවන්..

මං හිතන්නෙ නම් කෙල්ලෙක් කොල්ලෙක් තෝර ගනිද්දි දහ පහලොස් පාරක් හිතන්න ඕන කියලා..(මොකද කැඩුනොත් ආයෙ හදන්න බෑනේ..හිත බන් හිත)
අරක දුන් නැති උනොත් තරහ වෙයී මේක දුන් නැති උනොත් තරහ වෙයි කියලා හිතන්න එපා..එහෙම තරහ වෙනවනම් හිත හදාගනිං කෙල්ලේ..ඌ ඔයාට ඇත්තටම ආදරේ නෑ..පුලුවන් තරම් කොල්ලව ටෙස්ට් කරලා බලන්න ඇත්තටම ආදරේ කරන කෙනෙක්නම් ඉදියී නැත්තම් යයී..

( ගියොත් හොදයි කියක් හරි ඉතුරු වෙයී) තව එකක් කොල්ලටම ඇගිල්ල දික්කරන්න බෑ..කාම නිල වැඩි කෙල්ලොත් ඉන්නවනේ..එයාලා මේක අදාල කරගන්න එපා..මොකද අශ්වයා ගියාට පස්සෙ ඉස්ථාලෙ වහල වැඩක් නෑ නේ..යන විදිහට යං ලේබල් එක වදිනකං.. ඇත්තක් දකිනව නම් share කරන්න.. තව එක කෙල්ලෙක්ට හරි ලේබල් එකක් වදින්න කලිං පරිස්සම් කර ගන්න ලැබුනොත් පිනක් ..     >>උපුටා ගැනීමකි<<