ප්‍රභාකරන්ගේ හිටපු පුද්ගලික ආරක්ෂකයාගේ ආදරය පිළිබද ඔහු කියන සංවේදී කතාව මෙන්න

ප්‍රභාකරන්ගේ හිටපු පුද්ගලික ආරක්ෂකයාගේ ආදරය පිළිබද ඔහු කියන සංවේදී කතාව මෙන්න

ආදරය කියන්නේ ජාතියකට ආගමකට විශේෂ වූ දෙයක් නෙවෙයි. මේ කියන්නට යන්නේ එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකුගේ ආදර කතාවක් ගැනයි.

ඔහුගේ නම හෙළිකරනවාට අකමැති වූ නිසා අපි ඔහුට රගූ යැයි කියමු. රගූ කියන්නේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ එක්තරා දිස්ත්‍රික්කයක ඉපදුණු කෙනෙක්. යුද සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවට සිංහල තරුණයන් එකතු වුණා වගේම එල්ටීටීඊයටත් තරුණයන් එකතු වුණා. රගූ කියන්නේ එහෙම එකතු වුණු කෙනෙක්.

ඔහු තමන්ට පැවරෙන රාජකාරි අකුරටම ඉටු කරන පුද්ගලයෙක් ලෙස එල්ටීටීඊ සංවිධානයේ ප්‍රචලිතව හිටියා. කරන වැඩේ අවංකව හරියට කරන නිසාම එල්ටීටීඊ සංවිධානයේ නායකයා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ටත් රගූ ගැන ලොකු විශ්වාසයක් තිබිලා තියෙනවා.

1996 වසරේ දවසක රඟූ තම පියා සමඟ අමනාපයක් ඇති කර ගන්නවා. ඉන් පස්සේ ඔහු නිවසින් පිටවෙලා යනවා. ඔහුට යන්න තැනක් තිබුණේ නෑ. ඒ වන විට එල්ටීටීඊ සංවිධානය ගැන ලොකු බලාපොරොත්තුවක් සහ ගෞරවයක් රගූට තිබුණා. රගූ එල්ටීටීඊ සංවිධානයට බැඳීමට තීරණය කළා. ඒ කාගෙවත් බලපෑමකට නෙමෙයි. ඒක ඔහු තනිවම ගත්ත තීරණයක්.

1996 දි පමණ තමයි රගූ එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ වුණේ. එල්ටීටීඊ සංවිධානයේ යුද පෙරමුණේ සිට ස්ථාන කිහිපයක රාජකාරි කළා. මෙහෙම යද්දි දෙන වැඩේ හරියට කරන නිසා කළින් කිව්වා වගේම රගූ ප්‍රභාකරන්ගේ විශ්වාසවන්තයකු වුණා. අවසානයේ වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ආරක්ෂකයකු ලෙස රගූව තෝරා ගත්තා. ඒ 2007 වසරේ පමණ. ඔහුට ප්‍රභාකරන්ගේ ආරක්ෂකයකු ලෙස කටයුතු කරන්න පුළුවන් වුණේ වසර දෙකයි.

‘‘මම නායකතුමාගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙසත් කටයුතු කළා. එල්ටීටීඊ සංවිධානයේ හොඳ විනයක් තිබුණා. ඒවගේම දක්ෂයාට නියම තැන ලැබුණා.’’ ඒ වන විට ඔහු උප ලුතිනන් වරයකු ලෙස එල්ටීටීඊ සංවිධානයේ සේවය කරමින් සිටියා.

වසර 13ක් පමණ එල්ටීටීඊ සංවිධානයේ සේවය කළ රගූට කිසිම අනතුරක් වුණේ නෑ. ඔහුගේ නරක කාලය උදා වුණේ 2009 වසරේදි. 2009 අප්‍රේල් 17 වැනි දා එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් පසු රගූ රෝහල් ගත කරනු ලැබුවා. ඔහුට සිහිය එන්න දින කිහිපයක් ගත වුණා. සිහිය එන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්.

එදා රගූට සිහිය ආවත් කිසිම දෙයක් පෙනුණේ නෑ. 2009 අප්‍රේල් නව වැනිදා උදෑසන අවට වටපිටාව රගූ දැක්කේ අවසන් වතාවටයි. ඒ එදා හවස ෂෙල් වෙඩි ප්‍රහාරයත් එක්ක රගූට පෙනීම අහිමි වුණ නිසා. රෝහලේදි සිහිය ආවත් රගූට පෙනුම නම් ආවේ නෑ.

රගූ දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු නිවසට යෑමට පෙර යන්න වුණේ පුනරුත්ථාපන කඳවුරකට. ඒ වන විට යුද්ධය නිමා වුණා විතරයි. ඇස් පේන්නේ නැති රගූව පුනරුත්ථාපනය කඳවුරට යොමු කෙරුණේ තවත් පිරිසක් සමගයි.

පුනරුත්ථාපනය වෙලා ආපු රගූට රාජ්‍ය නොවන සංවිධානයකින් ලණු පාපිසි මැසීම සඳහා පුහුණුවක් ලැබිලා තියෙනවා.

‘පුනරුත්ථාපන කඳවුරේ සිටියදී හොඳට සැලකුවා. හොඳට කන්න බොන්න ලැබුණා. මට නම් එහෙදි ප්‍රශ්නයක් වුණේ නෑ. ඉන් පසු රාජ්‍ය නොවන සංවිධානයකින් ලණු පාපිසි මහන්න පුහුණුවක් ලැබුණා. ඒ පුහුණුවෙන් පස්සේ මම ලණු පාපිසි මහන්න පටන් ගත්තා. වියදමත් එක්ක ලණු පාපිස්සක් රුපියල් 250ක් පමණ වුණා. අපි ලණු පාපිස්සක් රුපියල් 250කට වෙළෙඳපොළට දමද්දි රුපියල් 50ටත් රෙදි පාපිසි තියෙනවා. ඕනැම කෙනෙක් ඉතින් රුපියල් 250ක් වියදම් කරන්න යන්නේ නැහැනේ. ගොඩක් අය අඩු ගානට රෙදි පාපිසි ගන්නවා.

මේ රස්සාවෙන් ලොකු දියුණුවක් වුණේ නැති නිසා පොඩි කේටරින් ස්ර්විස් එකක් පටන් ගත්තා. දැන් මං ඒක කරගෙන යනවා. අලුතින් එන අය ලොකු ගානක් දාලා පහසුකම් සහිතව ව්‍යාපාරය පටන් ගන්න නිසා අපිට බිස්නස් අඩුයි. ඔවුන් සමග හැප්පෙන්න අපට බෑ.‘

ඊළඟට එන්නේ රගූගේ ජීවිතයේ සුන්දරම කාලය කියලයි රගූ කිව්වේ.

දිනක් රගූගේ සහෝදරයාගේ ජංගම දුරකතනයට නාඳුනන අංකයකින් ඇමතුමක් ලැබිලා තියෙනවා. එය මිස්කෝල් එකක්. මිස්කෝල් එක කාගේදැයි බලන්න රගූගේ සහෝදරයා එම නොම්බරයට ඇමතුමක් අරගෙන. දුරකතන ඇමතුම පැමිණ තිබුණේ වැරදීමකින් කියලා එවිට තේරිලා. කෙසේ වෙතත් රගූගේ සහෝදරයා සහ අත්වැරදීමකින් වැරදි ඇමතුම් දුන් කාන්තාව මිතුරන් බවට පත්වෙන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ.

රගූගේ සහෝදරයා සමඟ මිත්‍ර වූ තරුණියට සහෝදරියක් හිටියා. ඇයත් රගූ සමග ඉඳ හිටලා කතා කළා. දවසක් රගූගේ සහෝදරයා තම මිස්කෝල් මිතුරිය සමග කතා බහ කරමින් ඉන්දි රගූ ගැන කිව්වා. ‘අපේ අයියා එල්ටීටීඊ එකේ ඉඳන් ඇවිත් ඉන්නවා. එයාගේ ඇස් පේන්නේ නෑ.‘ කියලත් ඔහු කියලා තියෙනවා. ඉතින් මේ කණගාටුදායක කතාව ඇය ඇගේ සහෝදරියටත් කියලා.
ඇස් අන්ධ තරුණයා සමඟ කතා කරන්න ඇයට ඕනෑ වෙලා ඒ බව සහෝදරයට කියා තිබෙනවා. ඒ අනුව රගූගේ සහෝදරයා මාර්ගයෙන් රගූ සමග කතා කරන්න ඇයට හැකි වුණා. පළමු දිනයේ කතා බහ මිනිත්තු කිහිපයකින් අවසන් වුණත් එය ජීවිතයේ ඇරැඹුම කියා එදා රගූ හිතන්න නැතිව ඇති.

ඉන් පසු නිතර නිතර දුරකතන සංවාද ඇති වෙද්දී රගූගෙයි අර තරුණියගෙයි මිත්‍රකම ප්‍රේමයක් දක්වා යන්න වැඩි කාලයක් ගත වුණේ නෑ. කාලයක් දෙන්නා මෙහෙම දුරකතනයෙන් කතා කළත් හමුවෙලා තිබුණේ නෑ. මෙහෙම යද්දි එකපාරටම රගූට තම ප්‍රේමවන්තියගෙන් ප්‍රතිචාරයක් ලැබිලා නෑ. ඒ අනුව හොයලා බලද්දී රගූට ආරංචි වෙලා රගූගේ ඇස් අන්ධ නිසා ඇගේ ගෙදරින් මේ සම්බන්ධයට තහංචි වැටී ඇති බව.

මේ සිද්ධියෙන් රගූ ගොඩක් කම්පනයට පත් වුණා. ඔහු මේ ගැන ඥාතියකුට කියලා තියෙනවා. ඥාතියා තරුණිය ගැන සොයා බලා ඇය හොඳ ගති පැවතිම් ඇත්තියක බව තහවුරු කරගෙන ඒ බව රගූට දැනුම් දුන්නා. ඇය ඉතා ලස්සන තරුණියක් බවත් ඔහු කියා තිබුණා. තරුණිය සම්බන්ධ කරගත්තු රගූ ඉදිරි කටයුතු ගැන විමසද්දි ඇස් අන්ද වුණත් රගූ සමඟ විවාහ වෙන්න ඇය කැමති වෙලා. ඒ අනුව රගූ කියලා තියෙනවා කිසිම දෙයක් නැතිව තනිවම කිලිනොච්චි නගරයට එන්න කියලා.

නියමිත වේලාවට ඇය කිලිනොච්චි නගරයට ගියාම රගුත් සිය සහෝදරයා සමග ගිහින් එදාම ඇය සමඟ විවාහ වෙලා තියෙනවා. පෙම්වතිය රගූව සියැසින් දැකලා තිබ්බෙත් එදාමයි. නමුත් රගූ අද වනතුරුත් තම පෙම්වතිය ඇස් දෙකෙන් දැකලා නෑ. ඒ ඔහුට ඇස් පෙනීම අහිමි නිසා.

දැන් රගූ පියෙක්. බිරිය හා දියණිය ජීවත් කරවන්න රගූ ලොකු වෙහසක් ගන්නවා. විශේෂත්වය ප්‍රශ්න රැසක් මැද්දේ මේ පවුල ජීවත් වෙන්නේ ඉතාම සතුටින්.

රගූගේ බිරිඳ තම සැමියා ගැන මෙහෙම කිව්වා.

‘‘මෙයාට ඇස් පේන්නේ නැති නිසා අපේ ගෙදර අය කැමති වුණේ නෑ. ගෙදර අය කැමති වුණේ මාව හොඳ තැනකට විවාහ කර දෙන්නයි. නමුත් රගූ එක්ක ෆෝන් එකෙන් කතා කරද්දි මට තේරුණා ඔහු ගොඩක් හොද කෙනෙක් කියලා. ඔහු අවංක කෙනෙක් කියලා මට තේරුණා. ඒනිසා මම තීරණය කළා දෙමාව්පියො අකමැති වුණත් රගූත් එක්ක විවාහ වෙන්න. මටත් දැන් දුවෙක් ඉන්නවා. මගේ දෙමාපියන් මට තියෙන ආදරේට තමයි මෙයා එක්ක විවාහ වෙනවට අකමැති වෙලා තියෙන්නේ කියලා මට දැන් තේරෙනවා. ඒත් මං විවාහ වුණේ කැමැත්තෙන්. අදත් මම මෙයා එක්ක ඉන්නේ කැමැත්තෙන්. මෙයා මට ගොඩක් ආදරෙයි. අපි සතුටෙන් ජීවත් වෙනවා.’’ ඇය කීවාය.

අප සමඟ බොහෝ වේලාවක් කතා කළ රගූ අවසන් වශයෙන් මෙහෙමයි කිව්වේ.

‘‘හමුදාව සමඟ තරහක් නෑ. ඔවුන් සමග යාළුවන් විදියටයි ඉන්නේ. නමුත් අප වැනි ආබාධිතයන්ට ආණ්ඩුවෙන් ලැබෙන අවධානය අඩුයි. හිටපු එල්ටීටීඊ කෙනෙක් කියලා හංවඩු ගහනවට මං කැමති නෑ. දෙමළ සහ සිංහල ඕනෑම කෙනකුට තමන්ගේ ජාතිය ගැන හැඟීමක් තියෙන්න පුළුවන්. එය සාමාන්‍ය දෙයක්. අපිටත් තිබ්බා. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේ ඒ කාලේ කළා. දැන් ඒ සියල්ල ඉවරයි. ආයේ ඒවා කරන්නේ නෑ. අපිට දැන් ජීවත් වෙන්නයි ඕනැ. අපිට ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන්න කියලයි ඉල්ලන්නේ’’

තරිඳු ජයවර්ධන සහ
සිතුම් චතුරංග

එයා කෙඳිරි ගගා හිටියා මම එතැන තිබ්බ යකඩ රෝදයක් අරගෙන මුගේ ඔළුවට ගැහුවා මිතුරු වෙස් ගෙන පැමිණි මහා අපරාධයක පාපොච්ඡාරණය

එයා කෙඳිරි ගගා හිටියා මම එතැන තිබ්බ යකඩ රෝදයක් අරගෙන මුගේ ඔළුවට ගැහුවා මිතුරු වෙස් ගෙන පැමිණි මහා අපරාධයක පාපොච්ඡාරණය

හොඳම මිතුරා පස මිතුරා වන්නට ගතවෙන්නේ සුළු මොහොතකි. එමෙන්ම මිත්‍රත්වය වෛරයක් බවට පෙරලෙන්නට යන්නේද සුළු මොහොතකි. මෙවැනි ගජ මිතුරන් දෙදෙනකු අතර මාස කිහිපයකට පෙර ඇතිවූ සුළු අමනාපයක් අවසාන වන්නේ එකෙකුගේ ජීවිතයට අවාසනාවන්ත මරණයක් හිමිකර දෙමිනි. අනෙකාට ඒ මරණය සිදුකර නීතියෙන් ගැලවෙන්නට ද හැකි නොවිණි. සිය මිතුරා අමානුෂික අන්දමින් ඝාතනය කර සැඟවී සිටීමට ඔහු උත්සහ කළත් ඒ සඳහා ආයූෂ පැවතියේ දින දහයකටත් වඩා අඩු කාලයකි.

මෙසේ අබිරහස් අන්දමින් මියගොස් තිබුණේ මැදවච්චියේ පදිංචිව සිටි සුමුදු තරංග අල්ගේවත්ත නම් විසිපස් හැවිරිදි අවිවාහක තරුණ කරණවෑමියෙකි. ඔහුගේ නරක්වූ සිරුර අනුරාධපුර පුළියන්කුළම කෘෂි විද්‍යා පීඨය ආසන්නයේ පිහිටි පාළු වෙළෙඳසලක් පිටුපස තිබී හමුවන්නේ පසුගිය 17 වනදා සවස් කාලයේදීය. පාළුවට ගිය වෙළෙඳසල ආසන්නයේ පිහිටි නිවෙසකට පැමිණි කාන්තාවකට දුර්ගන්ධයක් දැනී ඒ බව නිවසේ හිමිකාරියගෙන් විමසා ඇත. එහෙත් නිවෙස් හිමි කාන්තාව ඇයට පවසා තිබුණේ එය සතෙකු කුණුවීම නිසා හමන දුර්ගන්ධයක් වියහැකි බවය.

පසුව එම කාන්තාව ඒ ආසන්නයේවූ දිවුල් ගසේ ගෙඩි කිහිපයක් අහුලාගෙන එම ස්ථානයෙන් නික්ම යාමට සුදානම් වනවාත් සමඟම එතැන තිබූ වෙළඳ සැල පිටුපස දොරෙන් පිටතට පැමිණ තිබූ අතක් දැක ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම පීඨයේ ආරක්ෂක අංශය දැනුම්වත් කර තිබුණි. එම දැනුම් දීමට අනුව ආරක්ෂක නිලධාරියෙක් වෙළඳ සැල තුළ පුද්ගලයකු මැරීවැටී සිටින බව පවසමින් ආරක්ෂක අංශය විසින් පොලිස් මූලස්ථානයේ සන්නිවේදන ජාලයේ 119 අංකය ට දැනුම් දීමක් සිදුකර තිබේ.

ඉන් අනතුරුව සිද්ධියවූ ස්ථානයට පැමිණි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් වහාම පරික්ෂණ ආරම්භකොට මියගිය පුද්ගලයා සුමුදු තරංග නමැති කරණවෑමියකු බවට හඳුනාගෙන තිබිණි. නොවැම්බර් 12 වනදා සිට ඔහු සිය සේවා ස්ථානයෙන් අතුරුදන්ව සිට ඇත. පසුව මේ පිළිබඳව මහෙස්ත්‍රාත්වරයා දැනුවත් කිරීමෙන් පසු එතැනට පැමිණි අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ.පී ශානක හර්ෂණ මහතා මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකර තරුණයාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීමට පශ්චාත් මරණ පරික්ෂණයක් සිදුකරන ලෙස අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය එච්.එම්.එස්.එම්.කේ.සේනානායක මහතාට නියෝග කළේය.

බෙහෙවින් නරක්වී තිබූ සිරුර සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ඔහුගේ මරණයට හේතුව මොට ආයුධයකින් හිසට පහරදීම නිසා සිදුවූ එකක් බවට නිගමනය කළේය. තරුණ කරණවෑමියා ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ කාර්ය පොලිස් නිලධාරින්ගේ කරමත පැටවුණේ ඉන් අනතුරුවය.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ සිදුකරන ලෙස අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා පොලිස් කණ්ඩායම් කිහිපයකට උපදෙස් හා නියෝග දුන්නේය.ඒ අනුව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ගිල්බට්ගේ විදානගමගේ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් ද සැකකරු සොයා මෙහෙයුමක් ඇරැඹීය.

ඒ අනුව අධිකරණ නියෝගයක් ලබාගත් නිලධාරීන් මරණකරුගේ ජංගම දුරකථනයට පැමිණි හා ඉන් පිට වූ දුරකථන ඇමතුම් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළේය. මරණකරු අතුරුදන්වු දිනයේ ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් නිරීක්ෂණය කළ විදානගමගේ මහතා හා කොස්තාපල් චන්දනට සැකසහිත හෝඩුවාවක් ලැබෙන්නේ ඉන් පසුවය.

ඒ මරණකරුගේ දුරකථනයට ලැබුණු ඇමතුම් දෙකක් සම්බන්ධයෙනි. ඉන් එක් ඇමතුමක් ලැබී තිබුණේ වඩේ වෙළෙන්දෙකුගෙනි. අනික ලැබී තිබුණේ ත්‍රිරෝද රථ රියදුරෙකුගෙනි. පසුව නිලධාරීහු තොරතුරක් දැනගැනීම සඳහා ඔවුන් දෙදෙනා සොයන්නට වූහ.

වැඩි කාලයක් ගත නොකොට මොවුන් දෙදෙනා සොයාගත් නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ නිලධාරිහූ ඝාතනයවූ සුමුදු සමඟ තිබෙන හිතවත්කම පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කළහ.

“නෑ සර් අපි කෝල් කළේ නෑ. එයා තමයි කෝල් එකක් ගන්න තියනවා කියලා අපේ ෆෝන් එක ඉල්ලගත්තේ. කෝල් ගත්තේ කාටද කියලා අපි දන්නෑ සර්.” ඔවුහු පොලිසිය හමුවේ පැවසුහ.

“අපේ සැකේ හරි සර් මිනිහා ප්ලෑන් කරලා තමයි වැඩේ දීලා තියෙන්නේ.” කොස්තාපල් චන්දන උප පොලිස් පරික්ෂක විදානගමගේට පැවසුවේය. ඝාතකයා විසින් ඝාතනය සැලසුම් සහගතව සිදුකර තිබෙන බව විදානගමගේ මහතා ඇතුළු පොලිස් නිලධාරින්ට ඒත්තු ගියේ ඉන් පසුවය.සැකකරු සුදුමහත්තයා නමින් හඳුනවන අයෙකි.

සුමුදු අතුරුදන්වූ දින සිටම ඔහුද අතුරුදන්වී ඇතිබව පොලිසියට දැන ගන්නට ලැබුණේය. ඔහු මොණරාගල ප්‍රදේශයේ ඥාති නිවසක සිටින බවට අනාවරණය කරගත් නිලධාරින් ඔහුව කොටු කරගැනීම සඳහා කිසියම් සැළස්මක් යෙදුවේ ඉන් පසුවය.

“අපි මොන උප්පරවැට්ටියක් දාලා හරි මේකව මෙහෙට ගෙන්න ගන්න ඕන. නිකමට හරි අපි මේක දන්නවා කියලා දැනුනොත් මිනිහා ගමෙන් පැන ගනියි.”විදානගමගේ සෙසු නිලධාරින්ට උපදෙස් දෙමින් කීවේය. ඒ අනුව පොලිස් නිලධාරින් උප්පර වැට්ටියක් යොදාගෙන සැකකාර සුදු මහත්තයා අනුරාධපුරයට ගෙන්වා ගැනීමට කටයුතු කළේය. ඒ අතරතුර සුමුදු හා සුදු මහත්තයා අතර තිබු සම්බන්ධය පිළිබඳව තොරතුරු ද පොලිසිය සෙවුවේය. මරණකරු හා සුදු මහත්තයා තදින්ම හෙරොයින් ඉරීමට ඇබ්බැහිවී සිටින බවක් නොවිසඳුණුු අපරාධ විමර්ශන අංශයට අනාවරණය වන්නේ ඒ අනුවය. දෙදෙනා මැදවච්චියේ පිහිටි හෙරොයින් විකුණන ස්ථානයකට ගොස් කුඩු බොමින් ගණිකාවන් ඇසුරු කර තිබෙන බව ද පොලිසිය අනාවරණය කර ගත්තේය. සුමුදුගේ බාබර් සාප්පුවේ තිබූ කොණ්ඩය කපන මැෂිමක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් සුදු මහත්තයාට චෝදනා එල්ලවී තිබුණු බවද නිලධාරින් තහවුරු කර ගත්තේය.

මේ නිසා සුමුදු විසින් සුදු මහත්තයා හෙරොයින් අලෙවිකරන බවට පොලිසියට ඔත්තු ලබාදී ඇති අතර ඉන් අනතුරුව දෙදෙනා අතර ආරවුලක් තිබූ බවත් සුදු මහත්තයාට කිසිදු බාබර් සාප්පුවක රැකියාවක් නොදෙන ලෙස සුමුදු හිතවතුන්ට දන්වා තිබෙන බවද පොලිස් කණ්ඩායමට තොරතුරු ලැබෙන්නට විය.

“ඕකට වැඩ දෙන්න එපා. ඕකා කුඩු ගහන්න බඩු හොරකම් කරනවා. මූ මගේ කොණ්ඩේ කපන හොඳම මැෂින් එකත් හොරකම් කළා.” යනුවෙන් සුමුදු විවිධ පුද්ගලයන්ට සුදු මහත්තයාට එරෙහිව චරිත සහතික නිකුත්කර තිබුණු බවත් සුදු මහත්තයා මුදල් සොරකම් කිහිපයකට සම්බන්ධවී පොලිස් අත්අඩංගුවට පත්වී ඇති අයකු බවද නිලධාරින් හෙළිදරව් කරගත්තේය.

ඒ අතරතුර මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි සුදුමහත්තයා පොලිසියේ උප්පරවැට්ටියට හසු වී අනුරාධපුර නගරයට පැමිණියේය. ඉන් පසු මිතුරන් කිහිප දෙනකු සමඟ මත්පැන් පානය කිරීම සඳහා ඔහු අනුරාධපුර රාමාකැලය ප්‍රදේශයට යන්නේ කිසිදු බියක් චකිතයක් නැතිවය. සුදුමහත්තයා අනුරාධපුරයට පැමිණ ඇති බව දත් කොස්තාපල් චන්දනද ඔවුන් මත්පැන් බොමින් සිටි රාමකැලය ප්‍රදේශයට යන්නේ කිසිවකුටත් නොදැනෙන පරිදිය.

මත්පැන් සාජ්ජය අවසන් කළ සුදු මහත්තයා වෙරි මතින් ඇලයාපත්තුවේ පිහිටි නිවසට ගොස් ඇති බව නිවැරදිව තහවුරු කරගත් කොස්තාපල් චන්දන වහා මේ බව සිය ස්ථානාධිපතිවරයාට දන්වා සිටියේය. නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සුදුමහත්තයා අත්අඩංගුවට ගැනීම සඳහා යන්නේ චන්දනගෙන් ලැබුණු ඒ තොරතුරු මතය. මත්පැන් පානයකර බමන මතින් සිටි සුදු මහත්තයාගේ වෙරි හිඳුණේ පොලිස් ජීප් රථය දුටු විටය. “ඇයි සර් මොකුත් ප්‍රශ්නයක්ද” ඔහු පොලිස් නිලධාරින්ගෙන් නොදන්නා අයුරින් අසන්නට විය.

“නෑ ලොකු ප්‍රශ්නයක් නෑ. පොඩි කට උත්තරයක් ගන්න තියෙනවා වරෙන් පොලිසියට යමු මල්ලී” උප පොලිස් පරික්ෂක විදානගමගේ මහතා සුදු මල්ලිට පැවසුවේය.”

“මල්ලී උඹ දන්නවද අපි ඇයි උඹව පොලිසියට ගෙනාවේ කියලා.”
“නෑ සර් මම දන්නෑ.” සුදු මහත්තයා කීවේය.
“සුමුදුගේ මරණය ගැන උඹ ගෙන් .පොඩ්ඩක් ප්‍රශ්න කරන්න ඕන. ඒ සමඟම සුදු මහත්තයාගේ ඉරියව් වෙනස් වන අයුරු පොලිස් නිලධාරිහු නිරික්ෂණය කළහ.

“මම මොකුත් දැන්නෑ සර්.” සුදුමහත්තයා නිලධාරින්ට කීවේය.
“හුඟක් දේවල් අපි හොයාගෙන තියෙන්නේ මලලි. අපිට බොරු කියන්න එපා. තමුන්ට ඇත්ත කියන්න කාලයක් දෙන්නම් නැත්නම් අමාරුවේ වැටෙන්න තමයි වෙන්නෙ.”

පොලිස් නිලධාරින් සුදුමහත්තයාට පවසන්නට විය. බමන මතින් සිටි සුදු මහත්තයාට ඝාතනය පිළිබඳ ඇත්ත පවසන්නට පොලිසිය කාලයක් දුන්නේය.

එමෙන්ම පොලිස් නිලධාරින් ඇසූ ඇතැම් ප්‍රශ්න හමුවේ නිරුත්තරවූ සුදු මහත්තයා නොදැනීම පොලිස් දැලේ පැටළුණේය.
“මල්ලි අපි ඔයාට කිසි කරදරයක් කරේත් නෑ කරන්නෙත් නෑ. අපිව අපහසුවට පත්කරන්නේ නැතුව ඇත්ත කියන්න පොලිස් කොස්තාපල් චන්දන ද ඔහුට කීවේය.

“ඔව් සර් මම තමයි සුමුදුව මැරුවේ” සුමුදු ඝාතනය කළේ මන්දැයි ඔහු නිලධාරින් ඉදිරියේ කියන්න පටන් ගත්තේ ඉන්පසුවය.

“සුමුදු මට හරියට හිරිහැර කරා. නමුත් මම තරහක් පෙන්නුවේ නෑ.පහුගිය 12 වෙනිදා උදේ මම සුමුදුට කථාකරා අපි සුපිරි ෆන් එකක් ගමු කියලා. වඩේ අයියගේ ෆෝන් එකෙනුයි ත්‍රිවිල් එකේ යාළුවෙකුගේ ෆෝන් එකත් ඉල්ලගෙන මම සුමුදුට කථා කළා.

“මම කිවුවා මම කුඩු ගේන්නම් හොඳ ෆන් එකක් ගමු කියලා. එදා උදේ මම පුළියන්කුලමේ පාළු කඩේට ගිහිල්ලා ප්ලෑන් කළා කොහෙදිද මූව මරන්නේ කියලා.

එතැන හොඳයි කියලා මම තිරණය කරලා දෙන්නම ආවා කුඩු ගහන්න. මම සුමුදුට දුන්න කුඩු උගුරක් බොන්න. සුමුදු පහත්වෙලා කුඩු උරද්දිම මම උගේ ඔළුව පැත්තට යකඩ පොල්ලෙන් ගැහුවා මිනිහා ඔළුව අල්ලගෙන ඇදගෙන වැටුණා.”

“මම කඩේ ඇතුලේ තිබ්බ බෝතලයක් අරගෙන එතැන නවත්තලා තිබුණ බයිසිකලේක නැගලා පැට්‍රල් ටිකක් ගන්න යාපනය හංදියේ ෂෙඩ් එකට ආවා. මම ප්ලෑන් කළේ සුමුදු ගිනි තියාගෙන මැරුණා වගේ පෙන්වන්න. තෙල් අරගෙන ඇවිල්ලා බලද්දී මූ මැරිලා නෑ. කෙඳිරි ගගා හිටියා. මම එතැන තිබ්බ යකඩ රෝදයක් අරගෙන ආයෙත් මුගේ ඔළුවට ගැහුවා. ඊට පස්සෙනම් මූ ඉවරයි කියලා මම දැනගත්තා. පස්සේ කඩේ අස්සේ තිබ්බ පරණ මෙට්ටෙට පෙට්‍රල් හළලා ගිනි තිබ්බා.”

“ඊට කලින් සුමුදු ළඟ තිබුණු චේන් එකයි පර්ස් එකයි ෆෝන් එකයි මම අරගත්තා. ගහපු යකඩ පොල්ල කැලේට වීසිකරලා ටවුමට ආවා. පර්ස් එකේ රුපියල් 3000 ක් තිබ්බා. ඒක අරගෙන පර්ස් එකයි ෆෝන් එකයි ගෙවල් ළඟ තියෙන මහමාන්කඩවල වැවට විසීකළා. සුමුදුගේ අයිඩෙන්ටි කාඩ් එක මහමාන්කඩවල තිබ්බ හුඹහකට දැම්මා.”

“සුමුදු ළඟ තිබ්බ රත්තරන් චේන් එක වයිෆ්ට දුන්නා උකස් තියලා සල්ලි ගන්න කියලා. එයා ඒක අනුරාධපුරේ උකස් තියලා රුපියල් 40000ක් අරගෙන තිබ්බා. මම ගෙදර යන්නේ දවස් තුන හතරකට පාරක්. මම කොළඹ ඉන්න බවක් තමයි ගෙදරට අඟවලා තියෙන්නේ සර්”

ඝාතනය සිදුකළ ආකාරය පිළිබදව සුදු මහත්තයා දීර්ඝ වශයෙන් පාපොච්චාරණය කළේය.

ඔහුගේ තොරතුරුවලට අනුව ඝාතනයට යොදාගත් යකඩ පොල්ල හා යකඩ රෝදය පොලිසිය සොයාගත් අතර මහමාන්කඩවල ප්‍රදේශයේ තිබෙන තුඹසක තිබී සුමුදුගේ හැඳුනුම්පතද සොයා ගැනීමට පොලිසියට හැකිවිය. සැකකරුවගේ බිරිඳ විසින් උකස්කර මුදල් ලබාගත් රන් මාලය ද සුදු මහත්තයා විසින් වැවට වීසිකළ සුමුදුගේ මුදල් පසුම්බිය හා ජංගම දුරකථනය ද සොයා ගැනීමට ද පොලිසිය කටයුතු කළේය.

සැකකාර සුදු මහත්තයා විවාහකයකු වන අතර ඔහුට මාස හයක දරුවකු සිටින බව පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව සැකකාර සුදු මහත්තයා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු දෙසැම්බර් මස හය වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

උපුටාගැනීමකි.

කොළඹ සිට කිලෝමීටර් 300ක් දුරින් ඇති ගැඹුරු පීඩන අවපාතය තවත් පැය කිහිපයකදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙයි ? මෙන්න කාලගුණ Map එක

කොළඹ සිට කිලෝමීටර් 300ක් දුරින් ඇති ගැඹුරු පීඩන අවපාතය තවත් පැය කිහිපයකදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙයි ? මෙන්න කාලගුණ Map එක

ඉදිරි පැය කිහිපයේදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි බලාපොරොත්තු වෙන්නේ. මේ හේතුවෙන් දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ තද සුළං ඇති විය හැකියි.

දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර් 90ත් 100ත් දක්වා වැඩි විය හැකියි.

මේ පිළිබද විස්තර මේ ලින්ක් එකන් ගිහින් බලන්න.

https://www.windy.com/?rain,8.141,78.794,7,m:dWraieR

යළි ඉපදී නෑයන් සෙවූ පේරාදෙණිය සරසවි සිසුවිය පෙරභවය පිළිබද හෙලිකල විශ්මිත කතාව මෙන්න

යළි ඉපදී නෑයන් සෙවූ පේරාදෙණිය සරසවි සිසුවිය පෙරභවය පිළිබද හෙලිකල විශ්මිත කතාව මෙන්න

Related image

පෙරභවයේ ප්‍රබල සාක්කි කියවන තවත් පාඨක මාපිය යුවළක් ඔවුන්ගේ දියණියක්ද පෙරභවය හෙළිකළ බැව් ප්‍රකාශ කරති. මෙතෙක් රහසිගතව තබා ගෙන සිටි එම දියණිය හෙළි කළ තොරතුරු විමර්ශනයක් කිරීමට එම මාපියෝ දැන් සුදානමින් සිටිති. එම මාපියන් පවසන පරිදි ඔවුන්​ෙග් දියණියද පෙරභවයේ තොරතුරු පහළ කිරීම අරඹා ඇත්තේ වයස අවුරුදු තුනේ පමණ සිටය.

රජයේ සේවයේ මාණ්ඩලික නිලධාරියකු ලෙස සේවය කළ එම දැරිය​ෙග් පියා සහ මව පදිංචිව සිටිනුයේ පොලොන්නරුවේය. පෙර භවය හෙළ කළ දැරිය සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ බාල දියණිය වේ. පොළොන්නරුව මහ රෝහ​ෙල් දී ඇය උපත ලබා ඇත්තේ 1989 අප්‍රේල් 29 වැනිදාය. පූර්ණිකා යනුවෙන් නම් ලද එම දැරිය පෙරභවය පිළිබඳව හෙළි කිරීම ආරම්භ වී ඇත්තේ මාපියන් පුදුමයට පත්වූ සිදු වීමක් මගිනි. ඇගේ සොහොයුරියන් සහ සොහොයුරන් විසින් පියාට අමතන ලද්දේ අප්පොච්චි යනුවෙනි.

ඔබ පවසන අන්දමට දියණියට වයස අවුරුදු තුනක් පමණ වියේදී දියණිය නිවසේ සිටියදී පියා අසලට යන ලෙස පවසා තිබේ. එක් වරම මව දෙස බැලූ පූර්ණිකා,

“එයා මගේ තාත්තා නෙමෙයි. මගේ තාත්තා ඉන්නෙ ගම්පොළ” යයි ප්‍රකාශ කළාය. දියණියගේ ප්‍රකාශයෙන් මවිතයට පත්වූ මව, දියණියගේ එම ප්‍රකාශය පිළිබඳව පියාටද හෙළි කළාය. දියණිය කිසියම් පෙරභවයක තොරතුරු හෙළි කිරීමක් සිදු කරන්නේද යන්න මාපියන්ට සැක සිතුණි. එහෙත් ඇය තවදුරටත් හෙළි කරන තොරතුරු කවරේද යන්න මාපියෝ විමසිල්ලෙන් පසු වූහ.
පවුලේ අනෙක් දරුවන් පියාට අප්පොච්චි යනුවෙන් අමතද්දී පූර්ණිකා පියාට අමතන ලද්දේ තාත්තා යනුවෙනි. ඒ වනවිට තාත්තා යනුවෙන් නිවෙසේදී භාවිත වීමක් සිදුවී නොතිබිණි. නැවතත් දිනෙක මව ඇමතූ පූර්ණිකා,

“මගේ තාත්තා ඉන්නේ ගම්​ෙපාළ” යයි කීවාය. දියණිය හෙළි කරන තොරතුරු පිළිබඳව තවදුරටත් දැන ගැනීමට මවට අවශ්‍යවිය. ඒ අනුව මව සිය දියණියගෙන් පුංචි විමසීමක් කළාය.

“ඔයා ගම්පොළ කොහේද?” මව ප්‍රශ්න කළ විට පූර්ණිකා එකවරම එයට පිළිතුරු දෙමින්

“මැටිපලාවේ” යයි පැවසුවාය. ඉන් නොනැවතුණ ඇය “මහපලාව කියලත් කියනවා. ඒ අම්මා ඔයා වගේ නෙවෙයි. ඒ අම්මා ලස්සනයි. එ් අම්මට රසට උයන්න පුළුවන්. එහෙදි බත් උයන්නෙ ගෑස් ළිපේ” යයි ද කීවාය. ඒ වනවිට පූර්ණිකා උපත ලබා සිටි නිවසේ ආහාර පිසීම සිදුකරනු ලැබුවේ දර ළිපේ පමණි. ගෑස් ළිපක් දැකීමට හෝ ගෑස් ළිපක ආහාර පිසීමක් හෝ ඇය නොදැන සිටියාය.
ගෑස් ළිපේ ආහාර පිසීමක් ගැන දියණිය හෙළි කිරීම මාපියන් තවත් පුදුමයට පත් කිරීමේ කරුණක් විය. ගෑස් උදුන්වලින් ආහාර පිසූ නිවෙසක ඇය ජීවත්ව සිට ඇති බැව් දෙමාපියන්ට අවබෝධ විය. ඇයට වරින් වර සිහිපත් වන පෙරභව තොරතුරු අනාවරණ කිරීම ඇගේ සිරිත වූවාය.

තවත් දිනක මව වෙත පැමිණි පූර්ණිකා දැරිය ඇගේ නිවෙසට යන ගමන් මාර්ග පිළිබඳ හෙළි කළාය.

“අපේ එහේ ගෙදරට යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් හොඳ පාර. අනෙක් එක කැලෑපාර” ලෙස හඳුන්වන බවද හෙළිකළ ඇය මාපියන්ට එම නිවෙසට යෑමට එන ලෙසද මෙම දැරිය ඉල්ලා සිටියාය. ඇය ඒ බැව් පැවසුවේ,

“ඔයගොල්ලො අපේ ගෙදර එන්න. එහේ අම්මට කියලා මම රසට බත් උයලා දෙන්නම්. ඒ එනකොට හොඳ පාරෙන් එන්න. කැලෑපාරෙන් එන්න එපා” යයි ඇය මාපියන්ට නිතර පවසා තිබේ. ඒ වනවිට පෙරභවයේ මතක සටහන් ඉතා හොඳ වචනයෙන් හෙළිකර ඇති දැරිය පවසා ඇත්තේ ඔවුන් ජීවත්වූ ප්‍රදේශයේදී මහවැලි ගඟේ ස්නානය කළ බවත්, ස්නානය කිරීම සඳහා ගඟට ගිය බවත් ඔවුන් ස්නානය කළ ස්ථානයේ නෑමට බැසීම සඳහා පඩි පෙළක් තනා තිබූ බවත් ඇයට මතක තිබිණි. ඇය ඒ බැව් පවසා ඇත්තේ,

“අපි එහෙදි නාන්නෙ මහවැලි ගඟේ. පඩි පෙළෙන් බැහැලා ගඟට යනවා.” යනුවෙනි. පෙර නිවස පිහිටි වත්තේ රතු පාට ගෙඩි වර්ගයක් සහිත ගසක් ඇති බවත් එම ගෙඩි වර්ගය ඔවුන් අනුභව කළ බවත් ඇය පවසා ඇත.

“අපේ ගේ ඉස්සරහ තිබුණ ගහේ රතුපාට ගෙඩි හැදෙනවා. අපි ඒවා කඩාගෙන කනවා. හරිම රසයි.” යනුවෙන් ඇය නිතර පවසා ඇත. මෙම දැරිය අනාවරණය කර ඇති පරිදි පෙරභවයේදී ඇය සරසවි ශිෂ්‍යාවක් ලෙස සිටි බැව් හෙළිවේ.

“මමයි අක්කයි දෙන්නම පේරාදෙණිය කැම්පස් එකට ගියා. අපිව තාත්තා කැම්පස් එක්ක යන්නෙ තාත්තාගෙ කාර් එකෙන්. ජීප් එකකුත් ගෙදර තිබුණා. එ්ක එළවපු මාමා හරි සැරයි.” යනුවෙන්ද ඇය පෙරභව තොරතුරු හෙළි කර තිබේ.

පූර්ණිකාගේ පියා පවසන අන්දමට ඇයට වයස අවුරුදු පහක් පමණ වන විටදී දිනක් ඔවුන් නාවලපිටිය ප්‍රදේශයට බස්රථයකින් ගමන් කර තිබේ. එසේ ගමන් කරමින් සිටියදී පූර්ණිකා බස්රියේ කවුළුවකින් හිස දමා අවට නරඹමින් යන අතරද පෙර භවයේ තොරතුරු හෙළි කර ඇත. කඳු සහිත ප්‍රදේශයක් පසුකර යන විට දී,

“ඒ ඈත පේන කන්දට එහා තමයි අපේ ගෙදර තිබුණේ.” යයි ද ප්‍රකාශ කර ඇත. දියණිය හෙළිකරන තොරතුරු පිළිබඳව සොයා බැලීමට ඒ දිනවල දෙමාපියන් උනන්දු නොවූහ. එම තොරතුරු සොයා යෑමෙන් දියණියට කිසියම් කරදරයක් වේයැයි දෙමාපියෝ සිතූහ. එහෙත් එදා දියණිය හෙළිකළ පෙරභවය සොයා ගැනීමට දෙමව්පියෝ දැන් කැමැත්ත පළකරති.

මෙම දැරිය අනාවරණය කළ පෙරභව තොරතුරු අතර ඇගේ පෙර භව ජීවිතය අවසන් වීම පිළිබඳව හෙළිකර නොමැත. ඇය පවසන්නේ පෙර භවයේදී සරසවි ශිෂ්‍යාවක් ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනීම ලබමින් සිටි බවකි. මාපියන් පවසන අන්දමට ඇය කුඩා කලදී ක්ෂණික තැති ගැනීම් නිතර සිදුවී තිබේ. මෝටර් රථවලට බියපත් වීමක්ද දක්නට ලැබි ඇත.

එහෙත් මෝටර් බයිසිකල්වලට ඇය මහත් ආශාවක් දක්වා ඇත. ඉතා කුඩා අවධියේ සිට පියාගේ මෝටර් බයිසිකලය පැදීමට උත්සාහ කළ බවත් වයස අවුරුදු දහයක් පමණ වනවිට ඇයට මෝටර් බයිසිකලය පැදීමේ හැකියාව තිබූ බවද පියා පවසයි. පවුලේ අන් දරුවන්ට වඩා ඇය තුළින් දක්නට ලැබූ විශේෂ හැකියාවක් ලෙස මෝටර් බයිසිකල් පැදීමට උපතින්ම දක්ෂ බවක් දක්නට ලැබී තිබේ. ඇය තුළ උපතින්ම දක්නට තිබූ තවත් විශේෂත්වයක් වී ඇත්තේ කුඩා කල සිට නැටුම් ඉදිරිපත් කිරීමය.

පෙරභව නිවසට රැගෙන යන ලෙස ඇය කුඩා කලදී නිතර මාපියන්ට ප්‍රකාශ කර ඇත. එහෙත් පියා ඒ පිළිබඳව කිසිදු උත්සාහයක් නොගත් බවත් එහෙත් දැන් එම තොරතුරු විමර්ශනයක් සඳහා දියණියද කැමැත්ත පළකරන බවත් අප සමඟ පැවසීය. ඒ අනුව ඔහු විසින් ඉදිරිපත් කර ඇති දියණිය අනාවරණ කළ පෙරභව තොරතුරු සටහන් කර ඇත්​ෙත් මෙ​ෙස්ය.

අපේ තාත්තා ඉන්නෙ ගම්පොළ
ගම්පොළ මැටිපලාවේ
මහපලාව කියලත් කියනවා.
අම්මත් ඉන්නෙ එහේ
අම්මා ගෑස් ළිපේ උයනවා.
ගෙදරට යන්න පාරවල් දෙකක් තියෙනවා
එකක් හොඳ පාරක්
අනෙක් එක කැලෑපාර
හොඳ පාරට ගේට්ටුවක් දාලා තියෙනවා
ගෙදර මිදුලේ රතුපාට ගෙඩි තියෙන ගහක් තියෙනවා.
ඒ ගෙඩි හරි රසයි
අපි නාන්නෙ මහවැලි ගඟෙන්
ගඟට බහින්න පඩි පෙළක් තියෙනවා
මමයි අක්කයි දෙන්නම පේරාදෙණියෙ කැම්පස් එකේ
තාත්තා කාර් එකෙන් අපිව කැම්පස් එකට එක්ක යනවා.
ජීප් එකකුත් තිබුණා
ජීප් එක එලවන්නෙ මාමා කෙනෙක්. එයා හරි සැරයි.

අපි හිටපු ගෙදර තිබුණෙ කන්දක් ළඟ යනුවෙන් එහි සඳහන්වේ.

පූර්ණිකා පෙරභවය පිළිබඳව අනාවරණය කළ තොරතුරු අතරින් ඇය පදිංචිව සිටි ගම් ප්‍රදේශය පැහැදිලිව හෙළිකර තිබේ. පෙරභවයේ මව ගැනත් නිවෙසේ ආහාර පිසූ අයුරුත් ඇගේ මතකයේ තිබී ඇත. ඒ වනවිට කිසිදිනෙක ගෑස් ළිපක් නෙදැක සිටි දැරිය පෙර භවයේ මව විසින් ආහාර පිසිනු ලැබුවේ ගෑස් ළිපේ බැව් නිතර හෙළිකර තිබේ. ඇය පවසා ඇති පෙරභව මතක සටහන් අතර ඇගේ පවුලේ ඇය සමඟ තවත් සොයුරියක් පේරාදෙණිය සරසවිසේ අධ්‍යාපනය ලබමින් සිට ඇත. ඇය විසින් සරසවි අධ්‍යාපනය ලැබූ බැව් ඉතා කුඩා කලදී හෙළිකරන ලද්දේ “අක්කයි මමයි කැම්පස් ගියා.” යනුවෙනි. ඒ වන විට නිවෙසේ කිසිවෙක් සරසවිය හෝ කැම්පස් යන වචනය හෝ භාවිත නොකළ බැව් පියා පවසයි.

පේරාදෙණිය කැම්පස් එක යනුවෙන් වදන් කිසිවිටෙකත් ඇයට ඒ වනවිට ශ්‍රවණය වීමට කිසිදු අවස්ථාවක් ලැබී නොමැත. ඒ පිළිබඳව පූර්ණිකාගේ පියා පවසන්නේ “අපේ ගෙදර කිසිම විටෙක කැම්පස් කියන වචනෙ භාවිතා වුණේ නෑ. විශේෂයෙන් ‘පේරාදෙණිය කැම්පස්’ එක යනුවෙන් දුව ප්‍රකාශ කළේ වයස අවුරුදු තුනේ පමණ සිටයි.” යනුවෙනි.

සරසවි සිසුවියකගේ පෙරභව ජීවිත තොරතුරු හෙළි කළ මෙම දැරිය දැන් බාහිර උපාධි අපේක්ෂිකාවකි. සමාජවිද්‍යාව, ජනසන්නිවේදනය සහ සිංහල ඇගේ උපාධි විෂයන් වී තිබේ. පෙරභව මතක සටහන් පිළිබඳව දැන් ඇගේ මතකය පිළිබඳව විමසීමට පසුගිය දිනෙක ඇය හමුවීමට අපට අවස්ථාව ලැබිණි. එහිදී ඇයට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඇය දුන් පිළිතුරු ඒ අයුරින්ම මෙසේය.

ප්‍රශ්නය:- ඔබ කුඩා කල හෙළි කළ පෙරභවය පිළිබඳව ජීවිත තොරතුරු තවමත් ඔබට මතකද?

පිළිතුර:- කුඩා කල කී බැව් මාපියන් පැවසූ තොරතුරු මතකයි.

ප්‍රශ්නය:- ඒ අතරින් ඔබ හෙළිකළ ගම්වල නම් මතකද?

පිළිතුර:- ඔව්

ප්‍රශ්නය:- ඒ මොනවාද?

පිළිතුර:- ගම්පොළ, මැටිපලාව සහ මහපලාව

ප්‍රශ්නය:- එවැනි ගම්වල නම් මෙම ජීවිතයේදී අසා තිබුණද?

පිළිතුර:- අසා තිබෙන්නෙ ගම්පොළ පමණයි.

ප්‍රශ්නය:- කුඩා කල සිට හෙළි කළ ජීප් රථයේ වර්ණය ගැන හෙළි කළා ද?

පිළිතුර:- ඔව්. ඒක රතුපාට ජීප්රියක් බැව් කී බව මතකයි.

ප්‍රශ්නය:- පෙරභවයේදී මව ගෑස් ළිපේ ආහාර පිසූ බව කීවාද?

පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- ඔබ ගෑස් ලිපක අාහාර පිසීම දුටුවේ වයස කීයෙදී පමණද?

පිළිතුර:- අපේ ගෙදර ගෑස් ළිපේ උයන්න ගත්තේ මට වයස 17 දී පමණ.

ප්‍රශ්නය:- ඔබ මහවැලි ගඟේ නාපු බවත් කුඩා කල පවසා තිබුණා. එය තවමත් මතකද?

පිළිතුර:- මතක නෑ.

ප්‍රශ්නය :- ඔබ මහවැලි ගඟට ගියාද?

පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- මේ ජීවිතයේදී මහවැලි ග​ෙඟ් ස්නානය කර තිබේද?

පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- මුලින්ම මේ ජීවිතයේදී මහවැලි ග​ෙඟ් නෑවෙ වයස කීයෙදී ද?

පිළිතුර:- වයස අවුරුදු 10 දී පමණ.

ප්‍රශ්නය:- එවිට ඔබට කිසියම් බියක් දැනුනද?

පිළිතුර:- නෑ.

ප්‍රශ්නය:- ඔබට බියපත් වීම් කිසිවක් තිබේද?

පිළිතුර:- ඔව්.

ප්‍රශ්නය:- ඒ මොනවාද?

පිළිතුර:- අධික ශබ්දවලට මා බියපත් වනවා. කුඩා කල සිටම ඒ බියපත් වීම තිබෙනවා. ශබ්දවලදී මා තිගැස්සී කම්පනයට පත්වනවා.

ප්‍රශ්නය:- කුඩා කල සිට ඔබ තුළ තිබූ විශේෂ හැකියා මොනවාද?

පිළිතුර:- කුඩා කල සිට මම නැටුම්වලට දක්ෂයි. නැටුම්වලට විශේෂ ලැදියාවක් තියෙනවා.

ප්‍රශ්නය:- ඔබ නැටුම්වලට හුරු වුණේ කෙසේද?

පිළිතුර:- උපතින්ම මට නැටුම්වලට පුදුම හැකියාවක් තියෙනවා.

ප්‍රශ්නය:- ඔබ කුඩා කල සිට නැටුම් ඉදිරිපත් කර ඇත්තේ කුමන වයසේ සිටද?

පිළිතුර:- වයස අවුරුදු තුනේ පමණ සිට.

ප්‍රශ්නය:- ඔබ දක්ෂවී ඇත්තේ කුමන නැටුම්වලට ද?

පිළිතුර:- උඩරට නැටුම්වලට

ප්‍රශ්නය:- නැටුම්වලට දක්ෂ වීම ගැන ඔබ සිතන්නේ කුමක්ද?

පිළිතුර:- උපතින්ම ලැබූ දක්ෂ බවත්, පෙර භවයේ සිට ගෙනෙන ලද දෙයක් කියා සිතනවා.

ප්‍රශ්නය:- පෙරභවයේ මිතුරන් හෝ පුද්ගල නම් කිසිවක් මතකද?

පිළිතුර:- මතක නෑ. යයි ඇය අප සමඟ පැවසුවාය.

ඇය ඉතාම කුඩා අවධියේ සිට විවිධ නැටුම් ඉදිරිපත් කරනු ලැබුවේ කිසිවෙකුගේ මඟ පෙන්වීමක් හෝ එවැනි දර්ශන දැකීමකින් තොරව බව මාපියෝද පවසති. ඇය පවසන්නේ පේරාදෙණිය සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටියදී පෙරභව ජීවිතය අවසන් වූ බවකි.

තිස්ස ජයවර්ධන

අයහපත් කාලගුණයෙන් 4ක් මරුට ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන මෙන්න අලුත්ම කාලගුණ තත්වය තත්වය

අයහපත් කාලගුණයෙන් 4ක් මරුට ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන මෙන්න අලුත්ම කාලගුණ තත්වය තත්වය

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟ, ගිංගඟ, කළුගඟ යන ගංගාවල පහළ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව නිල්වලා ගඟේ පිටබැද්දර, පානදුගම හා හපුගොඩ ස්ථානවලත්, ගිංගඟේ ‘තවලම’ ජල මිනුම් ස්ථානයේත් ජලය පිටාර මට්ටමට පැමිණ තිබෙන අතර අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයින පුරා ජිවිත හානි 4ක් වාර්තා වී තිබේ

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ පවතින නායයෑම් අවදානම් හේතුවෙන් රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය විසින් රතු නිවේදන නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයටත් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දමුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයටත් රතු නිවේදන නිකුත් කර ඇති බවයි නායයෑම් පර්යේෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධිර මහතා සදහන් කළේය.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල අවදානම් ස්ථානවලින් ඉවත්වන ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇති බව වසන්ත සේනාධිර මහතා පවසයි

රට වටා මහා වැසි සුලිසුලන් විපත් ඇතා මැරූ ශාපය නිසාද මෙන්න රටම කැලැබූ අභිරහස් කතාව

රට වටා මහා වැසි සුලිසුලන් විපත් ඇතා මැරූ ශාපය නිසාද මෙන්න රටම කැලැබූ අභිරහස් කතාව

අවුරුදු 30ක් පමණ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ හිටපු ලංකාවේ දිගම දළ දෙක හිමි ඇතා ලෙස නම් ලද සියඹලන්ගමුවේ ඇතා උඩවලව වනෝද්‍යානයට ගෙන යාමට උත්සාහ කිරිමේදී ලොරිය කඩාගෙන වැටි මියගිය පුවත ඔබට මතකද? අද වගේම එදත් නා කපන වැස්ස මුළු රත්නපුරයම යටවුනා

අදත් ඒ වගේ ලංකාවටම සම්පතක් වුන දළ පූට්ටුවා මැරුව අදත් ඒ වගේමයි යට වෙන්න වැස්සා දළ පූට්ටුවා මරපු සාපයද මේ වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව පහතින්

 

දැවැද්දට රුපියල් කෝටි 2700ක් දුන්නත් අදටත් කොල්ලෙක්ට සෙට් කරගන්න බැරිවුණු එකම කෙල්ල මෙන්න පුලුවන්නම් සෙට් කරගන්න

දැවැද්දට රුපියල් කෝටි 2700ක් දුන්නත් අදටත් කොල්ලෙක්ට සෙට් කරගන්න බැරිවුණු එකම කෙල්ල මෙන්න පුලුවන්නම් සෙට් කරගන්න මේක බලන ඔබත් අදම උත්සහා කරන්න හරි ගියොත් ඔබත් මේ ලෝකේ සිටින ප්‍රකෝටි පතියෙක් වෙයි

දකුණට නැවතත් ආපදා තත්වයක් ප්‍රදේශ රැසකට විශාල හානි මෙන්න දකුණේ නවතම තත්වය

දකුණට නැවතත් ආපදා තත්වයක් ප්‍රදේශ රැසකට විශාල හානි මෙන්න දකුණේ නවතම තත්වය

ඊයේ(29) රාත්‍රී පැවැති අධික වැසි සහ සුළං තත්වයන් නිසා දිවයිනේ ප්‍රදේශ ගණනාවකටම විවිධ අලාභ හානි සිදුව තිබේ. මේ අතරින් වැඩිම අලාභය සිදුවී ඇත්තේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්වලටය. මීට අමතරව බස්නාහිර, මධ්‍යම, ඌව යන පලාත් වලට ද විවිධ හානි සිදුවී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ කියති.

දකුණු පලාතේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට ගාල්ල දක්වා ප්‍රධාන මාර්ගයට ගස් අතු කඩා වැටී ඇති අතර නාගරික ප්‍රදේශවල ඇති නාමපුවරු සහ තාවකාලික ඉදිකිරීම් වහලවල් ආදිය ගසා ගෙන ගොස් ඇති අයුරු දැකිය හැකි විය.

මේ අතර දකුණු දිග දුම්රිය මාර්ගයට ගස් අතු ආදිය කඩා වැටීම නිසා ඊයේ රාත්‍රී අගනුවර සිට ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය පැය කිහිපයක් ප්‍රමාද වූ බව වාර්තා වේ.

කැලණිවැලි දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක දුම්රිය මාර්ගය ගස් අතු කඩා වැටීම දුම්රිය ධාවනයට සිදුවූ බාධා මේ වන විට කඩිනමින් යථා තත්වයට පත්කරමින් තිබෙන බව දුම්රිය පාලක මැදිරිය කියයි.

මේ අතර ඊයේ ඇතිවූ තද සුළං තත්වය නිසා කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථ සහ මෝටර් රථ තද සුලගට හසුවීම නිසා යාම නිසා රියදුරන්ට ඒවා පාලනය කර ගත නොහැකිව සුළු අනතුරු කිහිපයක් සිදුව ඇති බවද වාර්තා වි තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ.

මේ අතර ඊයේ රාත්‍රී අකුරළින් සහ හම්බන්තොටින් මුහුදු ගිය ධීවර යාත්‍රා කිහිපයක් සහ පුද්ගලයන් දොළොස්දෙනෙකු මේ වන විට අතුරුදහන්ව ඇති අතර ඔවුන් සොයා නාවික හමුදාව මෙහෙයුම් දියත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් නාවික හමුදා මධ්‍ය ප්‍රකාශක දිනේෂ් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටිනුයේ මේ වන විටත් මුහුදේ පවත්නා රළු ස්වභාවය මත නාවික හමුදා යාත්‍රාද දියත් කිරීම සිරුවෙන් කළ යුතු බවයි.

දුම්රිය සමාන්‍යාධීකාරී එස්.එම්.අබේවික්‍රම මහතා කියා සිටියේ ඊයේ ස්වභාවික ආපදා තත්වය නිසා කිසිදු දුම්රිය ගමන් වාරයක් අවලංගු කර නොමැති අතර ප්‍රමාදයන් කිහිපයක් පමණක් සිදුව ඇති බවය.

එහෙත් උඩරට දුම්රිය මාර්ගයේ පස්කඳු කඩා වැටීම හේතුවෙන් එහි දූම්රිය ධාවනය මේ වන විට නානුඔය දක්වා පමණක් ධාවන වන බවද ඔහු කීය.

මේ අතර ඊයේ පැවැති අධික සුළඟ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ බොහොමයක විදුලිය විසන්දි වීම් වාර්තාවන අතර ඒවා තවමත් යථා තත්වයට පත්ව නැත. එනිසා ඉන් රෝහල් කාර්යාල සහ ව්‍යාපාර කටයුතු තවමත් අඩාලවී තිබේ.

මේ අතර දැනට පවත්නා අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම සහ ඌව පලාත් වල සියළුම පාසල් අද වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කොට ඇත.

මේ අතර බස්නාහිර පලාතට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට දහනම දෙනෙකු පමණ ශ්‍රී ලංකා ජාතික රෝහලට සහ කළුබෝවිල ශීක්ෂණ රෝහල ඇතුල් කොට ඇති බව එහි ප්‍රකාශකයෙක් කීය.

ඊට අමතරව ඉදිරියේ දී සිදුවිය හැකි ආපදා තත්වයන් සදහා පොලීසිය සූදානමින් තබන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ රාත්‍රී පොලිස්පති වරයාට නියෝග කොට තිබේ.

එමෙන්ම ඉදිරි පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවට සුළි සුලඟක් පැමිණෙතැයි යන මතයක් සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරය වන අතර ඒ සමබන්ධයෙන් ආපදා කළමණාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා පවසනුයේ එවැනි සුළි සුළං තත්වයක් පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් හෝ දේශීය වශයෙන් කිසිදු අනාවැකියක් පළවී නොමැති බවය.

කෙසේ හෝ දැනට පවත්නා අයහපත් කාලගුණික තත්වය මත තද සුළං කඳු කඩා වැටීම් වැනි ආපදා තත්වයක් ඇතිවීමේ අවදානයක් ඇති බැවින් ඒ පිළිබඳව මනා විමසුමකින් පසුවන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

සහන් සංකල්ප සිල්වා

වික්ටර් කරපු වැඩේ කිසිම වරදක් නෑ ලංකාවේ කොච්චරම් සල්ලි තියෙන වයසක වෙන ගෑනු එක්ක ඉන්නවද

වික්ටර් කරපු වැඩේ කිසිම වරදක් නෑ ලංකාවේ කොච්චරම් සල්ලි තියෙන වයසක වෙන ගෑනු එක්ක ඉන්නවද

මොනවද ඔබේ අලුත්ම තොරතුරු…?
මම රඟපෑ “නවරියන්” චිත්‍රපටය සහ තවත් චිත්‍රපට කිහිපයක් ඉදිරියේදී එන්න තියෙනවා. ඒ වගේම තවත් චිත්‍රපට කිහිපයකත් වැඩ භාර අරගෙන තියෙනවා.

ඒ කියන්නේ රෙක්ස් කොඩිප්පිලි කියන්නේ තවමත් කාර්යබහුල නළුවෙක්…
මම කැමැත්තෙන්ම කාර්යබහුල වෙන නළුවෙක් විදිහට හැඳින්වුවොත් නිවැරදියි.

ඇයි ඒ…?
මගේ බිරිඳගේ වියෝවීමත් එක්ක දැනෙන පාළුව මම මගහැර ගන්නේ රංගන කටයුතුවල නිරත වෙලයි.

එතකොට දරු මුනුපුරෝ එක්ක ඔබේ සමීප සම්බන්ධයක් නැද්ද?
මගේ දුවලා ඉන්නේ විදේශ රටවල. මම ඉන්නේ පුතා ළඟ. දරු මුනුපුරන් තමයි මගේ තනිය මකන්නේ. ඒත් රඟපෑම් කටයුතු වෙනුවෙන් කාර්යබහුල වෙන එක මනසට හොඳයි.

දැන් ඔබේ වයස කීයද?
ම්… හැත්තෑව දශකය ගෙවමින් සිටිනවා කියමුකෝ.

ඔබ රඟපාන “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යය ගැන ඔබට මොනවාද කියන්න තියෙන්නේ.?
ඒක ගොඩක් ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. මම රඟපෑ චිත්‍රපට බොහොමයක් වාණිජ චිත්‍රපට. මම කලාත්මක සිනමාව හෙළා දකිනවා ‍නෙවෙයි. ඒත් ඔය කලාත්මක කියන නිර්මාණ මිනිස්සු බලන්නේ නැත්නම් වැඩක් නැහැ නේද? මිනිස්සු චිත්‍රපට, ටෙලි නාට්‍ය තුළින් සැබෑ ලෝකේ නැති දේවල් දකින්න, සිතින් අත්විඳින්න කැමැතියි. ඒ හින්දයි සරල විනෝදාත්මක චිත්‍රපට හා ටෙලි නාට්‍ය ජනප්‍රිය වන්නේ. ඒ වගේ නිර්මාණවලට දායක වෙන්න මමත් කැමැතියි.

ඒ ජනප්‍රියත්වය වැඩි කරගන්න හිතාගෙනද චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍යවලත් පසුව මියුසික් වීඩියෝවලටත් දැන් ඇවිත් තියෙන්නේ…
මම මේ වන විට මියුසික් වීඩියෝ දෙකක රඟපාලා තියෙනවා. චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, මියුසික් වීඩියෝ ඔය හැම එකේම අපි කරන්නේ රඟපෑම. මම ඉතින් රඟපාන්න නම් මට ඔය හතරම එකයි.

ඔබේ සහෝදර නළු විල්සන් කරු මියුසික් වීඩියෝ එකක් හින්දා පසුගිය කාලයේ අපහසුතාවට පත්වුණා. ඔබටත් එවැනි අත්දැකීමකට මුහුණ දෙන්න වුණොත්…
ඇයි කරුට මොකද වුණේ. මම දන්නේ නැහැ…

වැඩිහිටි සංගීතවේදියෙක් හා තරුණ කාන්තාවක් අතර ආදර කතාවක් ඇතුළත් මියුසික් වීඩියෝ එකක කරු රඟපැවා. එය වික්ටර් රත්නායකගේ ජීවිත කතාව ඇසුරින් කළ එකක් බවට ආන්දෝලනයක් ඇති වුණාම කරු පැවැසුවේ ඒ ගැන කලින් දැන නොසිටි බව, හැබැයි වික්ටර්ට අපහාස කරන්නට දායක වූවා කියලා විල්සන් කරුටත් යම් යම් දෝෂාරෝපණ එල්ල කළ අය සිටියා.
තමන්ගේ දුවලගේ වයසේ පෙම්වතියන් ඉන්න ජනප්‍රිය කලාකාරයෝ අපේ රටේ ඕනෑතරම් ඉන්නවා. තැන්තැන්වල දරුවෝ ඉන්න ජනප්‍රිය කලාකාරයෝ ඉන්නවා. හුඟ දෙනෙක් හොරෙන් කළාට වික්ටර් නීත්‍යනුකූලව නිවැරදිව ඒ දේ කළා. මම නම් වික්ටර් කළ දේ කිසිදු වරදක් දකින්නේ නැහැ. ඒ සිදුවීම අළලා වීඩියෝවක් කළා නම් සහ එය වික්ටර්ට අපහාස වන එකක් නම් කරු කීයටවත් ඊට සම්බන්ධ වන්නේ නැහැ. මොකද කරුගේ හැටි මම දන්නවා.

ඔබටත් ඒ රැවටීමට ලක්වන්නට වුණොත්…
මම රඟපාන්න යන්නේ කතාව ගැන හොඳහැටි අහලායි.

ඔබේ අලුත්ම මියුසික් වීඩියෝ එකේ කතාව මොකක්ද?
මගේ දියණිය ගායකයකු සමග සමීප ඇසුරක් තියෙනවා. මම දුවත් එක්ක ඒ පුද්ගලයා සිංදු කියන තැනට යනවා. මම ඒ සම්බන්ධයට අකමැති වනවා. පස්සේ ඒ තරුණ ගායකයා දුවත් එක්ක ඉන්නවා අතටම අහුවෙලා මම පහර දෙනවා. ඕක තමයි කතාව.

ඒත් අන්තර්ජාලයේ ඔය ගීතය හඳුන්වලා තිබුණේ වෙනත් විදියට. මහලු සැමියා තරුණ බිරිඳ හා ඇගේ අනියම් පෙම්වතා වන ගායකයාගේ කතාව විදියට අඟවලා මේ වීඩියෝ එකත් විල්සන් කරු රඟපෑ වීඩියෝ එක වගේද කියලා පැනයක් ඉතුරු කරලයි ඒ හැඳින්වීම කරලා තිබුණේ…
ඒ විදියේ පැනයක් අහලා තිබුණට මේක ඒ වගේ වීඩියෝ එකක්ද කියලා සඳහන් කරලා නැහැනේ. මේකේ මම ඒ තරුණ නිළියගේ තාත්තා. චිත්‍රපට ටෙලි නාට්‍ය වගේ නමෛයි මියුසික් වීඩියෝ එක කරන්නේ තරුණ ළමයි. ඒ අයගේ අදහස් විවිධයි. ඒ හින්දා හොයලා බලන්නේ නැතුව මම මියුසික් වීඩියෝවල රඟපාන්න යන්නේ නැහැ.

ආරියවංශ කුලතිලක

ජංගි සොරකමේ යනවා කියනඒක හොරකමක් නෙවෙයි මම ලබන අවුරුද්දේ මුල බදිනවා – පුබුදු

ජංගි සොරකමේ යනවා කියනඒක හොරකමක් නෙවෙයි මම ලබන අවුරුද්දේ මුල බදිනවා – පුබුදු

පුබුදු චතුරංග කියන්නේ වර්තමානයේ ප්‍රතිභාපූර්ණ තරුණ රංගන ශිල්පීන් අතරින් ඉදිරියෙන්ම සිටින නළුවෙක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එපමණක් නොවෙයි ඔහු හොඳ රංගනයක් වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාරගන්නා විදිහේ රංගන ශිල්පියෙක්. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකගේ නවතම චිත්‍රපටය වන අන්ඩර් පෑන්ට්ස් තීෆ් එසේත් නැත්නම්
ජංගි හොරා නමැති චිත්‍රපටයේදීත් පුබුදුට වෙනස්ම විදිහේ චරිතයක් ලැබි තිබෙනවා. තවමත් ලාංකේය ප්‍රේක්ෂකයන්ට
රස විඳින්නට නොලැබුණු එම චිත්‍රපටය පසුගියදා බූසාන් අන්තර්ජාතික සිනමා උළෙ‍ලේදීත් ප්‍රදර්ශනය කෙරුණා.

බොහෝ විට රිදී තිරයේ පෙම්වතා විදිහට දැකපු පුබුදුට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක වෙනස්ම විදිහේ අභියෝගයක් ලබා දුන්නා කියලා ආරංචියි?
ඔව්. සෝමරත්න දිසානායක කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයා සමග වැඩ කරන එක මට ගොඩක් විශේෂ අත්දැකීමක් වුණා. නමුත් ඒ විතරක් ‍නෙවෙයි එහි තිබෙන විශේෂත්වය. අන්ඩර් පෑන්ට්ස් තීෆ් චිත්‍රපටයේ මට රඟපාන්න තිබුණෙත් වෙනස් විදිහේ චරිතයක්.

චිත්‍රපටයෙන් කියැවෙන්නේ අමුතුම විදිහේ හොරෙක් ගැනයි කීවොත් නිවැරදි නේද?
හොරෙක් කිව්වට ඔහු හොරෙක්මත් ‍නෙවෙයි. ඔහු එක්තරා මානසික ව්‍යාධියකින් පෙළෙන තරුණයෙක්. ඒ වගේම ඔහු සංගීතඥයෙක්. තමන්ගේ මානසික ව්‍යාධිය නිසා මේ තරුණයා යට ඇඳුම් හොරකම් කරන්නත් පෙළඹෙනවා.

මේ විදිහේ වෙනස් චරිත බාරගනිද්දී ඒ ගැන දෙපාරක් හිතන්නේ නැද්ද?
වැඩිපුර ඒ ගැන කතා බහ නොකෙරුනාට මේ වගේ මානසික ව්‍යාධිවලින් පෙළෙන අය සමාජයේ ඉන්නවා. රංගන ශිල්පියෙක් විදිහට සමාජයේ ජීවත් වන චරිතම තමයි අපි ප්‍රති නිර්මාණය කරන්නේ. අපේ රඟපෑම් දැකලාවත්, විවිධ අඩුපාඩු තියෙන අය ඒවා නිවැරදි කරගන්නවා නම් ඒකත් ලොකු දෙයක් කියලයි මට හිතෙන්නේ.

වෙනස් විදිහේ චරිත තෝරා ගනිද්දී පෙම්වතියගෙන් එහෙම බලපෑමක් නැද්ද?
අ‍පොයි නෑ. මොකද, ඇය මගේ පෙම්වතිය වෙන්න කලින්නේ මම නළුවෙක් වුණේ.

මේ දිනවල තිරගත වන සීමා නෑ ආකාසේ චිත්‍රපටයෙන් නම් පුබුදු සම්ප්‍රදායික පෙම්වතා විදිහටමයි නේද ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්නේ?
එහෙම කියන්න බෑ. ඒක බොහොම සංකීර්ණ මනෝ භාවයකින් යුත් පෙම්වතකුගේ චරිතයක්. ඒ විතරක් ‍නෙවෙයි ඒ චිත්‍රපටයෙනුත් සමාජයට වැදගත් පණිවුඩයක් ලබා දෙනවා.

සිනමාවෙන් වැඩිපුර ජනප්‍රිය වුණාට ඔබ වේදිකාවත් අමතක නොකළ නළුවෙක්?
ඔව්. නරි බුරති, ජයසිරිට පිස්සු සහ ඒකා සාක්කුවේ නමැති වේදිකා නාට්‍ය තුනත් එක්ක මම මේ දිනවල රට වටේ යනවා.

වේදිකා නාට්‍ය වෙනුවෙන් කළ යුතු කැපවීම සහ වැය කළ යුතු කාලය වැඩි වීම වගේ හේතු නිසා බොහෝ නළු නිළියන් වේදිකාවේ රැඳෙන්න කැමති නැහැ. ඇයි ඔබ ඊට වඩා වෙනස් මගක යන්නේ?
හුඟක් නළු නිළියෝ එවැනි අදහස් දරන බව ඇත්ත. නමුත් මම විශ්වාස කරන විදිහට රංගන ශිල්පියෙක් තමන්ගේ කුසලතා වැඩි දියුණු කරගන්න වේදිකාවේ අභ්‍යාසය ලබා ගත යුතුයි.
වේදිකාවේ රංගනයෙන් ලැබෙන පන්නරය ටෙලි නාට්‍යයවල රඟපාලා ලබාගන්න අමාරුයි. ඒ නිසයි මම වේදිකාවට ගොඩාක් ආදරය කරන්නේ.

මේ දිනවල සිනමාව පැත්තෙන් නියැළි සිටින වැඩ කටයුතු ගැනත් කතා කරමුද?
ආසයි මං පියාඹන්න, සුවඳ දැනුණා ජීවිතේ, සහ කුස පබා වැනි ආකර්ෂණීය චිත්‍රපට තිරයට ගෙනා අලංකුලම චිත්‍රපට ඉදිරිපත් කරන අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම්වලට මේ දිනවල මම දායක වෙනවා. චිත්‍රපටයේ නම ආදර හීනය. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මමයි. ඒ විතරක් ‍නෙවෙයි, එහි තිර රචනයත් මගේ. මේ චිත්‍රපටයෙන් ලංකාවේ සිනමා රසිකයන්ට ලබන වසරේදී දැවැන්ත සිනමා අත්දැකීමක් ලබාගත හැකි වෙනවාට සැකයක් නැහැ.

එතකොට පුබුදුගේ පෞද්ගලික ජීවිතයේ වෙනසක් වෙන්නේ කවදාද?
විවාහ මංගලෝත්සවය ලබන වසරේ මුල් භාගයේදී විතර පවත්වන්න මමත් මගේ පෙම්වතියත් මේ වෙන කොට සැලසුම් කරලයි තියෙන්නේ.

කිෂාන් කනංකෙ