මිනිසුන්ගෙන් පැටවා බේරාගන්න සටන් කර දරු සෙනෙහසින් හදවත පැළී මියගිය ඇතින්ක් පිළිබද සංවේදී කතාව මෙන්න

මිනිසුන්ගෙන් පැටවා බේරාගන්න සටන් කර දරු සෙනෙහසින් හදවත පැළී මියගිය ඇතින්ක් පිළිබද සංවේදී කතාව මෙන්න

අලි අල්ලා ගැනීම ලෙහෙසියෙන් සිදු කළ හැකි කටයුත්තක් නොවේ. මහා වනයේ කිසිවකුටවත් යටත් නොවී නිදහසේ ජීවත් වන සද්දන්තයන් උපක්‍රමශීලීව ගාලක් තුළට කොටු කර ගැනීම ඇඟේ පතේ හයි හත්තිය ඇති අයට පමණක් කළ හැකි ක්‍රියාවකි. අලි රංචුව කොටුව තුළට ගාල් කර ගත් පසු ඊළඟට කළ යුතු වන්නේ උන් හීලෑ කර ගැනීමය. ඒ සඳහා ක්‍රම දෙකක් යෙදවේ. පළමුවැන්න කෑමට කිසි දෙයක් නොදී උන් බෙලහීන කර ගැනීමය.

ඉන් පසු හීලෑ කර ගත් අලින් ලවා පහර දී අඩපණ කර ගැනීමය. හාමත්ව අඩපණව සිටින අලි ඇතුන්ට මදු ගසා හෝ දම්වැල් දමා කොටුව තුළ ඇති ගස්වලට තබා බඳින්නේ ඉන් පසුවය. මේ කටයුතු සියල්ලම අමානුෂිකය. අද කාලේ නම් සත්ව හිංසා නීති ඇතත් එදා ඒ කිසිත් නොතිබිණ. බ්‍රිතාන්‍යයෙන් මෙරටට පත් කර සිටි ඉහළම බලධාරියා වූ ආණ්ඩුකාරවරයා පවා අලි අල්ලන ත්‍රාසජනක කටයුත්ත නරඹා විනෝදයක් ලබා ගැනීමට එහි ගිය බවට වාර්තා වී ඇත.

බ්‍රිතාන්‍ය ලේඛක ජෝන් ෆර්ගසන් 1882 වසරේ ලබුගම කන්ද ප්‍රදේශයේ තිබූ ඇත්ගාලක් ගැන ඔහු ලියූ පොතට ඇතුළත් කර ඇති මෙම පරිච්ඡේදය තම සඟයන්ගේ නිදහස පතා ඇතින්නක කළ වීර සටනක් ගැන කම්පා කරන විස්තරයක් ගෙන එයි.

“හීලෑ අලි ඇතුන් හතර දෙනකු යොදාගෙන අලි රංචුවක් අල්ලා ගැනීමට අපේක්ෂා කරන බව චාර්ල්ස් ද සොයිසා මහතා අප සමග කියා සිටියේය. ඔහු යටතේ සිටි එක් ඇතින්නක වසර 80ක් වයසය. ඔහු ඇයට නම් තබා ඇත්තේ සිරිවල නමිනි. විශාල දළ යුගලක් තිබූ එම ඇතින්න සුවිසල් සිරුරකින් යුතු වුවද ඇය සිටියේ වැහැරෙමිනි.

එහෙත් වල් අලින් අල්ලා ගැනීම සඳහා ඇය ප්‍රයෝජනවත් වනු ඇත්තේ මෙම වල් අලින්ට හීලෑ අලින් යොදවා පහර දී හීලෑ කර ගන්නා නිසා ඇයට එය කළ හැකි වනු ඇත. අලි ඇතුන්ට අර්ධ ලෙස තර්ක කළ හැකි යැයි මතයක් වේ. අලි ඇත්තු බුද්ධිමත් බව ලාංකිකයෝ කියති. එය යම් හීලෑකමක් වන්නට ඇත. මෙම ඇතින්න ඇගේ ගොව්වා දෙන ඕනෑම විධානයකට යටත් වන බුද්ධිමත් ඇතින්නකි.

සොයිසා මහතා සතුව සිටි තවත් හස්තියකු වන රාජා “සිරිවල” ඇතින්නට වඩා අඩකින් පමණ කුඩාය. එහෙත් ශක්තිමත්ය. මෙම අලියා ඔහු මිලදීගෙන ඇත්තේ පවුම් සියයක මිලක් ගෙවාය. “සිරිවල” ඇතින්න මිලදී ගෙන ඇත්තේ රාජා මිලදී ගත් මිලට වඩා අඩක් අඩු මුදලින් බව ඔහු කීවේය. එහෙත් මෙම හස්තියා තවම තරුණය. වැඩි වියට පත් වූ විට ඔහු පරිපූර්ණ හස්තියකු වනු ඇත.

චාර්ල්ස් ද සොයිසා මහතා මෙම අලි ඇතුන් නඩත්තු කරන්නේ ඔහුගේ වෙනත් දේපොළ වලිනි. ඔහු ඒ වන විට මහා මාර්ග තැනීමේ කොන්ත්‍රාත්තු කරමින් සිටියේය. ප්‍රවාහන කටයුතුවල යොදවා ඇති කරත්ත සිය ගණනක් ද ඔහුට විය. රජයේ කැලෑ කපා රජයේ ගබඩාවට විකිණීමේ කොන්ත්‍රාත්තු ද ඔහු ලබා ගත්තේය. මේවායෙන් අතිවිශාල මුදලක් ඔහුට ලැබුණි. අලි ඇතුන් නඩත්තුවට ඒ මුදල් යෙදවිනි.

රාජා බලා ගන්නා ඇත් ගොව්වා අපූරු කතාවක් අපට කීවේ අසා සිටි අය මවිතයට පත් කරමිනි. රාජාට එතරම් වයස නැත. වයස අවුරුදු පහළොවක් විස්සක් පමණ වන්නට ඇත. එහෙත් ඌ ශක්තිමත්ය. බිම දැමූ ඕනෑම දෙයක් ක්ෂණයකින් සොයා ගැනී​ෙම් හැකියාවක් ඌට ඇත. දිනක් ඇත් ගොව්වා පැන්ස තුනේ කුඩා කාසියක් බිම දමා එය සොයන්නැයි රාජාට අණ කළේය.

වනයේ තණ බිම මැද කාසියක් සෙවීම අසීරු කටයුත්තකි. එහෙත් රාජා ඒ අභියෝගය ජය ගත්තේය. ටික වෙලාවක් තම හොඬය​ යොමා ඉව අල්ලා බැලූ රාජා තවත් ටික වෙලාවකින් කාසිය සොයා ගෙන එය තම හොඬයෙන් ගෙන පිට උඩ සිටි ඇත්ගොව්වාට දුන්නේ ඔහු මවිතයට පත් කරමිනි. රාජා දැන් මේ සෙල්ලම දිගින් දිගටම කරයි.

එදින අපි අලි හීලෑ කර ගන්නා අන්දම මනා ලෙස දැක ගතිමු. එය අපගේ වුවත් සිත් ත්‍රාසයට පත් කළ මොහොතක් බව නොලියා නොහැකිය. ඒ මොහොත අපට අලි ඇල්ලීම ගැන විස්තර කරමින් සිටියේ එක්නැලිගොඩගේ දෙවැනියා වූ එල්ලාවලගේ අත වැසියකු වන බ්‍රීචස් සහ රන්හාමි විසිනි. ගාලු නගරයේ සිටි ලාංකිකයන් අතරින් දිග කලිසම් වැනි ඇඳුමක් හැඳ සිටියේ බ්‍රීචස් හා රන්හාමි පමණය. එය හැඳින්වූයේ ‘සරුවාලය’ නමිනි. ඔවුහු අප අසල නිතර ගැවසීමට ද කැමැත්තෙන් සිටියහ.

හීලෑ කරගත් අලි ඇතුන් යොදා වන අලින්ට පහර දෙන අන්දම දැඩි සිතක් ඇති අයකුගේ පවා හදවත මෙලෙක් කිරීමට සමත් වන්නේය. මෙතෙක් කිසිම මිනිසකු දැක නැති රූස්ස වනයේ සිටින අලි ඇත්තු එක් වරම කොටුවක් තුළට කොටු කර ගත් පසු එම අලි හීලෑ කර ගන්නේ ඔවුන්ට කෑමට හෝ බීමට කිසිත් නොදී අනතුරුව හීලෑ අලින් යොදවා ඔවුන්ට පහරදීමෙනි.

මෙම පහර අඩපණ වූ සතුනට දරා ගැනීමට අසීරු එකකි. බොහෝ සත්තු මෙම පහර දීමේදී අසීරුවෙන් ඒ මේ අත දුවති. මහ හඬින් කෑ ගසති. දේශීය ජනතාව අපට කීවේ මෙම හඬ වැලපීමක් කියාය. හීලෑ කර ගත් අලි ඇතුන් අඩපණව සිටින වල්අලින්ගේ හිසට තම හිස තද කර ගෙන තල්ලු කරගෙන යද්දී දුර්වල වී සිටින අලි ඉබේම යටත් වෙති. මේ සියල්ල කෙරෙන්නේ මහත්​ ඝෝෂාවක් මැදය.”

ෆර්හසන් මෙම සටහන අවසන් කරන්නේ නිදහස පතා සටන් කළ ඇතින්නක් පපුව පැලී මියයාමේ දුක්මුසු කතාන්දරය ද සමගය.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරා ද බලා සිටි ඒ මොහොතේ ඇතින්න වීර සටනක් කර දිවි පිදුවද එදා කිසිවකුත් ඇත්ගාල නතර කළේ නැත.

ජෝන් ෆර්ගසන් එදා නිදහස පතා සටන් කළ ඇතින්න ළය පැලී මිය ගිය හැටි මෙසේ සටනක් කරයි.

“තවත් ඝෝෂාවක් ඇසුණෙන් අපි අට්ටාලයේ නැගී ගාල අසලට ගියෙමු. එම අට්ටාල තනා තිබුණේ ගාලට සමාන්තරව තිබූ දැවැන්ත ගස්වල එක්තරා උසකින් ලි දඬු බැඳ යටින් ඉණිමඟක් දිගේ එයට නැගිය හැකි ආකාරයටය. මෙම අට්ටාල සවි ශක්තිමත්ය.

මෙවැන්නක සිට පහත බැලු විට අලි ගාලේ බොහෝ ප්‍රදේශයක් දර්ශනය වේ. සිදු වන දේ ද එහි සිට හොඳින් බලා ගත හැකිය. හදිසියේ ගාලේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වුව හොත් අලියකු ගාල කඩා පැන ගිය හොත් අට්ටාලයේ සිටින්නන්ට අනතුරක් සිදු නොවේ. එහෙත් මෙවැනි අට්ටාලයක සිටිය හැක්කේ වැඩි මුදලක් ගෙවීමෙනි. සාමාන්‍ය නරඹන්නන් ලෙස එන ජනයාට මෙවැනි උසක සිට අලිගාල නැරඹිය නොහැකිය.

ඝෝෂාව ඇසුණේ අලි රංචුවක් ​කොටු කර ගත් නිසාය. විශාල ඇතකුද, ඇතින්නක සහ මධ්‍යම ප්‍රමාණයේ අලි පස් දෙනෙක් එහි වූහ. අමතරව කුඩා පැටව් දෙදෙනෙක් ද වූහ. අප එහි යන විටත් එල්ලාවලගේ කණ්ඩායම එම සත්ත්වයන් මදු ගසා ගස් බැඳීම සඳහා සූදානම්ව සිටියහ.

හීලෑ අලි මත නැග සිටි ගොව්වන් සහ මදු ගසන්නන් අලි රංචුවට මදු ගැසීම පහසු කිරීම සඳහා එම රංචුව රූස්ස ගස් ඇති පෙදෙසට යොමු කරන කටයුත්ත අරඹා තිබිණ. ඒ විගසම ඇතෙක් ඔවුන්ගෙන් මිදී ගාලට අයත් වූ බට පඳුරු ගොමුව තුළ නොපෙනී ගියේය. අනික් සත්තු ද ඒ පසුපස දුව ගියහ. යළිත් කලබලයක් ඇති වන බව මම සිතුවෙමි.

එහෙත් බ්‍රීචස් සහ රංහාමිගේ මෙහෙයවීම යට​ෙත් ක්‍රියාත්මක වූ මදු ගසන පිරිස ඇතින්න සහ එක අලියෙක් හීලෑ අලින්ගේ සහායෙන් මෙල්ල කර ගස් බැන්දාහ. එල්ලාවලගේ කණ්ඩායමේ සිටි මේ පළපුරුදු අලි අල්ලන්නන් පසු බා සිටි අවස්ථාවක් දැකගැනීමට හැකි වූයේ මේ අවස්ථාවේදීය. ගස් බඳින ලද ඇතින්න ඉන් මුදාගැනීමට ඉදිරියට පැන සටනට ආවේ කුඩා පැටවාය.

තවමත් කිරිබොන වයසේ සිටි මේ පැටවා ! තම මව බේරා ගැනීමට මිනිසුන් සමග සටන් වඳින්නට වූයේ මහා හස්තියකු සේ ය. රංහාමිලා සහ පිරිස මේ පැටවාට තම අත වූ හෙල්ලේ මිටෙන් පහර කිහිපයක් ගසා එළවා දැමීමට තැත් කළ ද එයින් මෙල්ල වූයේ එම කුඩා පැටවා නොවේ.

මෙරට පමණක් නොව බ්‍රිතාන්‍යයේ ද ජනයා අතර ආන්දෝලනයකට ලක් වූ මෙම හස්තියාගේ මරණය නිසා මෙරට ඇත්ගාල් පැවැත්වීම සදහටම නවතා දමන්නට සිදු විය. එහෙත් 1882 වසරේ ලබුගම කන්ද ඇත්ගාලේදී මෙවැනිම නිදහස් අරගලයකින් ඇතින්නක මියගොස් ඇත්තේ පපුව පැලීම නිසාය.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරා ද බලා සිටි ඒ මොහොතේ ඇතින්න වීර සටනක් කර දිවි පිදුවද එදා කිසිවකුත් ඇත්ගාල නතර කළේ නැත. ඉන් වසරකට පසු පනාමුරේ ඇත්රාජාගේ ඝාතනය සිදු වන තුරු අලි ඇතුන් කී දෙනකු නිදහස පතා සටන් කරන්නට ඇතිද?

මිනිසුන්ගේ පහරදීම් නොතකා මහ හඬින් කෑ ගසමින් තම මව් ඇතින්නගේ පාද අතර රිංගමින් ඇය බැඳ සිටි වරපට කැඩීමට අසාර්ථක උත්සාහයක් ගන්නා පැටවා නිසා ඇතින්නද කලබල කරන්නට වූවාය. ඇය තමා බැඳ සිටි දැවැන්ත කඹ කඩා ගැනීමට මහත් වෑයමක් දරුණු පෙනුණි.

තමා බැඳ සිටි රූස්ස ගස ද නැවෙන තරමට දෙපසට පැද්දෙමින් කුංචනාද කළ ඇතින්න, නිදහස් වීමට ගන්නා උත්සාහය දෙස අප බලා සිටියේ මවිතයෙනි. ඒ මොහොතේ අපට සිතුණේ ඇය බැඳ සිටි මහා වෘක්ෂයද ගැලවී බිම පතිත වේ දෝ කියාය. එහෙත් ඇය එක්වරම බිම පතිත වූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයටය.

එහෙත් ඇගේ වෑයම අවසන් නොවීය. පැත්ත වැටී කකුල් ඉස්සී සිටි ඉරියව්වෙන්ම සිටි ඇය, හොඬය වනමින් ඉස්සුණු පාද ඒමේ අතට විසි කරමින් උත්සාහ කළේ ඇය බැඳ සිටි කඹ කඩාගෙන යාමටය. පැටවා ද කෑගසමින් ඇතින්න ආසන්නයේම දැවටෙමින් සිටි අතර, වෙනත් කිසිවකුත් ඒ අසලට ළං වූයේ නැත.

හෝරාවක පමණ කාලයක් අරගල කිරීමෙන් පසු ඇතින්න නිසොල්මන් වනු දැක ගත හැකි විය.

විපරම් කිරීමේදී දැන ගත හැකි වූයේ ඇතින්න මියගොස් ඇති බවය. මේ ගැන රංහාමි සඳහන් කළේ ඇතින්න පපුව පැලී මියගොස් ඇති බවය.

මේ අවස්ථාවේ අප ඇස ගැටුණු ඛේදජනකම සිදුවීම නම් මියගිය ඇතින්නගේ කිරි බීමට අලි පැටවා ඇය අසල වැතිරී තැත් කිරීමේ දර්ශනයයි.

මේ සිද්ධියෙන් පසු එල්ලාවලගේ පිරිස එතැනින් ඉවත් වූ පසු රංචුවේ සිටි සෙසු අලි දෙදෙනකු ඇතින්න එසවීමට නිරර්ථක උත්සාහයක යෙදී එය අසාර්ථකවූ පසු ඉවත්ව යන අයුරු ද අප හද කම්පා කරවන දසුනක් විය.

බ්‍රිතාන්‍ය ලේඛකයකු වූ ජෝන් ෆර්ගසන් මේ කියන සිදුවීම පුරාණ ලංකාවේ අලි ඇතුන් විකිණීමේ ඛේදජනක ක්‍රියාවලියේ කඳුළු පිරි පරිච්ඡේදයකි. පැටවා රැකගැනීම සඳහා වීරෝධාර සටනක යෙදී ඇතින්න මියගිය පසුවද නොකඩවා මෙම ඇත්ගාල ක්‍රියාත්මක විය.

ඒ ෆර්ගසන්ගේ සටහනයි. එදා අසරණ සතුන් කොතරම් දුකක් විඳින්නට ඇත් දැයි අපට එම සටහනෙන් සිතා ගත හැකිය. අලි ඇතුන් මෙසේ හීලෑ කර අල්ලා ගන්නේ වැඩි වශයෙන්ම රට පැටවීමටය. බ්‍රිතාන්‍යය හා යුරෝපයේ තවත් රටවල සත්ව උද්‍යාන කරා මෙම අලි ඇතුන් පැටවුණේ පවුම් දහස් ගණනක ආදායමක් බ්‍රිතාන්‍යය රජයට ලබා ගනිමිනි.

1950 වසරේ මෙරට ඇත්ගාල් පැවැත්වීම නතර කර දැමුණේ එවකට මඩුවන්වෙල නින්දගමට අයත්ව තිබූ මොලමුරේ මහතාගේ සුප්‍රකට පනාමුරේ ඇත්ගාලේදී මෙසේ අල්ලා ගනු ලැබ නිදහස පතා සටන් කළ පනාමුරේ ඇත් රාජා යැයි ප්‍රකට ඇතාගේ මරණය නිසාය. අල්ලා ගෙන සිටි තම සගයන්ගේ නිදහස වෙනුවෙන් මහා නිදහස් අරගලයක් කළ එම හස්තියා ඇත් ගාලේ දඬුවැට කඩා දමා නිදහස ලබා ගන්නට ආසන්නට සිටි අවස්ථාවේ කදිරගාමර් නමැති වෙඩික්කරුවකු අතින් තම සටන මෙන්ම ජීවන ගමන ද නිම කළේය.

මෙරට පමණක් නොව බ්‍රිතාන්‍යයේ ද ජනයා අතර ආන්දෝලනයකට ලක් වූ මෙම හස්තියාගේ මරණය නිසා මෙරට ඇත්ගාල් පැවැත්වීම සදහටම නවතා දමන්නට සිදු විය.

ප්‍රේමකිර්ති රණතුංග

අපි උපදින්නේ ඉරණම අතින් අරගෙනයි විජය මගෙන් ඈත්වෙලා යන්න ඇත්තෙත් එහෙමයි මම ලමති විජය ගැන කතාකරන්න විතරයි මාලනී විජයගේ පෙම ගැන කතාකරයි

අපි උපදින්නේ ඉරණම අතින් අරගෙනයි විජය මගෙන් ඈත්වෙලා යන්න ඇත්තෙත් එහෙමයි මම ලමති විජය ගැන කතාකරන්න විතරයි මාලනී විජයගේ පෙම ගැන කතාකරයි

ඇය හෙළ සිනමාවේ නිළි රැජින ලෙස අභිෂේක ලබා සිටින්නීය. මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද සම්මානයට පත්‍රවූ ඇය නොයෙකුත් දුක් කම්කටොළු මැදින් ඉදිරියට ගිය නිර්භීත එඩිතර කාන්තාවක් යැයි හැඳින්වුවහොත්, එය වඩාත් නිවැරැදිය. ජීවිතය තුළ ගල්, මුල් වැදුණ ද ඒවා උපේක්ෂා​ෙවන් බලමින් තම ගමන සාර්ථක ලෙස අදටත් ඇය ගමන් කරමින් සිටින්නේ කාගේත් ආදරය, ආශිර්වාදය ලබමිනි. මේ නිසාවෙන්ම කොයි තරම් ඇයට චෝදනා අපවාද සමහරු එල්ල කළද, ජනතාව ඇය තව තවත් ඉහළින් අගය කිරීම හා වැළඳ ගැනීම සිදුකළේ ඒ අයට කනේ පහරක් ගසමිනි.

චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරිය ලෙසින්ද ඇය ක්ෂේත්‍රයේ ඉහළ තලයට පැමිණියාය. රංගන දිවියේදී ඇය විවිධ චරිත ඔස්සේ ප්‍රේක්‍ෂකයන්ගේ සිත් සතන් තුළ නිදන් ගත වුවාය. මේ නිසා ඇයට බොහෝ දෙනා ආදරය කරන්න පටන් ගත්තාය. අදටත් ඇය නිලියන් අතරින් ඉහළ ස්ථානය වැජබෙන්නේ ඒ නිසාවෙනි.

පසුකලෙක ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙසද කටයුතු කිරීමේ වාසනාව උදා කරගත්තේ, එවැනි තනතුරක් ලැබූ පළමු සිනමා නිළිය ලෙස වාර්තාවක් තබමිනි. අද එයින් විශ්‍රාම ලබා ඇය තම සුපුරුදු කටයුතුවල නිරත වෙන්නේ පෙරටත් වඩා උද්යෝගයකිනි. ඇය නමින් ආචාර්ය මාලනී සෙනෙහලතා ෆොන්සේකාය. ඇයගේ මෙම දක්ෂතාවය නිසාම මීට වසර කිහිපයකට පෙර සෞන්දර්ය කළා විශ්‍වවිද්‍යාලයෙන් ආචාර්ය ගෞරව උපාධිය ද හිමිකරගන්නා ලදී.

‘‘හෙළ සිනමා නිළි රැජින’’ ලෙස සැලකෙන ආචාර්ය මාලනී ෆොන්​ෙස්කාගෙන් ‘ආදරය, ප්‍රේමය සහ විවාහය’ ගැන කතා කිරීමට මා හිතාගත්තේ මීට මාස ගණනකට පෙරදීය. එහිදී ඇය මුලින් අකමැති වූ අතර, පසුව මගේ බලවත් ඉල්ලීම මත ඇය එය පසුව දෙන්නම් කියා මඟ හැරියාය. එ්ත් මේ නිරහංකාර අව්‍යාජ වාසනාවන්ත නිළිය මට පිටුපෑවේ නැත.

ඇය ‘‘රිදී රැයක්’’ ප්‍රසංගය අවසාන වෙනවාත් සමඟ මා සමඟ කතා බහ කිරීමට කැමති වූයේ මා කෙරෙහි පැවති විශ්වාසය හා ආදරය නිසාවෙනි. ඉදින් ප්‍රථම වරට ඇය ‘‘ආදරය, ප්‍රේමය හා විවාහය’’ ගැන කතා කළේ මා හටත් හිත් නොරිදන ආකාරයෙනි. මේ අැයගේ කතාවයි. ඇයට තුනි පුදමින් ඒ කතාබහ මෙලෙස මම පත්ඉරුවක සටහන් කරන්නෙමි.

ඔබ මේ දිනවල මොනවද කරන්නේ කියා මුලින් අපි දැනගන්න කැමතියි. එයින්ම අපේ කතා බහ අරඹමු නේද?

ඔව්. ඒක හොඳයි. පසුගිය වකවානුවල අපි රූගත කිරීම්වල කාර්යබහුල තත්ත්වයකයි යෙදිලා හිටියේ. එහෙම වෙලා කාලයක් තිස්සේ ප්‍රේක්ෂකයෝ එකතු කරගත්තාට පස්සේ, හිතනවා ටිකක් නිවාඩුව දැන් ඉන්න ඕනෑ කියලා. දැන් තමයි ඉස්සරටත් වැඩිය කාර්යබහුල වෙලා තියෙන්නේ නිවාඩුවක් හොයා ගන්න අමාරු වෙලා.

දැන් රූගත කිරීම්වලට අමතරව, උත්සවවලට, පාසල්වල කලා උළෙලවල්වලට, නොයෙකුත් ප්‍රවර්ධන කටයුතුවලට ආදී බොහෝ දේවලට ආරාධනා ලැබෙනවා. ඒ වගේම අපේ සිනමා ක්ෂේත්‍රයේ මුහුරත් උළෙලවලට, මංගල දර්ශනවලට ආරාධනා ලැබෙනවා. ඒවාට වෙනම කාලය වෙන් කරගෙන යන්න ඕනෑ. මෙතෙක් කලා ක්ෂේත්‍රයේ සිටි කලාකාරිනියක් ලෙස ඒවාට යන එක මගේ යුතුකමක්. එය මම කළ යුතු දෙයක්.

ඒ නිසා ඒ දේවල් මා භාරගන්නවා. හැබැයි කාර්යබහුල වූ විට සමහර ඒවා භාරගන්න බැරි වන අවස්ථාත් තිබෙනවා. ඒ වගේම දෙරණ අලුතින් 20-20 කියලා අලුත් රියැලිටි වැඩසටහනක් පටන් ගන්නවා. ඒ තරගය විනිශ්චය කරන්න මමයි, චන්නයි, සමිතායි සහභාගි වෙනවා. ඒ වගේම ප්‍රවර්ධන කටයුතුවලට දායක වුණා. රූගත කිරීම්වලට මේ දිනවල කෙරුණේ මගේ නංගී දමයන්ති ෆෝන්සේකා කරන ‘කිරි අම්මා’ නාට්‍යයේ රඟපෑමයි.

පසුගිය කාලයේ ඔයා මන්ත්‍රී ධුරයක් හෙඹවූවා. දැන් එයින් විශ්‍රාම ගිහින්. දැන් දුකක් ඇති වන්නේ නැද්ද?

නෑ. අවංකවම නෑ. ඒ කියන්නේ මට ඒ වගේ මන්ත්‍රී ධුරයක් ලැබෙයි කියලා මම බලාපොරොත්තුවෙන් හිටියෙත් නැහැනේ. මට ආසාවක් තිබුණා අවංකව එවැනි තනතුරක සේවයක් කරන්න. ජාතික ලැයිස්තුවෙන් ඒ එක්කම මට මන්ත්‍රී ධුරය ලැබුණා. සිනමාව වෙනුවෙන් කළ උපහාරයක් ලෙසින් තමයි මට එය ලැබුණේ. එහිදී අවුරුදු 5ක් මම දේශපාලනය සම්බන්ධයෙන් හොඳ අත්දැකීම් ලබාගත්තා. සේවය කරද්දී එන ගැටලු කරන්න පුළුවන් ප්‍රමාණය කොතරම්ද ඒ ගැටලුවට මුහුණ දෙන්න පුළුවන්ද බැරිද යන බොහෝ දේ මා එයින් ඉගෙන ගත්තා. මම බෙහෝ දේ බොහොම නිහඬව කළා. තව දේවල් කරන්න බලාපොරොත්තුවෙන් හිටියා. ඒවා කරගන්න බැරිවුණා.

මම නිහඬව කියන වචනය කිව්වේ තේරුමක් ඇතිවයි. මොකද කෙනෙකුට හිතන්න පුළුවන් මම මොකුත් කළේ නෑ කියලා. නමුත් මට අවශ්‍ය වුණේ නෑ මා කළ කාර්යයන් ලොකුවට ප්‍රචාරය කරන්න. එහෙම මට අවශ්‍යතාවක් තිබුණේ නෑ. මොකද මට ප්‍රචාරය, ප්‍රසිද්ධිය ඕනෑතරම් ලැබිලා තිබුණේ. ඒ නිසා එ්ක ලැබෙන එක ගැන ලොකුවට වුවමනාවක් තිබුණේ නෑ. නමුත් මම හිතනවා සමහර වෙලාවට, එහෙම මා කළ දේවල් ගැන ප්‍රචාරය නොකිරීම වැරැදියි කියලා.

ඒ නිසා තමයි හුඟක් දෙනා මම මොකුත් කළේ නෑ කියලා කියන්නේ. නමුත් මගේ හිතත් දන්නවා මගෙන් ප්‍රයෝජන ලබාගත් අයත් දන්නවා, මා කරපු දේවල් ගැන. එහෙම කියනකොට හිතට යම් කනගාටුවක් එනවා. මොකද මම බොහොම අවංකවම වැඩකළා. මට ලැබුණු ප්‍රතිපාදනවලින් යම් මන්ත්‍රීවරුන් ඒ අයගේ ප්‍රදේශවලට කරන කටයුතුවලදී උපකාර කළා. මට ලංකාවේ ඕනෑම අයකුට ඒ ප්‍රතිපාදන පාවිච්චි කරන්න පුළුවන් හින්දයි එවැනි දේවල් කළේ. අද හිතනවා ඒ පිළිබඳව ප්‍රචාරණයක් ලබා නොගැනීම වරදක් කියලා.

ආපහු දේශපාලනයට එන්න හිතාගෙන ඉන්නවාද?

එහෙම හිතාගෙන නෑ. මේ මනාපක්‍රමය විශේෂයෙන්ම කාන්තාවකට අමාරුයි. අනෙක මට තේරුම් ගිය කාලයේ මම දැක්ක මේ මනාප ක්‍රමය නැති කාලයේ කොහොමද වැඩ කළේ කියලා. ඒ නිසා මම හැම තිස්සේම හිතන විදිහක් තමයි මේ මනාප ක්‍රමය අපේ රටට ගැළපෙන්නේ නෑ කියන එක. මනාප ක්‍රමය හුඟාක් අමාරුයි. ඒකට මට මුහුණ දෙන්න බැහැ.

ඒ කියන්නේ කාන්තාවන්ට දේශපාලනයේදී අයුතු යෝජනා වැඩියි ද?

අපෝ නෑ. මම අයුතු යෝජනාවලට පොඩ්ඩක්වත් බය නෑ. කාන්තාවන්ට විතරක් ​නොවෙයි අවංකවම දේශපාලනය කරන කාටත් අමාරුයි. එතනදී ස්ත්‍රී පුරුෂ භේදයක් නෑ. අවංකව දේශපාලනය කරන්න ගියාම වෙන දේවල් මා පාර්ලිමේන්තුව ඇතුළේ දැක තිබෙනවා. ඒ අය අධෛර්යට පත් වෙලා පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා අවංකව සේවය කරන හොඳ දේශපාලනඥයෝ බොහොම නිහඬව ඉන්නවා. ඒක අපේ රටට ලොකු පාඩුවක්. එහෙම අය තමයි අතීතයේ හිටියේ.

එහෙම නම් ජීවිතය ගැන දැන් ඔයාට මොකද හිතෙන්නේ?

ඉස්සර මට මගේ ජීවිතය මේ විදිහයි, අනෙක් අයගේ ජීවිත මේ විදිහයි කියලා තේරුම් ගන්න බැරි වුණා. ඕනෑම කෙනෙකුට කාලයක් යනවිට වැටහෙනවා ජීවිතය කියන්නේ මොකද්ද කියා. අද වෙනවිට මම ජීවිතය බොහොම හොඳට පැහැදිලිව අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු හා ආසාවන් ගැන හොඳ වැටහීමකින් ඉන්නේ. ආසාවන් ගැන එහෙම කැමැත්තක් නෑ. මොකද ඒ තුළ එන්නේ කනගාටුව. නමුත් බලාපොරොත්තු කියන එක තිබෙන්න ඕනෑ. බලාපොරොත්තුව කියන තැන තව වැඩ කරන්න පුළුවන් කියන අදහස එනවා. දෙයක් කරන්න වුවමනාව තිබෙනවා නම් සිතුවිලි එක්ක ධනාත්මක විදියට වැඩ කරන්න පුළුවන්. එහෙම නැතුව අයියෝ දැන් ඇති වැඩ කළා. මොනවටද වැඩ කරලා කියන අදහස කොයිවෙලාවකවත් මගේ සිතේ නෑ.

ඕනෑම කෙනෙක් ස්වභාවධර්මයට අනුකූලයි. මම දන්නවා කවදා හරි මැරෙනවා කියලා. ඒ වෙනතුරු අපට ජීවිතයක් තිබෙනවා​ෙන්. ඉතිං ඒ ජීවිතය අපරාදේ විනාශ කර ගන්නේ. අයියෝ මැරෙනවා කිය කියා හිත හිතා ඉඳලා වැඩක් නෑ. ඒ තුළ ජීවිතය ධනාත්මක ලෙස ඉදිරියට ගෙන යා යුතුයි.

එවැනි ජීවිතයක් තුළ ආදරය, ප්‍රේමය ඔයා හඳුනා​ෙගන තිබෙන්නේ කොයි විදියට ද?

ආදරය, ප්‍රේමය කියන එක හරිම සුන්දර දෙයක්. ඒක හරිම අවශ්‍යයි. ඒක අපි ජිවිතේ හුස්ම ගන්නවා කෑම ගන්නවා වගේ සමානව අවශ්‍යම දෙයක්. ඒක නැතුව ජීවත් වෙන්න බැහැ. ඉතිං ආදරය ප්‍රේමය කියන එක විවිධයි. මවුපියන්ට දරුවන්ට, සහෝදර, ස​ෙහ්දරියන්ට යහළුවන්ට, ප්‍රේමවන්තයන්ට, සත්තුන්ට දක්වන ආදරය විවිධයි. ඉතිං ඒ විවිධ වූ ආදරය මම හොඳට හඳුනාගෙන තිබෙන්නේ.

ඒ සෑම ආදරයක්ම පටන් ගත්තේ කොහොමද? ඒක පවත්වාගෙන යන්නේ කොහොමද? ඊට පස්සේ ඒක අවසන් වුණාම සතුටෙන් ද දුකෙන් ද ඉවත් වෙන්නේ? දුකෙන් ඉවර වුණාම හිතට දැනෙන වේදනාව යනාදී සියලු දේ මම අත්විඳලා තිබෙනවා. ඒවා ගැන හොඳට අවබෝධයක් තිබෙනවා. සමහරු හිතන්න පුළුවන් ඒවා ගැන හිතලා මම කනස්සල්ලෙන් ඉන්නවා කියලා. එහෙම පොඩ්ඩක්වත් නෑ. එදා වගේම අදත් මම හොඳින් ඉන්නවා. හැබැයි අර බලාපොරොත්තු කියන එක තිබෙනවා.

ඔයාට එවැනි ආදරයක් ඇති වුණේ, ඒ කියන්නේ ප්‍රේමවන්තයෙක් ගැන අදහසක් ඇති වුණේ කොයි කාලයේද?

(සිනාසෙන්නට විය) මටත් මතක නෑ. මොකද ඒ කාලයේ දැණුනු දේවල් ආදරය කියලා කියන්න බැහැ. දැක්ක ගමන් ඇති වන හැඟීම තමයි ඒ දවස්වල අපේ සිතේ ඇති වෙන්නේ. අවංකව ආදරය කියන එක එකිනෙකාට ගෞරව කරගෙන එකිනෙකාගේ අදහස්​ තේරුම් අරගෙන කරන එකක් කියලා තේරුම් ගන්නේ කාලයක් ගියාට පස්සේ. ඇත්තමට මම නම් ජීවිතේ ආදරේ කරද්දි ඒ විදිහට තමයි ආදරය කළේ. මම හැම තිස්සෙම සිතුවේ අනෙක් කෙනාගේ ජීවිතය පිළිබඳවයි.

පාසල් කාලයේදී එහෙම සම්බන්ධයක් ඔබට තිබුණේ නැද්ද?

එහෙම ලොකුවට ගිය එකක් නෑ. ලියුම් දීපු ඒවා තිබුණා. හොරෙන් පොත් අස්සට දාලා ලියුම් දීපු අවස්ථා තිබුණා. පොඩ්ඩක් කතා කරන්න ඕනෑ කියන ඒවා තිබුණා. ඒ දවස්වල අපි අම්මාට හරි බයයි. නමුත් ඊට වඩා මට ඒක අවශ්‍යම දෙයක් විදියට ඕනෑ වෙලා තිබුණේ නෑ. ඊට වඩා මම ඕපන්, හුඟාක් විනෝදයට හිටි කෙනෙක්. කොල්ලොත් ඒ දවස්වල මාත් එක්ක කතා කරන්න බයයි. කතා කරපු ගමන් ඇයි මොකද? කියලා කඩාගෙන පනිනවා. ඒ නිසා ආදරයක් ගැන මගෙන් අහන්න ඔවුන් බය වුණා.

පාසල් කාලයේදීම ඔයා රංගනයට එක් වෙනවා. එතනදී නළුවන්, අධ්‍යක්ෂවරුන් ඔයාව දැලේ දාගන්න උත්සාහ කරන්න ඇති නේද?

රංගනයට ආ විට ඒක මට ඉතාම සතුටුදායක එකක් වුණා. මම මේ රංගනයත් එක්ක කලා ලෝකයට එක්වීම ගැන හරිම සතුටු වෙනවා. කලා ලෝකයට මම ආ නිසා මාව පුදුම විදියට වෙනස් වුණා. හරිම සතුටින් ජීවත් වුණා. පස්සේ කාලයක මෙය රැකියාවක් වුණා. මම පුදුම විදියට සතුටින් ඒ රැකියාවේ නිරත වුණා. මගේ රැකියාවට මම හරියට ගෞරව කරනවා. මම බොහොම නිහතමානීව සතුටු වෙනවා, මේ වගේ රැකියාවක් ලැබීම ගැන. ලෝකයේ අනෙක් රැකියාවන් ගැන පහත් කරනවා නොවෙයි. මේ රැකියාව කොයි තරම් උසස් ද? මිනිසුන්ගේ ආදරය, කැමැත්ත, දිනාගන්න ලෝකය දකින්න මගේ මවුපියන්ට, සහෝදර, සහෝදරියන්ට යාළුවන්ට උදව් කරන්න සමාජයේ හොඳ තැනක් ලබන්න වගේ දේවල් මට ලැබුණේ මේ රැකියාව හින්දයි. ඒ නිසා මම සතුටු වෙනවා.

ඒ කාලයේ නළුවන් සමග ආදර සම්බන්ධතා ඇති වුණා. එහෙම නොවුණා නම් තමයි ප්‍රශ්නය වෙන්නේ. එහෙම එකට වැඩ කළ පමණින් හැමෝම එක්ක සම්බන්ධතා පවත්වාගෙන ගියේ නෑ. විජය මුණ ගැසීම ලොකු දෙයක් වුණා. ඔහු මුණ ගැසීම ගැන සතුටු වුණා. ඒ හරහා අපි දෙන්නා අතර ප්‍රේම සම්බන්ධතාවක් ඇති වුණා. එය ඒ කාලයේ හැමෝම දන්න දෙයක්.

ඔයා විජය කුමාරතුංග සමග විවාහ වෙන්නත් ගියා නේද? අැත්තටම ඒක නැති වුණේ කොහොමද?

මෙහෙමයි, ඒක එක එක්කෙනාගේ ජීවිතවලට අපි ඉපදෙන විට අපට ඉරණම මේ විදිහයි කියලා ලියැවී තිබෙනවා. ඒ ලියැවුණු ඉරණම විදියට තමයි විජයගේත් මගේත් ජීවිතය ගමන් ගත්තේ. ඒක අපි දන්නේ නැහැ කොහොම සිද්ධ වෙයිද කියලා. ජීවිතේ සතුට දුක පරාජය ලැබෙනවා ද කියා අපි දන්නේ නෑ. ඒවාට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම දේවල්වලට මම අනන්තවත් මුහුණ දීලා තිබෙනවා. ඒ මුහුණ දුන් ඒවාට මම වහල් වෙලා ඉන්නේ නෑ. මොළය කල්පනා කරලා ඊළඟට මගේ හිත හදා ගෙන ඉදිරියට මගේ ගමන ගියා.

හරි මම අහන්​ෙන් විජය එක්ක තිබූ ඒ සබඳතාවය නැති වුණේ කොහොමද කියලයි?

(ඇය සිනාසෙමින් කල්පනා කරන්නට වූවාය)

තරුණ කාලයේ ඇති වන හැඟීම්, ඒවා නැතිවෙලා යන ආකාරය පිළිබඳව අපි කිසිම කෙනෙකුට උත්තර දෙන්න බැහැ. මම ඒකයි කියන්නේ අපි ඉරණම අතින් අරගෙනයි ඉපදෙන්නේ කියලා. ඒ ඉරණමට අනුව තමයි විජය මගෙන් ඈත්වෙලා යන්න ඇත්​ෙත්.

පසු කාලයේදී ඔයා තවත් ජනප්‍රිය නළුවෙක් සමග සබඳතාවක් ඇති කර ගත්තා නේද?

ඒ ගැන අපි කතා නොකර ඉඳිමු නේද? මොකද මට එහිදී හොඳ නරක ගැන කතා කරන්න සිද්ධ වෙනවා. මම කැමති නෑ කිසි කෙනෙක් හෙළා දකිමින් කතා කරන්න. එයත් මගේ ඉරණම මත සිදු වූ දෙයක් ලෙසටයි මා දකින්නේ. එතනින් එහාට ඒ ගැන කියන්න දෙයක් නෑ.

එතකොට ඔයාට කොයි කාලයේදී ද විවාහයක් ගැන අදහසක් සිතේ ඇති වුණේ?

කවදත් මට විවාහ වෙන්න ඕනෑ කියන හැඟීම ඒ කාලයේ තිබුණා. ඒකට විවිධ ප්‍රශ්න මතු වූ හින්දා ඒවා නැති වෙලා ගියා. පස්සේ තමයි විවාහයක් සිදු වුණේ. ඒ විවාහයත් ගැළපීම නැති වූ හින්දා ඒකත් නතර වුණා. ගෙදරින් මට බලපෑම් කළේ නෑ විවාහ වෙන්න කියා.

නමුත් ඔයා ළඟ සිටි අය මාධ්‍යවලින් විවිධ චෝදනා එල්ල කළා නේද? ඇයි ඔයා ඒකට නිහඬ වුණේ?

මම කැමති නෑ ඒ ගැන කතා කරන්න. ඒ අය මාධ්‍යවලට ගිහින් කතා කළාට, මම නම්වලින් ඒ අය ගැන කතා කරන්න කැමැති නෑ. කතා කරනවා නම් කතා කරන්නේ විජය ගැන විතරයි.

ඔබේ විවාහයත් කඩාකප්පල් වුණේ ඔයාගේ වරදක් හින්දද? නැත්නම් වෙනත් හේතු හින්දද?

දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැනේ. අනෙක ඒවා ගැන පශ්චාත් පරීක්ෂණ කියලා වැඩක් නෑ. ඒවා කිව්වාම මම තව කෙනෙක්ට ඇඟිල්ල දිගු කරන්න පුළුවන්. ඔවුන් මට ඇඟිල්ල දිගු කරන්න පුළුවන්. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. මට ඇඟිල්ල දික්කරලා මගේ වැරැදි කිව්වාම, මම දන්නවානේ මගේ සිත කවුද කියලා. ඒ නිසා මම ඒවායින් සැලෙන්නේ නෑ. මට ඇඟිල්ල දිගු කරලා මාධ්‍යවලින් මා ගැන කතා කළාට, මම කොයිවෙලාවකවත් ඇඟිල්ල දිගු කරලා ඔවුන්ට කතා කරන්නේ නෑ. මම එයින් සැලෙන්නෙත් නෑ. ඒවා ගැන මාධ්‍යවලින් කතා කරන්න අවශ්‍ය නෑ කියලා මම සිතන්නේ.

ඔයා මේ කරුණුවලදී නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ ඔයා කිසිම කෙනෙක්ට හිත රිදවන්නේ නැතිව, විවේචනය කරන්නේ නැතිව කතා කරන චරිතයක් ලෙසයි අප දකින්නේ. මේවා ගැන හොඳ අවබෝධයක් තියාගෙන නේද ඔයා වැඩ කරන්නේ?

අනිවාර්යයෙන්ම ඒක හරියටම හරි. මම එහෙම දුරස් වෙන කොට, ඒ ප්‍රශ්නය මගේ නොවෙයි කියලා එළියට අරගෙන බොහොම මධ්‍යස්ථව ඒ ගැන බලනවා. මම එහිදී ඇයි මම එහෙම කළේ මගේ අනෙක් කෙනා මොනවද කළේ බොහොම සමබර විදිහට එහිදී මම කිරලා බලනව​ා. එතනදී මම පිළිගන්න දෙයක් තමයි ගරු කරන දෙයක් තමයි ඒ සම්බන්ධතාවයන් පෞද්ගලිකයි.

ඒ සිද්ධීන් ඔක්කොම පෞද්ගලිකයි. ඒවා කතා කිරීමෙන් මාධ්‍යයෙන් ලොකු ප්‍රචාරයක් ලැබෙනවා. ඒ ප්‍රචාරය හොඳ දෙයක් ද නරක දෙයක් ද කියන එක ගැනවත් මම කතා කරන්නේ නෑ. තව කෙනෙක් ඒ ගැන මාධ්‍යවලින් ප්‍රචාරය කළ බව ඇත්ත. මම ඒ ගැන හිතලා, හිනාවෙලා කමක් නෑ කියලා මගේ ඔලුවෙන් ඒක බැහැර කරනවා. එය මගේ ප්‍රශ්නයක් නොවේ කියා මගේ පැත්තෙන් බැහැර කරලා මම මාලිනී ​ෙෆාන්සේකා හැටියට මේ යන ගමන දිගටම යනවා.

විවාහයක් ගැන ඔයා නිතරම ආසාවෙන් හිටි කෙනෙක්. ඉතිං විවාහ වුණාට පස්සේ ඔයාට මොකද සිතුණේ? ඔයා බලාපොරොත්තු ආදරය, කරුණාව ලැබුණාද?

මම ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න ගියොත් අර මුලින් මා කියූ දේවල් බොරු වෙනවා. (ඇය සිනාසෙන්නට වූවාය)

ඉන්පසු ඔයාට නළුවන්ගෙන් ව්‍යාපාරිකයන්ගෙන් දේශපාලකයන්ගෙන් යෝජනා හරියට එන්න ඇති නේද?

ඔව්. හරියට ආවා. ඒ මොන තරාතිරමක කෙනෙක් වුණත් පෞද්ගලිකව, පුද්ගලයා කියන කෙනා ගැන ඇති වෙන හැඟීම ගැන මම සලකනවා. එයා ධන කුවේරයෙක්ද? එයා මොන ව​ෙග් දෙයක් කරන කෙනෙක්ද? කියා බලනවා. මම මුදල් ධනය ගැන තකන්නේ නෑ. පෞද්ගලිකව මනුෂ්‍යයෙක් විදිහට මම කැමති විදිහේ කෙනෙක් හැටියට ඒ දකින හැඟීමට තමයි මා කැමති වෙන්නේ.

එහෙම හුඟාක් වෙලාවට මට හමු වූ අය ඉන්නවා. හොඳ අය වෙන්නැති මට කතා කරපු අය. අද සමහරු කියයි අයියෝ ඇයි ඔයා අරයා එක්ක යාළු වුණේ නැත්තේ? කියලා. නෑ එවෙලේ ඇති වෙන හැඟීම මත තමයි තීරණය කරන්නේ.

ඒ කිසි කෙනෙක් ගැන ඇත්තටම ඔයාට සිතක් පහළ වුණේ නැද්ද?

නෑ. එහෙම සිතුණා නම් මම එයත් එක්ක යාළුවෙනවානේ.

(සිනාසෙන්නට වූවාය)

ඔයාගෙන් අයුතු බලාපොරොත්තු ඇති කරගන්න, එහෙම නැත්නම් තමන්ගේ ආශාවල් ඉෂ්ට කරන ගන්න පැමිණි අයත් ඔය අතරේ ඉන්න ඇති නේද?

මෙහෙමයි. එහෙම බලාපොරොත්තු ඇති කර ගන්න විදියට මම හැසිරෙන්නේ නෑ. කවුරු හරි තමන් ගැන ඒ සිතිවිලි ඇති කර ගන්නවානම් එහෙම සිතිවිල්ලක් ඇති වෙන්න මගෙන් අනුබලයක් ලැබෙන්න ඕනෑ නේද? එහෙම අනුබලයක් කාටවත් මම දුන්නේ නෑ. හොඳ සිතකින් ඇවිත් කතා කරපු අය හිටියා. මම මොන විදිහේ සිතකින් ද ආවේ කියලා දකිනවා. මම දන්නවා ඔවුන් මට කැමති බව, ඒත් ඉතිං මම කැමති වෙන්න එපායැ.

දැන් ඔයාට තනිකමක්, පාළුවක් සිතෙන්නේ නැද්ද?

අපෝ නෑ.

(මහ හයියෙන් සිනා සෙන්නට විය. මාලිනී කතා කරනවාට වඩා ලස්සනක් සිනාසෙද්දී මුහුණෙන් පිළිබිඹු වෙයි. ඇය කොතරම් නිර්ව්‍යාජ. අවංක හදවතින් කතා කරන බව එහිදී මට පෙනුණි)

එහෙම මට හිතෙන්නේ නෑ. කොහොමටත් මට ඒ කාලයේ ඉඳන්ම පැත්තකට වෙලා, පාඩුවේ ඉන්න ආසාවක් තිබුණා. පොත් පත් කියවගෙන ඝෝෂාකාරී දේවල් වලින් ඈත් වෙලා ඉන්න කෙනෙක් මම. ඉතිං අදත් ඒ විදියට තමයි ඉන්නේ. කවුරුවත් නෑ අයියෝ, කියලා එහෙම මම නෑ. දැනටමත් මගේ ගෙදර පාඩුවේ ඉන්නවා. මගේ යාළුවෝ ටික ඉන්නවා. මගේ පූසෝ, බල්ලෝ, කුරුල්ලෝ ටික ඉන්නවා. යාළුවෝ නිතරම හමු වෙනවා. මම වැඩ කරනවා. ඒ හින්දා මම කාර්යබහුලයි.

අද නළු නිළියන් ඉක්මනට විවාහ වෙලා, ඉක්මනට වෙන් වී ඒවා මාධ්‍යවලින් බැණ අඬ ගහගන්න තත්ත්වයට පත් කරගෙන ඉවරයි. මේ පිළිබඳව ඔයාට මොකද සිතෙන්නේ?

නළු නිළියන් විතරක් නොවෙයි. ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම අයකුට එවැනි දේවල් සිද්ධ වෙනවා. හොඳ ජීවිත ගත කරන අය ඉන්නවා. ඒ වගේම ප්‍රශ්න ඇති වෙලා වෙන් වෙන අය ඉන්නවා. අපේ ක්ෂේත්‍රයට විතරක් ඇඟිල්ල දික් කරන එක හොඳ නෑ. ඒක වැරැදියි. ඊට වඩා අපි හිතන්නවත් බැරි ක්ෂේත්‍රවලට හිතන්න බැරි දේවල් සිද්ධ වෙනවා. පවුල් අතර. අපි වැඩිපුර මාධ්‍ය එක්ක ඉන්න නිසා අපිව නිතරම දකිනවා. ඔයාල අපි ගැන මෙහෙම කතා කරනවා.

ප්‍රසිද්ධ වෛද්‍යවරියක් ගැන හිතමුකෝ. එයාලා ගැන කතා කරනවා අඩුයි නේද? මාධ්‍යයෙන් නමුත් අපි ගැන හරියට කතා කරනවා. ඒ අපි හැම තිස්සෙම මේ ගමන ආවේ මාධ්‍යයත් එක්ක හින්දා. ඒ නිසා තමයි අපේ දේවල් නිතරම ජනතාව අතර කතාබහට ලක් වෙන්නේ. එහිදී අපි මාධ්‍ය ඉස්සරහ බැණ ගහගන්න එය නම් එච්චර හොඳ නෑ කියලයි මට හිතෙන්නේ. දේශපාලනයේත්, ක්‍රීඩාවේත් මේ ප්‍රශ්න තිබෙනවා. නමුත් ඒකට වඩා අපේ ක්ෂේත්‍රයේ අයගේ දේවල්වලට තැන ලැබෙනවා වැඩියි. අපි හුඟාක් මහජනයා එක්ක සමීපයි. ඒ හින්දා අවධානය වැඩියි.

එවැනි තත්ත්වයක් තුළ ඔයාගේ පෙම් සබඳතා, විවාහ ජීවිත, කඩා බිඳ දමන්න හුඟාක් අය උත්සහා කරන්න ඇති නේද?

මම නම් ඒවා දැක්කේ නෑ. මම ඒවා ගැන තැකුවේ නෑ. මම කාගෙවත් විරුද්ධකම් එපා කියන ඒවා අහන කෙනෙක් නොවෙයි. මම කරන්නේ මට ඕන දේ පමණයි. අරයා මෙයා මෙහෙමයි නරකයි කියලා කියන ඒවා මම කරන්නේ නෑ.

මීට කලකට පෙර ඔයාගේ නිවසට හොරු පැන සම්මාන හොරෙන් අරගෙන ගියා. ඇත්තටම ඒවාට මොකද වුණේ? අදටත් ඒ ගැන හෝඩුවාවක් නෑ නේද?

ඒක ඉතිං මම හිතින් අත හැරලා දැම්මා. එයා ගෙනියන්න ඇත්තේ මේක සම්මානයක් කියා හිතන්නේ නැතුව වෙන්නැති. ඒක රත්තරන් එකක්. ඒක විකුණලා හරි උණු කරලා හරි ඇති. ලැබුණු සම්මානය කිසි කෙනෙකුට උණු කරන්න, නැති කරන්න බැහැනේ. ඒ සම්මානය මට ලැබුණනේ. ඒ ද්‍රව්‍යමය කියන කොටස විතරයි නැති වුණේ. නමුත් මට ලැබුණු සම්මානය එහෙමමයි.

මිනිසුන්ගේ හිත්වල එය තිබෙනවා. මගේ හිතේ පෞද්ගලිකව තිබෙනවා. ඒ පුද්ගලයා රත්තරන් කියන කොටස විතරක් අරගෙන ගියා.

හැම පොලිසියකින්ම මේ ගැන උනන්දු වෙලා හෙව්වා. ඩී.අයි.ජී.ලා. කතාකළා. අයි.ජී. විතරයි කතා නොකළේ. ඔය හැමෝම කතා කළා. රහස් පොලිසියේ ගියා. නමුත් ලැබුණු දෙයක් නෑ.

නළුවෙක් ඒකට සම්බන්ධයි කියලා ප්‍රචාරයක් ඒ කාලේ ගියා. ඒක සම්පූර්ණ බොරු කතාවක්. සම්පූර්ණයෙන්ම හොරකමේ යන කෙනෙක් තමයි ඒ දේ කළේ.

ඔය සෙනෙහලතා ​ෙෆාන්සේකා කොහොමද එදා වගේම අදටත් ඒ සෙනෙහස ඒ විදිහටම තියාගෙන ඉන්නේ?

(ඇය සතුටින් සිනා සෙන්නට විය)

මම කවදත් එකිනෙකාගේ ළෙන්ගතුකමට, ආදරයට හරි ආසයි. කවුරුහරි මා ගැන අවධානය යොමු කරනවා නම්, මට ආදරය කරනවා නම්, මා ගැන සැලකිලිමත් වෙනවා නම්, ළෙන්ගතු වෙනවා නම් මම හරි ආසයි. ඒක තමයි මට ඕනෑම කරන දේ. මට මේ ජීවිතයේ ඒක හැමදාම ඕනෑ. ආදරය කියන එක අවශ්‍යයි. ඉතිං ඒකත් එක්ක තමයි මම මෙච්චර කාලයක් ජීවත් වුණේ. ඉස්සරහටත් ඒක අවශ්‍යයි. ඒක මට පුදුමාකාර විදිහට ලැබී තිබෙනවා.

පුංචි දරුවාගේ සිට වයසට ගිය අය පවා අදටත්, අපි ඔයාගේ චිත්‍රපට බැලුවා. හරිම ලස්සනයි කියලා මට කියනවා. මේ ළඟකදී අපේක්ෂා රෝහලට ගිය වෙලාවේ අපි දානමය කටයුත්තක් කරද්දී අවුරුදු 50-60ක විතර පිළිකා රෝගයෙන් පෙළෙන අයෙක් මා දිහා බලලා කිව්වා, අපි ඔයාගේ චිත්‍රපට කොච්චර බැලුවාද? මම රසවිඳලා තිබෙනවා. මම ආසම කරන්නේ. ආවා සොයා ආදරේ චිත්‍රපටයේ නාමාවලිය දමන කොට අර මම දිව එන දර්ශනයට කියලා.

එතකොට මාත් එයට උපරිම ආසයි කියලා ඔහුගේ අත් දෙක අල්ලලා කිව්වා. ඔහුගේ ඇස්වල කඳුළු පිරුණා. කතා කරපු හැම කෙනෙක්ම මාව අත් දෙකෙන් අල්ලාගෙන ආදරයෙන් කතාකළේ. ඒ හැමෝටම මම ශක්තිය ධෛර්යය ලබා දුන්නා. ඇමෙරිකාවේ ඉන්න මගේ මිතුරියක් මෙය සංවිධානය කළේ. ඒ අයගේ ශක්තිය නිසයි ධෛර්යය නිසයි, ආදරය නිසයි මම අදටත් මෙහෙම ජීවත් වෙන්නේ. ඔවුන්ගේ ඇස්වල ආදරය, කරුණාව පිරිලා තිබෙන බව මා දකිනවා. ඒක පුදුමාකාර විදිහට දැකීමෙන් ජීවිතය සම්පූර්ණ වෙනවා කියා මා හිතනවා. ජීවිතේ පිරෙනවා.

ඇය බෝහෝ දේ ඉවසීමෙන් සිතා බලා කතා කළේ කාහටවත් සිතක් නොරිදන පරිද්දෙනි. එය ඇය ලබා ගත් අත්දැකීම් තුළින් උපයා ගත් දේ බව මට වැටහිනි. ඇත්තෙන්ම ඇය කාන්තා පරපුරටම ආදර්ශයක් දෙන නිළි රැජින බව නම් කිව යුතුමය. ඇයගේ මේ සටහනෙන් ඔබටත් ජීවිතය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකි බව කියවද්දී වැටහේවි. ඒ නිසා එය සොයා ගන්න උත්සාහ කරන්න.

පුරා මාස ගණනාවක් තිස්සේ මෙරට සිනමා ක්ෂේත්‍රයේ, ක්‍රීඩා ක්ෂේත්‍රයේ, සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ හා ජනප්‍රිය අයගේ ආදරය, ප්‍රේමය හා විවාහය ගැන මම කතා කෙළෙමි. බොහෝ කාරණා, මා පිළිබඳව තැබූ විශ්වාසය නිසාම මාධ්‍යයෙන් හෙළි කිරීමට අවස්ථාව ලැබිණි. ඒ නිසාවෙන්ම ඒ ලිපි මාලාව ගැන ඔවුන් මට ප්‍රශංසා කළ අවස්ථා බොහෝය. ඉදින් අද මේ වසරේ අවසන් දිනයයි.

අපේ මේ සටහන “හෙළ සිනමා නිළි රැජිනියගෙන්ම” අවසන් කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටුවන්නෙමි. ඇය හැර මෙය අවසන් කිරීමට සුදුසු කෙනා කවුරුන්ද? එසේ මා සිතමින් “ආදරය, විවාහය සහ ප්‍රේමය” යන පරිච්ඡේදයේ අවසානය මා සටහන් කරන්නේ මෙයට උදව් දුන් සියලු දෙනාට තුති පුදමින් හා එයින් යම් සිත් තැවුලක් ඇති වූවා නම් ඒවාට සමාව ලබාදෙන මෙන් කාරුණික ඉල්ලීමක් ද කරමිනි.

කතාබහ කළේ සමන්ත යහම්පත්

කාමරයේ නිද‌ා සිටි පුංචි මල් කැකුළ අත්භූත ලෙස ළිදට වැටී මියගිය අභිරහස විශ්මිත ලෙස විසදුනු හැටි මෙන්න

කාමරයේ නිද‌ා සිටි පුංචි මල් කැකුළ අත්භූත ලෙස ළිදට වැටී මියගිය අභිරහස විශ්මිත ලෙස විසදුනු හැටි මෙන්න

නිවසේ කාමරයක නිදි කරවා සිටි අවුරුදු 3 1/2 ක් පමණ වයසැති සුරතල් දියණිය සුරඟන සිහින දකිමින් සුව නින්දකය. ඇගේ මව හා අත්තම්මා (මවගේ මව) නිවසේ සාලයේ රූප පෙට්ටිය අබියසය. සීයා (මවගේ පියා) නිවසේ මුළුතැන්ගෙයි පිල මත වැතිර ගෙනය. දියණියගේ පියා නිවසට නුදුරින් වූ ඔහුගේ මහ ගෙදරට ගොසිනි.

දිනය ඉකුත් 21 වැනිදාය. වේලාව රාත්‍රි 8 ට පමණ ඇත.

නිදි සුව විඳින දියණියට පොරවා තිබූ රෙදිකඩ ඈත් මැත් වී මදුරුවන්ගෙන් හා රෑ සීතලෙන් දියණියට පීඩාවක් වේදැයි සිතා මව දියණිය නිද‌ා සිටි කාමරයට ගියාය.

දියණිය ඇඳ මත නොවීය. මව අවට සිසාරා දෙනෙත් හෙළුවාය. කාමරයේ නැත්තේ දියණිය පමණි. ඇයට ගිනි පත්තු විය. ‘අම්මේ දුව නැ.’ යි ඇය කෑ මොර දුන්නාය.

මව්වරුන්​ ​ෙදදෙන ගෙයි කාමරවල අස්සක් මුල්ලක් නෑර සොයා බැලූහ. එහෙත් දියණිය පෙනෙන්නට දකින්නට නොසිටි හෙයින් ඔවුන් නිවසින් එළියට දිව ගියේ පිස්සියන් මෙනි.

මහගදරට ගොස් එමින් සිටි පියාද දියණිය නැති බව අසා පරල වූවා සේ විය. ඔවුනට ඔවුනොවුන් නොපෙනිණ. නෙත සිඳ ඇඳි රුව වූ දියණිය සොයන්නට වූහ.

පියාගේ සොහොයුරන් හා අසල්වැසියෝ ද ආරංචිය අසා රොද බැඳුණහ. ‘‘දුවේ ලකීෂා, පැටියෝ’’ යන ඇමතුම් හඬින් අවට පරිසරයේ වායු තලය ගිනියම් වී තිබිණ.

පියා තම අත වූ ජංගම දුරකථනයේ විදුලි පන්දම දල්වා ගෙන යාබද ඉඩමේ වූ ළිඳ කරා දිව්වේය. ළිඳ තුළට විදුලි පන්දම් එළිය යොමු කළේය.

එය සිදුනොවිය යුත්තකි. එහෙත් යක්ෂයාගේ හෝරාව තුළ එය සිදුව තිබිණ.

ළිං ජලය මත පාවෙමින් තිබූ තම දියණියගේ සිරුර දුටු සැණින් පියා ළිඳට පැන්නේය. දියණියගේ සිරුර කර හොවාගෙන ළිඳෙන් දිය බාන බටය අල්ලා ගත්තේය. ළිඳට එබී හුන් පිරිස ඔවුන් දෙදෙනා ගොඩට ගනු ලැබිණි.

වාහනයකින් කුලියාපිටිය රෝහල වෙත රැගන ගිය දැරියගේ නිසල සිරුර පරීක්ෂා කළ වෛද්‍යවරු දැරිය මියගොස් ඇති බව පැවැසූහ.

ඒ යක්ෂයාගේ හෝරාව තුළ සිදු වූ ඛේදවාචකයයි.

මේ ඛේදවාචකයට ගොදුරු වූයේ කුලියාපිටිය පහළ බෝහිංගමුව ප්‍රදේශයේ ඒ.එම්. ලකීෂා ලක්දුලි අලගියවන්න නමැති කුඩා දැරියයි.

නිවසේ සිටි දැරිය මේ ළිඳට වැටුණේ කෙසේද?

ඒ රහස හෙළිදරව් කර ගැනීමට විමර්ශන කටයුතු ඇරඹූ කුලියාපිටිය පොලිසිය මියගිය දැරියගේ පියා වන රසික ප්‍රේමරත්න (33) මව වන චාමලී චාන්දනී (30) දැරියගේ පියාගේ මව වන හැරියට් සෝමලතා (54) යන අයගේ ප්‍රකාශ මත සැකකරු සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණ.

එම සැකකරු මියගිය දැරියගේ සීයාය. දැරියගේ මවගේ පියා වන හේ 51 හැවිරිදිය.

මෙම සිද්ධිය වූ දින සවස අධික ලෙස බීමතින් සිට ඇති සැකකරු තම බිරිඳ හා දියණිය සමග ඇතිකර ගත් බහින් බස්වීමකදී ‘මම උඹලට හොඳ වැඩක් කරන්නම්’ යැයි පවසා තිබීම අතුරුදන්ව සිටි දැරිය සොයා දෙමාපියන්, ඥාතීන් හා අසල්වැසියන් අවට සොයා බලද්දී සැකකරු ඊට සහභාගි නොවී කරබා ගෙන සිටීම, දැරිය ගැන විමසූ විට කිසි පිළිතුරක් නොදීමද සැක සහිත හේතු කාරණා වීම නිසා මෙම අපරාධය සම්බන්ධයෙන් එම සීයා සැකපිට අත්අඩංගුවට ගත් බැව් පොලිසිය පවසයි.

කුලියාපිටිය පොලිසියේ නිල සුනඛ භාරකරු පො.සැ. (49068) සුනිල් මාලිගරත්න මහතා යටතේ නිල සුනඛ ‘විකී’ සිද්ධිය වූ නිවස වෙත යොමුකොට පෙර දින කුස්සියේ පිල මත නිද‌ා සිටි සැකකරු හිස තබා ගෙන සිටි කොට්ටයේ ඉව ලබා දුන් පසුව නිවසේ පිටුපස දොරින් නිවසට පිවිස මියගිය දැරිය නිදි කරවා සිටි කාමරයේ ඇඳ මතට නැග අනතුරුව යාබද ඉඩමේ ළිඳ වෙත ගොස් නතර වී ඇතැයි ද පොලිසිය පවසයි.

සිද්ධිය වූ ස්ථානයට හා කුලියාපිටිය රෝහලේ මාතෘ ශරීරාගාරයට ගිය කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් චම්පික ලසිත කුමාර මහතා දැරියගේ මරණය පිළිබඳ සිය පරීක්ෂණ හා නිරීක්ෂණ පැවැත්වීය.

සැකකරු සිය මිනිබිරිය (මරණකාරිය) කෙරෙහි දැඩි සෙ​ෙනහසකින් යුතුව සිටි බැව් පැවසෙන අතර ඇගේ නමෙහි කොටසක් වන ‘ලකීෂා’ යන්න සැකකරු තම වම් අතේ උඩ බාහුවේ පච්ච කොටා ඇති බවද පැවසේ.

මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයේ නියමයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කුලියාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා දැරියගේ මරණය දියේ ගිලී හුස්ම ගැනීමට අපහසුවීමෙන් සිදුවූවක් බවත් ඇගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නැති බවත් සිය වෛද්‍ය වාර්තාවේ දක්වා ඇත.

දැරිය නිවසේ කාමරයේ නිදි කරවා සිටියදී ඇය හැඳ සිටි ඇඳුම් ඇගේ සිරුර ළි​ෙඳන් ගොඩට ගනිද්දී ඇඟේ නොතිබූ බව පොලිසිය පැවසූ බැව් ඇතැම් මාධ්‍යවල දන්වා තිබීම අසත්‍යයක් බැව් සඳහන් කළ කුලියාපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍ර,පො.ප. අජිත් ප්‍රියන්ත මහතා ළිඳෙන් ගොඩට ගත් දැරියගේ සිරුර කුලියාපිටිය රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවේදී පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගෙන්, දැරියගේ සිරුර නිරුවත්ව තිබූ බවක් හෙළි නොවී යැයිද පැවසීය.

කුලියාපිටිය පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ, පොලිස් අධිකාරි (අංක 1) ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් හා කුලියාපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර,පො.ප. අජිත් ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. හැරිසන් සෝමසිරි, උ.පො.ප. බන්නැහැක, පො.සැ. (29269) ධර්මසිරි ​පො.සැ. (49120) ඤාණරත්න, පො.සැ. (30538) ලෙව්දෙණිය, පො.කො. (49754) රණසිංහ, පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ උ.පො.ප. සිරිසෝම, පො.කො. (49051) ප්‍රියන්ත පො.කො. (88923) සංජීව යන මහත්වරු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

සටහන ඡායාරූප
කුලියාපිටිය චාමර විමලරත්න

විරාත් කෝලිගේ වෙඩින් එකට ආරධනා ලැබූ එකම ශ්‍රී ලාංකිකයා ගයාන් ලංකාවට ඇවිත් විරාත් කෝලි ගැන කිව්ව පුදුම හිතෙන කතාව මෙන්න

විරාත් කෝලිගේ වෙඩින් එකට ආරධනා ලැබූ එකම ශ්‍රී ලාංකිකයා ගයාන් ලංකාවට ඇවිත් විරාත් කෝලි ගැන කිව්ව පුදුම හිතෙන කතාව මෙන්න

විරාත් කෝලි කියන්නේ මහ පුදුම මිනිහෙක් වචනයේ අර්ථයෙන්ම මනුස්සයෙක් මැච් එකක් ගහද්දීනම් පඩයා තමා ඒත් සාදාරනයි මොකද කෝලි ගොඩක් දක්ෂයි මෙන්න කොලිගේ වෙඩීමට ගිය එකම ලාංකිකයා කියන පුදුම හිතෙන කතාව

පණවගේ බලාගත් පුංචි නංගිව පැහැර ගෙනගොස් ඇයව ගණිකාවක් කල පාපතරයාට ගේම දෙන්න ලොකු අයියා කල සංවේදී වැඩේ මෙන්න

පණවගේ බලාගත් පුංචි නංගිව පැහැර ගෙනගොස් ඇයව ගණිකාවක් කල පාපතරයාට ගේම දෙන්න ලොකු අයියා කල සංවේදී වැඩේ මෙන්න

2018 නව වසර ලබන්න තියෙන්නේ තව දවස් දෙකයි බලන්න මේ වසරේ අපිට අහන්න දකින්න ලැබුනේ මොනවද කියල හැම තැනම ස්ත්‍රී දුෂණ අපචාර වැඩිය ඕනනෑ ලංකාවේ මියුසික් වීඩියෝවල පවා තියෙන්නේ බාගෙට රෙදි ඇදගනිපු කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඇදක් උඩ පොරකනවා එහෙමත් නැත්නම් ගෑනු දෙන්නෙක් රෙදි නැතුව වතුර වලක පීනනවා, මේ හැම දෙකින්ම නැතිවෙන්නේ අපේ අනාගත පරපුර ලොකු පොඩි හැම දෙනෙකුටම ආදර්ශයක් සහ සහෝදරයකුගේ වටිනාකම කියලාදෙන මේ වීඩියෝ එක බැලුවොත් කවදාවත් සහෝදරයකුට හිතරිදෙන වචනයක් වත් කියන එකක් නෑ

මෙන්න මම උසස්පෙළ විභාගයෙන් දෙවතාවක්ම ෆේල් තර්ඩ් ෂයි කරන්නත් ක්ලාස් ගියා කෝටිපති ව්‍යාපාරික ලසන්ත කියයි ඒ කාලේ අපිට ඒ හැටි සල්ලි තිබ්බෙ නෑ

මෙන්න මම උසස්පෙළ විභාගයෙන් දෙවතාවක්ම ෆේල් තර්ඩ් ෂයි කරන්නත් ක්ලාස් ගියා කෝටිපති ව්‍යාපාරික ලසන්ත කියයි ඒ කාලේ අපිට ඒ හැටි සල්ලි තිබ්බෙ නෑ

හමර් අවුඩි බෙන්ස් වාහන රැසක හිමිකරු ලෙස හඳුන්වමින් පසුගිය දිනවල අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ කෙනෙක් ලෙස ලසන්ත වික්‍රමසිංහ නමැති ව්‍යාපාරිකයා හදුන්වා දෙන්නට පුළුවන්.

උසස් පෙළ විභාගය පිටපිට දෙවරක් අසමත්වීමෙන් පසු ජීවිතය අත්නොහැර උත්සාහයත් උනන්දුවත් නිසා ජීවිතය ජයගත් ලසන්ත මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ විවිධ තාක්ෂණික සේවා සපයමින් ජර්මනිය නවසීලන්තය ඇතුළු විවිධ විදෙස් රටවල ගැණුම්කරුවන්ගේ විශ්වාසය දිනාගෙන සිටින්නෙකි.ශාඛා 3 ක් දක්වා පුළුල් කළ ව්‍යාපාර ජාලයක් මෙහෙයවමින් මාසිකව ඉතා විශාල ආදායමක් උපයන්නකි.

දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙසින් උපන් ලසන්ත පාසල් හතක පමණ අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ලබන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි.

මීට වසර 15 කට පමණ පෙර උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිටි ඔහු එයින් අසමත් වන්නේය. නැවත දෙවැනි වරද පෙනී සිටයත් එවරද අසමත් වන්නේය. අවස්ථා දෙකේදීම අසාර්ථක වෙන ලසන්ත ඉන්පසු කළමනාකරණ විභාගයකට පෙනී සිට යංතමින් රජයේ දෙපාර්තමේන්තුවක රැකියාවකට ඇතුලත් වෙයි. එහි සේවය කර හොඳ වේතනයක් ලැබුනේ නැති නමුත් ඔහු උත්සාහය අත්නොහරී. තමන්ට විවේක ලැබෙන සෑම වේලාවකම පරිගණකයෙන් විවිධ දේ කරන්නට ඔහු උත්සාහ ගනී.

පාසල් යන කාලයේ සිටම පරිගණක සදහා උනන්දුවක් දැක් වූ ලසන්ත 2002 සිටම අන්තර්ජාලය හරහා මුදල් සෙවීමේ ක්‍රම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අතර එකල ලංකාවේ වැඩිදෙනෙකු අතර කථාබහක් නොවුණ ගූගල් සමාගමේ ඇඩ්සෙන්ස් හා ෆයිවර් සමාගමේ බාහිර ග්‍රැෆික් වැඩ මගින් ආදායම් ඉපැයීමට උත්සාහ ගනී. අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍ර සඳහා ව්‍යාපාර නාමයන් ප්‍රවර්ධනයද ඔහු සමත්කම් දැක්වූ විෂය පථයකි.

මුලදී මසකට රුපියල්පන්දහසක්වත් උපයන්නට බැරිවූ නමුත් එන්න එන්නම එම ආදායම වැඩි කරගෙන ලක්ෂ ගණනක් දක්වා මාසික ආදායම ඔහු වැඩි කරගන්නට සමත් වෙයි.
ඔහු අන්තර්ජාලයේ සුළු සුළු කොන්ත්‍රාත් වැඩවලින් මුදල් ඉපැයීම මුලදී සිදු කළත් පසුව ඔහුට නවසීලන්තයේ මිතුරෙකුගේ මාර්ගයෙන් ඒ රටේ තාක්ෂණික වැඩ ව්‍යාපෘති ලෙස ලැබීම මෙම මුදල් ඉපැයීම ඉක්මන් කරවූ බව පවසා තිබේ. අනතුරුව ජර්මනිය ඇතුළුයුරෝපා රටවලින්ද ඔහුට එවැනි ඇණවුම් ලැබී තිබේ.

මේ වන විට ජංගම දුරකත apps ,වෙබ් අඩවි නිර්මාණ කටයුතු සහ තවත් තාක්ෂණික සේවා කටයුතු රැසක්ම ඔහු විදේශයන්ට සිදුකරන අතර තමන්ගේ ව්‍යාපාර ජාලය ශාඛා තුනක් දක්වා වර්ධනය කර වැඩි පිරිසකට රැකියා අවස්ථාද ලබාදී තිබේ.

ඔහු තමන් ආ ගමන ගැන අපට කියා සිටියේ මෙසේය.

‘මං පාවිච්චි කරන වාහන ගැන නොයෙකුත් කතා තිබුණා. වාහන ගොඩක් තිබෙනව තමයි ඒව ගත්තෙ ආසාවට. ඒ්ත් මං භාවිත කරන්නේ බෙන්ස් එකයි හමර් එකයි අවුඩි එකයි. මං අන්තර්ජාලයේ මුදල් හම්බ කරන කෙනෙක් විදිහට මින් පෙර පළවුණ වාර්තාවල පළවුන විස්තර සමහර ඒවා නිවැරදි නෑ.

මං 2002 ඒ ලෙවල් කරේ මැට්ස් වලින් පළවෙනි පාර ෆේල් ඊට පස්සෙ සෙකන්ඩ් ෂයි කරා ඒකත් ෆේල් මං ආයෙත් තර්ඩ් ෂයි කරන්නත් ක්ලාස් ගියා.
අපිට ඒ හැටි සල්ලි තිබ්බෙ නෑ. තාත්ත ඒජී ඔෆීස් එකේ වැඩ කරේ. අම්මා නර්ස් කෙනෙක්.තර්ඩ් ෂයි කරන්න ක්ලාස් යන අතරේ රජයේ දෙපාර්තමේන්තුවක පොඩි ජොබ් එකක් හම්බ වුණා. මං කවදත් කොම්පියුටර් වැඩවලට උනන්දුයි.

මේ ජොබ් එක කරන අතරෙ තමයි තව සල්ලි ටිකක් හොයන්න හිතං ඔන්ලයින් සල්ලි හොයන්න හිතුවේ. ෆ්‍රී ලාන්ස් වැඩ බාර අරන් පොඩි පොඩි ග්‍රැෆික් වැඩි කරලදීලා තමයි මුලින්ම සල්ලි හෙවුවේ.ඒ කාලෙ ඇත්තටම ඔන්ලයින් සල්ලි හොයන වැඩ ගැන රටේ වැඩිදෙනෙක් දන්නෙ නෑ. මං මුලදිම තමයි වැඩට බැස්සේ. මං කොම්පියුටර් කෝස් වලින් ඉගෙන ගත්තු දේවල් නෙමේ තනියෙන්ම තමා අත්හදා බැලුවේ. මුලදි විවිධ ප්‍රශ්නත් ආවා. සමහර විට බෑන් වුණා. ටික ටික මුදල් ලැබෙන කොට ඒවා තවත් ඒවට ආයෝජනය කළා.

ඒ විදිහට තමා ඉදිරියට ගියේ. ටික කාලයක් යනකොට හරියටම ඕඩියන්ස් එක ගැන හිතල ඒ අයට ඕනකරන දේවල් වලට සම්බන්ධ වෙලා මුදල් උපයන්න පුරුදු වුණා. මං හදපු වෙබ් සයිට් 1500 ක් විතර ඇති. මට වැඩ වැඩිපුර ලැබෙන කොට ඒවා තවත් අය යොදවලා එකතුවෙලා වැඩ කළා. කාලයක් යද්දි කට්ටියක් එක්ක මුදල්බෙදාගෙන ඒවගේ ව්‍යාපෘති භාරගත්තා. මං සුළුවෙන් කර කර හිටිය දේ පුළුල් වුනේ නවසීලන්ත යාළුවෙක් නිසා. එයා කිව්වා එහේ බිස්නස් වල තියන තාක්ෂණික අවශ්‍යතා අපට දන්වන්නම් කරල දෙන්න කියලා. ඒ අනුව ගොඩක් වැඩ ලැබුණා. ඒවට හොඳට ගෙවුවා. මේ විදිහට විවිධ රටවල් වල වැඩ ව්‍යාපෘති විදිහට භාරගෙන කළාම අපිට විශාල වශයෙන් මෙයින් මුදල් උපයන්න හැකි බව ඒත්තු ගියා. අපි එස්ඊඕ කරන ඒවා ඇප්ස් හදන ඒවාට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ පාර කපාගත්තෙ අපිමයි.

රජයෙන් හරි වෙනතැනකින් හරි මගපෙන්වීමක් තියනවා නම් ලංකාවේ තාක්ෂණික හැකියාව තියන බොහෝ දෙනෙකුට මේ විදිහට ආදායම් ලබන්න පුළුවන්. අද වෙනකොට සැලකියයුතු පිරිසක් මා සමග වැඩ කරනවා. මට හොඳ විශ්වාසවන්ත පිටරට කස්ටමර්ලා ඉන්නව.

මං දෙන උපදෙස තමයි අන්තර්ජාලයෙන් මුදල් හම්බ කරනව කියල එක එක ඒවට රෙජිස්ටර් වෙලා පොඩි පොඩි දේවල් ලැබෙනකම් බලා ඉන්නවට වඩා තමාට කරන්න පුළුවන් හොඳම දේවල් හඳුනගෙන ඒව මාකට් කරන්න කියන එක. සමහර අයට ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. සමහර අය හොඳට ග්‍රැෆික් වැඩ පුළුවන් සමහර අයට වෙබ් සයිට් හදන්න පුළුවන්. මේ දේවල් වඩාත්හොඳට වඩාත් විශේෂ විදිහට කරන අයට පමණයි පිළිගැනීමක් ලැබෙන්නේ. ඒ පිළිගැනීම ඇතිකරන්න උත්සාහ කරන අයට අමාරු නෑ.

උසස් පෙළින් උඩට යන්න බැරිවුණාම මං වෙනත් පාරක් හදාගත්ත වගේ හැමෝටම තමන්ට අයිති පාරක් හදාගන්න උත්සාහය තිබෙනව නම් බැරි වෙන්නෙ නෑ.’

රුකාන්තගේ බාල දුවගේ උපන්දිනය දවසේ සනුක කරපු වැඩේ මෙන්න වින්ඩි නමත් වෙනස් කරලා අලුත් නමකුත් දාලා

රුකාන්තගේ බාල දුවගේ උපන්දිනය දවසේ සනුක කරපු වැඩේ මෙන්න වින්ඩි නමත් වෙනස් කරලා අලුත් නමකුත් දාලා

වින්ඩි ගුණතිලක කියන්නේ රූකාන්ත ගුණතිලකගේ බාලම දුව කියලා කවුරුත් දන්න දෙයක්නේ. ඉතිං ඇය හා සනුක වික්‍රමසිංහ අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවටද පසුගිය දිනවල විවිධ පුවත් මැවුණා. මේ කාරණා මැදින් පසුගියදා යෙදී තිබුණුවින්ඩිගේ උපන්දිනය වෙනුවෙන් සනුක සුබ පැතුමක් එක් කර තිබුණා.

ඉතින් සනුක සමාජ මාධ්‍යයන්වලට ඡායාරූපයක් සමග ඇයට කියා තිබුණේ බිංදුමතී කුමාරිහාමි කියලායි.

මේ එම සුභ පැතුමයි.

අක්මාව දීලා එය අපේ නම්බුවත් නැති කරා උදව් කරන්න ගිය රංජන්ගේ රෙද්ද ගැලවෙන්න නාමල්ගේ බිරිඳ කිව්ව කතාව මෙන්න 

අක්මාව දීලා එය අපේ නම්බුවත් නැති කරා උදව් කරන්න ගිය රංජන්ගේ රෙද්ද ගැලවෙන්න නාමල්ගේ බිරිඳ කිව්ව කතාව මෙන්න

මේ දිනවල දැඩි ලෙස කතා වෙන දෙයක් තමයි මිට ටික කලකට ඉහතදී රෝගාතුර වූ නාමල් උඩුගමගේ නොයෙක් නොයෙක් ප්‍රශ්නයන්.නාමල් උඩුගමුවට අක්මාවක් දුන්න පුද්ගලයා ගැන මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල කතා වෙන ප්‍රධාන මාතෘකාවක් බවටත් පත්වී හමාරයි.. ඉතින් මේ සිද්ධියෙන් පසුව එම පුද්ගලයාට උදව් උපකාර කිරීමට රංජන් රාමනායක ඉදිරිපත් වෙලා තියෙනවා. ඔහු එම අවස්තාවේ දුරකථනයෙන් නාමල් උඩුගමගේ බිරිදව මෙසේ අමතා තිබෙනවා..

එම දුරකථන සංවාදය පහතින්

රුවන්ති නංගී අපි මේක සමාදානයෙන් විසඳගමු අපිට පුළුවන් මෙයාට උදව් කරන්න අපි වජිර අබේගුනවර්ධන අැමතිතුමාටත් කතා කළා. ෆේස්බුක් එකේ ජනතාවත් මෙයාට උදව් කරයි…?

ඒක හොඳයි අයියා… ඒයාගෙන් අහන්න අපි එයාට සැලකුවේ නෑ කියලා බොරු වංචා කළේ ඇයි කියලා? එහෙම දේවල් කරන්න ගියාම එයා කරපු දේනුත් වැඩක් නැති වෙනවනේ?

අපිත් එක්ක ඔපරේෂන් කරපු අය ඔක්කොම කැමති මෙයා ගැන කියන්න..අර මාළු කඩේ අජිත් අයියලා එයාලත් කැමති මෙයා ගැන කියන්න.. එයාලා කියනවා ඕන වෙලාවක එන්න කියලා.

ඔයාලගේ පැත්තෙන් මොනවා හරි උදව්වක් කරන්න ලෑස්ති ද?කීයක් වගේ දෙන්න පුළුවන්ද මෙයාට?

දැන් නම් අපි ආයේ මෙයා මේ කරපු දේට කිසිම උදව්වක් කරන්නේ නෑ… සෞඛ්‍ය තත්ත්වයට මොනවා හරි තියෙනවනම් ඒක අපි බලනවා.

මුදලින් උදව්වක් කරන්න පුළුවන්ද?

මුදලින් ආයෙත් කිසිම උදව්වක් කරන්නේ නෑ එයා කරපු මේ බලු වැඩේට… එයාට ඕන නම් සෞඛ්‍ය තත්ත්වයේ අඩුපාඩු මොනවා හරි තියෙනවනම් අපි ඒක බලලා කරලා දෙනවා.

දැන් එයාට නංගී ජීවත් වෙන්න විදිහක් නෑ..?

එයා ලක්ෂ 20ක් ගත්තතේ ඒකටනේ… ජීවත් වෙන්න එයා ඒ දවස්වල මොනවද වගාවක් කරනවා කියලා කිව්වා… එයා අපට කළේ ලොකු අපහාසයක්? දන්නවද අපිට ඕන නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් පුළුවන්.. මොකද එයාට ශරීර කොටස් දීලා ඔහොම කාටවත් බලපෑම් කරන්න බෑ… අපි ඒවා ඇහුවා ඔක්කොගෙන්ම..

අපි එයා ගැනත් හිතලා තම අයියා පාඩුවේ ඉන්නේ නැත්තන් හොද වැඩක් කරනවා

අපි මානුෂීය පැත්තෙන් හිතලා මෙයාට උදව්වක් කරමු ද?

එයා මට කියලා තියෙන දේවල්වලට අපි දැන් එයාට කිසිම උදව්වක් කරන්නේ නෑ.. එයාට ඕනනම් එයාගේ අසනීප තත්ත්වයක් තියෙනවනම් ඒකට අපි උදව් කරනව..

අසනීප වුණේ ඔයාලට උදව් කරලනේ?

එයාට දැන් අසනීපයක් නෑනේ…මොකක්ද තියෙන අසනීපේ? එහෙනම් එන්න පුළුවන් අපි ළඟට..

හැබැයි මෙයාට හුස්ම ගන්න අමාරුයි… එකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා..?

නෑ නෑ ඒ බොරු එහෙම තියෙනව නම් එන්න කියනනකෝ… අපිට චෙක් කරන්න පුළුවන්නේ… එහෙම මොනවා හරි තියෙනවනම් අපේ ගෙදර එන්න කියන්න..

මුදලින් මොකුත් කරන්න අමාරුයි නේද?

අපිට කරන්න බෑ අයියේ… අපිත් ඉන්නේ අමාරුවෙන්…අක්මාව දීලා එයා අපේ නම්බුවත් නැති කළා..

දෙවෙනි පෙම්වතා ගේ ලිපිය කියවා සියදිවි නසාගත් පානදුරේ රූමත් තරුණියට එම පෙම්වතා ඒවා තිබු සංවේදී ලිපිය මෙන්න

දෙවෙනි පෙම්වතා ගේ ලිපිය කියවා සියදිවි නසාගත් පානදුරේ රූමත් තරුණියට එම පෙම්වතා ඒවා තිබු සංවේදී ලිපිය මෙන්න

සියදිවි නසාගන්නා ලද පානදුරේ දෝන කතිරිනා ජයසේකර නම්වූ තරුණියකගේ සිරුර අසල තිබී සොයාගන්නා ලදුව, ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණයට ඉදිරිපත්වූ ලිපියකි.

“පසුගිය දින කීපය ගෙවී ගියේ අවිවේකීව ය. කළ යුතුව තිබූ හදවත් සැත්කමක් සඳහා රෝහල්ගතව සිටි කාලය තුළත් ඉන් පිටතදීත් මම ඔබ පිළිබඳව බොහෝ සේ සිතුවෙමි. මෙවන් ලිපියක් ඔබට ලියම් දෝ හෝ නොලියම් දෝ යන දෙගිඩියාවක් මා තුළ විය. අවසානයේ මේ සියල්ල සිදුවූයේ මෙසේය යන වග ඔබට දැනුම්දීම් වස් මෙය ලිවීමට මම තීරණය කළෙමි. සියල්ල සිදුවූ ආකාරය දැනගැනීමට ඔබට ද ඇති අයිතියට මම ගරු කරමි. මෙම ලිපිය කියවූ පසුව ඔබ මා පිළිබඳව කෙලෙසක සිතාවිදැයි මම නොදනිමි. ඔබ කෙසේ සිතුවද, මා විසින් ඔබට දක්වන ලද ව්‍යාජව ඇරඹී අව්‍යාජ බවට පත් ප්‍රේමයෙහි කිසියම් සත්‍යතාවයක් වේ නම්, මේ එයයි.

ඒ දිනවල සති අන්ත පුවත්පතකට මා විසින් ලියන ලද සැඳෑ සමය නම් කොටස් වශයෙන් පළවූ කතාව නිමාවීමට ආසන්නව තිබුණි. ඒ කතාවේ වස්තුබීජය වූයේ මගේ බිරිඳ හා අපේ මුණුබුරු අලෙයොන් අතර වූ මිත්‍යාව දවටාගත් සත්‍ය මත පදනම්වූ කතාවකි. ඒ කතාවට යහපත් පාඨක ප‍්‍රතිචාරයක් ලැබෙමින් තිබුණු බව විටින් විට මට පුවත්පත් කාර්යාලයෙන් දැනගැනීමට ලැබුණි. අන්වර්ථ නාමයකින් ලියන ලද ඒ කතාව පිළිබඳව ඒ දිනවල බොහෝ දෙනෙකු කතා කළහ. එය මගේ නිර්මාණයක් බව නොදැන, මගේම මිතුරන් පවා ඒ ලිපි පෙළ ඇගයීමක් කරනු ඇසීමෙන් මම තෘප්තියක් ලැබීමි.

පුවත්පත් කාර්යාලයෙන් මගේ විස්තර ලබාගත් පොත් ප‍්‍රකාශයකයකු මා ඇමතුවේ මේ අතර ය. ඔහුගේ ඇරයුම පරිදි මම ඔහු හමුවීමට ගියෙමි. ඔහු මට ඇරයුම් කර සිටියේ අලුතින් තවත් නවකතාවක් ලියන ලෙස ය. තරුණ පාඨක පරපුර ග‍්‍රහණය කරගනු වස් මැදි වියේ විවාහකයකු හා පාසල් වියේ ලාබාල තරුණියක අතර ඇතිවෙන අනියම් ප්‍රේමයක් ගැන ලියන ලෙස ය ඔහු මට කීවේ. ජීවිතය අග්ගිස්සෙහි එහා මෙහා වැනෙමින් සිටින මට එවන් කතාවක් සඳහා නිර්ව්‍යාජ ප්‍රේමාන්විත හැඟීම් සිත තුළ මවාගැනීම අපහසු බව වැටහී ගිය ද, එවකට රෝගීව සිටි මට හදවත් සැත්කමක් සඳහා අවශ්‍යව තිබූ මුදලට සමාන මුදලක් පොත් ප‍්‍රකාශකයා විසින් ගෙවීමට පොරොන්දුවීම පිළිබඳව මම සැලකිලිමත් වීමි. ඔහුගේ යෝජනාවට මා විසින් කැමැත්ත පළකරනු ලැබුවේ ඒ නිසා ය.

නිවසට පැමිණි මම දස අතේ කල්පනා කරන්නට වීමි. මා තරුණ වියේදී අත්විඳි ප්‍රේමයට වඩා අද ප්‍රේමය බොහෝ සේ වෙනස් ය. අද ප්‍රේමයේ භාෂාව ද එදා ප්‍රේමයේ බස නොවේ. තාත්විකව එවන් කතාවක් ලිවීමට තරම් ප්‍රේමාන්විත හැඟීම් වයස අවුරුදු හැත්තෑපහක් වූ මගේ සිත තුළ කෙසේ පිළිසිඳවා ගනිම්දැයි මම කල්පනා කරන්නට වීමි.

අහඹු ලෙස ඒ මොහොතේ මා ඉදිරිපිට පෙරළී තිබුණු පුවත්පත් පිටුවේ වූ සඳැස් නිසදැස් කවි සියල්ල මම අරමුණකින් තොරව කියවන්නට වීමි. ප්‍රේමය- වියෝව- හුදකලාව පිළිබඳව ලියැවුණු ඒ කවි අතර, ඔබ විසින් ලියා තිබුණු කවියේ කිසියම් විශේෂත්වයක් මම දුටිමි. මාතර යුගයේ සිහිවටනයක් බඳු වූ ඔබේ නම ද ඔබ විසින් ලියා තිබුණු කවිය තරම් ම මා අමන්දානන්දයට පත් කළේය.

ඔබේ කවියේ අකුරක් නෑර කීපවිටක් ම කියවීමේදී ඔබේ වයස හා ඔබේ මානසික තත්ත්වය පිළිබඳව අඩමාන වශයෙන් හෝ කිසියම් තක්සේරුවකට පැමිණීමට මට අපහසු නොවීය. ඔබේ කාව්‍ය ප‍්‍රතිභාව අනුව ඔබ කවියට ආධුනික නොවෙන බවක් ද මම දුටුවෙමි. මට අවශ්‍ය වූයේ ඔබ සොයා ඔබට ව්‍යාජව ප්‍රේමකර, මගේ පොත සඳහා තාරුණ්‍යයේ අත්දැකීම් ලබාගැනීමට ය. ඔබ වැන්නියකට මුහුණු පොතේ පිටුවක් නැතැයි සිතීම දුෂ්කර විය. එහෙත් ඒ වෙන විට මට එවන් තාක්ෂණයක් පිළිබඳ දැනුමක් නොවීය. මුහුණු පොත වැනි දේ තරුණ පරම්පරාවට මිස අපේ පරම්පරාවට අයත් නොවෙන දේ ලෙස සලකා බැහැර කර තිබුණේ මගේ මනාපය අනුව ම ය. ඔබ සොයාගැනීමේ ඒකායන අරමුණ නිසාම, මුහුණු පොත පිළිබඳව කිසියම් අවබෝධයක් පත්තර සගයකුගෙන් මම ලබාගතිමි.

මා සිතුවා නිවැරදි ය. ඔබේ නම අනුව යමින් මුහුණු පොතේ ඔබේ පිටුව මම සොයාගතිමි. ඔබේ ඡායාරූපය වෙනුවට එහි පළකර තිබුණු ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය මූර්තිමත් කර තිබුණු ජපන් කබුකි වෙස්මුහුණ මට සිහිපත් කළේ දෙවෙන්දොරා සං, සංගෙන්ජාවෙහි විසිතුරු බඩු විකුණන වෙළෙඳෙසැලකින් මිලට ගෙන, තමන් සිහිවීම පිණිස තබාගන්නැයි නොරිකෝට තෑගි කළ ඇටවලින් සාදන ලද කුඩා වෙස්මුහුණ ය. ඔබේ කවිය පිළිබඳව මා විසින් මුහුණු පොතට තබන ලද මනාපයත්, මා විසින් ඉදිරිපත් කරන ලද මිත‍්‍රත්ව ඇරයුමත් ඔබ විසින් පිළිගනු ලැබීමට පැය දෙකකවත් කාලයක් ගතවූවේ නැත. දෛවය ඔබ මා මුණගැස්සුවේ එසේ ය.

පෙම්වතාගේ අකල් මරණයෙන් එවකට කම්පිතව සිටි ඔබේ කතාව පොත් ප‍්‍රකාශකයාට විකිණීම සඳහා කතාවකට හොඳ වස්තු බීජයක් විය. ඔහු සමග ඔබ ගත කළ කාලය පිළිබඳව සියල්ල මා වෙත සැලකර සිටීමට තරම් මුහුණු පොත ඔස්සේ මම ඔබ යොමුකරවා ගතිමි. රහසිගතව වුවද පත් ඉරු අතර මා විසින් සටහන් කරන ලද්දේ ඔබේ ඒ කතාවය. ඔබේ කාව්‍යමය භාෂාවේ අංශුමාත‍්‍ර හෝ වෙනසක් කිරීමට මට අවශ්‍යතාවක් නොවීය. හද රැඳි දුක පැවසීමට ඔබ විසින් හසුරුවන ලද එම කාව්‍යමය භාෂාවට වඩා සුදුසු වෙනත් බසක් නොවීය. මගේ නිර්මාණය තුළ සටහන් වූවේ ඔබේ වදන් ම ය.

ඔබේ කතාව ලියැවෙන අතරතුර වරින් වර මගේ හෘදයාබාධය උග‍්‍ර විය. වෛද්‍යවරුන් කීවේ වහාම ශල්‍යකර්මයකට මා භාජනය කළ යුතු බව ය. එහෙත් ඒ සඳහා අවැසි මුදල තවමත් මා අත නොවීය. මට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් පොත ලියා නිමකර ප‍්‍රකාශකයාට භාරදී ගිවිසගත් මුදල ලබාගැනීමට ය. මගේ රෝගී තත්ත්වය නිසා මගේ බිරිඳ හෙලූ සුසුම් බලා සිටීමට මට තවත් නොහැකි විය. සියල්ල හැරපියා මා සමග පැමිණි ඇය, ජීවන මගෙහි අතරමග හැරදමා යාමට තරම් මට සිත් දුන්නේ නැත.

ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය ප්‍රේමයකට පරිවර්තනය වීමට එතරම් කාලයක් ගතවූයේ නැත. මදින් මද ඔබ මා ග‍්‍රහණයට හසුකරගතිමි යැයි මා සිතුව ද, ඒ වෙන විට මම ද ඔබේ ග‍්‍රහණයට හසුව සිටියෙමි. මම ඔබට ප්‍රේම කරනන්ට වීමි. ඔබ වෙනුවෙන් උපන් ප්‍රේම සංකල්පනා සිතට ගලා එන්නට විය. මම ඒ සියල්ල ඔබට ලීවෙමි. ඔබ ද ඒ සැමට පිළිතුරු සැපවූවා ය. ඒ සියල්ල ඒ අයුරින්ම මගේ නිර්මාණය තුළ සටහන් විය.

කෙතැනකදී හෝ අප හමුවෙමු යයි ඔබ ලියා එව්වා ය. දෛවය ලියා ඇත්තේ අප එකිනෙකා පසුකර යාමට මිස හමුවීමට නොවෙන බව මම ඔබට ලියා එව්වෙමි. ඔබ ඉන් වියරු වූවා ය. සියල්ල මෙතැනින් සමාප්ත යයි ඔබ මට ලීවා ය. එහෙත් ඒ වෙන විට මගේ නිර්මාණය නිමාවක් කරා පැමිණ තිබුණේ නැත. එයට සාර්ථක නිමාවක් සොයාගත යුතුව තිබුණි. ඔබ හා බැඳි පෙම එතැනින් අවසන් කළ නොහැකිව තිබුණේ එබැවිනි. අවසානයේදී එක් ඉරිදා දිනෙක කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී හමුවෙමු යයි මා ඔබට ලියා එව්වේ ඒ නිසා ය.

හඳුනාගනු පහසුවනු පිණිස රතු පැහැ සාරියකින් සැරසී එන බව ඔබ මට ලියා එවා තිබුණි. කළු කලිසමකින් සහ නිල් පැහැ කමිසයකින් සැරසී එන බවක් මා විසින් ඔබට ලියා එව්වද, මා එදා පැමිණියේ දුඹුරු පැහැ කලිසමකින් සහ සුදු පැහැ කමිසයකින් සැරසී ය. ඔබට ළංවන අවසන් මොහොතේ හෝ අවැසි වී නම් සියළු සැලසුම් වෙනස් කිරීමට මම සූදානම්ව සිටියෙමි.

මම ඔබ දුටුවෙමි. ඒ ඔබම දැයි සැක හැර දැනගනු වස් මම ඔබේ ජංගම දුරකථනයට ඇමතුමක් දුනිමි. ඔබේ දුරකථනය නාදවෙනු පවා ඇසෙන දුරකය මා සිටියේ. මම වහාම ඇමතුම විසන්ධි කළෙමි. ඒ ඔබ ය. මගේ දියණියටත් වඩා අඩු වයසක සිටින ඔබ ය. මට ප්‍රේම කරන ඔබ ය. මගේ හදවත ප්‍රේමයෙන් පුරවා ලූ ඔබ ය.

ඔබට හොර රහසේ වුවද මම ඔබ අසලට වී ඔබ දැකබලා ගතිමි. පුදුමයෙන් මෙන් මදක් විවරවූ ඔබේ දෙනෙත, මහලු වුවද මගේ හදවත සසල කරවීය. එය සිහිපත් කළේ මා තරුණ වියේදී දුටු සත්‍යජිත් රායිගේ පාතර් පංචාලි චිත‍්‍රපටයේ දුර්ගාගේ දෙනෙත ය. කලෙක එවන් දෙනෙත් ඇත්තියක හා මම පෙමෙන් වෙළුනෙමි. ඒ අද මහලු වියේදී පවා මා අසලම සිටින මගේ බිරිඳ ය. ඒ දෙනෙතෙහි එදා වූ කාන්තිය හා ආකර්ෂණය දැන් මැකී ගොස් ය. මගේ හෘදයාබාධය නිසා ඇය ද පීඩනයට පත්ව වැහැරී ගොසින් ය.

අපේ හමුවීම ප‍්‍රමාද වෙන විට ඔබ නොඉවසිලිමත් වෙනු මම ඔබ අසලටම වී බලා සිටියෙමි. ඔබ නොඉවසිලිමත්ව වටපිට බැලූවා ය. කළු කලිසමකින් හා නිල් පැහැ කමිසයකින් සැරසුණු තරුණයකු ඔබ සෙව්වා නිසැකය. එහෙත් දුඹුරු පැහැ කලිසමකින් හා සුදු පැහැ කමිසයකින් සැරසුණු වයෝවෘද්ධ මම, ඔබ අසලටම වී ඔබ දෙස බලා සිටියෙමි. ඔබේ සියළු ඉරියව් මම අධ්‍යයනය කළෙමි. ඒ සියල්ල පොතේ පරිච්ෙඡ්ද කීපයකට ප‍්‍රමාණවත් විය.

ඔබට ළංවී කතා කිරීමට තදබල ආශාවක් මා තුළ ලියලමින් තිබුණ ද, ඔබ වැනි තරුණ ලඳකට පෙම් බැඳි මහල්ලකු ලෙස ඔබ ඉදිරියේ පෙනී සිටීමට මම බිය වීමි.

එදින රාත‍්‍රී මට නින්දක් නොවීය. ඔබ දුටු පසුව කතාවේ බොහෝ තැන් වෙනස් කළ යුතුව තිබුණි. ඔබේ හැඩරුව පිළිබඳව අලුතින් ම ලිවිය යුතු විය. මෙතෙක් කල්පිතයෙහි මවාගත් ඔබේ රුවට වඩා සැබෑ ඔබ බොහෝ සේ රූමත් ය. ඔබේ හැඩරුව පිළිබඳවත්, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී ඔබ මෙතෙක් නොදුටු පෙම්වතා බලාපොරොත්තුවෙන් සිටි අන්දමත්, හදිසියේ යෙදුණු කටයුත්තක් හේතුවෙන් පැමිණිය නොහැකි බව දන්වා මා විසින් ඔබේ ජංගම දුරකථනයට තබන ලද කෙටි පණිවිඩයෙන් පසුව ඔබ කෝපයට පත්වූ ආකාරයත්, මම සවිස්තරාත්මකව මගේ නිර්මාණය තුළ සටහන් කළෙමි

පෙම්වතාගේ නොපැමිණීමෙන් කෝපයට පත් ඔබ, පානදුර දුම්රිය වේදිකාව වෙත ගිය ගමන තරම් සිත්ගන්නාසුළු කාන්තා ගමනක් මම ඊට පෙර දැක තිබුණේම නැත. ඔබ සමගම පානදුර දුම්රියට නැගගත් මම ඔබ ගමන්ගත් මැදිරියේ ම පානදුර දක්වා පැමිණියෙමි. ඒ ගමනේදී හොර රහසේ ම ඔබේ රුව මගේ ජංගම දුරකථනයේ සටහන් කරගැනීමට තරම් මගේ සිත මුරණ්ඩු විය. ඒ ඡායාරූපයේ මුද්‍රිත පිටපතක් මේ මොහොතේ ද මගේ මේසය මත ඇත. එදා ඔබ නළලේ පොට්ටුවක් තබා තිබුණු බවක් මා දුටුවේ ඒ ඡායාරූපයෙනි. පොට්ටුවෙන් වඩාත් අලංකාරවූ ඔබේ මුහුණ පිළිබඳව මිස ඔබ පොට්ටුවක් තබා තිබුණේ ඇයිදැයි මා සිතන්නේ නැත.

මගේ කතාවේ කතානායිකාවට දී තිබුණු නම කිසිසේත් ම ගැළපුනේ නැතැයි මම ඔබ දුටු පසුව තීරණය කළෙමි. වෙනත් බොහෝ නම් පිිළිබඳව සිතුවද ඒ කිසිවක් ඔබ හා සැසඳුනේම නැත. එම චරිතය සඳහා ගැළපුනේ ඔබේ ම නම පමණි. මම ඔබේ සැබෑ නම ද මගේ නිර්මාණයේ එලෙසින් ම සටහන් කර තැබුවෙමි.

කතාව ලියා අවසන් වෙන විට හිරිමල් වියේ කොළුගැටයෙකු මෙන් මම ඔබ හා පෙමින් වෙලී සිටියෙමි. එහෙත් මා වැනි වයෝවෘද්ධයකුගේ ප්‍රේමයක් ඔබට නොගැළපෙන බව මගේ හෘදසාක්ෂිය කියයි. ඔබ යළි යළි දැකීමට සිත පොරකෑවද මම එය ආයාසයෙන් මැඩගනිමි. අප හමු වූයේ එකිනෙකා පසුකර යාමට පමණි.

පොතේ අවසන් වැකියත් සමගම සියල්ල නිමාවට පත්කළ යුතු මෙහොත එළඹ තිබුණි. ඔබ හමුවී සියල්ල පැවසිය යුතු යැයි විටෙක මා සිතුවද ඒ සඳහා මම බිය වීමි. එවන් මොහොතක ඔබගේ ප‍්‍රතික‍්‍රියාව කෙබඳු විය හැකි දැයි මට සිතාගැනීමට පවා නොහැකි ය. ඔබ හමුවී සියල්ල පැවසුවේ නම් ඔබ කෝපවෙනු නිසැක ය. පරුෂ බස් දොඩනු ඇත. ඉන් ඔබ්බට ගොස් මට පහර දීමට ද බැරි නැත. ඔබ මා මරා දැමුවේ නම්, මේ කතාව අසන මුළු ලොවම ඔබගේ නිදොස් බව පිළිගනු ඇත.

ලියා අවසන් කළ පොත ප‍්‍රකාශකයා වෙත භාරදුන් විගස මා කළේ මගේ මුහුණුපොත පිටුව ඉරා දැමීම ය. මගේ දුරකථන අංකය ද මාරුකර ගතිමි. රහසින් වුවද ඔබ පිළිබඳව සොයාබැලීමට අවශ්‍ය දේ මා සතුව තිබුණද ඔබට මා කිසි දිනෙක සොයාගත නොහැකි වෙන ලෙස සියල්ල සකසා ගතිමි. පොත පවා මා විසින් ලියා ඇත්තේ අන්වර්ථ නාමයකිනි. ජීවිතය මිස නාමයකින් මට ඵලක් නැත.

පොත් ප‍්‍රකාශක සමාගම වෙතින් පොරොන්දු මුදල ලද විගස මා කළේ හදවත් සැත්කම සඳහා රෝහල්ගත වීම ය. සැත්කමට පෙර කළ යුතු වූ වෛද්‍ය පරීක්ෂණයන් රැසක් විය. ඇතැම් පරීක්ෂණයක වාර්තාවක් වැරදී ඇතැයි කියමින් වෛද්‍යවරු ඒවා නැවත නැවත කළහ. එහෙත් අවසානයේදී තීරණය වූවේ මා තවදුරටත් හෘදයාබාධයෙන් නොපෙලෙන බව ය. මා හට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරුන් පුදුමයට පත්කරමින් මා සම්පූර්ණයෙන් ම සුවය ලබා තිබුණි. එය ප‍්‍රාතිහාර්යයක් ම විය. හිරිමල් වියේ කොළුගැටයකුගේ හදවත මෙන් මගේ හදවත නිරෝගී බව වෛද්‍යවරු තීරණය කළහ. ඒ පෙළහර පෑවේ ඔබේ ප්‍රේමය යයි මම තරයේ සිතමි.

මේ ලිපිය කියවන විට ස්වභාවයෙන් ම විශ්මයෙන් මෙන් විවරව ඇති ඔබේ දෙනෙත තවත් විවර වෙන බව මම දනිමි. වසර පහක් තුළ ඔබ සතු සියල්ල පූජාකළ ඔබගේ මුල්ම ප්‍රේමය මාස හතරක් වැනි කාලයක් තුළ අමතක කිරීමට තරම් සමත්වූ ඔබට, කිසිදා නොදුටු මගේ වයෝවෘද්ධ ප්‍රේමය අමතක කිරීම අපහසු නොවෙනු ඇත. මට නම් ඒ සියල්ල දැනුදු සිහිනයක් සේ ය. මට කළ හැක්කේ ඔබගෙන් සමාව අයැදීම පමණි. ඔබගේ ජීවිතයේ දුක් දොම්නස් පිරුණු කලෙක, ඔබගේ විප්පයෝගයෙන් මා විසින් ගන්නා ලද අයුතු ප‍්‍රයෝජනය පිළිබඳව මට සමාවෙන්න. මට අවැසි වූයේ මගේ බිරිඳ සමග තවත් එක්දිනක් හෝ වැඩිපුර ජීවත්වීමට ය. මම යළිත් ඔබට කියමි. ඇය ජීවන මගෙහි තනිකර දමා යාමට තරම් මට තවමත් සිත් දෙන්නේ නැත.

රන්ජිත් කොස්තා රෝමය, ඉතාලිය.

මව වෙනත් රැස්වීමකට ගියැයි ඡන්ද අපේක්ෂක පුතු පිස්තෝලයක් පෙන්වා මවට මරණ තර්ජන කරලා

මව වෙනත් රැස්වීමකට ගියැයි ඡන්ද අපේක්ෂක පුතු පිස්තෝලයක් පෙන්වා මවට මරණ තර්ජන කරලා

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා කඩුවෙල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැඩිගමුව කොට්ඨසයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයා සිය මවට හා මාමාට මරණ තර්ජනය කර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

මෙම මරණ තර්ජනය සිදුකරන අවස්ථාවේදී අදාළ අපේක්ෂකයා සතුව පිස්තෝලයක්ද තිබී ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ.

දැඩිගමුව කොට්ඨාසයට තරග කරන හිටපු නාගරික මන්ත්‍රීවරයකු සංවිධානය කළ රැස්වීමකට තමා සහභාගීවූ බවට ඊට විරෝධය පළකරමින් තම පුත්‍රයා මෙසේ තර්ජනය කර ඇති බවටත් ඔහුගේ මව කළ පැමිණිල්ලේ සඳහන් වේ.

(ශාන්ත කුලරත්න)