මහා ගින්නකට මැදිවී මියගිය ගිනි නිවන බටයා නැවත ඉපදී පෙර බවය පිළිබද කියූ විශ්මිත කතාව මෙන්න

මහා ගින්නකට මැදිවී මියගිය ගිනි නිවන බටයා නැවත ඉපදී පෙර බවය පිළිබද කියූ විශ්මිත කතාව මෙන්න

වර්ෂ 2001 සැප්තැම්බර් මස 11 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය ඔබගේ මතකයේ ඇතිවාට සැක නැත. මුළු මහත් ලෝකයම කම්පාවට පත් කරමින් ලෝක බලවතාට එල්ල වූ එම ප්‍රහාරය සෑමදෙනාම පාහේ දැඩි සේ හෙළා දුටුවෝය.

මේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 2996 දෙනකු මියගොස් 6000කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. සියවසේ සිදුවූ දරුණුතම ඛේදවාචකයක් ලෙස සැලකෙන මෙම සිදුවීම රූපවාහිනි තිරය මතින් හා අනෙකුත් මාධ්‍යවලින් දුටු බොහෝ දෙනා තැති ගත්හ. එම දසුන්වල සනිටුහන්ව තිබුණේ කුලුනු තුළ සිරවූ සිය දහස් ගණන් පිරිස් දිවි බේරා ගැනීම සඳහා කරන අරගලයයි.

සමහරකු ගිනි නිවන භටයන් පැමිණ තමන් බේරා ගන්නා තෙක් නොඉවසිලිවන්තව බලා සිටි අතර තවත් සමහරෙක් දිවි බේරා ගැනීමට ජනෙල් කවුළු තුළින් පිටතට පැනීමට පවා කටයුතු කළහ. දුටු දුටුවන්ගේ හද කම්පා කරවීමට මේ දසුන් සමත් වූ අතර ගිනි නිවන භටයන් ජීවිත බේරා ගැනීමට යුහුසලුව කටයුතු කරන ආකාරය දක්නට ලැබිණි. එහිදී ගිනි නිවන භටයෝ සැලකිය යුතු පිරිසක්ද මරණයට පත්වූහ. මෙසේ මියගිය ගිනි නිවන භටයකු ඇමෙරිකාවේම කුඩා දරුවකු ලෙස යළි උපත ලබා ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය මඟින් අනාවරණය විය.

රේචල් නෝලන් නම් ඇමෙරිකානු මවට තම කුඩා පුතු තෝමස්ගේ අසාමාන්‍යභාවයක් කුඩා කළ සිටම දක්නට ලැබිණි. ඔහු වයසට වඩා මුහුකුරා ගිය ස්වභාවයක් හැම විටම පෙන්වීය. තෝමස්ට සිවු හැවිරිදි වියේදී ඔහුගේ අනාගතයේ කවරකු වීමට බලාපොරොත්තු වන්නේ දැයි ඇසූ විට ඔහු පැවැසුවේ ගිනි නිවන භටයකු වීමට අවශ්‍ය නැති බවයි. “ගිනි නිවන හමුදාවට යන්න මට ඕන නෑ. මොකද මම දැනටමත් ගිනි නිවන භටයෙක් වෙලා ඉ¼දලා තිබෙනවා. දැනටත් මම එහෙමයි.” තෝමස්ගේ මේ ප්‍රකාශය සැවොම පුදුමයට පත් කළ අතර ඔහු තව දුරටත් කියා සිටියේ “මම උදේට නැඟිටලා වැඩට යනවා. හවසට ඇවිත් ගිනි නිවන ඇඳුම් ගලවනවා.” යනුවෙනි.

තම දරුවා සෙල්ලමට මේ දේවල් පවසන බව සිතුවද දරුවා තවදුරටත් තමන් ගිනි නිවන භටයකු ලෙස කළ රාජකාරි හෙළි කරන්නට විය. දිනක් සඟරාවක ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඡායාරූපයක් දුටු දරුවා පවසන්නට වූයේ “නරක මිනිසුන් මේ ගොඩනැඟිලි පිච්චුවා.” මිනිසුන්ට බේරෙන්න බිමට පනින්න වුණා. මට එයාලා බේරගන්න බැරිවුණා” යනුවෙනි. වරක් ගිනි නිවන හමුදාවට අයත් වාහනයක් නැරැඹීමට ඔහු ගෙන ගොස් සිටියදී වහාම ඒ මතට නැඟ ගත් ඔහු එහි තිබූ උපකරණ ක්‍රියාත්මක කරන්නට වූයේ පුරුදුකාරයකු මෙනි. එහි සිටි ගිනි නිවන භටයන් සිතා ඇත්තේ මේ දරුවාගේ පියා ගිනි නිවන භටයකු බවය. නමුත් ඔහුගේ පවුලේ කිසිවකුත් ගිනි නිවන හමුදාවට සම්බන්ධ නොමැති බවත් ඔහු මෙවැනි රථයකට ගොඩ වූ පළමු අවස්ථාව මෙය බවත් ඇසීමෙන් එහි සිටි සියල්ලෝම මහත් පුදුමයට පත් වූහ.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය ගැන මේ දරුවා තුළ ඇත්තේ ඉතා හොඳ මතකයකි. ගිනි ජාලා අතර සිරවුණු පිරිස් ඔවුන් බේරා ගැනීමට ගිනි නිවන භටයන් පැමිණෙන තෙක් බලා සිටි අයුරු ඔහුට මතක තිබේ.

තෝමස් එවකට මෑන් හැටන් ගිනිනිවන හමුදාව සතුව තිබූ ට්‍රක් රථය පිළිබඳව මනා විස්තරයක් කළ අතර එය ෆෝඩ් ජොන්සන් අ8 වර්ගයේ රථයක් බව ඔහු විසින් නිවැරැදිව පවසන ලදී. එම රථය 2001 ප්‍රහාරයේදී ගිනි නිවන භටයන් එම ස්ථානයට ප්‍රවාහනය කිරීම පිණිස භාවිත කරන ලද රථය වීමද සුවිශේෂය. එහිදී හානියට පත්වූ එම රථය මේ වන විට නිව්යෝර්ක් ප්‍රහාරය සිහිවීම පිණිස ඉදිකළ කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

පෙර භවයන් පිළිබඳ එතරම් විශ්වාස නොකරන ඇමෙරිකාව වැනි රටක වෙසෙන දරුවකු මේ තොරතුරු අනාවරණය කිරීම මෙම සිදුවීමේ ඇති තවත් සුවිශේෂත්වයකි. කෙසේ වුවද තෝමස් ගේ ඥාතීන් මුලින් සිතා සිටියේ 2001 ප්‍රහාරයෙන් මියගිය පුද්ගලගකුගේ ආත්මය කුඩා තෝමස්ට අරක්ගෙන ඇති බවය. නමුත් පසුව ඔවුන් මේ පිළිබඳ පර්යේෂකයන්ට පැවැසූ අතර එහිදී සිදු කළ පර්යේෂණවලින් අනාවරණය වූයේ 2001 ප්‍රහාරයෙන් මියගිය ගිනි නිවන භටයා කුඩා තෝමස් ලෙස නැවත උපතක් ලබා ඇති බවයි. නමුත් එදා එසේ මියගිය ගිනි නිවන භටයා කවුදැයි සෙවීමට පර්යේෂකයෝ වැඩි උත්සාහයක් නොගත්හ. ප්‍රහාරයෙන් ගිනි නිවන භටයන් 300කට වැඩි පිරිසක් මියගිය අතර ඒ අතරින් තෝමස් පවසන භටයා සොයා ගත්තේ නම් මෙම පුනර්භව සිදුවීමට වැඩි වටිනාකමක් එක් වීමට ඉඩ තිබිණි.

එල්. ජයසේකර

වැරැදි කරන අයට කර්මය විසින් වෙලාවට දඬුවම් ලබාදෙයි දෙකඩ වුණු විවාහය ගැන උදාරි දැන් කියන කතාව මෙන්න

වැරැදි කරන අයට කර්මය විසින් වෙලාවට දඬුවම් ලබාදෙයි දෙකඩ වුණු විවාහය ගැන උදාරි දැන් කියන කතාව මෙන්න

උදාරි කෞශල්‍යා උදයකුමර් කියන චරිතය කාලයක් නිර්මාණ එක්ක හැමෝටම සමීප වුණු චරිතයක්. කාලයක් පුංචි තිරයෙන් දකින්නම ලැබුණේ නැහැ. ඒ ඇය විදෙස්ගත වුණු නිසා. ආයෙමත් ඇය ලංකාවට ආවේ විවාහය දෙකඩ වීමත් එක්ක කියලත් ආරංචියි. මේ ඒ ගැන පුවත්පතකට ඇය සදහන් කළ සටහනයි.

උදාරි කාලයක් නිහඬ වෙලා හිටියා. ඇයි ඒ?
මම අධ්‍යාපන කටයුතුවලට ඇමෙරිකාවට ගිහින් හිටියේ. ලංකාවට ඇවිත් පොඩි කාලයක් කල් ගත්තා. හැබැයි අලුත් ආරම්භයකට තමයි දැන් ලෑස්ති වෙන්නේ.

ඔය ආරම්භය තියන්න හදන්නේ කොයි විදියටද?
මම මගේම සැලෝන් එකක් පටන් ගන්න ඉන්නේ. ඒක කාලයක් තිස්සේ මගේ හිතේ තිබ්බ හීනයක්. ඒ වැඩ කටයුතු ළඟදීම ආරම්භ කරනවා.

ව්‍යාපාරිකාවක් වෙන්න හිතුවේ රංගනය එපා වෙලාවත්ද?
රංගනය කියන දේ වෘත්තියක් විදියට කරන්න පුළුවන් කාලයක් විතරයි. ඉතින් අපි අද ගැන වගේම අනාගතය ගැනත් හිතන්න ඕන. ඒකයි මම මගේම ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවේ. මගේ තාත්තත් ව්‍යාපාරිකයෙක්. ඒ නිසා ඒ ආභාසය මටත් තියෙනවා.

එතකොට රංගන කටයුතු පටන්ගන්න අදහසක් නැද්ද?
මට රංගනයට ආරාධනා කිහිපයක්ම ලැබුණා. මම තමයි ඒ වැඩවලට සම්බන්ධ නොවුණේ. කොහොම වුණත් මේ අවුරුද්දේ හොඳ ආරම්භයක් තියනවා.

ලැබිච්ච ආරාධනා මඟ හැරියේ?
පෞද්ගලික හේතුවක් මත ඒ දේවල් අත හරින්න සිදු වුණා.

විවාහයෙන් පස්සෙත් රඟපෑම් කටයුතුවලට, නිවේදන කටයුතුවලට සම්බන්ධ වුණ උදාරි හිටි හැටියේ විදේශ ගත වුණා. මොකක්ද ඒ ගත්ත තීරණය?
මීට අවුරුදු තුනකට කලින් තමයි මම විවාහ ගිවිස ගත්තේ. ඇමෙරිකාවට යනකල්ම අපි දෙන්නම රංගන කටයුතුවලට සම්බන්ධ වුණා. නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වුණා. අධ්‍යාපන කටයුතුවලට ඇමෙරිකාවට යන්න හිතපු නිසා තමයි වැඩ නතර කළේ. විවාහ වුණා කියලා වැඩ නතර කළේ නෑ.

ඒත් ලොකු කාලයක් ඇමෙරිකාවේ හිටියේ නෑ නේද?
ඔව්. අවුරුද්දකටත් අඩු කාලයක් තමයි අපි ඇමෙරිකාවේ හිටියේ.  පස්සේ ලංකාවට ආවා.

උදාරිගේ විවාහ ජීවිතය දෙදරලා කියලා හරි හරියට කතා පැතිරුණා. මොකක්ද මේ කතාවේ ඇත්ත නැත්ත?
හැමෝම දන්නවා ආදරය කරන්න. හැබැයි එකම ආදරයක් එක්ක ජීවිත කාලය පුරාම ජීවත් වෙන්න පුළුවන් සුළු පිරිසකට විතරයි. පවුල් ප්‍රශ්න කියන දේවල් හැම පවුලකම තියෙනවා. පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න මේ වෙලාවේ කතා කරන්න මම කැමැති නැහැ.

ඇත්තටම උදාරිගේ ජීවිතේ ප්‍රශ්නයක් ඇති වුණේ නැද්ද? උදාරිගේ ජීවිතයට අසාධාරණයක් වුණ තැනක් තියෙනවද?
මම නිවැරැදි නම් මාව අතහැර ගිය අය ගැන මම දුක්වෙන්නේ නෑ. මගේ හෘදසාක්ෂිය දන්නවා නම් මම නිවැරැදියි කියලා මට එච්චරයි වටින්නේ. වැරැදි කරන අයට කර්මය විසින් වෙලාවට දඬුවම් ලබාදෙයි. ඒකෙන් පැනලා යන්න කාටවත් බෑ.

උදාරි දැන් දික්කසාද වෙලාද?
නැහැ. ඒ ගැන තාම හිතලා නැහැ. ඒ දේවල් කොහොම සිද්ධ වෙයිද කියලා කියන්න බෑ.

ජීවිතේ මුහුණ දුන්න දේවල් එක්ක ඉදිරියට ශක්තිමත්ව මුහුණ දෙන්න උදාරිට පුළුවන්ද?
ජීවිතයට ලැබුණු අත්දැකීම ඉදිරි ජිවිතයට පන්නරයක්. මට මාව විශ්වාසයි. ජීවිතයේ වැටිච්ච වැටිල්ල ඉදිරි ගමනට ලොකු ශක්තියක් වේවි.

ඉදිරියේදී රංගනයට හෝ නිවේදනයට අලුත් ආරම්භයක් තියයිද?
නාළිකා දෙක තුනකින් නිවේදන කටයුතුවලට ආරාධනා කරලා තිබෙනවා. ඒවා සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. හොඳ වැඩක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

ජීවිතයේ ඉදිරිය සැලසුම් කරනවාද?
ඉදිරි අනාගතය මෙහෙම වෙන්න ඕන කියලා දෙයක් නෑ. හුස්ම වුණත් ළඟ ඉන්නේ මැරෙනකල් විතරයිනේ. හැමෝටම උදවු කරගෙන හොඳින් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව.

නිවසේ තනිව සිටියදී අත්භූත ලෙස මියගොස් සිටි වයසක මවගේ මරණය පිළබද මරණ පරීක්ෂණයෙන් හෙළිවූ හද සසල කරවන කතාව මෙන්න

නිවසේ තනිව සිටියදී අත්භූත ලෙස මියගොස් සිටි වයසක මවගේ මරණය පිළබද මරණ පරීක්ෂණයෙන් හෙළිවූ හද සසල කරවන කතාව මෙන්න

අවුරුදු හැත්තෑ පහක විතර ගෑනු කෙනෙක් මැරිලා. එයා ගොඩක් කල් බෙහෙත් අරන් තියෙනවා ​ෙෆ්‍රෂර්වලටයි, වකුගඩු අමාරුවටයි. ඩයලෙසිස් කරන්න හිටපු දවසේ තමයි මැරිලා තියෙන්නේ. සර්ට තමයි මරණ පරීක්ෂණය කරන්න වෙන්නේ. අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුබද්ධව සේවය කරන රෝහල් සාත්තු සේවකයෙක් පැමිණ හදිසි මරණ පරීක්ෂක සෙනරත් මහතාට පැවසුවේ ඒ මරණය ගැන යම් දුකක් කනගාටුවක්ද දක්වමිනි.

ඔහු කීවා සේම එම මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කරන්නට සෙනරත් මහතාට භාර විය. සාක්ෂිකරුවන් ලෙස මියගිය කාන්තාවගේ පුතා හා ලේළිය ඉදිරිපත් කෙරිණ. මියගිය කාන්තාව ජීවත්ව තිබෙන්නේ සිය පුතා, ලේළිය හා ඔවුන්ගේ දරුවන් දෙදෙනා සමගය. පුතා හා ලේළිය ලබාදුන් සාක්ෂි අනුව මේ මව වසර විසිපහක පමණ කාලයක් තිස්සේ අධික රුධිර පීඩනයට ප‍්‍රතිකාර ලබා ඇති අතර වසර දහයක පමණ කාලයක සිට වකුගඩු රෝගයට ප‍්‍රතිකාර ලබා ඇත. වකුගඩු දෙකම බොහෝ සේ දුර්වලව තිබීම නිසා ඇය වරින් වර රුධිර කාන්දුකරණයට ලක් කෙරේ. නිවසේ කවුරුත් නොසිටි අවස්ථාවක ඇය පුටුවෙන් වැටී සිටි බැවින් රෝහලට රැගෙන ආ බව සාක්ෂිකරුවෝ දෙදෙනාම පැවසූහ. වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබුණේ මෙය ඇගේ රෝගි තත්ත්වය අනුව සිදු වූ සාමාන්‍ය මරණයක් බවය. හදිසි මරණ පරීක්ෂක වෙත අදාළ පරීක්ෂණ කටයුතු භාර කෙරුණේ ඒ අනුවය.

එහෙත් සාක්ෂි විමසීමේදී මතු වූ එක් කාරණාවක් මත හදිසි මරණ පරීක්ෂකවරයා මේ මරණය ගැන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් කළ යුතු යැයි නිගමනය කළේය. එනම් නිවසේ කිසිවෙකු නොසිටි අවස්ථාවක මෙම මරණය සිදුවී තිබීමයි. මෙම කාන්තාව පසු වූ රෝගී තත්ත්වයන් හා සලකා බලන විට එය බැලූ බැල්මට එතරම් සැලකිල්ලට ගත යුතු කාරණාවක් සේ නොපෙනුණත් ඔහු තරයේ කියා සිටියේ පසුව ඇති විය හැකි ප‍්‍රශ්නවලටත් පිළිතුරක් ලැබෙන නිසා කුකුසක් තියාගන්නේ නැතිව සිරුර කපා මරණයට හේතුව නිශ්චිත කර ගනිමු කියාය.

ඒ අනුව මේ මරණය පිළිබඳ පරීක්ෂණ කටයුතු කළුබෝවිල ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය එච්. රවීන්ද්‍රන් මහතාට භාර කෙරිණ. මරණකාරිය අධික රුධිර පීඩනයෙන් පෙළුන අයෙක් නිසා ඇයගේ මරණයට එම රෝගී තත්ත්වය බලපෑවේ නම් එක්කෝ රුධිර නාළයක පිපිරීමක් සිදුවිය යුතුය. එසේත් නැත්නම් තවදුරටත් රුධිර සංසරණය සිදුකළ නොහැකි තත්ත්වයට හෘදය වස්තුව දුර්වල විය යුතුය. එවැනි තත්ත්වයක පැවති හෘදය වස්තුවක් නම් එය අසාමාන්‍ය ලෙස පිම්බි තිබිය යුතු අතර බොහෝ විට පෙනහලුවල වසා තරලය එකතු වී තිබීමටද හැකිය.

වකුගඩු රෝගයෙන් පෙළෙන කාන්තාවක් වන නිසා ඇයගේ වකුගඩු ද බරපතළ ලෙස දුර්වල මට්ටමක පවතින බවක් මරණ අවස්ථාව වෙන විට දැකිය හැකි විය යුතුය. මේ කාන්තාවගේ සිරුර කපා සියුම්ව කරන ලද පරීක්ෂණයේදී ඇගේ වකුගඩු දෙකම දුර්වල මට්ටමක පවතින බව දැකිය හැකි විය. අධික රුධිර පීඩනයද සහිත කාන්තාවක් වූ නිසා මේ සියල්ලේම බලපෑම මරණයට හේතු වෙන්නට ඉඩ ඇති බැවින් තවදුරටත් හෘදය වස්තුව හා පෙනහලු පරීක්ෂාවට ලක්කෙරිණ. අධික රුධිර පීඩනයෙන් කලක් පෙළුණ කාන්තාවක් ​ෙවන බැවින් ඇගේ හෘදය වස්තුව තරමක් පිම්බී තිබිණ. එහෙත් එය මරණයට හේතුවන තරම් දුර්වල තත්ත්වයක් නොවූ අතර එවැනි අවස්ථාවක දැකිය හැකි ආකාරයට පෙනහලුවල වසා තරලය අධික ලෙස එක්රැස්වීමක්ද දැකිය නොහැකි විය. නහර පිපිරීමක්ද සිරුරේ කොතැනකවත් නොවිණ.

අනතුරුව මරණකාරියගේ ගෙල පෙදෙස පරීක්ෂාවට ලක්කළ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පළමුව ගෙල පෙදෙසේ සම ඉවත් කරනු ලැබිණ. එවිට සමෙහි ඇතුලතට නෙරා ආ ලේ ගෙඩි දෙකක් දැකිය හැකිවිය. මෙය සිදුවිය හැක්කේ මරණකාරිය බිම ඇද වැටීමේදී කිසියම් තද යමක ගෙල වැදීමෙන් හෝ කිසිවෙක් දෑතින් ගෙල සිරකිරීමකදීය.

මේ දෙකෙන් කුමක් සිදුවීද යන්න පැහැදිලිව කිව නොහැකි නිසා අධිකරණ වෛද්‍යවරයා වහාම හදිසි මරණ පරීක්ෂකට උපදෙස් දෙමින් මෙය මහේස්ත‍්‍රාත් වෙත යොමු කරන ලෙස දැනුම් දුන්නේය. ඒ අතර වෛද්‍යවරයා තවදුරටත් සිරුර කපා පරීක්ෂා කිරීම සිදුකළේය. එහිදී මරණකාරියගේ තයිරොයිඩ් කාටිලේජයට හා හයිබෝන් අස්ථියට හානි වී ඇති බවද දැකිය හැකි විය. සාමාන්‍ය ව්‍යාවහාරයේදී උගුරු දණ්ඩ කැඩීම ලෙස හැඳින්වෙන්නේ මෙම තත්ත්වය වේ. එයින් නොනැවතුණ වෛද්‍යවරයා මරණකාරියගේ ගෙල පිටුපසද සම ඉවත් කර පරීක්ෂාවට ලක් කළේය.

එහිදී ඇගේ සුෂුම්නාවටද හානිවී තිබෙනු දක්නට ලැබිණ. ඒ කෂේරුකාවේ තෙවැනි අස්ථිය ආසන්නයෙනි. මෙය සිදුවිය හැක්කේ මරණකාරියගේ ගෙල සිරකර කරකැවීමෙන් හෝ ගෙල සිරකිරීමේදී ඉන් මිදීමට දැඟලීම නිසාය. එහෙත් ගෙල කරකැවීමේදී ගෙලෙහි තුවාල රැසක් තිබිය යුතුය. ගෙල ඉදිරිපස තිබූ ඇතුළට නෙරා යාමක් නිසා ඇති වූ ලේ ගෙඩි දෙක හැරෙන්නට අැගේ ගෙලෙහි වෙනත් තුවාල කිසිවක් නොවිණ. පිටතින් පෙනෙන්නට කිසිම තුවාලයක්ද නැත. කරන ලද පරීක්ෂණවලදී මෙය ගෙල සිරකිරීමෙන් තෛරොයිඩ් කාටිලේජයට හා හයිබෝන් අස්ථියට හානි වීමෙන් ද සුෂුම්නාවේ ඉහළ කොටසට හානි වීමෙන්ද සිදු වූ මරණයක් බවට නිගමනය විය.

එබැවින් පොලිසියට කරන ලද දැනුම්දීමකින් අනතුරුව මරණකාරිය නිවසේ වැටී සිටි ස්ථානය මහේස්ත‍්‍රාත්වරයාගේ හා අධිකරණ වෛද්‍ය නිලධාරිගේ පරීක්ෂාවට ලක්විය. එහෙත් එම අවස්ථාව වන විට මරණකාරිය වැටී සිටි ස්ථානය පිරිසිදු කර සියල්ල වෙනස් කර තිබිණ. එහෙත් එම ස්ථානයේ තිබූ බව කියනු ලැබූ උපකරණ සලකා බලන විට මරණකාරියගේ ගෙලෙහි දැකිය හැකි සම ඇතුළට නෙරා යාම සිදුවිය හැකි තද යමක් එම ස්ථානයේ නොවන බව පෙනී ගියේය. වැටීමකින් වුවත් තෛරොයිඩ් කාටිලේජයට හානිවිය නොහැකිය. ඒ අනුව මෙය ඝාතනයක් විය යුතුය. එයට අදාළ කිසිවක් එම ස්ථානයෙන් හමු නොවූ අතර පොලිසිය මරණකාරියගේ පුතා හා ලේළියගෙන් කට උත්තර ලබාගත්තේය.

එම කට උත්තර අනුව මවගේ මරණයට සැක කළ හැකි කිසිවෙක් ගැන තොරතුරක් නොලැබිණ. නමුත් මුුනුපුරෙක් සමඟ කතා බහ කිරීමේදී සිය මව ආච්චි අම්මා සමඟ නිතර රණ්ඩු ​ෙවන බවත් සතියකට පමණ පෙරද ඇය ආච්චි අම්මාට පහරදුන් බවත් පොලිසියට පවසා තිබේ. ඒ අනුව කරන ලද පරීක්ෂණවලදී මරණකාරිය විශාල දේපලක් හිමි ධනවත් කාන්තාවක බව හෙළිවිය. එසේම සිය පුතාට දේපලවලින් කොටසක් ලියා ඇති මරණකාරිය අනෙක් කොටස මහලු මඩමකට පවරා දෙන්නට සූදානම්වී ඇත. ඒ බව දැනගත් ලේළිය මේ දේපළ සියල්ල තමන්ටම අත්පත් කරගැනීමේ අවශ්‍යතාවයෙන් නැන්දම්මා ඝාතනය කරන්නට හමුදාවෙන් පැන ආ සෙබළෙකුට කොන්ත‍්‍රාත්තුවක් භාර දී ඇති බවද හෙළි විය. ඒ අනුව ලේළිය හා ඝාතකයා අත්අඩංගුවට ගනු ලැබිණ.

අධික රුධිර පීඩනයෙන් හා වකුගඩු රෝගයෙන් පෙළෙන වයෝවෘද්ධ කාන්තාවක් නිසා සාමාන්‍ය මරණයක් සේ දැක වැළලී යන්නට ගිය මරණයක අභිරහස හෙළි කරගන්නට හැකිවූයේ මරණ පරීක්ෂකවරයාගේ සුපරික්ෂාකාරීත්වය හා ඉන්පසුව ගත් තීන්දුවක් මත මරණය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීම නිසාය.

(මෙහි සඳහන් නම් ගම් මන:කල්පිත අතර කලුබෝවිල ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය එච්. රවීන්ද්‍රන් මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කර තිබේ)

සටහන හා ඡායාරූප
මුදිතා දයානන්ද

හම්බන්තොට ගමක සියලුම කාන්තාවන් නැටවූ භූතාවේශය ගමෙන් පැන්නූ ඇග හිරිවැටෙන විශ්මිත ගුරුකම මෙන්න

හම්බන්තොට ගමක සියලුම කාන්තාවන් නැටවූ භූතාවේශය ගමෙන් පැන්නූ ඇග හිරිවැටෙන විශ්මිත ගුරුකම මෙන්න

හම්බන්තොට ගමක සිදුවූ සත්‍ය සිදුවීමකි.

ගොම්මන් අඳුර සමඟම යක්ෂණියෝ, යක්ෂයෝ, පෙරේතියෝ, භූතයෝ යක්ෂ පැටවුන්ද කැටුව කාන්තාවන් ගොදුරු කර ගන්නා වූ ආශාවෙන් ඒ නෝනලාගේ ගමට බැල්ම හෙළන්නට වූහ. නාන තොටුපොළ ළඟ, පාළු සොහොන් අසල, ගෙයි පිළිකන්නේද, වැසිකිළි අවටද, කඩමණ්ඩියේද, වෙල නියර පාර නාන ළිං අසළ ද, මහ වනයේ සිට සතර දිගින් හතර වටින් යක්ෂණියෝ, පෙරේතයෝ, භූතයෝ ඒ නෝනාවරුන් බිලි ගන්නට ළංවූහ.

ඒ සමගම ගත වූයේ නිමේෂයකි. මර හූ කියමින් වංගෙඩි, මෝල්ගස් අරගෙන අහල පහළ ගමේ ගැහැනු නටන්නට වූහ. තවත් කාත්තාවෝ පිරිසක් දිව දික්කරගෙන, ඇස් කරකවමින් නොතේරෙන භාෂාවකින් කතාකරමින් ගම පුරා, පාර පුරා, වත්ත පුරා සොහොන් අසලට දුවමින් නටන්නට වූහ. සමහර කුළු ​ෙපට්ටි ගතින්, හිසින්, අතින්, පයින් අරගෙන, පිහි කැති අතින් ගෙන, කොසු ඉඳල් ද ගෙන නටන්නට වූහ. සමහරු මල් අතේ කනේ ගසාගෙන, හට්ටි මුට්ටි වළං පොඩිකරමින් නටන්නට වූහ. ගමේ නෝනලා ගමම දෙවනත් කරමින් නටන්නට වූහ. අවසානගේ ගමේ නෝනලා නිසා ගමම මහ අවුලක් බවට පත්විය. ගමට යක්ෂණියෝ වැහිලා යැයි ගමේ අය කියන්නට පටන්ගත්හ. මේ ගම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රසිද්ධ ගමකි.

ඇතැම් පවුල් මිල මුදල්වලින් ඉහළ අතර, ධනවත් පවුල්ද කලාතුරකින් මෙහි විය. නමුත් දුෂ්කරතාව අතින් මේ ගම් ප්‍රදේශය අති ඉහළය.

මෙම ගමෙහි එක්තරා නිවසකට නිතර නිතර කරදර එන්නට විය. ඒ නිසාම ඔවුහු ඊට විසඳුම් සොයන්නට වූහ. දේවාල ගානේ යාම, භාරහාර වීම, නොපෙනන බලවේග පිටුපස දිවීම මොවුන්ට අලුත් දෙයක් නොවීය. ඒ අතර, යම් අයකු මාර්ගයෙන් එක්තරා කට්ටඩියකු මොවුන්ට හඳුනා ගැනීමට හැකි විය. මොහුගෙන් හෝ යමක් කරගත හැකි යැයි සිතූ ඔවුහු එම කට්ටඩියා ගෙන්වා ශාන්ති කර්මයක් කිරීමට තීරණය කරගත්හ. ඉන්පසු ඔහු කැඳවා අවශ්‍ය බඩුබාහිරාදිය ලෑස්ති කරගෙන ශාන්තිකර්මය සූදානම් කෙරිණි. ශාන්තිකර්මයේ දිනය උදා විය.

උදයේම පැමිණි මෙම කට්ටඩියා තම සහායකයින් ද සමග ශාන්තිකර්මය සඳහා අවශ්‍ය දෑ සූදානම් කළේය. අවශ්‍ය තටු, පන්දම් ආදිය සකස් කර රාත්‍රිය වනවිට යාගය ආරම්භ කෙරිණි. ඔහු මන්තර කියමින්, ජප කරමින්, නටමින් ශාන්තිකර්මය උණුසුම් කෙරිණි. බෙර ශබ්දයත් මන්තර ශබ්දයත් මුසුවී අමුතුම වටපිටාවක් ගමෙහි දිස්විය. මෙලෙස එළිවන තුරු ශාන්තිකර්මය කර නිවසේ උපද්‍රව දුරුවී ඇති බව පවසා ඇදුරා ඉවත්ව ගියේය. ඔහුගේ ක‍්‍රියාකාරකම් මහා බලසම්පන්න බව ගම පුරා පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි. දරිද්‍රතාවයෙන් පෙළෙන අනෙකුත් මිනිසුන්ටද මෙම කට්ටඩියාගේ සේවය අවශ්‍ය වන්නට විය. කට්ටඩියාට සරු කාලයකි. බොහෝ නිවෙස්වලට පැමිණ ශාන්තිකර්ම කරදෙන මෙන් බොහෝදෙනා මොහුගෙන් ඉල්ලූහ.

එහිදී එක්තරා නිවසකට පැමිණ ශාන්ති කර්මයක් කිරීමට කට්ටඩියා භාරගත්තේය. ඔහු සහායකයින් ද සමග පැමිණ ශාන්තිකර්මය ආරම්භ කෙරිණි. නිවසේ දෝෂයක් වෙනුවෙන් සිදුකළ මෙම ශාන්තිකර්මය අතරතුරදී එක්තරා විශ්මයජනක දෙයක් සිදුවන්නට විය. නිවසේ සිටි දහනව හැවිරිදි සිතාරා එක්වරම ගැහෙන්නට පටන් ගත්තාය. එම ගැස්ම එන්න එන්නම වැඩි විය. බලා සිටි සියලු දෙනාගේම අවධානයද තොවිලයට වඩා යොමු වූයේ සිතාරා දෙසටය.

සිතාරාගේ ගැස්ම සහ හිසේ පැද්දීම අඩු වන පාටක් නැත. ඒ අසලට පැමිණි කට්ටඩියා විසින් ඇයගේ හිසට අත තබා නැගිට තමා දෙසට පැමිණෙන දෙසට විධාන දුණි. ගැස්සෙන සිරුරින් යුතු සිතාරා ද බොහෝම අමාරුවෙන් නැගිට කට්ටඩියා දෙසට පැමිණියාය.

‘‘උඹේ ඇඟට කව්ද වහලා ඉන්නෙ’’

කට්ටඩියා ඇසුවේය.

නමුත් සිතාරාගෙන් පිළිතුරක් නොවීය. තවමත් සිතාරා ඒ මේ අත පැද්දෙමින් ගැහෙයි.

‘උඹටත් පුළුවන් මාත් එක්ක නටන්න’’ කියමින් සිතාරා ද සමගින් කට්ටඩියා නටන්නට විය. මහා පුදුමයකි! මෙතෙක් කලක් කිසිඳු ගැටලූවකින් තොරව ජීවත් වූ සිතාරා ද කට්ටඩියා සමග නටන්නට වූවාය.
ඒ වනවිට ගමේ මිනිසුන් බොහෝ දෙනෙක් ද ශාන්තිකර්මය බැලීමට එම ප්‍රදේශයට පැමිණ සිටියහ. ඒ අතරින් තවත් තරුණියක් ද ටිකෙන් ටික ගැහෙන්නට පටන් ගත්තාය. බලා සිටිනවුන්ට මෙය මහත් ප්‍රශ්නයක් විය. වේලාව රාත්‍රී දොළහට ආසන්නය. මෙම තරුණියගේ ද ගැස්ම නැතිවන පාටක් නම් නැත. ඒ අසලට පැමිණි කට්ටඩියා එම තරුණියගේ හිසට ද අත තබමින් රඟ මඩලට කැඳවා ඇයටද තමා සමග නටන ලෙස විධාන දුණි. එම තරුණිය ද බෙර ශබ්දය අනුව මිනිසුන් ඉදිරියේ නටන්නට වූවාය.

මෙලෙස ගතවූයේ සුළු මොහොතකි. තවත් කාන්තාවන් කීපදෙනෙකුටම එම ගැස්ම ඇති විය. සමහරු භූතාවේෂයෙන් ඔළුව ඒ මේ අත කරකවති. තවත් කාන්තාවන් අත්දෙක ඔසවා තමාගේ ඉනෙන්ම වටයට කැරකේ. තවත් කාන්තාවක් සර්පයින් ගමන් කරන්නාක් මෙන් බිම දිගේ බඩගායි. ඒ අතර සිටි වෙනත් අයක් නොදන්නා භාෂාවක් කතා කරමින් විකාරයෙන් දඟලමින් කට්ටඩියා පසුපස ගමන් කරන්නට විය.

මෙලෙස සංඛ්‍යාව කාන්තාවන් අටකට දහයකට ආසන්න විය. කට්ටඩියා විසින් මොවුන්ගේ හිසට අත තබමින් තමා සමග රඟ මඩලේ නැටීමට ආරාධනා කළ අතර බොහෝ කාන්තාවන් ඔහු සමග නටන්නට විය. බලා සිටිනවුන්ට සහ එම කාන්තාවන්ගේ පවුලේ උදවියට සිදුවුණ සිදුවීම් සිතාගන්නට පවා බැරිවිය.

‘මොකක්ද මේ වෙන්නෙ. හොඳට ආපු ගෑනුන්ට මොන යකෙක්ද මේ වැහුණෙ?’’

මිනිස්සු ඒ මේ අත කතා කරන්නට වූහ. ඇතැමුන් බයෙන් බිරාන්ත වී සිදුවුණ දේ ඇසිපිය නොහෙළා බලාසිටියෝය. පැයක් හමාරක් තිස්සේ ඔවුන් කට්ටඬියා විසින් තම තමන්ගේ ශරීරවලින් එම බලවේග ඉවත් වන ලෙස පවසා විධාන දුණි. එම විධානයත් සමග කාන්තාවන්ගේ නැටුම් ක‍්‍රමක‍්‍රමයෙන් අඩු විය.

නමුත් කාන්තාවන් කීපදෙනෙකුගේ නැටුම තවමත් පැවතිණ. එම කාන්තාවන් වෙත පැමිණි කට්ටඬියා එම කාන්තාවන්ගේ කෙස් වැටියෙන් අල්ලාගෙන ‘දැන් තොපිට වැහුණ උන් පලයල්ලා’ කියමින් ඔවුන්ට පොල්මල් කිනිත්තකින් පහර දී ඇතැමුන්ට දැල්වූ පන්දමක් ළංකර ‘මේ ශරීර අතහැර පලයල්ලා. නැත්නම් මං පුච්චනවා’’ කියමින් ඔවුන්ට පන්දම ළං කළේය. ටිකෙන් ටික කාන්තාවන්ගේ භූතාවේෂයන් ඔවුන්ගේ ශරීර අතහැර දමා ඉවත්ව යන බවක් පෙනිණ. නමුත් ඇතැමුන්ට සිහිය පැමිණියද තවමත් නියම සිහිකල්පනාවක් නැති තරම්ය. නමුත් තත්ත්වය සුව අතට හැරෙන නිසා ඔවුන්ගේ භාරකරුවෝ ඔවුන් රැගෙන නිවෙස් බලා පිටත් වූහ. මෙලෙස ශාන්ති කර්මය අවසන් කර කට්ටඬියා හා සහායකයින් එම නිවසින් පිටත් වී ගියහ.

පසුදා උදාවිය. පෙරදින රාත්‍රියේ භූතාවේෂයට පත් ඇතැම් කාන්තාවන්ට හෝන්දුමාන්දු ගතියක් ඇතිවිය. නිදිමතයි, ඇස් ඇරගෙන ඉන්න අමාරුයි, ඔවුහු පැවසූහ. මොන තරම් උත්සාහ කළත් නින්දම යයි. ඇතැමුන්ට ඇස් පියාගත් විට තමන් නොදැනුවත්වම ඔළුව කරකැවේ. එක් අයෙක් තවමත් භූතාවේෂය තිබෙන ලෙස විකාර කියමින් අහල පහළට බැනවදිමින් හැසිරෙනු පෙනේ. මෙම තත්ත්වය ඉවත් කරගැනීමට වහාම ඉහත කට්ටඬියාම රැගෙන එන්නට ගම්මුන් තීරණය කළෝය. මේ බැව් ගමේ අයෙකු ගොස් කට්ටඬියාට පැවසූ පසු ඔහුගේ අදහස වූයේ මේ ගමට බලපාන්නා වූ අදෘෂ්‍යමාන බලවේගයක් මේ ගමෙහි පවතින බවයි.

‘මට මේක ඉවත් කරන්න පුළුවන්. ඔය වගේ වැඩද මම කරල තියෙන්නෙ’’ යනුවෙන් තමන්ගේ උජාරුව පැවසූ කට්ටඬියා සහායකයින් සමග නැවත එම ගමට පැමිණියේය. ඔහු සමීපයට ඉහත දිනයේ ශාන්තිකර්මය අතරතුර භූතයින් වැසුණු කාන්තාවන් සියලු දෙනාම රැගෙන එන ලදී. ඔහු විසින් නැවතත් එම කාන්තාවන් මහා දවාලේම නටවන්නට විය. මෙය ආරංචි වූ අසල ගම්වල උදවිය ද වැඩ රාජකාරි පසෙක දමමින් මෙම අරුම පුදුම සිද්ධිය දැකබලා ගැනීමට එම ප්‍රදේශය වෙත ඇදෙන්නට විය. එලෙස කාන්තාවන් සියලු දෙනාම නටවමින් ඔවුන්ගේ හිසට අත තබමින් ඔවුන්ගේ ශරීරවලින් භූත බලවේගය ඉවත් කරන්නට කට්ටඬියා වෙහෙසෙන්නට විය. නමුත් එතනදී ද සුව වූයේ කීපදෙනෙක්ට පමණි. අනෙක් කාන්තාවන්ගේ නැටීම් නතර නොවීය. මෙහිදී ද කට්ටඬියා ඔවුන්ට තාඩන පීඩන කරමින් ඔවුන්ගේ ශරීරයට පන්දම ළංකර පුච්චනවා ලෙස බිය කරමින් ඔවුන්ට පහර දෙමින් ඔවුන්ගේ ශරීරයේ සිටින අමනුස්සයින් ඉවත් කරන්නට වෙහෙසුණි. නමුත් ප්‍රතිඵලය එතරම් සාර්ථක නොවීය.

කට්ටඩියාගේ මතය වූයේ එම සුව නොවූ කාන්තාවන්ගේ ශරීරවල සිටින භූතයින් දරුණු අමනුස්සයින් බවයි. ඔවුන් ඉවත් කරන්නට නම් මීට වඩා ලොකු ශාන්තිකර්මයක් කළ යුතු බවත් නැත්නම් මෙම කාන්තාවන්ට එය ඉදිරියට ප්‍රශ්නයක් වන බවත් ය. මෙලෙස සුළු සහනයක් ලබාදී ඔවුන්ට තීරණයක් ගන්නා ලෙස පවසා කට්ටඬියා නික්ම ගියේය.

සැබෑ තොවිලය ගමේ ඇතිවුණේ මින් පසුවය. කට්ටඬියා ඉවත්ව ගියද කාන්තාවන්ගේ නැටීම වරින් වර ඇති විය. මෙලෙස ක‍්‍රමක‍්‍රමයෙන් ඇති වූ නැටිල්ල වැඩි වී කට්ටඬියා නැතිව ද හිස කරකවන්නට, විකාර කරමින් නටන්නට, විකාර කියවන්නට පටන් ගත්තෝය. කට්ටඬියා ද වරින් වර පැමිණ නොයෙක් දේ සිදුකළ ද නෝනලාගේ නැටීම අඩුවක් නැත. බැරිම තැන මෙම නෝනලා ටික ගමේ පන්සල වෙත කැඳවාගෙන යන්නට ගම්මුන් තීරණය කළෝය. එලෙස ගත් තීරණය අනුව ඔවුන් පන්සල කරා ගෙන ගියෝය.

පන්සලේදී නැටීම නතර විය. තනිකර මුළු ගමම මේ වනවිට අමු සොහොනක් වී හමාරය. දරුවන්ට පාසල් යාමට විදියක් නැත. පිරිමින්ට වැඩට යාමට විදියක් නැත. ඇතැම්හු බයේ බිරාන්ත වී සිටිති. නොයෙක් දෙනා නොයෙක් මත පවසති. ගමම තනිකර අපායකි. කෙසේ හෝ පන්සලේදී හෝ මොවුන්ගේ නැටීම නතර වූ බව සිතා හාමුදුරුවන්ගේ ද කැමැත්ත අනුව මොවුන් නිවෙස් කරා පිටත් කර යැවිණ.

මහා පුදුමයකි. පන්සලේදී ගේට්ටුවෙන් මොවුන් එළියට යනවාත් සමගම නැවත භූතාවේෂය පැමිනුණි. ඇතැම්හු නටති. ඇතැම්හු ඔළුව කරකවති. ඇතැම්හු විකාර කියවති. පෙර සිටි තත්ත්වයටම ඔවුහු වෙනස් වූහ. කළ හැකි දෙයක් නොමැති නිසා නැවත පන්සල වෙතම මොවුන් රැගෙන එනු ලැබිණ. පන්සලට ඇතුළු වනවාත් සමගම මොවුන්ගේ එම බලවේගය ඉවත්ව යන්නට විය. මෙලෙස කීපවරක් පන්සලෙන් එළියට යෑමට තැත් කළ බොහෝ අවස්ථාවලදී පන්සලේ ගේට්ටුවෙන් එළියට යනවාත් සමගම මොවුන්ගේ සිරුරට බලවේගය ඇතුළු විය. මෙය මිනිසුන්ට සිතා ගත නොහැකි තත්ත්වයක් විය. මේ අතර, මෙම තත්ත්වය ජනමාධ්‍ය ඔස්සේද රටපුරා පැතිර ගියේය.

එම ගමේ සිටි බුද්ධිමත් ගුරුවරයකුගේ අදහස මීට වෙනස් විය. ‘මේකට ඔය විකාර කරල වැඩක් නැහැ. ඕකට වෛද්‍යවරයෙක්ගෙන් විසඳුම් ලබාගනිමු’ යයි ඔහුගේ මතය විය. ඒ අනුව මෙය විසඳීම සඳහා විදුල අධි මනෝවිද්‍යා පර්යේෂණ සංගමයේ වත්මන් සභාපති වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාගෙන් මේ සඳහා සහනයක් ගැනීමට ඔවුහු තීරණය කළහ.

ඔවුන්ගේ දැනුම්වත් වීම මත විදුල අධි මනෝවිද්‍යා පර්​ෙ‌ය්ෂණ සංගමයේ සාමාජිකයින් ද මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් ද සමග විද්‍යාකුලපති එම ගැටලුව ඇති වූ ගමට ළඟා විය.

ඒ වනවිට හැන්දෑවේ හයහමාර හත පමණ වී ඇත. මොවුන් මුලින්ම ගමන් කළේ පන්සල වෙතය. ඒ වනවිට පන්සලේ බොහෝ ජනකායක් වටවී ඇත. ගමේ මිනිසුන් ගොස් කට්ටඬියා ද පන්සල වෙත කැඳවා ගමේ මිනිසුන්ගේ ආවේගය මත කට්ටඬියාට ගුටි බැට දෙන්නට ද ගමේ මිනිස්සු පෙළඹුණහ. ගමේ ඇතැම් මිනිසුන්, පාතේගම ඤාණිස්සර හිමි සහ විද්‍යාකුලපති මහතාගේත් මැදිහත් වීමෙන් කට්ටඬියාට හිරිහැරයක් නොකර බේරා යවා සිදුවීම පිළිබඳව හොඳින් සියලු තතු විමසන්නට විය. විද්‍යාකුලපති මහතාත් පාතේගම ඤාණිස්සර හාමුදුරුවෝත් ගැටලුව නිරාකරණය කිරීම ආරම්භ කළහ.

පළමුව භූතාවේෂයට ලක්ව සිටි කාන්තාවන් විද්‍යාකුලපති මහතා විසින් වෙන වෙනම ගෙන කරුණු අසා ඔවුන්ව මෝහන නිද්‍රාවට පැමිණියහ. වෛද්‍යවරයා විසින් ඔවුන්ගේ සිරුරට එම භූතාවේෂය පැමිණෙන ලෙස පැවසීමත් සමග පෙර පරිදිම ඔවුහු නටන්නට වූහ. ඇතැම්හු විකාරයෙන් කියවන්නට වූහ. ඇතැම්හු දඟලන්නට වූහ.

‘ඔබට මෙම ඇති වූ තත්ත්වය සත්‍ය ලෙසම අත්භූත අයකු ඇතුළුවීම නිසා හටගත් තත්ත්වයක් නොවේ. මෙය ඔබේ යටි හිතේ තිබුණු විශ්වාස සහ කට්ටඬියාගේ විධාන මත ඔබගේ සිත් තුළ ඇති වූ තත්ත්වයක් පමණයි’’ යනුවෙන් විද්‍යාකුලපති මහතා පවසා එම මනෝ භාවය ඔබගේ සිත්වලින් මේ මොහොතේ සිටම ඉවත් වන බවත් යළිත් කිසිම දිනෙක එම තත්ත්වය ඇති නොවන බවත් පවසා මෝහන නිද්‍රාවෙන් අවදි කෙරුණි.
ඉන් පසුවද ටික දිනක් යනතෙක් මොවුන් සඳහා මානසික අභ්‍යාස ලබාදී ඔවුන්ගේ මනස සුවපත් කළේය. මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි විසින් මින්පසු බුදු දහම අනුව ජීවත් වන ලෙසටත් මිත්‍යා විශ්වාසවලින් ඉවත් වන ලෙසටත් අවවාද කෙරිණ.

මෙයින් පසුව නෝනලාට වැසී තිබූ භූතාවේෂ නැවත හටගත්තේ නැත. මෙම සිදුවීම පිළිබඳව වෛද්‍ය විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස පහදා දුන්නේය. ඇත්තටම මෙම තත්ත්වය අත්භූත බලවේගයක් නොවේ. මෙය Dissociative Disorders ලෙස නැතහොත් හිස්ටීරියා’ ලෙස හඳුන්වන තත්ත්වයක්. එම තත්ත්වය ගම පුරා පැතිරීම Mass Hysteria ලෙස හඳුන්වන්න පුළුවන්. අවුරුදු දහසයක් වයසැති කිසිදු දැනුමක් නොමැති කට්ටඬියා විසින් කරපු කපටි ක්‍රියාවලින් එය වැඩිවුණා ඔබ කළ යුත්තේ මෙවැනි ක්‍රියාවලට හසු නොවී බුද්ධියෙන් වැඩ කිරීමයි. මෙවැනි දෙයක් දුටුවහොත් මනෝ වෛද්‍යවරයකු, මනෝ විද්‍යාඥයකු, මනෝ චිකිත්සකයකුගේ සහාය පැතීම අනිවාර්යය.

සටහන:
හබරාදුව නිමල් අල්ගෙවත්ත

මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුරදී හදිසි අනතුරකටලක්ව ඇමැති රෝසි සේනානායක මහත්මිය හදිස්සියේ රෝහල් ගතකරයි

මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුරදී හදිසි අනතුරකටලක්ව ඇමැති රෝසි සේනානායක මහත්මිය හදිස්සියේ රෝහල් ගතකරයි

මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුර වැල්ලවත්ත කෝකිලාපුරදී හදිසි අනතුරකට ලක් වූ හිටපු ඇමැති රෝසි සේනානායක මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කර ඇතැයි ආරංචි මාර්ග කියයි.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නගරාධිපති ධුර අපේකෂිකාව රෝසි සේනානායක මහත්මියයි.

අනතුරෙන් ඇගේ පාදයේ සුළු ආබාධයක් ඇති වී ඇතැයි දැනගන්නට තිබේ.

පාලු රබර් වත්තක් මැද අභිරහස්ලෙස ඝාතනයවූ ඇගලුම්හල් සේවිකාවක් වන සුජාතාගේ මරණයේ සුලමුල ලේ කැටියක් නිසා හෙළිවුණු හැටි මෙන්න

පාලු රබර් වත්තක් මැද අභිරහස්ලෙස ඝාතනයවූ ඇගලුම්හල් සේවිකාවක් වන සුජාතාගේ මරණයේ සුලමුල ලේ කැටියක් නිසා හෙළිවුණු හැටි මෙන්න

‘‘කොහේද දුවන්නේ ?’’

‘‘ගෑනු කෙනෙක් මරලා දාලාලූ’’

‘‘කොහේද?’’

‘‘දොරේ මහත්තයාගේ රබර් කෑල්ලේ ඇළ අයිනෙලු. මිනිය සත්තු කාලා අඳුනගන්න බැහැයිලු’’

‘‘අප්පේ ඒ මොන අපරාධයක්ද? ඉඳිං ඉඳිං මාත් එනවා යන්න.’’

සුජාතාත් ආ ගිය අතක් නෑ කියලා පොලිසියේ පැමිණිල්ලකුත් දාලා තිබුණා. දෙයියනේ ඒකිවත්ද?

ගමේ උන් නම් කතා වුණේ ඒකි පැනලා යන්න ඇති කියලයි.

එහෙම වෙන්නත් පුළුවන්. අපි තාම මිනිය දැක්කේ නැතුව ඒ සුජාතාමද කියන්න බැහැනේ සීතෝ.’’ ඒ ගම්වැසින්ගේ කතා බහය.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ පණිවුඩයකට අනුව පොලිසියද එහි පැමිණියේය. පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් කීප දෙනකු මිනිය දෙසට ගොස් එය පරීක්ෂාවට ලක් කරද්දි තවත් නිලධාරින් පිරිසක් එම ස්ථානයට ආරක්ෂාව සැපයූහ. අවට පැතිරුණ දුර්ගන්ධය නිසා කවුරුත් මිනිය අසලට ළං වුණේ නහය වහගෙනය. එහෙත් පොලිස් නිලධාරින්ට නහය වසාගෙන පරීක්ෂණ කළ නොහැකිය. ඔවුන් මිනිය වෙත ළඟාවන විටත් එහි මස් දියවෙමින් පැවතිණ. සිරුර වැටී තිබුණේ උඩුබැලි අතටය. දෑත් දෙපසට විහිදී තිබිණ. මුහුණේ හා සිරුරේ බොහෝ තැන් සතුන් කා විනාශ කර තිබිණ. දිගු සායක් හා හැට්ටයක් ඇඳ සිටි ඇය කොණ්ඩය තනි කරලට ගොතා තිබූ අතර එය දිගු කොණ්ඩයකි. සිරුර තිබූ ආකාරය අනුව එය එම ස්ථානයෙන් ගෙන යාමට පෙර මහේස්ත‍්‍රාත්වරයාට දැනුම් දිය යුතු යැයි පොලිස් ස්ථානාධිපතිවරයා තීරණය කළේය.

පැය එකහමාරක් ඇතුළත මහේස්ත‍්‍රාත්වරයා පැමිණ පරීක්ෂණ කළ අතර අධිකරණ වෛද්‍ය නිලධාරියාද එහි කැඳවනු ලැබිණ. සිරුර හඳුනන කිසිවෙක් පැමිණෙන තෙක් මදක් එහි තිබෙන්නට හැර එසේ කවුරුත් නොවන්නේ නම් අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂණයෙන් පසු සිරුර රෝහල් මෘත ශරීරාගාරයට ගෙන යාමට නියෝග කෙරිණ.

මේ වන විට ආරංචිය දසත පැතිරී ගියේ සුළඟ මෙනි. ගමේ ගෑනු, පිරිමි හැමෝම වගේ තමන් කරමින් හිටි කටයුතු පසෙක දමා දොරේ මහත්තයාගෙන් රබර් වත්ත දෙසට දිව ගියේ සිය සවන් වැකුණ අලුත්ම ආරංචිය සියැසින් දැක තහවුරු කර ගැනීමටය. අර අතුරුදන් කියපු ගෑනු කෙනාගේ පවුලේ කවුරුහරි ඇවිත් ඉන්නවාද? පොලිසිය ගම්මුන්ගෙන් ප‍්‍රශ්න කළේ සුජාතාගේ පවුලේ කෙනකු සිටීදැයි දැන ගැනීමටය.

‘‘ඔව් මම ඉන්නවා.’’ තරුණ පහේ පිරිමියෙක් කීවේය.

‘‘තමුන් ඒ ගෑනු කෙනාගේ කවුද?’’

‘‘අයියා’’

‘‘ඇවිත් බලනවා මේ අයව අඳුනනවාද කියලා.’’

සුජාතා තිස් හය හැවිරිදි එක්දරු මවකි. සැමියා ඇය හැරගොසිනි. දස හැවිරිදි දියණියත් සමග තනිව ජීවත් වන ඇය ජීවිකාව ගෙන ගියේ ඇගලුම් කම්හලක සේවය කිරීමෙන් ලැබෙන සොච්චම් වැටුපෙනි. උදේ පාන්දරම අවදි වන සුජාතා සිය උදේටත් දවල්ටත් සෑහෙන ලෙස ආහාර පිස දියණිය පාසල් යාමට සුදානම් කරවා රැකියාවට යන්නී ආපසු ගෙදර එන්නේ පස්වරු හයට හතට පමණය. ඇය එන තෙක් දියණිය මාමාගේ ගෙදරට වී සිටින්නීය.

එහෙත් මීට හත් දිනකට පෙර රැකියාවට ගිය සුජාතා සුපුරුදු පරිදි යළි ගෙදර පැමිණියේ නැත. ඇය එනතෙක් දියණිය දෑස් නොපියවා බලා සිටියාය. මාමා ලවා අම්මාගේ ජංගම දුරකථනයටද ඇමතුම් ලබාගත්තද දියණියට සිය මවට කතා කිරීමට නොහැකි විය. ඒ දුරකථනය නාද වුවද අනෙක් පසින් සුජාතා ඊට ප‍්‍රතිචාර නොදැක්වීම නිසාය. ඒ අනුව ජෝති පොලිසියට පැමිණිල්ලක් කළේ තම නංගිට සිදුවූයේ කුමක් වුවත් පැමිණිල්ලක් කර තිබීම වඩාත් සුදුසු යැයි සිතූ නිසාය.

අතුරුදන් සුජාතාගේ අයියා ජෝති මළ සිරුර අසලට ගොස් එබී බැලූවත් මුහුණ අඳුනාගත නොහැකි ලෙස නරක් වී සතුන් කා තුවාල සිදුකර තිබිණ. එහෙත් ඇයගේ ඇඳුම හඳුනාගැනීමට ජෝතිට හැකි විය. සිරුර පසෙකින් වැටි තිබූ අත්බෑගයද තම සහෝදරියගේ බවට ජෝති හඳුනාගත්තේය. ඔහුට මෙය අදහා ගැනීමට නොහැකි විය. සිය සහෝදරිය අතුරුදන් වුවත් මෙවැනි මරණයක් ඇයට අත්පත්ව ඇතැයි ඔහු කිසිසේත්ම විශ්වාස කළේ නැත. නැගණිය කවුරුන් හෝ තරුණයෙක් සමග පලා යන්නට ඇතැයි ඔහු විශ්වාස කර තිබිණ.

‘‘අනේ මහත්තයෝ නංගිට මේ මොකද වෙලා තියෙන්නේ? එයාට කවුද මේ අපරාධය කළේ?’’

මෙය ඝාතනයක්ද? නැත්නම් වෙනත් හේතුවක් නිසා සිදුවු ස්වාභාවික මරණයක්ද? සිය දිවි නසා ගැනීමක්ද? යන්න පොලිසියට තීරණය කිරීමට නොහැකිය. සිරුර හමුවන විටත් එය දින පහක් හයක් පමණ පරණ වී තිබු අතර තැනින් තැන සතුන් කා විනාශ කර තිබිණ. සිද්ධිය ඇසින් දුටු කිසිවෙක්ද නොවූහ.

මහේස්ත‍්‍රාත් නියෝගය පරිදි අධිකරණ වෛද්‍ය විශේෂඥ බන්දුල අබේසිංහ මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේ වගකීම භාරගත්තේය.

රෝහලේදි සිරුර කපා පරීක්ෂා කරනු ලැබිණ. සුජාතාගේ දේහය පරීක්ෂා කළ වෛද්‍යවරයා මුහුණේ, පපු පෙදෙසේ, දෑත්වල හා දෙපාවල පවතින තුවාල සතුන් කෑමෙන් ඇති වූ ඒවා බව හඳුනාගත්තේය. මරණය සිදුවීමට පෙර සිදුවූ තුවාල නම් ඒවායින් ලේ වහනයක් සිදුව තිබිය යුතුය. එහෙත් එවැනි දෙයක් පෙනෙන්නට තිබුණේ නැත. ඒ අනුව මේවා මරණය සිදුවී පැය ගණනකට පසුව ඇති වූ තුවාල බවට තීරණය කළේය. සිරුර වැටී තිබූ ස්ථානය අනුව කබරයන් හෝ බල්ලන් හෝ කා දමන්නට ඇතැයි සැක කළ හැකිය.

රෝහලේදී සිරුර කපා පරීක්ෂා කරනු ලැබිණ. සුජාතාගේ දේහය පරීක්ෂා කළ වෛද්‍යවරයා මුහුණේ, පපු පෙදෙසේ, දෑත්වල හා දෙපාවල පවතින තුවාල සතුන් කෑමෙන් ඇති වූ ඒවා බව හඳුනාගත්තේය. මරණය සිදුවීමට පෙර සිදුවූ තුවාල නම් ඒවායින් ලේ වහනයක් සිදුව තිබිය යුතුය. එහෙත් එවැනි දෙයක් පෙනෙන්නට තිබුණේ නැත. ඒ අනුව මේවා මරණය සිදුවී පැය ගණනකට පසුව ඇති වූ තුවාල බවට තීරණය කළේය. සිරුර වැටී තිබු ස්ථානය අනුව කබරයන් හෝ බල්ලන් හෝ කා දමන්නට ඇතැයි සැක කළ හැකිය.

මෙසේ සතුන් කෑම නිසා ඇති වූ තුවාල හැර වෙනත් කිසිම තුවාලයක් ඇගේ සිරුරේ පිටතින් හෝ අභ්‍යන්තරයෙන් හමු නොවිණ. එහෙත් ගෙල ඉදිරිපස කොටසේ ඇතුළු පැත්තේ යටිහනුව අසලින් කළුපාට ලේ කැටිති දෙකක් වැනි යමක් දැකිය හැකි විය. මස් දියවෙමින් පැවතීම නිසා මේ ලේ කැටි බවට කිව නොහැකි වුවත් අන්වීක්ෂීය පරීක්ෂණ මගින් මාංශ පේශි එක තැන දැඩිව තද වීමෙන් කේශනාළිකා හානිවී ඇති වූ ලේ කැටියක් බව නිගමනය කළ හැකි විය. එසේ විය හැක්කේ ගෙල කිසිවකින් තද වීම නැත්නම් කිසිවෙක් ගෙල මිරිකීම නිසාය. තවදුරටත් පරීක්ෂා කිරීමේදී බෙල්ලේ කාටිලේජ කැඩී තිබූ අතර තයිරොයිඩ් ග‍්‍රන්ථියටද හානි වී ඇති බව නීරික්ෂණය විය.

මෙසේ සතුන් කෑම නිසා ඇති වූ තුවාල හැර වෙනත් කිසිම තුවාලයක් ඇගේ සිරුරේ පිටතින් හෝ අභ්‍යන්තරයෙන් හමු නොවිණ. එහෙත් ගෙල ඉදිරිපස කොටසේ ඇතුළු පැත්තේ යටිහනුව අසලින් කළු පාට ලේ කැටිති දෙකක් වැනි යමක් දැකිය හැකි විය. මස් දියවෙමින් පැවතීම නිසා මේ ලේ කැටි බවට කිව නොහැකි වුවත් අන්වීක්ෂීය පරීක්ෂණ මගින් මාංශ පේශි එක තැන දැඩිව තද වීමෙන් කේශනාළිකා හානිවී ඇති වූ ලේ කැටියක් බව නිගමනය කළ හැකි විය. එසේ විය හැක්කේ ගෙල කිසිවකින් තද වීම නැත්නම් කිසිවෙක් ගෙල මිරිකීම නිසාය. තවදුරටත් පරීක්ෂා කිරීමේදී බෙල්ලේ කාටිලේජ කැඩී තිබූ අතර තයිරොයිඩ් ග‍්‍රන්ථියටද හානි වී ඇති බව නීරික්ෂණය විය.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වූ කරුණු අනුව මෙය ඝාතනයක් බව තහවුරු විය. එහෙත් එය සිදුකළේ කව​ෙරක්ද?

ඇගේ සහෝදරයාටද ඊට නිසි පිළිතුරක් නොවිණ. සුජාතා වැටී සිටි ස්ථානයේ තිබූ ජංගම දුරකථනයේ වූ සිම්පත පරීක්ෂාවට ලක් කිරීමෙන් ඇය නිතර ඇමතුම් ලබාගෙන තිබූ අංකයක් සැකයට භාජනය විය. එම සැකකටයුතු දුරකථන අංකය ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. එය මොනරාගල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව සොයාගැනිණ. ඒ අනුව දියණියගෙන් ප‍්‍රශ්න කිරීමේදී මව බලන්නට පැමිණි මාමා කෙනෙක් ගැන තොරතුරු අනාවරණය වූ අතර ඔහු මව අතුරුදන් දිනට දින කීපයකට පෙර ඇවිත් ගිය බවත් නැවත එන්නට සිටියේ මව අතුරුදන් දිනට දින දෙකකට පසුව බවත් එහෙත් ඔහු ඒ දිනයේ පැමිණියේ නැති බවත් දියණිය ප‍්‍රකාශ කළේය. මේ මාමා කවුරුන් ද?.

දිනක් සුජාතාගේ දුරකථනයට නොදන්නා කෙනෙකුගෙන් ඇමතුමක් ලැබිණ. එය වැරදීමකින් පැමිණි ඇමතුමක් බව සුළු මොහොතකින් වැටහිණ. ඒ නිසා ඇමතුම අවසන් කළ සුජාතා සුපුරුදු පරිදි තමන්ගේ කටයුතුවල නිරත වූවාය. පසුදිනද ඒ පුද්ගලයාගෙන්ම ඇමතුමක් ලැබිණ. එදින වැරදීමක් බව සුජාතා පෙන්වා දුන්නත් අනෙක් පැත්තෙන් කතා කළ කෙනා ඇමතුම අවසන් කිරීමට සුදානම් බවක් පෙන්වූයේ නැත. ඔහු කතා කළ ආදරණීය ස්වාභාවය නිසා සුජාතාටද ඇමතුම විසන්ධි කිරීමට හිත දුන්නේ නැත. තම සැමියා හමුවූ මුල් කාලය ඇයට මතක් විය. මේ ආකාරයට දින කීපයක් කතා බහ කිරීමෙන් අඳුනාගත් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ගොඩනැගෙන්නට විය. දෙදෙනා නිවාඩු අවස්ථාවල මුණ ගැසෙන්නටද පුරුදු විය. ඒ හමුවීම නිවහන තුළම සිදුවන තත්ත්වයට පත්වීමට වැඩි කාලයක් ගත නොවිණ.

සුජාතාගේ මේ අලුත් පෙම්වතා මොනරාගල ප‍්‍රදේශයේ අයෙකි. ජානක නමින් හැඳන්වූ ඔහුද විවාහය කඩාකප්පල් වී තනිව ජීවත් වූවෙකි. ජානක ගෙදරට ගෙන්වා ගැනීම පිළිබඳව සුජාතාගේ මාපියන් සහ සහෝදරයා දැන සිටියේ නැත. ජානක සුජාතාලාගේ ගෙදරට ආවේ රාත‍්‍රියේ කාටත් හොරාය. උදේ පාන්දරම නැවත පිටව ගියේය. කිසිවකු හොරෙන්ම නිවෙසට ගෙන්වා ගන්නා බවට යම් සැකයක් ඇති වීම නිසා ජෝති ඒ ගැන නංගිගෙන් ප‍්‍රශ්න කර අවවාද කර තිබිණ. ඒ නිසා ජානක ටික කලක් නිවෙසට පැමිණිමෙන් වැළකී ඇත.

සුජාතා රාත‍්‍රී දහයට වැඩ අවසන්වන දිනවලදී ඇය සමග නිවෙසට එන්නට ජානක පුරුදුව සිටියේය. එවැනි අවස්ථාවල නගරයේ සිට ගමට එන්නට තිබෙන ප‍්‍රධාන මාර්ගය මගහැර ඇළ අයින දිගේ රබර් වතු මැදින් වැටුණ කැළෑබද අතුරු මාර්ගයකින් නිවෙසට පැමිණීමට සුජාතා පෙලඹුණාය. ඒ ගමේ අය කියන කතාවලින් හා අහන ප‍්‍රශ්නවලින් ගැලවීමටය.

කාටත් රහසේ මේ සම්බන්ධය වසරක් පමණ පවත්වාගෙන ගිය පසු තමන් විවාහ කරගන්නා ලෙස සුජාතා ජානකගෙන් ඉල්ලා සිටියාය. එහෙත් විවිධ හේතු මතුකරමින් ජානක එය කල්දැමීය. මේ නිසා දෙදෙනා අතර නිතර රණ්ඩු ඇති වූ බව දියණිය පොලිසියට පවසා තිබිණ. දුරකථන දත්ත අනුව සැකකරු සුජාතා අතුරුදන් දිනයේ හමුවූ බවට සැකකළ හැකි විය. ඒ ඇය රාත‍්‍රී වැඩමුරය අවසන්ව වැඩපළේ ගේට්ටුවෙන් එළියට එන්නට ඇතැයි සිතිය හැකි අවස්ථාවේ සැකකරුට ගත් ඇමතුමක් එහි සඳහන්ව තිබීම හා එදින යළි කිසිදු ඇමතුමක් එම අංකයට ගෙන නොතිබීමත් එම සැකකටයුතු අංකයෙන් මේ දිනයට පසු කිසිම ඇමතුමක් ගෙන නොතිබීමත් නිසාය. අනෙක් සෑම දිනකදීම රාත‍්‍රී කාලයේ පවා එම අංකය සමග සුජාතා සම්බන්ධ වී තිබිණ. මොණරාගල පොලිසිය සැකකරුගේ නිවෙසට ගොස් පරීක්ෂා කළද සැකකරු සොයාගත නොහැකි විය.

සැකකරුගේ දුරකථන අංකය ළග තබාගත් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා කාන්තා පොලිස් නිලධාරිනියන් සැකකරු සම්බන්ධ කරගැනීමට උත්සාහ කර තිබූ නමුත් වසරක් පමණ වන තෙක් ඔහු සම්බන්ධ කරගත නොහැකි විය. වසරකට පමණ පසුව පොලිස් කාන්තාවකගේ ඇමතුමකට සම්බන්ධ වූ ඔහු ඇය සමග සබඳතාවක් ඇති කරගත් අතර ඇය හමුවීමට දිනයක්ද යොදාගත්තේය. එය උගුලක් යැයි ඔහු කිසිසේත්ම සිතුවේ නැත. ඒ නිසා කිසිවක් නොදැනම ඔහු පොලිසියේ අත්අඩංගුවට පත්විය.

එදා සිදුවූදේ ඔහු පොලිසියට පාපොච්චාරණය කළේ මෙසේය.

එහෙත් ඔහු සුජාතා මිය ගිය බවක් දැන සිටියේ නැත. සිද්ධිය වූ දිනයේ ඔහු සුජාතා සමග සුපුරුදු මාර්ගයේ ගමන් කරමින් සිටියදි වෙනදා මෙන්ම තමන් විවාහ කරගන්නා ලෙසට බල කරමින් සුජාතා රණ්ඩුව පටන්ගෙන තිබේ. ඉක්මන් කේන්තිකාරියක වන සුජාතා තමන්ගේ ප‍්‍රශ්නයට උත්තරයක් නොදෙන ජානකගේ මුව විකුවාය. ඇගේ දත් අතරට තද වූ ජානක යටිතොලෙන් ලේ ගලන්නට විය. වේදනාවට පත් ජානක සුජාතාගෙන් බේරෙන්නට ඇයව තල්ලු කරන්නට හැදුවත් එය සාර්ථක වූයේ නැත. ඒ නිසා ඔහු ඇගේ ගෙල තදින් මිරිකා ඇල්ලූ අතර සුළු මොහොතකින් ඇය අමුතු හඬක් නඟමින් ඇද වැටිණ. ඇයට කුමක් වී දැයිවත් විපරම් නොකළ ජානක ඉරීයාමෙන් ලේ ගලන යටිතොළ අල්ලාගෙන පසු නොබලා දිව්වේය. කැලෑබද මාර්ගයෙන් පිටව නගරයට විත් බසයක නැගී රෝහල වෙත ගියේය.

සැකකරු අල්ලාගත් පසු යළිත් අධිකරණ වෛද්‍යවරයා වෙත ඔහුව ඉදිරිපත් කෙරිණ. ඒ ඔහු කියන දේ සත්‍ය දැයි පරීක්ෂා කරගැනීම සඳහාය. ඔහු කියන පරිදි සැබවින්ම ඔහුගේ යටිතොල මැහුම් දමා තිබිණ. රෝහලේ වාර්තා පරීක්ෂා කිරීමේදී ද එය තහවුරු විය. හිතා මතා හෝ නොහිතා හෝ ඔහු අතින් ඝාතනයක් සිදුව තිබූ නිසා සුජාතාගේ ඝාතනයට එරෙහිව ජානක අධිකරණයට ඉදිරිපත් කෙරුණ අතර ඔහු එහි වගකීම භාරගත්තේය. එය මරණ චේතතාවෙන් සිදුකරන ලද්දක් නොවන බවට තහවුරු කළෙන් ඔහුගේ දඬුවම වසර අටක සිර දඬුවමකට සීමා විය.

(බන්දුල අබේසිංහ මහතා සමග කළ සාච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් වී ඇති අතර මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.)

සටහන : මුදිතා දයානන්ද

14 වෙනිදට කඩාගන්න ඉන්න කෙල්ලෝ 14 වෙනිදා වෙනකම් අමුඩේ ගහන ඉන්න කොල්ලෝ මේකත් පොඩ්ඩක් කියවන්න

14 වෙනිදට කඩාගන්න ඉන්න කෙල්ලෝ 14 වෙනිදා වෙනකම් අමුඩේ ගහන ඉන්න කොල්ලෝ මේකත් පොඩ්ඩක් කියවන්න

ලග එන වැලන්ටයිම් ඩේ එකට දුරතියාම කොල්ලෙක් තමන්ගේ මුහුණු පොතට එක කරපු පට්ට කතාවක් අපිට හමුවුනා බලන්නකෝ කියල තියෙන කතාව ඇත්තද කියල

14 වෙනිදාට පෝළිමට
මල් වතු වල park වල
කෙල්ලෝ කෝල්ලෝ පිරෙයි
Gall face , galle fort වල
අව්වේ කරවි කරවි
එක එකා
සිප වැලද ගනියි ….

උනවටුනේ beach අයිනේ
රැපියල් 800 කාමර වල
පෙට්ටි හතර පහ කැඩෙයි
මෝඩ කෙල්ලෝ හා අහිංසක කෙල්ලෝ
වර්ග දෙකම
එදාට අඩයි …

මෙදා පාර 14 අගහරුවාදා
ඒ හිංදා A/L කෙල්ලන්ට කොල්ලන්ට නම්
අමතර class එහෙමත් වැටෙයි
Hiru fm නම් හැමෝම
ආදර කෝච්චියේ එක්කන් යයි ..

#උඹලා_ඩිංගක්_හිතුවාද
එදාට අමතර පන්ති කියාලා
කොල්ලා ගාවට ආදරේ කරන්න එන පුංචි කෙල්ල
සමහර විට ගෙදර යන්නේ
#ගෑනියෙක් වලා ..

මුළු ජීවතයම අදුරු කරගෙන ..
උණ වටුන jungle beach එන කෙල්ල
ගෙදර යන්නේ තොල් පටි පවා තුවාල කරගෙන
තරුණ හිත් වලට ආදරේ කරන්න
එක දවසක් මොකද ?
ඇයි හැමදාම ආදරෙ කරන්න බැරිද ?
පන්සල් කෝවිල් වල නැති සැනසුම
Room වල තියනවාද ?
නිරුවතට යටවෙන එකද
ආදරය කියන්නේ ..

ඒකද ආදරවන්තයින්ගේ දිනය
වැලැන්ටයින් දවසට දෙන්නා එකතු වෙලා
#සිල්_බිදගන්නවාට වඩා
#සිල්_ගන්න එක වටිනවා නේද..

නංගියේ/මල්ලියේ
වැලැන්ටයින් කියන්නේ මායාවක් ..
ඒකට වැටුනොත් ගොඩ එන්න අමාරුයි
සුරංගනා ලෝකෙන් මිදෙන්න
යතාර්ථය දකින්න ..

අදහසක් පමනි කෙල්ලව අමාරුවේ දාන්න බලන් ඉන්න සෙල්ලක්කාරයෝ ටික දැන් මේකට රෙද්ද උස්සන් එයි ඉතින්.. 

උපුටාගැනීම Dilan Sanjeewa මුහුණු පොතෙන්

ස්ත්‍රී හා පුරුෂ වදභාවය කියන්නේ මොකද්ද…? වදභාවය ඇතිවන්නේ ඇයි වදභාවය පිලිබදව ඔබ මෙතෙක් නොඇසූ විශ්මිත කතාවක් මෙන්න වඳ වෙන්න කලින් බලන්න යාලුවන්ට බලන්නත් Share කරන්න

ස්ත්‍රී හා පුරුෂ වදභාවය කියන්නේ මොකද්ද…? වදභාවය ඇතිවන්නේ ඇයි වදභාවය පිලිබදව ඔබ මෙතෙක් නොඇසූ විශ්මිත කතාවක් මෙන්න
වඳ වෙන්න කලින් බලන්න යාලුවන්ට බලන්නත් Share කරන්න

විවාහක යුවළක් මුහුණ දෙන ගැටලු අතරින් ප්‍රමුඛතාවය ලැබෙන්නේ ‘ දරුපල අහිමි වීම’ය. දරුපල අහිමි කාන්තාවන් හෙලාදකින්නවු වචනයක්ද සමාජයේ ස්ථාපිත වී තිබේ. ඒ ‘ වද ගැහැණිය’ ක යන්නයි. දරුවන් නොමැති වීමේ දී ප්‍රමුඛව ඇඟිල්ල දිගු වන්නේ කාන්තාවන්ට වුවද, වර්තමානයේ පුරුෂ වදභාවය හෝ මඳසරුභාවය 40% ඉක්මවා ඇත.

දරු සම්පත ලොව ඇති උතුම්ම සම්පත බව සැලකේ. විවාහක යුවළකට ඇති ප්‍රධානතම සම්පත වන්නේ ද දරු සම්පතයි. ඒ මිනිස් වර්ගයාගේ පැවැත්ම රඳා පවතින්නේ ඔවුන් නිසා බැවිනි. ඔන්න ඒ නිසා තමයි අද අපි ඔයාලට කියන්න යන්නේ මේ වදභාවය පිලිබදවයි. මේ වීඩියෝව බලන්න. ඔබට ඇති ගැටළු අපට යොමු කරන්න. අප ඒවාට විසදුම් ලබා දෙන්නම්.

පොලිස් භාරයෙන් නිදහස් වී එලියට ආපු ලංකාවම ආදරය කල දම් රැජිනගේ රෙදි ගලවයි මෙන්න වීඩියෝව

පොලිස් භාරයෙන් නිදහස් වී එලියට ආපු ලංකාවම ආදරය කල දම් රැජිනගේ රෙදි ගලවයි මෙන්න වීඩියෝව

පාරේ මග තොටේ හමුවන බස් අතරේ අපි කවුරුත් අදුනන කෙනෙක් තමයි දම් රැජිනි කියන්නේ. එහෙත් මේ දිනවල එම බස් රථයට දැනට පොලිස් බාරයේ තිබෙන අතර උසාවි නියෝගයකින් එම බසයේ සියළුවම ස්ටිකර් ගැලව ඉවත් කරන ලෙස කියා සිටි.

මෙන්න බලන්නකෝ ඒ ලස්සන බස් රථයට දැන් වෙලා තියන දෙයක්. ඇත්තටම අපි කවුරුත් හදුනන බස් රථයට අවාසනාවන්ත ලෙස දැන් වෙලා තියන දේ බලන්නකෝ. පහත වීඩියෝව නරබන්න

කෝටිපතියෝ නාට්‍යයේ රගපාන්න රට රස්සාව අතහැරලා ලංකාවට ආපු තුශිනිගේ මෙතෙක් කිසිවෙකු නොඇසූ විශ්මිත කතාව මෙන්න

කෝටිපතියෝ නාට්‍යයේ රගපාන්න රට රස්සාව අතහැරලා ලංකාවට ආපු තුශිනිගේ මෙතෙක් කිසිවෙකු නොඇසූ විශ්මිත කතාව මෙන්න

කොහොමද ඔබට කෝටිපතිනියක් වෙන්න අවස්ථාව ලැබුණේ ?
මාව කෝටිපතිනියක් කළේ හාරකෝටියයි. මොකද මට කෝටිපතියෝ ටෙලි නාට්‍යයේ අංජලී කියන ප්‍රධාන චරිතයට අවස්ථාව ලැබෙන්නේ හාරකෝටියේ රසිකාවක් විදිහට මං ඒ ටෙලි නාට්‍යයට ඒ තරමටම ළෙන්ගතු වූ නිසා. මම හිටියේ ඉතාලියේ. ඉතාලියේ සැලෝන් එකක් කරපු මගේ යාළුවෙක් හිටියා. ඒ යාළුවා මාර්ගයෙන් මට උදිත් අබේරත්නව හඳුනා ගන්න ලැබුණා. උදිත් අයියා හරහා ‘‘කෝටිපතියෝ’’ පිටපත් රචක සද්ධා අයියාව වගේම, එහි නිෂ්පාදක චාමර අයියාව හඳුනගන්න ලැබුණා. පස්සේ මම ඉතාලියේ ඉඳලම ඒ දෙන්නට කතා කළා. පස්සේ සද්ධා අයියා මට කිව්වා වීඩියෝ කිලිෆ් එකක් එවන්න කියලා. පස්සේ මම හාරකෝටිය ටෙලි නාට්‍යයේ දෙබස් කිහිපයක් ඇක්ට් කරලා වීඩියෝ එකක් එව්වා. ඒ එවපු වීඩියෝ ක්ලිප් බලලා තමයි නිෂ්පාදක කණ්ඩායම ‘‘කෝටිපතියෝ’’ ටෙලි නාට්‍යයේ ප්‍රධානම චරිතයකට මාව තෝරා ගත්තේ.

එතකෙට තුෂිනි ලංකාවට එන්නේම කෝටිපතියා් හින්දා…?
ඇත්තටම ඔව්. රංගන ශිල්පිනියක් වෙන්න හීන දැක්ක මට පළවෙනි නිර්මාණයෙන්ම ප්‍රධාන නිළිය වෙන්න පුළුවන් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ඉතාලියේ ප්‍රධාන පෙළේ හෝටලයක උපදේශිකාවක් කියන තනතුර පවා මම අතහැරලා ලංකාවට ආවේ රංගනයට ඒ තරම් ආදරේ කරන නිසයි.

ඔබ ප්‍රතිනිර්මාණය කරන අංජලීගේ චරිතේ ගැන කතා කළොත්…
දඟකාර, ක්‍රියාශීලී යුවතියක් තමා අංජලී කියන්නේ. අංජලීගේ පෙම්වතා විදිහට රඟපාන්නේ සංකේත් වික්‍රමගේ. ඔහු ජනමාධ්‍යවේදියෙක්. නමුත් අංජලීට වඩා තුෂිනිට නම් හොඳ සංයමයක් තිබෙන බව කියන්නම ඕනේ.

ලොකු කාලයක් ලංකාවේ හිටපු නැති තුෂිනිට ලංකාවට ආපු ගමන්ම ලැබෙන්නේ බොහෝ දෙනා ආදරයෙන් වැළඳගත්ත හාරකෝටිය ටෙලි නාට්‍යයේ දෙවන කොටසේ ප්‍රධාන නිළියගේ චරිතය රඟපාන්න. මේ ලැබුණු වගකීම මහ බරක් කියලා හිතුණේ නැද්ද?
ඇත්තටම ඉතාලියේ ඉඳලා නිළියක් වෙන්න කියලා හිතාගෙන ලංකාවට එනකොට මට කිසිම අදහසක් තිබුණේ නැහැ. මම පිටපත ආපු දවසේම කියෙව්වා. ඒත් මුකුත් ඔළුවට ආවේ නැහැ. පස්සේ ටිකක් ගැඹුරින් කියවනකොට කරන්න තියෙන්නේ මොකක්ද කියලා තේරුම් ගියා. පළවෙනි රූගත කිරීම් කරනකොට තිබ්බ හැම අඩුපාඩුවක්ම හදාගන්න මට “කෝටිපතියෝ” නිෂ්පාදන කණ්ඩායමෙන් විශාල සහයෝගයක් ලැබුණා. ඒ වෙලාවේ මට හිතුණා මම තනිවෙලා නැහැ කියලා. දැන් මට ඉතාලියේ ඉන්නවාට වඩා ලංකාවට වෙලා රඟපපා ඉන්න ආසයි. රට ඉන්න අම්මා මට කෝල් කරලා අහනවා ඔයාට දැන් අපිව මතක් වෙන්නේ නැද්ද කියලා.

මේ වෙනකොට කෝටිපතියෝ කොටස් දහයක් විතර විකාශය වෙලා තියෙනවා. ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
මේ මගේ පළවෙනිම ඇක්ට් එක. ඒ හින්දා මට ලැබෙන ප්‍රතිචාර අනිවාර්යයෙන්ම වැදගත්. කෝටිපතියෝ හතරවෙනි කොටසේ ඉඳලා තමා මං අංජලී විදිහට ජනතාව අතරට එන්නේ. ඇත්තටම කියන්න සතුටුයි… මට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං ලංකාවට එනකොට මගේ ෆේස් බුක් එකේ යාළුවෝ ‍පොඩ්ඩයි හිටියේ. මම ‘අංජලී’ වුණාට පස්සේ මට ඇක්සෙෆ්ට් කරන්න වේලාවක් නැති තරමට රික්වෙස්ට් එනවා.

අපි කැමතියි ඔබේ පෞද්ගලික තොරතුරු ගැනත් දැන ගන්න?
මගේ වයස අවුරුදු 23යි. මගේ අම්මායි, නංගිලා තුන්දෙනයි ඉන්නේ ඉතාලියේ. මගේ තාත්තාත් මගේ රංගන හීනේ සැබෑ කරවන්න ඉතාලියේ කරපු හොඳ රැකියාවක් කැප කරලා ලංකාවට ආවා. ඉතින් රංගනය දැන් මගේ ජීවිතේ කොටසක් කියලා කිව්වොත් හරියටම හරි.

සමන්මලී නැලිගම