හැමෝම ආසාවෙන් බලන කූබියෝ කතාවේ අවසානය මෙන්න ජෙහාන්ට වඩා ගේම් කාරයෙක් ඉදලනේ යකෝ

හැමෝම ආසාවෙන් බලන කූබියෝ කතාවේ අවසානය මෙන්න ජෙහාන්ට වඩා ගේම් කාරයෙක් ඉදලනේ යකෝ

කූබියෝ අවසානය –

“මටනං හිතාගන්නවත් බෑ අයියේ… ඒ කියන්නේ මට ඔයාව හම්බවුන වෙලේ ඉඳන් මේ වෙනකංම, මං කරපු හැමදෙයක්ම, මට වුන හැම දෙයක්ම ඔයාගෙ ප්ලෑන් එකට අනුවයි වෙලා තියෙන්නේ..”

“ආන්න උඹටත් දැන් යමක් කමක් තේරෙනවා.. ඔව් මට හම්බවුනාට පස්සේ උඹේ ඔය ගෙවුව අවුරුදු හතරම මගේ ප්ලෑන් එකක් තමයි..”

“ඒ.. ඒත් අයියේ.. මොකක්ද අයියගෙ ප්ලෑන් එකේ අවසානය.. මොකක්ද අයියගෙ අරමුණ.. අයියා මොකක්ද මගෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ..” ප්‍රියන්ත තම ජංගම දුරකතනය දෙස බැළුවේය..

“මං උඹට කිව්වනේ මේ ගේම් එකේ සමහර දේවල් තියෙනවා මට උඹට කියන්න බැරි.. ඒ වගේම තමයි මං උඹට කිව්වා කවදාහරි මං උඹව ඇමතිකෙනෙක් කරලයි පස්ස බලන්නේ කියලත්..”

වේගයෙන් පැමිණි පොලිස් ජීප් රථ කිහිපයක් ප්‍රියන්තගේ නිවස ඉදිරිපිට නතරකළේය. ජෙහානුත්, ප්‍රියන්තත් නිවසේ ඉස්තෝප්පුවට පැමිණි අතර එක් ජීප් රථයකින් බැසගත් ඒ.එස්.පී. සිරිල් අබේසේකර ජෙහාන් ඉදිරියට පැමිණි නතරවිය.

මිස්ටර් ජෙහාන් ප්‍රනාන්දු.. කොහොමද? මම වැඩිය මුකුත් කියන්න යන්නෑ.. ඉන්ස්පෙක්ටර් ජයවර්ධන මෙතන ඉඳන් ජෙහාන්ට කතාව කියයි..

ජෙහාන් නෙත් යොමු කළේ අනෙක් ජීප් රථයෙන් බැස එන පොලිස් පරීක්ෂකවරිය දෙසටය..

“හි.. හිරුණි…?” ජෙහාන්ට ගොතගැසිනි..

“කොහොමද ජෙහාන්” ඇය සිනාසුනාය..

“ජෙහාන් එදා බස් එකට නගිනකොට අපිට ප්ලෑන් දෙකක් තිබුණා. ප්ලෑන් A.. සීට් එක අයිනට වෙලා සින්දුවක් අහගෙන හිටපු එකම කෙල්ල ගාවින් ජෙහාන් ඇවිත් ඉඳගනියි කියන එක.. ප්ලෑන් B… ජෙහාන් වෙන සීට් එකක ඉඳගත්තොත් ප්‍රියන්තව එතනට යවලා ජෙහාන්ව කතාවට අල්ලගන්න එක.. වාසනාවකට ප්ලෑන් A වැඩ කළා.. එහෙම නේද ප්‍රියන්ත මහඋල්පතගම නොහොත් එස්.අයි. ප්‍රියන්ත වික්‍රමසිංහ.?”

ජෙහාන් අදහාගතනොහැකිව ප්‍රියන්ත දෙස බැළුවේය.

“ඉතිං ජෙහාන්.. හරිම අමාරු චරිතයකට තමයි මට ඔයත් එක්ක රඟපාන්න වුනේ.. ඉස්සරවෙලාම ගමේ ඉඳන් කොළඹ ආපු ප්‍රියන්ත කොහොමද අයියේ හරියටම පබ්ලික් ලයිබ්‍රි එක ලඟ හෝල්ට් එක දැනගන්නේ… හරි.. හරි.. දැන් ඔය කල්පනාකරන්නේ මහඋල්පතගම අපේ ගෙදර ගියපු එකනේ.. අැත්තටම ඒ පවුල ගොඩක් අපිට උදව්කරා මේ වැඩේදි.. අපේ කීපදෙනෙකුත් ඒ පවුල ඇතුලෙම හිටියා.. සාජන් ගුණවර්ධන මගෙ බාප්පා විදිහට.. ඩබ්ලිව්.පී.සී. කුමුදුනී සුදු නංගි විදිහට.. හරි හරි ශාඛ්‍යා එක ඇතුලෙදි මාව අඳුරන ගෑණු ළමයෙක් හම්බවුනා කියලා ජෙහාන්ට වෙන කවුරුත් කිව්වේ නෑනේ.. මංමනේ කිව්වේ..”

“දෙදාස් අටේ දෙවෙනි මාසෙ විසිපස්වෙනි සෙනසුරාදා මේ රටේ වෙච්ච ලොකුම බැංකු මංකොල්ලය සැලසුම් කරපු සුසන්ත සාගර චන්ද්‍රසිරි නොහොත් ජෙහාන් ප්‍රනාන්දුව අත්අඩංගුවට අරගන්න තරම් කිසිම ප්‍රබල සාක්ෂියක් අපිට තිබුණේ නෑ.. ඒත් අපි දැනගෙන හිටියා ඔස්ටින්ගෙ කණ්ඩායමට මෙච්චර සූක්ෂමව මේක ප්ලෑන් කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ කියලා..” ඉන්ස්පෙක්ටර් හිරුණි යළි හඬ අවදිකළාය.

“ජෙහාන් ලඟ ප්‍රියන්තට කලින් හිටියෙත් අපේම කෙනෙක් තමයි.. සාජන් සිල්වා අපිට ගොඩක් තොරතුරු දුන්නා.. ඒත් වෙලාවට ජෙහාන්ට මිනිහා ගැන සැකයක් ඇතිවුනා.. ජෙහාන් සිල්වව ඉවරයක්කරලා දාන්න බාරදුන්නේ ටිරාන්ට… ටිරාන්…”

පොලිස් නිළ ඇඳුමෙන් සැරසී සිටි එස්.අයි. ටිරාන් අැන්තනී දුටු ජෙහාන් අසල පුටුවෙහි හිඳගත්තේය..

“මගෙ තාත්තව මරපු ඔස්ටින්ට පාඩමක් උගන්නන්න මට මාර්ග දෙකක් තිබුණා. එක.. ඔස්ටින්ගෙ විදිහටම ඔස්ටින්ට ගේම දෙන එක.. දෙක පොලීසියට බැඳිලා ඔස්ටින්ව ජීවිතාන්තයටම ඇතුලට දාලා කරපු පව් ගැන හිත හිත විඳවන්න අරින එක. මට තනියම ඔස්ටින් එක්ක හැප්පෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ.. ඉතිං මම දෙවෙනි මාර්ගය තෝරගත්තා.. ජෙහාන් වගේම මාත් ඔස්ටින්ට ලංවුනා. පලිගන්නවනං පලිගන්න ඕනතරම් අවස්ථා තිබුණා.. ඒත් ලෝකයාට ඔස්ටින් මැරුණ කෙනෙක් විදිහට පෙන්නලා අපි මිනිහව අත්අඩංගුවට ගත්තා.. ආ.. ජෙහාන්ගෙ කලින් යාළුවා.. සාජන් සිල්වා.. එයත් තාම ජීවතුන් අතර ඉන්නවා.. කෙල්ලෙක්ට සප්‍රයිස් දෙන්න ගිහිං කාටහරි පොලිස් කූඩුවේ ලගින්න වුනාම පාතාලෙ එකෙක්ට ගිහිං ඇප දීලා බේරගන්න පුළුවන්නම් වෙන මොනවා කරන්න බැරිද නේද?” ටිරාන් සිනාසුනේය.

ජෙහාන්ගෙ හොඳම ගෝලයා.. බැරල් සුනිල්. ජෙහාන්ට ඕන විදිහට කණ්ඩායමක් හදාගන්න හොයනකොට අපි අපේම කණ්ඩායමක් ජෙහාන්ට කිට්ටුකෙරෙව්වා. එස්.අයි. සුනිල් සමරසිංහ මේවෙනකං එයාගෙ කොටස හරියටම කළා. මේවෙලාවෙ එයා ඔස්ටින්ගෙන් කටඋත්තර ගන්න තැන නිසා ජෙහාන්ව සප්‍රයිස් කරන්න එන්නනම් බැරිවුනා.

“ඉතිං ජෙහාන්.” මෙතෙක් නිහඬව සිටි ඒ.එස්.පී. අබේසේකර හඬ අවදිකළේය. “ලංකාවේ එදා මෙදා තුර වුන ලොකුම බැංකු මංකොල්ලය සැලසුම් කරේ ජෙහාන් කියන්න අවශ්‍ය හැම සාක්ෂියක්ම දැන් අපි ලඟ තියෙනවා. ඔස්ටිනුත් ගොඩක් දේවල් අපිට කිව්වා. අපි එහෙනං යමු නේද ජෙහාන්”

දෑතට විලංගු දමන ලද ජෙහාන්ව පොලිස් ජීප් රථයකට නංවාගත් පොලිස් කණ්ඩායම අපරාද පරීක්ෂණ මූලස්ථානය වෙත පිටත්විය.

 උපුටා ගැනීමකි.

පෝරකයට නියමව සිටින කුඩු සක්විති වෙලේ සුදා කුඩු නඩුවෙන් නිදහස්

පෝරකයට නියමව සිටින කුඩු සක්විති වෙලේ සුදා කුඩු නඩුවෙන් නිදහස්

මහා පරිමාන කුඩු කරුවකු වන කුඩු සක්විති වෙලේ සුදා මත්කුඩු නඩුවකින් නිදොස් කොට නිදහස් කරයි
හෙරොයින් මිලි ග්‍රෑම් 06 ක් ළඟ තබා ගැනීමේ වරදට චෝදනා ලැබ සිටි ගම්පොල විදානෙලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නිදහස් කරයි මෙන්න වීඩියෝව

විජය ජෝති නමින් ලංකාවේ ඇති එකම හෝටලයේ සිතාගන්නට බැරි අමුතුම කතාව මෙන්න

විජය ජෝති නමින් ලංකාවේ ඇති එකම හෝටලයේ සිතාගන්නට බැරි අමුතුම කතාව මෙන්න
ජනප්‍රිය ගායක ජෝතිපාල සහ ප්‍රවීණ රංගන ශිල්පී විජය කුමාරණතුංග මහත්වරුන්ගේ නමින්, ලංකාවේ ඇති එකම හෝටලය වන විජය ජෝති හෝටලය ගැන ඔබ දන්නවාද?. මෙහි අපුරු කතා රැසක් පවතිනවා. මේ ඒ ගැන එහි හිමිකරු කීව අපුරු කතාවයි.

පොල්කටු ඇවිදිමට ගිය පුංචි මල් කකුලක් මුලින් අතට වැටී මරුට

පොල්කටු ඇවිදිමට ගිය පුංචි මල් කකුලක් මුලින් අතට වැටී මරුට

අවිස්සාවේල්ල දෙහිඕටි බෞද්ධ ප්‍රාථමික පාසලේ 4 වසරේ ඉගෙනුම ලබන දැරියක් පොල්කටු ඇවීදිමේ ක්‍රියාවේ නිරත වී සිටියදී මුලින් අතට මුලින් අතට වැටී රෝහල් ගත කළ පසු මිය ගිය බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
බිමල් ශ්‍යාමන් ජයසිංහ

ඇත්තද ජනා ගේ වාහනේ හැප්පිලා කියන්නේ…? දැන් ජනාගේ තත්වය බරපතලයි කියන්නේ ඇත්තද..? මෙන්න රටම ගිනිතියපු කතාවේ ඇත්ත නැත්ත

ඇත්තද ජනා ගේ වාහනේ හැප්පිලා කියන්නේ…? දැන් ජනාගේ තත්වය බරපතලයි කියන්නේ ඇත්තද..? මෙන්න රටම ගිනිතියපු කතාවේ ඇත්ත නැත්ත

අපි හැමෝම වගේ ආදරේ කරන මේ වනවිට ලංකාවම හදුනන චාරිත දෙකක් තමයි ජනයි ප්‍රියයි කියන්නේ එත් මේ දවස්වල මුහුණු පොතේ හැම තැනම තියෙනවා ජනා වාහනේ හප්පගෙන හොදටම අමාරුයි කියලා මේ කතාව ඇත්තද ඔයාලට එහෙම හිතෙනවා ඇති මේ පහලින් තියෙන වීඩියෝ එක බලන්නකෝ ඔයාලටම තේරේවි මොකද වෙලා තියෙන්නේ කියලා

රටම මුලා කල කතාවේ ඇත්ත නැත්ත මෙන්න හැමෝටම බලන්න Share කරන්න

ගෝල්ෆේස් එකේදී ඡායාරූප ශිල්පිකුට හමුවූ රූමත් ගණිකාව කියූ හද සසල කරවන සංවේදී කතාව

ගෝල්ෆේස් එකේදී ඡායාරූප ශිල්පිකුට හමුවූ රූමත් ගණිකාව කියූ හද සසල කරවන සංවේදී කතාව

කොළඹ ගෝල්ෆේස් පිට්ටනිය ආදරවන්තයින්ගේ සොඳුරු නවාතැනක් බව අමුතුවෙන් කිවයුතු නැත. එදින ඉරිදා දිනයකි. ඒ නිසා බොහෝ පිරිස් ගාලු මුවදොර පිට්ටනියට ඇදී එති. ඒ සතුට විඳගැනීම සඳහාය. කැමරාව ගෙල වටා දමාගත් මම ද ගෝල්ෆේස් පිට්ටනිය කෙළවර ඇති පාරදිගේ ලයිට් හවුස් දෙසට ඇවිද යන්නට වීමි.

සොබා සෞන්දර්යයේ චමත්කාරය විඳීමින් ඉදිරියට ගිය මම සුන්දර දසුන් කිහිපයක් කැමරාවට හසුකර ගත්තෙමි.

ඒත් වැඩිදුරක් යන්නට මට නොලැබිණි. මගේ කැමරා ඇස එක තැනක නතර විය. නිල් පැහැති සාරියකින් සැරසී සිටි ඇය ඉමක් කොනක් නොපෙනෙන මහ සාගරය දෙස නෙත් යොමා සිටියාය.

මම කැමරා කාචය තවත් ඇය වෙතට ළං කළෙමි. ඇත්තෙන්ම ඇය සිටින්නේ තනිවමය. ඇය කවුද? දෙනෝදාහක් සතුට විඳීන මෙම සුන්දර පරිසරයේ තනිව සිටින ඇය මා සිතට ගෙන ආවේ කුතුහලයකි.

නිල් පැහැති සාරියට ඇය ඇත්තෙන්ම ලස්සනය. බැලූ බැල්මට ඇය හින්දි නිළියකට සමානය. මෙතරම් ලස්සන කෙල්ලක් මෙතැන කුමක් කරනවාදැයි මට සිතාගත නොහැකිය.

මම සෙමින් ඇයට ළං වූයෙමි. ඒ ඇගේ රුව කැමරාවට හසුකර ගැනිමේ අටියෙනි. කැමරාවේ සිහින් ශබ්දයත් සමඟ මෙතෙක් වේලා මහ සයුර දෙසට නෙත් යොමා සිටි ඇය එකවරම පසුපස හැරී මා දෙස බැලුවාය.

ඇගේ රුව මා කැමරාවේ පැහැදිලිවම සටහන් වී ඇත. එය ඇය දැනගත්තාය. ඇය ඊට එරෙහි වනු ඇතැයි මම සිතුවෙමි.

“ඔයා මගේ ෆොටෝ එකක් ගත්තා නේද..?”

“මම. නෑ..”

“බොරු කියන්න එපා….”

ඒත් ඇය මට දොස් නොකීවාය. ඒ නිසා මම වැරැද්ද පිළිගත්තෙමි.

“ලස්සන කෙල්ලෙක් තනියම ඉන්න හින්දයි මට ගන්න හිතුණේ”

මම කීවෙමි. ඇය ඊට සිහින් සිනහවක් පෑවාය.

“ඇයි ඔයා තනියම”

මම ඇගෙන් විමසුවෙමි. මහ සයුර දෙසට හැරුණු ඇය දිග සුසුමක් පිට කළාය.

“මම මේ කවුරු හරි එනකම් බලාගෙන ඉන්නවා”

“කවුරු හරි කිව්වේ”

“ඔයා වගේ කවුරු හරි එනකම්”

මට ඇය කියන දේ තේරුණේ නැත.

“ඔයා කියන කෙනා තවම ආවේ නැද්ද”

මම ඇගෙන් එසේ ඇසුවෙමි.

“ආවා.”

“කෝ”

“ඔය මගේ ළඟම ඉන්නේ”

“මමද?”

“ඔව්…”

ඇය කියන්නේ මා ගැනය. මම ඊට එකඟ නොවූයෙමි.

“මම ඔයාව දැක්කෙත් අදයි. මම ඔයාව දන්නෙත් නැහැ.”

“මං ගාවට එන හුඟ දෙනෙක් මාව දන්නේ නැහැ”

ඇය කියන අපභ්‍රංසය මට තවමත් නොතේරේ. ඒත් ඇය දමා යන්නට මගේ සිත ද ඉඩ නොදේ. මම ද ඇය අසුන්ගෙන සිටි සිමෙන්ති බංකුව මත වාඩිවී ඇය සමඟ කතාවට වැටුණෙමි.

“ඔයාගේ තව ෆොටෝ එකක් ගන්නද?”

අහන්න දෙයක් නැති තැන මම ඇගෙන් ඇසුවෙමි. ඇය ඊට කැමැත්ත පළකළාය.

“එහෙනම් මේ පැත්ත බලන්නකෝ” මගේ කැමරාව ඇගේ සුන්දර රුව හොරා ගත්තේ එළෙසය.

“මම ඔයාට පිංතූර එවන්නම්”

මම ඇයට කීවෙමි.

“කොහාටද ?”

“ආ.. ඒකත් ඇත්තනේ… ඔයා ඇඩ්ඩ්‍රස් එක දෙන්න. මම එවන්නම්”

“මොන ඇඩ්ඩ්‍රස් ද අනේ මට.. ඔයා ආයෙත් මෙහෙට එන දවසක ගේන්නකෝ.”

ඇය කීවේ එවැන්නක්ය. මට ඇගේ කතාව ප්‍රහේළිකාවකි. ඒත් ඒ බව නොපෙන්වා මම ඇය සමඟ කතාවට වැටුණෙමි.

වැඩි මොහොතක් යන්නට කලින් ඇය මා සමඟ මිත්‍ර වූවාය. අවසානයේ ඇය කවුදැයි මට තේරුම් ගත හැකි විය. ඇය ඇත්තෙන්ම ගණිකාවකි. ගණිකාවක් ලෙස ජීවත් වූවද ඇය දුටු පමණින් එවැන්නක් සිතාගත නොහැකිය. බැලූ බැල්මට ඇය හොඳ රැකියාවක් කරන සුන්දර යුවතියක් මෙනී. ඒත් දෛවය ඇයට අකාරුණික වී ඇත. අකාරුණික දෛවය ඇය මහපාරට ඇද දමා ඇත.

“මගේ දරුවට තවම මාස හතයි. එයාව ජීවත් කරවන්න තමයි මෙහෙම එන්නේ…”

ඇය කියන්නේ සිතාගත නොහැකි කතාවකි. දරුවා නඩත්තු කර ගැනීම සඳහා මෙසේ පැමිණ සිය සිරුරේ පහස කවුරුන් හෝ පිරිමියෙක්ට ලබාදීම ඇගේ රැකියාවය.

“මම හැමදාමත් මෙහෙම එන ගෑනියෙක් නෙමේ. සතියකට දෙසැරයක් විතර එනවා. ගෝල්ෆේස් එකට එන හොඳ මහත්තයෙක් හම්බවුණොත් එයත් එක්ක යනවා.”

ගණිකාවන් ගැන මම කොතෙකුත් අසා ඇත්තෙමි. ඒත් මෙළෙස තනිවම සිය රැකියාවේ නියැළෙන ගැහැනුන් අඩුය. ඔවුන් කවුරු හෝ යටතේ සිය රැකියාව කරගෙන යනු ඇත.

“මටත් පුළුවන් කාටහරි එකතුවෙලා මේක කරන්න.”

“ඒක තමයි මාත් හිතුවේ.”

“මම විකුණන්නේ. මගේ ඇඟ. ඇයි ඉතින් පිට එවුන්ට මම ඇඟ විකුණලා හම්බ කරන සල්ලි දෙන්නේ”

ඇය කියන කතාව ඇත්තකි. එලෙස කවුරුන් හෝ යටතේ සිය රැකියාව කරන්නේ නම් ඔවුන්ට ද කොටසක් ගෙවිය යුතු වේ. ඒ නිසා තනිවම මේ රස්සාව කරන බව ඇය කීවාය.

“ඔයාගේ ගෙවල් මෙහෙද?”

“නැහැ. මම රත්නපුර… පොඩි ප්‍රශ්නයක් වෙලා මම කොළඹ ආවා”

ඇය පදිංචි කොහේද යන්න වැඩිදුරටත් දැන ගැනීමට මම නොගියෙමි. එය මට අවශ්‍ය

නැත. ඒත් ඇය හා කතා කිරීම ඇත්තෙන්ම සුන්දරය.

අනෙක ඇය කෙළින් කතා කිරීම ගැන මා සිත තුළ ඇති වූයේ සතුටක්ය. ඒ නිසා තවත් මෙහොතක් මම ඇය සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට වීමි.

“මම මෙතැන ඉන්න එක ඔයාට පාඩුවක් නේද?”

“ඇයි..?”

“මම හිටියම ඔයාට හොඳ මහත්තයෙක් හම්බවෙන්නේ නැහැනේ”

“ඒකත් ඇත්ත. ඒ වුණාට ඔයා ඔහොම ඉන්න.”

“ඇයි ඒ.. ඔයා මට කැමතිද?” මම ඇගෙන් ඇසුවෙමි.

ඇය ඒ සමඟම මා දෙස බැලුවේ දෙනෙත් ලොකු කරමිනි.

“මම නම් කැමතියි. ඒත් ඔයා මට කැමති නැහැනේ” ඇය එවර කීවාය. මම ඉන්

තිගැස්සුණෙමි.

“නැහැ. එහෙම දෙයක් නැහැ”

“එහෙනම් අපි යමුද?”

“කොහේද” අපේම ලෝකයකට”

“දැන්…”

“දැන් නැතිව හෙටද”

ඇගේ ආරාධනාව ඉදිරියේ මම නිරුත්තර වීමි. මට කිසිවක් කර කියාගත නොහැකි විය.

“ඒකනේ ඔයා මට කැමති නැහැයි කිව්වේ”

“නැහැ එහෙම දෙයක් නැහැ.”

“එහෙනම් අපි යමු”

“යමු”

ඇගේ ඉල්ලීමට මම ද එකඟ වීමි. අපි ගාලු මුවදොර පිට්ටනිය මැදින් ගාලුපාරට ළඟා වූයෙමු.

“කොහේද යන්නේ”

“මම දන්න තැනක් තියෙනවා. එහෙට යමු.”

ත්‍රීවීලරයක නැ¼ගුණු අපි මොහොතකින් ඇය කී තැනට ළඟා වූයෙමු. එය සුවිසල් මන්දිරයකි.

“එන්න බය වෙන්න එපා. ගෙදර කවුරුත් නැහැ.” ගැහෙන හදින් යුතුව මම ඇය පසුපස ගියෙමි. බෑගයෙන් ඇදගත් යතුරක් අතට ගත් ඇය නිවෙසේ දොර විවර කළාය. ඇත්තෙන්ම එය සුපිරි බංගලාවකි.

“කාගෙද මේක”

“මේක මම හඳුනන මහත්තයෙක්ගේ… මහත්තයා ඉන්නේ රට.. එයා එනකම් මම තමයි බලාගන්නේ…”

ඇගේ අතින්ම සාදා දුන් දොඩම් යුෂ වීදුරුව මම උගුරට දෙකට බීවෙමි.

ඒත් සමඟම මට දැනුණේ සතුටකි. සුන්දර ලෝකයක අතරමංවූ මම ඇය තුරුලේ

සැනසෙන්නට විමි. එතැනින් එහාට වූ කිසිවක් මම නොදනිමි.

පැය කිහිපයක නින්දකින් පසු මම අවදිවූයෙමි. පාට පාට ලෝකයක සිට පියවි ලොවට පිවිසි මා ඉදිරියේ කවුදෝ සිටගෙන සිටී. කලබලයට පත් මම එකවරම උන් හිටි තැනින් නැඟිට ගත්තෙමි.

“ඔහේ කවුද?”

“මම තමයි සර් මේ ගෙදර මුරකාරයා”

“කෝ අර නෝනා”

“නෝනා හදිසියේම එළියට ගියා සර්.. නැගිට්ටාම මේ කොළේ දෙන්න කීව්වා”

වයෝවෘද්ධ ඔහු මා වෙත දිගු කළේ කොළ කැබැල්ලකි. මම එක හුස්මට එය කියවා බැලීමි.

“මගේ ෆොටෝ ටිකත් අරගෙන ලබන සඳුදා ගෝල්ෆේස් එන්න.”

මම මුරකරු දෙස බැලුවෙමි. ඔහු යටහත් පහත්ව මා දෙස බලා සිටී. මම වහා එතැනින් පිටවූයෙමි. ඇය කී පරිදි ඊළඟ සඳුදා ද මම ඇය සොයා ගියෙමි. ඒත් ඇය පෙනෙන්නට නොවීය. ඇය කවුද? එය මට තවමත් ප්‍රහේළිකාවකි.

(කීර්ති මෙන්ඩිස්)

පොලිස් නිලධාරිනියට ලිංගික අතවර කළ ‍පොලිස් ලොක්කා කවුද? මෙන්න ඒ පොලිස් ලොක්කා පොලිස් කාන්තාවන්ට කල බලු වැඩේ

‍පොලිස් නිලධාරිනියට ලිංගික අතවර කළ ‍පොලිස් ලොක්කා කවුද? මෙන්න ඒ පොලිස් ලොක්කා පොලිස් කාන්තාවන්ට කල බලු වැඩේ

කාන්තා ‍පොලිස් නිලධාරිනියකට ලිංගික අතවරයක් කර ඇය ඇතුළු තවත් නිලධාරින්ට බැණ තර්ජනය කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයකුට එරෙහිව ‍පොලිස් කොමිසමේ නියෝගයකින් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට එරෙහිව ලිංගික අතවර චෝදනාව එල්ල කර ඇත්තේ එම කාර්යාලයේ සේවයේ නියුතුව සිටි ලඝු ‍ලේඛිකාවක් වූ කාන්තා ‍පොලිස් කොස්තාපල්වරියකි.

මෙකී ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා ඔහුගේ නිල නිවාසයේ සුනඛයින් ඇති කරමින් එම සතුන්ගේ උපන් දින සාද පවත්වමින් ඇතැම් අවස්ථාවල එම සතුන්ගේ මැක්කන් ඉවත් කිරීමට පැමිණිලිකාර ‍පොලිස් නිලධාරිනියට මෙන්ම සෙසු නිලධාරීන්ටද නියෝග කරන බවද සඳහන් විය.

චෝදනාවට ලක්ව ඇති මෙම නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා කාර්යාල වේලාවන් තුළ කොට කලිසමකින් සහ ඇතැම් අවස්ථාවල සරමකින් සැරසී සේවයේ යෙදෙන බවද සඳහන්ය. ඔහුගේ යට කලිසම ගලවා බ්‍රිෆ් කේස් එක තුළට දමා කාන්තා ‍පොලිස් නිලධාරිනියට එහි තුළ ඇති ෆයිල් එළියට ගන්නා ලෙස පවසන බවද පැමිණිල්‍ලේ සඳහන්ව ඇති බව ‍පොලිස් ආරංචිමාර්ග අනාවරණය කළේය.

තමන් යටතේ පවතින ජීප් රථවල මෙන්ම නිල මෝටර් රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර මුදල් ලබා ගැනීමේ චෝදනාවක්ද මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාට එල්ල වී තිබේ. ‍පොලිස් මූලස්ථානයේ ‍පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි මෙවන් සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් එම සියලු චෝදනා සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට පැවැත්වෙනු ඇත.

චානක තරංග – ඇල්පිටිය

හිතාගන්නවත් බෑ දියතලාව බස් බෝමබ්ය සැක සහිතයි මේජර් ජනරාල් කමල් ගුණරත්න අලුත් කතාවක් කියයි මෙය ත්‍රස්ත ක්‍රියාවක්ද..?

හිතාගන්නවත් බෑ දියතලාව බස් බෝමබ්ය සැක සහිතයි මේජර් ජනරාල් කමල් ගුණරත්න අලුත් කතාවක් කියයි මෙය ත්‍රස්ත ක්‍රියාවක්ද..?

ජීව අත්බෝම්බයක් පුපුරා යෑමෙන් දියතලාව – කහගොල්ලේදී බස් රථය ගිනිගෙන ඇතැයි බලධාරීන් ප්‍රකාශ කළද ඩීසල් බස් රථයක් තුළ අත්බෝම්බයක් පුපුරා යෑමෙන් එවැනි ගින්නක් හට ගැනීමට අවස්ථාවක් තිබේද කියා සැකයක් ඇතිවන බව මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

යුද භූමියේ සිටි හමුදා නායකයෙකු වශයෙන් ලත් අත්දැකීම් අනුව අත්බෝම්බයක් පුපුරා යෑමෙන් ඩීසල් බස් රථයක් ගිනි ගන්නවා යන්න තමන්ට සිතා ගැනීමට නොහැකි සිද්ධියක් බවද ගුණරත්න මහතා පැවසීය

ක්‍රියාත්මක නොකළහොත් මිසක අත්බෝම්බ පුපුරා නොයන බවත් පැවසූ මේජර් ජනරාල්වරයා වැඩිදුරත් සඳහන් කළේ අත්බෝම්බයකට ඩීසල් බස්රථයක් තුළ කහගොල්ලේ ඇති වූ ආකාරයේ ගින්නක් ඇතිකිරීමට හැකියාව තිබේදැයි යන්න සම්බන්ධයෙන් විශේෂඥයන් ගෙන්වා විමසිය යුතු බවයි.

ලොව මිල අධික ඉතාම දුර්ලභ ලෙඩ රෝග දහසකට ගුණදෙන දිව්‍යඖෂධයක් වැනි පළතුරක් ලංකාවෙන් හමුවෙයි

ලොව මිල අධික ඉතාම දුර්ලභ ලෙඩ රෝග දහසකට ගුණදෙන දිව්‍යඖෂධයක් වැනි පළතුරක් ලංකාවෙන් හමුවෙයි

ලොව මිල අධික පළතුරක් ලංකාවෙන් හමුවෙලා තියෙනවා ලෙඩ රෝග විශාල ප්‍රමාණයක් සුව කරන මෙම පලතුර තියෙනවා ඒ වගේම තමා පලතුර පරිමාණයෙන් වගා කිරීම ආරම්බ කලොත් ලබාගන්නත් ඔබට පුළුවන් මෙන්න පලතුර පිළිබද විස්තරය

රටම හිනැස්සු ජනයි ප්‍රියයිහි ජනා සිරස නාලිකාවට ගොස් එමින් සිටයදී රිය අනතුරකට පත්වෙයි

රටම හිනැස්සු ජනයි ප්‍රියයිහි ජනා සිරස නාලිකාවට ගොස් එමින් සිටයදී රිය අනතුරකට පත්වෙයි

අපි හැමෝම ආදරේ කරන youtube හොල්ලපු ආදරණීය තරු දෙකක් තමා ජනයි ප්‍රියයි කියන්නේ කතා කරන්න දෙයක් නා ඉතින් මතක් උනත් හිනා යනවා නේ බලන්නකෝ අපේ ප්‍රියා අනතුරකට ලක්වෙලා පහල තියෙන්නේ ඒ වීඩියෝ එක බලලා හොදයිනම් යාලුවන්ට බලන්න Share කරන්න