ශ්‍රී ලංකාව බංගලියන්ට ක්‍රිකට් එපා කරවයි කඩුලු 3කින් 500 පසු කරයි මෙදා සැරේ බංගලියන්ට දුවන්න ගහලා

ශ්‍රී ලංකාව බංගලියන්ට ක්‍රිකට් එපා කරවයි කඩුලු 3කින් 500 පසු කරයි මෙදා සැරේ බංගලියන්ට දුවන්න ගහලා
ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ තුන්වන අදයි. පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව දිනය නිමාවනවිට කඩුළු තුනක් දැවී ලකුණු 504 ක් ලබා සිටිනවා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නායක දිනේෂ් චන්දිමාල් ලකණු 37යි.
රොෂේන් සිල්වා දෙවන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් නොදැවී ලකණු 87ක් ලබා සිටියා.

ධනංජය ද සිල්වා ලකුණු 173යි.

ඔහුගේ ඉනිම හතරේ පහර 21කින් සහ හයේ පහර එකකින් වර්ණවත් වූ අතර ධනංජය ටෙස්ට් ඉනිමක්දි වාර්තා කල ඉහලම ලකුණු සංඛ්‍යාව මෙයයි.

කුසල් මෙන්ඩිස් ද ද්ව්තව ශතකය අහිමි කරගත්තේ ලකුණු 196කටදැවී යමින්.

ඔහුගේ ඉනිම හතරේ පහර 22කින් සහ හයේ පහර දෙකකින් වර්ණවත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකාව බංගලාදේශයට වඩා තවත් ලකුණු 09 ක් පිටුපසින් සිටින්නේ කඩුලු 7ක් අතැතිවයි.

විවාහ නොවීම දසුන් දියණියකට ආදරණිය තාත්තා කෙනෙක් වෙයි මෙන්න එම සොදුරු අවස්තාව

විවාහ නොවීම දසුන් දියණියකට ආදරණිය තාත්තා කෙනෙක් වෙයි මෙන්න එම සොදුරු අවස්තාව

දසුන් පතිරණ ගැන මේ දවස්වල බොහෝ දෙනා කතා බහ කරනවා. ඒ ඔහුගේ ආදරණිය පෙම්වතියට දුවක් ලැබෙන්න හිටිය නිසා. දැන් දසුන්ගේ එම හීනය සැබෑ වෙලා බලන්නකෝ වීඩියෝව

 

O/L පන්තියේදී දිගට හරහට තරුණයන් රැසක් ලින්ගිකව ඇසුරු කළ මලී සිදුවුණු දේ මෙන්න

O/L පන්තියේදී දිගට හරහට තරුණයන් රැසක් ලින්ගිකව ඇසුරු කළ මලී සිදුවුණු දේ මෙන්න

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලිකා පාසලක ලබන වසරේ අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටින වනමලීගේ භාරකරුවන්ට වහාම පැමිණ තමන් හමුවන මෙන් විදුහල්පතිනිය දන්වා යවා තිබිණ. ඒ අනුව ඇය හමුවීම පිණිස වනමලීගේ මිත්තණිය පාසලට ගියාය.
“කෝ දරුවාගේ අම්මා තාත්තා නැද්ද ?” විදුහල්පතිනිය වනමලීගේ මිත්තණියගෙන් ඇසුවාය.
“මෙයාට වයස අවුරුදු හයේදී මෙයාගේ අම්මා. ඒ කියන්නේ මගේ දුව රට ගියා. ඊට පස්සේ මෙයාගේ තාත්තා වෙන ගෑනු කෙනෙක් එක්ක ගියා. ඒ හින්දා පවු‍ලේ ආදායම හොඳටම පහළ බැහැපු හින්දා මගේ දුවට දිගින් දිගටම රට ඉන්න සිද්ධ වුණා. දැන් අවුරුදු දොළහක් තිස්සෙම මගේ දුව ඉන්නේ රට. ඒ හින්දා වනමලීගේ මේ ළමයා දැන් හැදෙන්නේ මගේ ළඟ.” වනමලීගේ මිත්තණිය විදුහල්පතිනිය හමුවේ කියා සිටියාය.

“මෙහෙම කිව්වට තරහා වෙන්න එපා. ඔය ළමයා අතිශය බරපතළ වැරදි රාශියක් කරලා තියෙනවා. ඒවායේ බරපතළ කමේ හැටියට ඒ ළමයගේ ශිෂ්‍ය භාවය අහෝසි කරන්නත් සිද්ධ වෙනවා” විදුහල්පතිනිය පවසනු වනමලීගේ මිත්තණිය අසා සිටියේ විස්මයෙන් යුතුවය.

“ඇයි මේ ළමයා පන්තියේ වැඩවලට එච්චරම දුර්වලද මැඩම්” ඒ සමගම වනමලීගේ මිත්තණිය විදුහල්පතිනියගෙන් අසා සිටියේ කිසිවක් අදහාගත නොහැකි ලෙසිනි.

“අධ්‍යාපනයට දුර්වලවීම වෙනම කාරණාවක්. ඒත් මෙතැන සිද්ධවෙලා තියෙන්නේ ඊට වඩා බොහොම බරපතළ දෙයක්. ඔය ළමයා දැන් අවුරුදු දෙක තුනක ඉඳලා බොහොම නරක විදිහට පිරිමි ළමයි ආශ්‍රය කරනවා. ඒක කරන්නේ සාමාන්‍ය ගෑනු ළමයෙක් පිරිමි ළමයි ආශ්‍රය කරන විදිහටත් ‍නෙවෙයි. ඔය ළමයා පිරිමි ළමයි කීප දෙනෙක් එක්ක මාරුවෙන් මාරුවට කාමර වලට ගිහින් තියනවලු” විදුහල්පතිනිය එසේ පවසත්ම වනමලීගේ මිත්තණිය තුළ ඇතිවූයේ දරාගත නොහැකි කම්පනයක් සහ කලබලයකි.” අනේ මැඩම් ඒක නම් කීයටවත් වෙන්න බැහැ. අපේ ළමයා එහෙම නරක කෙනෙක් ‍නෙවෙයි. එහෙම නම් සේරටම කලින් අපි දැන ගන්න ඕනේ” ඇය ඒ කලබලය අතරින්ම කීවාය.

“කලබල වෙන්න එපා. ඒ ළමයා මුලින්ම එයා යාළුවෙලා ඉන්න පිරිමි ළමයි ගැන යන එන තැන් ගැන කරන කියන දේවල් ගැන එයාගේ හොඳම යාළුවෝ කීප දෙනෙක් එක්ක කියලා තියනවා. පස්සේ ඒක එයාලගේ පන්ති භාර ගුරුතුමියට ආරංචිවෙලා ගුරුතුමිය ඒ ළමයාගෙන් උපායශීලීව ඒ කාරණේ අහලා තියනවා. බලනකොට එයා කියල, තියෙන්නේ සම්පූර්ණ ඇත්ත.” විදුහල්පතිනිය එසේ පවසත්ම

වනමලීගේ මිත්තණිය එක්වරම හඬා වැටෙන්නට වූයේ එසේ නම් ඒ සඳහා කුමක් හෝ විසඳුමක් පතමිනි.
“පළමුවෙනි කාරණේ මේ සිද්ධිය මුල් කරගෙන දරුවට ගහන්න බණින්න සැරපරුෂ විදිහට සලකන්න යන්න එපා; එතකොට දරුවා තමන්ගේ ජීවිතයට අනතුරක් කර ගන්නත් ඉඩ තියනවා. අපි පහුගිය දවසක මේ ළමයා ශිෂ්‍ය උපදේශනය භාර ගුරුතුමිය වෙතටත් යොමු කළා. ඒ ගුරුතුමිය කියන්නේ දරුවා මනෝ වෛද්‍යවරයෙක් ළඟට එක්ක ගියොත් හොඳයි කියලා. ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනට ඒ දේ කරන්න. එතකොට දරුවා මොකක් හරි මානසික ප්‍රශ්නයක් උඩ මේ වගේ දේකට පෙළඹුණා නම් මීට වඩා සහනශීලී විදිහට හිතන්න අපිට පුළුවන්” විදුහල්පතිනිය කී අතර වනමලීගේ මිත්තණිය කීයේ එවන් කටයුත්තක් සම්බන්ධ දැනුමක් තමන්ට නොමැති බවකි. එබැවින් වනමලී මනෝ වෛද්‍ය වරයකු වෙත කැඳවාගෙන යන ගමනට එක්වීමට එම පාස‍ලේ උපදේශනය භාර ගුරුතුමිය ද එකඟ වූවාය.

මෙහිදී එම දැරිය ඇගේ මිත්තණිය සහ උපදේශනය භාර ගුරුතුමිය වෙතින් කරුණු විමසා සිටි මනෝ වෛද්‍යවරයා මෙම වනමලී තුළ හටගෙන ඇති මායිම් පෞරුෂ අර්බුදය (Boderline Personality disorder) බව මූලිකව හඳුනා ගත්තාය. ඒ හැරුණු කොට මොළයේ ඇතිවන ෙජෙව රසායනික වෙනස්වීම් මත හටගන්නා මානසික රෝග නිසාද මෙලෙස ශිෂ්ටාචාරය පිළිබඳ හැඟීම් යටපත්ව කාමාශාව වැනි ආවේග ඉස්මතු විය හැකි පෙන්වා දුන් වෛද්‍යවරයා මෙය එවන් තත්ත්වයක් නොවන බවද පහදා දුන්නාය.

දරුවකු වැඩෙන විට ඒ දරුවාගේ මොළයේ ඉදිරිපස ඇති ලලාට පිණ්ඩිකය (frontal lobe) නම් කොටස තුළට ලැජ්ජා, බය, හැඳියාව වැනි දේවල් පිවිසුවිය යුත්තේ වැඩිහිටියන් විසිනි. එවිට ඊට අදාළ සංස්කෘතික පසුබිමට අදාළ හැඳියාවක් දරුවා තුළින් පිළිබිඹු වෙයි. එහෙත් කුඩා කාලයේම දෙමාපියන් දුරස් වූ වනමලී හට ඒ අවස්ථාව අහිමි වූයේ ඇය කුඩා කාලයේ දීම තම දෙමාපියන් දෙපසකට වෙන් වූ බැවිනි.

එමෙන්ම නව යෞවනය යන ඕනෑම දරුවකුගේ හෝ දැරියකගේ ශරීරය ශීඝ්‍රයෙන් ජෛවමය පිබිදුමකට ලක් වන අවදියකි. එහිදී එම දරුවන් තුළ ලිංගික හැඟීම් ආවේග පැන නැගීම ස්වභාවික මුත් එය පාලනය වූයේ වැඩිහිටි සමාජයේ බලපෑම් සහ මොළයේ ලලාට පිණ්ඩිකයේ ව්‍යුහගත වී ඇති ලැජ්ජා බය සහ හැඳියාව වැනි කරුණු මුල්කරගෙනය.

එහෙත් වනමලී හට ඒ සඳහා පැහැදිලි අවකාශයක් නොලැබිම මත ඇය තම ස්වභාවික හැඟීම් ආවේගයන් තරුණයන් වෙතින් සපුරාගෙන තිබේ. එහිදී තරුණයන් උපායශීලී ලෙස ඇය ඒ සඳහා යොමු කොට ඇති බවද පැහැදිලි විය. එමෙන්ම ජීවිතයට නිසි මාර්ගෝපදේශනයක් හිමිවිය යුතු මෙම අවදියේ එම මෙහෙවර වැඩිහිටියන්ගෙන් සිදු නොවීම මත ඒ අඩුව සපුරා ගැනීම පිණිස මෙබඳු නොවිධිමත් උපාය මාර්ග ගැනීමට යෞවනියන් පෙළැඹිය හැකි බවද මනෝ වෛද්‍යවරයා විසින් පහදා දෙන ලදි.

කෙසේ හෝ පසුව වනමලීගේ මෙම මානසික අර්බුදය සඳහා ඖෂධීය සහ ඥානක චර්යාත්මක චිකිත්සක ප්‍රතිකාර නියම කෙරුණු අතර ඇයට මනෝ විද්‍යා උපදේශනය ලබාදීම පිණිස පාස‍ලේ උපදේශන භාර ගුරුතුමිය වෙත පවරන ලද්දේ වනමලීගේ මිත්තණියට ඒ සඳහා ඇති අවකාශය මඳ බැවිනි. එසේම ගතවූ කාලය තුළ ඇගේ චර්යාවන් පිළිබඳව සැලකිල්ලට ගත් මනෝ වෛද්‍ය වරයා ඇය ලිංගික සම්ප්‍රේෂණ රෝග සායනය වෙත ද යොමු කරන ලද්දේ වනමලී තුළ එවන් රෝගී තත්ත්වයක් ද ඇතිවීමේ අවකාශය සලකා බලමිනි.

නමුදු ඇය කෙරෙන් එබඳු රෝගී තත්ත්වයක් දක්නට නොලැබුණු බැවින් සාමාන්‍ය දිවි පවෛතකට එළැඹීමට වනමලීට හැකියාව ලැබුණි. ඒ අතර මේ වන විට එම මානසික අර්බුදය මුළුමනින් සුව වී සිටින ඇය සාර්ථක දිවි පවෛතකට මුලපුරා තිබේ.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් (M.B.B.S.) M.D.Psy විසඳුම් ඉදිරිපත් කරයි

සටහන දමයන්ති ගමගේ

සාමාන්‍ය පවුලක් ලෙස ජිවිතය ගෙවන ලොව ධනවත්ම පවුල වන ඇමේසන් සමාගමේ ලොක්කා කියන වටිනා කතාව මෙන්න

සාමාන්‍ය පවුලක් ලෙස ජිවිතය ගෙවන ලොව ධනවත්ම පවුල වන ඇමේසන් සමාගමේ ලොක්කා කියන වටිනා කතාව මෙන්න

ඇය මැකන්සි ටට්ල්ය. ඔබ ඇය ගැන අසා නැතුවා නිසැකය. එහෙත් ඇය ලොව ‍පොහොසත්ම මිනිසාගේ බිරිය බව කිවහොත් ඒ ගැන දැනගැනීමට නම් ඔබ මැලි නොවනු ඇති.

“මගේ බිරිය හරිම විචක්ෂණයි. බුද්ධිමත්. කලඑළියට ඉන්න ඇය හරිම ප්‍රබෝධජනකයි” මැකන්සිගේ සැමියා ඇය ගැන කියන්නේ එසේය. ඔහු ජෙෆ් බෙසොස්ය. ඔබ ඔහුද ඒ නමින් නොදන්නවා විය හැකිය. ලෝ ප්‍රකට ඇමේසන් සමාගමේ හිමිකරුවා ඔහුය. එය අද සයිබර් අවකාශයේ ඇති සුවිසල්ම සුපිරි වෙළඳ මධ්‍යස්ථානයයි. ෆෝබ්ස් සඟරාවට අනුව ජෙෆ්ගේ වත්මන් වත්කම ඩො.බි. 110කි.
මැකන්සි හා ජෙෆ් පළමු වරට හමුවී ඇත්තේ ආයෝජන කළමනාකරණ සමාගමකදීය. එහි උප සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ ජෙෆ්ය. පර්යේෂණ සහායිකාවක වූ ඇය සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනු ලැබ ඇත්තේ ඔහු විසිනි. මැකන්සි රැකියාවට බඳවා ගැනීමෙන් පසු දෙදෙනා සේවයේ යෙදී ඇත්තේ එකිනෙකාට නුදුරිනි.

දවස පුරාම මට ඒ මහ පුදුම හිනාව ඇහුණා. ඒ හිනාවට ආදරය නොකරන්නේ කවුද ?” යනුවෙන් මැකන්සි පවසා තිබුණි. දිවා භෝජනයක් සඳහා පිටතට යෑමට ඇය පළමුව ඔහුට ඇරයුම් කර ඇත. තෙමසක් තුළ විවාහ ගිවිස ගත් ඔවුහු සය මසක් තුළ විවාහ දිවියද ඇරඹූහ. ඒ වෙද්දී ඇගේ වයස අවුරුදු 23කි.

ජෙෆ්ට මුල සිටම අවශ්‍ය වී තිබුණේ විචක්ෂණ බුද්ධියක යුත් තැනැත්තියක හා විවාහ වීමට බව පැවැසේ. ඉන් ඔහු අදහස් කර ඇත්තේ තමා ඉන්නා තැනින් ඉහළට එසවිය හැකි ගැහැනියක් ඔහුට අවශ්‍ය වූ බවයි.
විවාහයෙන් පසු ජෙෆ් තම ව්‍යාපාරික අදහස් ගැන මැකන්සිට පවසන්නේය. ඇය ව්‍යාපාරික අංශයට පිවිසි තැනැත්තියක නොවූවත් තම සැමියා කතා කරද්දී ඔහුට මැනවින් සවන් දුන් බව පැවැසේ. ඊළඟ වසරේ එනම් 1994 දී දෙදෙනාම තම රැකියාවන්ට සමු දෙන්නේ ඇමේසන් සමාගම ආරම්භ කිරීම සඳහා සියැටල් වෙත යනු පිණිසයි.

මැකන්සි තම සැමියා ඇරඹූ නව සමාගමේ ගණකාධිකාරිවරියක වන්නීය. අද ඇය ඇමේසන් සමාගමේ පැරණිම සේවිකාවකි. 1999 පමණ වන තෙක් ජෙෆ් – මැකන්සි යුවළ වාසය කළේ සියැටල්හි පිහිටි එක් නිදන කාමරයක් පමණක් සහිත ගෘහයකය. අද ඇමෙරිකාවේ වොෂිංටන්, බෙවර්ලිහිල්ස්, ටෙක්සාස් තැන පිහිටි නිවෙස් 5ක හිමිකාරිත්වය ඔවුන් සතුය. බිස්නස් ඉන්සයිඩර් සඟරාවට අනුව නම් ජෙෆ් යනු ඇමෙරිකාවේ විශාල ඉඩම් හිමියන් අතරින් විසිපස් වැන්නාය.

ධනවත්කම කෙතරම් තිබුණත් මැකන්සි සිය දරුවන් සිවුදෙනා පාසලට ගෙන යෑම නම් ඇය විසින්ම කිරීමට වග බලාගෙන තිබුණි. ඇය සිය රැකියාවට ගියේ දරුවන් පාසලට ඇරලීමෙන් පසුවයි. ඔවුන්ගේ පවු‍ලේ හිතවතියක් සඳහන් කර තිබුණේ බෙසොස් එතරම්ම සාමාන්‍ය පවුලක් බවයි. ඒ පවුල තුළ ඇදහිය නොහැකි තරම් සමීප සබඳතාවක් තිබෙන බවද
ඇය පවසා තිබුණි.

ජෙෆ්-මැකන්සි යුවළගේ පවු‍ලේ කටයුතු ඉතා සාමාන්‍ය අන්දමින් සිදුවන බව පැවැසේ. ඔරලෝසුවක සිහි කැඳවීමකින් තොරව උදේම අවදිවන ජෙෆ් දවස අරඹන්නේ සිය බිරිය හා දරුවන් සමග ගන්නා සෞඛ්‍යමත් පාතරාසයකිනි. ජෙෆ් කිසි දිනෙක තම ඇමේසන් සමාගමේ හමුවීම් ආදී කිසිදු කටයුත්තක් උදෑසනින් පැවැත්වීමට යොදා නොගන්නා බව පැවැසේ. ඒ තම පවුල වෙනුවෙන් වැඩි කාලයක් කැපකරනු පිණිස බව ඔහු පවසයි.

තම දරුවන් අධ්‍යාපන කටයුතුවලට යොමු කිරීමට කාලය එළඹි පසු මේ යුවළ ඒ වෙනුවෙන් සූදානම් වූ අයුරු පවසා තිබුණේ ඔවුන්ගේ පවු‍ලේ හිතවතියකි. ඔවුන් තම විනෝද චාරිකා ආදිය දරුවන්ගේ කටයුතු නොමැති කාලයන්හි කිරීමට තීරණය කළ බව ඇය සඳහන් කරන්නීය. දරුවන් වෙනුවෙන් මුළුතැන්ගෙයි අත්හදා බැලීම්, චීන භාෂාව උගෙනීම හා සිංගප්පූරුවේ ගණිත පාඩම් කෙරෙහි ඔවුන් උනන්දුවී ඇත. එමෙන්ම අසල්වැසි දරුවන් හා කරන ක්‍රීඩා හා සමිති සමාගම් ගැනද ඔවන් සැලකිලිමත් වූ බව පැවැසේ.
මැකන්සි ලිවීමට හපනියකි. ඇය නවකතා ලියන්නීය. පළ කර ඇත්තේ ‍පොත් 2ක් වුවද ඇය 2006 – ඇමෙරිකානු ග්‍රන්ථ සම්මානය ලබා ඇත. ලිවීමට අවශ්‍ය වූ විට ඇය ඇගේම කුඩා කුටියකට වී සිටී. බෙසොස් ඇයට බාධා නොකරයි. දරුවන් යළි පාසලෙන් රැගෙන ඒමට වේලාව එන තෙක් ඇය ලියයි. ඇය කියන්නේ ඇගේ හොඳම පාඨකයා ඇගේ සැමියා බවයි.

ඇගේ පළමු නවකතාව “ඊඩඥ ඊඥඵබඪදඨ ධට ඹ්භබඩඥප ඒතඡපඪඨඩබ” යි. ඔහු තම කටයුතු පසෙක ලා එහි අත්පිටපත් කියවා ගුණදොස් විවේචනය කළ බව සඳහන්ය. එය ලිවීම සඳහා ඇය වසර 10ක් ගත කර තිබුණි.

එහෙත් සිය දවෛනි නවකතාව ලියා නිම වන තුරු ඔහුගේ වැඩ පාඩු නොකිරීමට ඇය පියවර ගෙන ඇත. තවමත් මැකන්සි ඇමේසන් සමාගමේ නව ප්‍රකාශන ආයතනයෙන් නම් තම වැඩක් කරගතතේ නැතැයි ජෙෆ් සඳහන් කර තිබුණි.

නොයෙක් අවස්ථාවලදී ඇය වෙනුවෙන් ඇඳුම් පැලඳුම් ගෙනත් දීම ජෙෆ්ගේ පුරුද්දකි. ඒ සඳහා ඇගේ සිරුරේ මිමි අසා දැන ගැනීමට ඔහු ඇගෙන් ප්‍රශ්න කරයි. මෙයින් ඇය ඉමහත් සතුටට පත්වන බව ජෙෆ් කියයි.

ලොව අංක එකේ ධනවතා වුවද ජෙෆ් තම බිරියට සහාය වන අයුරු සිත්ගන්නා සුලුය. දිනපතා නිවසේදී ආහාර බඳුන් සේදීමට වැනි කටයුතුවලට ඔහු ඇයට උදව් කරන්නේ එය ඇගේ සතුටට හේතු වන බව අවබෝධ කර ගනිමින් බව ඇමේසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බිස්නස් ඉන්සයිඩර් සඟරාවට පවසා තිබුණි.

2014 දී ඇය අයුතු බලපෑම් කිරීමට එරෙහි වබේ අඩවියක් ආරම්භ කළාය. බොහෝ ජනප්‍රිය පුද්ගලයන් පවා තම අමිහිරි අත්දැකීම් ලෝකයට කීමට මේ වබේ අඩවිය තෝරාගෙන තිබුණි.
මැකන්සිගේ පියා මූල්‍ය සැලසුම්කරුවෙකි. මව ගෘහණියකි. ජෙෆ් මෙන්ම මැකන්සිද ප්‍රින්ස්ටන් සරසවියේ උපාධිධාරීන්ය. ඇය ලිවීම ප්‍රගුණ කළේ ටෝනි මොරිසන් නමැති ‍ලේඛකයා යටතේය. ඔහු ඇය ඉතා දක්ෂ ‍ලේඛිකාවක වනු ඇතැයි පවසා ඇත.

අධ්‍යාපනය ලබන කාලයේ මැකන්සි පිඟන් සෝදන්නියක, වේටර්වරියක, රෙදි විකුණන්නියක, ලිපිකාරිනියක, දරුවන් බලාගන්නියක ආදී වශයෙන් රැකියා රැසක නිරතව ඇති බව ඇමේසන්හි ඇගේ චරිතාපදානයෙන් සඳහන්ය.

ජෙෆ් බොසෙස් – මැකන්සි යුවළට පුතුන් තිදෙනෙක් හා දියණියක් සිටිති. පවු‍ලේ බාලයා වන දියණිය චීනයෙන් ලබාගෙන දරුකමට හදා ගන්නා දැරියකි. වැඩිමල් පුතු පේ‍රස්ටන් උපත ලබා ඇත්තේ 2000 දීය.

ඉතිහාසයේ මතෛක් සිටි ධනවත්ම තැනැත්තා ජෙෆ් බෙසොස්ය. ඔහු තම ව්‍යාපාරය මුලින්ම ඇරඹුවේ ගරාජය තුළය. ඇමේසන් ලාංඡනයේ ඇති ඒ සිට ඛ දක්වා ඇදි ඊතලය මෙන්ම ඔහුගේ අන්තර්ජාල සුපිරි වෙළඳසලෙන් මිලට ගත නොහැකි දෙයක් නැති තරම්ය. ජෙෆ් පැතූ සේම “ඔහුගේ සාර්ථකත්වයට මැකන්සිගෙන් නොමද දායකත්වයක් ලැබෙන්නට ඇත. තිබෙන තොරතුරු අනුව නම් ඇය ඇයට හිමි තැන නිසි ලෙස කටයුතු කරන දයාබර බිරියකි, මවකි.

ඒ.ජී. දීපිකා ප්‍රියදර්ශනී

70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ලංකාවේ පලමු වතාවට අමුතුම තාලේ ලැප්ටොප් නැටුමක් මෙන්න

70 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ලංකාවේ පලමු වතාවට අමුතුම තාලේ ලැප්ටොප් නැටුමක් මෙන්න

මෙවර නිදහස් උළෙල වෙනුවෙන් පැවැත්වෙන ආචාර පෙළපාලියේ සහ සංදර්ශන පෙළපාලියේ පෙරහුරු මේ දිනවල ගාලුමුවදොර පිටිය ඉදිරිපිට පැවැත්වෙනවා.

කෙසේ වෙතත් මෙම පෙරහුරුවේදී ශිෂ්‍යාවන් ඉදිරිපත් කළ නැටුමකට කාගේත් අවධානය යොමු වුණා.

ඒ බිංගිරිය අධ්‍යාපන විද්‍යා පීඨයේ ශිෂ්‍යාවන් පිරිසක් ලැප්ටොප් පරිගණක උපයෝගී කරගෙන පවත්වන නර්තනයකටයි.

මෙවර පෙළපාලියේ විශේෂ සංදර්ශනයක්‌ ලෙස “නවීන විද්‍යාඥයා” යන තේමාව යටතේ ඔවුන් මෙම නර්තනය නිර්මාණය කොට තිබෙනවා.

ඉරාජ්ගේ සින්දුවෙන් හිට්වුණු අමන්දා කොටම කොට ගවුමකුත් ඇදගෙන නටපු අලුත්ම නැටිල්ල මෙන්න පිස්සු හැදෙනවා

ඉරාජ්ගේ සින්දුවෙන් හිට්වුණු අමන්දා කොටම කොට ගවුමකුත් ඇදගෙන නටපු අලුත්ම නැටිල්ල මෙන්න පිස්සු හැදෙනවා

වස්සානේ හීනේ සින්දුවෙන් හිට් වුනු අමන්දා යාළුවො ටිකක් එක්ක ගත්ත සුපිරි ෆන් එකෙක් වීඩියෝ කරලා බලන්නකෝ පිස්සු හැදෙන්නවා

සිරිපා කන්ද පාමුලින් හමුවූ රාම දෙවිදුන්ගේ යැයි කියන පා සැලකුනේ හැමෝම ඔබගෙන් සැගවූ ඇත්ත කතාව මෙන්න

සිරිපා කන්ද පාමුලින් හමුවූ රාම දෙවිදුන්ගේ යැයි කියන පා සැලකුනේ හැමෝම ඔබගෙන් සැගවූ ඇත්ත කතාව මෙන්න

ශ්‍රී පාද රක්ෂිතයේ ඇති තවත් අප්‍රකට පා සටහනක් පිළිබඳ පුවතක් මේ වසර ආරම්භයත් සමඟම මාධ්‍ය මගින් දසත පැතිර යන්නට විය. ශ්‍රී පාද රක්ෂිතය නොදුරේ ඇති කලු ගල් තලාවක එබී ගිය මිනිස් පා සටහන් දෙකක සලකුණු බොහෝ දෙනෙ‍කුගේ අවධානයට ලක් වූ අතර එය දැක ගැනීම පිණිස දස දහස් ගණන් එහි ඇදී එන්නට වූහ.

සිරිපා සලකුණ වශයෙන් සැලකෙනුයේ එක් පා සටහනක් වුව මෙහි මිනිස් පා සටහන් දෙකක්ම එක සමීපයේ දක්නට ලැබීම විශේෂත්වයකි. එමෙන්ම මෙය ප්‍රමාණයෙන් අඩි එකහමාර බැගින් වුවද සාමාන්‍ය මිනිසෙකුගේ පා සටහනකට සමානය. මෙය කලු ගලක එරීයාම නිසා මෙය කිසියම් ගුප්ත අද්භූත බවක් ඇතැයි යන්න බොහෝ දෙනාගේ විශ්වාසය විය. එහෙත් මේ පා සටහන් පිළිබඳ සැඟවුණු ඇත්ත කතාවක් තිබේ. රසවත් බවින් ද අනූන එයට මුල පිරෙන්නේ මෙලෙසිනි.මෙම පා සටහන පිහිටා ඇත්තේ මස්කෙළිය – සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ග්ලැනුජි මංසන්දියෙන් හැරී ගාඩ්මෝර් මාර්ගයේ යනවිට හමුවන ගාඩ්මෝර් කඩමණ්ඩියෙන් කිලෝමීටර් 06 ඔබ්බෙහි පිහිටි තේ වතු යායක් මැද්දෙහිය. ෆෝක්මෝර් වතුයායේ නව ෆෝක්මෝර් කොටසට අයත්‍ මෙය ශ්‍රී පාද රක්ෂිතය මායිමේම පිහිටි ගල්පොත්තක් මත පිහිටා තිබේ. මෙම ගල්පොත්ත බෑවුම් ස්වබාවයකින් යුතුය.

ග්ලැනුජි මංසන්ධියේ සිට ගාඩ්මෝර් දක්වා සාමාන්‍ය වාහනයකින් යා හැකි වුවද එතැන් සිට ෆෝක්මෝර් දක්වා ඇති කිලෝමීටර් 06 වාහනයකින් යාම තරමක් දුෂ්කරය.

මෙම අද්භූත පා සටහනේ කථාව ඇරඹෙනුයේ එහි වතු සේවකයෙකු වන පරමනාදන් හෙවක් කාමරාජ් ජනවාරි 01 වෙනිදා මධ්‍යම රාත්‍රියේ දකින සිහිනයකිනි. ඔහු පවසන පරිදි එම මධ්‍යම රාත්‍රියේ දී සුදු තලප්පාවක් බැදගත් සැරයටියක් අතැති තාපසයෙකු වැනි පුද්ගලයෙකු පැමිණ අසවල් ස්ථානයේ ‘රාම දෙවිදුන්ගේ’ පා සටහනක් ඇති බවත් එයට නිසි පුද පූජා වත්පිළිවෙත් පවත්වා ආරක්ෂා කරන ලෙසත් පවසා තිබේ. ඉන්පසුව එම තාපසයා සැනෙකින් අතුරුදන් වූ බව පරමනාදන් කියයි. ඉන්පසු තම සිරුරම දහඩියෙන් තෙත්වී නින්දෙන් පිබිදුණු බවත් ඉන්පසු පසදා පහන්වනතුරුම තමන්ට නින්ද නොගිය බවත් පරමනාදන් කියා සිටී.

ඉන්පසුව පසුදා අලුයමින් තමන් එම ප්‍රදේශයේ කෝවිලක පූසාරි කෙනෙකු හමුවී එම පුවත සැලකොට ඔහුද සමගින් එම ස්ථානය පරික්ෂා කිරීමේ දී මෙම පා සටහන් දැකගත හැකි වූ බවත් ඉන් පසු එමගින් ලැබුණු ප්‍රසිද්ධිය මත බොහෝ දෙනෙකු පැමිණ එය රාම දෙවිදුන්ගේ පා සටහනක් වශයෙන් සලකා වැඳුම් පිදුම් කරන්නට පටන් ගත් බවත් පරමනාදන් පවසයි.

කෙසේ හෝ මෙම පා සටහනේ කිසියම් පුරාවිද්‍යාත්මක අගයක් තිබේ දැයි විමසා බැලීම පිණිස මධ්‍යම පළාතේ පුරාවිද්‍යා නිලධාරීන් එහි ගොස් ඇති අතර ඒ වන විටත් ‍එම සලකුණු සුවඳපැනින් නාවා මල් සුවඳ දුම් ආදිය ඊට පුදා ඇති බව නිරීක්ෂණය විය. එහෙත් ඒ පිළිබඳව වැඩිදුරටත් විමසීමේ දී ඔවුනට වැටහී ගියේ එය එම ගලෙහි ඇති ස්වභාවික පිහිටීමක් පසුව කෘත්‍රිමව පාදයක් සේ සකස් කොට එහි ඇඟිලි සලකුණු පවා කෘත්‍රිමය නිර්මාණය කොට ඇති බවකි.

එමෙන්ම අක්කරයක් පමණ වන මෙම පර්වතය ‘කුඩු ගල්’ පාෂාණයක් වන අතර නියනකින් හෝ උල්කටුවකින් එම පාෂාණයෙහි යම් යම් වෙනස්කම් කළ හැකි බව අඹගමුව ප්‍රාදේශීය ලේකම් ආර්.පී.ජී. සුමනසේකර මහතා කළ නිරීක්ෂණයකින් තහවුරු විය. ඒ අනුව මෙය කිනම් හෝ අරමුණක් මුල්කොට පසුගිය කාලයේ කෘත්‍රිමව සකස් කරන ලද පා සලකුණු දෙකක් බව පුරාවිද්‍යා නිලධාරීන්ගේ නිගමනය වී ඇත. මෙහි දකුණු පා සටහන ලෙසින් දැක්වෙන පිහිටීමෙහි ඇඟිලි වශයෙන් සැලකිය යුතු කොටස ඉතා පැහැදිළි ලෙස කෘත්‍රිමව නිර්මානය කොට තිබූ අතර වම් පාදය ලෙසින් සැලකෙන කොටසද පාදයක් බව ඒත්තු යාම සඳහා අවශ්‍ය හැඩතලය කෘත්‍රිමව සකස්කොට තිබුණි.

මේ සම්බන්ධයෙන් එම පාසලකුණු පිහිටි මෝකා වසමේ ග්‍රාම නිලධාරිනී ආර්.එම්.සිසිකුමාරි මහත්මිය පවසන්නේ මෙම සියළු මතයන් සම්පිණ්ඩනය කළ විට මෙහි කිසිදු පුරාවිද්‍යාත්මක වටිනාකමක් හෝ අද්භූත ස්වභාවයක් නැති බව මනාව තහවුරු වී ඇති බවය.

එමෙන්ම බුදුන්ගේ සිරිපා සලකුණට පහලින් ශ්‍රී පාද රක්ෂිතයට යාබදව රාම දෙවිදුන්ගේ ද පා සටහනක් ඇතැයි යන පුවත රට පුරා ප්‍රචාරය වීමත් සමඟ ගාඩ්මෝර් කඩමණ්ඩියේ වෙළඳ ව්‍යාපාර වලට වැඩිපුර වාසි සැලසෙන්නට වූ අතර එම කඩමණ්ඩියේ සිට ෆෝක්මෝර් වතුයාය දක්වා වූ කිලෝ මීටර් 06 ක දුර සඳහා ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 1000/- දක්වා වැඩිකොට ඇති අතර මල් සුවඳ දුම් ආදී පූජා භාණ්ඩ සහිත තාවකාලික වෙළඳසැල් කිහිපයක් ද ඒ අවට ඉදිව ඇත. එහෙත් මෙහි සත්‍යතාව තහවුරුවීමෙන් පසුවද තවමත් මෙය රාම දෙවිදුන්ගේ පාද සටහනක් සේ සලකා එයට වැඳුම් පිඳුම් කරන්නවුන් දක්නට ලැබීම අප රටේ ජනතාවගේ අන්ධ මානසිකත්වය මැනවින් හුවාදක්වන්නකි.

පසුබිම් වාර්තාව සහ ඡායාරූප ගාමිණී බණ්ඩාර ඉලංගන් තිලක

පුංචි ඡන්දයට අල්ලස් දෙන්න ගිය අසාද් සාලි අතටම හසුවෙයි මෙන්න වීඩියෝ

පුංචි ඡන්දයට අල්ලස් දෙන්න ගිය අසාද් සාලි අතටම හසුවෙයි මෙන්න වීඩියෝ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ නගරාධිපති අපේක්ෂක අසාද් සාලි මහතා නීති විරෝධී ඡන්ද අල්ලසක් ලෙස ජනතාවට භාණ්ඩ බෙදාදීමෙී සිද්ධියක් ඊයේ (31) පිටකොටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොළඹ පරණ යොන් වීදියේ වෙළඳ සැලක් තුළ මෙම භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කොට තිබෙනවා. සිද්ධිය සැලවූ වහාම වෙිල්ලවීදිය පොලිසියේ නිලධාරින් අදාල ස්ථානය වෙත පැමිණ තිබෙන අතර සිද්ධිය පිළිබඳව ඔවුන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. මෙන්න එම අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝව