අමෙරිකානු උසාවි නියෝගයකින් ලෝකයේම ඊ මේල් රහස් දෙදරයි මයික්‍රොසොෆ්ට් සමාගම දැඩි අසීරුවක

අමෙරිකානු උසාවි නියෝගයකින් ලෝකයේම ඊ මේල් රහස් දෙදරයි මයික්‍රොසොෆ්ට් සමාගම දැඩි අසීරුවක
ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව සහ මයික්‍රොසොෆ්ට් ආයතනය අතර හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වය ලෝකය පුරාම මහත් ආන්දෝලනයකට තුඩුදී තිබේ. එ් මයික්‍රොසොෆ්ට් ආයතනය සතු ඊ-මේල් දත්ත ගබඩාව පරිහරණය කළ යුතු බවට ඇමෙරිකානු අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කිරීමත් සමගයි. ඇමෙරිකාවේ මත්කුඩු ජාවාරම්කරුවකු පිළිබඳ තොරතුරු සොයාගැනීම සඳහා අධිකරණය මෙම නියෝගය කර ඇත. එහෙත් මෙම නියෝගයට විරෝධතා ගොනුකරමින් මයික්‍රොසොෆ්ට් සමාගමේ නීතිඥයින් පවසා ඇත්තේ ලොව පුරා ජනතාවගේ ඊ-මේල් තොරතුරු සහිත දත්ත ගබඩාව පරිහරණයට ලබාදීම සෙසු රටවල පාරිභෝගිකයන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීමක් බවයි.

ඇමෙරිකාව තුළ පාලනය වන ඊ-මේල් දත්ත ගබඩා තොරතුරු අධිකරණයට ලබාදී ඇති මයික්‍රොසොෆ්ට් සමාගම වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ලෝකයේම ඊ-මේල් දත්ත ගබඩාව පිහිටි අයර්ලන්තයේ ඩබ්ලින්හි දත්ත ලබාදීමට නොහැකි බවයි. එ් අනුව ඇමෙරිකාවෙන් පිටත පිහිටි කිසිදු දත්ත ගබඩාවක තොරතුරු ඇමෙරිකානු අධිකරණයට ලබාදිය නොහැකි බව ද එම සමාගමේ නීතිඥයන් පවසා තිබේ. මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවා ලබාගන්නා ජාත්‍යන්තර පාරිභෝගිකයාගේ දත්තවල ආරක්ෂාව, පෞද්ගලිකත්වය තහවුරු කිරීමට තම සමාගම බැඳී සිටින බව ද එම සමාගම අධිකරණයට දන්වා ඇත.

කෙසේවෙතත් ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නීතිවේදීන් පෙන්වා දෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ මූලස්ථානය ඇමෙරිකාවේ පිහිටා ඇති බැවින් ලොව පුරා විහිදී තිබෙන එහි ශාඛා දත්ත ගබඩා භාවිතයට ද ඇමෙරිකාවේ නීතිය යටතේ හැකියාව පවතින බවයි. 1986 සන්නිවේදන ගබඩා පිළිබඳ වන පනත යටතේ අධිකරණය විසින් දත්ත ගබඩා පරීක්ෂාව සඳහා වරෙන්තුවක් ද ලබාගෙන තිබේ. පරිගණක තාක්ෂණය පැමිණි අවධියේදී පනවන ලද මෙම නීතිය යාවත්කාලීන කිරීමට ඇමෙරිකානු කොංග‍්‍රසයේ අවධානය ද යොමුවී ඇත.

කෙසේවෙතත් මයික්‍රොසොෆ්ට් සමාගම මුහුණ දී සිටින මේ සඳහා එරෙහිවීමට අයිබීඑම්, ඇපල්, ඇමේසන්, ගූග්ල් සහ තවත් ලෙව සුපතළ තාක්ෂණික සමාගම් ගණනාවක් ද ඉදිරිපත් වී සිටියි. රටවල් 40ක දත්ත ගබඩා 100කට අධික ප‍්‍රමාණයක් මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙහෙයවනු ලබයි.

හැමෝම ආසාවෙන් බලන කෝටිපතියෝහි රගන රනිල් වගේ පියතිස්සගේ ඇත්ත ජීවිත කතාව මෙන්න

හැමෝම ආසාවෙන් බලන කෝටිපතියෝහි රගන රනිල් වගේ පියතිස්සගේ ඇත්ත ජීවිත කතාව මෙන්න

මේ දිනවල විකාශය වන ජේ. ශිවගුරුනාදන්ගේ “කෝටිපතියෝ..” ටෙලි නාට්‍ය තුළින් ඔබ හමුවට එන ඔහු වඩාත්ම ජනප්‍රියත්වයට පත් වුයේ “ඇන් කොම්පැනි..” දේශපාලන ප්‍රහසනය තුළිනි. පුංචිම සන්දියේදීම කලාවට පිවිස වේදිකාව, ටෙලි නාට්‍ය සේම සිනමාව තුළත් සිය කුසලතා පළකළ මේ ප්‍රවීණ රංගන ශිල්පියා “උපතිස්ස බාලසූරිය “ වේ. මෙවර අප සමග කතාබහකට එක් වූ ඔහු සිය දිගුකාලීන කලා දිවිය පිළිබඳ ආවර්ජනය කළේ මෙලෙසිනි.

මේ දිනවල ඔබගේ කලා දිවියේ තොරතුරු මොනවාද.. ?

මේ දවස්වල “කෝටිපතියෝ..” සඳහා එක් වී සිටිනවා. ඊට අමතරව ගිරිරාජ්ගේ නවතම සිනමා පටයට එක්වුණා. එය ළඟදීම ආරම්භ වේවි.. “උතුරේ රාහුල හිමි..” වේදිකා නාට්‍ය නැවත වේදිකාගත කරන්නට යනවා. එහි රංගනයටත් එක්වනවා.

“හාරකෝටිය..” සාර්ථක වීම නිසා එහි දිගුවක් ලෙස “කෝටිපතියෝ..” නිර්මාණය වුණා. මේ ආකාරයට නිර්මාණ අනවශ්‍ය විදියට දීර්ඝ කිරීම ඇතැමුන් විවේචනය කරනවා.

නිර්මාණයක් අනවශ්‍ය විදියට දීර්ඝ කිරීම විවේචනයට ලක්වන්නට පුළුවන්. ඒත් ටෙලි නාට්‍යක් දීර්ඝ වූ පමණින් .. එහෙම නැත්නම් දෙවැනි කොටසක් නිර්මාණය වූ පමණින් එය වරදක් වන්නේ නැහැ.. හාරකෝටිය ගැඹුරු තේමාවක් යටතේ නිර්මාණය වූ ගුණාත්මක නිර්මාණයක්. එය සාර්ථක වුණා.. කෝටිපතියෝ තුළත් එම ගැඹුර සහ ගුණාත්මක බව තියෙනවා.. ඒ නිර්මාණ දෙකම හොඳනම් එවැනි නිර්මාණ කිරීම වරදක් කියන්නට බැහැනේ..

උපතිස්ස “ඇන් කොම්පැනි..” නාට්‍යයේ රඟපෑ චරිතයත් බොහෝ කතාබහට ලක්වුණා..

“ඇන් කොම්පැනි” දේශපාලන ප්‍රහසනයක්. ඇත්තම කියනවා නම් මම වඩාත්ම ජනප්‍රියත්වයක් ලැබුවේ එහි රඟපෑම නිසා කිව්වත් වැරදි නැහැ..

ඔබ දිගු ඉතිහාසයක් තියෙන කලාකරුවෙක්..

1975 දී “ නීල් ශ්‍රී විජේසිංහ..” අධ්‍යක්ෂණය කළ “ රන් කුකුළු වත..” වේදිකා නාට්‍ය තුළින් තමයි මම මුලින්ම රංගනයට පිවිසුණේ .. එදා මෙදා තුර වේදිකා නාට්‍ය රැසක් කළා, තිලක්
ගුණවර්ධනගේ “තරුණයෙකුගේ කතාවක්..” ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය කලාවට එකතුවුණේ අසූව දශකයේ මුල් භාගයේදී.. 70 දශකයේදීම තමයි “ මඩොල් දූව“ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසුණේ.. ඒත් ඊට පස්සේ වැඩියේ චිත්‍රපටවලට දායක වුණේ නැහැ.. පසු කාලයේ “කුලගෙය” චිත්‍රපටයට ආයෙම එකතු වුණා.. මේ වනවිට චිත්‍රපට කිහිපයකට දායක වී තියෙනවා..

පුංචිම සන්දියේදී පටන් කලාවට ඇල්මක් දැක්වූවාද.. ?

මම පුංචිම කා‍ලේ ‍පොළොන්නරුව පුලතිසිගම විදුහලින් අධ්‍යාපනය ලබලා ඉන් පසුව ගණේමුල්ලේ ගලහිටියාව මධ්‍ය මහ විදුහලට ආවා. අපේ ගමේ හිටිය “සිරිවර්ධන ගුරුන්නාන්සේ” කියන නාට්‍ය කරුවාගෙන් කලාවට අත්‍පොත් තැබුවේ පුංචිම සන්දියේදීතමයි..

ඒ කාලෙදි මුලින්ම දායක වූ නිර්මාණය පිළිබඳ රසවත් මතක සටහන් තවමත් ඔබට සිහිවනවා ඇති..

1969 දී “ සඳ කිඳුරු..” නාඩගමේ “ සඳ කිඳුරා..” විදියට එක්වීම තමයි මගේ පළමු රංගන අත්දැකීම.. එතකොට මට වයස 10 ක් ඇති. “සඳ කිඳුරි..” වුණේ මගේ වයසේ පුංචි ගෑනු ළමයෙක්..
පන්ස‍ලේ තමයි නාට්‍ය පෙනවූයේ.. සල්පිල්.. මල් වෙන්දේසි .. ඉවර වෙලා නාට්‍යය පටන් ගනිද්දී පාන්දර වෙලා.. මට හොඳටම නිදිමතයි .. දැන් ඔන්න නාට්‍ය යනවා.. බඹදත් රජු මට විදලා මම මැරිලා වැටුණා.. “ සඳකිඳුරි” විලාප තියලා අඬලා සක් දෙවිඳු ආවට පස්සේ මට පැන් ඉසිනවා.. එතකොට මට ආයෙම පණ එන්න ඕන.. නාට්‍යය පවත්වන්නේ වේදිකාවේ ‍නෙවෙයි බිම ‍පොළවෙනේ.. වටේට මිනිස්සු වාඩිවෙලා ඉන්නවා.. මම බිම වැටිලා ඉන්නවා.. “සඳ කිඳුරි..” පැන් ඉහිනවා.. ඒත් මට පණ එන්නේම නෑ.. මට එහෙමම නින්ද ගිහින් ..බැරිම තැන “ සඳ කිඳුරි..” මාව කෙනිත්තුවා.. එතකොට තමයි “ සඳ කිඳුරාට’ගැස්සිලා පණ ආවේ..

ඔබේ සමකාලීනයන් රැසක් කලා ක්ෂේත්‍රයේ ඉන්නවා නේද.. ?

ඔව් .. ජැක්සන් ඇත්නතී , තිලක් සේනාසිංහ සහ මම ගලහිටියාව මහ විදුහ‍ලේ එකම පන්තියේ ඉගෙන ගත්තේ.. කැලණිය විශ්ව විද්‍යාලයේ දී ආරියරත්න ඇතුගල අපිට වඩා ඉහළ අවුරුද්දක ඉගෙනුම ලැබුවා.. අශෝක හඳගම හිටියේ අපට පහළ අවුරුද්දක..

ඔබේ විශ්ව විද්‍යාල ජීවිතය ගැන යමක් කිව්වොත්?

මට විශ්වවිද්‍යාල වරම් හිමිවීමත් එක්කම වගේ “ රාජ්‍ය දැව සංස්ථාවේ “ රැකියාව ලැබුණා.. මම විශ්වවිද්‍යාල ගමන අතරම මඟ නතර කරලා රැකියාවට ගියා.. රැකියාවේ යෙදෙන අතරෙයි මම කලාවට සම්බන්ධ වුණේ.. ඒ හින්දයි මට කලා ජීවිතය තුළ හෙමින් ගමනක් එන්න වුණේ..

ඔබේ පුද්ගලික තොරතුරු දැනගන්න රසික පිරිස කැමති වේවි..

මම දැනට “ රාජ්‍ය දැව සංස්ථාවේ සහකාර ප්‍රාදේශීය කළමනාකරුවකු” ලෙස කටයුතු කරනවා.. මගේ බිරිඳ ශ්‍යාමා.. සංඛ සහ දිනුක පුතුන් දෙදෙනාම තවම අධ්‍යාපනය ලබනවා.. දිනුක පුතා නම් සංගීතයට දස්කම් දක්වනවා.. ඔහු ඒ තුළිින් ගමනක් යයි කියල හිතනවා.. මේ වසරේ මම රැකියාවේ විශ්‍රාම යන්නට නියමිතයි.. ඊට පස්සේ නම් මම පූර්ණ කාලීනව රංගනයට යොමුවන්න හිතාගෙන ඉන්නවා..

ආරියවංශ කුලතිලක

බොලිවුඩයේ සියලු පෙම්කතා පරදවමින් බොලිවුඩයම කැලැබූ අලුත්ම පෙම් යුවල මෙන්න

බොලිවුඩයේ සියලු පෙම්කතා පරදවමින් බොලිවුඩයම කැලැබූ අලුත්ම පෙම් යුවල මෙන්න

කාලෙන් කාලෙට අලුත්ම කතා ගේන බොලිවුඩයේ අලුත්ම ජෝඩුව ලෙස රන්බීර් කපූර් සහ ආලියා බාත් හදුන්වා දීමට එරට මාධ්‍ය වාර්තා පියවර ගෙන ඇත.

ඔවුන් දෙදෙනා එක්ව රගන බ්‍රහ්මිෂ්ටා නැමති නව චිත්‍රපටයේ රෑගත නිසා මොවුන් දෙදෙනා අතර සමීප හිතවත්කම් ඇතීවි ඇති බව බොලිවුඩ් ආරංචි වලින් පැවසේ.

චිත්‍රපටයේ රෑගත කිරීම් නොමැති දිනවලදීත් රන්බීර් ,ආලියා සමග වැඩියෙන් ගැව⁣සෙන බවත් , ඇයත් සමග සාප්පු සංකීර්ණ වල සවාරියේ නිරත වන බවද සදහන් වේ.

වසර කිහිපයක් තිස්සේ බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා සමග පැවති පෙම් සබදතාව කැඩී යාම හේතුවද රන්බීර් – ආලියා ගේ මෙම සමීප හිතවත් කමට මග පෑදි ඇත.

මේ අතර රන්බීර් ගේ හිටපු පෙම්වතිය වූ කත්‍රීනා කායිෆ් සහ ආලියා බොලිවුඩ් හි හොද යෙහෙළියන් වන අතර රන්බීර් -ආලියා ගේ මෙම එකතු වීම ගැන ඇය තවමත් අදහස් දැක්වීමක් සිදු කර නැත.

( තිළිණි ද සිල්වා )
ටයිම්ස් නව් වෙබ් අඩවිය ඇසුරෙනි.

වළං, පිඟන් රස පරීක්ෂකට, මේවනවිට ප්‍රදේශය සාමකාමියි අම්පාරේ වඳපෙති සිද්ධියේ සම්පුර්ණ විස්තරය මෙන්න

වළං, පිඟන් රස පරීක්ෂකට, මේවනවිට ප්‍රදේශය සාමකාමියි අම්පාරේ වඳපෙති සිද්ධියේ සම්පුර්ණ විස්තරය මෙන්න
අම්පාර නව කාසිම් හෝටලයේ ඊයේ රාත්‍රියේ කලහකාරී තත්ත්වයක් ඇතිවූ පුවත ඔබ දැනටමත් දන්නවා ඇති.

ඒ පුද්ගලයන් දෙදෙනෙකු ලබාගත් ආහාරයකට දමාතිබූ පෙති වර්ගයක් හසුවීම හේතුවෙන් බවයි අන්තර්ජාලයට නිකුත් වූ වීඩියෝවක අඩංගු වන්නේ.

අදාල වද පෙති වර්ගය දැමූ බවට හෝටලයේ සේවකයා විසින් පිළිගනු ලබන වීඩියෝවක් මේ වනවිටත් සමාජ ජාලාවල සංසරණය වෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳ සමාජ ජාලා වල ඇතැම් අය ප්‍රකාශ කරන්නේ මෙම වීඩියෝවේ අදාල පෙති සහ කෑම පිඟාන දර්ශනය නොකරන්නේ ඇයිද යන්නය. එමෙන්ම විශාල මිනිසුන් ප්‍රමාණයක් පැමිණ තර්ජනය කර මෙම ප්‍රකාශය ලබා ගත් බවටත් සමාජ ජාලා වල සාකච්ඡාවට ලක් කෙරෙන කරුණුඅතර ප්‍රදාන තැනක් ගන්නවා

මේ අතර ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කලේ ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට සහභාගි වීම සඳහා පැමිණි තරුණ පිරිසක් මෙම සිදුවීමට අදාල හෝටලයට පැමිණ කොත්තුවක් ආහාරයට ගෙන ඇති බවත් ඉන් අනතුරුව මෙම සිදුවීම හට ගෙන තිබෙන බවත්ය.

ඉන් අනතුරුව ප්‍රදේශය භාර පොලිස් නිලධාරීන් අදාල සිදුවීම සිදුවන ස්ථානයට පැමිණෙන විටත් අදාල හෝටලය සහ වාහන කිහිපයකටද අලාභ හානි කර
තිබී ඇත

එමෙන්ම ඒ මොහොතේම පොලිස්ය විසින් වඳ පෙති දැමූ බවට චෝදනා එල්ල වූ අදාල හෝටලයේ අදාල භාජන සියල්ල මේ වන විටත් අධිකරණ ක්‍රියාදාමයකට යොමු කොට රස පරීක්ෂක වරයාට යවා ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා සඳහන් අපට කලේය.

කටඋත්තර ගැනීමේදී සිදුවීමට අදාල හෝටලයේ පුද්ගලයා පොලිසියට කියා ඇත්තේ විශාල පිරිසක් පැමිණි නිසා තමුන් බියේ වඳපෙති දැමුවා කියා පැවසූ බවය.

කඩයේ වැඩ කල අදාල තරුණයාට සිංහල භාෂාව හැසිරවීමට තරමක් අපහසු බවද සඳහන්.

මේ එම පුද්ගලයා විසින් වද පෙති දැමූ බවට පිළිගත් වීඩියෝව පහලින් නරබන්න

ඉන්දීය සුපිරි නිලි ශ්‍රී දේවි මියගියේ හෘදයාබාධයකින් නෙවෙයි අහම්බයෙන් ගිලීමෙන් මරණ පරීක්ෂණ වාර්තාවෙන් සියල්ල හෙළිවෙයි

ඉන්දීය සුපිරි නිලි ශ්‍රී දේවි මියගියේ හෘදයාබාධයකින් නෙවෙයි අහම්බයෙන් ගිලීමෙන් මරණ පරීක්ෂණ වාර්තාවෙන් සියල්ල හෙළිවෙයි

බොලිවුඩයේ නිළි රැජින ලෙසින් හඳුන්වන ‘ශ්‍රී දේවි’ මියගියේ අහම්බයෙන් ගිලීයෑමෙන් යැයි ඩුබායි පුවත්පත් ඊයේ (25) වාර්තා කළේය.

ශ්‍රී දේවි හදිසියේ හදිසියේ අභාවප්‍රාප්ත වූයේ සෙනසුරාදා (24) රාත්‍රියේදීය. ඇය අභාවප්‍රාප්ත වූයේ හෘදයාබාධයකින් යැයි මුලින් වාර්තා වූවත් ඇය මියගොස් ඇත්තේ අහම්බයකින් දිය ගිලීයෑමෙන් යැයි මරණ පරීක්ෂණ වාර්තාව උපුටා දක්වමින් එම පුවත් සේවා වාර්තා කර තිබිණි.

ශ්‍රී දේවි සිහිසුන්ව වැටී සිටිද්දී සැමියා බොනී කපූර්ට හමුවී ඇත්තේ නාන කාමරේ යැයි මුලින් වාර්තා විය. පවුලේ විවාහ උත්සහයක් සඳහා සැමියා වන බොනී කපූර් සහ එක් දියණියක වන කුෂී සමඟ ශ්‍රී දේවි ඩුබායි වෙත ගොස් සිටියාය.

ශ්‍රීදේවිගේ මරණ පරීක්ෂණය අද (25) උදෑසන කළ අතර එහි වාර්තාව පොලිසියට, පවුලට සහ ඩුබායිහි ඉන්දීය කොන්සියුලර් කාර්යාලය වෙත ලබා දී තිබිණි.

බොනී කපූර් ශ්‍රීදේවි සමඟ රාත්‍රී භෝජනයක් සඳහා හෝටලයෙන් පිටතට යෑමට සූදානම් සිට ඇතැයි පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘කලීජ් ටයිම්ස්’ පුවත්පත වාර්තා කළේය. බොනී කපූර් සහ දියණිය කුෂී ඉන්දියාවට පැමිණ සිට ඇති අතර ශ්‍රී දේවි පුදුමයට පත් කිරීම සඳහා නැවත ඩුබායි වෙත ගිය බවද තවදුරටත් වාර්තා විණි.

එම අවස්ථාවේදී හෝටලයට වෛද්‍ය කණ්ඩායමක් කැඳවූවද ශ්‍රී දේවි බේරාගැනීමට ඔවුන්ට නොහැකි විය. හෘදයාබාධයක් ඇතිවීමට හෝ ඒ ආකාරයේ කිසිදු අසනීප තත්ත්වයක් හෝ ලක්ෂණයක් හෝ ශ්‍රී දේවිට නොතිබුණු බව ද පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී දේවිගේ සිරුර අපේක්ෂාවෙන් පවුලේ සාමාජිකයන් මුළු ඉරිදා දිනයම බලා සිටියද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් මරණ පරීක්ෂණය අවසන් වන තුරු ශ්‍රී දේවිගේ සිරුර පවුලට බාර දී නොතිබිණ.

කන්ද උඩරට පදිංචි බැංකු නිලධාරියෙක් කල වැඩක් නිසා මගුලත් නැවතිලා දැන් හැමෝම කියන්නේ මහදැනමුත්තා කියලලු

කන්ද උඩරට පදිංචි බැංකු නිලධාරියෙක් කල වැඩක් නිසා මගුලත් නැවතිලා දැන් හැමෝම කියන්නේ මහදැනමුත්තා කියලලු
කන්ද උඩරට පදිංචි ඔහු බැංකු නිලධාරියෙකි. මේ දිනවල සිය විවාහයට කඩිමුඩියේ ලක ලැහැස්ති වෙන ඔහුගේ මනාලිය වූයේද එම ප්‍රදේශයේම බැංකුවක සේවය කරන තරුණියකි.

තම නිවසේ අලුත්වැඩියා කටයුතු නිසා දින ගණනකින් සිය මනාලියවත් බලන්න යන්න ඔහුට විවේකයක් තිබුණේ නැත. ‘අදනම් යන්න ඕනෑ’ ඔහු සිතා ගත්තේය. වේලාසන වැඩ නිමකළ ඔහු මිතුරකු ද සමග මනාලියගේ නිවෙසට ගොඩවැදුණේ තවත් ගමන් කීපයක්ම යන්න තියෙනවා. ඔයාව නොබලා ඉන්න බැරි නිසාමයි ආවේ යැයි තමන් ඉදිරියට ආ මනාලියට පවසමිනි.

එහෙත් හරි හරියට වැඩය. ගෙට ගොඩවැදුණු මනාලයාගේ ඇස් එක්වරම ඇදී ගියේ සාලය මැද ගරු ගාම්බීරව තබා තිබූ නවීන පන්නයේ වටිනා සෝපාවටය.

ෂා මරු සෝපාවක්නේ මාත් හෙටම ගේනවා. ඔහු සිය මිතුරාට කොඳුරා කීවේ මනාලියටත් නෑසෙන්නටය.
පසුදාම ගොස් ඊට නොදෙවැනි සෝෆාවකට සල්ලි බැන්ද මනලයා ගෙදර ආවේ උජාරුවෙනි.

මටත් සෙකන්ඞ් වෙන්න බැහැනේ මචං කෙල්ලගේ ගෙදර තිබුණට වඩා හොඳ එකක් මාත් ගේනවා. ඔහු මිතුරන්ට කීය.

පසුදා අඳුරුවැටෙද්දී සෝෆාව රැගෙන ආවේය. ගේ අස්පස් කර එය ගෙට ගන්න හැදුවත් සිද්ධ වුණේ අලි ජරමරයකි. උළුවස්ස පොඩිය. අයියා මලෝ එකතු කරගෙන දන්න සෙල්ලම් දැම්මත් සෝෆාව ගෙට ගන්න තියා හිතා ගන්නවත් බැරිවිය. මනාලයාට දෙලෝ රත්විය. කරපු මෝඩකම තේරුම් ගියත් ලැජ්ජාවට කරන්න දේකුත් නැත. ආයි හරවලා යවන්න බැරිය.

‘උළුවස්ස කඩමු’ දෙවරක් නොසිතූ ඔහු ඒ රෑම බාස් කෙනෙකු අල්ලාගෙන වැඬේට බැස්සේ ගෙදර අයගේ විරෝධය පවා තඹේකට මායිම් නොකරමිනි.

බිත්ති පිටින්ම උළුවස්ස බිම දැමු මනාලය සෝෆාව ගෙට ගත්තේ මම කොහොමත් මේ උළුවස්ස ලොකු කරන්න හිටියේ යැයි ගෙදර අයටද ඇසෙන්නට කියමිනි.

සෝෆාවේ වැඬේනම් හරිය. නමුත් කඩපු තැන් හරිගස්සන්න මනලයාට දින ගාණක් කට්ට කන්න සිදුවිය. වෙච්ච ලැජ්ජාව වහගන්න හැදුවත් මනාලයාගේ කැකිල්ලේ තීන්දුව ලැව් ගින්නක් වගේ පැතිර අන්තිමේ මනාලියගේ ගෙදර උදවියගේ කන්වලට ගිහින් තිබිණි. තාම මගුල් කාලත් නැතිලු. දැන් බැංකුවේ යාළුවෝ පවා ඔහුට කතා කරන්නේ හලෝ ‘සෝෆා’ කියලාලු.

සුරංග පෙරේරා.

මම ඔය වෙබ් කාරයෝ ගැන කාතාකරන්නවත් කැමති නෑ මම කට කතාවලට පොඩ්ඩක්‌වත් බය නැහැ පොඩි බ්‍රේක්‌ එකක්‌ අරගෙන ඉන්නේ

මම ඔය වෙබ් කාරයෝ ගැන කාතාකරන්නවත් කැමති නෑ මම කට කතාවලට පොඩ්ඩක්‌වත් බය නැහැ පොඩි බ්‍රේක්‌ එකක්‌ අරගෙන ඉන්නේ

කොහොමද රිතූ ජීවිතේ?

වරදක්‌ නෑ. සතුටින් සැහැල්ලුවෙන් බොහොම සරලව ගෙවිල යනව.

පසුගිය කාලෙ නාලිකා බදු අරගෙන හිටපු නිසාද දැන් පේන්න නැත්තෙ?

ඇත්තටම එහෙම වුණේ මම රඟපාපු ටෙලි නාට්‍ය කීපයක්‌ එකපාර චැනල් කීපයක විකාශය වුණ නිසා. මටත් වෙලාවකට හිතුනා මෙහෙම ගිහින් ප්‍රේක්‍ෂකයන්ට මාව එපාවෙයිද කියලත්. ඒ නිසා මමම හිතල පොඩි බ්‍රේක්‌ එකක්‌ ගත්තා.

වැඩිපුර කැමති මොනවගේ චරිතවලටද?

විශේෂයක්‌ නෑ. මට ගැලපෙන ඕනම චරිතයක්‌ කරන්න මම කැමතියි. රංගන ශිල්පිනියක්‌ විදියට එකම චරිතෙකට කොටුනොවී එකකට එකක්‌ වෙනස්‌ චරිත ලැබෙනවට මම ගොඩක්‌ කැමතියි.

චරිතයන් භාරගන්නෙ මොන වගේ කොන්දේසි උඩද?

ඕනම චරිතයක්‌ ලැබුණම අදාළ අධ්‍යක්‍ෂවරයා සමගත් නිර්මාණයට සම්බන්ධ අනෙක්‌ අයත් එක්‌කත් කතා කරල තීරණ ගන්නට ඇරෙන්න එහෙම ලොකුවට කොන්දේසි දාගන්නෙ නෑ. මොකද මම කවදත් කැමති ජනප්‍රිය නිළියක්‌ වෙන්න නෙවෙයි. චරිතාංග නිළියක්‌ වෙන්න.

ටෙලි නාට්‍යවලට වැඩි ඉඩක්‌ දෙන්නෙ සිනමාවට ආරාධනා නැති නිසාද?

මෙහෙමයි මම ෆීල්ඩ් එකට ආවෙත් පුංචි තිරය හරහනෙ. ඒ නිසාද දන්නෙ නෑ වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ ටෙලිනාට්‍යවලට. ඒ නිසා ඒවට වැඩි ඉඩක්‌ වෙන් කරන්න වෙලා තියෙනව. ඉදිරියේදී සිනමාවට ආරාධනා ලැබෙයි කියල හිතනව. එදාට සිනමාව වෙනුවෙන් ඉඩ වෙන් කරන්න මම ලෑස්‌තියි.

නපුරු දඩබ්බර චරිතවලට ඔබ දක්‍ෂයි කිව්වොත්?

එහෙම කියන්නෙ උතුම් පැතුම් නාට්‍යයේ වරුණිගෙ චරිතය. නිසා වෙන්න ඕන. ඒ රංගනයේ මගේ දක්‍ෂතාවක්‌ දැක්‌ක කියන්නෙ මම චරිතය හරියට කරපු නිසානෙ. ඒ ගැන මට සතුටුයි. මම මාව දකින්නෙ හැම චරිතෙකටම දක්‍ෂ කෙනෙක්‌ විදියට. 

මෙතෙක්‌ රඟපෑ චරිත වලින් ඔබ වඩාත් කැමති ප්‍රේක්‍ෂකයන් වැඩිපුර කතාකරපු චරිතය මොකද්ද?

උතුම් පැතුම් නාට්‍යයේ වරුණිගෙ චරිතය බොහෝ දෙනාගෙ කතාබහට ලක්‌වුණා ඒත් ඔය කාරණා දෙකම තියෙන්නෙ කාසිවත්තෙ චුක්‌කිගෙ චරිතයෙ. ඒ චරිතෙට මම ගොඩක්‌ කැමතියි.

රිතු කියන්නෙ පූර්ණකාලීන රංගන ශිල්පිනියක්‌?

ඔව්. අනිවාර්යයෙන්ම කලාව කියන්නෙ නිදහස්‌ නිරවුල් මනසකින් නියෑළෙන්න ඕන වෘත්තියක්‌. වෙන වෙන දේවල් පටලව ගත්තොත් මේක හරියට කරන්න බැරි වෙයි කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා මේ වෙනකොට මම කලාවට කැපවුණ පූර්ණකාලීන රංගන ශිල්පිනියක්‌.

ජනප්‍රියත්වය හිසරදයක්‌ වුණ වෙලාවලුත් ඔය අතරෙ ඇති නේද?

කවදාවත් නෑ. මම මේ තැනට ඇවිත් තියෙන්නෙ මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයො නිසා කියන එක මම හොඳටම දන්නව. රංගන ශිල්පිනියක්‌ විදියට මට ආදරය කරන හැමෝටම මමත් ආදරෙයි. ඒ නිසා මට ඒ අයගෙ ආදරය ප්‍රතිචාර කවදාවත් හිසරදයක්‌ වෙලා නෑ.

නව පරපුරේ කට සැර රංගන ශිල්පිනියක්‌ විදියටත් ඔබ ප්‍රසිද්ධයි

කටනම් පොඩ්ඩක්‌වත් සැර නැහැ. ඒත් අසාධාරණයට විරුද්ධවනම් ඕනම වෙලාවක මම කතා කරන කෙනෙක්‌. ෆීල්ඩ් එකේ රැඳෙන්න එහෙම නැතිනම් වෙනත් වරප්‍රසාද ලබන්න වැරදි දේ අනුමත කරන කෙනෙක්‌ නෙමෙයි රිතු කියන්නෙ. ඇත්ත සහ හරි දේ කතා කරල කට සැර කෙනෙක්‌ විදියට ප්‍රසිද්ධ වීම ඇත්තටම සතුටක්‌.

වේදිකාවෙ යමක්‌ කරන්න අදහසක්‌ නැද්ද?

වේදිකාවට මම ගොඩක්‌ ආසයි ආදරෙයි. ඒ වගේම වේදිකාවට මට ආරාධනා ලැබිලත් තියෙනව. ඒ සඳහා කාලය වෙන් කරන්න තියෙන අපහසුව තමයි එකම බාධාව. මොකද කරන දේ හරියට කැපවීමෙන් කරන්න ඕනනෙ. කොහොම වුණත් මේ අවුරුද්දෙ වේදිකාවට ගොඩවෙන්න සැළසුමක්‌ තියෙනවා.

අද තියෙන වෙබ් අඩවි ගැන රිතූට මොකද හිතෙන්නෙ?

කාගෙ හරි දුකක්‌ වේදනාවක්‌ අසරණකමක්‌ මාකට්‌ කරල මුදල් උපය ගන්නත් එහෙම නැත්නම් කාටහරි මඩක්‌ ගහල අපහසුවට පත්කරල හිට්‌ වෙන්න හදාගත්තු දෙයක්‌ විතරයි. එහෙම නැතුව මේවයින් කාටවත් හොඳක්‌ වෙනව දකින්නට ලැබෙන්නෙ නැති නිසා මම ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ.

 

ක්‍ෂේත්‍රයේ දඟකාර චරිතයක්‌ වූ ඔබ කටකතාවලට බයද?

අයියෝ කටකතාවලට නම් මම පොඩ්ඩක්‌වත් බය නෑ. ඒත් ගෑනු ළමයෙක්‌ විදියට නම කැත කරගන්නෙ නැතුව ඉන්න පරිස්‌සම් වෙනවා.

 තියෙන ජනප්‍රියත්වයත් එක්‌ක ලැබෙන ආදර යෝජනා එමටයි කියන්නෙ ඇත්තද?

ජනප්‍රිය වුණ හින්ද නෙමෙයි ගෑනු ළමයෙක්‌ නිසා ටිකක්‌ වැඩිපුර ආදර යෝජනා එනවා ඒක ඉතින් සාමාන්‍ය දෙයක්‌නෙ. ඒත් ඉතින් පිළිගන්න පුළුවන් තරමෙ යෝජනාවක්‌ තාම නම් මේ රිතුට ලැබිල නෑ හොඳේ.

ධම්මික හේවාවසම්

ඡායාරූප – ඉරේෂ් ජයංග ඩයස්‌  

බිරිඳ, නැන්දම්මා, ඇතුළු හයදෙනකු ඝාතනය කරන්න බත්පතට වස දැමූ පුද්ගලයාට දුන් දඩුවම මෙන්න

බිරිඳ, නැන්දම්මා, ඇතුළු හයදෙනකු ඝාතනය කරන්න බත්පතට වස දැමූ පුද්ගලයාට දුන් දඩුවම මෙන්න

තම බිරිඳ, නැන්දම්මා ඇතුළු පුද්ගලයින් හය දෙනකු ඝාතනය කිරීමේ අදහසින් තම නිවසේ රාත්‍රි බත්පතට කෘමිනාශක මිශ්‍රකර මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවකුට (විත්තිකාර සැමියාට) බරපතළ වැඩ ඇතිව වසර 12ක සිරදඬුවම් නියම කළ බස්‌නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා එම විත්තිකරු වරද පිළිගැනීම සැලකිල්ලට ගෙන එම සිර දඬුවම වසර 5ක කාලයට අත්හිටුවීමට නියෝග කළේය.

ඊට අමතරව එම සිද්ධියට මුහුණු දුන් පැමිණිලිකරුවන් හය (6) දෙනාට එක්‌ අයකුට රුපියල් 25,000 බැගින් රුපියල් ලක්‌ෂ 1 1/2 ක වන්දියක්‌ ගෙවීමටද විත්තිකරුට නියෝග කළේය. ඊට අමතරව රුපියල් 7500 ක දඩයක්‌ද නියම විය. මිනීමැරීමට තැත්කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරු වූයේ ටී. වසන්ත කුමාර කරුණාතිලක (50) නැමැත්තාය. ඔහු 2007 අප්‍රේල් මස 18 වැනි දින කටාන ආඬිමුල්ලේ ඔහුගේ නිවසේදී එම අවස්‌ථාවේ නිවසේ සිටි විත්තිකරුගේ බිරිඳ නැන්දම්මා සහ බිරිඳගේ සොහොයුරියගේ දරු සිව්දෙනා ඝාතනය කිරීමට නිවසේ බත්පතට කෘමිනාශක මිශ්‍රකිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටියේය. රජයේ අධිනීතිඥ විශ්ව විඡේසූරිය මහතා පැමිණිල්ල මෙහෙයවීය. විත්තිය වෙනුවෙන් නීතිඥ මහේෂ් වෑවිට මහතා පෙනී සිටියේය.

මීගමුව සමූහ – විමල් කීර්ති

බ්‍රිතාන්‍ය අධිකරණය ලවා බ්‍රිගේඩියර් ප්‍රියංක අත්අඩංගුවට ගැනීමට උත්සහයක්

බ්‍රිතාන්‍ය අධිකරණය ලවා බ්‍රිගේඩියර් ප්‍රියංක අත්අඩංගුවට ගැනීමට උත්සහයක්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍ය අධිකරණය ලවා අත්අඩංගුවට ගැනීමට දියත්කර තිබූ මෙහෙයුමක තොරතුරු දැන් අනාවරණය වී ඇත.

බ්‍රිගේඩියර්වරයා ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණීමට පැය කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය අර්ජුන් ෂිවනාදන් නමැති නීතිවේදියකු ලවා බ්‍රිගේඩියර්වරයා ද්‍රවිඩ ජනතාවට මරණීය තර්ජනය කළ බව දක්‌වමින් නඩුවක්‌ ගොනු කිරීමට සැළසුම් කර තිබුණි.

එහෙත් බ්‍රිගේඩියර්වරයා ශ්‍රී ලංකන් ගුවන් සේවා යානයකින් හීත්‍රොa ගුවන් තොටුපළෙන් පිටත්වූ බව සැළවීමත් සමඟම ඩයස්‌පෝරාවේ සැළසුම ව්‍යර්ථවී ඇත. හීත්‍රො ගුවන් තොටුපළේද ඊළාම්වාදීහු රැසක්‌ සේවය කරති.

මේ අතර බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන් පෙරේදා (24 දා) අග්‍රාමාත්‍ය තේරේසාමේගේ කාර්යාලය ඉදිරියේ කොටි ඩයස්‌පෝරාවට එරෙහිව විරෝධතාවක්‌ පවත්වා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

රජ සිරිත බිඳිමින් කේට් කුමරිය නැවතත් ගැබ් ගනී තෙවැනි දරු උපත නිවසේදී මෙන්න මුළු බ්‍රිතාන්‍යයම කැලැබූ විශ්මිත කතාව

රජ සිරිත බිඳිමින් කේට් කුමරිය නැවතත් ගැබ් ගනී තෙවැනි දරු උපත නිවසේදී මෙන්න මුළු බ්‍රිතාන්‍යයම කැලැබූ විශ්මිත කතාව

මහා බ්‍රිතාන්‍යයේ රජ පවුලේ සුරතල් දඟකාර ජෝර්ජ් කුමරුගේ සහ චාලට් කුමරියගේ තනි නොතනිය මකා දැමීම සඳහා තවත් සමාජිකයෙකු එක් වීමට නියමිතව තිබේ. ඒ අනුව ඔටුන්න හිමි විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් තුන්වැනි වරටත් මව්පියන් වීමට යන බව වර්තමානයේ බ්‍රිතාන්‍ය මාධ්‍ය තුළ ප්‍රචලිත පුවතක් බවට පත් ව තිබේ. මුළු ලොවක් කේට් දෙස අවධානයෙන් බලා සිටින්නේ නුදුරු දිනයකදීම මෙළොවට බිහි වීමට නියමිත දරුවා කෙබඳු ස්වරූපයක් ගනී ද යන්න පිළිබඳව ය. ඒ පිළිබඳව ලෝකයේ සුප්‍රකට වෙබ් අඩවි මේ වන විට විවිධ තොරතුරු වාර්තා කර ඇත.

උපත බක් මාසයේ

ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් කුමරියගේ තුන් වන දරුවා මෙම වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රසූත කිරීමට සුදානම්ව සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරනු ලබයි. තුන්වන වරටත් ගැබිණියක් වු බව දැනගත් මුල් කාලසීමාවේ දී කේට් කුමරියහට උදෑසන කාලයේ දී විවිධ සංකූලතා ඇති විය. සාමාන්‍යයෙන් ඹ්නෑම ගැබිණි කාන්තාවකට මෙම අවධියේ දී සංකූලතාවයන් ඇති වුවත් කේට්ගේ තත්ත්වය තරමක් ප්‍රබල වී ඇත. ඇයට ඇති වු සංකූතාවන් මුල් කාල සීමාවේ දී වැඩිවන්නට පටන් ගත් හෙයින් නියමිත නිල කටයුතුවලින් මඳක් ඈත්ව සිටීමට තීරණය කර ඇත.

බ්‍රිතාන්‍යයේ මහ රැජිනගෙන් පසුව රජ පවුලේ කිසිදු යුවළකට දරුවන් දෙදෙනෙකුට වඩා සිට නැත. එහෙයින් බිහි වීමට නියමිත කේට්ගේ දරුවා වඩාත් සුවිශේෂී බව රාජකීය පවුලේ මාධ්‍ය වාර්තා කරනු ලබයි.

විලියම් කුමරුගේ අදහස

පසුගිය පෙබරවාරි 11 වන දින රාත්‍රියේ දී කෙන්සිංටන් මාළිගයේ පැවති උත්සවයකදී විලියම් කුමරු සිය පවුල් ජීවිතය ගැන විවෘතව කතා කර ඇත. එහිදී ඔහු අමුත්තන්ට පවසා සිටියේ “අපේ තුන්වන දරුවා අප්‍රේල් මාසයේදී අප අතර එන්නට නියමිත බවත් මේ වන විට මට හැකි තරම් නින්දක් ලැබෙනවා.” යනුවෙන් ය.අලුතෙන් පවුලට එක්වීමට සිටින සාමාජිකයා ගැන බලාපොරොත්තු සහිතව සිටියත් විලියම් කුමරු තව දුරටත් කියා සිට ඇත්තේ, “දෙදෙනෙක් හොඳයි. තුන්දෙනා සමඟ සාර්ථකව කටයුතු කරන්නේ කෙසේදැයි මම දන්නේ නැහැ. මම ස්ථිරවම වෙහෙසට පත්වේවි.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන ආකාරයට කේට් රාජකීය සම්ප්‍රදාය බිඳ දැමීමට සූදානම්ව සිටී. ඒ මන් ද යත් ඇය තම තුන්වන දරුවා කෙන්සිංටන් මාළිඟාවේ හෝ සැන්රින්ගම් වත්තෙහි ප්‍රසූත නොකර නිවසේ දී සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින නිසාවෙනි. ජෝර්ජ් කුමරා සහ චාලට් කුමරියගේ උපත සිදු වුයේ ලන්ඩනයේ ශාන්ත මරිය රෝහලේ දී ය. එහෙත් කේට් කුමරිය තම තුන් වන දරුවාගේ උප්පත්තිය ලබන ස්ථානය වෙනස් කිරීමට සුදානම් වීම මේ වන විට මුළු ලෝකයේම කුතුහලයට බඳුන් වී ඇත. ඒ කෙසේ වුවත් රාජකීය පවුලට පැමිණීමට නියමිත අමුත්තාගේ උපත කුමන ස්ථානයේ සිදු වේද යන්න පිළිබඳව නිශ්චිතව ම කිව නොහැකි බව මාධ්‍ය වාර්තා කරයි.

දොළදුකට අච්චාරු

කේට් කුමරිය ජෝර්ජ් කුමරු කුස තුළ සිටිය දී හත් වන මාසය වන විට දී නිර්මාංශ ආහාර ගැනීමට කැමැත්තක් දැක්වු බව හෙලෝ වෙබ් අඩවියෙහි සඳහන් වේ. එමෙන් ම ඇය අමු එළවළු වර්ගවලින් සකසන ලද සලාද වර්ග ආහාරයට ගැනීමට කැමැත්තක් දැක්වුවත් පසු කාලයේ දී කුළුබඩු යොදා සකස් කර ගත් ( Spicy curry) වලට දැඩි කැමැත්තක් දක්වන ලදී.‍ දරු ප්‍රසූතිවලට පෙර කාල සීමාව තුළදී ඇය නිවසේ පිසින ලද එළවළු ව්‍යංජන ආහාරයට ගන්නට ප්‍රියතාවක් දැක්වු බව හෙලෝ වෙබ් අඩවියෙහි තවදුරටත් සඳහන් කර තිබේ. වරෙක කේට් කුමරිය තම මාළිගාවට රැගෙන ආ අච්චාරු වර්ගයකට ප්‍රියතාවක් දැක්වූවාය. ඒ අනුව ඇය තමන්ට අච්චාරු කෑමට අවශ්‍ය බව මාළිගයේ තම පෞද්ගලික සේවකයෙකුට දැනුම් දී තිබේ. අවසානයේ දී ඇගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අච්චාරු කෑමට ඇයට අවස්ථාවක් නොලැබී ඇති බව ස්ටා සඟරාවේ සඳහන් විය.

මානසික සුවය

තම තුන්වන දරු පිළිසිඳ ගැනීම පිළිබඳව දැන ගත් දිනයේ සිට කේට් කුමරිය තම මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම කෙරෙහි දැඩිව ආසක්ත විය. ඒ අනුව ඇය මුළු ලෝකයේම ජනයා දැනුවත් කිරීම පිණිස මානසික සෞඛ්‍ය වර්ධනය කිරීමේ වැඩසටහනකට සහභාගී විය. කුඩා, තරුණ සහ වැඩිහිටි ජනයාගේ මානසික සෞඛ්‍ය මනාව රඳා පවත්නා ආකාරය කෙසේ ද? යන්න පිළිබඳව වීඩියෝ පටයක් ආශ්‍රියෙන් දැනුවත් කිරීම සදහා කේට් කුමරිය තම උපරිම දායකත්වය දැක්වූවාය.

මේ මානසික සෞඛ්‍ය වර්ධන වැඩසටහන ට බ්‍රිතාන්‍ය යේ තරුණ සහ වැඩිහිටි ජනයා යහපත් ප්‍රතිචාර දක්වන ලදී.මානසික සෞඛ්‍ය පිළිබඳව අප දිනපතා සිතා බලා කටයුතු කළ යුතු ය යන්න කේට් කුමරිය විසින් සිදු කළ ප්‍රකාශය මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වු බව වුමන් හෙල්ත් වෙබ් අඩවිය සඳහන් කර තිබේ. විශේෂයෙන් ම බ්‍රිතාන්‍යයේ රජ පවුලේ කුමරියක් මානසික සෞඛ්‍ය කෙරෙහි දැක්වු ආකල්පය පිළිබඳව වර්තමානයේ දී මිනිසුන් විවිධ අදහස් පළ කරනු ලබයි.

මෙම වසරේ පෙබරවාරි මාසයේ මුල් සතියේ දී කේට් කුමරිය සහ විලියම් කුමරු නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝහි රාජකීය පවුල සමඟ දිවා ආහාරය භුක්ති විඳ පිළිසඳරේ යෙදුණි. පෙබරවාරි පළමුවන දින නිල් පැහැති Séraphine නමැති ඇඳුම ඇගේ සිරුරේ නම්‍යශීලීබව වඩාත් ඉස්මතු කරන ලදී. ඉන් පසු ඇය Bebe coat,MaxMara coat,

Max Mara Studio coat, යනාදී ඇයට ආවේණික වු විලාසිතාවන්ට අනුව නිර්මාණය කරන ලද කෝට් ඇඳුම් වර්ගවලින් සැරසී සිටියා ය. අනෙකුත් රාජකීය කුමරියන්ට සාපේක්ෂව කේට් කුමරිය සතුව පවතින විලාසිතා මුළු ලෝකයේම කාන්තාවන්ගේ අවධානයට ලක්ව තිබෙන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.