ලංකාවේ පාතාලයේ මුල් පුරුකක් වන මරුවා සමඟ වාසය කළ මරු සිරා නොහොත් දේද්දුව ජයතුංගලාගේ සිරිපාල ගේ කිසිවකු නොදත් ජීවන කතාව මෙන්න

ලංකාවේ පාතාලයේ මුල් පුරුකක් වන මරුවා සමඟ වාසය කළ මරු සිරා නොහොත් දේද්දුව ජයතුංගලාගේ සිරිපාල ගේ කිසිවකු නොදත් ජීවන කතාව මෙන්න

ඔබ ‘සිරිපාල සහ රන් මැණිකා’ හෝ ‘මරුවා සමග වාසේ’ යන සිනමාපට එකක් හෝ නරඹලා තිබෙනවා නම් මරු සිරා ගැන නොදැන සිටින්න බැහැ. මෑතකාලීන ලාංකේය ඉතිහාසයේ ආන්දෝලනාත්මක චරිතයක් ලෙසට සැලකෙන ඔහු වඩාත් ප්‍රකට වුනේ බන්ධනාගාර වලින් පලා යාම හේතුවෙනුයි.

දේද්දුව ජයතුංගලාගේ සිරිපාල හෙවත් ‘මරු සිරා’ උපත ලැබූ වර්ෂය ලෙස සඳහන් වන්නේ 1948 වසරයි. පන්නිපිටියේ උපන් නමුත් ඔහු රටම හඳුනාගන්නේ අනුරාධපුරය ප්‍රදේශයේ සිදුකළ අපරාධ හේතුවෙනුයි. සිරිපාල 1975 වසරේ අගෝස්තු 5 වැනිදා බෝගම්බර බන්ධනාගාරයේ දී එල්ලා මරා දමනු ලැබූ අතර ඒ වන විටත් ඔහු 27 හැවිරිදි වියේ පසු වීම විශේෂත්වයයි.  

සිරිපාලට මරණ දඬුවම ලැබීමට හේතුව ලෙස සැලකුණේ මනුෂ්‍ය ඝාතන දෙකක් සිදු කිරීම ලෙස නඩු වාර්තාවන්හි සටහන්ව තිබෙනවා. කෙසේ වෙතත් ඔහු එල්ලා මැරුවාද මරා එල්ලුවාද යන්න පිළිබඳ එවකට පමණක් නොව මෙවකටද සමාජයේ යම් කුකුසක් ඇති බව ප්‍රකට කරුණක්. මියගිය සිරිපාල එල්ලූ බව ඔහුගේ බිරිඳ වූ රන් මැණිකා පවා ප්‍රකාශ කරන අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහු එල්ලා මරා දැමීමට පෙරදින රාත්‍රියේ නිදි පෙති පානය කර සිය දිවි නසා ගත් බවයි. ඒ සඳහා සිර ගෙදර සිටි ‘කිටී’ නමැති බළලාගේ ගෙලෙහි තිබූ පටියක සඟවා තිබුණු නිදි පෙති යොදා ගත් බවත් පැවසෙනවා.

එසේම බන්ධනාගාර නිලධාරීන් ඔහු පලා යාම වැළක්වීමට හෝ ගැටුමක් ඇති වීම වැළක්වීමට ඔහුට නිදි පෙති හෝ එවැනි යමක් ලබා දී ඇති බවටත් ඇතැමුන් සැක කරනවා. නාහෙට නාහන දඩබ්බරයකු වූ සිරිපාලට අනෙක් සිරකරුවන් පමණක් නොව බන්ධනාගාර නිලධාරීන්ද බියක් දැක්වූ බව පැවසෙන අතර තමා එල්ලීමට පැමිණෙන නිලධාරීන්ද සමග තමා මරාගෙන මැරෙන බව හඟවන ප්‍රකාශයක් ඔහු විසින් ඊට පෙර දිනයේ බන්ධනාගාරය තුළදී ප්‍රසිද්ධියේ පැවසූ බවත් සඳහන් වෙනවා.

සිරිපාල සම්බන්ධ පළමු සිදුවීම වාර්තා වන්නේ ඔහුගේ පාසල් සමයේදී යි. පාසලේ මිතුරකු සමග වූ දබරයක් බ්ලේඩ් ප්‍රහාරයකින් විසඳූ සිරිපාල ඊට විරුද්ධ වූ සිය සොයුරා සමගද ගැටුණු අතර එය අවසන් වුනේ සිරිපාල විසින් නිවස අසල ඇති දෙල් ගසක් නිවස මතට කපා දමා නිවසෙන් පලා යාමත් සමගයි.

අනුරාධපුරයේ ජීවිතය කුලී වැඩ වලින් ඇරඹු සිරිපාල කෙමෙන් වඩාත් ලෙහෙසියෙන් මුදල් සෙවීම සඳහා ගැට කැපීමට සහ විවිධ සොරකම් වලට යොමු වූ අතර කෙටි කලකින්ම විවිධ දුරාචාර වල කප්පිත්තෙකු වූ සිරිපාල දිනපතා මත්පැන් පානය සඳහා පැමිණියේ වැන්දඹු කාන්තාවක් විසින් පවත්වාගෙන ගිය කසිප්පු තිප්පොලකට යි.

එම කාන්තාව පසුකලෙක සිරිපාලගේ බිරිඳ බවට පත් වූ රන් මැණිකා වූ අතර ඇය ඔහුට වඩා වැඩිමහලු වීම මෙන්ම එවකට පස්දරු මවක් වීමද විශේෂත්වයක්. රන් මැණිකා සිරිපාලට සමීප වීමට එක් හේතුවක් වූයේ සිය සැමියාගේ සොයුරා වූ සිමන් නමැත්තාගෙන් විඳීමට සිදු වූ ගැහැටවලින් බේරීම සඳහා බවත් පැවසෙනවා. සීමන්ද කසිප්පු ව්‍යාපාරයේ නිරතව සිටි අයෙක්.

සීමන් සහ සිරිපාල අතර ගැටුමේ ප්‍රතිපලයක් ලෙස සීමන් විසින් වෙල්ලියා නම් පුද්ගලයකු සිරිපාල මරා දැමීමට යෙදවූ අතර ඔහු සිරිපාල ඉදිරියේ එම සැලසුම හෙළි කිරීමේ ප්‍රතිපලය වුනේ කෝපයට පත්වූ සිරිපාල ගේ තුවක්කුවෙන් පත්තු වූ උණ්ඩයට බිලි වෙමින් සීමන් මහමගදී ඝාතනය වීමයි.

ඉන්පසු පොලිසියෙන් බේරීමට ගමෙන් පලා යන සිරිපාල නැවත හොරෙන් ගමට පැමිණ රන් මැණිකාගේ දුක සැප විමසුවේ ඔහු සැබවින්ම ඇයට ආදරය කල බැවිනුයි. සිරිපාල මරා දැමු අනෙක් පුද්ගලයා පියදාස නම් කසිප්පු ව්‍යපරිකයායි. සිරිපාලගේ මිතුරකුට පියදාස පහර දීමෙන් කෝපයට පත්වන සිරිපාල පියදාසට තර්ජනය කරන අතර එය දෙපාර්ශවය අතර ගැටුමක් බවට පත් වන්නේ ලෙයට ලෙය ඉව අල්ලමිනුයි.

පියදාස තමා මරා දැමීමට පිරිසක් සමග පැමිණෙන බව දැනගන්නා සිරිපාල මග රැක සිට පියදාසට වෙඩි තබා ඔහුගේ පිරිවරද පන්නා හරින්නේ පළාතේ තමාට ඉහළින් යාමට කිසිවකුත් නොමැති බව පසක් කරමිනුයි. කෙසඟ සිරුරකින් යුතු නමුත් සිරිපාල ශක්තිවන්තයකු බව ප්‍රකට කරුණක්. වරක් බස් රියදුරකු සමග වූ ගැටුමක් අවසන් වී ඇත්තේ සිරිපාල විසින් හිස් බස් රිය තනිවම අසල වෙලකට තල්ලු කිරීමෙන් බව පවසා ඇත්තේ ඔහුගේ බිරිඳ වූ රන් මැණිකායි.

එම සිදුවීම් නිසා යුතු සිරිපාල මරු සිරා බවට පත්වන අතර තවත් අයුරකින් ඔහු ජනප්‍රිය වන්නේ පපුවේ කොටා තිබූ පච්චය වන ‘මරුවා සමග වාසේ’ යන අකුරු පෙළ හේතුවෙනුයි. පොලිසියෙන් කට්ටි පනිමින් කැලයේ සැඟ වී සිටි සිරිපාලට සොරෙන් කෑම බිම ලබා දීමට රන් මැණිකා කටයුතු කළ අතර, එය සිරිපාල නීතියේ රැහැනට හසු විමට හේතුවක්ද වුනා. සිරිපාල වරක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සොරෙන් රන් මැණිකාගේ නිවසට පැමිණ රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී යි.

බන්ධනාගාරයේදී නිර්භයව අසාධාරණයට එරෙහි වූ සිරිපාලට අනෙකුත් සිරකරුවන්ද ගෞරව කළේ ඔහු සතුව තිබු එඩිතරකම හේතුවෙනුයි. බන්ධනාගාරය තුළ නිලධාරීන් සමග නිරන්තරව ගැටුණු ඔහු වාර කිහිපයකදී සියදිවි නසා ගැනීමට තැත් කළ බවද පැවසෙනවා. ඒකනායක නම් පොලිස් නිලධාරියකු නිරන්තරව සිරිපාලට දැඩි ලෙස කරදර කෙරුවෙක් බව පැවසෙන අතර, ඔහු ඒ සඳහා තම හිතවත් බන්ධනාගාර නිලධාරීන් මෙන්ම සිරකරුවන්ද යොදා ගෙන තිබෙනවා. ඒ හේතුවෙන්ම වරෙක සිර මැදිරියේ බල්බය කෑ ඔහු තවත් වරක බෙලෙක් පිඟානක් දෙකට කඩා ඉන් උදරය කපා ගෙන සිය දිවි නසා ගැනීමට තැත් කර තිබෙනවා. 

බෝගම්බර සිර ගෙය මහජන ප්‍රදර්ශනයට විවෘත කළ අවස්ථාවේ මාරු සිරා ලියා තැබූ සටහන නැරඹීමට පැමිණි රන් මැණිකා සිතේ තද කරගෙන සිටි වේදනාව ඉතා සංවේදී ලෙස කඳුලින් පිට කළ අයුරු

සිරිපාල තෙවරක් සිරෙන් පැන ගොස් ඇති අතර ඉන් එක්වරක් ඔහු පැන යන්නේ තමාට දාව රන් මැණිකා විසින් බිහි කළ දරු පැටවාගේ මුහුණ දැක ගැනීමේ ආශාව හේතුවෙනුයි.

මිය යන මොහොත දක්වා සිය බිරිඳ සහ දරු පැටවාට මුළු හිතින්ම ආදරය කළ සිරිපාල සිය මරණයට පෙරදා තම සිර කුඩුවේ බිත්තිය මත එය සිය අකුරෙන්ම මෙසේ සටහන් කර තිබෙනවා.

රන් මැණිකා මගේ ළඟ සිටි එකම පණ
හෙට උදයේ අටට නිම වෙයි මගේ පණ
අහිතක් නොහිතන්න මා යන ගමන ගැන
දරුවා සමග ඔබ යහතින් සිටිනු මැන

සිය මරණයෙන් පසු රන් මැණිකා රැක බලා ගැනීම සිරිපාල විසින් භාර කර ඇත්තේ සිරගෙදර සිටි සිය හොඳම මිතුරකු වන ධර්මදාස වෙතටයි. සිරිපාලගේ ඉල්ලීම පිට ඔවුන් දෙදෙනා පසුව එක්වූ බවත් ධර්මදාස විසින් රන් මැණිකා රැක බලාගත් බවත් සඳහන්.

පෙර සඳහන් කළ ලෙස සිරිපාලගේ චරිතය ඇසුරෙන් ‘සිරිපාල සහ රන් මැණිකා’ සහ ‘මරුවා සමග වාසේ’ යන නම් වලින් සිනමාපට දෙකක් නිර්මාණය වූ අතර, පිළිවෙලින් එම සිනමාපට වල ප්‍රධාන චරිත නිරූපණය කරනු ලැබුවේ රවින්ද්‍ර රන්දෙණිය සහ විජය කුමාරතුංග විසිනුයි.

මූලාශ්‍ර dinamina.lk  – www.divaina.com

ලබන්නා වූ බක් මාසයේ මුල් සතිය ඔබට සුබද..? අසුබද…? 2018 අප්‍රේල් 01 සිට 07 දක්වා සතියේ ලග්න පලාපල මෙන්න

ලබන්නා වූ බක් මාසයේ මුල් සතිය ඔබට සුබද..? අසුබද…? 2018 අප්‍රේල් 01 සිට 07 දක්වා සතියේ ලග්න පලාපල මෙන්න

මේෂ – හිතමි තුරු ආශ්‍රය ලැබේ

තමාගේ වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කර ගැනීමේදී හිත මිතුරු ආශ්‍රය ලැබිම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. මිල මුදල් ලබා ගැනීමට මාර්ගයන් කිහිපයක් මතු කළ හැකි බැවින් ඒ සම්බන්ධව ක්‍රියා කළ යුතුය. ගෙදරදොර කටයුතු ඉතා යහපත් අන්දමින් ඉටුකර ගනී. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අය අලුත් විෂයයන් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. තරුණ තරුණියන් අතර අලුත් හිත මිත්‍රතා වර්ධනය වේ. විටෙක වැඩිහිටි විරෝධතා ඉස්මතු කළ හැක. උෂ්ණාධික රෝග, උදරාශ්‍රිත පීඩා, වැටීම්, තැළීම් තුවාල යනාදියෙන් ප්‍රවේශම් වන්න.
ජය වර්ණය : රතු, ජය අංකය :09

වෘෂභ – බාධා සහිතයි

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටින් විට බාධා, අවහිරතා, ගැටලු ඉස්මතු කළ හැක. කෙසේ වුවත් විටින් විට කරගෙන යන කටයුතුවල කිසියම් ප්‍රගතියක් උදාකර ගනී. මිල මුදල් ලැබිම අතින් ශුභදායක බවක් උදා කළත් වියදම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් වන්න. ගෙදරදොර කටයුතුවලදී සමගිය, සාමයට බාධා එල්ල විය හැකි බැවින් කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ පමණක් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් විය යුතුයි. විටෙක සංකීර්ණ රෝගාදියට ඉඩ මතු කළ හැකි බැවිනි.
ජය වර්ණය : නිල්, ජය අංකය : 06

මිථුන – සමපලයි

අමුතු අලුත් දේවල් පිළිබඳ ඉගෙනීමට කටයුතු සැලසේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී කිසියම් දියුණුවක් ලබා ගනී. අමුතුවෙන් ආරම්භ කරන කටයුතුවල කිසියම් දියුණුවක් ලබයි. වෘත්තීය අංශයේ දී කෙසේ වුවත් අන්‍යයන්ගේ ආධාරයද, උපකාරයද ලැබේ. මිල මුදල් ලැබිම අතින් යහපත් වුවද, විටෙක අනපේක්ෂිත සිද්ධීන් තුළ වියදම් පක්ෂය ඉහළ යයි.
මිල මුදල් පාලනයට විශේෂ වැඩපිළිවෙළක් කිරීමට සිදු වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනී.
ඒ ස්වකීය උත්සාහය සහ කැපවීම තුළිනි. ගෙදරදොර කටයුතු කරගෙන යාමේදී තරමක් ප්‍රවේශම් සහිත වන්න. ස්නායුගත රෝග, නහර දුර්වලතා මතු කළ හැක.
ජය වර්ණය :කොළ,ජය අංකය :05

කටක – වියදම් අධිකයි

මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ඉතාමත් ප්‍රවේශම් විය යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැක. අනපේක්ෂිතව හට ගන්නා සිද්ධීන් තුළ වියදම් ඉහළ යා හැකි අතර ණයතුරුස්වීමේ ඉඩක්ද පවතී.
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී හා උසස් නිලධාරින් සමග කටයුතු කිරීමේදී තරමක් සැලකිලිමත් විය යුත්තේ ය. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ.
දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුත්තේ ය. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය:ක්‍රීම්පාට, ජය අංකය :02

සිංහ – මිතුරන් තමා පැමිණේ

ස්ථිර ගති සහ ස්ථිර සැලසුම් තුළ කටයුතු කරමින් වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික ලාභ ලබයි. මිල මුදල් ලැබිම අතින් අයහපත් නොවේ. ආදායම් ලැබුණද වියදම් පක්ෂය තරමක් ඉහළ යයි. ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් තරමක් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් බාධා අවහිරතා ඉස්මතු කළ හැකි බැවිනි. තමාගේ දරුවන් ගැන සැලකිලිමත් වන්න. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සලසා ගනී. ආගමික අංශයට නැඹුරුවීම තුළ සහනයක්ද ලබයි.
ජය වර්ණය :රතු, ජය අංකය : 01

කන්‍යා – බලා‍පොරොත්තු ඉටු වේ

ගෙදර දොර කටයුතු මෙන්ම යුග දිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් බාධා ප්‍රමාදතාවන්ට ඉඩ නැත්තේද නොවේ. ඉවසීමෙන්ද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල නියුක්ත වීමේදී ඔබේ කටයුතුවලට බාධා ඉස්මතු කළත් අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනු ඇත. මිල මුදල් ලැබිමේදී යහපත්ය. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත් වේ. ලාභ ප්‍රයෝජන ලැබේ. ආගමික සහ සමාජයීය කටයුතුවල යෙදීම තුළ සහනයක්ද සැනසීමක්ද ලබයි.
ජය වර්ණය:කොළ,ජය අංකය : 05

තුලා – මිශ්‍රපලයි

මිල මුදල් ලැබිම සම්බන්ධයෙන් විශේෂ තත්ත්වයක් හිමි වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් සාර්ථක ප්‍රතිඵල උදා කර ගනී. ආදායම් ලැබුණද යම් යම් කටයුතුවල ඉස්මතු වීම තුළ වාසි සහගත තත්ත්වයක්ද උදාකරයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී තරමක් කල්පනාකාරී වන්න. විටෙක ආකූල ව්‍යාකූලතාවන්ට ඉඩ මතු කළ හැකි බැවිනි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමගිය, සාමයට බාධා, අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵල ලබයි. ඉගෙනීමේ කටයුතුවල යෙදී සිටින අය ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ ක්‍රියා කළ යුතුයි.
ජය වර්ණය:නිල්,ජය අංකය :06

වෘෂ්චික – අලුත් මිතුරන් ඇති වේ

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. විවිධ අංශයන්ට නැඹුරුවීම තුළ ආර්ථික වාසි ලැබිය හැක. වෙළෙඳ ව්‍යාපාරවල යෙදීසිටින අයට ශුභදායක වේ. ලාභ ප්‍රයෝජන අත්පත් වේ. කෙසේද වුවත් මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් වන්න.
ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය, සාමය සුරක්ෂිත වේ. අලුත් මිතුරන් ඇති වේ. ඔවුන්ගෙන් විශේෂ ඵල ප්‍රයෝජන ලැබිය හැක. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් විය යුතුයි. වැටීම්, තැලීම් තුවාල පීඩාදියට ඉඩ පවතී.
ජය වර්ණය : රතු, ජය අංකය :09

ධනු – සමපලයි

ඇතැම් කටයුතුවලදී සුළු වශයෙන් වුවද මිල මුදල් ලාභ ලැබිමේ ඉඩ පවතී. නොඑසේ නම් ස්වකීය උත්සාහය තුළ ආදායම් මාර්ග වැඩිදියුණු කරගත හැක. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී ඉවසීමෙන් ක්‍රියා කරන්න. දෝෂාරෝපණයන්ට ඉඩ මතු කළ හැකි බැවිනි. ගෙදරදොර කටයුතුවලදී සමගිය, සාමයට බාධා එල්ල විය හැකි නිසා තරමක් ඉවසීමෙන්ද, බුද්ධිමත්වද කියා කළ යුතුයි. නොඑසේ නම් සමගියට බාධා එල්ල විය හැක. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කල්පනාකාරී වන්න. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට ශුභදායකයි. ගමන් බිමන්වලදී ප්‍රවේශම් විය යුතුයි. වැටීම්, තැලීම් තුවාල අනතුරු පීඩාදියට ඉඩ පවතින බැවිනි.
ජය වර්ණය:රන්වන්,ජය අංකය :03

මකර – තත්ත්වය උසස් වේ

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගනී. අලුත් කටයුතු කිහිපයකට හිත යොමුවන අතර ඒ සම්බන්ධයෙන් සැලසුම් කිහිපයක්ද සකස් වේ. උසස් අයගේද ඉහළ නිලධාරින්ගේ ද ආධාරය, උපකාරය ලැබේ. ඒ තුළ තමාගේ කටයුතු ලෙහෙසියෙන් සිදුකර ගනී.
වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ලාභ ප්‍රයෝජන අත්පත් වේ. ගෙදරදොර කටයුතු යහපත්ය.සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් වන්න.
ආගමික සහ සමාජයීය අංශයන්ට නැඹුරු වීම තුළ සහනයක්ද සැනසීමක්ද ලබයි.

ජය වර්ණය : නිල්, ජය අංකය :08

කුම්භ – මිශ්‍රපලයි

තම කටයුතු කරගෙන යාමේදී විටින් විට බාධා අවහිරතා ඉස්මතු වේ. ඒ තුළ උසස් නිලධාරින් සමග කටයුතු කිරීමට යාමේදී දෝෂාරෝපණයන්ට ලක්විය හැක. වෘත්තීය සහ රැකියා ක්‍ෂේත්‍රයේ දී උනන්දුවෙන්ද කැපවීමෙන්ද යුතුව ක්‍රියා කළ යුතුයි. ආර්ථික වශයෙන් ශුභදායකයි. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන ගෙන දේ. ගෙදර දොර කටයුතු යහපත්ය. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු ගැන අවධානයෙන් සිටිය යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සලසාගත හැක. උෂ්ණාධික උදරාශ්‍රිත රෝග, සෙම් කෝප මුල් වූ රෝගාදියට ඉඩ පවතී.
ජය වර්ණය : නිල්, ජය අංකය :06

මීන – ප්‍රවේශම් වන්න

වෘත්තීය සහ රැකීරක්ෂා අංශයේදී වුවද විටින් විට බාධා අවහිරතා ගැටලු ඉස්මතු විය හැකි බැවින් ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. දෝෂාරෝපණයන්ට ලක්විය හැකි බැවිනි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී වඩාත් කල්පනාකාරී වන්න. වියදම් පක්ෂය ඉහළ යන අතර ණය තුරුස්වීමේ ඉඩක්ද පවතින බැවිනි. ගෙදරෙදාර කටයුතුවලදී විටින් විට සමගිය සාමයට බාධා එල්ල විය හැකි බැවින් කල්පනාකාරී වන්න. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. තමාගේ සෞඛ්‍ය ගැන ප්‍රවේශම් වන්න. උෂ්ණාධික රෝග, ‍ලේ දූෂ්‍යාබාධ බලපෑ හැකි බැවිනි.
ජය වර්ණය:රන්වන්,ජය අංකය : 03

ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී
ජී.ඇම්. ගුණපාල

රටම හොල්ලන දකුණේ පාතාලේ මහ කෙරුමා මාකදුරේ මධූෂ්ගේ පාතාලේ කෙරුම් සහ මිනිස් දඩයම පටන්ගත් හැටි

රටම හොල්ලන දකුණේ පාතාලේ මහ කෙරුමා මාකදුරේ මධූෂ්ගේ පාතාලේ කෙරුම් සහ මිනිස් දඩයම පටන්ගත් හැටි

පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපාලනය අතර ඇත්තේ ගසට පොත්ත සේ එකිනෙකට බැඳී පවතින සබඳතාවකි. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන්නකු සතුව ඕනෑවටත් වඩා මුදල් තිබේ. එහෙත් එයට එන අභියෝග මැඩලන්නට නම් යම් මැර බලයක් අවශ්‍ය වේ. පාතාලය ඔවුන් පවත්වාගෙන යන්නේ ඒ වෙනුවෙනි. එසේම නීතියෙන් පැමිණෙන බාධා ඉවත් කරගැනීමට නම් දේශපාලන හයියක් අවශ්‍ය වේ. දේශපාලකයකු ළංකර ගන්නේ ඒ වෙනුවෙනි.

දේශපාලකයා සමඟ ගනුදෙනු පවත්වාගෙන යාමට ඔවුහු මුදල් වැය කරති. දේශපාලකයාට ද තමන්ගේ මැතිවරණ ජයග‍්‍රහණයන් වෙනුවෙන් වැය කිරීමට කොපමණ මුදල් තිබුණත් ප‍්‍රමාණවත් නැති තරම්ය. ඒ නිසා ඔවුන්ට කාගෙන් මුදල් ලැබුණ ද භාරගනු ඇත. එසේම දේශපාලකයාට ද ප‍්‍රතිවිරුද්ධ කණ්ඩායම් මර්දනය කරගැනීමට පාතාලයේ සහාය අවශ්‍ය වේ. ඇතැම් දේශපාලක​ෙයා් ද යහමින් මුදල් සෙවීමට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙති.

පාතාලයේ උදව් ලබාගන්නා දේශපාලකයන්ට ඔවුන්ගේ රහස් වැඩි ප‍්‍රමාණයක් දන්නා පාතාලයන් අභියෝගයක් වන අවස්ථා ද මතු වේ. ඔවුන්ගෙන් තමන්ගේ රහස් හෙළිවනු ඇතැයි යන බියක් ද ඇතැම් අවස්ථාවල ඇතිවේ. ඒ නිසා දේශපාලකයන් විසින් තමන්ට උදව් කළ පාතාලයන් ඝාතනයට පෙළඹුණ අවස්ථා ද පවතී. ඒ සඳහා ඔවුන් නැවත වෙනත් පාතාල කණ්ඩායමක සහාය ලබාගනු ඇත. මේ ආකාරයට දේශපාලකයෙක් පාතාලයේ පිහිට ලබාගැනීම කොටි වලිගයක් අල්ල ගත්තා වැනිය අත්ඇරිය නොහැකිය.

අත්ඇරීමට නම් තවත් එවැනිම කෙනකු ළං කරගත යුතුය. කෙසේ වුව ද සදාකාලිකවම පාතාලය ළඟින් සිටිනු ඇත. එසේම පාතාලයන්ට දේශපාලකයන් ඇණයක් වන අවස්ථා, ඔවුන්ගෙන් තමන්ට අවශ්‍ය දේ ඉටුකරගන්නට නොහැකි අවස්ථා ද මතු වේ. එවැනි දේශපාලකයකු ඝාතනය කිරීමට එවිට අදාළ පාතාල නායකයන් කටයුතු කරනු ඇත. මෙලෙස විවිධ හේතු මත එකිනෙක බැඳී පවතින මේ සබඳතාව බිඳීම පහසු නැත. දේශපාලකයාගේ රැකවරණය හා ආශිර්වාදය ලැබෙන තාක් පාතාලය සම්පූර්ණයෙන් නැති කිරීම සිහිනයක් පමණක් වනු ඇත.

කලින් කලට අපේ රටේ සාමාන්‍ය ජනතාවට විවිධ භීෂණයන්ට ලක්වන්නට සිදුවිය. වසර තිහක්ම යුද්ධය නිසා භීතියට පත් වූ ජනතාව අසූව දශකයේ ජවිපෙ හා එකල පැවැති ආණ්ඩුවේ ගැටුම මත ඇති වූ භීෂණයට ද මුහුණ දුන්හ. මේ සියලු භීෂණයන් අවසන් කළ පසු සුදු වෑන් සංස්කෘතිය තුළ සමාජය භීෂණයට ලක්වූහ. එය ද අවසන් විය. එහෙත් දැන් යළිත් භීෂණයක් පැමිණ තිබේ. ඒ පාතාල භීෂණයයි. පාතාල භීෂණය අද ඊයේ ඇති වූවක් නොවුණ ද එය යටපත්ව තබාගැනීමට ඇතැම් ආණ්ඩු සමත් විය. පසුගිය කාලය තුළ උදෑසනට අවදිවන්නකු ගුවන් විදුලියට සවන් දෙන්නේ අද කවුරු මරලා ද දන්නේ නෑ යනුවෙන් ඝාතනයට ලක්වූවන් ගැන දැනගැනීමේ අදහසින් යැයි කිවහොත් එහි වරදක් නැත.

අද දවසේ පාතාලය ගැන කතා කරන විට කාගෙත් මුවගට නිතැතින් නැඟෙන නාමය මධූෂ්ය. මධූෂ්ට ද අවශ්‍යව ඇත්තේ එයමය. ලාංකීය පාතාල ලෝකයේ ‘ගෝඩ් ෆාදර්’ වීම ඔහුගේ සිහිනය වී ඇති බව පෙනෙන්නට තිබේ. කලක් ඔහු දකුණ හොල්ලාගෙන සිටියේ දකුණේ අණසක පතුරුවාගෙන සිටි කොස්ගොඩ සුජී සමඟ ගැටෙමිනි. මේ දෙදෙනාම තමන්ගේ බලය තහවුරු කරගැනීමට උත්සාහ කළේ විදේශගතව සිටිමිනි. ඒ සඳහා මධූෂ් දකුණේ තවත් පාතාල කණ්ඩායම්වල සහාය ලබාගත්තේය. කොස්ගොඩ සුජී ද තමන්ගේ බලය පතුරා ගැනීම සඳහා සමයංගේ සහාය ලබාගත්තේය.

දෙදෙනාම හොරොයින් ජාවාරම තදින්ම පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ය. දකුණේ බලය අල්ලා ගැනීම සඳහා දෙදෙනා අතර පැවැති ගැටුම නිසා කලක් දකුණ භීතියෙන් ඇලළී ගියේය. සමයංගේ ඝාතනයත් සමඟ මේ ගැටුම් තවත් උත්සන්න විය. එහෙත් දැන් ඒ ගැටුම් පරාජය කරමින් ඉහළට එසවී සිටීමට මධූෂ්ට හැකියාව ලැබී තිබේ. අද රටේ සිදුවන පාතාල ක‍්‍රියාකාරකම් හා ඝාතනයන් බොහොමයක් පිටුපස සිටින්නේ කඹුරුපිටියේ මධූෂ් බව පොලිස් වාර්තා මගින් කියැවේ.

පොලිසියට ද තර්ජන එල්ල කරන තරමටම තර වී සිටින කඹුරුපිිටියේ මධූෂ් හෙවත් සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත උපතින් පාතාලයෙක් නොවන බව කවුරුත් දන්නා ඇත්තය. එසේ නම් ඔහු පාතාල නායකයකු වුණේ කොහොම ද? ඩැනී හිත්තැටිය ඝාතනයේ සිට කොස් මල්ලී ඝාතනය දක්වා මධූෂ්ගේ ගමන කුමක් ද? ඔහුට පාතාලයකු සේ හැදී වැඩෙන්නට කිරි පෙව්වේ කවුද? මේ ඇත්ත තිත්ත වුණත් අපට එය කතා කිරීමට සිදුව තිබේ. ඒ යළිත් වතාවක් රට පාතාලයන්ට යන්නට ඉඩ හැර තිබේ ද? යන ගැටලුවක් දැන් දැන් මතුවෙමින් පවතින නිසාය.

මධූෂ් උපන්නේ මාතර කඹුරුපිිටියේය. ඔහු සිය මව, පියා හා එකම සහෝදරයා සමඟ අගහිඟකම් පිරී ගියත් සතුට රැඳී තිබුණ තම පුංචි කැදැල්ලේ සුරතල්ව හැදී වැඩුණේය. පාසල් යාමට පටන් ගත් තැන් පටන් හොඳින් අධ්‍යාපනය හැදෑරූ ඔහු ඉඳහිට දඟකාරකම් ද නොකළා නොවේ. මේ පුංචි කැදැල්ලට කණ කොකා හැඬුවේ 88-89 භීෂණ සමයත් සමඟය.

මධූෂ්ගේ මව එකල තහනම් දේශපාලන කාර්යයක නියැළී සිටිතැයි ආරක්ෂක අංශවලට ඔත්තු ලැබිණ. සැබැවින්ම ඇය එවැනි දේශපාලනයක නිරත වූ බවට තොරතුරක් නැතත් ආණ්ඩුවට එරෙහිව දේශප්‍රෙ‌්මී සංවිධානය විසින් සංවිධානය කළ රැස්වීමකට ගමේ අය ද සමඟ ඇයට ද සහභාගී වන්නට සිදුවිය. එයට සහභාගී වී ආපසු එමින් සිටියදී රජයට එරෙහිව ගියැයි රජයේ ආරක්ෂක අංශ විසින් තැබූ වෙඩි ප‍්‍රහාරයකින් මධූෂ්ගේ මව ඝාතනයට ලක්වන්නේ අට හැවිරිදි මධූෂ්ට හා තවමත් අවුරුදු හයක්වත් නොවූ ඔහුගේ මල්ලීට ද මවකගේ රැකවරණය ආදරය අවශ්‍යම මොහොතකය.

එතැන් සිට මධූෂ් හා මල්ලි ගැන සොයා බැලුවේ පියා හා ලොකු අම්මාය. පියා නිශ්චිත රැකියාවක් නොකළ අතර කුලී වැඩ කරමින් ඉපයූ සොච්චම් මුදලින් ඔහු දරුවන් රැක බලාගත්තේය. මවගේ මරණින් වසර කීපයකට පසු පියා වෙනත් විවාහයක් කරගත් පසු මධූෂ්ලාගේ සම්පූර්ණ වගකීම ලොකු අම්මා මත පැටවිණ.

මධූෂ් ඉගෙන ගැනීමට ද අදක්ෂ දරුවෙක් නොවීය. එසේම ඔහු අහිංසක තැන්පත් දරුවකු ද නොවීය. නිතරම අනෙකුත් දරුවන් සමඟ රණ්ඩු කරගත්තේය. ඒ නිකම්ම නොවේ. තමන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිවය. තමන්ට කරන හතුරුකම්වලට එරෙහිවය. පියාගේත් මවගේත් රැකවරණය අහිමි වූ ඔහු ටිකෙන් ටික හිතුවක්කාර දරුවකු වන්නට පටන් ගත්තේය. එහෙත් ලොකු අම්මා ඔහුව පාසල් යැවීම නැවැත්වූයේ නැත. ඔහු ද ඉගෙනීම අත්හලේ නැත.

එහෙත් ලොකු අම්මාට ඇගේ පවුලේ ප‍්‍රශ්නත් තිබියදී තමන් හා මල්ලි වෙනුවෙන් වැය කිරීම අපහසු බව මධූෂ්ට වැටහිණ. ඒ නිසා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් මධූෂ් පසුව කුලී වැඩ කර ජීවිකාව ගැටගසා ගන්නට වෑයම් කළේය. පාසල් දිවිය හමාර කළ ඔහු ලී මඬුවක කුලියට වැඩ කරන්න පටන් ගත්තේය. කලක් මෙසේ කුලී වැඩ කළ මධූෂ් පසුව ලී ඉරන කුඩා මැෂිමක් අත් කරත්තයක පටවාගෙන තැනින් තැනට ගොස් ලී ඉරන්නට විය. ඔහු ජංගම ලී ඉරන පට්ටලය ලෙස කා අතරත් ප‍්‍රසිද්ධ වූයේ මේ නිසාය.

ගම්වල එදිනෙදා කටයුතුවලට පොඩි ගසක් කපා ගන්නා අයෙක් ඒ ලී ටික ඉරාගන්න නගරයේ මෝලට අරන් යනවාට වඩා මධූෂ්ගේ ජංගම පට්ටලයෙන් ලී ඉරා ගැනීමට පුරුදු විය. එය නගරයට යනවාට වඩා ඔවුන්ට ආර්ථික වශයෙන් ලාභයක් ගෙන දෙන්නක් වගේම කාලය ද ඉතිරි කරන්නක් විය. මේ වැඩේට මධූෂ්ට ලී මෝල් හිමියන්ගෙන් තර්ජන ගර්ජන ද එල්ල නොවූවා නොවේ. එසේම ඔහුට උදව් කළ මෝල් හිමියෝ ද වූහ. මධූෂ් තර්ජන ගර්ජනවලට මුහුණ දෙන්නට තරම් ශක්තිමත් විය.

පාසල් වයසේදී ද එතරම්ම අහිංසකයෙක් නොවූ මධූෂ් මේ අභියෝගවලට මුහුණ දෙන්නට ද සැරසුණේය. ඒ තමන්ට චණ්ඩි පාට් දාන අයට බය නැතිව පෙරළා චණ්ඩි පාට් දැමීමෙනි. එසේම තමන්ට උදව් කළ අයට ද ඔහු දෙවියන්ට මෙන් සැලකුවේය. එදා මධූෂ්ට අවශ්‍ය වුණේ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමට පමණි.

මෙවැනි කටයුතුවල නිරත වීම පහසු කටයුත්තක් නොවේ. විශේෂයෙන්ම තරුණ වයසේදීම මෙතරම් භාරදූර කාර්යයක නියැළීම තුළින් ඔහුව අත්දැකීම්වලින් පෝෂණය වන්නට ඇත. ඒ අත්දැකීම්වලින් තෙම්පරාදු වන ඔහුට තව තවත් සමාජයට මුහුණ දෙන්නට ශක්තිය ලැබෙන්නට ඇත. එසේම මෙවැනි වෘත්තියක නියැළෙන තරුණයකු ලෙස ඔහුට සමාජයේ විවිධ තරාතිරමේ අය ආශ‍්‍රය කරන්නට සිදුවන්නට ද ඇත.

මධූෂ් විවාහකයකු නොවන බවටත් ඔහු වැඩියෙන්ම කැමැති අනියම් සබඳතාවලට බවටත් බොහෝ දෙනා අතර මතයක් පවතී. එහෙත් ඇත්තටම මධූෂ් අවිවාහකයකු නොවේ. ජංගම ලී මෝලක හිමිකරුවකු වූ මේ කඩවසම් තරුණයාගේ ආදරය දිනා ගන්නට සමත් වූ තරුණියක් ද ගමේ සිටියාය. කඩවසම් තරුණයකු වූ මධූෂ්ට අකැමැති වීමට හේතුවක් ඇයට නොවිණ.

එසේම ඒ වනවිටම ගමේ කාගෙත් මඟුලකට මරණයකට සම්බන්ධ වූ කාගෙත් දුකට සැපට ළඟින් සිටි මධූෂ්ගේ අත ගන්නට ඇතැම් කෙල්ලෝ පොරකන අවස්ථාවක ඇය කුමකට පස්සට යන්න ද? එකල පාසල් යන වයසේ පසු වූ ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව රජයේ රැකියාවක් ලබාගන්නට සමත් වූවාය. අනතුරුව ඇය මාතර මහරෝහලේ සාත්තු සේවිකාවක වූවාය. මධූෂ් හා ඇය විවාහ වූයේ ඉන් අනතුරුවය. ඒ ජීවිතය ද හොඳින් ගත විය.

තම රැකියාවේදී ඇතැමුන් සමඟ ගැටුම් ඇති කරගන්නට සිදුවුව ද ඒවා ඔහු පුංචි කැදැල්ලට ප‍්‍රශ්නයක් වන්නට ඉඩ තැබුවේ නැත. ආදරයෙන් පිරි කැදැල්ල ඔහුට සැනසුම ගෙන දුන්නේය. ඔවුන්ගේ සතුට දෙගුණ තෙගුණ කරමින් කැදැල්ලට පුංචි කුරුලු පැටියෙක් ද එක් විය. කැදැල්ල සතුටින් පිරී ගියේය.

මධූෂ්ට යාළුවන්ගෙන් ද අඩුවක් නොවිණ. විවිධ තරාතිරමේ යහළුවන් ඒ අතර විය. ඇතැමෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් සමඟ සම්බන්ධ වී සිටියහ. ඇතැමෙක් චණ්ඩීන් වූහ. ඒ අතර සමහරෙක් බස්රථවලින් කප්පම් ගැනීමට පුරුදුව සිටියහ. මේ ඇසුරේ කෙළවර වූයේ මධූෂ් ද බස්රථවලින් කප්පම් ගන්නා කල්ලියක සාමාජිකයකු වීමෙනි. මෙලෙස කප්පම් කල්ලියක සාමාජිකයකු බවට පත්වීමත් සමඟ මධූෂ්ගේ ජීවිතය වෙනස්ම පැත්තකට ගලායන්නට විය.

මධූෂ් සතුව වූ ආක‍්‍රමනශීලී හැකියාව නිසාම කෙටි කලකින් ඔහු තමන්ගේම කප්පම් කණ්ඩායමක් මෙහෙයවන නායකයකු බවට ද පත් විය.

එකල කප්පම් කල්ලි අතර ගැටුම්වලට ද මධූෂ් මැදිහත් විය. ක‍්‍රමයෙන් මධූෂ් ප‍්‍රදේශයේ නම ගිය චණ්ඩියකු බවට පත් විය. මුදල් ලැබෙන්න ලැබෙන්න තව තවත් ඒ කෙරෙහි ලොබ බැඳගත් මධූෂ් සිය කණ්ඩායම් මෙහෙයවා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන් ද කප්පම් ගන්නට පටන් ගත්තේය. එපමණකින් නොනැවතී අවි ආයුධ පෙන්වා මිනිසුන් බිය ගන්වා කොල්ලකෑමේ ද නිරත විය.

මේ හැසිරීම් නිසා මධූෂ්ට නිතර නිතර අත්අඩංගුවට පත් වන්නට සිදු විය. එකල මධූෂ්ගේ නමින් අධිකරණවල නඩු නොපැවරූ පොලිසියක් නොමැති තරම්ය. රක්ෂිත බන්ධනාගාරගත වන මධූෂ් යළි එළියට එන්නේ තමන්ගේ කාර්යය කරගෙන යා හැකි තවත් චණ්ඩියකු දෙන්නකු හඳුනා ගනිමිනි. ඉන්පසු ඔවුන්ගේ ද සහාය තම කණ්ඩායමට එක්කර ගැනීමට මධූෂ් සමත් විය. මධූෂ් අතින් සිදුවූ පළමු ඝාතනය ගැන චෝදනාව නැගෙන්නේ මෙලෙස සිය කප්පම් කල්ලිය වැඩිදියුණු කරගනිමින් එය යහමින් පෝෂණය කරගනිමින් යද්දීය.

මධූෂ් අතින් මිය ගිය පළමු පුද්ගලයා කවුද? ඒ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටිය මහතා යැයි සිතෙන්නට පුළුවන. ඒ මධූෂ්ගේ නමට තිබෙන ප‍්‍රසිද්ධම පළමු ඝාතන චෝදනාව එය වන නිසාය. එහෙත් ඔහුගේ පළමු ඝාතනය එය නොවේ. එලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ කප්පම් ඉල්ලා සිටියදී ඒවා ලබාදීමට මැළි වූ ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බවය පොලිස් වාර්තා පෙන්වා දෙන්නේ. ඒ සම්බන්ධයෙන් ද මධූෂ් අත්අඩංගුවට පත්විය. එහෙත් ඔහු ඒ සියලු චෝදනාවලින් නිදහස් විය. ඒ ඇසින් දුටු සාක්ෂි නොමැති වීමෙනි.

ඒ වනවිට මධූෂ්ට දේශපාලන සම්බන්ධතා ද ගොඩනැගී තිබිණ. ඒ දේශපාලන සබඳතා ද ඔහුගේ සහායට සිටියා වන්නට ඉඩ ඇත. අදත් දේශපාලනයේ නියැළෙන දකුණේ ප‍්‍රබල දේශපාලනඥයෝ කීපදෙනෙක්ම මධූෂ් සමඟ සබඳතා පවත්වන බව කඹුරුපිටියට පමණක් නොව දකුණටම ප‍්‍රසිද්ධ රහසකි.

මධූෂ් ඇයි ඩැනී හිත්තැටිය මහතා ඝාතනය කළේ? ඒ පිළිබඳව අප ලබන කලාපයෙන් කතා කරමු.

මුදිතා දයානන්ද

ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ සරාගී නිළියන් ගන්නා ගාන මෙන්න ලංකාවේ නිලියෝ කැලේ

ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ සරාගී නිළියන් ගන්නා ගාන මෙන්න ලංකාවේ නිලියෝ කැලේ
ඉන්දියාවේ නිළියො ගන්න ගාන අපේ නිළියක්ට දුන්නොත් ඕන වැඩක් කරන්න පුළුවන් වේවි

රංගනය වෙනුවෙන් කෝටි ගණනක් සටහන් වන චෙක්පත්වලට හිමිකම් කියන සුපිරි නිළියන් කිහිප දෙනකු ම බොලිවුඩ් පුරයේ සිටිනවා මේ බලන්නකෝ ඒ අය ගන්න ගාන

අඩනිරුවත් වෙනවා කියන එක වැරදි දෙයක් නෙවෙයි මට වඩා කොටට අදින අය කොච්චරනම් ලංකාවේ ඉන්නවද පියුමි හංසමාලි

අඩනිරුවත් වෙනවා කියන එක වැරදි දෙයක් නෙවෙයි මට වඩා කොටට අදින අය කොච්චරනම් ලංකාවේ ඉන්නවද පියුමි හංසමාලි

කාලෙන් කාලෙට විවිධ සිද්ධි හරහා පියුමි කරළියට එනවා. අඩ නිරුවත පිළිබද පියුමි මාධ්‍යයට කියලා තිබුණේ මේ වගේ කතාවක්.

පියුමි අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දාන එක දරුවෙක් ඉන්න මවක් විදිහට ගැලපෙනවද..?

මම කරන්නේ මට හරි කියලා හිතෙන දේ.. අනිත් අයට ඕන විදිහට මම මගේ දේවල් කරන්න ඕනද..? මම විතරද කොටට අඳින්නේ.. මට වඩා කොටට අදින අසංවර අය කොච්චර ඉන්නවද..

ඒ අය ගැන කවුරුත් කතා වෙන්නේ නෑ.. හැබැයි මම ප්‍රසිද්ධ නිසා මම ගැන තමයි කතා වෙන්නේ.

ඒත් දරුවට ඒ දේවල් ගැලපෙන්නේ නෑ නේද..? දරුවට මේවා නිසා විවිධ කතා අහන්න වෙනවා ඇතිනේ..

නැහැ.. එයා යන්නේ ජාත්‍යන්තර පාසලකට.. එයාට ඒ දේවල් ගැටලුවක් නැහැ. එයත් කියනවා මම කොටට අදිනකොට අම්මි මේවා කොටයි නේද කියලා.. එතකොට මම කියන්නේ ඔයාගේ අම්මා අවුරුදු 25 ක පුංචි කෙල්ලෙක් කියලා. ඒවට එයා හිනා වෙනවා.

දැන් අඩනිරුවත් මියුසික් වීඩියෝස් දකින්න ලැබෙනවා වැඩියි.. මේ ගැන පියුමි දරන්නේ මොන වගේ මතයක්ද..?

අඩනිරුවත් වෙනවා කියන එක වැරදි දෙයක් නෙවෙයි.. මම කොටට අඳිනවා. හැබැයි මම කැමරාවක් ඉදිරියේ නිරුවත් වෙන්නේ නැහැ..

මෙන්න ලංකාවෙන් තවත් ලෝක වාර්තාවක් 2017 දී නරක පින්තූර වැඩිම ප්‍රමාණයක්‌ අන්තර් ජාලයට එක්‌ කළ රට ශ්‍රී ලංකාවයි ගූගල් ආයතනයේ සෙක්‌ අංශය කියූ කතාව මෙන්න

මෙන්න ලංකාවෙන් තවත් ලෝක වාර්තාවක් 2017 දී නරක පින්තූර වැඩිම ප්‍රමාණයක්‌ අන්තර් ජාලයට එක්‌ කළ රට ශ්‍රී ලංකාවයි ගූගල් ආයතනයේ සෙක්‌ අංශය කියූ කතාව මෙන්න

2017 වර්ෂයේ ලෝකයේ වැඩිම පිරිසක්‌ නරක පින්තූර අන්තර් ජාලයට එක්‌ කළ රට ශ්‍රී ලංකාව යෑයි ගූගල් ආයතනයේ සෙක්‌ අංශය මගින් වාර්තා කොට ඇතැයි රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වන මෘදුකාංග ඉංජිනේරු පැතුම් බුද්ධික මහතා පසුගිය 13 දා අනුරාධපුර පිහිටි කාන්තා පිහිට මධ්‍යස්‌ථානයේදී ලෝක කාන්තා දිනය නිමිත්තෙන් පැවැත්වූ දේශනයකදී පැවැසීය.

එහිදී වැඩිදුරටත් කතා කළ පැතුම් බුද්ධික මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගේ පරිගණක දැනුම සමස්‌තයක්‌ වශයෙන් සියයට 38 ක්‌ බවයි. ඉන් පුරුෂ පක්‍ෂයේ අය සියයට 89 ක්‌ බවත් කීය. ශ්‍රී ලංකාවේ අප සිටින්නේ ඉතා නොදියුණු තාක්‍ෂණයක බව යෑයි හැඳින්විය.

අන්තර් ජාලය ප්ලාස්‌ත් එකට (උණුවතුර බෝතලයකට) සමාන කරමින් පැමිණ සිටි පිරිස දැනුවත් කළේය. ලංකාවට අන්තර්ජාල පහසුකම් 1980 වර්ෂයේ ලැබුණ අතර එය 1995 වර්ෂය දක්‌වා අක්‍රිව තිබුණ බවත් හැඳින්විය. අන්තර් ජාලයට ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා නම යෙදුව බවත් වැඩිදුරටත් කීය.

දේශනයදී අන්තර් ජාලයේ ආරක්‍ෂාව පිළිබඳවත් මැල්වාය (වෛරස්‌) පිළිබඳවත් පරිගණක අපරාධ පිළිබඳවත් දරුවන්ට අන්තර් ජාලය පාවිච්චි කිරීමට ලබාදිය යුතු අන්දම පිළිබඳව හා සෑම විට දරුවන්ට තමන් ඉදිරියේ නැති මෘදුකාංගය මගින් නිවසේ සාලයේ පරිගණක පාවිච්චි කිරීමට ලබාදිය යුතු යෑයි අවධාරණය කළේය. විශේෂයෙන් සයිබර් හිංසනය පිළිබඳවත් වර්තමානයේ උද්ගතවී ඇති ෙµaස්‌ බුක්‌ ඇතුළු අනෙකුත් සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කර තිබෙන්නේ පෙර කී සමාජ හිංසනය නිසා බවද පෙන්වා දුන්නේය. එවැනි වරදවල් නොකොට යහපත් පුරවැසියන් හැටියට කටයුතු කරන ලෙසට උපදෙස්‌ දෙනු ලැබීය.

මෙම වැඩසටහන (යූ.එන්.ඩී.සී.) ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වූ අතර, අනුරාධපුර කාන්තා පිහිට මධ්‍යස්‌ථානයේ භාරකාරිනිය වන ආර්.පී.එස්‌. කුමාරි හේරත් මහත්මිය ඇතුළු කාර්ය මණ්‌ඩලය මෙය සංවි

රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය පැතුම් බුද්ධික

තඹුත්තේගම – සී.එම්. ආරියපාල

සා/පෙළ ප්‍රතිඵල නිකුත් වී පැය කිහිපයක් තුළ සිසුවිය දිවි නසාගෙන මෙන්න ඇය එසේ කරගැනීමට හේතුව

සා/පෙළ ප්‍රතිඵල නිකුත් වී පැය කිහිපයක් තුළ සිසුවිය දිවි නසාගෙන මෙන්න ඇය එසේ කරගැනීමට හේතුව

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කොට පැය කිහිපයක් ඉක්මයාමටත් ප්‍රථම එම විභාගයට මුහුණ දුන් සිසුවියක් ළිඳකට පැන දිවි නසාගැනීමේ ඛේදනීය සිද්ධියක් වාර්තා‍වේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පුදුකුඩුඉරිප්පු, කයිවේලි ප්‍රදේශයේ පදිංචි මුලතිව්, වල්ලිපුරම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශාන්තලිංගම් ආශියා නමැති 17 වියැති සිසුවියකි.

28 වෙනිදා රාත්‍රියේ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයෙන් පරීක්ෂා කළ අවස්‍ථාවේ සිට ඇය ඉතා කලකිරීමෙන් යුතුව නින්දට ගිය බවත් පසුදා අලුයම ඇය නිවසේ නොසිටි බැවින් හාත්පස සෝදිසිකර බැලූ විට ඇය ගෙවත්තේ ළිඳට පැන ඇතැයි යන සැකය පහළවීම නිසා ප්‍රදේශවාසීන් හා එක්ව ළිඳ පරීක්ෂා කිරීමේ දී ඇගේ මළ සිරුර එම ළි‍‍ඳෙහි තිබූ බවත් සිසුවියගේ මිත්තනිය පුදුකුඩිඉරුප්පු පොලිසියට ප්‍රකාශකොට තිබේ.

මෙම සිසුවියගේ පියා පසුගිය යුද සමයේ බෝම්බයකින් මිය ගිය පසු ඇගේ මව වෙනත් පුද්ගලයෙකු හා විවාහ වී පවුලෙන් පිටව සිටි බැවින් ඇය ඉන්පසු ජීවත්ව ඇත්තේ ඇගේ මිත්තනිය සමඟිනි.

මෙවන් විභාග ප්‍රතිඵල වලින් විශිෂ්ය ලෙස ජයග්‍රහණය කළවුන් හට මාධ්‍ය මඟින් අති ප්‍රාමාණික ප්‍රසිද්ධියක් ලබාදීම මුල්කොට තවත් සිසුසිසුවියන් විශාල ප්‍රමාණයක් දැඩි ඉච්ඡාභංගත්වයට සහ මානසික අවපීඩනයට පත්විය හැකි බව මනෝ වෛද්‍යවරුන්, අධ්‍යාපන මනෝවිද්‍යාඥයන් ඇතුළු පිරිස් විසින් නොයෙක්වර පෙන්වා දී තිබේ.

එස්.ටී.පී.සිල්වා

තරුණ තරුණියන් පන්සලේ ඉන්නේ නෑ කියලා වෙසක් හා ‍පොසොන් ‍පෝ දිනවල තොරණ ප්‍රදර්ශනය සම්පුර්නයෙම්ම තහනම්

තරුණ තරුණියන් පන්සලේ ඉන්නේ නෑ කියලා වෙසක් හා ‍පොසොන් ‍පෝ දිනවල තොරණ ප්‍රදර්ශනය සම්පුර්නයෙම්ම තහනම්

වෙසක් ‍පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඉතා වැදගත් මෙම ‍පොහෝ දිනවලදීත් තරුණ පිරිස පන්ස‍ලේ රැඳී නොසිටීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

සවස් කාලයේදී ආගමික වතාවත්වලට වැඩිහිටියන් කිහිප දෙනෙක් ඉතිරි වෙනවා මිස වෙනත් කවුරුවත් පන්සල්වල රැඳෙන්නේ නැතිකම නිසා සියලු තොරණ ‍පෝයට පසු දින සිට ප්‍රදර්ශනය කරන ලෙසට දන්වන බවද කියති.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් පිදුම් ලැබූ විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලසිරි හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් බළපිටිය පාතේගම කෝවිලවත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවැති උත්සවයකදී බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මේ බව හෙළි කළේය.

ජයකාන්ත ලියනගේ – බළපිටිය

ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි අවසානයේ ඔහු සනසන්න අසල සිටින්නේ ඔහුගේ පියා පමණයි මෙන්න එම සංවේදී වීඩියෝව

ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි අවසානයේ ඔහු සනසන්න අසල සිටින්නේ ඔහුගේ පියා පමණයි මෙන්න එම සංවේදී වීඩියෝව

ඔහු මෙලෙස කඳුළු සලමින් සමාව අයැද ඇත්තේ, වසරක තරග තහනමකට ලක්වීමෙන් පසුව සිය රටට පැමිණ පැවැත්වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

තම කණ්ඩායමේ ක්‍රීඩකයින් පන්දුව පළුදු කිරීමට අදාළ සිදුවීමේ සියලු වගකීම් තමා භාර ගන්නා බව ද ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් නායකයා එහිදී පවසා ඇත.

දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කළ බවට අනාවරණ විය.

පසුව හෙළි වූයේ, හිටපු නායක ස්ටීවන් ස්මිත් මෙන්ම උප නායක ඩේවිඩ් වෝනර් ද මේ පිළිබඳව දැනුවත්ව සිටි බවයි.

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඊයේ එම ක්‍රීඩකයින් තිදෙනාට තරග තහනමක් පැනවූයේ ඒ හේතුවෙනි

“එය මගේ නායකත්වයේ දුර්වලතාවයක්…. මට සමාවෙන්න…. මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි… මම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩා කිරිමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන්ට මං ආදරෙයි. ඔබ සැක සහිත තීරණයක් ගැනීම සිතන ඕනෑම වෙලාවක එය ඔබේ ආදරණීයයන්ට බලපාන ආකාරය ගැන සිතන්න… මගේ පියා සහ මව මේ ගැන වේදනා විඳිනු දැකීම දුකක්. ඇත්තටම මම ඔස්ට්‍රේලියාවට, මගේ ක්‍රීඩා ලෝලීන්ට, ජනතාවට ගෙන දුන් වේදනාව සම්බන්ධයෙන් සමාව අයැද සිටිනවා”

ක්‍රිකට් ක්‍රීඩක ස්මිත්ගේ කඳුලු දැක ලෝක ක්‍රිකට් තරු කියපු කතා මෙන්න “අඩුම තරමේ ඔහුට ශක්තියක් තිබෙනවා පිරිමියෙකු වගේ තමන් කළ වරද පිළිගන්න”

ක්‍රිකට් ක්‍රීඩක ස්මිත්ගේ කඳුලු දැක ලෝක ක්‍රිකට් තරු කියපු කතා මෙන්න “අඩුම තරමේ ඔහුට ශක්තියක් තිබෙනවා පිරිමියෙකු වගේ තමන් කළ වරද පිළිගන්න”

මම ඔහුට පණිවුඩයක් යැව්වා.ඔබට අවශ්‍ය නෑ කාටවත් එහෙම වෙනවා දකින්න.ඒ නිසා මං ඔහුට පණිවුඩයක් යැව්වා.අප එකිනෙකා අතර තවමත් විශාල ගෞරවයක් තිබෙනවා‘ යැයි දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩූ ප්ලෙසිස් ස්මිත්ගේ ට පවසයි.

නිමාවූ ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා තෙවන ටෙස්ට් තරඟයේදී වූ මෙම සිදුවීමට සමාව ඉල්ලමින් ඕස්ට්‍රේලියානු නායකයා ඊයේ හැඟුම්බර ප්‍රකාශයක්ද සිදු කලා

‘‘අඩුම තරමේ ඔහුට ශක්තියක් තිබෙනවා පිරිමියෙකු වගේ තමන් කළ වරද පිළිගන්න,නමුත් ඔහු මේ තරම් කඩා වැටිලා ඉන්නවා දකින එක හරිම කණගාටු දායකයි‘‘ යැයි හිටපු පාකිස්ථානු වේග පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් අක්තාර් පවසයි.

ස්ටීව් ස්මිත්ගේ හැඟුම්බර මාධ්‍ය හමුව පිලිබඳව ප්‍රවීණ ක්‍රීඩයන් ඇතුළු ක්‍රිකට් විචාරකයින් අදහස් පලකොට තිබූ අතර තමා ස්මිත්ට දැනටමත් සමාව දී ඇති බව ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන සන්ජේ මන්ජරේකාර් පවසයි .ක්‍රිකට් ක්‍රීඩකයන් ඔයිට වඩා නරක දෑ සිදුකර ඇති බවත් ඔවුන් කිසිදා එම වැරදි පිලිගෙන නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු එංගලන්ත නායකයෙකු වන මයිකල් වෝන්ද මේ සමබන්ධයෙන් අදහස් පලකර ඇත.ස්ටීව් ස්මිත් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් හොඳ පුද්ලයින් යැයි තමා සිතන බවත් ඔවුන්ට දෙවන අවස්ථාවක් හිමිවිය යුතු යැයිද ඔහු සඳහන් කරයි.

පියෙකු ලෙස තමා ස්ටීව් ස්මිත් හා ඔහුගේ පවුල පිළිබඳ කණාගාටු බව එංගලන්තයේ තවත් හිටපු ක්‍රීඩකයෙකු වන කෙවින් පීටර්සන් පවසා ඇත.

වසර ගණනාවක් තුල ඔබ ලබාගත් කීර්තිනාමය ඔබ ඔබ කරනා එක වංචනික වරදක් නිසා තත්පරයකින් නැතිවෙන්න පුළුවන් ඒ නිසා ඔබ කරනා දේට හැකිතාක් අවංක වන්න