අනාගතයේ මිනිසාට සිදුව්මට යන මහා විපත පිරිමියාට ශ්‍රක්‍රාණු අහිමිවෙයි 

අනාගතයේ මිනිසාට සිදුව්මට යන මහා විපත පිරිමියාට ශ්‍රක්‍රාණු අහිමිවෙයි

පුරුෂ ශ්‍රක්‍රාණු අඩුවීමේ වේගය හේතුවෙන් අනාගතයේදී මානවයා මෙලෙවින් තුරන් විය හැකි බවට ජෙරුසලම් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාඥයකු වන ආචාර්ය හැගායි ලෙවීන් මහතා අනතුරු අඟවා ඇත.

ආචාර්යවරයා මේ බව පවසන්නේ 1973 වර්ෂයේ සිට වසර 40ක කාලයක් පුරා කරන ලද පර්යේෂණ 185ක ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙනි.

අධ්‍යයනයෙන් පෙනීගොස් ඇත්තේ උතුරු ඇමරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ පුරුෂයින්ගේ ශුක්‍රාණු ප්‍රතිශතය වසර 40කදී අඩකින් අඩුවී ඇති බවයි. කෘමිනාශක සහ ප්ලාස්ටික් වලට යොදන රසායන වලට නිරාවරණය වීම, ස්ථුලතාවය, දුම්පානය,ආතතිය, පමණට වඩා රූපවාහිනිය නැරඹීම සහ ආහාර රටාවන් මෙයට හේතු ලෙස ඔහු සඳහන් කර ඇත.

රසායනිකයන්ට නිරාවරණය වීම, අපගේ ජීවන රටාව හා පරිසරය යන සාධක වෙනස් නොකළහොත් අනාගතයේදී මානවයාට විශාල ගැටලු වලට මුහුණ දීමට සිදුවන බවත් එය පොදුවේ ප්‍රජනනය සම්බන්ධව විය හැකි බවත් ආචාර්ය ලෙවීන් පවසයි.

(බීබීසී පුවත් ඇසුරිණි – 085)

ඔබගේ දහඩිය ගදයිද මෙන්න විසදුම

ඔබගේ දහඩිය ගදයිද මෙන්න විසදුම

දහදිය නිසා ඔබත් ඔබ පුද්ගලයිනුත් අපහසුතාවයට පත්වෙනවාද මෙන්න දහදිය ගද නැතිකරන විශේෂ ඔසු

1 සේපාලිකා මල් පිරිසුදු වතුර එකක රැුයක් පුරා දමා පසුවදා එම වතුරින් ඇග සෝදන්න.
2 සුදු හඳුන් කුඩු, පිනි ජම්බු යුෂවලින් අනා එම ස්ථානවල ගැල්වීම.
3 අබ, වද, මදාරා පොතු යුෂවලින් නිතරම කිහිලි සේදීම.
4 බිං කොහොඹ යුෂ ආලේපය.
5 වෙනිවැල්ගැට කුඩු, අරළු කුඩු, සැවැන්දරා කුඩු, සුදුහඳුන් කුඩු මේවා සමව ගෙන පිරිසුදු ජලයේ මිශ‍්‍ර කර ආලේපනයක් ලෙස
සකසා නෑමට පැය භාගයකට පෙර කිහිලිවල ආලේප කරන්න. හැකි සෑම අවස්ථාවක ම මෙය භාවිතයට ගැනීමෙන් දහඩිය ගඳ දුරුකර ගන්න පුළුවන්.
සව්, බාර්ලි, රසකිඳ, බැබිල, පොල්පලා, රණවරා වැනි දේ තම්බා බීම.

අකලට හිසකෙස් පැසීම වලක්වා ගන්න නිවසේදීම කළහැකි සරල ප්‍රතිකාර රැසක්

අකලට හිසකෙස් පැසීම වලක්වා ගන්න නිවසේදීම කළහැකි සරල ප්‍රතිකාර රැසක්

කාන්තා පිරිමි කියලා බේදයකින් තොරව මුහුනපාන ගැටළුවක් තමා අකලට හිසකෙස් පැසීම මේ එසදහා කළහැක ප්‍රතිකාරයන් කිහිපයක්

1 දෙහිකොල යුෂ, දෙහි යුෂ, පොල් කිරි අවුවෙන් රත් කර නෑමට පැයකට පෙර හිසෙහි ආලේප කිරීම.
2 දුම්මැල්ල කොළ ජලය සමග අබරා නෑමට පැයකට පමණ පෙර හිසෙහි ආලේප කිරීම.
3 පොකුරු වද මල් ජලය සමග අබරා නෑමට පැයකට පෙර හිසෙහි ආලේප කිරීම.
4 නිල අවරිය කොළ නෑමට පැයකට පෙර හිසෙහි ආලේප කිරීම.
5 වෙරළු කොළ යුෂ වලින් හිස් සේදීම.
6 රත් මල් කැකුළු කුඩු පොල් කිරි සමග මිශ්‍ර කර ආලේප කිරීම.
7 අමු නෙල්ලි දෙහි යුෂ සමග මිශ්‍ර කර ආලේප කිරීම.

මහත් වෙන්න ආසද මෙන්න එහෙනම් මහත්වෙන්න නියම ඔසු ටිකක්

මහත් වෙන්න ආසද මෙන්න එහෙනම් මහත්වෙන්න නියම ඔසු ටිකක්
රාත්‍රී ආහාරයට පෙර කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපා එයට පිරිසිඳු කිතුල් පැනි දමා කෑමට ගන්න.

පිරිසිදු රට ඉඳි ඇට ඉවත් කර ඒ තුලට එළගි තෙල් පුරවා මි පැණි මිශ්‍ර කර මැටි හෝ විදුරු බඳුනක බහා තබන්න. උදේ හවස වරකට ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන පිරිසිදු එළකිරි වීදුරුවක්ද පානය කරන්න.

පිරිසිදු එළගි තෙල් මිශ්‍රිත එළකිරි පානය

හාතාවාරිය අල වලින් තනා ගත් කැඳ පානය කරන්න.

මීපැනි සමග එල`ගි තෙල් හා අලුත් උක් හකුරු මිශ්‍ර කර ගුලි තනා කෑමට ගන්න.

වියලි ඉගුුරු චූර්නය සහ තිප්පිලි ස්වල්ප ප්‍රමානයක් බත් සමග මිශ්‍ර කර කෑමට ගන්න (පිළිස්සුම් තුවාල ඇත්තන්ට මෙය අගුණ බැවින් ආහාරයට නොගන්න)

එළකිරි සහ බිත්තර සුදු මදය එක්ව මිශ්‍ර කර පානය කරන්න

ඔබගේත් කට ගදගසනවාද එහෙනම් මෙන්න විසදුම

ඔබගේත් කට ගදගසනවාද එහෙනම් මෙන්න විසදුම

කටගද ගැසීම වලක්වා ගන්න දේශීය දියරයක් සාදා ගන්නේ මෙහෙමයි
දෙහි ගෙඩි 2ක දෙහි යුෂ
කුරුදු කුඩු තේ හැඳි භාගයයි
බේකින් සෝදා තේ හැඳි භාගයක් හෝ 1ක්
මී පැණි තේ හැඳි එක හමාරක්
උණුසම් වතුර කෝප්පයක්
හොදින් වැසිය හැකි පියනක් සහිත පිරිසිදු බෝතලයක්

මේ සියල්ල හොදින් සොලවමින් මිශ්‍ර කරන්න. දත් මැදීමෙන් විනාඩි 2කට පසු හෝ ඔබට අවැසි විටෙක මෙම මුඛ සෝදනයෙන් තේ හැඳි එකක් හෝ දෙකක් භාවිතා කර කට සෝදන්නපුරුදු වෙන්න . ඒ වගේම දිනකට දෙවතාවකට වඩා මේ මුඛ සෝදනය භාවිතා කරන්න එපා.

දුර්වර්ණ උන නිය ආලේපන ඉවත්කරන්න කදිම ක්‍රමයක්

දුර්වර්ණ උන නිය ආලේපන ඉවත්කරන්න කදිම ක්‍රමයක්

ආලේප කර දුර්වර්ණ උන නිය ආලේපන නිසා විවිද ආසාත්මිකතා සහ අප්‍රසන්න ගදකුත් හටගන්නවා මෙම දුර්වර්ණ උන නිය ආලේපන ඉවත්කරන්න කදිම ක්‍රමයක්

මෙන්න එම ක්‍රමය

1. නියපොතු මත දත්ඛෙහෙත් ස්වල්පයක් තවරා ගන්න.

3. ඉන් පසුව දත් බුරුසුවක් භාවිතා කරමින් හොඳින් පිරිමදින්න.

4. දත්ඛෙහෙත් වලින් නිය ආලේපනය සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීමට නම් කිහිප වතාවක් මෙය සිදුකලයුතු වෙනවා.

නිය ආලේපනයන් ඉවත් කිරීම සඳහා භාවිතා කරන ඇසිටෝන් වැනි රසායනිකයන් වෙනුවට, දත්ඛෙහෙත් භාවිතා කරනාවානම් නියපොතු වලට සහ ඒ අවට ඇති සමට සිදුවෙන හානිය වලක්වා ගන්නට ඔබට පුළුවන් ඉතින් ඔබත් අදම මෙය අරබන්න