අන්තර්ජාලයම කලබමින් මහ රෑ කඩවක් කඩපු ප්‍රසිද්ද හොරු ටික අතටම අහුවෙයි

දිවයින පුරා පසුගිය දින කිහිපයේම සිදුවූ කමියුනිකේෂන් හොරකමේ සුළමුල සොයා ගැනීමට මේ වන විට හැකිව තිබෙනවා. මේ සෑම වෙළඳ සැලකින්ම සොරුන් ගෙනගොස් තිබුණේ වාසි වැඩිම එයාර්ටෙල් 99 ඩේටා කාඩ් බවත් ඒ සඳහා වන මුදල් ඔවුන් වෙළඳසැලේ කවුන්ටර්වල තබා ගොස් තිබූ බවටත් දැනගන්නට ලැබෙනවා.වටිනා ජංගම දුරකථන වටිනා කැමරා,මුදල් කිසිවක් නොගෙන 99 දේට කාඩ් පමණක් සොරාගෙන ඇති බවයි වෙළඳ හිමියන් සඳහන් කර තිබුනේ,හොරුත් දැකලා තියෙනවා මේ වගේ කාඩ හොරු දැකලා නෑ….

මැස්සෙකුටවත් හොරෙන් පියාඹලා යන්න බැරි ලෝකෙටම රහස් සඟවාගෙන සිටින ලොව අධි ආරක්ෂිතම හමුදා කඳවුරු දහය මෙන්න

මැස්සෙකුටවත් හොරෙන් පියාඹලා යන්න බැරි ලෝකෙටම රහස් සඟවාගෙන සිටින ලොව අධි ආරක්ෂිතම හමුදා කඳවුරු දහය මෙන්න

 

මැස්සෙකුටවත් හොරෙන් පියාඹලා යන්න බැරි ලෝකෙටම රහස් සඟවාගෙන සිටින ලොව අධි ආරක්ෂිතම හමුදා කඳවුරු දහය මෙන්න කවදාවත්ම අපිට යන්නට බැරි බව දන්න නමුත් “යන්න තියෙනවනම්” කියලා හිතෙන තැන් මේ ලෝකය පුරාම විසිර පැතිර තියෙනවා. මේ කියන්නට යන්නේ අප නො දන්නා රහස් සඟවාගෙන ඉන්න එහෙම තැන් කිහිපයක් ගැන – ඇත්තෙන්ම ලෝකයේ ඇති අධි ආරක්‍ෂිත හමුදා මූලස්ථාන 10ක් ගැන. මෙන්න පහතින් වීඩියෝව

 

පෙර භවයේ කැපුණු ඇඟිලි අහිමි වී යළි උපදියි

පෙර භවයේ කැපුණු ඇඟිලි අහිමි වී යළි උපදියි

 

පෙර භවය හෙළි කළ දරුවන් අතරින් සිරුරේ කොටස් අඩුවී උපත ලැබූ දරුවෝද සිටිති. අැතැම් විට ඔවුන්ගේ සිරුරුවල කොටස් අඩුවූයේ පෙර භවයේ සිදුවූ අනතුරු නිසා බැව්ද ඔවුහු ප්‍රකාශ කරති.

අතක ඇඟිලි අහිමිවී උපත ලැබූ දරුවෙක් පෙර භවය පිළිබඳව අතිශය පුදුම කරුණු අනාවරණය කළේය. මෙම දරුවා උපත ලැබුවේ ඉන්දියාවේ ඩිපාති දිස්ත්‍රික්කයේය. මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලොව පුරා සිදුකළ පුනර්භව පර්යේෂණ අතර මෙම දරුවාගේ කතා පුවත අතිශය වැදගත් පුනර්භව සාධාකයක් ලෙස පර්යේෂණ වාර්තාවලට ඇතුළත් කර තිබේ.

 

ලෙක්පාල් නම් එම දරුවා දකුණු අතේ ඇඟිලි පහම අහිමිවී උපත ලැබීය. ඉන්දියාවේදී ඔහු උපත ලැබුවේ 1971 වසරේදීය. තම පුත්‍රයාගේ දකුණු අතේ ඇඟිලි අහිමිවී ඉපදීම ගැන දෙමාපියෝ බලවත් කම්පාවට පත්ව සිටියහ. දරුවාට වෙනත් කිසිදු ආබාධිත තත්ත්වයක් නොවීය. එහෙත් ඔහුට වරින් වර උදරාබාධ අැති විය. ඒ නිසා ශාරීරික වැඩීම තරමක් දුර්වලවී තිබිණි. ඔහු බහතෝරන අවදිය වූයේ වසර හතරකට පමණ පසුවය.

දිනක් සිය සොහොයුරිය ඇමතූ දරුවා ඔහුට වෙනත් නිවසක් ඇති බවත් එහිදී පියා විසින් ක්‍රියා කරවන ලද යන්ත්‍රයකට හසුවී අතේ ඇඟිලි කැපී ගිය බවත් අනාවරණය කළේය.

උපතින් ඇඟිලි අහිමිවී තිබූ අයුරු

 

තම මල්ලිගේ එම ප්‍රකාශයෙන් මවිතයට පත්වූ සොයුරිය ඒ බැව් දෙමාපියන්ටද කියා සිටියාය. මේ අතර ඔහු නිතර නිතර ‘තල්’ යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයක් ගැන හෙළි කරන්නට විය. ඔහු නිතර කියා සිටියේ උපත ලබා සිටින ප්‍රදේශයේ සිටිය නොහැකි බවය.

ඔහු හෙළිකරන තොරතුරු සොයා බැලීමට දෙමාපියන් එතරම් උනන්දුවක් නොගත්හ. එහෙත් දරුවා පැවසුවේ ඔහුට පෙර නිවසට යෑමට අවශ්‍ය බවය. ඒ වන විට තම දරුවා කිසියම් පෙරභව තොරතුරක් අණාවරණය කරන බැව් දෙමාපියෝ අවබෝධ කරගෙන සිටියහ.
දින කීපයක් ගත විය. මව විසින් දරුවා වඩාගෙන සිටියාය. ඒ අවස්ථාවේ අසල්වැසි කාන්තාවක් නිවසට පැමිණියාය. දරුවාගේ අතේ ඇඟිලි පරීක්ෂා කළ ඇය වෙනත් ගමක දරුවෙකුගේ ඇඟිලි ඒ අයුරින්ම කැපී මිය ගිය බවත් එය සිදුවූයේ පියා විසින් කොළ වර්ග කැපීමට යොද‌ාගත් යන්ත්‍රයකට හසුවීමෙන් බවත් කීවාය. එම අනතුර සිදුවූ ප්‍රදේශය ‘නග්ලාතල්’ යනුවෙන්ද හැඳින්වූ බවත් අැය ප්‍රකාශ කළාය.

එහෙත් දෙමාපියෝ එහි සත්‍යතාවය සොයා බැලීමට ඉදිරිපත් නොවී සිටියහ. පෙර භවයේ සිටි නෑදෑ හිතවතුන් කිසිවකු​ෙග් නම් ඔහුගෙන් හෙළි නොවිණි. වැඩිමහල් සොහොයුරකු සහ සොහොයුරියක පමණක් සිටි බැව් ඔහු හෙළි කළේය.

තවත් සති කීපයක් ගත විය. දරුවා හෙළි කරන පෙරභව තොරතුරු ඔහු අනාවරණය කළ ගම් ප්‍රදේශයටද පැතිර ගියේය. එහි සිට පැමිණි ගම්වැසියකු දරුවාගේ දෙමාපියන් හමුවී ඔහු එම ගම් ප්‍රදේශයට රැගෙන යාමට ඉල්ලා සිටියහ. ඒ අනුව ලෙක්පාල් දරුවාට පෙරභව නිවසට යෑමට අවස්ථාව ලැබිණි. එහි ගිය ඔහු පෙරභවයේ තම ඇඟිලි කැපී ගිය යන්ත්‍රය සහ නිවසද නිවැරදිව හඳුනා ගත්තේය.

එම දරුවා ප්‍රකාශ කළ පරිදි ඇඟිලි අහමිවී මියගොස් තිබුණේ හකිම්සින් නමැති අටදෙනකුගෙන් යුත් පවුලක විසූ සිව්වන දරුවාය. පියා විසින් ක්‍රියාත්මක කළ යන්ත්‍රයට ඔහු තම අත දමනවිට වයස අවුරුදු හතරක් පමණ විය. පියා ක්‍රියාත්මක කළ යන්ත්‍රය ගවයින්ට ආහාර සඳහා කොළ වර්ග කැපීමට භාවිතා කරනු ලබන යන්ත්‍රයක් විය. හකිම්සින් දරුවා එද‌ා පියා ක්‍රියාත්මක කරනු ලැබූ යන්ත්‍රය අසල සිටියේය.

ස්ථානයෙන් එම යන්ත්‍රය ක්‍රියාත්මක කරනු ලබන්නේ එක් අයෙක් යන්ත්‍රයට කොළ වර්ග ඇතුල් කිරීමත් වෙනත් අයකු යන්ත්‍රයේ රෝදය ක්‍රියාත්මක කිරීමෙනි. එහි එක් පසෙකින් යන්ත්‍රයට ඇතුළු කරනු ලබන කොළ කැබලි ලෙස කැපීම පිණිස පිහිතලයක් කැරකී ක්‍රියාත්මක කෙරේ.

එදින එම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලැබුවේ පියා විසින් පමණය. යන්ත්‍රයට කොළ ඇතුළු කිරීමෙන් යන්ත්‍රය ක්‍රියාත්මක වීමත් ඔහු අතින් සිදුවෙමින් තිබිණි. ඒ අසල සිටි දරුවා එක්වරම යන්ත්‍රයට අත දැම්මේය. එහෙත් ඒ බැව් පියා නොදුටුවේය. ක්‍රියාත්මක වෙමින් තිබූ යන්ත්‍රයට හසුවී දරුවාගේ දකුණු අතේ අැඟිලි සියල්ල කැපී වෙන්විය.

වහාම දරුවා ඔසවා ගත් පියා සිය වැඩිමහල් පුත්‍රයාද සහ අසල්වැසියන් සමඟින් ළඟම තිබූ රෝහල වෙත ඔහු රැගෙන ගියේය. ඒ වන විට හොඳ සිහියෙන් සිටි දරුවා රෝහලේදී බෙහෙත් දමන විටත් සිහියෙන් සිටි නමුත් වෙලුම් පටි දැමීමත් සමඟ ටික වේලාවකින් සිහිසුන්විය.

කොළ කපන යන්ත්‍රය

 

රෝහලේදී ඖෂධ එන්නත් කිරීමෙන් පසු ඔහු ආපසු නිවස වෙත ගෙන එනු ලැබීය. මාස දහයක් පමණ ගතවිය. අතේ තුවාලය සුවවිය. එහෙත් හදිසියේ සෑදුණු උණ රෝගයක් නිසා ඔහු රෝගාතුර විය. නැවතත් වහා ඔහු රෝහල් ගත කැරිණි. එහිදී ද ඖෂධ එන්නත් කිරීමෙන් පසු නැවත නිවස වෙත පැමිණියේය. නිවසට පැමිණීමත් සමඟ ඔහු මරණයට පත්විය.

ඇඟිලි අහිමි වීම නිසා එම දරුවා සුවපත්වී සිටි කාලය තුළදී ඔහු වමත භාවිතා කර තිබූ බවද පර්යේෂණවලදී අනාවරණය විය. අතේ ඇඟිලිවලට ප්‍රතිකාර කිරීමේදී නිතර නිතර දරුවා තම ඇඟිලි අහිමිවීම පිළිබඳව මහත් දුකෙන් සිට අති බැව්ද හෙළිවිය. දකුණු අතේ ඇඟිලි අහිමිවීම නිසා ඔහුට වැඩි වශයෙන් වමතට හුරුවීමටද සිදුවී තිබිණි.

මහාචාර්ය ස්ටීවන්සන් විසින් මෙම​ දරුවා පිළිබඳව සිදුකළ පුනර්භව පර්යේෂණය (BIRTH DEFECTS OF THE EXTREMITIES) යනුවෙන් වෙනමම අංශයකට ඇතුළත් කර ඇත. උපතින් ඇඟිලි අහිමිව උපත ලැබූ දරුවෙක් එම ඇඟිලි අහිමිවීමට හේතුව පෙර භවයේදී ඇඟිලි කැපීයාම බව අනාවරණය කිරීම අතිශය දුර්ලභ සිදුවීමක් ලෙස පිළිගැනීමට සිදුවිය.

බීබීසී චිත්‍රපටයේ දර්ශනයක්

 

පෙරභවය හෙළි කළ දරුවා අනාවරණය කළ එම සිදුවීම ඒ අයුරින්ම සනාථවූ අන්දම මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලියන ලද (REINCARNATION AND BIOLOGY) පර්යේෂණ වාර්තාවට ඇතුළත් කර අත්තේ WHEN HAKUM WAS ABOUT THREE AND HALF YEARS OLD HE PUT HIS HAND INTO A FODDER CHOPPING MACHINE. ON THE DAY OF HIS ACIDENT HIS FATHER WAS OPERATING THE MACHINE BY HIMSELF. UNDER THESE CIRCUMSTANCES HE DID NOT SEE HIS YOUNG SON APPROACH THE MACHINE AND THRUST HIS RIGHT HAND INTO THE PART WHERE THE BLADES WERE CUTTING. HUKUM’S FINGERS WERE INSTANTLY SEVERED. යනුවෙනි.
උපතින් ඇඟිලි අහිමිවූ මෙම දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳව බීබීසී ආයතනයද පර්යේෂණ වාර්තා චිත්‍රපටයක්ද නිපදවීය. පෙර භවයේ මරණය සිදුවී වසර එකහමාරකින් පමණ ලෙක්පාල්ගේ උපත සිදුවී ඇති බැව් එම පර්යේෂණයේදී අනාවරණය වීය. මහාචාර්ය ස්ටීවන්සන් විසින් මෙම දරුවාගේ ඇඟිලි අහිමිවීම සිදුවී ඇති ආකාරය වෛද්‍ය වාර්තා මගින් නිරීක්ෂණය කිරීම සඳහා එක්ස් කිරණ පරීක්ෂණයක්ද සිදු කරනු ලැබීය. එක්ස් කිරණ මගින් සනාථ වූයේ ඔහුගේ ඇඟිලි අහිමිවීම අස්ථි මගින්ද කැපී වෙන්වී තිබූ අයුරු දර්ශනය වන බැව්ය.

එම එක්ස් කිරණ වාර්තාවද මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලියන ලද පර්යේෂණ ග්‍රන්ථයකටද ඇතුළත් කර ඇත. 1998 දී බීබීසී ආයතනය නිපදවූ IN SEARCH OF THE DEAD නම් චිත්‍රපටයටද ලෙක්පාල්ගේ කතා පුවත ඇතුළත් කර ඇත.

තිස්ස ජයවර්ධන  

පෘතුගීසි ආක්‍රමණිකයන් දෙවිනුවර උපුල්වන් දෙවොල විනාශ කළ හැටි

පෘතුගීසි ආක්‍රමණිකයන් දෙවිනුවර උපුල්වන් දෙවොල විනාශ කළ හැටි

 

ශ්‍රී ලංකාවේ ශ්‍රීපාදස්ථානයට පමණක් දෙවැනි බෞද්ධ හින්දු සහ වෙනත් ආගමික බැතිමතුන් විශාල ප‍්‍රමාණයක් වාර්ෂිකව වන්දනා පිණිස සහභාගි වන පූජා භූමිය දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ දෙවුන්දර මහා දිව්‍ය රාජභවනයි. දකුණු පළාතේ මෙන්ම සබරගමු, මධ්‍යම, බටහිර, ඌව හා අනෙක් සියලුම පළාත්වල විවිධ ආගමික බැතිමතුන් ඇසළ මහා පෝය නම් කර තිබුණේ ‘සුද්දෙ පෝය’ යන නාමයෙන්ය. මේ පෝයට සියලු ජනයාම තම ගෙවල් දොරවල් ශුද්ධ පවිත‍්‍ර කොට ගොම මැටි ගා පවිත‍්‍ර කොට ගෙමිදුල්වල පහන් පැල් සාදා පහන් දල්වා දේව පූජා කරති. රෝග පීඩා සඳහා වූ බාරහාර පඬුරු පුද පූජා රැගෙන දේවාල වන්දනාව පිණිස ගම් දනව් පීරා මහ සෙනඟ පැමිණ දෙවිනුවර මහා දිවරාජ භවන පූජා භූමියට රැස්වෙති. දෙවිනුවර ගම්වාසී ලොකු කුඩා සෑම නිවෙසකම මේ කාලය ‘අමුතු බත් දීමට’ මාස ගණනක් තිස්සේ කටයුතු සම්පාදනය කරති. ඒ, එදා උපුල්වන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ වෙනුවෙන් සාම්ප‍්‍රදායිකව ඇවැතුම් පැවැතුම් පැවැත්වූ ආකාරය ය. අද ඒ පුරාණ චාරිත‍්‍රවල නෂ්ටාවශේෂ පමණක් ඉතිරිව තිබේ. එදා දෙවිනුවර ශ්‍රී විභූතිය පිළිබඳව දේශාටන වාර්තාවලින් කියැවෙන තොරතුරුවලින් එහි ඇති මහා හාස්කම් පිළිබඳව අපට කරුණු කාරණා ලබාගත හැකිය.

 

ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන්ගේ අදූරදර්ශී ක‍්‍රියා හා බලලෝභී පහත් ගති සිරිත් හේතුවෙන් අපේ රටේ ඒකීයභාවය සුනු විසුනු වී ගිය බව දනිමු. ක‍්‍රි.ව. 1505 නොවැම්බර් මාසයේදී අරාබි සහ පෘතුගීසි නාවුක ගැටුමක් ඇතිවිය. මුහුදු කොල්ලකරුවෝ පෘතුගීසි නාවික පිරිසට තර්ජනයක් වූහ. ඒ නිසා ඔවුන් සමග සටන් කිරීමට නාවික සෙන්පති දොන් ෆ‍්‍රැන්සිස්කු ද අල්මේදා සහ ඔහුගේ පුත් ලොරෙන්සෝ ද අල්මේදාට නාවික කණ්ඩායම් සතක් පවරා දී එවීය. සටන සඳහා පිටත් වූ ලොරෙන්සෝ ද අල්මේදාට ඉන්දියන් සාගරයේදී බරපතළ ව්‍යසනයකට මුහුණදීමට සිදුවිය. දැඩි කුණාටු සහිත ස්වභාවය නිසා නැවේ කුඹ ගස් කැඩී අහම්බෙන් ගාල්ල වරායට නාවික කණ්ඩායම සේන්දු වූහ. ගාල්ලේදී නැව් අලුත්වැඩියා කරගෙන ආහාර හා ජලය ද ලබාගෙන ශක්තිමත් ස්වභාවයෙන් කොළඹ වරායට පිවිසුණහ. සුදු ගල් හපා කමින් ලේ බොන සුදු මිනිස් රැළක් කොළඹට ඇවිත් ඇතැයි වැසියෝ කෝට්ටේ රජ වාසලට පැමිණිලි කළහ. ඒ ඔවුන් පාන් කා වයින් පානය කරනු දැකීමේ කුතුහලය සඳහන් කළ ආකාරයයි. කෝට්ටේ රජ කළ ධර්ම පරාක‍්‍රමබාහු රජතුමා දූත පිරිසක් යවා ඔවුන් රජවාසලට ගෙන්වූ අන්දම ගැන හිනා යන කතා ‘පරංගියා කෝට්ටේ ගියා වගෙයි’ යන පිරුළු පවා ගොඩනැගීමට හේතු විය. රජතුමා බැහැදුටු කපටි පෘතුගීසීහු තමාට කොටුවක් බැඳ ගැනීමට ‘ගෙරි සමක’ ප‍්‍රමාණ ඉඩක් ඉල්ලා සිටියහ. රජු ගෙරි සම ඉතා සුළු බිම්කඩක් නිසා ඊට අනුමැතිය දුන්නේය. ඔවුහු (පෘතුගීසීවරු) ගෙරිහම ඉතා සියුම් පටිවලට ඉරා එය ගැටගසා මහා දිග වරමන්දක් සේ දක්වා ඒ ප‍්‍රමාණය ඉල්ලා සිටියේය. රජු තම වචනය වෙනස් කළ නොහැකි බැවින් ඊට ඉඩ දුන්නේ ද කැමැත්තෙන් නොවේ. අපේ ඒකීය රාජ්‍යයට පළමු වරට විදේශීය සතුරන් ඇතුළු වී බලය තහවුරු කරගැනීමේ අතීත කතාව එයයි.

කල් යත් යත් පෘතුගීසි බලය රටේ විශාල ප‍්‍රමාණයක පැතිරී තිබුණි. ස්වදේශිකයෝ පෘතුගීසි පාලනය යටතේ මහත් සේ පීඩාවට පත්වූහ. මෙම විදේශික බලවේගය මුලිනුපුටා දැමීමට තීරණය කළ රජතුමා 1558 දී පමණ ප‍්‍රබල හමුදා කණ්ඩායමක් යවා කොළඹ කොටුව වැටලූහ. ඔවුන්ට උග‍්‍ර ආහාර පාන ආදී දුෂ්කරතා මතුවීමෙන් අසරණව සිටින විට ඔවුන්ගේ මූලස්ථානය වන ගෝවෙන් නාවුක පිරිසක් සැපත්වීම නිසා සිංහල සේනාවට පසු බැසීමට සිදුවිය.


මෙම ප‍්‍රහාරය නිසා කෝපයට පත් පෘතුගීසීහු ගෝවෙන් ලැබුණ හමුදා බල ශක්තිය නිසා ශ්‍රී ලංකාවේ ප‍්‍රබල නගර විනාශ කිරීමේ ව්‍යාපාරය ආරම්භ කළහ. නව දහසක හමුදාවක් සහිත නැව් කීපයක් සමග අතිදක්ෂ කපිතාන්වරයකු වූ තෝමස් ද සූසා ආරොඤ්ඤෝ යටතේ සිංහල ගම් දනම් විනාශ කිරීමට පටන් ගත්හ. පළමුවෙන්ම දකුණු දිසාවේ කොස්ගොඩ ගමට කඩා වැදුණු පෘතුගීසි සේනාව ගෙවල් ගිනිතබා කුඩා දරුවන් මරා දමමින් ස්ත‍්‍රීන් දූෂණය කරමින් කරන ලද මහා විනාශය නිසා එය ජනශුන්‍ය ප‍්‍රදේශයක් බවට පත් කළේය. එයින් අනතුරුව එවකට රුහුණුපුර තක්සලාව වශයෙන් නම් දරා තිබුණ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ විජයබා මහ පිරුවණ දවා හළුකොට විශාල ප‍්‍රමාණයක් පුස්කොළ පොත් ගිනිබත් කළහ. එයින් පසුව හික්කඩුව – දොඩන්දුව කුමාරකන්ද රජමහා විහාරය ද විනාශ කොට සංඝයා වහන්සේලා ද රාශියක් ජීවිතක්ෂයට පත්කොට ගාල්ල දක්වා පැමිණියහ. ගාල්ල පසුකොට වැලිගම නගරය ද අග‍්‍රබෝධි විහාරය ද වැනසූ විට වැලිගම මුස්ලිම් ජනපදවාසීහු ඊට එරෙහිව සටන් වැදුණ අතර තරමක පසුබෑමක් ඇතිවිය. දින කීපයක ඇවෑමෙන් යළිත් හමුදා තත්ත්වය ශක්තිමත් කරගෙන මාතරට සේන්දු වූහ.

ළමා ළපටින් ඝාතනය කරමින් ස්ත‍්‍රීන් දූෂණය කරමින් ම්ලේච්ඡ ලෙස හැසිරුණ සොල්දාදුවෝ යක්ෂාරූඪ වූ පිරිසක් ලෙස ක‍්‍රියා කළහ. එවකට මාතර තිබුණ ප‍්‍රධානම බෞද්ධ සිද්ධස්ථාන තුනම සහමුලින් විනාශ කළහ. මහා සංඝයා වහන්සේ විහාරස්ථානවලින් නෙරපා කොල්ලකෑහ. පුස්තකාල ගිනිබත් කළහ. මෙම කොල්ලකාරි පිරිසට තෝමස් ද සුසා සෙන්පතියාගේ ත‍්‍රස්ත ක‍්‍රියා දියෝගු ද කුටෝ (Diugo Do Couto) 1542 – 1616 විසින් කරන ලද වාර්තාව එපරිද්දෙන්ම මෙසේ දැක්වේ. මෙයින් වසර 470කට පෙර ලියන ලද එම වාර්තාව ඔවුන්ගේ ව්‍යායාමයේ තරම අනාවරණ කරයි. දියෝගු ද කුටෝ පෘතුගීසි ජාතිකයකු බැවින් ද, මෙම කොල්ලකාරයින්ගේ වාර්තාකරු බැවින් ද මේ සටහන අත්‍යන්තයෙන්ම ඇසින් දුටු සාක්ෂි ලෙස පිළිගත යුතුය.

“සීතාවක රාජසිංහ රජු මහා බළ සේනාවක් ගෙන කොළඹ කොටුව වටලෑවේය. එතැන් පටන් CEILAO (ශ්‍රී ලංකා) දූපතේ පරංගි ඉතිහාසයේ ඉතාම භයානක කාලයක් උදාවිය. මේ වටලෑමෙන් හෙම්බත්ව සිටි කොළඹ කොටුවේ වැසි ‘අප’ සේනාවක් ගෝවේ මධ්‍යස්ථානයෙන් ලැබෙන තෙක් ඉතාම අසීරු තත්ත්වයක සිටියහ.

ගෝවේ සිට නාවුක හමුදා සහය පැමිණීමෙන් පසු අපට සිංහල සේනාවට විරුද්ධව ප‍්‍රතිප‍්‍රහාර ආරම්භ කිරීමට හැකිවිය. 1588 වර්ෂයේ මුලදීම එම වටලෑමට පළිගැනීමක් වශයෙන් ලංකාවේ දකුණු දිග වෙරළබඩ තීරය වැනසීම සඳහා තොමේ ඩි සූසා ආරොඤ්ඤෝ යටතේ නැව් කණ්ඩායමක් යවන ලදී. එම කණ්ඩායම පෘතුගීසි ජාතික භටයින් 110 දෙනෙකුගෙන් ද, දියෝගු පෙරේරා ආරච්චි යටතේ සිංහල ලස්කිරිඤ්ඤ සෙබළුන් 70කින් ද සමන්විත විය. මේ සේනාව පළමුව COSCORE (කොස්ගොඩ) ට පහර දී එම ජනාවාසය වැනසූහ. එයින් පසු ඉලක්කය වූයේ ධනයෙන් ආඪ්‍ය වූ ගාලු පුරයයි. ඉන් ඉක්බිති BELLGAVO (වැලිගම) පුරවරයට ද එවැනි ප‍්‍රහාරයක් දුන්හ. එහි ජීවත් වූ ධෛර්යය සම්පන්න මුස්ලිම් ජනතාව අපට විරුද්ධව ප‍්‍රතිප‍්‍රහාර දී අපේ ඉදිරි ගමන මඳකට ප‍්‍රමාද කළ නමුත් බලසම්පන්න අප ඉදිරියේ එම ප‍්‍රතිප‍්‍රහාර ද බිඳවැටුණි. ඉන්පසු මාතර පුරවරය යටත්කොට එහි තිබූ ධනය කොල්ලකෑම සඳහා කපිතාන්වරයා පෘතුගීසි සොල්දාදුවන්ට අවසර දුන්නේය. එම අවස්ථාවේ මාතර නගරයේ තිබූ ප‍්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන තුනම සුනු විසුනු කර දමන ලදී.

විජයග‍්‍රහණයෙන් උද්දාම වූ අප හේවායන්ගේ ප‍්‍රධාන ඉලක්කය වූයේ TANAWARAM (දෙවුන්දර) ප‍්‍රසිද්ධ මහා දේවාලයයි. දෙවිනුවර නගරයෙන් ලීග භාගයක තරම් දුරින් මේ මහා දේවාලය පිහිටා තිබුණි. ශ්‍රී පාදස්ථානය හැරුණු විට දිවයිනේ වැඩිම වශයෙන් වන්දනාකරුවන් පැමිණෙන්නේ මෙම ස්ථානයටයි. ලීගයක් පමණ වට ප‍්‍රමාණයකින් යුක්ත වූ දේවාල භූමිය අලංකාර නගරයක සිරි ඉසිලීය. දේවාල ගොඩනැගිල්ල අති විශාල වූ අතර සුන්දර පියසකින් ද ප‍්‍රිය කළ සූක්ෂම කැටයම් සහිත ගල් පුවරුවලින් ද යුක්ත විය. එය වටා ඉතාම අලංකාර දේවාල භූමියේ උස්ව නැඟණා වූ ප‍්‍රාකාරයක් ද විය. ප‍්‍රධාන දොරටුව අබියස ඉතා උසට තඹ ලෝහයෙන් සකස් කරන ලද පියසක් විය. ඔපදමා තිබූ එම ලෝහ පුවරු ඈතට මනරම් දර්ශනයක් ගෙන දුන්නේය. මෙම දෙවියන් ඇදහීම දිවයිනේ ඈත පුරාණයේ සිටම පැවත ආ විශ්වාසයකි. දේවාලය අවට පිහිටි මුහුදු තීරයට එහායින් හමන දැඩි සුළඟ නිසා ඒ අවට මුහුදු තීරයේ නිතර නිතර කුණාටු හටගනී. මීට පෙරද නොයෙකුත් වාරයන්හි දී නැව්වලට අනතුරු සිදුවී ඇති අතර අප යාත‍්‍රා කළ නැව් හමුදාවට ද ගොඩබිමෙන් හමන දැඩි සුළඟ නිසා ගොඩබිමට ඈතින් යාත‍්‍රා කිරීමට සිදුවිය. මීට පෙර පැමිණි සමහර නෞකා එම හේතුව නිසාම ආපසු කොළඹ බලා යාත‍්‍රා කළේය.

එම හේතුව නිසා දේවාලයට යම්කිසි ප‍්‍රාතිහාර්යමය බලයක් ඇතැයි විශ්වාසයක් පැතිරී තිබේ. දේවාශිර්වාදයෙන් තම නගරයට රැකවරණය ලැබෙන බැව් විශ්වාස කළ නිසා දෙවුන්දර ජනගහනයක් සිටියේය. තමන් යටතේ ක‍්‍රියා කළ ක‍්‍රිස්තියානි ලබ්ධික සිංහල ලස්කිරිඤ්ඤ හටයන්ගෙන් මේ ප‍්‍රාතිහාර්ය පිළිබඳ විමසා දැනගත් තොමේ ද සූසා කපිතාන්වරයා මහ දේවාලයට පහරදීම සඳහා මුහුදින් වටලා නැව් මෙහෙයවීය.

එම අවස්ථාවේ දේවාලය අවට ප‍්‍රදේශයේ කැලඹිලි සහිත මහා කුණාටුවක් හටගත්තේය. එම චණ්ඩ මාරුතය කොතරම් වේගවත් වී දැයි කිවහොත් නැව් සියල්ලම මුහුදට බිලි වේ යැයි ඉමහත් බියක් අප තුළ ඇතිවුණි. එම චණ්ඩ මාරුතය පැය දෙකක කාලයක් තිස්සේ ගුගුරා යමින් මුහුද දෙවනත් කළේය.

මෙසේ සිදුවෙද්දී අප යටතේ සිටි කුළී හේවායන් අතර දූසමාන රාවයක් පැතිර ගොස් මහත් කලබැගෑනියක් හටගත්තේය. බොහෝ දෙනා බියට පත්වී තැන් තැන්වල මුළුගැන් වී තමන්ට සිදුවන්ට යන අනතුර ගැන සලිත වී සිටියහ. කපිතාන්වරයාට ඒ බව සැලවී ඒ කුමක්දැයි ඔවුන් අතර සිටි ක‍්‍රිස්තියානු භක්තික සිංහල සොල්දාදුවකුගෙන් විමසීමක් කළ විට ඔහු සැලකර සිටියේ පරංගීන් මහ දේවාලය විනාශ කිරීමට සැලසුම් කිරීම නිසා එයින් දේව කෝපයක් හටගෙන ඇති බැවින් මහා දේවාලයේ වැඩ වසන දෙවියන් සිය බලගතු ප‍්‍රාතිහාර්යන් මඟින් එම මුහුද කැලඹීම සිදු කළ බවත්ය. ඒ අතර සිටි සමහර සිංහල නාවිකයන් භීතියට මෙන්ම සමහරු සොම්නසට ද පත්වී සිටියහ. එයට හේතුව ඔවුන්ගේ දෙවියන් අප ක‍්‍රිස්තියානි ලබ්ධිකයන්ට දඬුවම් දෙන්නේය යන විශ්වාසයයි.

මෙම කථාව ඇසූ තොමේ ද සූසා මහත් කෝපයට පත්විය. එකී මිථ්‍යාදෘෂ්ඨික විශ්වාසයක් නිට්ටාවටම දුරුකිරීමට ද දෙවියන් සතු එවැනි ප‍්‍රතිහාර්ය බලයක් නැති බව ස්වදේශිකයන්ට ඔප්පු කිරීම සඳහා කෙසේ හෝ දේවාලය විනාශ කිරීමට සූසා තරයේ අධිෂ්ඨාන කර ගත්තේය. මහ රෑ හටගත් දරුණු කුණාටුව පසු දින උදය වන විට අඩු වී මුහුදේ චණ්ඩභාවය තුරන් වී ගොස් ඇති බව දක්නට ලැබුණි.

වහාම තම නාවුක හමුදාව මෙහෙය වූ සූසා එක් පැත්තකින් වෙරළට ගොඩබැස්සේය. අනෙක් පැත්තෙන් භට සේනාව මෙහෙයවනු ලැබූ මිගෙල් ප‍්‍රනාන්දස් බරාවෝ සහ ඩොමින්ගෝ පෙරේරා ආරච්චි ද සිය සේනා රැගෙන පැමිණියහ. ඔවුන්ගේ පළමු කාර්ය වූයේ සමුද්‍රයට මුහුණලා උස් තැනක ඉදිකරවා තිබූ දේවාලයේ මහා දොරටුව බිඳ දැමීමය. පරංගි හමුදාවට විරුද්ධව පැමිණි සතුරන් කීප දෙනෙක් මෙහිදී ජීවිතක්ෂයට පත්වූහ. දොරටුව බිඳ දමා ඒ අවට රැකීමට හේවායන් කීප දෙනෙක් යෙදූ සූසා බලගතු සේනාවක් මෙහෙයවා අභීත ලෙස සටන් වැදුණි. බියට පත් වූ ජනතාව දේවාලය අතහැර දමා වල්වැදුණහ. කිසිම ප‍්‍රතිප‍්‍රහාරයකට මුහුණ නොදුන් අපි දේවාලය දෙසට ගමන්කොට පවුරු පදනම් දොරටු බිඳ දමා දේවාල භූමියට පිවිසියෙමු. අපට විරුද්ධව සටන් වැදීමට එහි කිසිවෙක් නොවූහ. අහුමුලුවල තවත් සිංහල රැකවලුන් රැඳී සිටීදැයි දේවාල භූමිය සිසාරා බැලූ නමුත් කිසිවෙක් හමු නොවීය.

දේවාලය අතහැර දමා එහි සිටි අය පලාගොස් ඇති බව ප‍්‍රත්‍යක්ෂයෙන් දැනගත් තොමේ ද සූසා තමන් පැමිණි කාරණය වූ දේවාලය කොල්ලකෑම සඳහා සිය සොල්දාදුවන්ට අවසර දුන්නේය.

පළමුව ඔවුන් දේව භූමියේ තිබුණ දහසකටත් වැඩි දේව ප‍්‍රතිමා විනාශ කර දැමීමේ කාර්යය ඇරඹුහ. නොයෙකුත් හැඩරුවින් යුත් එම ප‍්‍රතිමා සමහරක් මැටියෙන් තනා තිබුණ අතර සමහර ඒවා දැවයෙන්ද ලෝකඩ සහ තඹ ලෝකඩයෙන් ද නිම කළ ඒවා විය. දේව ප‍්‍රතිමා කඩා බිඳ දැමූ පසු මුළු මහ දේවාල පද්ධතියම විනාශ කිරීමේ කාර්යය ඇරඹීය. ඒ අනුව දේව මන්දිර ප‍්‍රතිමා ගෘහ කුලුන ආදිය ද කඩාබිඳ දමා සුනු විසුනු කරන ලදි. ඉන් ඉක්බිතිව දේවාලයේ ගබඩාගාරය දෙසට ගමන් කළ අප සේනාවන්ට ඇත්දත් මුතු මැණික් සඳුන් දර අගනා පට පිළි ස්වණාභරණ විශාල වස්තු සම්භාරයක් සම්භවිය. තමන්ට රිසිසේම එම වස්තුව බෙදාගත් අප භටයෝ සියලු දෙනා ඉතිරිව තිබූ භාණ්ඩ ගිනිතබා විනාශ කර දැමූහ. මහා දේවාල භූමියේ පාරිශුද්ධත්වය සදාකල් අපවිත‍්‍රභාවයට පත් කිරීම සඳහා දේවාල භූමිය තුළ එළදෙනුන් කීප දෙනෙක් මරා දමන ලදි. අපගේ අවසාන කාර්යය වූයේ සත් මහලකින් යුත් දැවයෙන් නිම වූ දේව රථයට ගිනි තැබීමයි. මෙම දේව රථය නොයෙක් වර්ණවලින් යුක්තව ඉතාම අලංකාර නිර්මාණයක් විය. වසරක් පාසා මහා දෙවියන්ගේ පිළිරුවක් මෙම රථය තුළ තබා නගරය වටා ගෙනයාමේ සිරිතක් තිබුණි.

එම රථය ද ගිනිතබා විනාශ කළ අප සේනාවෝ පැහැරගත් බඩු භාණ්ඩ රාශියක් රැගෙන වැලිගම (BELIGAO) පුරය දෙසට ආපසු ගියහ.”

(මාතොට පුරාණය කෘතියෙන් ලබාගත් තොරතුරු කෘතවේදීව සිහිපත් කරමි)

උපුටා ගැනීම-ලංකාදීප

දේශබන්දු කලාසූරි කලාභූෂණ
මාර්ටින් ජයවර්ධන

ක්‍රිස් ගේල් ඇත්තටම අවුට් වුනාද? කැරබියන් පිටියේ මතබේදයට ලක් වූ සිදුවීම මෙන්න

ක්‍රිස් ගේල් ඇත්තටම අවුට් වුනාද? කැරබියන් පිටියේ මතබේදයට ලක් වූ සිදුවීම මෙන්න

“මහේලගේ වැඩපිළිවෙල තමයි හරියන්නේ සර්” ජනපති ඉදිරියේ ක්‍රිකට් ගොඩ ගන්න කිව හෙලි නොවු කතාව මෙන්න

පසුගිය කැබිනට් රැස්වීමේදී විජේදාස රාජපක්ෂ මහතාගේ අමාතයයධුරය අහිමිවීමේ සිද්ධියට වඩා වඩාත් උණුසුම් වුයේ අර්ජුන රණතුංග සහ දයාසිරි ජයසේකරගේ කතාබහයි.ඒ වනවිටත් ජනාධිපතිතුමාට ලිපියකින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා පිළිබද බොහෝ වැරදි ගණනාවක් සහිතව විවේචනාත්මක අදහස් ගණනාවක් ඉදිරිපත් කර තිබුනා.එය මාධ්‍යයටද ප්‍රසිද්ධ කරමින් අර්ජුන රණතුංග අමාතයයවරයා ජනාධිපතිතුමාට එම ලිපිය ඒවා තිබුණා.

ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබෑමට වගකිවයුත්තේ තිලංග සුමතිපාල මහතා බවත් ප්‍රකාශ කරමින් කැබිනට් මණ්ඩලයේ දිගින් දිගටම විවේචන ස්වරුපයෙන් කතාකිරීමේදී දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාතයයවරයා ප්‍රකාශ කර සිටියේ “ඔබ හැම එකකටම ඇගිලි ගහනවා තම අමාත්‍යංශයේ වැඩ ටික හරියට කරගන්න.වරාය ඇමතිකමෙන් අයින් කරලා ඛනිජ තෙල් එකට දුන්නේ එකේ වැඩටික හරියට කරගන්න බැරිවෙච්ච නිසා.දැන් ඇවිල්ලා කරන්නෙත් ඛනිජ තෙල් සංස්ථාවේ වැඩ නෙමේ අනිත් අමාත්‍යාංශවල කොන් හොයන එක.එක්කෝ මේක මට කරගගෙන යන්න දෙන්න.නැත්නම් ඔබතුමා ඇවිල්ලා මේක භාරගන්න.

එවිට අර්ජුන රණතුංග අමාත්‍යයවරයා ප්‍රකාශ කර සිටියේ මේ තියෙන අමාත්‍යාංශට ක්‍රීඩා අමාත්‍යාංශයත් එකතු කළහොත් භාර ගන්නා බවයි.එහිදී කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාම සිනාසුනා.එවිට දයාසිරි ජයසේකර අමාතයයවරයා ප්‍රකාශ කර සිටියේ ඔබතුමාට තියෙන්නේ මහා පේරේත කෑදර කමක්.ක්‍රීඩාව නැංවීමට බලාපොරොත්තුවත් නොමැති බවයි.අර විජේදාස රාජපක්ෂ ඇමතිතුමාට අධිකරණය නැත්නම් බුද්ධ ශාසනෙත් එපා කිව්වා වගේ ඔයාටත් ඛනිජ තෙල් නැත්නම් ක්‍රීඩා අමාත්‍යංශේත් එපා වගේ.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති චන්දයෙන් ඔබතුමා පරදුනානේ.දිනපු මිනිහට පාඩුවේ කරගෙන යන්න දෙන්න.ඒ පුටුව ඕනේමනම් ඊලග ජන්දෙන් සභාපති පුටුවට පත්වෙන්න.මේ විදිහට පහත් වැඩ කරන්න එපා යන ලෙස දයාසිරි ජයසේකර අමාතයයවරයා ප්‍රකාශ කර සිටියා.

තත්වය උණුසුම් වනවාත් සමගම ජනාධිපතිතුමා මැදිහත්වී වාදය නවත්වන ලදී.කැබිනට් රැස්වීම ඉවර වුන වහාම අර්ජුන රණතුංග මහතා එලියට පැමිණි අතර ඉතා ඉක්මනින් ජනාධිපති කාර්යාලයෙන් පිටව ගියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු ගණනාවක් ජනාධිපතිතුමා මුණ ගැසීමට ගිය අතර එහිදීද අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය විවේචනයට ලක්විය.අර්ජුන කියන්නේ මැක්කා වගේ.තිලංග එක්කමයි එල්ලෙන්නේ.එයාට තියෙන්නේ ජන්දෙන් පැරදුන අවුල,මහින්ද රාජපක්ෂ වගේ කකුලෙන් අදිනවා’කරගෙන යන්න දෙන් නැ.බොහෝ දෙනෙක් ජනපති ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ මහේල ජයවර්ධන ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට හොද වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර ඇති අතර එහි අදහස් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සදහා පිළිපැදිය යුතු බවයි.

අර්ජුනගේ වැඩපිළිවෙලේ ඇත්තේ තිලංගව අස්කිරීම පමණයි.ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට වඩා පෞද්ගලික මතිමතාන්තර පිරිමහන බවයි.

5හ වසරේ දැරියගේ ශිෂ්‍යත්ව සිහිනය අළු කරමින් අසල්වැසි කාන්තාවන් දෙදෙනෙක් කරපු ජරා වැඩේ

5හ වසරේ දැරියගේ ශිෂ්‍යත්ව සිහිනය අළු කරමින් අසල්වැසි කාන්තාවන් දෙදෙනෙක් කරපු ජරා වැඩේ

වසර ගණනක් තිස්සේ තම දරුවන්ට දිවා රෑ නොතකා වෙහෙස වෙමින් මව්පියන් මෙම කාර්යයේ යෙදෙන්නේ දහසකුත් බලාපොරොත්තු දල්වාගෙනයි.

එම කඩඉමකට තවත් නොබෝදිනකින් මුහුණදෙන දැරියකගේ සියලු බලාපොරොත්තු සුනු විසුනු කරමින් ඇයගේ නිවසට ගිනි තැබීමේ පුවතක් පාදුක්ක මීරියගල්ල ආදර්ශ ගොවිපල ප්‍රදේශයෙන් අද වාර්තාවුණා.

දිගු කළක පටන් පවුල සමග ආරවුලක් ඇති කරගෙන සිටි කාන්තාවන් දෙදෙනෙකු නිමාෂි කාව්‍යා නැමති මෙම දැරියගේ නිවසට ඊයේ ගිනි තබා තිබුණේ ඔවුන් නිවසේ නොසිටි අවස්ථාවකයි.

එම ගින්න හේතුවෙන් ඇයගේ පොත් පත් සියල්ල ගිනිගෙන විනාශ වී ඇති බවයි ඇය කියාසිටියේ

සිද්ධියට සම්බන්ධ අසල්වැසි කාන්තාවන් දෙදෙනෙකු පාදුක්ක පොලීසිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකර අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව  ඇප මත මුදාහැර තිබෙනවා එම වීඩියෝව පහතින් නරබන්න

මෙරට පළමු වරට හඳුන්වාදෙන නව ස්මාර්ට් ජාතික හැදුනුම්පත් ලබන ඔක්තෝබර් මාසයේ සිට නිකුත්කෙරේ

මෙරට පළමු වරට හඳුන්වාදෙන නව ස්මාර්ට් ජාතික හැදුනුම්පත් ලබන ඔක්තෝබර් මාසයේ සිට නිකුත්කෙරේ

මෙරට පළමු වරට හඳුන්වාදෙන නව ස්මාර්ට් ජාතික හැදුනුම්පත් ලබන ඔක්තෝබර් මාසයේ සිට නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

මෙහි පළමු අදියර යටතේ මෙවර අලූතෙන් ජාතික හැදුනුම්පත් අයැදුම් කරන්නන්ට මෙන්ම  නැතිවුණු අයැදුම්පත් හා සංශෝධන අයැදුම්පත් සඳහා නව ජාතික ස්මාර්ට් හැදුනුම්පත නිකුත් කිරීමට නියමිතය.

එ් අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වූ අලූතෙන් හැඳුනුම්පත් අයැදුම් කරන්නන්ට නව ස්මාර්ට් හැඳුනුම්පත හිමිවේ.

දෙවැනි අදියර යටතේ මෙම නව ජාතික හැදුනුම්පතට ඇගිලි සලකුණ හා ඡුායාරූපය ඇතුළත් ජීවමිතික දත්ත ඇතුළත් කෙරෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සදහා දිවයින පුරා ග‍්‍රාම නිලධාරීන් මගින් ජාතික පුද්ගල නාම ලේඛනයක් සකස් කරන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එය 2018 වසරේ සිට නව හැඳුනුම්පතට ඇතුළත් කෙරෙනු ඇත.

දැනට ජාතික හැදුනුම්පත් හිමි මිලියන 16ට ක‍්‍රමානුකූලව නව ස්මාර්ට් ජාතික හැදුනුම්පත් අලූතින් ලබාදීමට නියමිත ය.

නව ස්මාර්ට් හැඳුනුම්පත නිකුත් කිරීමත් සමග ව්‍යාජ හැදුනුම්පත් සැකසීම හා හැදුනුම්පත හා සම්බන්ධ වංචනික ක‍්‍රියා මුළුමනින්ම නතර වනු ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවැසීය.

කේතක යතීන්ද්‍ර බස්නායක [රිවිර]

“රවී ඉල්ලා අස්වුණා කියලා මෝඩ චූන් වෙන්න එපා” පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් ආන්දෝලනාත්මක කතාවක්

“රවී ඉල්ලා අස්වුණා කියලා මෝඩ චූන් වෙන්න එපා” පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් ආන්දෝලනාත්මක කතාවක්

“”මුදල් ඇමැතිවරයා නිධානයට බිල්ල වුණාට නිධානය කොහේද කියලා තවම සොයාගෙන නැහැ’යි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.

රවි කරුණානායක මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට කලින් ඉල්ලා අස්වීම හොඳයි. එතුමාට ඉල්ලා අස්වෙන්න තිබුණේ මීට කලින්.

එතුමාට සිද්ධ වුණේ මිනීමැරුමක් සොයන්න ගිහිල්ලා ඒ සොයන අතරතුරේ ස්ත්‍රී දූෂණයක් සිදුවීම ගැන හමුවීමයි. තවම මිනීමැරුම සොයාගෙන නැහැ
මේ ක්‍රියාවලිය තවම අවසන් වී නැහැ, ඇමැතිවරයෙක් ඉල්ලා අස්වුණා කියලා මෝඩ චූන් වෙන්න එපා කියල අපි කියනවා.,

Image result for sunil handunnetti and ravi karunanayake
ආණ්ඩුව ඉන්න හොරුයි, හිටපු හොරුයි දෙගොල්ලම ආරක්ෂා කරනවා., ඒකෙදි වුණේ රවි කරුණානායක ඇමැතිතුමා බිල්ලට යෑම පමණයි. අපි කියන්නේ මේ සම්පූර්ණ ක්‍රියාවලිය ගැනම පරීක්ෂණ පැවැත්විය යුතුයි කියලයි.

බැඳුම්කර වංචාවේ මේ සිදුවීම ලූනු බිකක් තරම් කියල කියනවා. එහෙනම් ලූනු ගෙඩියෙ තරම කොතරම්ද කියල හොයන්න ඕන. ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාලෙ සිද්ධ වෙච්ච ඒව ගැනත් සොයන්න ඕන.

මෙම ඉල්ලා අස්වීමෙන් පාර්ලිමේන්තුවේ ඉතිහාසයට යමක් එකතු වුණා. මම ඒ ගැන සතුටු වෙනවා. හොරකම් කරන අය මේ හොරකම් කරන්නේ මේ රටේ ජනතාවගේ මුදල්.

හරි හැටි පරීක්ෂණයක් කළොත් විපක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රිකමත් නැති වෙනවා.””

මෙසේ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතාය

රටේ සම්පත් අනිසිලෙස පරිබෝජන කල සියලු දෙනාටම සුදුසු දඩුවම් ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු