මිට සුළු මොහොතකට කලින් පාර්ලිමේන්තු ඇමති ධූරයෙන් ඉල්ලා අස් වූ හිටපු දේශ කටයුතු ඇමති රවී කරුණානායක මහතා ගේ නිවසට පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාවක්

මිට සුළු මොහොතකට කලින් පාර්ලිමේන්තු ඇමති ධූරයෙන් ඉල්ලා අස් වූ හිටපු දේශ කටයුතු ඇමති රවී කරුණානායක මහතා ගේ නිවසට පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාවක්Image result for stf

මිට සුළු මොහොතකට කලින් පාර්ලිමේන්තු ඇමති ධූරයෙන් ඉල්ලා අස් වූ හිටපු දේශ කටයුතු ඇමති රවී කරුණානායක මහතා ගේ බත්තරමුල්ල රජමල්වත්ත පාරේ පිහිටි නිවසට  මේ වනවිට පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාවක් යොදා තිබෙනවා.

ඒ මහතාගේ ආධාරකරුවන් රාශියක් එම ස්ථානයේ රැඳී සිටින බවටයි වාර්තා වෙන්නේ.

එල්ල වී ඇති චෝදනා අනුව තමන් ඉල්ලා අස්වන බව විදේශ කටයුතු ඇමති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පවසා සිටි අතර ඒ අනුව ඔහු විදේශ කටයුතු ඇමති ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති.

තමන් ඉල්ලා අස්වීමේ තීරණය ගත්තේ දුකෙන් නොවන බවත් එය තමන්ට ආඩම්බරයක් බවත් රවී කරුණානායක මහතා පවසා සිටින අතර එම තනතුර කැප කරන්නේ ශිලාචාර පාලනයක් වෙනුවෙන් බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටි‍යා

යාපනයේ දින තුනක් පුරා ක්‍රියාත්මක කළ පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුමෙන් සැකකරුවන් 72දෙනකු අත්අඩංගුවට

යාපනයේ දින තුනක් පුරා ක්‍රියාත්මක කළ පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුමෙන් සැකකරුවන් 72දෙනකු අත්අඩංගුවට

යාපනය අර්ධද්වීපයේ තෙදිනක් පුරා ක්‍රියාත්මක කළ පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුමෙන් සැකකරුවන් 72දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘මව්බිම’ට පැවැසීය.

මෙම විශේෂ මෙහෙයුමේදී ඉකුත්දා කෝපායි ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද එම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කළේය.

අත්අඩංගුවට පත් පිරිස අතර වරෙන්තුකරුවන් දෙදෙනකු සිටින බවද පොලිසිය කියයි.

ඉකුත් 05 වැනිදා අලුයම් කාලයේ සිට ඊයේ (07දා) තෙක් මෙම අඛණ්ඩ මෙහෙයුම ක්‍රියාත්මක කළ අතර එහිදී බලපත්‍ර නොමැති වැලි ටිපර් 27ක් සහ බලපත්‍ර නොමැති යතුරුපැදි 32ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව ගව ඝාතකාගාර කිහිපයක්ද පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ ඍජු අධීක්ෂණය හා උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් දහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම මෙහෙයුම සිදු කරනු ලැබීය.

කොටින්ගේ ක්ලේමෝ බෝම්බ රැසක් මලයාලපුරම් හි ළිඳකින් සොයාගනී කොටි ත්‍රස්තයින් නැවත හිස ඔසවයිද

කොටින්ගේ ක්ලේමෝ බෝම්බ රැසක් මලයාලපුරම් හි ළිඳකින් සොයාගනී කොටි ත්‍රස්තයින් නැවත හිස ඔසවයිද

කිලිනොච්චිය, මලයාලපුරම් ප‍්‍රදේශයේ ළිඳක් හා පච්චිලිපලෙයි හි කැළෑ ප‍්‍රදේශයක තිබී එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් භාවිතා කළ ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පච්චිලිපලෙයි ප‍්‍රදේශයේ වන ලැහැබක තිබී පුපුරා නොගිය මිලිමීටර 81 මෝටාර් උණ්ඩය සොයාගත් අතර කිලිනොච්චිය, මලයාලපුරම් හි නිවසට යාබඳ පාළු ළිඳක් පිරිසිදු කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.

ළිඳ තුළ තිබී හමුවූ පුපුරණ ද්‍රව්‍ය අතර තුළ තිබී අඟල් 14 දිග ක්ලේම් බෝම්බ දෙකක්, මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 14 ක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ එකක්, ආර්.පි.ජි. උණ්ඩ පහක්, ටි. 56 වර්ගයේ පතුරම් පෙට්ටි 05 ක් , අත්බෝම්බයක් හා එල්.එම්.ජි. පතුරම් 58 ක් සොයාගත් බවයි.
ආවා කල්ලිය ලෙස හිස ඔසවමින් තිබෙන්නේ කොටි ත්‍රස්තවාදීන්ද සැක මතුවී තිබේ

දෑස් නොපෙනෙන මවගේ සුජාත දියණිය අද ලක්ෂ 5ක් දිනාගනී ඇයට මිළියන දෙක ජයග්‍රහණය වාසනාව ලැබේවා කියා අපි පතමු

දෑස් නොපෙනෙන මවගේ සුජාත දියණිය අද ලක්ෂ 5ක් දිනාගනී ඇයට මිළියන දෙක ජයග්‍රහණය වාසනාව ලැබේවා කියා අපි පතමු     “නෙත් අඳමුත් නෙත් දහසක් ඇතිසේ ලෝකය දකින්නෙමි” මගේ අම්මට ගොඩක් පිං එයා නිසා තමයි මම අද මෙතන ඉන්නේ

අද සිරස ලක්‍ෂපති වැඩසටහට සහභාගී වූ දෑස් නොපෙනන අම්මගේ දියණිය ලක්‍ෂ පහක් දිනාගනී ඇයට මීළඟ සතියේ ලැබෙන ඉතිරි ප්‍රශ්න ජයගෙන මිළියන දෙක ජයග්‍රහණය කරන්න වාසනාව ලැබේව කියලා අපිත් ප්‍රර්ථනා කරමු නේද යාලුවනේ

මහනුවර ඇසළ උත්සවයේ “කප් සිටුවීම” කියන්නේ කුමක්ද මෙන්න කප් සිටුවීමේ සුල මුල

මහනුවර ඇසළ උත්සවයේ “කප් සිටුවීම” කියන්නේ කුමක්ද මෙන්න කප් සිටුවීමේ සුල මුල

කප් සිටුවීමේ මංගල්‍යය යනු සෑම ඇසළ උත්සවයක් ආරම්භයේම නොවරදවා සිදුකරන චාරිත්‍ර විදියකි. මෙය දෙවිවරුන් සඳහා වන අභිචාර විදියක් බවද පැහැදිළිය.

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර හා සම්බන්ධ මූලික සංවිධාන කටයුතු අවසන් කිරීමෙන් පසු පෙරහැර හා සම්බන්ධයෙන් සිදු කෙරෙන පළමු චාරිත්‍රය වනුයේද සුභ මුහුර්තියෙන් සතර දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යයයි සිදුකිරීමයි.

කප් යනු ‘කණුව’ හෙවත් ‘කැප කිරීම’ යන තේරුම ගෙන‍ දෙන වචනයකි. බොහෝ වැදගත් කාර්යයන් ආරම්භයේ දී මුල් ගලක් හෝ කපක් සිටුවීම පුරාණ චාරිත්‍රයකි. එකී චාරිත්‍රයට අනුකූලව සතර දේවාලයන්හි කප් සිටුවීමෙන් අපේක්ෂා කෙරෙනුයේ පෙරහැරේ නියැලෙන්නවුන්ගේ ආරක්ෂාව හා සුබසෙත ප්‍රාර්ථනය සහ කිසියම් උපද්‍රවයක් නොමැතිව පෙරහැරේ සියලු කාර්යයන් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගැනීමට දේවාශිර්වාදය ලබාගැනීමයි. එහි ඇති වැදගත්කම නිසාම කප් සිටුවීමේ චාරිත්‍රය වටා විවිධ චාරිත්‍ර හා පුද සිරිත් ගොඩනැඟී ඇති බව පෙනේ.

කප් සිටුවීමේ චාරිත්‍ර ඉටු කෙරෙනුයේ සතර දේවාලයන්හිය. එය දළදා මාළිගාව හා සම්බන්ධිත චාරිත්‍රයක් නොවේ. මෙම චාරිත්‍රයෙහි මූලික කටයුතු හා ඒ ඒ දේවාලයන්ට කප් බෙදාදීම මුල් කාලයෙහි දී පැවරී තිබුණේ අලුත්නුවර උපුල්වන් මහදේවාලයටයි.

මහනුවර මහදේවාල‍ය හෙවත් විෂ්ණු දේවාලය ගොඩනැඟුණාට පසු කප් සූදානම් කිරීමේ භාරය මහනුවර මහා විෂ්ණු දේවාලයට පැවරී ඇත. කප සඳහා තෝරාගැනෙනුයේ නැ‍ඟෙනහිර දිශාභිමුඛව සිරිත් ‍පරිදි පේකොට තබන පණස වෘක්ෂයේ ශාඛාවකි‍. බොහෝවිට මේ සඳහා තෝරාගනු ලබනුයේ ඵල නො දරන කොස් පැළයකි. වියත් තුනක පමණ ළපටි, පුරුෂ ගසකි. ගස තෝරාගෙන විෂ්ණු දේවාලයේ ගස් කපන්නා ප්‍රධාන පිරිස පෙරහරින් ගොස් ගස වටා පිරිසිදු කොට, සුවඳ දුම් අල්වා, සුවඳ පැන් ඉස්වා, ගස කැපකර, ගස වටා පහන් නවයක් දල්වා, බුලත් කොළ නවයක මල් වර්ග නවයක් තබවා, සුදුවතින් සැරසුණු විෂ්ණු දේවාලයේ ගස් කපන්නා නැ‍ඟෙනහිරට වැටෙන සේ ගස කපා හෙළයි. ඉන් මුල් කොටස නාථ දේවාලයට ද, දෙවන කොටස විෂ්ණු දේවාලයට ද, තුන්වන කොටස කතරගම දේවාලයට ද, සිව්වන කොටස පත්තිනි දේවාලයට ද වෙන්කර දෙනු ලබයි. ඉක්බිති සුදු පිරුවටයකින් ‘කප’ ඔතා ස්වකීය‍ දේවාලයට පෙරහරකින් රැගෙන ගොස් සුභ මුහුර්තියෙන් දේවාලයෙහි ඉදිරිපිට සකස් කරන ලද විශේෂ ස්ථානයෙක වටතිර බඳවා, උඩු වියන් යොදවා, මනාව සරසා, කණින ලද කුඩා ‍වළෙක සුභ නැකතින් ‘කප’ තැන්පත් කරනු ලබයි.

අවට මල් දමින් සරසා සිටුවනු ලැබූ කප දෙපස ලෙලි පොල්ගෙඩි තුනක් තබා, පහන් තුනක් දල්වා තබයි. පෙරහර පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් වනුයේ ශ්‍රී දළදා වහන්සේ ප්‍රධාන සතර මහා දේවාලයන්හි දෙවි දේවතාවුනට පූජෝපහාරය දැක්වීමයි. ඊට අමතරව වැස්ස ප්‍රාර්ථනා කොට වර්ෂාවට අධිපති ඉන්ද්‍ර දෙවියා පිදීමද එක් අරමුණෙකි. මෙසේ කප් සිටුවා කලට වැසි ලැබී, රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය ඇති වන ලෙස ප්‍රාර්ථනා කෙරේ. ඒ ඒ දේවාල වල කපු මහතුන් සිට වූ ‘කප’ වටා පංචතූර්යය නාදයෙන්, භක්ති ප්‍රණාමයෙන් දේවාභරණ වැඩමවා අභ්‍යන්තර පෙරහර දින පහක් තිස්සේ පවත්වයි. පැරණියේ දී මහනුවර අවට දෙමාපියන්, ස්වකීය කුඩා දරුවන්ට පළමුව පෙන්වනු ලැබූයේ මෙසේ දේවාලවල පැවැත්වූ පළමු අභ්‍යන්තර පෙරහරයි. එය නෑඹුල් පෙරහරක් වශයෙන් සැලකිණ. එම‍ පෙරහර පෙන්වීමෙන් වස් දොස් නැති වන බවට විශ්වාස කෙරිණ‍. මෙසේ දින පහක් තිස්සේ අභ්‍යන්තර පෙරහර පැවත්වා, ‘කප’ දියකැපුම් මංගල්‍යයදී ගැටඹේ තොටට ගෙන ගොස් දිය කපන දියඹෙහි, පා කර යවනු ලබයි.

රාවණා රජුගේ මුහුදේ ගිලුණු නගරය විදෙස් රටකින් පැමිණි ගවේශයන් පිරිසක් විසක් විසින් සොයාගනී ලංකාවේ විද්‍යඥයන් පුදුම වෙයි 

රාවණා රජුගේ මුහුදේ ගිලුණු නගරය විදෙස් රටකින් පැමිණි ගවේශයන් පිරිසක් විසක් විසින් සොයාගනී ලංකාවේ විද්‍යඥයන් පුදුම වෙයි

19 වැනි සියවස මුළුල්ලේ එමෙන්ම 20 සියවසේදී දෙවැනි ලෝක මහා සංග්‍රාමය දක්වාත් ලොව බලවත්ම රාජ්‍යය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් විරුදාවලි ලත් මීට ලොව බොහෝ රටවල් හා ශිෂ්ටාචාර අයත් විය. එමගින් ලැබූ දැනුම හා අත්දැකීම් මත 20 සියවස මුල් අර්ධය තුළදී ඔවුහු ලෝකයට ඉතිහාසය ලියා දායාද කළහ. ලංකාවේ ඉතිහාසයද එච්.ඩබ්ලිව්. කොඩ්රි​ෙටන් නමැති සිවිල් ​ෙස්වකයා විසින් මහාවංශය ඇසුරින් ලියා සම්පාදනය කළේ 1912දීය.

වත්මන් ලෝක බලවතා වන එක්සත් ජනපදය බ්‍රිතාන්‍යයන්ගේ එම ඉතිහාසය ලිවීම වෙනස්කර නැතද එහි බොහෝ අඩුපාඩු හා වරද තැන් සොයා නිවැරදි කර ඇත. නිදසුන් කීපයක් මෙසේය. වසර 6000කට වඩා අතීතයට නොගිය බ්‍රිතාන්‍යයන් ලියූ ලෝක ඉතිහාසය දැන් වසර 12,500 – 13,000 දක්වා අතීතයට ගොස් තිබේ. ඉන්දියාවේ බටහිර වෙරළේ අඩි 4000ක් යට මුහුදු පතුලේ හමුවූ වසර 10,000ක් පැරණි බව කාබන් පරීක්ෂණ මගින් තහවුරු කළ නගරයක නටබුන් 2002 දී හමුවිය. වඳුරාගෙන් පරිණාමය වූ මිනිසා ගැන ඩාවින් මතය හා ඒ අනුව ගිය මානව විද්‍යාඥයන්ගේ දඩයම් යුගය එඬේර යුගය, කෘෂි යුගය හා කර්මාන්ත යුග ද දක්වන ඉතිහාසය අද නිෂේධයවී ඇත. යුරෝපීන්ගේ පරමාදර්ශී රාජ්‍ය ලෙස සැලකූ ක්‍රි.පූ. 4 සියවසේ ප්ලේටෝ විසින් රචිත “අත්ලන්තිස් පුරවරය” යනු රාමායණයේ සඳහන් වන හනුමා දුටුවේ යැයි කියන “ලංකාපුරය” බව 1999 දී පිළිගැනිණි. මේ එකම පුරවරයක් පිළිබඳ ඇති වාර්තා 2කි. 1905 දී රයිට් සහෝදරවරුන් විසින් ලොව පළමු වරට ගුවන් යානය නිපදවන ලද බවට ඇති ඓතිහාසික ඉගැන්වීම 1986 දි බිඳවැටිණි. ඒ පිරමිඩ් දේවාලයක තිබී හමුවූ ගුවන් යානා 4ක මැටියෙන් කළ ඇඹීම අවුරුදු 4500ක් පැරණි බවට කාබන් පරික්ෂණ මගින් තහවුරු කළ විටදීය. මැක්ස්මුලර්ගේ ආර්ය න්‍යායද 1996 දී ප්‍රතික​්ෂේප විය.
19 වැනි සියවස මුළුල්ලේ එමෙන්ම 20 සියවසේදී දෙවැනි ලෝක මහා සංග්‍රාමය දක්වාත් ලොව බලවත්ම රාජ්‍යය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි. හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් විරුදාවලි ලත් මීට ලොව බොහෝ රටවල් හා ශිෂ්ටාචාර අයත් විය. එමගින් ලැබූ දැනුම හා අත්දැකීම් මත 20 සියවස මුල් අර්ධය තුළදී ඔවුහු ලෝකයට ඉතිහාසය ලියා දායාද කළහ. ලංකාවේ ඉතිහාසයද එච්.ඩබ්ලිව්. කොඩ්රි​ෙටන් නමැති සිවිල් ​ෙස්වකයා විසින් මහාවංශය ඇසුරින් ලියා සම්පාදනය කළේ 1912දීය.

වත්මන් ලෝක බලවතා වන එක්සත් ජනපදය බ්‍රිතාන්‍යයන්ගේ එම ඉතිහාසය ලිවීම වෙනස්කර නැතද එහි බොහෝ අඩුපාඩු හා වරද තැන් සොයා නිවැරදි කර ඇත. නිදසුන් කීපයක් මෙසේය. වසර 6000කට වඩා අතීතයට නොගිය බ්‍රිතාන්‍යයන් ලියූ ලෝක ඉතිහාසය දැන් වසර 12,500 – 13,000 දක්වා අතීතයට ගොස් තිබේ. ඉන්දියාවේ බටහිර වෙරළේ අඩි 4000ක් යට මුහුදු පතුලේ හමුවූ වසර 10,000ක් පැරණි බව කාබන් පරීක්ෂණ මගින් තහවුරු කළ නගරයක නටබුන් 2002 දී හමුවිය. වඳුරාගෙන් පරිණාමය වූ මිනිසා ගැන ඩාවින් මතය හා ඒ අනුව ගිය මානව විද්‍යාඥයන්ගේ දඩයම් යුගය එඬේර යුගය, කෘෂි යුගය හා කර්මාන්ත යුග ද දක්වන ඉතිහාසය අද නිෂේධයවී ඇත. යුරෝපීන්ගේ පරමාදර්ශී රාජ්‍ය ලෙස සැලකූ ක්‍රි.පූ. 4 සියවසේ ප්ලේටෝ විසින් රචිත “අත්ලන්තිස් පුරවරය” යනු රාමායණයේ සඳහන් වන හනුමා දුටුවේ යැයි කියන “ලංකාපුරය” බව 1999 දී පිළිගැනිණි. මේ එකම පුරවරයක් පිළිබඳ ඇති වාර්තා 2කි. 1905 දී රයිට් සහෝදරවරුන් විසින් ලොව පළමු වරට ගුවන් යානය නිපදවන ලද බවට ඇති ඓතිහාසික ඉගැන්වීම 1986 දි බිඳවැටිණි. ඒ පිරමිඩ් දේවාලයක තිබී හමුවූ ගුවන් යානා 4ක මැටියෙන් කළ ඇඹීම අවුරුදු 4500ක් පැරණි බවට කාබන් පරික්ෂණ මගින් තහවුරු කළ විටදීය. මැක්ස්මුලර්ගේ ආර්ය න්‍යායද 1996 දී ප්‍රතික​්ෂේප විය.
1944 අගෝස්තු 06දා ජපානයේ හිරෝෂිමා නගරයට පළමු වැනි පරමාණු බෝම්බය එල්ල කරන ලදී. එහිදී දුම්රොටුව නැගුණ ආකාරය පුපුරා ගිය මහා ශබ්දය ජලාශවල ජලය රත්වී උතුරන්ට වූ හැටි මිනිසුන් හා සතුන් අහසට විසිවීම, කුරුල්ලන්ගේ තටුහැළී සුදුවීම තැන තැන මිනිසුන් මියයාම එලෙසින්ම විස්තර කරන යුද විස්තරයක් මහ භාරතය නමැති මහා කාව්‍යයේ විය. මේ අනුව ඉතිහාසයේ කිසියම් යුගයකදී පරමාණු යුද්ධයක් සිදුවී ඇති බව පැහැදිලිය. බ්‍රිතාන්‍ය හා අමෙරිකන් භාෂා ශාස්ත්‍ර දත් උගත්තු සංස්කෘත මහා භාරතය හා රාමායණය පරෙස්සමින් කියවා බැලුවද වෙනත් එබඳු යුද විස්තරයක් නොමැතිවිය. උගත්තු නිශ්ශබ්ද වූහ.

ඇමෙරිකා එක්සත් ජනපදය 1950 දශකයේදී ලෝක බලවතාගේ තත්ත්වයට ආපසු ලෝක ඉතිහාසය හා මානව විද්‍යා ගවේෂණයට එක්සත් ජනපද උගත් තරුණ පිරිස පෙළඹුණහ. ඉන්දියාවේ තිබූ සංස්කෘත ග්‍රන්ථ අතර ‘පුරාණ’ නමැති (ප්‍රධාන) ග්‍රන්ථ 18ක් විය. පුරාණ යනු ඉතිහාසය යන අර්ථයයි. කාගේ හෝ ඉතිහාසය තොරතුරු ඇතැයි යන අනුමානයෙන් අලුත් පරපුර මෙම ‘පුරාණයන්’ හැදෑරූහ. එවිට අසුර නමැති මිනිසුන් කොටසකගේ ඓතිහාසික තොරතුරු එළිදරව් වන්නට විය. ඔවුන්ගේ තොරතුරු නිවර්තනික ලෝකයට දිගට බටහිර සිට නැගෙනහිරටම විහිදී තිබුණි. මෙම විශාලකම නිසා ඇමෙරිකන්කාරයාට පුරුදු ලෙස අසුර අධිරාජ්‍ය (Asura Empire) යයි ඊට නම්කළහ. කුමාරතුංගයන් කී පරිදි හෙළ බස සහිත හෙළයන් මින් අදහස් කළ නිසා අපි දැන් ඊට හෙළ අසුර අධිරාජ්‍ය යයි කියමු. මෙය හුදෙක් සංස්කෘතික අධිරාජ්‍යයකි. දේශපාලනික ස්වරූපයක් එහි නැත. සමාන ජීවන රටා එහි ඇත. මීට පෙර ලිපියකදී දක්වන ලද සිංහ මිනිසුන් කී පරිදි තම ශිෂ්ටාචාරය ගොඩනැගූ බැබිලෝනියාව නිදසුනකි. බැබිලෝනියාව සිංහ මිනිසුන්ට (හෙළයන්) යටත් නැත. නමුත් ජීවන රටාව සමානය. කඩුව අතින්ගත් සිංහයාගේ ලාංඡනයේ සමානත්වයෙන් ලංකාව හා බැබිලෝනියාව හිරුගෙන් හැසිරවෙන සමකාලීන වූ හා සම්බන්ධතා තිබූ ශිෂ්ටාචාර දෙකක් බව 1961 දී මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද කී විට කවුරුත් සිනාසුණහ. 1998දී ඇමෙරිකන් පුරාවිද්‍යාඥයන් කී පසු ලංකාවේ පඩි කන මහාචාර්යවරු එය පිළිගත්හ.
ඉතිහාස මහාචාර්ය ආර්නල්ඩ් ටොයිම්බි (බ්‍රිතාන්‍ය) 1945දී අලුත් න්‍යායක් ඉදිරිපත් කළේ ඉතිහාසය නැවත නැවතත් එලෙසම (History Repeats) යනුවෙනි. පොළොව යට ඇති ඛණිජ ලෝහ ආදී සම්පත් හාරා කර්මාන්තවලට ගත්විට යම් දිනෙක ඒවා අවසන් වීමෙන් යුරෝපයට නැවතත් එඬේර යුගයට අපසු යාමට සිදුවන බව ඔහුගේ න්‍යායෙන් කියැවේ. පරමාණු බලය කර්මාන්තයට යෙදවිය නොහැකි බව ද ඔහු කීවේය. දඬුමොනරයේ තිබූ රසදියෙන් ක්‍රියාත්මක මර්කරි වෝටෙක්ස් ඇන්ජිම මගින් ඉතිහාසය නැවත එලෙසම ක්‍රියාත්මක වන බව ඔප්පු කර ඇත.
ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් මවිතයට පත්කළ සිදුවීමක් 1986 දී අසන්නට හා දකින්නට ලැබුණි. එනම් පිරමීඩ් දේවාලයක බිත්තියේ මැටියෙන් අඹා තිබුණු ගුවන්යානා 4ක ආකෘතීන්ය. පුදුමය නම් කාබන් පරීක්ෂණවලදී එම ඇඹීම් අවුරුදු 4500ක් පැරණි බව තහවුරු කිරීමය. රාමායණයේ සඳහන් වන රාවණාගේ පුෂ්පක යානය ඓතිහාසික විය හැකි බව ලෝකය සිතන්නට වුණේ ඉන් පසුවය.

මේ අතර මිනිස් සිතුවිලි වලින් පරමාණු ක්‍රියා හැසිරවිය හැක යන්න ක්වොන්ටම් න්‍යාය 1980දී ඇමෙරිකන්කාරයාට ඔප්පු විය. ඒ අයතුල්ලා කුමෙයිනි තම අධිමානසික ශක්තියෙන් ඇමෙරිකන් මිසයිල්වල දිශාව වෙනස්කර ටෙහෙරාන් ඉලක්කවලට ඒවා නොවැදී හැරීගොස් වැලි කඳුවල වැදීම නිසාය. 1923 දී බැංගලෝරයෙන් ලැබුණු විමාන ශාස්ත්‍ර නමැති සංස්කෘත ග්‍රන්ථයේ මෙන්ම ටිබෙට් රටින් ලැබී චීනය විසින් 1967 දී චන්දිගාර් විශ්වවිද්‍යාලයෙන් ඉංගිරිසි බසට පරිවර්තනය කර ගැනුණු වෛමානික සූත්‍ර නමැති ග්‍රන්ථයෙන්ද රසදියෙන් ක්‍රියාත්මක වන අහස් යානා ගැන කියැවිණි. ඒ දෙවර්ගයම පිටසක්වල ග්‍රහලෝකවලට යන සැටිද විස්තර විය. මේ සියල්ල එකතුවී TR3-B නමැති අධිබල තුන්හුලස් ජෙට් යානය 1998 දී නිපදවිණ. 2005 දී ක්වොන්ටම් ටෙලිපොරේෂන් ඩිස්ක් නමැති තැටිය (පීරිසිය) නිපදවුණි.
මෙසේ හෙළයේ රාවණාගේ පුෂ්පක යානය නමැති ලේඛනගත ලොව එකම ගුවන් යානය 20 සියවස අගදී යථාර්ථයක් බවට පත්වුණි.

බ්‍රිතාන්‍යයෙන් ලියාදුන් (1912) ලංකා ඉතිහාසයට අනුව ලංකාව මිනිසුන්ගෙන් ජනාවාස වී (ක්‍රි.පූර්ව 543) තවමත් වසර 2560ක් පමණක් ගතවී ඇත.

ආර්ථික හා දේශපාලනික කුමන හානි කළද ඇමෙරිකන්කාරයා නොව ඇමෙරිකන් පුරාවිද්‍යාඥයන්, ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයින් තම ගවේෂණ තුළින් මිනිස් ඉතිහාසය මතු කරන්නට යාමේදී හෙළ ඉතිහාසය මතුවී තිබේ.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය මැක්ස් මුලර්ගේ ආර්ය න්‍යාය 1896 වනවිට ඉතා ජනප්‍රිය විය. මෙහි රහසක් ඇත. රුසියන් ජාතික පුවත්පත් කලාවේදියකු වූ නිකොලායි නෙවොට්චි කාශ්මීර ලඩාන් හා වෙනත් ටිබෙට් ආරාමවලට නැවතී කුරුසියේ ඇණ ගැසූ ක්‍රිස්තුන් වහන්සේ මිය නොගිය බව හා ඔහුගේ ශිෂ්‍යයන් කාශ්මීර ලඩාන් ආරාමවලට ගෙනගොස් තුවාල සුවකර දීර්ඝ කාලයක් එහි ජීවත් වී සිටි බවට කරුණු සොයාගති. ක්‍රිස්තුන්ගේ රහසිගත ජිවිතය (secret life of jesus) නමැති පොත සම්පාදනය කරගෙන එය පළකර ගැනීමට වතිකානුවේ හා විවිධ ආයතනවල උදව් සෙවීය. හැමදෙනා එය ප්‍රතික්ෂේප කළහ. අන්තිමට පැරිසියේ සමාගමක් එය ප්‍රසිද්ධ කළ විට මුළු ක්‍රිස්තියානු ලෝකයම ඉන් මුසපත් විය. එවිට ඉදිරියට ආ මාහාචාර්ය මැක්ස්මුලර් එක්සත් ජනපද ජනප්‍රිය සඟරාවකට ලිපි සැපයුවේ තමාද එම ආරාමවලටම ගොස් කරුණු සෙවූ නමුත් නෙටොව්චිගේ කරුණු ව්‍යාජ එ්වා බව කියමිනි. මීට ප්‍රතිඋපකාර වශයෙන් සියලුම ක්‍රිස්තියානි නිකායන් මගින් මැක්ස්මුලර්ව වර්ණනා කළේ ලොව ඉහළම මානව විද්‍යා මාහාචාර්යවරයා බව කියමිනි. එනිසා ඔහුගේ ආර්ය න්‍යාය මුළු ලොව පුරා පිළිගැනිණ. නමුත් මේ සියලු කරුණු හෙළිදරව් කරමින් ඩේවිඩ් බේලමි නම් ඇමෙරිකන් මහාචාර්යවරයා විසින් 1996 දී පමණ ලියූ ආර්ය න්‍යායේ මිත්‍යාව (myth of aryan theory) නමැති ග්‍රන්ථයෙන් ආර්ය න්‍යායේ ඇති වැරැද්ද හෙළිදරව් කරන ලදී. එබැවින් කොකේසස් කඳුකරයේ ආර්යයන් කොටසක් ඉරානයට සංක්‍රමණය වීම ඉරානයෙන් කොටසක් වයඹ දිග ඉන්දියාවේ කපොලුවලින් පන්ජාබයට ඇතුළුවීම පන්ජාබයේ ආර්යයන් නැගෙනහිර හින්දුස්තාන් නැතිතලාව පුරා පැතිරීම සොළොස්මහ ජනපද යුගයේදී විජය හා පිරිසක් ලංකාවට අවුත් ජනාවාස කිරිම යන ඉතා රසවත් ඉංග්‍රීසි වෘත්තාන්තය වැරදි බව ඔප්පු කරන ලදී. නිෂ්ප්‍රභා වූයේ රාජකීය ආසියාතික සංගමයට අවශ්‍ය වූ ලංකා ඉතිහාසයේ ආරම්භයයි.

ග්‍රීක් ජාතික ප්ලේටොගේ අත්ලන්තික් පුරවරය (CITY OF ATLANTIS) පුදුම සහගතය. අත්ලාන්තිස් යන නම නිසාත් එය මුහුදට ගිලීයාම නිසාත් යුරෝපයේ පැවැති සුදු මිනිසුන්ගේ පරමාදර්ශී රාජ්‍ය ලෙස 20 සියවස පුරාවද සැලකිණ. අත්ලන්තික් සාගරයේ හමු නොවූ විට මධ්‍යධරණී මුහුදේ සෙවුහ. එවැන්නක් හමු නොවීය. 1999දි එක් ඉංග්‍රීසි ජාතික උගතකු පෙන්වා දුන්නේ රාමායණයේ එන හනුමා විසින් දුටුබවට විස්තර කැරුණු ලංකාපුරයත් ප්ලේටෝගේ අත්ලාන්තිස් පුරවරයත් එකම ස්ථානයක් ගැන ලියවුණ විස්තර දෙකක් බවය. ග්‍රීකයන් මේ වෘත්තාන්තය අසා තිබුණේ මිසර වැසියන් අතිනි. ඔවුන් ඊට මිසර නමක් යෙදූ නිසා තමන්ද අත්ලන්තිස් ලෙස ග්‍රීක නමක් ඊට යෙදූ බව ප්ලේටෝ පවසා ඇත. එබැවින් මුහුදට ගිලුණ අත්ලන්තිස් දේශය අත්ලාන්තික් සාගරයේ හෝ මධ්‍යධරණී මුහුදේ නැත.
2002දී සාගර දූෂණ කොමිෂන් සභාව මගින් ඉන්දියාවේ බටහිර වෙරළ දිගට ස්කෑන් කරගෙන යාමේදී අඩි 4000ක් මුහුදු පතුලේ (බොම්බායෙන් සැතපුම් 250 උතුරේ) නගරයක නටබුන් හමුවිය. මෙය මෑන්හැටන් දූපත (නිව්යොර්ක්) තරම් විශාලය. පිහිටීම අනුව මේ රාමායණයේ සඳහන් දණ්ඩක වනයේ (රාවණා​ෙග්) අගනුවර වන ජනස්ථාන් බව හින්දු උගත්තු කීහ. එයද මුහුදට ගිලුණි. ගවේෂණය සඳහා වෙන්වූ මුදල් ප්‍රතිපාදන අවසන් වී ඇති බව හදිසියේ කිව් කොමිසම ගවේෂණ නතර කළේය. හෙළයන්ගේ දේව අධ්‍යාපනය බිහිකළ බ්‍රැගු මහර්ෂි සිටි බ්‍රැගු කච්ච (දැන් බ්‍රෝච්) ඇත්තේද ඒ අසලය. මේ පුරාවිද්‍යාත්මක සාක්ෂිය හෙළ අසුර ව්‍යාප්තිය හඳුනා ගැනීමට පහසුවකි. රේඩියෝ කාබන් පරීක්ෂණ අනුව මෙම නටබුන් අවුරුදු 10,000ක් පැරණිය. ලොව පැරණිම බැබිලෝනියානු ශිෂ්ටාචාරය (බ්‍රිතාන්‍යයන්ගේ මතය) අවුරුදු 6000ක් හෝ ඊට වඩා පැරණි ලෙස සැලකූ ලෝකයට අවුරුදු 10,000ක් පැරණි විශාල නගරයක නටබුන් මගින් ඇති කළේ මහා මවිතයකි.

Related image

2009දී ඕලන්ද ජාතික මුහුදු පුරාවිද්‍යා (marine archiology) කණ්ඩායමක් ලංකාවේ මහාචාර්ය ජයවික්‍රම නමැති අයකුද සහභාගි කරවාගෙන අග්නිදිග පානම පොතුවිල් ආදියෙන් ඔබ්බේ මහාරාවණා කොටුව හා කුඩා රාවණා කොටුව මුල්කර ගවේෂණයක් කරන ලදී. එහි තිබූ වකගැසී නැගෙනහිරට විහිදී නැවත දකුණට විහිදුණ වර්ග කි.මී. 3,45,000 පමණ විශාල ගොඩබිමක්ද ලංකාව අසලදී මුහුදු පත්ලේ නගරයක අත්තිවාරම්ද තිබී ඇත. (ඡායාරූප අන්තර්ජාලයේ තිබුණි) එම විශාල භූමි ස්කන්ධය ඉර්ෂියා (ershia) ලෙස නම්කර ඇත. මේ ලංකාපුරයද නැති නම් මහාවංශයේ කැලණියේ රජු දවස ලෙස හැඳින්වූ මුහුදු ගිල්මදයන්න නොදනිමු. ලංකාවේ පුරාවිද්‍යාඥයෝ මේ කිසිවක් නොදනිති.

2010 පමණ අවදියේදී ඇමෙරිකන් මානව විද්‍යාඥයන්ගේ අවධානයට හසු වූ දෙයක් වුයේ අඩි 10ක් පමණ උස මිනිසුන්ය. ​ෙමාවුහු ඇමසන් යෝධයන් මෙන් එක දේශයක මිනිසුන් නොව ලොව හැම රටකම සිටින අඩි 5-6 උස ඇති මිනිසුන් අතරම ඇති සුවිශේෂ පුද්ගලයන්ය. අධි මානසික තත්ත්වයන් නිසා ද්‍රව්‍යමය ශරීරය සමග ක්‍රියාත්මක වන ශක්ති ශරීරය නිසා මෙසේ විශාල ශරීරයන් ඇතිවූ බවට මානව විද්‍යාඥයෝ අනුමාන කරති. ඊටද සාක්ෂි සැපයෙන්නේ හෙළ දේශයෙනි. අවුරුදු එකළොස් දහසකට පමණ ප්‍රථම දේව අධ්‍යාපනය ඇතිකළ බ්‍රැගු මහර්ෂිවෙත හෙළයේ ප්‍රාලද (පරලැදි) පාලක තැන විසින් තම සොයුරී ඌෂණ යවා දරුවන් ලබා ගත්තාය. ගරුඬ පුරාණයට අනුව එසේ ලැබූ එක් දරුවකු වන වීරචන නොහොත් වීරචන්න (දකුණු ඇමෙරිකාවේ පාතාල දේශයේදී වීරකෝච ලෙස ඔහු හඳුන්වන ශිලා සටහන් ඇත) දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳුවල ටිටිකාකාවිල අසල පාතාල රට ගොඩනංවන ලදී. වීරචන දේවාලයේ නටබුන් ගල් කණු හා ඔහුගේ ශෛලමය ප්‍රතිමාව අදත් ඇත. බලි රජුන් දවස ශක්‍රගේ (දේව අධ්‍යාපනයේ චන්සලර් තැන) දියණිය දේවයානි නොහොත් මන්දාත කාශ්‍යප සාක්ෂි හා එකතුවී දරුවන් තුන්දෙනකු ලබා ඇත. මාලි සුමාලී හා මාලපවන්න යන මේ තිදෙනා තාරක සුමාලී හා සිංහමුව ලෙසද හැඳින්වෙති. එමෙන්ම මෙම සුමාලී රකුස් රජු තම දියණිය කෛකශි කුමරිය විශ්‍රවස් මුණි වෙත යවා රාවණ කුඹුක්කන් හා සුර්පණකා යන දරුවන් තිදෙනා ලද බව රාමායණය පවසයි. රාවණා අඩි 12ක් පමණ උස බව ජනප්‍රවාදයේ එයි. කුඹුක්කන්ගේ විශාල ශරීරය ගැන එය පවසන්නේ එළුවන් ගණනක් හා බත් ගොඩක්ද කා හය මාසයක් නිදන යෝධයකු බවය.

රජුවරු තම දූ කුමරියන් සෘෂිවරුන් වෙත යවා දරුවන් ලබාගැනීම ලෙස පුරාණ ග්‍රන්ථවල හා රාමායණයේ සඳහන් වන්නේ උත්තම දරුවන් ලැබීමක් ලෙසටය. ඌෂණ ලත් දරුවා වීරචන දකුණු අමරිකාවට ​ගොස් පාතාල ශිෂ්ඨාචාරය අැරඹීය. දේවයානීගේ දරුවෝ අහසින් (ගුවන් යනා) ගොස් බොම්බ දැමූහ. නැවතද රාමායණය පවසන පරිදි රාවණාට ඥාන දහයක් (දසිස්) වූ බව කුම්භකරණගේ විශාල ශරීරය ගැනය. මානව විද්‍යාඥයන් මේ අනුව සිතන්නේ අසීමිත ගුණ ශක්තිය (රාවණ) හා අසීමිත ශරීරය ශක්තිය සෘෂිවරුන්ගේ ජානවලින් ලබෙන බවය.

1986 දී පිරමීඩ් දේවාලයේ බිත්තියෙහි වූ ගුවන් යානා ඇඹීම් 4න් පසු මේ දක්වා 30 අවුරුද්ද තුළ අවුරුදු 6000ක් ඔබ්බේ ලෝකය ගැන නොයෙකුත් අරුම පුදුම ඓතිහාසික සාක්ෂි ලැබී ඇත. ලොකුම පුදුමය නම් මේ හැම සොයා ගැනීමකටම ලංකාව නොහොත් හෙළදිව සම්බන්ධ වී තිබීමය. අනෙකුත් පැරණි ශිෂ්ටාචාර සියල්ල අද නැතිවී ගොස් (lost civilizations) ඇති අතර ශිෂ්ටාචාරය පමණක් (හෙළ අසුර අධිරාජ්‍ය) අවුරුදු 12,500ක් අතීතයේ හිරාන් කසුබ් දක්වා දිවයයි. නමුත් ඒ අඛණ්ඩ ඉතිහාසයක් නොව කඩවූ ඉතිහාසයකි.

ආචාර්ය සූරිය ගුණසේකර

ඉන්දියන් සාගරයේ අභිරහස් ලෙස සැගව තිබු අමුතු ඇටය සොයාගනී මෙය ලොව ඇති අතිබයානකම දුපතයි හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවි  

ඉන්දියන් සාගරයේ අභිරහස් ලෙස සැගව තිබු අමුතු ඇටය සොයාගනී මෙය ලොව ඇති අතිබයානකම දුපතයි හේතුව ඇසුවොත් ඔබ පුදුම වේවි

උඩු ගුවනේ සිට බලද්දී එය පුංචි සුන්දර දූපතකි. සූදෝ සුදු වෙරළ තීරයක් ඇති මේ පුංචි දූපත පාරාදීයක් යැයි බැලූ බැල්මට සිතෙයි.

කෙසේ නමුත් සංචාරකයකු හෝ මෙම මුහුදු සීමාවේ ධීවර කටයුතුවල යෙදෙන ධීවරයකු හෝ වැරදීමකින්වත් මේ දූපතට යන්නේ නැත. ඒ, ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට බටහිර දෙසින් පිහිටා ඇති ‘නෝර්ත් සෙන්ටිනල්’ නමැති මෙම කුඩා දූවේ මිනීකන කාපිරියන් සිටින නිසාය.

නෝර්ත් සෙන්ටිනල් දූපතට පය තබන අයකුට යහතින් ආපසු ඒමට හැකියාවක් නැතැයි පැවැසෙයි. දූපතේ වාසය කරන බව කියන කාපිරයන් අයත් වන්නේ අබිරහස් ගෝත්‍රයකටය. ඔවුන් බාහිර ලොවෙන් හුදෙකලා වූ පිරිසකි. ඔවුන් බාහිර ලෝකය සමඟ කිසිදු සම්බන්ධයක් පත්වන්නේ ද නැත.

පිටස්තරයකු මෙම දූපත ආසන්නයට ගියහොත්, කාපිරියන්ගේ ඇසට ඒ අය ලක් වුවහොත්, ඊතල සහ කෙටි පොරෝ ප්‍රහාර එල්ල වෙයි. මෙම දූපත අසල නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීමට ගිය ධීවරයන් දෙදෙනකු මරා දැමීමට පවා මෙම නිරුවත් කළු මිනිසුන් කටයුතු කර ඇතැයි පුවත් සේවා වාර්තා කරයි.

අවුරුදු 60,000 ක කාලයක පටන් කාපිරි ගෝත්‍රිකයන් මෙම දූපතේ වාසය කරන බව සැක කෙරේ. ගුවන් යානයක් දූපතට පහළින් ගමන් කරන්නේ නම්, මොවුහු ඊට ගල් ප්‍රහාර ද එල්ල කරති. 2006 වසරේ දී දූපතට ආසන්නයෙන් පියාසර කළ සැහැල්ලු ගුවන් යානයකට ගිනි දැල්වුණු ඊ තල ප්‍රහාරයක් ද එල්ල වී ඇත.

‘නෝර්ත් සෙන්ටිනල්’ පුංචි දූපත පිහිටා ඇත්තේ ඉන්දීය සාගරයේ බෙංගාල බොක්ක ආශ්‍රිවය. ‘නෝර්ත් සෙන්ටිනල්’ දූපත අයත් වන්නේ ඉන්දියාවටය. අවුරුදු 60,000 ක් තිස්සේ ගෝත්‍රිකයන් වාසය කළත් මෙම දූපත අද නූතන ලෝකයට අබිරහසක් වී ඇත. දූපත පිහිටා ඇත්තේ අන්දමන් දූපත් සමූහය අසලය. ඉන්දීය රජය පසුගිය වසරවලදී මේ දූපත් වාසීන් සමඟ සබඳතා ඇති කර ගැනීමට උත්සහ කළ නමුත් එය අසාර්ථක වී ඇත. 2004 වසරේ සුනාමි ව්‍යසනයට ද මේ දූපත හසුවී ඇත. කෙසේ නමුත් එහි වැසියන් සුනාමි ව්‍යසනයෙන් දිවි ගලවා ගෙන ඇත.

‘නෝර්ත් සෙන්ටිනල්’ දූපත්වාසීන් ගැන කිසිවක් කිසිවකු දන්නේ නැත. ඔවුන්ගේ භාෂාව, ඔවුන්ගේ චාරිත්‍ර, ජීවන රටාව ආදී කිසිවක් ගැන බාහිර ලෝකයා දන්නේ නැත. 2004 සුනාමි ව්‍යසනයෙන් පසු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ හෙලිකොප්ටර් යානයක් දූපත නිරීක්ෂණය කිරීමට ගොස් ඇති බවත් එම හෙලිකොප්ටරයට ද ගෝත්‍රිකයන්ගෙන් ඊතල ප්‍රහාරයක් එල්ල වුණු බවත් වාර්තා වේ.

බාහිර ලෝකයේ අප මෙම ‘නෝර්ත් සෙන්ටිනල්’ දූපතට ගොස් දූපත්වාසීන් සමඟ සබඳතා ඇති කර ගැනීමට උත්සහ ගැනීම එම දූපත්වාසීන්ගේ ජීවිත අනතුරේ වනු ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. ඊට හේතුව වර්තමානයේ අපට මුහුණ දෙන්න සිදුවී ඇති බෝවන රෝගවලට මොවුන් ඔරොත්තු නොදීමය. මොවුන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබී නැතිවීම ඊට හේතුව යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.

ලුසිත ජයමාන්න [ලංකාදීප}
ඬේලිමේල් ඇසුරිනි

රූගත කිරීම අතර තුර ඔරුව පෙරලී ගයේෂා පෙරේරා වතුරෙ ගිලෙයි 99 නමයෙන් බේරිලා 

රූගත කිරීම අතර තුර ඔරුව පෙරලී ගයේෂා පෙරේරා වතුරෙ ගිලෙයි 99 නමයෙන් බේරිලා

මිල්ලෑව වලව්ව ටෙලිනාට්‍යය රූගත කිරීම අතර තුර ඔරුව පෙරලී සිදුවූ අනතුරෙන්.එහි රංගනයෙන් දායක වූ කලා ශිල්පීන් ලොකු අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වුනා.කාටවත් කරදරයක් නම් වෙලා නෑ.මේ ආරංචිය හොයාගත්තේ ධනංජය සිරිවර්ධනගේ මුහුණු පොතෙන්.

Geplaatst door Dananjaya Siriwardana op vrijdag 28 juli 2017

 

Image may contain: outdoor, water and nature

Image may contain: one or more people, child, outdoor, water and nature

 

 

ගුවන් යානයක් තරම් විශාල අභ්‍යවකාශ ග‍්‍රාහකයක් පෘථිවිය අසලට 

ගුවන් යානයක් තරම් විශාල අභ්‍යවකාශ ග‍්‍රාහකයක් පෘථිවිය අසලට

ගුවන් යානයක් තරම් විශාල අභ්‍යවකාශ ග‍්‍රාහකයක් පැයට සැතපුම් 11,369 ක් වේගයෙන් පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ බව ඬේලිමේල් වෙබ් අඩවිය වාර්තා කළේය.

පෘථිවිය හා චන්ද්‍රයා අතර දුර මෙන් තුනෙන් එකක් ඈතින් ගමන් කර ඇති බව විද්‍යාඥයෝ පවසති. දින තුනක් යනතුරු එහි ආසන්නම පිහිටීම හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයන්ට නොහැකි විය.

පෘථිවියේ සිට කිලෝමීටර 123,031 ක් දුරින් මෙම ග‍්‍රාහකය ගමන් කර ඇති බව පසුව සනාථ කර තිබේ. මෙම ග‍්‍රාහකය 2017 001 ලෙස නම් කර තිබේ. පසුගිය ජූලි 23 වැනිදා මෙහි නිවැරැදිව හඳුනාගෙන තිබෙන අතර මීටර 25 ත් 78 ත් පමණ පළලකින් යුක්ත වන බව පැවැසේ. ඇට්ලස් දුරේක්‍ෂයකින් මෙය හඳුනාගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථමඅධි තාක්ෂණික නෞකාව අද ලංකාවට, බලන්නකෝ  නාවික හමුදාව නැව පිලිගනිපු හැටි 

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රථමඅධි තාක්ෂණික නෞකාව අද ලංකාවට, බලන්නකෝ  නාවික හමුදාව නැව පිලිගනිපු හැටි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තටකාංගනයේ නිෂ්පාදනය කරනලද ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අද (ජූලි 28) උදෑසන 09.30 පමණ කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

නවීන යුද නෞකාවක් වන මෙය ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට අලුතින්ම මිලදී ගත් ප්‍රථමඅධි තාක්ෂණික නෞකාව ලෙස සනිටුහන් වනු ඇත. එහි පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 66.55 කි.නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (මාලිමා) නිශාන්ත අමරෝසා මහතා කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයන් 100 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ.

මෙම නෞකාව අගෝස්තු මස 02 වන දින කොළඹ වරාය පරිශ්‍රයේදී, සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ වශයෙන් අධිකාරියට පත් කිරීමට ද නියමිතව ඇත.