අක්කලාටම හිතයන ලංකාවේ ප්‍රසිද්ද නළුවා “මාර වැඩේ කියන්නේ මට හිත යන්නෙම අක්කලාට” 

අක්කලාටම හිතයන ලංකාවේ ප්‍රසිද්ද නළුවා “මාර වැඩේ කියන්නේ මට හිත යන්නෙම අක්කලාට”

රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් තමයි ජනිත් වික්‍රමගේ කියන්නේ. මෙවර ආදරය ගැන කතාබහට අපිත් එක්ක එකතු වුණේ ඔහුයි. මේ ආදරය ඔහුට දැනෙන විදිහ.

* පාසල් ප්‍රේමය සුන්දරයිද?
ඕනම කෙනෙක්ට නැවුම්ව ලැබෙන අත්දැකීමක් පාසල් ප්‍රේමය තුළ තියෙන්නේ. නමුත් දීර්ඝකාලීන සම්බන්ධතාවකදී පසුකාලීනව ජීවිතේ ලබන අත්දැකීම් එක්ක පාසල් ප්‍රේමයකට එහා ගිය දෙයක් ආදරය තුළ තියෙනවා.

* ආදරය මුලින්ම හිතට දැනෙනකොට වයස කීයද?
ආදරයක්ම කියලා හරි වැටහීමක් නැති හැඟීමක් මුලින්ම හිතට ආවේ දහම් පාස‍ලේදි. අපිට උගන්වන්න ආව අක්කා කෙනෙක් ගැන. ඒ හැඟීම ඇතිවෙනකොට වයස අවුරුදු 15ක් ඇති.

* ආදරය මුලින්ම ප්‍රකාශ කළ යුත්තේ හැමවිටම පිරිමි ළමයද?
ආදරය කියන හැඟීම කාන්තාවට පිරිමියාට කියලා වෙන් වෙන්නේ නෑ. ඒක ‍පොදු හැඟීමක්. සම්මතයට අනුව පිරිමියා ආදරේ ප්‍රකාශ කළත් අද දියුණු ලෝකයත් එක්ක එහෙම සීමාවක් පැවතිය යුතු නැහැ.

* අප්‍රකාශිත ආදරයක් ඔබට තිබේද? තිබුණාද?
මගේ ජීවිතේ එහෙම අවස්ථා තිබිලා නෑ.

* ආදරය කරන දෙදෙනකුගෙන් පෙම්වතා වැඩිමහල් විය යුතුද?
ආදරේට එහෙම සම්මතයක් නෑ. වයසින් වැඩිමල්ද, කසාද බැඳලද, දරුවො ඉන්නවද, වැරදියට ජීවත්වෙන කෙනෙක්ද කියන කිසිම දෙයක් ආදරේට අදාළ නෑ. ආදරේ හැමෝටම ‍පොදු මානුෂීය හැඟීමක්.

* ඔබට වඩා වයසින් වැඩිමහල් කෙනකු ගැන ආදරයක් හිතිලා තියෙනවාද?
මට හිතෙන තරමක් වැඩිපුර ආදරේ හිතිලා තියෙන්නේ මට වඩා වයසින් වැඩි අයට.

* පෙම්වතියගෙන් ලැබුණු පළමුවැනි තෑග්ග මොකක්ද?

ෆර්ෆියුම් එකක් තමයි මට මුලින්ම ලැබුණේ.

* ඇය ඔබට ආදරයට කියන නම මොකක්ද?
කාලෙන් කාලෙට හිටිය පෙම්වතියෝ ඉතින් එක එක නම් කියනවා. ඒ අතරින් ‘ජනු’ කියන නම තමයි ගොඩක්ම කියලා තියෙන්නේ.

* කාන්තාවකගේ ඔබට ආදරේ හිතෙන්නේ ඇයගේ මොන වගේ ගතිගුණවලටද?
මුලින්ම ආදරේ හිතෙන්නේ ආකර්ෂණයට. නමුත් පසුකාලීනව තේරුම් ගැනීමේදී මං කැමති සමාජයත් එක්ක ගනුදෙනු කළ හැකි, ‍පොළොවේ පය ගහලා ජීවත් වෙන, දෙමාපියන්ට ආදරේ කරන, මනුෂ්‍යත්වයට ආදරය කරන, ඒ වගේම උපරිම ආදරයෙන් ඉන්න කෙනෙක්ට.

* ආදරය විවාහයෙන් කෙළවර වෙනවාද?
එතැන තියෙන්නේ බැඳීමක්. විවාහ වීමට ආදරේ කරන්න අවශ්‍ය නෑ. විවාහවෙලත් ජීවිත අවුල් වුණු අය මං දැකලා තියෙනවා. විවාහය කියන වචනයට කොටුවිය යුතු නෑ. ඒ දිහා පුළුල් අර්ථයකින් බලන්න ඕන. ආදරය ආත්මීය බැඳීමක් විය යුතුයි. විශ්වාසය සහිත වූ දෙයක් මිස විවාහය ලෝකෙට පෙන්වන්න ඕන දෙයක් ‍නෙවෙයි.

* විවාහය නිසා මිනිසුන් වෙනස් වෙන්නේ කොහොමද?

විවාහයට පස්සේ මිනිසුන් ජීවිතේ වගකීම් සහගත වෙනවා. තනි ජීවිතයක් ‍නෙවෙයිනේ එතකොට ගෙනියන්නේ. හොඳ ගැහැනියක් ලැබුණොත් තමන්ව හොඳ මාර්ගයේ ගෙනියන්න ඇයට හැකියාව තියෙනවා. එතැනදී නිවැරදි තෝරාගැනීම තමයි වැදගත් වෙන්නේ. හොඳ සහකාරියකට මිනිහෙක්ගේ ජීවිතේ හදන්න පුළුවන්.

* විවාහය ලියාපදිංචි කළ යුතුද? ඒ ඇයි?
ඒකත් අපි දාගත්තු සම්මතයක්. එහි වැරැද්දක් මං දකින්නේ නෑ. නමුත් එය එහෙම විය යුතුම නෑ. විවාහය ඉතින් ජන සංඛ්‍යාතය හොයාගන්න හොඳයි. ඊට වඩා කොළේකට සීමාවීමේ වැදගත්කමක් මං දකින්නේ නෑ. විවාහය තුළ තියෙන්න ඕන ලියාපදිංචියට වඩා එකට ජීවත්වීම, විශ්වාසය කියන දේවල්.
* ආදරය සහ රාගයට එකවිට පැවැත්මක් තියෙන්න පුළුවන්ද?

අනිවාර්යයෙන්ම එය එසේ විය යුතුයි. රාගය තියෙන්නේ ආදරේ තුළ. නමුත් ප්‍රමුඛ විය යුත්තේ ආදරය. රාගය ප්‍රමුඛ කරගත්තොත් ඒ සබඳතාවයේ සාර්ථකත්වයක් දකින්න අමාරුයි.

* ඇය සමග තරහ වුණාම ඔබ මොකද කරන්නේ?

අපේ පරණ කතාවක් ගැන කීවම ඉතින් එයාව ෂේප් කරගන්න පුළුවන්.

* ඒ තරහව කොච්චර කාලයක් තියෙනවාද?

අපි කෙනෙක්ට හදවතින්ම ආදරෙයි නම් තරහව හිතේ තියාගෙන තේරුමක් නෑ. හේතුව තමයි ආදරේදි ‍පොර වීම ‍නෙවෙයි වැදගත් අනිත් කෙනාගේ සතුට. එහිදී තමන් ගැන නොහිතා පුළුවන් තරම් නම්‍යශීලී වීම වැදගත්. රණ්ඩුවකදී මුලින්ම නම්‍යශීලී වෙන කෙනාට තමයි ඇත්තටම ආදරේ අවශ්‍ය සහ ආදරේ වටින්නේ.

* විරහව එක පේළියකින් විස්තර කරන්න?

ආදරේ තුළ තියෙන අත්දැකීමක් තමයි විරහව.

* ආදරය එක් සහකාරියකට පමණක් සීමා විය යුතුද?
ආදරයක් හිතේ වේ නම් එය ඒ කෙනා වෙනුවෙන්ම විය යුතුයි. ඒක තමයි මගේ විශ්වාසය. බුදුහිමිත් දේශනා කරලා තියෙන්නේ ජීවිතේ විනාශ වෙන මාර්ගයට ස්ත්‍රිය එක හේතුවක් වෙනවා කියලා. ආදරෙ පිළිබඳ තීරණ ගැනීමේදී ජීවිත කාලය පුරාවටම එක් අයෙක් සමග විතරක් ඉන්න අවශ්‍ය දේවල් අපි ගොඩනගා ගත යුතුයි. කෙතරම් ප්‍රශ්න ආවත් විසඳුම දික්කසාදය කරනොගෙන බැඳීමකට පැවැත්මක් ගොඩනගා ගන්න හැකියාව අප සතු විය යුතුයි.

* මේ වෙද්දි ගැහැනු ළමයි කීදෙනෙක් දාලා ගිහින් තියෙනවාද?
මේ වෙනකොට ගැහැනු ළමයි දෙන්නෙක් දාලා ගිහින් තියෙනවා.

* ආදරයට නිර්වචනයක් දෙන්න?
ලෝකේ තියෙන වචන අතරින් ලස්සනම සහ නරකම වචනය ආදරය.

නඳුනි ආරියවංශ [රිවිර]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *