අනුරාධපුර නටඹුන් දාගැබකින් සිතූ පැතූ සම්පත් ලබාදෙන බුද්ධ මන්ත්‍රයක් හමුවෙයි මෙන්න එම මන්ත්‍රය 

අනුරාධපුර නටඹුන් දාගැබකින් සිතූ පැතූ සම්පත් ලබාදෙන බුද්ධ මන්ත්‍රයක් හමුවෙයි මෙන්න එම මන්ත්‍රය

සජ්ජායනා කිරීමෙන් ලව්කික සම්පත් ලබා දෙන බව පැවසෙන බුද්ධ මන්ත්‍ර පිළිබඳව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එහෙත් මේවා සියල්ලම පහේ මෑත කාලීන ජන සම්මතයන් වන අතර මේවායේ කිසිඳු ඓතිහාසිකත්වයක් තහවුරු කර ගැනීමට නොහැකි වී තිබේ.

දුටුගැමුණු රජ තුමන් විසින් භාවිතා කරන ලැදැයි පැවසෙන මහා නුභාව ගාථා රත්නයන්හි අතීතය පවා මීට වසර දෙතුන් සියක් නොයික්මවන බව ශාස්ත්‍රීය වශයෙන් සනාථවී තිබේ. එයින් එමගින් අතිතයේ බුද්ධ මන්ත්‍ර නොතිබූ බවක් නොහැගේ.

මේ අතර දැනට පුරා විද්‍යා ගවේෂණ සහ කැණීම් සිදුකරන අනුරාධපුර විජයාරාම පුරාවිද්‍යා පරිශ්‍රයේ තිබී මහානුභාව සම්පන්න යැයි සැළකෙන මහායාන බුද්ධ මන්ත්‍රයක් හෙවත් ‛ධාරණියක්’ සහිත තඹ පතක් හමු වී ඇත. සිංහල බසින් ලියැවුණු මෙම ධාරණියේ අක්ෂරවලට අනුවඑය ක්‍රි.ව. 600ගණන්වලට අයත් යැයි එම පුරා විද්‍යා කැණීම් භාරව කටයුතු කරනමධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරා විද්‍යා අධ්‍යක්ෂ (අනුරාධපුර) සේවාසම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා පවසා සිටියි.

මෙම බුද්ධ මන්ත්‍රයේ පුරාවිද්‍යාත්මක අගය තහවරු වනුයේ එම මතය පළ කල පුරාවිද්‍යාඥයා සතු ශාස්ත්‍රීය ප්‍රතාපයද පදනම් කර ගනිමිනි.

සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී කුලතුංග මෙරට ඉතිහාස හා පුරාවිද්‍යා කේෂ්ත්‍ර වෙනුවෙන් විපුල මෙහෙයක් ඉටුකළ මහා පඬිවරයෙකි. ඒ උදෙසා මහාචාර්ය ටී.ජී.කුලතුංගයන්ට 2017සැප්.07දින බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපාධි ප‍්‍රදානෝත්සවයේදී ඞී.ලිට් ( සාහිත්‍ය ශූරී) සම්මාන උපාධිය ද පිරිනැමේ.

ඔහු විසින් මේ වන විට ප‍්‍රකාශයට පත් කර ඇති සියයකටත් අධික ග‍්‍රන්ථ හා පර්යේෂණ ලිපිවලින් ඔහු විශිෂ්ට පුරාවිද්‍යාඥයයෙකු හා ඉතිහාසඥයෙකු බව මනාව සනාථ කර ඇත. පුරාණ අභයගිරි විහාරය නම් වූ ඔහුගේ කෘතියට 2015වසරේදී විශිෂ්ටතම පර්යේෂණ ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථයට හිමි වන රාජ්‍ය සම්මානය ද හිමි වීය. ඔහු විසින් රචිත ශී‍්‍ර ලංකාවේ කාසි හා මුදල් ව්‍යවහාරය නම් වූ පර්යේෂණ ග‍්‍රන්ථය 1924එච්.ඩබ්.කොඞ්රින්ටන් ලියූ සිලෝන් කොයින්ස් ඇන්ඞ් කරන්සි ග‍්‍රන්ථයෙන් පසු එම විෂයට අදාලව රචිත එකම ප‍්‍රමාණික ග‍්‍රන්ථය වේ.

ඔහුගේ වෙනත් ග‍්‍රන්ථ අතර මධ්‍යකාලීන ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක සංවිධාන, මහමෙව්නාවේ මහාවිහාරය, අභිලේඛන ශාපපාඨ අභයගිරි ලිපි ඇතූ ග‍්‍රන්ථ රාශියකි. ඔහු විසින් ලංකාවේ පුරාවිද්‍යාවට කරන ලද සේවය අගයමින් 2013දී සංස්කෘතික හා ජාතික උරුම අමාත්‍යාංශයෙන් උරුම ප‍්‍රසාද ස්වර්ණ සම්මානය පිරිනැමීය.

මෙම ධාරණී හෙවත් බුද්ධ මන්ත්‍රය හුදෙක් ජන සම්මතයට පමණක් සීමා නොවන්නක් බව අප හට ඒත්තු ගැන්වෙනුයේ මහාචාර්ය කුලතුංගයන් වැනි පර්යේෂකයෙකු විසින් එහි පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික අගය තහවුරු කොට ඇති බැවිනි.

‛ධාරණී’ යනු මහායානයට අයත් බුද්ධ මන්ත්‍ර විශේෂයක් ලෙස සැළකේ. මෙයඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන්නේ Great Compassionate Mantra නමිනි. එහිසිංහල අරුත ‛මහා කරුණා මන්ත්‍ර’ යනුවෙන් හැඳින්විය හැක. මෙම මන්ත්‍රවලටවැඳුම් පිදුම් කිරීමත් ඒවා සජ්ජායනය කිරීමත් මෙලොවදීම මහානුභාව සම්පන්නප්‍රතිඵල ලැබීමට හේතු වන බව පැවසේ. මෙම ධාරණිය සහිත තඹ පත නූතන සමාජය පළඳිනසුරවල තැන්පත් කරන ආනුභාව සම්පන්න යන්ත්‍රයකට තරමක් සමානය.
‛ධාරණීයන්නෙහි’ වාචික අර්ථය පමණක් සළකා බැලූ විට අරුත වන්නේ ‛යමක් දරාගෙනසිටිනවා’ යන්නය.

කෙසේ නමුත් ධාරණී යනු සංස්කෘත බසෙන් රචිත එක්තරා ආකාරයකගුප්ත මන්ත්‍ර විශේෂයකි. මෙය මතුරන්නාගේ හදවතේ බුද්ධ දේශනාවන් තැන්පත්කරවන්නට තරම් බලයක් ඇතැයි පැවසේ. මනා සිහිය, බලය සහ ප්‍රඥාව ළඟා කරගැනීමේඅරමුණින් මේවා මතුරනු ලබයි. එමෙන්ම මේවා මැතිරීමෙන් දීර්ඝායුෂ, ජයග්‍රහණය, සර්පයන් වැනි විෂඝෝර සතුන්ගෙන් ආරක්ෂාව සහ රෝගාදී කරදර ද දුරුවන බැව්විශ්වාස කෙරේ.

දැනට ථේරවාදී බුදුදහම අදහන ශ්‍රී ලංකාවේ මෙම ධාරණීවලට තැනක්ලැබී නැතත් එහෙත් අතීතයේ අප රටේ පැවති මෙම බුද්ධ මන්ත්‍ර චීනය ඇතුළු මහායානබුදුදහම අදහන බොහෝ රටවල අතිශය ජනප්‍රිය වී තිබේ. ඔවුන් පවසනුයේ මෙම බුද්ධමන්ත්‍ර සජ්ජායනය කිරීමෙන් තම ජීවිතවල සියලු දුක් කරදර වැනසී සතුට, සාමය සහසෞභාග්‍යය තමන් වෙත උදාවන බවය.

ධාරණී පහක් ඇතුළත් ‛පංචාරක්ෂා’ යන්න නේපාලයේ ඉතා ජනප්‍රිය පැරණි කෘතියකි. මෙහි පහත සඳහන් ආරක්ෂණ මන්ත්‍ර පහ ඇතුළත් වේ.

මහා ප්‍රාතිසාර – පවින්, රෝගාදියෙන් සහ නපුරෙන් ආරක්ෂා වීම

මහා සහස්‍රප්‍රමාදිනි – නපුරු ආත්මයන්ගෙන් ආරක්ෂා වීම

මහා මයුරි හෝ විද්‍යාරජ්නි – සර්ප විෂෙන් ආරක්ෂා වීම

මහා සිතාවති – ග්‍රහ අපල, දරුණු සතුන් සහ විෂ සහිත කෘමී සතුන්ගෙන් ආරක්ෂා වීම

මහා රක්ෂා මන්ත්‍රානුසාරණී – රෝගාදියෙන් ආරක්ෂා වීම

මෙම පුරාණ ධාරණී මන්ත්‍රය සහිත තඹ පත හමු වූ විජයාරාම පුරා විද්‍යා නටබුන්සංකීර්ණය යනු ක්‍රි.ව. 7වැනි සියවසට පමණ අයත් පබ්බත විහාරයක් ලෙස සැළකේ.මෙහි පොහොය ගෙය, පිළිම ගෙය, බෝධි ඝරය, ස්තූපය, ජන්තාඝරය සහ දානශාලාවක්ඇතුළත් පුරාණ සමාරක 43ක් හමු වී තිබේ. ඒවා අතර ‛ශංඛ පද්ම බහිරව රූප ද’ දතිබේ. අක්කර 23 ක විශාලත්වයකින් යුත් මෙම පබ්බත විහාරය වටා තිබූ දිය අගලකනටබුන් ද සොයාගැනීමට ද මහාචාර්ය ටී.ජී. කුලතුංග ප්‍රමුඛ පර්යේෂක කණ්ඩායමටහැකිවී තිබේ.

මෙම ගවේෂණයට නායකත්වය දුන් මහාචාර්ය කුලතුංග 1986සිට මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ අභයගිරි ව්‍යාපෘතියට සම්බන්ධව කටයුතු කරන අතර දැනට අභයගිරිය – මහාවිහාරය- අනුරාධපුර විජයාරාමය ආදියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක වේ. අභයගිරි ස්තූපය සංරක්ෂණය කිරීම ආරම්භයේ සිට අවසානය දක්වාම එහි පුරාවිදා අධ්‍යක්ෂක වූයේ ඔහුය.

ශී‍්‍ර ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ අධි සාමාජිකයෙකු වන ඔහු සභාපති ලේකම් ආදී තනතුරු රැසක් හෙබවීය. දීර්ඝ කාලයක් පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජිකයෙකු වීය. ජාතික පුරාවිද්‍යා ප‍්‍රතිපත්තිය සැකසීමේ කමිටුවේ සාමාජිකයෙකු වීය.ශී‍්‍ර ලංකා කලා මණ්ඩලයේ පර්යේෂණ හා ප‍්‍රකාශන කමිටුවේ වරෙක සභාපති වීය.පුරාවිද්‍යා පශ්චාත් උපාධ් ආයතනයේ කලමනාකරන මණ්ඩලය අධ්‍යයන මණ්ඩලය ආදියේ සාමාජිකයෙකි.

ඔහුගේ ගවේෂණයට ලක් වූ අනුරාධපුර විජයාරාමය 1884දී පමණ එවකට නුවරකලාවියේඒජන්ත වූ අයිවර්ස් මහතා හා එස්.එම්.බරෝස් මහතා විසින් සොයා ගැනීමෙන් පසු 1891දී ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් මහතාවිසින් මූලික ගවේෂණයක් අරඹන ලදී. එහි ස්තූපය ඒ වන විටත් නිදන් හොරුන්විසින් සාරා තිබු බවත් එය සෑරූ පස් අතර තිබී මහායාන සූත්‍ර පාඨ සඳහන් තඔපත්ඉරු හමු වූ බවත් එතුමන් වාර්තා කර ඇත.

එහෙත් එම පත්ඉරු මේ වන තුරු සොයාගත නොහැකිව තිබේ. එහෙත් විජයාරාම ස්තූපය හා අනිකුත් නටබුන් සංරක්ෂණය සඳහාදැනට කෙරෙන කැනීම්වලදී ස්තූප අංගනයට පහළින් ගොඩ ගසා තිබූ ගොඩැලි නිදන්හොරුන් විසින් ස්තූපය සෑරීමේදි ඉවත දැමූ පස් බව අනාවරණය විය. එහෙයින් එමපස් ගොඩැල්ලක සියුම්ව කළ කැනීම්වලදී ස්තූපයේ නිදන් කර තිබූ තඹ පත්ඉරුවකලියූ මහායාන ධාරණිය මහාචාර්ය කුලතුංගයන් ප්‍රමඛ පර්යේෂක කණ්ඩායමට හමුවී ඇත. 1891 වසරේ එච්.සී.පී. බෙල් මහතා සිදු කළගවේෂණයෙන් වසර 124කට පසුව මෙම පරිශ්‍රය පුරා විද්‍යා ගවේෂණයකට ලක් වූ ප්‍රථමඅවස්ථාව ද මෙය වේ.

මහායානිකයින් විසින් ස්තූපවල මෙම ධාරණී නිදන්කිරීමේදී ඒවා ධර්ම ධාතු ලෙස සළකා ඇති බව මේ සම්ප්‍රදායටම අයත් අනුරාධපුරපුලියන්කුලම විහාර භූමියෙන් හමු වූ ශිලා ලිපියක ‛දහම් දා’ යනුවෙන් සඳහන්වීමෙන් පැහැදිලි වේ. හමුවූ තඹ තහඩුවේ ඇති ධාරණිය හෙවත් බුද්ධ මන්ත්‍රයේසඳහන් වන්නේ ‛ඕම් තරෙතුතරෙතුරෙස්වාහඃ’ යන්නය.

හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක යන්ගේ අනුමැතියෙන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ මැදිහත්වීමෙන් 2015 වසරේ මුල සිට මෙම පරිශ්‍රයේ කැණීම් ආරම්භ විය. මෙම කටයුත්ත සඳහා සමස්ත ලංකාබෞද්ධ මහා සම්මේලනය ද විශේෂ අනුග්‍රහයක් දක්වා ඇත. අනාගතයේදී අනුරාධපුරවන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පුරා විද්‍යා නටබුන් නැරඹීම සඳහා මෙන්ම විවේකගැනීම සඳහා මෙම ස්ථානය ‛පුරා විද්‍යා හරිත උද්‍යානයක්’ වශයෙන් සංරක්ෂණයකිරීම සඳහා කටයුතු යොදා තිබේ.

නමුත් ඉතාම අවාසනාවන්ත තත්වය වන්නේ නොවිධිමත්පස්කැපීමක් නිසා මෙහි ප්‍රවේශ මාර්ගය අවහිර වී තිබීමය. ඒ නිසා වාහනවලින්පැමිණෙන දෙස් විදෙස් සංචාරකයෝ මෙය නැරඹීමට නොහැකිව ආපසු හැරී යති. උතුරුමැද පළාත් සභාව මැදිහත් වී මීටර් 500ක පමණ දුර ප්‍රමාණයක් ඇති මෙම ප්‍රවේශමාර්ගයේ ගැටලුව නොපමාව විසඳා දෙන්නේ නම් මෙම ස්ථානයේ අගය මහජනතාව අතරේප්‍රචලිත වීමට පහසු ඉඩකඩක් සැළසෙනු ඇත.

තිලක් සේනාසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *