පැරණි පෙම්වතියගේ නිරුවත් වීඩියෝ විකුණනන බව පවසා කැත වැඩක් කරන්න හැදූ පෙම්වතාට අන්තිමට වුනු වැඩේ මෙන්න

පැරණි පෙම්වතියගේ නිරුවත් වීඩියෝ විකුණනන බව පවසා කැත වැඩක් කරන්න හැදූ පෙම්වතාට අන්තිමට වුනු වැඩේ මෙන්න

සිය පැරණි පෙම්වතිය ඇසුරු කරන සමයේදී පටිගත කළ විඩියෝවක් ප්‍රසිද්ධ කරන බව කියමින් වෙන්නප්පුවේ තරුණියකගෙන් කප්පම් මුදල් ලබා ගත් මිගමුවේ තරුණ සැමියෙකු රහස් පොලිසියේ අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු තම පියාද සමඟ මීගමුවේ විඩියෝ තැටි අලෙවි හලක් පවත්වාගෙන යන්නෙකි. ඔහු මීට මාස 4 කට පෙර විවාහ වූ අයෙකු වන අතර තම යුග දිවියේ මතු වූ මුදල් අවශ්‍යතාවක් මත පැරණි පෙම්වතියකගේ විඩියෝ දර්ශනයකින් මෙලෙස මුදල් ඉපැයීමට උත්සාහ කොට ඇති බව පැවසෙයි.

මෙම සිද්ධිය ඔස්සේ කරුණු විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එම විඩියෝ අලෙවි සැලටම පැමිණ මෙම තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් පවත්වාගෙන ගිය විඩියෝ අලෙවි සැල ද විශේෂ පරික්ෂාවකට ලක් කොට තිබේ.

මෙම තැනැත්තා මීට පෙරද මෙවැනි ක්‍රම මගින් කප්පම් ලබා ගත් අයෙකුද යන්න පිළිබඳ විමසා බැලෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

එස්.ටී.පී.සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *