බාගෙට ලියලා නතර කරපු සිංදුව ඊයෙ ලියලා ඉවර වෙද්දි ගොඩක් දේවල් වෙනස් වෙලා මම මේක ලිවුවේ තුෂාර ජෝසප් ට ඒත් මට දැන් මේක උඹට දෙන්න විදිහක් නෑ උවිදු දයාරත්නගෙන් ආන්දෝලනාත්මක කතාවක්

බාගෙට ලියලා නතර කරපු සිංදුව ඊයෙ ලියලා ඉවර වෙද්දි ගොඩක් දේවල් වෙනස් වෙලා මම මේක ලිවුවේ තුෂාර ජෝසප් ට ඒත් මට දැන් මේක උඹට දෙන්න විදිහක් නෑ උවිදු දයාරත්නගෙන් ආන්දෝලනාත්මක කතාවක්

ලංකාවේ අදවෙනවිට ජනප්‍රියතම ගායකයෙක් තමයි sahara flash තුෂාර ජෝශප් කියන්නේ ,මේ වනවිට යුටුබ් එකේ ජනප්‍රියතම ගීත කිහිපයකම ගායකයා ඔහුයි . sahara flash තුෂාර ට මේ ගමන එන්න ගොඩක් හෙල්ප් කරපු කෙනෙක් තමයි උවිඳු දයාරත්න කියන්නේ. “මියයන්න සුදානම් ” සින්දුව වගේම මේ දවස් වල ලංකාවේම හිට් එකක් වෙච්ච “හිත ගාව හීන මාලිගේ ” සින්දුවත් ලියුවේ උවිඳුයි .

ලංකාවේ කිසිම එෆ් .එම් එකක ටීවී චැනල් එකක කිසිම සපෝර්ට් එකක් නැතිව ලංකාවේම හිට් වුනු ගායකයෙක් තමයි තුෂාර ඒ වගේම ඒ සින්දු ලිවුව උවිඳුත් ලංකාවේම ප්‍රසිද්දයි , උවිඳුගේ සින්දුවක් එනකම් මිනිස්සු ආසාවෙන් ඉන්නේ ලස්සන වචන හින්දා ,කොහොම උනත් උවිඳු අලුත්ම සින්දුවක් ලියල තියනවා අතමිට හිග නැති පෝසතා ” ( තාත්තා )” කියල ,ෆෙස්බුක් ස්ටේටස් එකක් දාලා උවිඳු කියල තියන්නේ මේ සින්දුව තුෂාරට නොදෙන්න තීරණය කරලා තියෙනව කියලයි ,ඒ ස්ට්ටේටස් එකේම දාලා තියෙනව තුෂාර කියන්නේ උවිදුගේ හොදම යාලුවෙක් කියල, මේ සින්දුව තුෂාරට නොදෙන්නේ වෙනත් බාහිර බලපෑමක් නිසා කියලත් උවිඳු දාලා තියෙනව .

මේ දවස් වල නෙට් එකේ හැමතැනම කතා වෙන්න මොකක්ද මේ අලුත් සින්දුව ” අතමිට හිග නැති පෝසතා ( තාත්තා )” කියලයි ,යුටියුබ් එකෙත් කට්ටිය දැන්ම මේ සින්දුව හොයන්න පටන් අරන් .උවිඳුටත් නොකඩවා මැසේජ් ගලාගෙන එන්න පටන් අරන් මොකද මේ සින්දුව, තුෂාරට සින්දුව නොදුන්නේ ඇයි කියලා , කොහොම උනත් ” අතමිට හිග නැති පෝසතා ” ( තාත්තා )” ගයන ගයාකයා ගැනවත් තොරතුරක් මේ වනවිට ආරච්චි වන්නේ නෑ . අපිට ආරංචි උනේ මේ සින්දුව හෙට අනිද්දම රිලීස් වෙන්වා කියලයි

” අතමිට හිග නැති පෝසතා ” ( තාත්තා )

උවිදු දයාරත්න කියලා එකෙක් ඉන්නවා කියලා මිනිස්සු දැනගත්තෙ තුෂාර ජෝසප් නිසා. ඒක කවදාවත් මට අමතක නෑ . නොදන්න අය මොනවා කිව්වත් , අපි එකතු වෙලා මේ ගේම ගැහුවෙ හරි අමාරුවෙන්. දැන් නම් අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා. ඒකයි මං අයිතිවාසිකම් නොකියා පැත්තට උනේ . හැබැයි තාමත් මං පට්ට ආදරෙයි . මං කාට ලිව්වත් මිනිස්සු ආස කළේ ඒවා උඹේ හඩින් අහන්න. මගේ වචන වලට ඉහටත් උඩින් සාධාරණයක් කරන්නෙ sahara flash තුෂාර කියල මේ රටේ උන් ගොඩක් විශ්වාස කෙරුවා . 

අම්මා තාත්තා ගැන අපිට එකතු වෙලා සිංදුවක් කරන්න කියලා කිව්වෙ වෙන කවුරුවත් නෙමෙයි . මේ රටේ කෙල්ලො කොල්ලොමයි. ෆෙස් බුක් එකේ post පවා ගියා මට වගේම උඹටත් මතක ඇති. මං බාගෙට ලියලා නතර කරපු සිංදුව ඊයෙ ලියලා ඉවර වෙද්දි , ගොඩක් දේවල් වෙනස් වෙලා . මේක ලිව්වෙ වෙන කාටවත් නෙමෙයි . තුෂාර ජෝසප් ට . ඒත් මට දැන් මේක උඹට දෙන්න විදිහක් නෑ . ඒ ගැන දහස්වාරයක් මං දුක් වෙනවා . ඔයාගෙ සුදු මහත්තයට සමාවෙන්න සහෝ . මං නෑ කියලා ඔයාට පාඩු නෑ . ගමන සුබයි ! ජය වේවා !

” බත්පත අතට ගත්තේ අපි කෑවද අසා
අතමිට හිග දවසෙත් නෑ නොකියපු පෝසතා ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *