මහරජ කන්සා කතාවෙහි රගන සුරතල ක‍්‍රිෂ්ණා කුමරුගේ සැබෑ ජීවිතය පිලිබඳ පුදුම හිතෙන කතාවක් මෙන්න

මහරජ කන්සා කතාවෙහි රගන සුරතල ක‍්‍රිෂ්ණා කුමරුගේ සැබෑ ජීවිතය පිලිබඳ පුදුම හිතෙන කතාවක් මෙන්න

සෙල්ලම් කිරීමට මෙන්ම පුංචි පුංචි දග වැඩ කිරීමට ද, විහිළු තහළු කරමින් සැවොම සිනා ගැන්වීමට ද උපන් හපන්කම් ඇති පුංචි දගයෙකු නිසා මහරජ කන්සා ටෙලි කතා මාලාව මේ වනවිට රූපවාහිනී පේ‍්‍රක්ෂ්කයන් අතර මහත් ජනප‍්‍රියත්වයට පත් වී තිබේ. මෙකී පුංචි දගයා අන් කවරකුත් නොව මහරජ කන්සා හි ප‍්‍රධාන චරිතය වූ ක‍්‍රිෂ්ණා කුමරුන්ගේ කුඩා කාලයේ චරිතය සඳහා රංගනයෙන් දායක වන නිර්නා සමාධියාය.

මේ වනවිට වයස අවුරුදු 6 ක් වන පුංචි නිර්නා මහරජ කන්සා ටෙලි නාට්‍ය මාලාවට එක්වන විට ඔහුගේ වයස අවුරුදු හතර ලැබුවා පමණි. ඒ වනවිට ඔහු ඉන්දියානු රූපවාහිනී නාලිකාවක් වන සෝනි ටීවී හි විකාශය වූ සබ්සේ බඩා කලාකර් නම් වූ රියැලිටි වැඩසටහන හරහා මුළු ඉන්දියාවේම ප‍්‍රසිද්ධියට පත් වී සිටි ළමා රංගන ශිල්පියෙකි. මෙම රියැලිටි වැඩසටහන තුළින් විවිධ චරිත දහයකට අධික සංඛ්‍යාවක් සඳහා රංගනයේ යෙදී ඇති නිර්නා එහි විනිසුරුවන් වන රවීනා තන්ඩන්, බෝමන් ඉරානි සහ අර්ෂාඞ් වර්ෂි පුදුමයට පත් කළ ළමා තරගකරුවෙකු ලෙස ද හැඳින්විය හැකිය. නමුත් මෙම රියැලිටි තරගාවලියේ අවසන් තරගකරුවන් දොළොස් දෙනා අතරින් ඉවත්ව යන්නට ඔහුට සිදු විය.

ඉන්පසු Paramavatar Shri Krishna කතා මාලාවේ ක‍්‍රිෂ්ණාගේ බාල කාලය සඳහා රංගනයෙන් දායක වන්නට කැමති කුඩා දරුවන් සඳහා පැවැත් වූ සම්මුඛ පරීක්ෂණයෙන් පුංචි නිර්නා සමත් වී ඇත්තේ ළමා තරගකරුවන් 300 දෙනෙකු පරදවමිනි. ඒ අයුරින් ක‍්‍රිෂ්ණා චරිතය සඳහා තේරීපත් වූ ඔහු මේ වනවිට ටෙලි නාට්‍ය මාලා තුනක් සඳහා රංගනයෙන් දායක වී තිබේ.

2011 වසරේ ඔක්තෝබර් මස පළමු වෙනිදා ඉන්දියාවේ ඉන්දෝරා හි උපත ලද පුංචි නිර්නා මේ දක්වාම ජීවත් වන්නේ ඉන්දෝරා නගරයේමය. ඔහුගේ පියා අමිත් සමාධියා වෘත්තියෙන් ගුරුවරයෙකු වන අතර මව දීපාලි සමාධියා ගෘහණියකි. ඔවුන්ගේ එකම දරුවා වූ නිර්නා ඔවුන් විසින් හඳුන්වනු ලබන්නේ බෙබූ යන සුරතල් නාමයෙනි. ඔහු බාල කාලයේ සිටම විවිධ චරිත අනුකරණය කරමින් රංගනයේ යෙදෙන්නට මහත් කැමැත්තක් සහ දක්ෂතාවක් දැක් වූ බව ඔවුහු කියති. ඉන්දෝරා ප‍්‍රාථමික පාසැලේ පළමු වසරේ ඉගෙන ගන්නා නිර්නා ඉගෙනීමට මෙන්ම ස්කේටිං ක‍්‍රීඩාවට ද දක්ෂකම් දක්වන්නෙකි. මව පවසන අන්දමට නිර්නාට විනෝදාංශ දෙකක් තිබේ. ඉන් පළමුවැන්න වීඩියෝ ගේම් ගැසීමය. දෙවැන්න චිත‍්‍රපට බැලීමය.

කන්සා ටෙලි නාට්‍ය මාලාව නිසා ජනාදරයට පත් පුංචි නිර්නා වරක් සන් ටීවී හි සම්මුඛ සාකච්ඡුාවක් සඳහා සහභාගි විය. එහිදී ඔහුගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව ඇසූ විට ඔහු පැවසුවේ තමා ටයිගර් ෂ්රොෆ්ගේ වැනි පෙනුමක් හදා ගන්නට කැමැත්තෙන් සිටිනා බව සහ සල්මාන් ඛාන් ඇවිදින ආකාරයට ඇවිදින්නට කැමැත්තෙන් සිටිනා බවත් ය. ඒ නිසා ලොකු වූ පසු ෂ්රොෆ් මෙන් කොණ්ඩය සහ රැවුල සාදාගෙන සල්මාන් මෙන් ඇවිදීම තම එකම බලාපොරොත්තුව බව පුංචි නිර්නා පවසා තිබේ. කන්සා ටෙලි නාට්‍ය මාලාවේ රාධාගේ චරිතය ර`ගපාන පුංචි රංගන ශිල්පිණිය පිළිබඳව ඇසූ විට ඔහු පවසා තිබුණේ ‘‘එයාගෙ වැඬේ කියවන එකයි මාව සෙල්ලමට ගන්න එකයි ඒ නිසා මම වැඩිය එයාට කැමති නෑ මම කැමති ශ‍්‍රද්ධා කපූර් වගේ අහිංසක අයට විතරයි” යනුවෙනි.

දුලංජලී මුතුවාඩිගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *