මහා ගින්නකට මැදිවී මියගිය ගිනි නිවන බටයා නැවත ඉපදී පෙර බවය පිළිබද කියූ විශ්මිත කතාව මෙන්න

මහා ගින්නකට මැදිවී මියගිය ගිනි නිවන බටයා නැවත ඉපදී පෙර බවය පිළිබද කියූ විශ්මිත කතාව මෙන්න

වර්ෂ 2001 සැප්තැම්බර් මස 11 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය ඔබගේ මතකයේ ඇතිවාට සැක නැත. මුළු මහත් ලෝකයම කම්පාවට පත් කරමින් ලෝක බලවතාට එල්ල වූ එම ප්‍රහාරය සෑමදෙනාම පාහේ දැඩි සේ හෙළා දුටුවෝය.

මේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 2996 දෙනකු මියගොස් 6000කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. සියවසේ සිදුවූ දරුණුතම ඛේදවාචකයක් ලෙස සැලකෙන මෙම සිදුවීම රූපවාහිනි තිරය මතින් හා අනෙකුත් මාධ්‍යවලින් දුටු බොහෝ දෙනා තැති ගත්හ. එම දසුන්වල සනිටුහන්ව තිබුණේ කුලුනු තුළ සිරවූ සිය දහස් ගණන් පිරිස් දිවි බේරා ගැනීම සඳහා කරන අරගලයයි.

සමහරකු ගිනි නිවන භටයන් පැමිණ තමන් බේරා ගන්නා තෙක් නොඉවසිලිවන්තව බලා සිටි අතර තවත් සමහරෙක් දිවි බේරා ගැනීමට ජනෙල් කවුළු තුළින් පිටතට පැනීමට පවා කටයුතු කළහ. දුටු දුටුවන්ගේ හද කම්පා කරවීමට මේ දසුන් සමත් වූ අතර ගිනි නිවන භටයන් ජීවිත බේරා ගැනීමට යුහුසලුව කටයුතු කරන ආකාරය දක්නට ලැබිණි. එහිදී ගිනි නිවන භටයෝ සැලකිය යුතු පිරිසක්ද මරණයට පත්වූහ. මෙසේ මියගිය ගිනි නිවන භටයකු ඇමෙරිකාවේම කුඩා දරුවකු ලෙස යළි උපත ලබා ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය මඟින් අනාවරණය විය.

රේචල් නෝලන් නම් ඇමෙරිකානු මවට තම කුඩා පුතු තෝමස්ගේ අසාමාන්‍යභාවයක් කුඩා කළ සිටම දක්නට ලැබිණි. ඔහු වයසට වඩා මුහුකුරා ගිය ස්වභාවයක් හැම විටම පෙන්වීය. තෝමස්ට සිවු හැවිරිදි වියේදී ඔහුගේ අනාගතයේ කවරකු වීමට බලාපොරොත්තු වන්නේ දැයි ඇසූ විට ඔහු පැවැසුවේ ගිනි නිවන භටයකු වීමට අවශ්‍ය නැති බවයි. “ගිනි නිවන හමුදාවට යන්න මට ඕන නෑ. මොකද මම දැනටමත් ගිනි නිවන භටයෙක් වෙලා ඉ¼දලා තිබෙනවා. දැනටත් මම එහෙමයි.” තෝමස්ගේ මේ ප්‍රකාශය සැවොම පුදුමයට පත් කළ අතර ඔහු තව දුරටත් කියා සිටියේ “මම උදේට නැඟිටලා වැඩට යනවා. හවසට ඇවිත් ගිනි නිවන ඇඳුම් ගලවනවා.” යනුවෙනි.

තම දරුවා සෙල්ලමට මේ දේවල් පවසන බව සිතුවද දරුවා තවදුරටත් තමන් ගිනි නිවන භටයකු ලෙස කළ රාජකාරි හෙළි කරන්නට විය. දිනක් සඟරාවක ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඡායාරූපයක් දුටු දරුවා පවසන්නට වූයේ “නරක මිනිසුන් මේ ගොඩනැඟිලි පිච්චුවා.” මිනිසුන්ට බේරෙන්න බිමට පනින්න වුණා. මට එයාලා බේරගන්න බැරිවුණා” යනුවෙනි. වරක් ගිනි නිවන හමුදාවට අයත් වාහනයක් නැරැඹීමට ඔහු ගෙන ගොස් සිටියදී වහාම ඒ මතට නැඟ ගත් ඔහු එහි තිබූ උපකරණ ක්‍රියාත්මක කරන්නට වූයේ පුරුදුකාරයකු මෙනි. එහි සිටි ගිනි නිවන භටයන් සිතා ඇත්තේ මේ දරුවාගේ පියා ගිනි නිවන භටයකු බවය. නමුත් ඔහුගේ පවුලේ කිසිවකුත් ගිනි නිවන හමුදාවට සම්බන්ධ නොමැති බවත් ඔහු මෙවැනි රථයකට ගොඩ වූ පළමු අවස්ථාව මෙය බවත් ඇසීමෙන් එහි සිටි සියල්ලෝම මහත් පුදුමයට පත් වූහ.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය ගැන මේ දරුවා තුළ ඇත්තේ ඉතා හොඳ මතකයකි. ගිනි ජාලා අතර සිරවුණු පිරිස් ඔවුන් බේරා ගැනීමට ගිනි නිවන භටයන් පැමිණෙන තෙක් බලා සිටි අයුරු ඔහුට මතක තිබේ.

තෝමස් එවකට මෑන් හැටන් ගිනිනිවන හමුදාව සතුව තිබූ ට්‍රක් රථය පිළිබඳව මනා විස්තරයක් කළ අතර එය ෆෝඩ් ජොන්සන් අ8 වර්ගයේ රථයක් බව ඔහු විසින් නිවැරැදිව පවසන ලදී. එම රථය 2001 ප්‍රහාරයේදී ගිනි නිවන භටයන් එම ස්ථානයට ප්‍රවාහනය කිරීම පිණිස භාවිත කරන ලද රථය වීමද සුවිශේෂය. එහිදී හානියට පත්වූ එම රථය මේ වන විට නිව්යෝර්ක් ප්‍රහාරය සිහිවීම පිණිස ඉදිකළ කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

පෙර භවයන් පිළිබඳ එතරම් විශ්වාස නොකරන ඇමෙරිකාව වැනි රටක වෙසෙන දරුවකු මේ තොරතුරු අනාවරණය කිරීම මෙම සිදුවීමේ ඇති තවත් සුවිශේෂත්වයකි. කෙසේ වුවද තෝමස් ගේ ඥාතීන් මුලින් සිතා සිටියේ 2001 ප්‍රහාරයෙන් මියගිය පුද්ගලගකුගේ ආත්මය කුඩා තෝමස්ට අරක්ගෙන ඇති බවය. නමුත් පසුව ඔවුන් මේ පිළිබඳ පර්යේෂකයන්ට පැවැසූ අතර එහිදී සිදු කළ පර්යේෂණවලින් අනාවරණය වූයේ 2001 ප්‍රහාරයෙන් මියගිය ගිනි නිවන භටයා කුඩා තෝමස් ලෙස නැවත උපතක් ලබා ඇති බවයි. නමුත් එදා එසේ මියගිය ගිනි නිවන භටයා කවුදැයි සෙවීමට පර්යේෂකයෝ වැඩි උත්සාහයක් නොගත්හ. ප්‍රහාරයෙන් ගිනි නිවන භටයන් 300කට වැඩි පිරිසක් මියගිය අතර ඒ අතරින් තෝමස් පවසන භටයා සොයා ගත්තේ නම් මෙම පුනර්භව සිදුවීමට වැඩි වටිනාකමක් එක් වීමට ඉඩ තිබිණි.

එල්. ජයසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *