මිනිසුන්ගෙන් පැටවා බේරාගන්න සටන් කර දරු සෙනෙහසින් හදවත පැළී මියගිය ඇතින්ක් පිළිබද සංවේදී කතාව මෙන්න

මිනිසුන්ගෙන් පැටවා බේරාගන්න සටන් කර දරු සෙනෙහසින් හදවත පැළී මියගිය ඇතින්ක් පිළිබද සංවේදී කතාව මෙන්න

අලි අල්ලා ගැනීම ලෙහෙසියෙන් සිදු කළ හැකි කටයුත්තක් නොවේ. මහා වනයේ කිසිවකුටවත් යටත් නොවී නිදහසේ ජීවත් වන සද්දන්තයන් උපක්‍රමශීලීව ගාලක් තුළට කොටු කර ගැනීම ඇඟේ පතේ හයි හත්තිය ඇති අයට පමණක් කළ හැකි ක්‍රියාවකි. අලි රංචුව කොටුව තුළට ගාල් කර ගත් පසු ඊළඟට කළ යුතු වන්නේ උන් හීලෑ කර ගැනීමය. ඒ සඳහා ක්‍රම දෙකක් යෙදවේ. පළමුවැන්න කෑමට කිසි දෙයක් නොදී උන් බෙලහීන කර ගැනීමය.

ඉන් පසු හීලෑ කර ගත් අලින් ලවා පහර දී අඩපණ කර ගැනීමය. හාමත්ව අඩපණව සිටින අලි ඇතුන්ට මදු ගසා හෝ දම්වැල් දමා කොටුව තුළ ඇති ගස්වලට තබා බඳින්නේ ඉන් පසුවය. මේ කටයුතු සියල්ලම අමානුෂිකය. අද කාලේ නම් සත්ව හිංසා නීති ඇතත් එදා ඒ කිසිත් නොතිබිණ. බ්‍රිතාන්‍යයෙන් මෙරටට පත් කර සිටි ඉහළම බලධාරියා වූ ආණ්ඩුකාරවරයා පවා අලි අල්ලන ත්‍රාසජනක කටයුත්ත නරඹා විනෝදයක් ලබා ගැනීමට එහි ගිය බවට වාර්තා වී ඇත.

බ්‍රිතාන්‍ය ලේඛක ජෝන් ෆර්ගසන් 1882 වසරේ ලබුගම කන්ද ප්‍රදේශයේ තිබූ ඇත්ගාලක් ගැන ඔහු ලියූ පොතට ඇතුළත් කර ඇති මෙම පරිච්ඡේදය තම සඟයන්ගේ නිදහස පතා ඇතින්නක කළ වීර සටනක් ගැන කම්පා කරන විස්තරයක් ගෙන එයි.

“හීලෑ අලි ඇතුන් හතර දෙනකු යොදාගෙන අලි රංචුවක් අල්ලා ගැනීමට අපේක්ෂා කරන බව චාර්ල්ස් ද සොයිසා මහතා අප සමග කියා සිටියේය. ඔහු යටතේ සිටි එක් ඇතින්නක වසර 80ක් වයසය. ඔහු ඇයට නම් තබා ඇත්තේ සිරිවල නමිනි. විශාල දළ යුගලක් තිබූ එම ඇතින්න සුවිසල් සිරුරකින් යුතු වුවද ඇය සිටියේ වැහැරෙමිනි.

එහෙත් වල් අලින් අල්ලා ගැනීම සඳහා ඇය ප්‍රයෝජනවත් වනු ඇත්තේ මෙම වල් අලින්ට හීලෑ අලින් යොදවා පහර දී හීලෑ කර ගන්නා නිසා ඇයට එය කළ හැකි වනු ඇත. අලි ඇතුන්ට අර්ධ ලෙස තර්ක කළ හැකි යැයි මතයක් වේ. අලි ඇත්තු බුද්ධිමත් බව ලාංකිකයෝ කියති. එය යම් හීලෑකමක් වන්නට ඇත. මෙම ඇතින්න ඇගේ ගොව්වා දෙන ඕනෑම විධානයකට යටත් වන බුද්ධිමත් ඇතින්නකි.

සොයිසා මහතා සතුව සිටි තවත් හස්තියකු වන රාජා “සිරිවල” ඇතින්නට වඩා අඩකින් පමණ කුඩාය. එහෙත් ශක්තිමත්ය. මෙම අලියා ඔහු මිලදීගෙන ඇත්තේ පවුම් සියයක මිලක් ගෙවාය. “සිරිවල” ඇතින්න මිලදී ගෙන ඇත්තේ රාජා මිලදී ගත් මිලට වඩා අඩක් අඩු මුදලින් බව ඔහු කීවේය. එහෙත් මෙම හස්තියා තවම තරුණය. වැඩි වියට පත් වූ විට ඔහු පරිපූර්ණ හස්තියකු වනු ඇත.

චාර්ල්ස් ද සොයිසා මහතා මෙම අලි ඇතුන් නඩත්තු කරන්නේ ඔහුගේ වෙනත් දේපොළ වලිනි. ඔහු ඒ වන විට මහා මාර්ග තැනීමේ කොන්ත්‍රාත්තු කරමින් සිටියේය. ප්‍රවාහන කටයුතුවල යොදවා ඇති කරත්ත සිය ගණනක් ද ඔහුට විය. රජයේ කැලෑ කපා රජයේ ගබඩාවට විකිණීමේ කොන්ත්‍රාත්තු ද ඔහු ලබා ගත්තේය. මේවායෙන් අතිවිශාල මුදලක් ඔහුට ලැබුණි. අලි ඇතුන් නඩත්තුවට ඒ මුදල් යෙදවිනි.

රාජා බලා ගන්නා ඇත් ගොව්වා අපූරු කතාවක් අපට කීවේ අසා සිටි අය මවිතයට පත් කරමිනි. රාජාට එතරම් වයස නැත. වයස අවුරුදු පහළොවක් විස්සක් පමණ වන්නට ඇත. එහෙත් ඌ ශක්තිමත්ය. බිම දැමූ ඕනෑම දෙයක් ක්ෂණයකින් සොයා ගැනී​ෙම් හැකියාවක් ඌට ඇත. දිනක් ඇත් ගොව්වා පැන්ස තුනේ කුඩා කාසියක් බිම දමා එය සොයන්නැයි රාජාට අණ කළේය.

වනයේ තණ බිම මැද කාසියක් සෙවීම අසීරු කටයුත්තකි. එහෙත් රාජා ඒ අභියෝගය ජය ගත්තේය. ටික වෙලාවක් තම හොඬය​ යොමා ඉව අල්ලා බැලූ රාජා තවත් ටික වෙලාවකින් කාසිය සොයා ගෙන එය තම හොඬයෙන් ගෙන පිට උඩ සිටි ඇත්ගොව්වාට දුන්නේ ඔහු මවිතයට පත් කරමිනි. රාජා දැන් මේ සෙල්ලම දිගින් දිගටම කරයි.

එදින අපි අලි හීලෑ කර ගන්නා අන්දම මනා ලෙස දැක ගතිමු. එය අපගේ වුවත් සිත් ත්‍රාසයට පත් කළ මොහොතක් බව නොලියා නොහැකිය. ඒ මොහොත අපට අලි ඇල්ලීම ගැන විස්තර කරමින් සිටියේ එක්නැලිගොඩගේ දෙවැනියා වූ එල්ලාවලගේ අත වැසියකු වන බ්‍රීචස් සහ රන්හාමි විසිනි. ගාලු නගරයේ සිටි ලාංකිකයන් අතරින් දිග කලිසම් වැනි ඇඳුමක් හැඳ සිටියේ බ්‍රීචස් හා රන්හාමි පමණය. එය හැඳින්වූයේ ‘සරුවාලය’ නමිනි. ඔවුහු අප අසල නිතර ගැවසීමට ද කැමැත්තෙන් සිටියහ.

හීලෑ කරගත් අලි ඇතුන් යොදා වන අලින්ට පහර දෙන අන්දම දැඩි සිතක් ඇති අයකුගේ පවා හදවත මෙලෙක් කිරීමට සමත් වන්නේය. මෙතෙක් කිසිම මිනිසකු දැක නැති රූස්ස වනයේ සිටින අලි ඇත්තු එක් වරම කොටුවක් තුළට කොටු කර ගත් පසු එම අලි හීලෑ කර ගන්නේ ඔවුන්ට කෑමට හෝ බීමට කිසිත් නොදී අනතුරුව හීලෑ අලින් යොදවා ඔවුන්ට පහරදීමෙනි.

මෙම පහර අඩපණ වූ සතුනට දරා ගැනීමට අසීරු එකකි. බොහෝ සත්තු මෙම පහර දීමේදී අසීරුවෙන් ඒ මේ අත දුවති. මහ හඬින් කෑ ගසති. දේශීය ජනතාව අපට කීවේ මෙම හඬ වැලපීමක් කියාය. හීලෑ කර ගත් අලි ඇතුන් අඩපණව සිටින වල්අලින්ගේ හිසට තම හිස තද කර ගෙන තල්ලු කරගෙන යද්දී දුර්වල වී සිටින අලි ඉබේම යටත් වෙති. මේ සියල්ල කෙරෙන්නේ මහත්​ ඝෝෂාවක් මැදය.”

ෆර්හසන් මෙම සටහන අවසන් කරන්නේ නිදහස පතා සටන් කළ ඇතින්නක් පපුව පැලී මියයාමේ දුක්මුසු කතාන්දරය ද සමගය.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරා ද බලා සිටි ඒ මොහොතේ ඇතින්න වීර සටනක් කර දිවි පිදුවද එදා කිසිවකුත් ඇත්ගාල නතර කළේ නැත.

ජෝන් ෆර්ගසන් එදා නිදහස පතා සටන් කළ ඇතින්න ළය පැලී මිය ගිය හැටි මෙසේ සටනක් කරයි.

“තවත් ඝෝෂාවක් ඇසුණෙන් අපි අට්ටාලයේ නැගී ගාල අසලට ගියෙමු. එම අට්ටාල තනා තිබුණේ ගාලට සමාන්තරව තිබූ දැවැන්ත ගස්වල එක්තරා උසකින් ලි දඬු බැඳ යටින් ඉණිමඟක් දිගේ එයට නැගිය හැකි ආකාරයටය. මෙම අට්ටාල සවි ශක්තිමත්ය.

මෙවැන්නක සිට පහත බැලු විට අලි ගාලේ බොහෝ ප්‍රදේශයක් දර්ශනය වේ. සිදු වන දේ ද එහි සිට හොඳින් බලා ගත හැකිය. හදිසියේ ගාලේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වුව හොත් අලියකු ගාල කඩා පැන ගිය හොත් අට්ටාලයේ සිටින්නන්ට අනතුරක් සිදු නොවේ. එහෙත් මෙවැනි අට්ටාලයක සිටිය හැක්කේ වැඩි මුදලක් ගෙවීමෙනි. සාමාන්‍ය නරඹන්නන් ලෙස එන ජනයාට මෙවැනි උසක සිට අලිගාල නැරඹිය නොහැකිය.

ඝෝෂාව ඇසුණේ අලි රංචුවක් ​කොටු කර ගත් නිසාය. විශාල ඇතකුද, ඇතින්නක සහ මධ්‍යම ප්‍රමාණයේ අලි පස් දෙනෙක් එහි වූහ. අමතරව කුඩා පැටව් දෙදෙනෙක් ද වූහ. අප එහි යන විටත් එල්ලාවලගේ කණ්ඩායම එම සත්ත්වයන් මදු ගසා ගස් බැඳීම සඳහා සූදානම්ව සිටියහ.

හීලෑ අලි මත නැග සිටි ගොව්වන් සහ මදු ගසන්නන් අලි රංචුවට මදු ගැසීම පහසු කිරීම සඳහා එම රංචුව රූස්ස ගස් ඇති පෙදෙසට යොමු කරන කටයුත්ත අරඹා තිබිණ. ඒ විගසම ඇතෙක් ඔවුන්ගෙන් මිදී ගාලට අයත් වූ බට පඳුරු ගොමුව තුළ නොපෙනී ගියේය. අනික් සත්තු ද ඒ පසුපස දුව ගියහ. යළිත් කලබලයක් ඇති වන බව මම සිතුවෙමි.

එහෙත් බ්‍රීචස් සහ රංහාමිගේ මෙහෙයවීම යට​ෙත් ක්‍රියාත්මක වූ මදු ගසන පිරිස ඇතින්න සහ එක අලියෙක් හීලෑ අලින්ගේ සහායෙන් මෙල්ල කර ගස් බැන්දාහ. එල්ලාවලගේ කණ්ඩායමේ සිටි මේ පළපුරුදු අලි අල්ලන්නන් පසු බා සිටි අවස්ථාවක් දැකගැනීමට හැකි වූයේ මේ අවස්ථාවේදීය. ගස් බඳින ලද ඇතින්න ඉන් මුදාගැනීමට ඉදිරියට පැන සටනට ආවේ කුඩා පැටවාය.

තවමත් කිරිබොන වයසේ සිටි මේ පැටවා ! තම මව බේරා ගැනීමට මිනිසුන් සමග සටන් වඳින්නට වූයේ මහා හස්තියකු සේ ය. රංහාමිලා සහ පිරිස මේ පැටවාට තම අත වූ හෙල්ලේ මිටෙන් පහර කිහිපයක් ගසා එළවා දැමීමට තැත් කළ ද එයින් මෙල්ල වූයේ එම කුඩා පැටවා නොවේ.

මෙරට පමණක් නොව බ්‍රිතාන්‍යයේ ද ජනයා අතර ආන්දෝලනයකට ලක් වූ මෙම හස්තියාගේ මරණය නිසා මෙරට ඇත්ගාල් පැවැත්වීම සදහටම නවතා දමන්නට සිදු විය. එහෙත් 1882 වසරේ ලබුගම කන්ද ඇත්ගාලේදී මෙවැනිම නිදහස් අරගලයකින් ඇතින්නක මියගොස් ඇත්තේ පපුව පැලීම නිසාය.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරා ද බලා සිටි ඒ මොහොතේ ඇතින්න වීර සටනක් කර දිවි පිදුවද එදා කිසිවකුත් ඇත්ගාල නතර කළේ නැත. ඉන් වසරකට පසු පනාමුරේ ඇත්රාජාගේ ඝාතනය සිදු වන තුරු අලි ඇතුන් කී දෙනකු නිදහස පතා සටන් කරන්නට ඇතිද?

මිනිසුන්ගේ පහරදීම් නොතකා මහ හඬින් කෑ ගසමින් තම මව් ඇතින්නගේ පාද අතර රිංගමින් ඇය බැඳ සිටි වරපට කැඩීමට අසාර්ථක උත්සාහයක් ගන්නා පැටවා නිසා ඇතින්නද කලබල කරන්නට වූවාය. ඇය තමා බැඳ සිටි දැවැන්ත කඹ කඩා ගැනීමට මහත් වෑයමක් දරුණු පෙනුණි.

තමා බැඳ සිටි රූස්ස ගස ද නැවෙන තරමට දෙපසට පැද්දෙමින් කුංචනාද කළ ඇතින්න, නිදහස් වීමට ගන්නා උත්සාහය දෙස අප බලා සිටියේ මවිතයෙනි. ඒ මොහොතේ අපට සිතුණේ ඇය බැඳ සිටි මහා වෘක්ෂයද ගැලවී බිම පතිත වේ දෝ කියාය. එහෙත් ඇය එක්වරම බිම පතිත වූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයටය.

එහෙත් ඇගේ වෑයම අවසන් නොවීය. පැත්ත වැටී කකුල් ඉස්සී සිටි ඉරියව්වෙන්ම සිටි ඇය, හොඬය වනමින් ඉස්සුණු පාද ඒමේ අතට විසි කරමින් උත්සාහ කළේ ඇය බැඳ සිටි කඹ කඩාගෙන යාමටය. පැටවා ද කෑගසමින් ඇතින්න ආසන්නයේම දැවටෙමින් සිටි අතර, වෙනත් කිසිවකුත් ඒ අසලට ළං වූයේ නැත.

හෝරාවක පමණ කාලයක් අරගල කිරීමෙන් පසු ඇතින්න නිසොල්මන් වනු දැක ගත හැකි විය.

විපරම් කිරීමේදී දැන ගත හැකි වූයේ ඇතින්න මියගොස් ඇති බවය. මේ ගැන රංහාමි සඳහන් කළේ ඇතින්න පපුව පැලී මියගොස් ඇති බවය.

මේ අවස්ථාවේ අප ඇස ගැටුණු ඛේදජනකම සිදුවීම නම් මියගිය ඇතින්නගේ කිරි බීමට අලි පැටවා ඇය අසල වැතිරී තැත් කිරීමේ දර්ශනයයි.

මේ සිද්ධියෙන් පසු එල්ලාවලගේ පිරිස එතැනින් ඉවත් වූ පසු රංචුවේ සිටි සෙසු අලි දෙදෙනකු ඇතින්න එසවීමට නිරර්ථක උත්සාහයක යෙදී එය අසාර්ථකවූ පසු ඉවත්ව යන අයුරු ද අප හද කම්පා කරවන දසුනක් විය.

බ්‍රිතාන්‍ය ලේඛකයකු වූ ජෝන් ෆර්ගසන් මේ කියන සිදුවීම පුරාණ ලංකාවේ අලි ඇතුන් විකිණීමේ ඛේදජනක ක්‍රියාවලියේ කඳුළු පිරි පරිච්ඡේදයකි. පැටවා රැකගැනීම සඳහා වීරෝධාර සටනක යෙදී ඇතින්න මියගිය පසුවද නොකඩවා මෙම ඇත්ගාල ක්‍රියාත්මක විය.

ඒ ෆර්ගසන්ගේ සටහනයි. එදා අසරණ සතුන් කොතරම් දුකක් විඳින්නට ඇත් දැයි අපට එම සටහනෙන් සිතා ගත හැකිය. අලි ඇතුන් මෙසේ හීලෑ කර අල්ලා ගන්නේ වැඩි වශයෙන්ම රට පැටවීමටය. බ්‍රිතාන්‍යය හා යුරෝපයේ තවත් රටවල සත්ව උද්‍යාන කරා මෙම අලි ඇතුන් පැටවුණේ පවුම් දහස් ගණනක ආදායමක් බ්‍රිතාන්‍යය රජයට ලබා ගනිමිනි.

1950 වසරේ මෙරට ඇත්ගාල් පැවැත්වීම නතර කර දැමුණේ එවකට මඩුවන්වෙල නින්දගමට අයත්ව තිබූ මොලමුරේ මහතාගේ සුප්‍රකට පනාමුරේ ඇත්ගාලේදී මෙසේ අල්ලා ගනු ලැබ නිදහස පතා සටන් කළ පනාමුරේ ඇත් රාජා යැයි ප්‍රකට ඇතාගේ මරණය නිසාය. අල්ලා ගෙන සිටි තම සගයන්ගේ නිදහස වෙනුවෙන් මහා නිදහස් අරගලයක් කළ එම හස්තියා ඇත් ගාලේ දඬුවැට කඩා දමා නිදහස ලබා ගන්නට ආසන්නට සිටි අවස්ථාවේ කදිරගාමර් නමැති වෙඩික්කරුවකු අතින් තම සටන මෙන්ම ජීවන ගමන ද නිම කළේය.

මෙරට පමණක් නොව බ්‍රිතාන්‍යයේ ද ජනයා අතර ආන්දෝලනයකට ලක් වූ මෙම හස්තියාගේ මරණය නිසා මෙරට ඇත්ගාල් පැවැත්වීම සදහටම නවතා දමන්නට සිදු විය.

ප්‍රේමකිර්ති රණතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *