වියෝගය දරාගත නොහැකි මිනිසුන් පිස්සුවට්ටපු අවුරුදු පහක් ගුවන්විදුලියේ විකාශනය නොවූ යුගයේ හොඳම විරහ ගීතය “මුළු හදින් මම ඇයට පෙම් කොට” ගීතයේ අරුත මෙන්න

වියෝගය දරාගත නොහැකි මිනිසුන් පිස්සුවට්ටපු අවුරුදු පහක් ගුවන්විදුලියේ විකාශනය නොවූ යුගයේ හොඳම විරහ ගීතය “මුළු හදින් මම ඇයට පෙම් කොට” ගීතයේ අරුත මෙන්න

මුළු හදින් මම ඇයට පෙම් කොට
අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
අයිති වුණු හැටි බලා දුක් වෙමි .

නිසංසල තැනකට වෙලා
හඩන මගෙ ඇස් දෙක දෙස බලා
කියන්නකෝ දෙවියනේ
මේ දුක් කොහොම ඉන්නද ඉවසලා

මගේ අත ගෙන කනට ළං වී
අනෙ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයිද සුදු
නොසිතුවෙද මට දුක් ලැබේයැයි

නිදැල්ලේ තුරුලට වෙලා
රහස් එක එක කොඳුරලා
සිනාසුණු හැටි මතක් වෙනකොට
කොහොම ඉන්නද ඉවසලා

එදා රෑ ගං ඉවුර අසබඩ
සුපුන් සඳ පායන වෙලාවක
කතා කී හැටි මතක් වෙනකොට
දුක දැනෙයි පවතින අපායක

මෙහෙම ලෝකෙක ඉපදිලා
සිතෙහි අදහස් සුන් වෙලා
මා උපන්නේ දුක් විදින්නද
දුක් කඳුළු මැද තනිවෙලා

ගායනය – නාරද දිසාසේකර
පද රචනය – එඩ්මන් ජයසූරිය
සංගීතය – කුලරත්න තෙන්නකෝන්

සිංහල ගීත ඉතිහාසයේ පරාජිත ප්‍රේමවන්තයින් ගැන කියවෙන ගීත අතුරින් වඩාත් තීව්‍ර ලෙස විරහ වේදනාව ප්‍රකාශ කරන ගීතයක් ලෙස නාරද දිසාසේකර ගායනා කළ මේ ගීතය හඳුන්වන්න පුළුවන්. ගීතය ලිව්වේ එඩ්මන් ජයසූරිය (ආරියදාස එඩ්මන්ඩ් පෙරේරා ජයසූරිය) මහතා. මෙය ඔහුගේ පුද්ගලික අත්දැකීමක් ඇසුරෙන් ගොඩනැගු ගීතමය කල්පනාවක්. ගීතයෙන් කියවන්නේ පරාජිත ප්‍රේමවන්තයෙක්‌ තම පෙම්වතිය අහිමි වූ වියෝව වෛරයකින් තොරව උපේක්‍ෂා සහගතව දරා ගන්නා ආකාරයයි.

ගීතයට පාදක උනේ එඩ්මන් ජයසූරිය තම පෙම්වතිය එන තෙක් බලා සිටින අවස්තාවක්. සුපුරුදු පරිදි දිනපතා හමුවන තම පෙම්වතිය එක් දිනක් ඇවිත් නැහැ. ඒ පිලිබඳ දැනුණු දැඩි වේදනාවෙන්, ශෝකයෙන් ඔහු මේ ගීතය රචනා කර තිබෙනවා. නමුත් ඇත්ත ජීවිතේ මේ දෙන්න විවාහ වෙලා තියෙනවා. බොහෝ දුරට ගීතයේ එන පෙම්වතිය හැරයාමේ සිදුවීම රචකයා විසින් ගොඩනගා ගන්නා ලද්දක් වෙන්න පුළුවන්. එඩ්මන් ජයසූරිය තමන් ලියූ එකම ගීතය තම පාසල් මිතුරෙක් වන නාරද දිසාසේකරයන් හට දෙනවා. ඔවුන් දෙදෙනාම කළුතර විද්‍යාලයේ එක පන්තියේ ඉගෙනගත් අය.
එඩ්මන්ඩ්ගේ පංති මිතුරා වූ

 

‘මට අලුතින් ලියන්න බෑ. මේ ෆයිල් එකේ බලලා උඹට ඕනෑ ගීතයක් තෝරා ගනින්’ එඩ්මන්ඩ් නාරදට කීය.

‘මේ තියෙන්නේ හිතුවටත් වඩා හොඳ එකක්’ නාරද මුළු හදින් මම ගීතය තෝරා ගත්තේය.

මේ ගීතයට තනුව නිර්මාණය කළේ අද අප අතර නැති ලංකාවේ පමණක් නොව උතුරු ඉන්දියාවේ ද සිටි අති දක්ෂ සිතාර් වාදකයකු වූ කුලරත්න තෙන්නකෝන්ය.

 

නාරද දිසාසේකර ඔහු සොයා පැමිණියේ තමාගේ කුළුඳුල් සරල ගී වැඩ සටහනට ගීතයක් ඉල්ලා ගැනීමටය.

 

තමා ලියූ ගීතයේ ‘තුරුලට වෙලා’ වචනය එකල බලධරයන් කපා නිඳැල්ලේ අපි එක් වෙලා ලෙස වෙනස් කිරීමට උත්සාහ කළ බවත් එඩ්මන්ඩ් අපට කීවේය.

මේ කාලෙ (1950 දශකයේ) නාරද දිසාසේකර ගුවන් විදුලි සංස්ථාවේ ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරනවා. ඔහුට ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකින් ගී තුනක්‌ ගයන්නට අවස්‌ථාව ලැබුණා. ඔහු එයට මේ ගීතයත් එකතු කර ගන්නවා. කුලරත්න තෙන්නකෝන් මහතා ගීතය සංගීතවත් කළා. ගීතය වසර 50 කට වැඩි කාලයක් ප්‍රේමවන්තයින්ගේ හදවත් කම්පනය කිරීමට සමත් නිර්මාණයක් වුණා. තවමත් ගීතය අසන විට දැනෙන විරහ වේදනාව ඒ අයුරින්ම තිබෙනවා.

මේ ගීතය එකල ජන සමාජයට කෙතරම් බලපෑම කලාද කියනවනම්, එය වසර කිහිපයකට ප්‍රචාරය කිරීම තහනම් කිරීමට පවා සිදුවුණා. ඒ යම් යම් අයගේ කුහකකම් සහ පෞද්ගලික කෝන්තර නිසා නොවේ. ප්‍රේමයෙන් පරාජිත වූ ප්‍රේමවන්තයන්ගේ බිඳවැටුණු මනස තවදුරටත් රිදවන්නට තරම් මේ ගීතය ප්‍රබල වූ බැවිනි. අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබන පරාජිත පෙම්වතුන් පවා හුදෙකලාවේ සිට මේ ගීතය මුමුණන බව එහි වෛද්‍යවරුන් පවසා තිබුනා.

මෙසේ සාමජයේ ඇතැම් පුද්ගලයන්ගේ කාරුණික ඉල්ලීම පරිදි ටික කලකට මේ ගීතය ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම නවතා දැමීමට එවක සිටි පාලකයන්ට සිදු වුණා. මේ ගීතය කොතරම් ශ්‍රාවකයාට බලපෑම් කළේ ද යත් ’OBSERVER’ පුවත්පතේ “Song Sends Man insane” යන හිසින් පළ වූ පාඨක ලිපියක සඳහන් වූයේ මේ ගීතය ගුවන් විදුලියේ අසමින් පේ‍්‍රම වියෝගය දරාගත නොහුණු මිනිසකු අසල තිබු පොරවකින් ගසා ගුවන් විදුලි යන්ත්‍රය දෙපලු කළ බවය.

50 දශකයේ ඉතාමත් ජනප්‍රිය වූ මේ ගීතය ගැන ඔබ්සවර් පත්‍රයේ කර්තෘට ලියුම් තීරයේ පළ වු ලිපියක් Songs Sends Man in Sane (මිනිහෙකු පිස්සු වැට්ටුව ගීතයක්.) නමින් පළ වී තිබුණු බව එඩ්මන්ඩ් කියයි.

මෙය නාරද දිසසේකරයන්ගේ ප්‍රකටම ගීතය වන අතර මේ නමින් නවකතාද පලවී තිබෙනවා. ඒවා නම් ගුණදාස ලියනගේ ලියු ‘මුළු හදින් මම ඇයට පෙම් කොට’හා ධර්මපි‍්‍රය ලොකුහේවා ලියු ‘අනාගත පෙම් සිහින මැව්වෙමි’. 70 දශකයේ වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වූ සංගීත ප්‍රසංගයකදී ශ්‍රාවකයන්ගේ ඉල්ලීම පරිදි මේ ගීතය 5 වතාවක් ගායනා කරන්න නාරද හට සිදුවී තිබෙනවා.

එඩ්මන්ඩ් ජයසූරිය කලා විචාරකයෙකු ලෙස ‘ඩේලි නිව්ස්’ පුවත් පතින් විචාරයට පිවිස අනුරාධපුරයේ උප දිසාපති, සංස්කෘතික ත්‍රිකෝණය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති අතිරේක ලේකම් හා ජනාධිපති කොමිෂන් සභා කිහිපයක ලේකම්වරයකු හැටියට ද කටයුතු කර ඇත. ඔහු විසින් ඉංග්‍රීසි බසට නැඟු සැළලිහිණි සන්දේශය පරිවර්තනයට 2004 රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *