ෆෝන් එක busy නිසා ලැබෙන්න නිකන් ලැබෙන්න තිබුන අවාසනාවන්ත ලෙස නොලැබී යද්දී අහම්බෙන් ඩයල් වුනු නම්බර් එකක් නිසා එම දුරකථන අංකයේ හිමිකරු තත්පරයෙන් මිලියන පතියෙක් වුනු හැටි මෙන්න

ෆෝන් එක busy නිසා ලැබෙන්න නිකන් ලැබෙන්න තිබුන අවාසනාවන්ත ලෙස නොලැබී යද්දී අහම්බෙන් ඩයල් වුනු නම්බර් එකක් නිසා එම දුරකථන අංකයේ හිමිකරු තත්පරයෙන් මිලියන පතියෙක් වුනු හැටි මෙන්න

ඊයේ සිරස උපන්දින සාදයේදී හොඳම ප්‍රේක්ෂකයාට මිලියන 20ක් දෙන්න නියමිත වී තිබුනා. දිනපතා ටෙලිනාට්‍ය ඇසුරින් අහන ප්‍රශ්න වලට නිවරදි පිලිතුර SMS එවූ ප්‍රේක්ෂකයින් අතරින් අහඹු ලෙස ජයග්‍රාහකයා තෝරා පත්කරගත්තේ මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ සුසාර දිනාල් මහතායි.

ඔහු තෝරාගත් පළමු අංකය හිමි වාසනාවන්තයාට සජීවීව ඇමතුමක් ලබාගත්තත් එම අංකය කාර්යබහුල වුණා..ඒ අනුව දෙවැනි අංකය තෝරාගත්ත්තා.ඒ වාසනාවන්ත අංකත් කාර්යබහුල වීම නිසා අවස්ථාව මගහැරුණා. තුන්වන අවස්තාවේ ලබාගත් ඇමතුමෙන් මිලියන 2ක සුපිරි ත්‍යාගය දිනාගන්නට කොළොන්නාව ප්‍රදේශයේ ප්‍රැක්ටීසියා මහත්මියට වාසනාව ලැබුණා.

ඊයේ දිනයේ සුපිරි ත්‍යාගය වෙනුවෙන් දහස් ගණනක් SMS ලැබී තිබූ බවත් ප්‍රේක්ෂක ජනතාවට තමන් සමග රැදීසිටීම වෙනුවෙන් ලබාදිය හැකි හොඳම කෘතගුණ දැක්වීම මෙය බවයි සුසාර දිනාල් මහතා පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *