විශ්ව ශක්‌තියෙන් ජීවිතයම ජයගන්න මෙන්න විශ්ව ශක්තිය ලබාගන්නා නිවැරදි ක්‍රමය සහා එම මන්ත්‍රය

විශ්ව ශක්‌තියෙන් ජීවිතයම ජයගන්න මෙන්න විශ්ව ශක්තිය ලබාගන්නා නිවැරදි ක්‍රමය සහා එම මන්ත්‍රය

බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළ සියලු දේ විශ්වය තුළ රැඳී ඇත. ඒ වගේම විවිධ ආගම්වල නායකයන් කියන ලද දේවල් ද විශ්වය තුළ තිබේ. අපේ අම්මා, තාත්තා කී කළ දේද ඔබ විසින් කියන දේවල්ද විශ්වයට මුසු වී තිබේ. එහෙත් විශ්වය යමක්‌ ලෙහෙසියෙන් මුදා හරින්නේ නැත. ආගමට ලැදිව කටයුතු කරන අයට විශ්ව ශක්‌තිය ලබාගත හැක. ඒ පිළිබඳව කරුණු ටිකක්‌ කියාදීම මෙම ලිපියේ මූලික අරමුණයි.

එදා බුදුරජාණන් වහන්සේ බුදු දහම අවුරුදු පන්දහසක්‌ රකින ලෙස විශ්වයට භාරදී ඇත. සමහර තැනක විෂ්ණු දෙවියන්ට භාරදුන් කතාවක්‌ තිබේ. විශ්වය නිල් පාටය. එම නිසා නිල්පාට දෙවියන් එයට අරක්‌ ගත්තා විය හැක. ඈත අවකාශය දෙස ටිකක්‌ බලන් ඉන්න. එවිට මා කියන නිල්පාට ඔබටද පෙනෙනු ඇත. සෑම කෙනෙක්‌ම සුවය සතුට සම්පත ලබන්න කැමතිය. එසේ නම් මා කියනා දෙය කර බලන්න. ලොව පාලන විශ්ව ශක්‌තියට මගේ නමස්‌කාරය වේවා· කියා තුන් පාරක්‌ කියන්න. නිදන ඇඳෙන් බැස කකුල් දෙක බිම තබා මෙය කරන්න. මහ පොළොව පෑගෙන තැනක සිට කීම වඩාත් ඵල සහිතය. මිදුලට බැස කීම ඉතා උචිතය.

සෙරෙප්පු නැතිව මහ පොළොව පෑගීම ඉතාම ඉහළ ප්‍රතිඵල දෙන ක්‍රමයක්‌ බව හිතා ගන්න. ඉන්පසු ලොව පාලන විශ්ව ශක්‌තියේ බලයෙන් තමාට උවමනා දෙය එක වරක්‌ ඉල්ලන්න. රාත්‍රී නිදා ගැනීමට පළමුවද මහ පොළව පාගාගෙන ඉහත කියන ලද විදිහට කරන්න. නොකඩවා දින 21 ක්‌ කර බලන්න. වෙනස ඔබටම දැනෙනු ඇත. මෙය ඉතා පිරිසිදුව කළ යුතුය. මත් වතුර පානය කර මෙම ඉල්ලීම කරන්න හොඳ නැත. උදේට පායන හිරු දෙස බලා “සූර්යය දේවෝ නමෝ නමඃ” කියා තුන් පාරක්‌ කියා හිරුට වඳින්න. සඳුට ද “චන්ද්‍ර දේවෝ නමෝ නමඃ” කියා තුන් පාරක්‌ කියා වඳින්න. ග්‍රහලොව රවි නොහොත් සූර්යයා පියා වනු ඇත. ග්‍රහලොව සඳු මව වන නිසා “චන්ද්‍ර දේවෝ නමෝ නමඃ” කියා වැඳීම ඉතාම උත්තරීතර ක්‍රියාවකි. මෙසේ දින

21 ක්‌ කරන විට විශ්වය ඔබ කරා ළඟාවෙනු ඇත. එවිට ඔබ වෙත සුවය, සතුට, සම්පත ළඟාවීම කාටවත් වැළැක්‌විය නොහැක. එක්‌තරා ප්‍රදේශයක කුලී වැඩ කරමින් ජීවන බර කරටගත් කෙනෙක්‌ මාහට දුරකථනයෙන් කතාකර අසරණ බව කියූ අවස්‌ථාවේ මා දුරකථනයෙන්ම ඊට අදාළ ඉහත සඳහන් ප්‍රතිකර්මය කරන ලෙස දැනුම් දුන්නා. දින 07 ක්‌ වැනි සුළු කාලයක්‌ තුළදී සහනය ලැබුණ බව ඔහු මා සමඟ පැවසුවා. තමා පිරිසිදු නම්, පිනට ලැදි නම් විශ්වය තමා කරා ළඟාවී දුකට තිත තබන බව මා අත්දැක ඇත. පංචශීලයේ පිහිටා කටයුතු කරන අයට විශ්වය සාධුකාර දී උදවු කරන බව කිව යුතුය.

ජ්‍යෙතිර් විද්‍යා විශාරද
සුසිල් ප්‍රේමචන්ද්‍ර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *