සෝනු නිගම් ඉන්දියාවට ගිහින් ලංකාව ගැන කියපු පුදුම හිතෙන කතාව 

සෝනු නිගම් ඉන්දියාවට ගිහින් ලංකාව ගැන කියපු පුදුම හිතෙන කතාව

සෝනු නිගම් යනු භාරතයේ වත්මන් ගී කෝකිලයාය. නිදාගන්නට තරම්වත් විවේකයක් ඔහුට නැති තරම්ය. ප‍්‍රසංග පැවැත්වීම සඳහා වසර පුරාම ඇති ඉල්ලූම ඊට හේතුවය. එය භාරතයේ පමණක්ම නොවේ, ලෝකයේ බොහෝ රටවල ඔහුගේ ප‍්‍රසංග සංවිධානය වේ. මේ භාරතීය ගී කෝකිලයා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ කොළඹදී ප‍්‍රසංගයකට සහභාගී විය.

අතිශයින්ම සාර්ථක වූ ඒ ප‍්‍රසංගය සඳහා ඔහුට ආරාධනා කළේ භාතිය සහ සන්තුෂ් සහ ෂෝ ටවුන් සමාගම විසිනි. මෙම ප‍්‍රසංගයේදී පේ‍්‍රක්ෂකයන් මවිත කරවමින් සෝනු අපේ නැසීගිය අසහාය ගායන ශිල්පී ජෝතිපාල ගැයූ ”මේ ජීවනයේ” ගීතය සිංහලයෙන් ගායනා කළේය. මේ සිදුවීම භාතිය සහ සන්තුෂ් කලින් නොදැන සිටි අතර ඔවුනට ද සෝනු සමඟ එක්වී මේ ගීතය ගැයීමට සිදුවිණි.

”අපි දෙන්නා වේදිකාවට ආවේ සෝනු මෙරටට පැමිණීම ගැන ඔහුට ස්තුති කිරීම වෙනුවෙන් සහ මේ වගේ දැවැන්ත ෂෝ එකක් සංවිධානය කිරීමට අපට ශක්තියක් වූ අනුග‍්‍රාහක බවතුන් ගැන කීමටයි. නමුත් එක්වරම සෝනු අපවත් විශ්මයට පත්කරවමින් මේ ගීතය ගයන්නට වුණා. ඒක ඇත්තටම හරි අපූරු අවස්ථාවක් වුණා.”සෝනු නිගම් යනු භාරතයේ වත්මන් ගී කෝකිලයාය. නිදාගන්නට තරම්වත් විවේකයක් ඔහුට නැති තරම්ය. ප‍්‍රසංග පැවැත්වීම සඳහා වසර පුරාම ඇති ඉල්ලූම ඊට හේතුවය.

එය භාරතයේ පමණක්ම නොවේ, ලෝකයේ බොහෝ රටවල ඔහුගේ ප‍්‍රසංග සංවිධානය වේ. මේ භාරතීය ගී කෝකිලයා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ කොළඹදී ප‍්‍රසංගයකට සහභාගී විය. අතිශයින්ම සාර්ථක වූ ඒ ප‍්‍රසංගය සඳහා ඔහුට ආරාධනා කළේ භාතිය සහ සන්තුෂ් සහ ෂෝ ටවුන් සමාගම විසිනි. මෙම ප‍්‍රසංගයේදී පේ‍්‍රක්ෂකයන් මවිත කරවමින් සෝනු අපේ නැසීගිය අසහාය ගායන ශිල්පී ජෝතිපාල ගැයූ ”මේ ජීවනයේ” ගීතය සිංහලයෙන් ගායනා කළේය.

මේ සිදුවීම භාතිය සහ සන්තුෂ් කලින් නොදැන සිටි අතර ඔවුනට ද සෝනු සමඟ එක්වී මේ ගීතය ගැයීමට සිදුවිණි. ”අපි දෙන්නා වේදිකාවට ආවේ සෝනු මෙරටට පැමිණීම ගැන ඔහුට ස්තුති කිරීම වෙනුවෙන් සහ මේ වගේ දැවැන්ත ෂෝ එකක් සංවිධානය කිරීමට අපට ශක්තියක් වූ අනුග‍්‍රාහක බවතුන් ගැන කීමටයි. නමුත් එක්වරම සෝනු අපවත් විශ්මයට පත්කරවමින් මේ ගීතය ගයන්නට වුණා. ඒක ඇත්තටම හරි අපූරු අවස්ථාවක් වුණා.”

මේ විදියට කියන්නේ ”සෝනු” මෙරටට ගෙන්වීමට මේ අවස්ථාවේ පුරෝගාමී වූ භාතිය – සන්තුෂ් හා ක්‍දිපසජ ීයදඅඑදඅබ ආයතනයයි. මෙම ප‍්‍රසංගයට පසුදා භාරතය බලා යාමට පෙර සෝනු මෙහිදී කළ කී දේ ගැන මෙන්ම ගත කළ විදිය ගැනත්, ලංකාව ගැනත් කී දේ ගැන භාතිය සන්තුෂ් සඳැල්ලට ප‍්‍රකාශ කළේ මෙලෙසිනි.

”සෝනු’ මෙහි පැමිණ ගත කළ විදිය ගැන කීමට පෙර ඇයි අපි සෝනු මෙහි ගෙන්වූයේ කියලා කිව්වොත් හොඳයි. ඇත්තටම අපි ශ්‍රී ලාංකීය සංගීතය ජාත්‍යන්තරයට ගෙනයාමට නම් පාලමක් සෑදිය යුතුයි. ඒ වෙනුවෙන් අපට ළඟම තැන ඉන්දියාවයි. අපි ඉන්දියාවට ගිහින් සෝනු එක්ක නිර්මාණයක් කළා. ඒ මීට ටික කාලයකට පෙරදියි.

ඒ හදා ගත්ත බැඳීම අපි දිගටම පවත්වාගෙන ගියා. මේ විදියට පාලමක් හැදුවාම එහි ප‍්‍රතිඵලය ලැබෙන්නේ භාතිය සන්තුෂ්ලාට විතරක් නොවෙයි. රටේ බොහෝ ශිල්පීන්ට අනාගතයේ මංපෙත් විවර වේවි. අපි ලෝකයට ගිහින් යමක් කිරීමට පෙර ලෝකයෙන් දෙයක් ගත යුතුයි. විශේෂයෙන්ම ඉන්දියාවේ නළු නිළියන් ඇවිත් මෙහි නිර්මාණවල රඟපානවා. අනාගතයේදී අපේ නළු නිළියන්ට ඒ අවකාශය විවර වේවි.

අපි සංගීත අංශය ගැන කතා කළොත් මුලින් අපි එයාලාට මෙහේ ඒමට ආරාධනා කළ යුතුයි. මේ වගේ සුපිරි තරුවක් ගෙන්වීම අසීරු කටයුත්තක් තමයි. නමුත් අවසන ශ්‍රී ලංකාව හා භාරතය අතර මේ විදියට ගනුදෙනු වුණාම අපටත් ගිහින් එහි ප‍්‍රසංගයක් කරන්න පුළුවනි. භාරතයෙන් එහාට ඊළඟට ජාත්‍යන්තරයේ වේදිකාව විවර වීමටත් අපි මුලින් මේ වගේ දේ කළ යුතුයි.”

සෝනු නිගම් මෙරටට ගෙන්වීම ගැන සඳහන් කළේ එලෙසිනි.

.මේ සුපිරි ගී කෝකිලයා මොන වගේ චරිතයක් ද?

සන්තුෂ් සහ භාතිය ඒ ගැන කීවේ මෙලෙසිනි. ”බොහොම සුහදව ඔහු අපි එක්ක කටයුතු කළා. එයා ප‍්‍රසංග වේදිකාවේදී, මුළු වේදිකාවම තමුන්ගේ කරගෙන අපූරු ප‍්‍රාසාංගික බවක් ගෙන දුන්නා. සාමාන්‍ය ජීවිතයේදී ආධ්‍යාත්මක පැත්තට බෙහෙවින්ම සමීප චරිතයක්.

එයා එයාගේ මවට බෙහෙවින්ම ආදරය කරන, ගරු කරන චරිතයක්. අම්මගේ මියයාමෙන් පසුව පෙරටත් වඩා මේ විදියට ආධ්‍යාත්මික අංශයට නැඹුරුව තිබෙනවා. පූජනීය ස්ථාන වෙත යාමටත්, වන්දනාමාන කිරීමට ඇති ස්ථානවලට යාමට බෙහෙවින් ප‍්‍රියයි. මේ ප‍්‍රසංගයෙන් පසුව පසුදා උදේම පූජනීය ස්ථානයකට ගෙන යන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා.

ඒත් පසුදා උදෙන්ම එයාට එන්න බැරි වුණා. දහවලේදී අපි එයාව කොළඹ ගංගාරාම විහාරස්ථානයට කැඳවාගෙන ගියා. බෞද්ධාගමට එයා හරිම ලැදියි. සංචාරකයකු ලෙස නැරඹීමට වඩා ආගමික වතාවත්වලට එයා බෙහෙවින් ආසා කළා. පිරිත් නූලක් බඳින විට අපිරිමිත භක්තියකින් හිටියේ. පොප් සංගීතයෙහි හෙවත් ජනප‍්‍රිය සංගීතයෙහි නියැලෙන චරිතයක් මේ තරමටම ආධ්‍යාත්මක වුණේ ඇයි කියලා විටෙක හිතා ගන්න බැරි තරම්.”

ලංකාවේ මොන වගේ පළාත්වලට යන්න ද එයා ආසා කළේ?

”ලංකාවේ සංස්කෘතියට සම්බන්ධ වූ වගේ තැනකට ගිහින් එයාට සැමරුම් ටිකක් ගන්න ඕනෑ කියලා කිව්වා. ඒ නිසා අපි සෝනුව ”ලක්සැලට” එක්ක ගෙන ගියා. ලක්සැලට ගියාම එහි භාණ්ඩ දැකලා ඒවාට වශී වෙලා වගේ හිටියේ. සැමරුම් බොහොමයක් මිලදී ගත්තා. ඒ වගේම රාධා ක‍්‍රිෂ්ණාගේ අඩි 4ක් විතර උස පිළිමයකුත් මිලදී ගත්තා. ඇවිදින්න තරම් වෙලාවක් තිබුණෙ නැහැ. නැවත එයාට යා යුතුව තිබුණා නිසා.”

ලංකාවේ මොන වගේ දේවලට ද එයා කැමැති?

”එයාගේ පුතාට අවුරුදු 10ක් විතර වෙනවා. ඒ පුතා අපේ ලංකාවේ ක‍්‍රිකට් ටීම් එකට බෙහෙවින් ආසා කරන කෙනෙක්. ඒ නිසා ක‍්‍රිකට් ගැන වගේම අපේ ක‍්‍රිකට් තරු ගැනත් කතා කළා. ඒ අතරේදී එයා සැරින් සැරේ එයාගේ පුතාට කතා කළා. පුතාට බෙහෙවින්ම ආදරය කරන පියෙක්. ක‍්‍රිකට්වලට අමතරව ලංකාවේ පිරිසිදුකම ගැනත් කතා කළා.

ලංකාවේ මිනිසුන්ට, පේ‍්‍රක්ෂකයන්ට එයා හරිම ආදරෙයි. ලංකාවේ මිනිසුන්ගේ ආගන්තුක සත්කාර, කතාබහ, පිළිගැනීම හරිම ආදරණීයයි කියලා කිව්වා. ඒ වගේම ලංකාවේ බොහෝ දෙනාට හොඳට සිංදු කියන්න පුළුවන් කියලත් කිව්වා. මේ කොළඹදී පැවැත්වූ ප‍්‍රසංගය තමා ජීවිතයේ වඩාත් සතුටට පත්වූ ප‍්‍රසංගයක් කියලත් කිව්වා.”

එදා හින්දි තනුවකට ජෝතිපාලයන් ගැයූ ”මේ ජීවනයේ” ගීතය එච්චර හොඳට සෝනු ගායනා කළේ පෙර පුහුණුවකින් ද?

”ඇත්තටම කිව්වොත් එයා පේ‍්‍රක්ෂකයන් සහ අපිව පුදුමයට පත්කරවන්න හිතාගෙන කළ දෙයක් ඒක. අපි වේදිකාවට ගියේ සෝනු මෙහි පැමිණි එකට සුබ පතන්නයි. නමුත් අපිට එයා ගැන යමක් කීමට පෙර එයා මේ ජීවනයේ ගීතය හින්දි ගීතයේ කොටසකින් පටන් ගත්තා.

ඊට පස්සේ මේ ශ්‍රී ලාංකික පේ‍්‍රක්ෂකයන් පුදුම කරවන දෙයක් කරනවා කියලා සිංහලයෙන් ඒ ගීතය (මේ ජීවනයේ* ගායනා කළා. ඊට පෙර එය යූxටියුබ් එකෙන් එයා අහලා. හින්දියෙන් ලියාගෙන තිබෙනවා. නමුත් එහෙම දෙයක් කරන බවට අපට කලින් කියලා තිබුණේ නැහැ. අපටත් හරි පුදුමයි. එයා හරි අපූරුවට මේ ජීවනයේ ගීතය ගායනා කළා.”

ලංකාවේ කෑම බීම ගැන කැමැත්ත කොහොම ද?

”දීර්ඝ කාලයක් ලංකාවේ රැුඳී නොසිටිය නිසා ඒ ගැන හරියටම කියන්න බැහැ. නමුත් ඉන්දියාවේ විදියට කෑමක් කන්න ඕනෑ කිව්වා. එයාට මෙහිදී නේවාසික පහසුකම් ලබා දුන්නේ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයයි. එහි චට්නීස් ඉන්දියානු අවන්හල වෙත අපි ඔක්කෝමලා ගියා. කෑම අනුභව කරන අතරේ ඉන්දියාවේ සංගීත කර්මාන්තය ගැනත් කතා කළා. ඉන්දීය සංගීත කර්මාන්තය බොහෝවිට ඉන්දීය සිනමාව හා ගහට පොත්ත මෙන් බැඳී පවතින දෙයක්.

ඒ වගේම ඕනෑම ශිල්පියකුගේ බුද්ධිමය දේපොළ සහ අයිතිය සඳහා වූ වටිනාකම, නීතිය හරියට ක‍්‍රියාත්මක වන බව පැවැසුවා. ඒ නිසා වයෝවෘද්ධ වුවත් ඒ ශිල්පියාට වටිනාකම ලැබෙන බව කිව්වා.

ලංකාවේ සංගීත කර්මාන්තය ඉතා ඉහළ තැනක තිබෙන බවත්, ජාත්‍යන්තර තරු ලංකාවට ගෙන්වීමටත්, ඒ නිසා සංචාරක කර්මාන්තයේ ප‍්‍රගමනයක් ඇතිවන බැවින් විශාල පිරිසකට ඇතුළුවිය හැකි ගෘහස්ථ ප‍්‍රාසාංගික ඉසව් සඳහා වූ ස්ථාන තිබීම අතිශය වැදගත් බවත් කිව්වා.”

”සෝනු” එක්ක භාතිය – සන්තුෂ්ලා ඉදිරියේ මොනවා ද කරන්න හදන්නේ?

”අපි නිර්මාණයක් කරන්න සැලසුම් කරලා තියෙන්නෙ. මීට පෙර හරිහරන් සහ ආශා බෝස්ලේ එක්ක කළා වගේ අපූරු නිර්මාණයක් වේවි. ඒ ගැන අපි ඉදිරියේදී කියන්නම්.”
සඳුන් ගමගේ

මෙම ලිපියෙහි සම්පුර්ණ අයිතිය http://www.saaravita.lk සතුය 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *