වයස අවුරුදු 09 ක දැරියට අහස පොලව නුහුලන අපරාදයක් කල විදුහල් පතිට යාපනය අධිකරණ විසින් දුන් මතක හිටින සුපිරි දඩුවම මෙන්න

වයස අවුරුදු 09 ක දැරියට අහස පොලව නුහුලන අපරාදයක් කල විදුහල් පතිට යාපනය අධිකරණ විසින් දුන් මතක හිටින සුපිරි දඩුවම මෙන්න

පාසල තුළ දී වයස අවුරුදු 09 ක දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ විදුහල්පතිවරයෙකුට යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා විසින් ඊයේ (21) බරපතල වැඩ සහිතව වසර 10 ක සිරදඬුවමක් නියමකොට ඇත.

2009 වසරේ දී යාපනය කයිට්ස්, නාරාන්තනෙයි කණිටු විද්‍යාලයේ වයස අවුරුදු 09 ක දැරියක් එම වසරේ නොවැම්බර් 01 වෙනිදා සිට දෙසැම්බර් 26 තෙක් කිහිපවරක් ලිංගික අපයෝජනයකට ලක් කළ බවට එහි විදුහල්පතිවරයාට චෝදනා එල්ලවූ අතර කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුව පසුව නීතිපති උපදෙස් මත යාපනය මහාධිකරණයේ දී විභාගයට ගන්නා ලදී.

මෙම දඬුවමට අමතරව දැරියට රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ගෙවිය යුතු අතර එම මුදල නොගෙවන්නේ නම් තවත් වසර දෙකක අතිරේක සිර දඬුවමකටද එම විදුහල්පතිවරයා යටත් කළ මහාධිකරණ විනිසුරුවරයා දැරිය ලබා දුන් සාක්ෂි සහ වෛද්‍යවාර්තා පදනම් කර ගනිමින් සිදුකරන ලද විභාගයේ දී සැකකරුට එරෙහි චෝදනා සැකයකින් තොරව සනාථ වූ බවද පැවසීය.

ඒ.ජී.රේණුකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *