ඉරාජ් ගේ මනමාලි 2 වීඩියෝව අන්තර් ජාලයට මෙන්න එම වීඩියෝව 

ඉරාජ් ගේ මනමාලි 2 වීඩියෝව අන්තර් ජාලයට මෙන්න එම වීඩියෝව

ඉරාජ් කියන්නේ අද නිරුවත මාකට් කර පුද්ගලයකු හැටියටයි ලංකාවේ අපි ගොඩක් දෙනා දන්නේ නමුත් දහසක් සිදුවීම් මැද රටට ආදර්ශමත් වැදගත් වීඩියෝවක් ඔහු නිර්මාණය කරලා මේ වගේ වටිනා දේවල් අපි අගය කරන්න අවශ්‍යයි පහතින් නරබන්න එම වීඩියෝව

ඔපස් වීමේ වරදට ජීවිතයෙන් වන්දිගෙවූ පාසල් සිසුවියගේ සංවේදී කතාව 

ඔපස් වීමේ වරදට ජීවිතයෙන් වන්දිගෙවූ පාසල් සිසුවියගේ සංවේදී කතාව

ඔසප් රුධිර පැල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් තමිල්නාඩු දැරියක් සියදිවි හානිකර ගැනීමක් දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙයි.
සියදිවි හානිකර ගැනීමට පෙර ලිපියක් ලියා තබන දොළොස් හැවිරිදි දැරිය ගුරුවරිය තමාට “හිරිහැර” සිදු කරන ලද බව කියා සිටින්නීය.

ඔසප් වීම සම්බන්ධයෙන් අවමානයට පත් වීමක් ගැන එම ලිපියේ සඳහන් නොවුනත් රුධිර පැල්ලමක් නිසා සිය දියණියට පන්ති කාමරයෙන් පිටව යන මෙන් දැනුම් දී ඇති බව දැරියගේ මව පවසයි.

ඔසප් වීම ග්‍රාමීය ඉන්දියාවේ ඇතැම් පලාත්වල තවමත් සැලකෙන්නේ තහංචියක (taboo) මට්ටමිනි.

ඔසප් සමයේ කාන්තාවන් අපිරිසිදු යයි සැලකෙන ගතානුගතික මතයක් ද එහි මුල්බැස ගෙන ඇත.

ඉහත කී දැරියගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ලෙස සලකන අතර ඒ පිළිබඳව විභාගයක් ආරම්භ කර ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

දැරිය සිය සටහන ආරම්භ කර තිබෙන්නේ “අම්මේ ! මට සමාවෙන්න” යනුවෙන් සිය මව අමතමිනි.

ගෙදර දී සිදු කිරීමට පැවරෙන වැඩ (homework) සම්පූර්ණ නොකිරීම සම්බන්ධයෙන් ගුරුවරිය මින් පෙර තම දියණියට දඬුවම් දී ඇති බවට දැරියගේ මව චෝදනා කරයි.
“මගේ දුව පසුගිය සෙනසුරාදා ඉස්කෝලේ ඉන්න විට ඔසප් වීමට ලක් වෙලා තිබුණා. දුව ඒ ගැන ගුරුවරියට කිව්වාම ගුරුවරිය ‘පෑඩ්’ එකක් විධියට පාවිච්චි කරන්න දූවිලි පිස්නයක් දීල තිබුණා” එම මව පවසයි.

“ගුරුතුමිය මගේ දුව පන්ති කාමරයෙන් පිටත හිටවල තියල තියෙනව. අවුරුදු දොළහක ළමයෙක් එවැනි අමානුෂික ආකාරයට හිටවල තියන්නේ කොහොමද?” දැරියගේ මව ප්‍රශ්න කරන්නීය.

දැරිය ඊළඟ දිනයේ සියදිවි හානි කර ගෙන ඇත.

අදාළ විභාගයේ දී පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව දැරිය ඉගෙන ගත් ‘තිරුනෙල්වේලි’ දිස්ත්‍රික්කයේ (Tirunelveli) පාසලේ ප්‍රධානීහු බීබීසියට ප්‍රකාශ කර ඇත.

(BBC)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 66 වැනි උපන් දිනය අදයි මෙන්න ඔහුගේ ජීවන කතාව 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 66 වැනි උපන් දිනය අදයි මෙන්න ඔහුගේ ජීවන කතාව

ඔබට සුබ උපන්දිනක් වේවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 66 වැනි උපන් දිනය අදට (03) යෙදී ඇත.

දෙවැනි ලෝක සමයේ ආරක්ෂක හමුදාවේ සේවය කළ පල්ලේවත්ත ගමරාළලාගේ ඇල්බට් සිරිසේන පියාණන්ට හා යාපා අප්පුහාමිලාගේ නන්දාවතී මෑණියන්ට දාව මෙලොව එ‍ළිය දුටු මෛත්‍රීපාල සිරිසේන මහතා පසක් කළ ප්‍රබල සමාජ දේශපාලන කරුණු දෙකක් මේ මොහොතේ සිහිපත් කළ යුතුමය.

ගම්පහ, යාගොඩ ග්‍රාමයේ ගොවි පවුලක උපන් ඔහු පසක් කළ සමාජ කරුණ නම් සැබෑ මානවවාදී මිනිසුන් ගොඩනැ‍ඟෙන්නේ බොහෝ දුෂ්කර ජීවිත මඟින් බවත් සැප ජීවිත මඟින් එවන් අය බිහි වන්නේ කලාතුරකින් බවය. දේශපාලන කරුණ නම් වර්ෂ 1951 සැප්තැම්බර් 02 වැනිදා මෙරටේ බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයා පක්ෂය බිහි වී පැය 24ක් ඉක්මයෑමට පෙර ජන්මලාභය ලැබීමය.

මේ අන්දමේ සමාජ, දේශපාලන කරුණු රාශියක් රටේ ජන සමාජයේ යහපත උදෙසාම සනිටුහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා කුඩා කළ පළමුව ගම්පහ පහළයාගොඩ කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ නායකත්වයෙන් ඇරඹි පොලොන්නරුව මින්නේරි ගොවිජනපද ව්‍යාපාරයේ මුල්ම ඉඩම්ලාභීන් ලෙස ඓතිහාසික පුලතිසිපුරවරයට නික්මුණු මේ ගොවි පවුලේ සාමාජිකයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුව තෝපාවැව මහ විදුහලටත්, ‍ඉන් අනතුරුව පොලොන්නරුව රාජකීය විදුහලටත් ඇතුළත්ව අකුරු කළේය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේත් සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිණියගේත් දේශපාලන දර්ශනය ගුරු කොට තරුණ කාලයේදීම දේශපාලනයට පිවිසි ඒ මහතා 1981 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ මහ ලේකම් ධුරයටත් වසර 1983දී එහි සභාපති ධුරයටත් පත් විය.

වසර 1988 / 89 භීෂණ සමයේ කටුක දේශපාලන ජීවිතයක් ගත කළ ඔහු 1989 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වී මුල්වරට පාර්ලිමේන්තුවට පත් විය. අනතුරුව 1994 පොදුජන එක්සත් පෙරමුණු රජායේ මහවැලි සංවර්ධන කැබිනට් ඇමැති ධුරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා 2014 වන විට සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියේය.

මේ රටේ තීරණාත්මක ජනාධිපතිවරයෙක් වූ 2015 ජනවාරි 08 වැනිදා පැවැති මැතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට 06 වැනි විධායක ජනාධිපතිවරයා ‍බවට පත් විය. දෙස් විදෙස් හි ගෞරවය ජනාදරය හොඳ හිත දිනාගත් ජනාධිපතිවරයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා හැඳින්විය හැකිය.

මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද

ගුවනේ සිට වෙඩි වරුසාවක්ම එල්ලකිරීමට හැකි මහා රාවණාගේ  “සහශ‍්‍රගත” යානය පිළිබද හෙළි වූ විශ්මිත කතාව

ගුවනේ සිට වෙඩි වරුසාවක්ම එල්ලකිරීමට හැකි මහා රාවණාගේ  “සහශ‍්‍රගත” යානය පිළිබද හෙළි වූ විශ්මිත කතාව

රාවණා රජතුමා පිළිබඳ ජාතික පිළිගැනීමක් ඇතිවී තිබේ. එතුමා හෙළ රජ පරපුරේ ආදි මුත්තෙක් බව ඇසීම කෙනෙකුට රිදීමක් වන්නට පුළුවන. නමුත් අපි ලියන්නේ විජාතික බලයක් හෝ විජාතික බලවේගයක් ගැන නොවේ. අපි රාම ගැන ලියුවා නම් එතැන ගැටලූවක් වීම සාධාරණය.

රාවණ රජතුමා, රාම ගේ දෘෂ්ඨියෙන් දැකීම බරපතළ දොසකි. රාම කුමරු හින්දුන්ගේ පූජාවට පත්වන බව නොරහසකි. නමුත් හින්දුන් විසින් රාවණාට එම තැන ලබා දී නැත. එයට හේතු වන්නට ඇත්තේ එක්කෝ රාවණ රජතුමා රාමට විරුද්ධවීම විය හැකිය. නැතිනම් රාවණ ලක්දිව රජකු වීමත් රාම ඉන්දීය රාජ පරපුරකවීමත් විය හැකිය. මේ දෙදෙනාම හින්දු අය ලෙස සලකනවා නම් එය නිවැරදි දැනුමින් පිටස්තර දෙයක් බව අපි විශ්වාස කරමු.

රාවණ රජතුමා යුද ශිල්පයෙහි ප‍්‍රමුඛයෙකි. එතුමා යුදයට අවශ්‍ය ආයුධ සෑම අතින්ම සන්නද්ධ කොට ගෙන සිටියෙකි. න්‍යෂ්ටික අවි පවා රාවණා සතුව තිබූ බව පුරාණ තොරතුරු ඇසුරේදී පෙනී යයි. කෙසේ වෙතත් බොහෝ දෙනාගේ හිත සුව පිණිස රාවණ රජතුමා ඇතැම් යුද උපකරණ භාවිත කළේ නැත. එයට හොඳම උදාහරණයක් මේ ලිපිය ඔස්සේ සපයමු. රාවණාට සහශ‍්‍රගත නම් විශිෂ්ට යුද යානයක් තිබිණි. මෙම යුද යානය අද ”මල්ටි බැරල්” යුධෝපකරණයට වඩා බෙහෙවින් දියුණු වූවකි.

සහශ‍්‍රගත ගුවන් යානය නිෂ්පාදනය කළේ එවකට සිටි දක්ෂ ගුවන් යානා ඉංජිනේරුවකු වූ ධීර රකුසාය. ඔහු මහා රාවණාගේ උපදෙස් අනුව මේ යානය නිපදවා ඇත.

දක්ෂිණ ලංකාවේ කතළු පුරයේ කතළු කුමරු විසින් සපයන ලද රත්තරන්ද, වීර රකුසා සැපයූ රිදීද, අටකලම්පන්නේ ඉන්දීර රකුසා විසින් ලබා දුන් පිරිසිදු වානේද ඊට යොදා ගත් බව කියැවේ. මෙම සහශ‍්‍රගත යානය වෙනත් ග‍්‍රහලෝකයකට වුවද පහසුවෙන් පහරදිය හැකි තරම් බලවත් නිෂ්පාදනයක් විය.
විශේෂයෙන් රාවණ රජතුමා මෙම යුද ගුවන් යානය මගින් අඟහරු ලෝකය වැනි ජනාවාස ගත ග‍්‍රහලොවක බලය අල්වා ගැනීමට බලාපොරොත්තු වූවා වන්නටද පුළුවන. විටෙක මෙය අපට පුදුම උපදවන්නක් වුවද ගැඹුරින් කල්පනා කර බැලීමේ දී කිසියම් මතයක පිහිටන්නට බැරි නැත.

ලෝකය සම්පූර්ණයෙන් නොදියුණු යුගයක රටක් විසින් තවත් රටක් අල්ලා ගනු ලැබීම දුෂ්කරය. නමුත් බලසම්පන්න ආයුධ ඇති කලෙක ප‍්‍රබල රටක් විසින් දුර්වල රටක් අල්වා ගැනීම දුෂ්කර නොවේ. අප බැලිය යුත්තේ මේ න්‍යාය මත පිහිටා රාවණ යුගය යනු නොදියුණු යුගයක් ලෙස නොව වර්තමානයටත් වඩා දහස් සංඛ්‍යාත දියුණු තැනක සිටය. එවැනි තැනෙක සිට බලද්දී ග‍්‍රහලෝක අල්ලා ගන්නා තරමේ යුද උපකරණ තිබීම ගැන පුදුම ඉපදවිය යුතු නැත.

සහශ‍්‍රගත යානය සෑදීමේදී ඉන්දියාවේ හිමාල කඳුකරයෙන් ගෙන්වන ලද ”මයුර දණ්ඩ” නමැති ලී කොටස්ද මෙහි සවිකර තිබිණි. එය රියදුරුගේ ආරක්ෂාවට සවිකරන ලද බව රාවණා කතා තල්පතෙහි සඳහන් වෙයි.

විශේෂයෙන් සහශ‍්‍රගත යානය යුද්ධයට යොදා ගැනීමෙන් බලවත් මිනිස් සංහාරයක් වන බව දැන සිටි රජතුමා එය රාම හා සටනට යොදා ගත් බව නොපෙනේ.

මෙම නව ගුවන් යානය නිපදවන පුවත විභීෂණගෙන් රාමට දැන ගන්නට ලැබුණු අතර, යුද්ධය අතරමග නවතා දමා ආපසු යා යුතුයැයි යෝජනා කළේ රාමගේ අග‍්‍ර පුරෝහිත හනුමන්ත් ය.

”මම ආවේ ලංකාව බලන්න නෙවෙයි, මෙහි සඟවා සිටින සීතා රැුගෙන යන්නයි. එම නිසා ඔබ කවුරු ආපසු ගියත් මා ආපසු හැරෙන්නේ නෑ”
සිරුරින් කුඩා වුවත් රාම විසින් හනුමන්ත්ට පවසන ලද්දේ දැවැන්ත රණකාමියෙකු පරිද්දෙනි.

රාවණා රජතුමා දක්ෂ සටන්කාමියෙක්. එතුමා මේ සටනට සහශ‍්‍රගත යානය යොදා ගන්නේ නෑ. එතුමා මේ සටන සලකන්නේ පුංචි සටනක් ලෙසයි.
රාවණා රජතුමා පිළිබඳ මනා අවබෝධයක් තිබූ විභීෂණ රාමාට දැන්වූයේය. මේ විභීෂණ රාවණ රජතුමාගේ බාල සහෝදරයා වූ නමුත් ඔහු කටයුතු කළේ රාම කුමරුගේ පැත්තගෙනය.

සහශ‍්‍රගත යානය ගුවනේ එක තැනක හෝරාවක් වුවද නවතා සටන් කළ හැක්කක් බව කියැවේ. එකවර වෙඩි උණ්ඩ දහස් ගාණක් මුදාහල හැකි යානයකි. වෙඩි උණ්ඩ පොකුරු පිටින් මුදාහරින අතර උණ්ඩ නිකුත් කරන ප‍්‍රමාණය අවශ්‍ය පරිදි අඩු වැඩි කරවා ගත හැකිය.

සහශ‍්‍රගත යානය නිපදවා එහි ශක්තිය උරගා බැලීමේ අවස්ථාවක් කල්පිටිය මුහුදු ප‍්‍රදේශයේ පැවැත්විණි. එහි පහසුව පිණිස එවක එහි සිටි ධීවර ප‍්‍රජාවද ඉවත් කෙරිණි. මෙම යානය පණ ගැන්වූ පසු පළාතක් ගිනිබත් වන තරමට යානය බලවත් විය.

කල්පිටියේ යුද අභ්‍යාසයක් සඳහා සහශ‍්‍රගත යානය ලකේගල සිට පදවාගෙන ආවේ මේඝනාද (ඉන්ද්‍රජිත්) කුමරුය. යානය කල්පිටියේ විශාල ගල් පීඨිකාව මත ස්ථානගත කෙරිණි. මේ යුද අභ්‍යාසය දුර ඈත සිට නරඹන්නට විශාල ජනතාවක් ඒකාරාශි වූහ. ඔවුහු මෙය මහා වික‍්‍රමාන්විත ක‍්‍රියාවලියක් හැටියට දැක ප‍්‍රීති ඝෝෂා නඟමින් සතුට ප‍්‍රකාශ කරන්නට වූහ.

එදා කල්පිටිය වෙරළට රාවණ රජතුමා ද පැමිණ සිටියේය. යානය රජතුමාට පිළිගැන්වූයේ මේඝනාද කුමරු විසිනි. මේ සහශ‍්‍රගත යානය නිෂ්පාදනය වුණේ ලකේගල කන්දේය. එහි මංගල ගමන රාවණ රජුට භාර විය.

”මෙම ගුවන් යානයෙන් මේ රටේ කිසිම මිනිසෙක් ඝාතනය කිරීමට මම අදහස් නොකරමි. මෙය වෙනත් ග‍්‍රහලෝක සමග සටනට පිළියෙල කළ එකකි. දරුවනි, සහශ‍්‍රගත යානය තොපගේ ජයකි” යි කී රාවණ රජතුමා යානයට ගොඩ විය.

යානය පණගැන්වූ රජතුමා අහසට නැගුණේ දක්ෂ යුද නියමුවකුගේ ලක්ෂණ පෙන්නුම් කරමිනි. යානයෙහි හඬ කල්පිටියේ සිට පුත්තලම දක්වා හෙණ ගසන්නාක් මෙන් පැතිර ගියේය. එම ප‍්‍රදේශයේ සිටි වන සතුන් බියට පත්ව වන රොදවල, ගල්ගුහාවල, ගස් බෙනවල සැඟවී දින ගණනක් විසූ බව රාවණ කතා පුස්කොලහි සඳහන් වේ.

සහශ‍්‍රගත යානය මුහුදේ හා ගංගාවල පවා ස්ථාන ගත කර තැබීමට වුවද දියුණු එකක් විය.

යානය අහසේ දස්කම් පාද්දී කිතුල්ගල අසල වන රොදක් යානයේ බලවත්කම ඉදිරියේ ගිනිබත් විය. එම ගිනිදැල් ඉතා ශීඝ‍්‍රයෙන් කිතුල්ගල සිට යටියන්තොටට පැතිර ගියේය.

සහශ‍්‍රගත යානය නිසා ගිනිබත් වූ මේ ප‍්‍රදේශයට දැන් ගිනිගත්හේන යැයි කියන බව ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර මහතා කියයි. එදා මෙම යානය නිසා සිදුවූ බලවත් විනාශය දුටු රාවණ රජතුමා බොහෝ සෙයින් කම්පාවට පත්විය.

සහශ‍්‍ර ගුවන් යානය පෘථිවිය මත කිසිම යුද්ධයකට භාවිත නොකරන ලෙස මේඝනාද කුමරුට තදබල ආඥාවක් නියම කළේය.

රාම සමඟ සටන බලවත් සටනක් බව රාවණ සිතුවේම නැත. රාම බලවත් තර්ජනයක් බව රාවණ සිතුවා නම් ඉතා පහසුවෙන් ඔහු මැඩපැවැත්වීමේ ශක්තිය රාවණ ලබා සිටියේය.

සහශ‍්‍රගත යානය රාමට එරෙහිව ක‍්‍රියාත්මක කළේ නම් රාම, හනුමන්ත් පමණක් නොව රාම සහායකයන් සියල්ලන් එක තැනක ඝාතනය කිරීමේ කාර්යය රාවණට සරල කාරණයක් විය.

රාවණ රජතුමා බොහෝ දුරදක්නා නුවණින් කටයුතු කළ අතරම, බොහෝ දෙනාගේ හිත සුව පැතූ බවද ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. රාවණා රජතුමා තමන්ගේ ආත්මාභිලාෂය පමණක් තැකුවා නම් රාවණා පිළිබඳ වෙනස් ආකාරයකට මේ ලිපි ලියැවෙන්නට තිබිණි.

රාවණා යනු හෙළයාගේ ”පෞරුෂය” රැුකගෙන යුද බිමට ගිය හා අභීත තීන්දු ගත් රජකු හැටියට සටහන් කළ යුතුය. එතුමා හෙළයා රැුකගත්තා මිස හෙළයා නැසුවේ නැත. හෙළයා නසන්නට පැමිණි රාමා ට රාවණ රජතුමා සටන් කළ පිළිවෙලක් තිබිණි. එබැවින් රාවණ ගැන දකින බොහෝ දොස් නිවැරදි කර ගැනීමට මේ කාලයයි.

සටහන – අසංක ආටිගල

පිළිස්සුම් තුවාල වලට කදිම ඔසුව මාළු පොතු බව ඔබ දන්නවාද මෙන්න එම විශ්මිත ඔසුව 

පිළිස්සුම් තුවාල වලට කදිම ඔසුව මාළු පොතු බව ඔබ දන්නවාද මෙන්න එම විශ්මිත ඔසුව

පිළිකුල දනවන දෑ ඖෂධ දක්වා වර්ධනය කොට නවීන වෛද්‍ය විද්‍යාව ලත් ජයග්‍රහණය අගය කොට යුත්තක් වේ. එලෙස, බ්‍රසීලියානු ජාතික වෛද්‍යවරුන් පිරිසක් සිදු කළ අත්හදා බැලීම්වලට අනුව, පිලිස්සුණු තුවාල සුව කිරීමට කදිම ඖෂධයක් සොයා ගෙන ඇත.

තිලාපියා මාළු. ඔබේ ආහාර වේලට ආධුනිකයෙක් නොවේ. මේ පිළිබඳව පර්යේෂණ සිදු කළ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, අධික පිලිස්සුම්වලට ලක් වූ රෝගීන් හට තිලාපියා මාළු හම සිසිල ගෙන දෙන්නක් මෙන්ම අධික වෛද්‍ය ගාස්තුවලටද පිළියමක් වන බවයි.

පිලිස්සුණු තුවාලයක සුවය සඳහා අවශ්‍ය වන collagen සහ තෙතමනය තිලාපියා මාළු හම තුළ අන්තර් ගත වී ඇති බව උතුරු බ්‍රසීලයේ Ceara නම් ෆෙඩරල් විශ්වවිද්‍යලයේ විද්‍යාඥයින් පිරිසක් සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය කොට ගෙන තිබේ. එමෙන්ම, මෙය ගෝස් කැබැල්ලකට වඩා ඉහළ මට්ටමකින් තෙතමනය රඳවා තබා ගනියි.”පිලිස්සුම් තුවාල මත තිලාපියා මාළු හම් ඇතිරීම ඉතා අපූර්වයි. මාළු හම් කියන්නේ අපි බැහැර කරන දෙයක්.

නමුත් සමාජයට ප්‍රයෝජනවත් වන නිෂ්පාදනයක් ලෙස අපි මෙය යොදා ගන්නවා” Ceara විශ්වවිද්‍යාලයේ මහාචාර්ය odorio de Morais  මෙසේ පවසා සිටියි.

බ්‍රසීලියානු පර්යේෂකයන් තවදුරටත් පෙන්වා දෙන්නේ, මේ මාළු හම්වල ඉතා වේගවත් සුව කිරීමේ ගුණයක් ගැබ් වී ඇති බවයි. නිතර නිතර වේදනාවට ඖෂධ දැමීමේ අවශ්‍යතාවද මෙය අවම කරවයි.

මේ තිලාපියා මසුන්ගේ හම් රෝහල් වෙත යැවීමට මත්තෙන් විද්‍යාගාර තාක්ෂණ ශිල්පීන් විසින් විවිධ ජීවානුහරණ ක්‍රියාවලීන්ට භාජනය කොට, එහි ඇති virus විකිරණ මගින් විනාශ කිරීමට Sao Pauloහි ඇති රසායනාගාර වෙත යවනු ලැබේ. වරක් ජීවානුහරණය කොට පිරිසිදු කරන ලද මාළු හම් වසර දෙකක පමණ කාලයක් තබාගත හැකි බවයි පර්යේෂකයන් පවසා සිටින්නේ. මෙසේ ජීවානුහරණ ක්‍රියාවලීන්ට ලක් කළ මාළු හම් වලින් තවදුරටත් මාළු ගන්ධය වහනය නොවේ.

Antonio Janio යනු මෝටර් රථ යන්ත්‍ර ශිල්පියකු වන අතර, පෑස්සුම් ගෑස් සිලින්ඩරයකින් සිදු වුණු කාන්දුවකට ලක් වී බාහුව අධික ලෙස පිලිස්සුණු අයෙක්. මාළු හම් ප්‍රතිකාරය ලත් ඔහු පවසන්නේ, දවස් දෙකකින් දෙකකට මාරු කළ යුතු bandageවලට වඩා මහඟු සුවයක් මාළු හම් මගින් ඔහු ලබා ගත් බවයි.

පිලිස්සුම් තුවාලයක් ඇති වුණු විට, එම තුවාල ප්‍රදේශය පුරාවටම තිලාපියා මාළු හම අතුරා bandage එකකින් ආවරණය කෙරේ. මෙයට කිසිදු ආලේපනයක් භාවිත නොකෙරේ. දින 10කින් පමණ පසු වෛද්‍යවරුන් විසින් bandage ඉවත් කරනු ලැබේ. ඉන් පසු වියළි භාවයට පත්ව ඇති තිලාපියා සම පිලිස්සුම් තුවාලයෙන් මනාව ගලවාගත හැකි වේ.

Morais පවසන පරිදි, තිලාපියා ප්‍රතිකාරයට වැය වන්නේ පිලිස්සුණු රෝගීන් මත සාමාන්‍යයෙන් ආලේප කරන sulfadiazine ආලේපනයේ මිලට වඩා 75% අඩු පිරිවැයක්. එමෙන්ම, මේ සොයාගැනීමේ ඉදිරි පියවරක් ලෙස පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ, තිලාපියා ප්‍රතිකාරය වාණිජමය ලෙස නිෂ්පාදන මට්ටමෙන් දියුණු කිරීමටයි.

උදානි ඉන්ද්‍රචාපා

හනිමුන් එක නැතිවුණා කියලා දුකක් නෑ එයාට වගේම මටත් අකිලට හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙනවා

හනිමුන් එක නැතිවුණා කියලා දුකක් නෑ එයාට වගේම මටත් අකිලට හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙනවා

අකිල ධනංජය ගැන මේ දවස්වල හැමෝම කතා වෙනවා. ඒ ඔහුගේ විවාහයට පසුදින තරගයේ කඩුලු හයක් ලබාගැනීමත් සමගයි. ඔහු එම තරගයට සහභාගි වෙන්නෙ විවාහය දින රාත්‍රියේම නුවරට පැමිණෙන නිසා ඒ කැපකිරීම ගැන හැමෝම බොහොම උනන්දුවෙන් කතා වුණා. ඒ ගැන අහන්න අපි අකිලගේ ආදරණීය බිරිඳ නෙතලි ටෙක්ෂිණිට කතා කළා.

* විවාහය දවසෙම අකිල තරගයට සහභාගි වුණා. ඒ ගැන මොකද හිතුණේ?

විවාහය දවසෙම රෑ අපි නුවර එනවා. එදා අපේ හනිමුන් එක. ඒත් දුකක් දැනුණේ නෑ. මොකද අකිල යන්නෙ රට වෙනුවෙන් කියලා හිතුණ නිසාම. ඒ දවස නැති වුණා කියලා පසුතැවුණේ නැහැ.

* දුකක් හිතුණේ නැද්ද හනිමුන් එක දවසෙම රෑ අකිල ගියාම?

නෑ දුකක් හිතුණේ නැහැ. ඔහුත් එක්ක මමත් ගියා. මට ගොඩක් සතුටු හිතුණා ඔහුට ක්‍රීඩා කරන්න ලැබිම ගැන.

* විවාහයට කලින් අකිල ඔබට කීවද විවාහ උත්සවය දවසෙ තරගයට සහභාගි වෙනවා කියලා?

ඔව්. ඒ ගැන මට කලින් දන්වලා තිබුණ නිසා දුක හිතුණේ නැහැ.

* අකිල තරගයට සහභාගි වෙලා කඩුලු හයක් ගන්නවා?

ඇත්තටම වෙනදා මම අකිලට කියනවා හොඳට සෙල්ලම් කරන්න කියලා. එදා මට එහෙම කියන්නත් අමතක වුණා. එදා ඔහු තරගයටත් හොඳින් සෙල්ලම් කළා. ඒ නිසයි කඩුලු හයක් ගන්න පුළුවන් වුණේ. එකපිට ඔහු කඩුලු හයක් අරගෙන තිබුණේ නැහැ. ඒ නිසා ලොකු සතුටක් තියෙන්නේ. ඇත්තටම ඒක විවාහයට අකිල දීපු තෑග්ගක් වගේ.

* ඒ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වෙනවා. ඒ ගැන අකිල මොනවද කීවේ?

දුකයි. එයාට වගේම මටත් අකිලට හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා ඒ පරාජය දරාගන්න එයාට හැකියාව තියෙනවා. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒ නිසා ජය පරාජය හැමෝටම ‍පොදුයි.

* ඔහු එම තරගයේ වීරයා බවට පත්වීමත් දුර්ලභ අවස්ථාවක් නේද?

ඔව්, පරාජය වෙන කණ්ඩායමක තරගයේ වීරයා වීම කලාතුරකින් වෙන දෙයක්. ඇත්තටම මම හිතුවෙත් නෑ ඔහු එම තරගයේ වීරයා වෙයි කියලා. ඔහුටත් එහෙම බලා‍පොරොත්තුවක් තිබුණේ නැහැ. ඔහු තරගයක වීරයා වුණ ප්‍රථම අවස්ථාව. අකිල ඒ ගැන ගොඩක් සතුටු වුණා.

* අකිල මුණගැහුණු විදිහත් මතක් කරමු?

2010දී තමයි අකිල මුණගැහෙන්නේ. පාස‍ලේ දී ඔහු වගේම මමත් ක්‍රිකට් ක්‍රීඩා කළා. ඔහු මගේ මිතුරියක් අතේ යාළු වෙන්න අහලා තිබුණා. ඒත් මම මුලින්ම කැමැති වුණේ නැහැ. අපි දෙන්නම පාසල් ගියේ පානදුර මහානාම විද්‍යාලයට.

* ඊට පසුව ඔබ ඔහුට කැමැති වෙනවා?

එදා පාස‍ලේ බිග්මැච් එක දවස. ඔහු තමයි තරගයේ වීරයා වෙන්නේ. මට දුරකථන අංකය දුන්නත් මම ගත්තේ නැහැ. ඔහු ගියාට පසුවයි අංකය ගත්තේ. ඊට පස්සේ මම කතා කළා. ටික දවසක් කතා කරලා දැන හඳුන ගත්තට පස්සේ තමයි මම ඔහුට කැමැත්ත දෙන්නෙ.

* අකිලට කැමැති වෙන්න විශේෂ හේතුවක් තිබුණද?

ඔව්. හොඳ ගතිගුණ නිසයි ඔහුට කැමැත්ත දුන්නේ.

* දෙමාපියන් මේ සම්බන්ධයට කැමැති වුණාද?

ගෙවල් දෙකෙන්ම මුලින්ම කැමැති වුණේ නැහැ. එයාලගේ ගෙදරින් හිතුවේ එයා ක්‍රිකට් නැති කරගනී කියලා. අකිල ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වුණහම ගෙවල්වලින් ආශීර්වාදය අපට ලැබුණා.

* අකිල වගේ සැමියෙක් ලැබිම ගැන මොකද හිතන්නෙ?

අකිල මං ගැන හොයලා බලනවා. මට ‍පොඩි දුකක් දැනුණත් ඔහුට මාව තේරෙනවා. ඒ නිසා ඔහු වගේ සැමියෙක් ලැබිම ගැන මම ආඩම්බර වෙනවා.
තිළිණි කරුණාරත්න

සැමියාට හොරා බිරිද අනියම් පෙම්වතා සමග රෑට රෑට පෙම්කෙලලා මාට්ටු – බිරිද අනියම් පෙමතාටම බාර දී සැමියා ගෙදර යයි

සැමියාට හොරා බිරිද අනියම් පෙම්වතා සමග රෑට රෑට පෙම්කෙලලා මාට්ටු – බිරිද අනියම් පෙමතාටම බාර දී සැමියා ගෙදර යයි

පුරුෂයා හා දරුවන් දෙදෙනා සමග රාත්‍රියේ නිදා සිට අලුයම් කාලයේ අනියම් පුරුෂයෙකු සමග පැනගොස් සිටි කාන්තාවක පුරුෂයා විසින් අනියම් පුරුෂයාටම බාරදුන් බව වැලිගම පොලිසිය පවසයි.

කාන්තාව 24 හැවිරිදිය. පුරුෂයා 37 හැවිරිදිය. ඔහු රියැදුරු රැකියාවේ යෙදෙන්නෙකි. අනියම් පුරුෂයා රැකියා විරහිත අයෙකි. කාන්තාව පුරුෂයාට නොදැනෙන්නට කලක සිටම ඔහු හා අනියම් සම්බන්ධයක් පවත්වා ඇත.

සිද්ධිය වූ රාත්‍රියේ පුරුෂයා, කාන්තාව හා දරු දෙදෙනාට නින්ද ගොස් සිටියදී අලුයම් 2.20ට පමණ පුරුෂයා නින්දෙන් අවදිව ඇත. කාන්තාව ඇඳේ නොසිටි නිසා ඔහු කලබලයට පත්ව එළිවෙනතුරා කාන්තාව සොයා අන්තිමේදී වැලිගම පොලිසියට පැමිණිලි කර තිබේ.Image result for Fake husband indian

වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක මිලාන ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් අනුව කරන ලද විමර්ශනයේදී කාන්තාව අනියම් පුරුෂයාගේ නිවෙසේ සිටියදී පොලිසියට කැඳවාගෙන විත් ඇත.

ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යූ.ජී. සෝමසිරි මහතා විසින් කාන්තාව, පුරුෂයා හා අනියම් පුරුෂයා සමග සාකච්ඡා කොට නැවත වරක් කාන්තාව හා සැමියා එකතු කිරීමට කොතෙක් උත්සාහ කළත් එය සාර්ථක වී නැත.

කාන්තාව එක හෙලාම කියා ඇත්තේ තමන්ට අනියම් පුරුෂයා සමග යාමට අවශ්‍ය බවයි. අනියම් පුරුෂයාද ඇය බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

මෙම කතාබහට සවන්දී සිටි පුරුෂයා කාන්තාව අනියම් පුරුෂයාට බාරදීමට කැමැත්ත ප්‍රකාශ කර දරු දෙදෙනා තමන් බාර ගන්නා බව පවසා ඇත.

අවසානයේදී කාන්තාව අනියම් පුරුෂයා සමග පොලිසියෙන් පිටවී ගිය අතර පුරුෂයා දරු දෙදෙනා සමග පිටවී ගියේ ඉදිරියේදී දික්කසාද නඩුවක් පවරා බිරිඳගෙන් අයින් වෙන බව පවසමිනි.

(මිරිස්ස – සුනිල් ධර්මබන්දු ද සිල්වා)

බදුල්ලේ ගුවනේ අත්භූත ජීවියකු ඉගිලයන වීඩියෝවක් නිසා අන්තර්ජාලය කැළබෙයි 

බදුල්ලේ ගුවනේ අත්භූත ජීවියකු ඉගිලයන වීඩියෝවක් නිසා අන්තර්ජාලය කැළබෙයි

මේ පිටසක්වල ජීවියෙක්ද නැත්නම් මකරෙක්ද…? නැත්නම් සුපිරි බලයක් ලැබුණු මිනිසෙක්ද මෙය තවමත් අභිරහසක්

Alien Planet නම් යූ ටියුබ් චැනලයක් විසින් ශ්‍රී ලංකාවේ බදුල්ලේ සිදුවූ බව කියන අත්භූත සිද්ධියකට අදාළ වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තියෙනවා.

මෙම වීඩියෝව පිළිබඳව ඇතැමුන් අසත්‍යක් බව සඳහන් කරමින් අදහස් පළ කර තිබුණද තවත් සමහරු සඳහන් කර ඇත්තේ මෙවැනි දේ විය හැකි බවයි. නමුත් එසේ සිදුවන්නේ කෙසේද යන්න අභිරහසක්

Alien Planet නම් යූ ටියුබ් චැනලය මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ පිටසක්වල සත්ත්වයෙකුද යන්න පිළිබඳව මේ වීඩියෝව දැකීමෙන් සැක හිතෙන බවයි. 2012 වසරේ මෙම වීඩියෝව පටිගත වී තිබෙන. ඔවුන් එය Alien Planet යූ ටියුබ් වෙත එක් කර තිබෙනවා. ඔහුන් මෙම වීඩියෝව පළ කර සඳහන් කරන්නේ එය නරඹන්නන් මේ පිළිබඳව යමක් දන්නේ නම් සඳහන් කරන ලෙසයි.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)

මේ මගේ පලවෙනි ආදරේ නෙවෙයි මම දන්න එකම දේ අද මම බදිනවා කියන එක විතරයි

මේ මගේ පලවෙනි ආදරේ නෙවෙයි මම දන්න එකම දේ අද මම බදිනවා කියන එක විතරයි

ඇය වේදිකාව තුළ සම්මානලාභී රංගන ශිල්පිනියකි. මේ දිනවල දෙරණ රූපවාහිනී නාළිකාවේ විකාශය වන ‘සිදූ’ ටෙලිනාට්‍යය තුළින් ඇය ප්‍රේක්ෂකයන් හමුවට එනු ලබයි. නදිශානි පේලිආරච්චි වන ඇයගේ වෘත්තීමය පැතිකඩ පිළිබඳව බොහෝදෙනා දන්නා බව නම් නොරහසකි. නමුත් එම කාරණා සඳහා යොමු නොවී වෙනත් කාරණාවක් අද ඇයගේ රසිකයන් වෙනුවෙන් අප ගෙන ඒමට සූදානම්. අද (01දා) දින ඇයට විශේෂ දවසකි. මන්ද අද දිනයේ ඇය විවාහ දිවියට එළඹෙන බැවිනි. ඇය සිය ආදර කතාව පිළිබඳව අපත් සමග මෙලෙස අදහස් බෙදාගනු ලැබීය.ඇය වේදිකාව තුළ සම්මානලාභී රංගන ශිල්පිනියකි.

මේ දිනවල දෙරණ රූපවාහිනී නාළිකාවේ විකාශය වන ‘සිදූ’ ටෙලිනාට්‍යය තුළින් ඇය ප්‍රේක්ෂකයන් හමුවට එනු ලබයි. නදිශානි පේලිආරච්චි වන ඇයගේ වෘත්තීමය පැතිකඩ පිළිබඳව බොහෝදෙනා දන්නා බව නම් නොරහසකි. නමුත් එම කාරණා සඳහා යොමු නොවී වෙනත් කාරණාවක් අද ඇයගේ රසිකයන් වෙනුවෙන් අප ගෙන ඒමට සූදානම්. අද (01දා) දින ඇයට විශේෂ දවසකි. මන්ද අද දිනයේ ඇය විවාහ දිවියට එළඹෙන බැවිනි. ඇය සිය ආදර කතාව පිළිබඳව අපත් සමග මෙලෙස අදහස් බෙදාගනු ලැබීය.මේ

දවස්වල කොහොමද කාලය ගත වුණේ?

පසුගිය 27 වැනිදා තමයි රාජිත දිසානායකගේ නාට්‍ය උලෙළ ඉවර වුණේ. අවුරුදු 18කට පස්සේ ‘වෙඩි තියන්න බැහැ’ නාට්‍ය ආපහු කළා. ‘ආදර වස්තුව’ අවුරුදු 04කට පස්සේ අපි ආපහු කරන්න පටන් ගත්තා. මේ දවස්වල ‘නැතුව බැරි මිනිහෙක්’ නාට්‍යය වේදිකාගත වෙනවා. තනූජ් අනවරත්නගේ අලුත් නාට්‍යයක් වේදිකාගත වෙන්න තියෙනවා. ඒ ටික තමයි වේදිකාව පැත්තෙන් සිදුවන වැඩකටයුතු ටික. එතකොට රූපවාහිනිය ගත්තාම මම ‘සිදු’ එකේ වැඩකටයුතු කරගෙන යනවා. ඉදිරියටත් ඒකෙ වැඩකටයුතු තියෙනවා. වෙනස් යමක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණ නිසා සතුටින් කරගෙන යනවා.

ජීවිතයට තව කෙනෙක් එකතු වෙන්න යනවා නේද?

ඇත්තටම ඔව්, මම අද (01දා) විවාහ වෙනවා. තාම මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න එකක්. කොහොමද මුහුණ දෙන්නේ කියලා හිතල නැහැ. අදින් පස්සෙ තමයි මුහුණ දෙමින් විවාහ දිවිය ගෙනියන්නේ කොහොමද කියල හිතන්න ඉන්නේ. දැනට අද (01දා) දවස ගැන විතරයි හිතල තියෙන්නේ.

 

අද දවස විශේෂයි නේද?

අනිවාර්යෙන්ම ඔව්, විශේෂ දවසක් තමයි. විශේෂ කියන්න හේතුවක් තිබ්බත් ඒක කියන්න තේරෙන්නෙ නැහැ. විශේෂයි කියල තමයි මටත් තේරෙන්නේ. ඒ විශේෂ දේ මොනවගේද? මොකක්ද? කියලා මම තාම හිතනවා. මට මේ ගැන ලොකුවට හිතන්න වෙලා නැත්තේ, මම විවාහ වෙන්න තෝරගෙන තියෙන්නේ අවුරුදු එකොළහක ඉඳන් මම දන්න අවුරුදු කිහිපයක ඉඳන්ම ඉන්න මගේ යාළුවාවයි. ඔහුගේ නම ගයාන් දේශප්‍රිය. ඉතිං ඒ නිසා විවාහයක් ගැන අමුතුවෙන් බයක් හරි, මොකක්ද ඊළඟට වෙන්නේ කියන තිගැස්ම හරි මට නැහැ. ඒ යාළුවාම වෙන නිසා වෙන්න ඇති.

දින ගැන්නේ අද දිනේ ඉවර වෙනකල්ද?

ඇත්තටම නම් දින ගනින්නේ නැහැ. ඔයා අහනකොට තමයි මම ඒ ගැන හිතන්න ගන්නේ. විශේෂයෙන් කියන්න නම් දෙයක් නැහැ. මම දන්න එකම දේ අද මම බඳිනවා කියල විතරයි.

යාළුවා ආදරවන්තයා වුණේ කවදද?

ඇත්තටම අපි විවාහ වෙන්න තීරණය කරලා නම් ඉතාමත් කෙටි කාලයයි. එයා නම් මගෙන් අහල තියෙනවා අවුරුදු 06කට විතර කලින්. හැබැයි එතකොට අපි යාළුවෝ. මම අවුරුද්දකට කලින් සම්බන්ධයක් ගැන හිතනකොට මගේ ඔළුවට ආවේ එයාව විතරයි. ඊට පස්සෙ මාස 3,4කින් තමයි අපි සම්බන්ධයකට යමු කියල තීරණය කළේ.

යාළුවාගේ ගැළපීම කොහොමද?

මම දැනට කියනවා, මට මේ වෙනකන් හමුවෙලා තියෙන, ආශ්‍රය කරලා තියෙන, මම දැකලා තියෙන අයගෙන් හොඳම මම කැමතිම ගතිගුණ තියෙන කෙනාව තමයි මම විවාහ වෙන්නේ. මට ඒ ගැන ගොඩාක් සතුටුයි. මට හමුවෙලා තියෙන අයගෙන් මාව තේරුම් ගත්ත කෙනා තමයි ඔහු. මගේ යාළුවා වෙලා ඉන්න කාලේ තිබුණ තේරුම් ගැනීමම අදටත් තියෙනවා. මම හිතනවා ඒ තේරුම් ගැනීම ඉදිරියටත් තියෙයි කියලා. මට කිසිම බයකුත් නැහැ.

ඒ නිසා විවාහය ගැන අමුතුවෙන් ලෑස්ති වෙන්න උවමනාවක් නැහැ. විවාහයෙන් පසුව මෙයාට මාව ගැළපෙයිද? මාව තේරුම් ගනීද කියන බය නැහැ. ඒ නිසා අමුතුවෙන්ම විවාහයෙන් පස්සෙ ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාව හිතෙන්නෙ නැහැ. හැබැයි එක දෙයක් හිතෙනවා. අපි යාළුවෝ විදිහට අවුරුදු 11ක් හිටියනේ, ඉතිං ඒ යාළුකම විවාහයකට පෙරෙළෙන එක ගැන අපි දෙන්නටම පොඩි අමුත්තක් තියෙනවා.

 

පාසල් ආදරේ සහ මේ ආදරේ අතර වෙනස?

ආදරේ අතර නම් දැනෙන ලොකු වෙනසක් නැහැ. ආදරේ කරන්න ගියාම ඒ කාලෙද මේ කාලෙද කියලා වෙනසක් නැහැ. දැනෙන එක ඒ විදිහටම දැනෙනවා. හැබැයි, කියන්න තේරෙන්නේ නැහැ. පුංචි මොකක් හරි වෙනසක් තියෙනවා. පාසල් යන කාලේ තිබ්බ ආදරෙයි, දැන් තියෙන ආදරෙයි වෙනස් කියන දේ දැනෙනවා. තේරුම් ගැනීමයි, ජීවත් වෙලා තියෙන කාලය මත සහ ඒ ආදරේ දකින විදිහ වෙනස් වෙලා ඇති කියලා හිතනවා.

ඔබගේ පළමු වෙනි ආදරයද මේ?

නැහැ. මේ මගේ පළමුවෙනි ආදරය නෙමෙයි.

කලාව පැත්තට ඔහුගෙන් ලැබෙන සහයෝගය?

යාළුවෙක් වශයෙන් ඉන්න කාලයේදීත් මම එයත් එක්ක ඕනම දෙයක් කතා කරනවා. මට එන ප්‍රශ්නයක්ද, අහන්න තියෙන දෙයක්ද, කතා කරන්න තියෙන දෙයක්ද හැමදෙයක්ම එයත් එක්ක බෙදා ගන්නවා. මම හිතනවා ඉදිරියේදීත් ඔහුගෙන් උපරිම සහයෝගයක් ලැබෙයි කියලා. ඒ කාලෙත් මේ දේවල් ගැනම තමයි කතා කළේ.

වේදිකාවේ සම්මාන තිබ්බත් ටෙලි නිර්මාණ සහ සිනමාවේ සම්මාන නැත්තේ ඇයි?

ටෙලි නාට්‍ය ඇතුළේ සම්මාන හම්බවෙලා නැහැ. මම ගොඩක් නිර්මාණ සඳහා දායක වෙලත් නැහැ. කිහිපයක් තමයි කරලා තියෙන්නේ. ටෙලි නාට්‍ය ඇතුළේ සම්මානයක් සඳහා යන්න තියෙන පරිමාව මොකක්ද කියලා ඇත්තටම මම දන්නෙ නැහැ. ගොඩක් ලැබුණ නිර්මාණයවල චරිත නාට්‍ය පුරාම විහිදෙන ඒවා නෙමෙයි. ‘සිදූ’ එකේ හොඳ චරිතයක් කරන්න ලැබිලා තියෙනවා.

දැන් ගොඩක් නාට්‍ය ලියවෙමින් යනකොට අපි දන්නෙ නැහැ සම්පූර්ණ චරිතය ගැන. මම දන්නේ මම කරන දේ මගේ උපරිමයෙන්ම කරනවා කියල විතරයි. ඒ සඳහා සම්මානයක් ලැබුණොත් මට සතුටුයි. ලැබුණෙ නැහැ කියල, සම්මානයක් ගන්න ඕනමයි කියල දෙයකුත් නැහැ. හැබැයි කරන නිර්මාණය සඳහා ඒ චරිතය උපරිමයෙන්ම කරනවා.

ඔබ වැඩියෙන්ම කැමති සිනමාවටද? වේදිකාවටද? ටෙලි නිර්මාණවලටද?

මට රංගන ශිලිපිනියක් විදියට ඉගෙන ගන්න තියෙන්නේ, එකතු කරගන්න දේවල් තියෙන්නේ, පුරුදු පුහුණුවීම් කරන්න තියෙන්නේ, මම ගොඩක් කැමති වේදිකාවට. ඒ වගේම මම සිනමාවටත් කැමතියි. මම ඒ ක්ෂේත්‍ර තුනටම කැමතියි. හැබැයි මම වැඩිපුරම වේදිකාවට කැමතියි.

අපිට එකතුවෙන්න, පුහුණු වෙන්න වගේම සමහර වෙලාවට හිතෙනවා ඒ දේවල් වලින් ලැබෙන අත්දැකීම තමයි අපි අනිත් දේවල් සඳහා ලබාගන්නේ කියලා. ඉගෙනගන්නා පැත්තෙන් වැඩිපුරම තියෙන්නේ වේදිකාව තමයි. මම ගොඩක් කැමතිත් වේදිකාවට. දෙවෙනියට කැමති සිනමාවට. ඊළඟට කැමති ටෙලිනිර්මාණ සඳහා. ඒ වගේම ඒ ක්ෂේත්‍ර තුනෙන්ම ලැබෙන අත්දැකීම් සඳහා කැමතියි.

 

ඔබේ ඉදිරි වැඩකටයුතු මොනවාද?

මම කාලයක සිට රාජිත දිසානායකගේ ෆ්‍රීඩම් තියටර් කණ්ඩායමත් සමග වැඩ කරනවා. මම හරිම කැමැත්තෙන් තමයි ඔවුන් සමග වැඩකටයුතු කරන්නේ. එහි ‘ආදර වස්තුව’, ‘නැතුව බැරි මිනිහෙක්’ වගේ නාට්‍ය කිහිපයක් තිබෙනවා. ‘නැතුව බැරි මිනිහෙක්’ මේ වන විට සෑහෙන වාර ගණනක් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ‘ආදර වස්තුවත්’ නැවත ප්‍රදර්ශන කටයුතු ආරම්භ කරනවා. ඊට අමතරව මම නිදුක් මධුෂික ලියන සිරස එෆ්.එම්හී විකාශය වන ‘රන්මුද්දක් හැඬුවා’ ගුවන් විදුලි නාට්‍යයට සම්බන්ධවෙලා ඉන්නවා.

ඒක වෙනස්ම විදියේ ගුවන් විදුලි නාට්‍යයක්. මම මීට පෙරත් ගුවන් විදුලි නාට්‍ය කිහිපයක හඬකැවීම්වලට දායක වී තිබුණත්, ගොඩක් කාලෙකින් තමයි වෙනස්ම විදියක කතාවකට සම්බන්ධවෙලා ඉන්නේ. මට මේ දිනවල වේදිකාව, ගුවන් විදුලිය, ටෙලි නාට්‍ය වගේ ක්ෂේත්‍ර රැසක වැඩකටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක මට ලොකු සතුටක්. ඉදිරියේදී පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කරපු ළමා චිත්‍රපටයක් තිරගත වීමටත් නියමිතව

රංගනය කියන ක්ෂේත්‍රය තුළ දිගටම රැඳී ඉන්නද බලාපොරොත්තුව?

එහෙම කිසිම අදහසක් නැහැ. මේ ක්ෂේත්‍රයට මගේ කැමැත්ත තියෙන තාක් කල් මම වැඩකටයුතු කරනවා. මේ ක්ෂේත්‍රයට යම් තැනකදී මගේ කැමැත්ත නැති වුණොත් මම වෙන කිසිම හේතුවක් මත ක්ෂේත්‍ර‘යේ රැඳී ඉන්නෙ නෑ. මට දැනට පේන්නෙ නැහැ මම ක්ෂේත්‍රය අතාරියි කියන එක. හැබැයි විවාහ වුණා කියල ක්ෂේත්‍රය අතාරින්නේ නැහැ.

තිබෙනවා.ඩිලාන් ක්‍රිෂාන්ත

ලින්ගිකත්වය එළිපිටට ගෙනා අපේ පැරණි ජනක්‍රීඩා මෙන්න 

ලින්ගිකත්වය එළිපිටට ගෙනා අපේ පැරණි ජනක්‍රීඩා මෙන්න

ලින්ගිකත්වය එළිපිටට ගෙනා අපේ පැරණි ජන ක්‍රීඩා
ලින්ගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ ‍පොදු අදහස ය. ලින්ගිකත්වය පිළිබඳ මෙම රහස්‍යභාවය සුරැකීම සම්බන්ධයෙන් බටහිර වැසියන්ටත් වඩා පෙරදිග වැසියෝ උනන්දු වෙති. ඇඳුම් පැළඳුම්, කතාබහ, ක්‍රියාකාරකම් සහ ආචාර විචාර සම්ප්‍රදායන් වෙතින් ලිංගිකත්වය වසන් කළ යන මතය අප ජනසමාජයේ ද තදින්ම මුල් බැසගෙන තිබේ.

එහෙත්, මගේ පෞද්ගලික වැටහීම අනුව නම් එම ආකල්ප වල සැලකිය යුතු සාධාරණත්වයක් නොමැත. ඊට හේතුව දුරාතීතයේ සිට අපරදිග වැසියාට සාපේක්ෂව පෙරදිග වැසියා ලින්ගිකත්වය කෙරෙහි කිසියම් විවෘත සහ සහනශීලී ආකල්පයක් දැරූ බවට නිදසුන් මානව ඉතිහාසය පුරාම පැතිර තිබෙන බැවිනි. ඒ අනුව ලින්ගිකත්වය යනු ක්‍රියාකාරී සමාජය ඉදිරියේ හමස් පෙට්ටියකට දමා වැසිය යුත්තක් නොවන බවටත් අවශ්‍ය තැන්වලදී අවශ්‍ය පරිදි සංවාදයට ගත යුත්තක් බවටත් අතීත පෙරදිග වැසියා සිතා ඇති බව පෙනේ.

මානව සේම සත්ව ලින්ගිකත්වය පිළිබඳ මෙම විවෘත සහ සහනශීලී ආකල්ප බෞද්ධ සාහිත්‍යයෙන් සහ කලා ශිල්ප වලින් පවා මනාව නිරූපණය කෙරෙන අවස්ථා බොහොමයකි

දැනට ලෝක උරුමයක් ලෙස පවා ප්‍රකාශයට පත්කොට ඇති ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි කජුරාවෝ ආරාමික සංකීර්ණයේ මූර්තීන් සමහරකින් දැක්වෙනුයේ විවිධාකාර මානව ලින්ගික සම්භෝග ඉරියව් ය. ඒ අතරේ මානව සත්ව ඉරියව් ද දක්නට ලැබේ. එම ආරාම සංකීර්ණයේ බාහිරට වන්නට එසේ මූර්තිමත් කොට ඇත්තේ ව්‍යත්සායන නම් සෘෂිවරයා විසින් සංස්කෘත භාෂාවෙන් ලියන ලද ලෝක ප්‍රකට ‘කාම සූත්‍ර’ කෘතියේ දැක්වෙන විවිධ සහ විෂමාකාර ලින්ගික ඉරියව් බව විචාරකයන් විසින් හඳුනාගෙන තිබේ.
නමුත්, එමඟින් පළවන දාර්ශනික අදහස වනුයේ සියලු සත්වයන් ගිලගෙන ඇති කම් සැප මුල්කොට ගත් ලෝක ස්වභාවය තත්වාකාරයෙන් වටහාගෙන ආශාවන් ප්‍රහීණ කළ යුතු බවය.

එමෙන්ම පෙරදිග සාහිත්‍යයේ ලින්ගිකත්වය පිළිබඳව ඇති මෙම විවෘත සහ සහනශීලී ආකල්පය ප්‍රකට කරන නිදසුන් බොහොමයකි. අප කවුරුත් හොඳින් දන්නා පන්සිය පනස් ජාතක කතා ‍පොතේ කතා බොහොමයකින් ද ඉතා නිදහස් සැහැල්ලු ආරකින් ලින්ගිකත්වය විවරණය කෙරෙන බව අදත් බොහෝ දෙනෙක් නොදනිති. ඒ සඳහා මා දැක ඇති විශිෂ්ටතම උදාහරණය එහි පන්සිය විසිහය වන නලනිකා ජාතකයයි.

කිසිදා ස්ත්‍රියක දැක හෝ එවැන්නියක පිළිබඳව අසා නොමැති මහ වනමැද ජීවත් වන නව යොවුන් තාපසයෙකු ජීවිතයේ මුල්වරට වනයට පැමිණි යොවුන් රාජ කුමාරියකගේ නිරුවත දැක එහි එක් එක් අංග පිළිබඳව තම තවුස් පියාණන් සමග කරන ලද විස්තරය නූතන බසින් මෙහි ලිවීමට තබා ඒ පිළිබඳව සිතීමට වත් මට නොපුළුවන. ඒ නූතන විග්‍රහයන්ට අනුව එය එතරම් ‘අසභ්‍ය’ බැවිනි.

සැබැවින්ම අතීතයේ ලොව පුරා පැවැති ලින්ගිකත්වය පිළිබඳව නන් වැදෑරුම් ආකල්පවල කිසියම් ඒකමිතික ස්වරූපයක් දක්නට ලැබූණේ දහනව වන සියවසේදී ය. ඒ මහා බ්‍රිතාන්‍යයේ රජ කළ වික්ටෝරියා (ක්‍රි.ව. 1837-1901) මහා රාජිනියගේ සමයේ ලොව පුරා ව්‍යාප්ත වූ වික්ටෝරියානු සදාචාරය ඔස්සේ ය. ඒ ඔස්සේ මානව ලින්ගිකත්වය සම්බන්ධ නොනිල සදාචාරාත්මක ප්‍රමිතියක් ව්‍යවහාරයට පැමිණි අතර අප ශ්‍රී ලාංකීය ජන සමාජය අද වන විටද ඒ සදාචාරාත්මක ප්‍රමිතිය තුළට අන්තර්ග්‍රහනය වී තිබේ. එහෙත් ජන සමාජයක් වශයෙන් අප තුළ ඊට පෙර ලිංගිකත්වය පිළිබඳව පැවැති නිදහස්, විවෘත, සහනශීලී ආකල්ප හඳුනාගත හැකි මානව විද්‍යාත්මක සාක්ෂි බොහොමයකි.

විශේෂයෙන් ශ්‍රී ලාංකීය ජනසංස්කෘතියට අයත් ජන ආගම (Folk Religion) සහ ජන ක්‍රීඩා (Folk Play) මගින් ලින්ගිකත්වය පිළිබඳ සංකේතාර්ථ මනාව එළිදැක්විණි.
පුරාණ ඉන්දියාවේ මොහොන්දෝජාරෝ – හරප්පා ශිෂ්ටාචාරයන්හි පැවැති ස්ත්‍රී යෝනි වන්දනය සේම අදත් හින්දු ශිව ආගමේ ප්‍රධාන අභිචාර විධියක් වන පුරුෂ ලින්ග වන්දනයට වඩා බහුරූපී සහ සංකීර්ණ බවක් පළ කරන ලින්ගිකත්වය සංකේතනය කෙරෙන අංග රැසක් අප රටේ පැරණි ජන අභිචාරවල සහ ජන ක්‍රීඩාවල දැකිය හැකිය. විශේෂයෙන් ලෞකික සමෘද්ධිය සහ සෞභාග්‍යය අපේක්ෂාවෙන් කරනු ලබන පූජා චාරිත්‍ර සහ ජන ක්‍රීඩාවල මෙම ලින්ගික සංකේත නිරූපණය දැකිය හැක.

සවිමත් දැව කඳක් පාමුල ‍පොල් ගෙඩි දෙකක් රඳවා පුරුෂ අංග ජාතයක ආකෘතිය නිරූපණය කෙරෙන කප් සිටුවීම මහනුවර යුගයේ සංවර්ධනයේ වූ ලෞකික සමෘද්ධිය අරමුණු කරගත් දෙවියන් පිළිබඳ උත්සවයක සමාරම්භක අවස්ථාව ය. එමෙන්ම දෙවියන් පිළිබඳ බොහෝ උත්සවවල සමාප්තිය හැඟවෙනුයේ දිය කැපීමෙනි. මගේ නිරීක්ෂණය අනුව සශ්‍රීකත්වය පතා කරනු ලබන මේ අභිචාර විධි යුගලය තුළම ලින්ගිකත්වය ප්‍රකට කෙරෙන සංකේත තිබේ. විශේෂයෙන් රත්නපුර සමන් දේවාල පෙරහර අවසානයේ සිදු කෙරෙන දිය කපන මංගල්‍යයේදී එම ජලයට රතු පැහැති මල් පෙති මුසු කිරීම ස්ත්‍රී පුරුෂ ප්‍රථම කාම සම්භෝගයක් සංකේතනය කෙරන බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක.

ප්‍රදේශයට වර්ෂාව සශ්‍රීකත්වය සේම වසංගත රෝග ආදියෙන් අත්මිදීම අරමුණු කරගත් අංකෙළිය හෙවත් අං ඇදීම මගින් ද ලින්ගික සංකේත රැසක් ඉදිරිපත් කෙරේ. කාන්තාවන්ට රහසින් පුරුෂ පක්ෂයේ පමණක් සහභාගීත්වයෙන් වැඩිපුර ජනගහනයක් නොමැති ඉසව්වකදී සිදුකෙරුණු මෙය අභිචාර ක්‍රීඩාවකි.
මෙම ජන ක්‍රීඩාව ආරම්භ වනුයේ පත්තිනි දේවියට කරනු ලබන ආරාධනයක් මුල් කොට ගත් කප් සිටුවීමකිනි.

අංකෙළි උපත නම් ජන කාව්‍යයෙහි සඳහන් වන අන්දමට ඒ සඳහා මුල්වනුයේ පත්තිනිය මිනිසත් අවදියේදී ඇගේ සැමියා වන පාලඟ (කෝවලන්) සමඟ පඩි රජුගේ සපුමල් නෙලන්නට යාම පිළිබඳ පුරාවෘත්තයකි. එහිදී විශ්ව කර්මයා ඔවුන්ට කෙකි දෙකක් ලබා දුන් අතර ඉන් එන් කෙක්කක් සහිතව පාලඟ ගසට නැංගේය. පත්තිනිය ගසයට සිටියාය. අවසානයේ මෙම සපුමල් කැඩීමේදී ඔවුන්ගේ කෙකි දෙක එකට පටලැවුණි. ඒ අනුව දෙදෙනා කෙකි දෙක එකට පටලවා ගෙන දෙපැත්තට අදින්නට වූහ. කෙසේ හෝ අවසානයේ මිහිකතගේ උදව් ලද පත්තිනිය එම සටනින් දිනුවාය. මෙය ස්ත්‍රී පුරුෂ ලින්ගික සම්භෝගයක් පිළිබඳ කදිම සංකේත නිරූපණයකි. එම සිද්ධිය මුල් කොට ගනිමින් කාන්තාවන්ට රහසින් අප්‍රකටව පිරිමින් විසින් පමණක් සිදු කරන මෙම ක්‍රීඩාව බොහෝ විට කලකෝලහාලවලින් අවසන් වූ බවක් කොටගම වාචිස්සර හිමියන් විසින් රචිත ‘සරණංකර සංඝරාජ’ සමය කෘතියෙහි සඳහන් වෙයි

අප බොහෝ දෙනකු දන්නා පරිදි මිනිසුන් සතු ප්‍රධානම ආවේගයන් දෙකක් තිබේ. එනම් ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්වයයි. ඇතැම් පුද්ගලයන් තුළින් මේ ආවේග දෙකම එක්වර පිබිදීමක් සිදුවෙයි. ලිංගික ප්‍රචණ්ඩත්වය (Aggressive Sex) වශයෙන් විස්තර කෙරෙන එය සාදිස්මය (Sadism) නම් මානසික රෝගයේ ස්වරූපයක් ද ගනී. ඒ අනුව ඉහත සඳහන් අං ඇදීමට එක්වන පිරිසක් එලෙස සිය ප්‍රතිවාදීන් හමුවේ ප්‍රචණ්ඩත්වය මුදා හරින අතරේ ඊට එක්වූ තවත් පිරිසක් එලෙසින්ම තමන් තුළම පිබිදී ඇති සෙසු ආවේගය නැතහොත් ලිංගිකත්වය බිරිඳ හමුවේ මුදා හැරීම පිණිස නිහඬව ලහි ලහියේ නිවෙස් බලා යන්නට ඇත.

ඒ අනුව දැනට අප ජන සමාජයෙන් අභාවයට ගොස් ඇති ලිංගිකත්වය සංකේතය කෙරෙන මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජ සහ මානව විද්‍යාඥයන්ගේත්, සමාජ මනෝ විද්‍යාඥයන්ගේත් අවධානය මීට වඩා යොමු විය යුතු යැයි සිතමි.

දහහත්වන සියවසේ ශ්‍රී ලංකාව පිළිබඳ විශිෂ්ට සමාජ විග්‍රහයක යෙදුණු රොබට් නොක්ස්ගේ විස්තරය අනුව පෙනී යන්නේ ද මෙය පිරිමින් සතු ලින්ගික ශක්තිය සංකේතවත් කෙරෙන කිසියම් අභිචාරාත්මක ක්‍රීඩාවක් බවය.
මෙය හුදෙක් විනෝදාස්වාදය ලැබිමට වඩා ගමට, රටට, සෙත ශාන්තිය පතා කරනු ලබන ජන ක්‍රීඩාවකි. එහෙත් රොබට් නොක්ස් එම ක්‍රීඩාව සම්බන්ධයෙන් කරන මතු දැක්වෙන විස්තරය අප සැම විසින් විශේෂ අවධානයට ලක් කළ යුත්තකි.

“රටවැසියන් බෙහෙවින් ප්‍රිය කරන පත්තිනි දෙවියන් උදෙසා වන තවත් ක්‍රීඩාවක් ඇත. මෙරට පවත්නා දුර්භික්ෂ සහ වසංගත බිය දුරු කිරීමේ අරමුණින් සිදු කෙරෙන මෙම ක්‍රීඩාවේ ඉතා අශික්ෂිත අශීලාචාර අංගයකුත් තිබේ. එනිසා මෙය සිදු කරනුයේ නගරයෙන් දුරබැහැර විශේෂයෙන් කාන්තාවන්ට නොපෙනෙන ඉසව්වකදීය. මෙම ක්‍රීඩාව සිදුවන්නේ මෙලෙසිනි.

වැලමිටි හැඩයෙන් යුතු කරු (හෙවත් බලටු) දෙකක් ගෙන ඒවා එකිනෙක අමුණා පිරිස දෙපිලට බෙදී ඉන් එකක් කැඩී යනතුරු අදිති. මුදල් ඔට්ටුවක් නොමැති වුවද ඉන් දිනන කණ්ඩායම නොයෙක් ආකාරයේ ප්‍රීති ඝෝෂා කරමින් විනෝද වෙති. මෙසේ විනෝද වීමේදී කියනු ලබන වදන් සහ කරනු ලබන ක්‍රියා වචනයෙන් විස්තර කිරීමට බැරි තරම් පිළිකුල්ය. කෙටියෙන් කිවහොත් මෙසේ ප්‍රීති ඝෝෂා කිරීමේදී ම්‍ලේච්ඡ තිරිසන් වෙසින් හැසිරෙන්නා තරගයේ වීරයා බවටද පත්වෙයි. මෙම ක්‍රීඩාවේ ඇති අශික්ෂිත බව වටහා ගත් රජතුමා වරක් මෙය පැවැත්වීම තහනම් කළේය. ඉන්පසුවත් මෙම ක්‍රීඩාවේ යෙදුණු ගම්පොළ ප්‍රදේශයේ පිරිසකට අධිකාරම්වරයකු යවා දඩ නියම කරන ලදී.”

එමෙන්ම අපගේ ජන ආගම් සහ ජන ක්‍රීඩා සම්බන්ධ ලින්ගික සංකේත භාවිතය මින් අවසන් නොවේ. වන්නි හත්පත්තුවේ සහ නුවර කලාවියේ දැඩි නියං සමයන්හි වැසි පතා කරනු ලබන ‘වැහි බලි යාගය’ නම් යාතු කර්මයේදී වැව් පිටියක නිරුවත් ස්ත්‍රී සහ පුරුෂ බලි දෙකක් අඹා එම පුරුෂ බලිය මත ස්ත්‍රී බලිය සතපවා එක්වරම දියෙන් සෝදා හැරීම මෙබඳු ලින්ගික අභිචාර ක්‍රමවලින් එකක් පමණි.

මෙහිදී මෙම පුරුෂ බලිය වැස්ස වලාහක දෙවියන් වශයෙන් ‍පොදු ජන සමාජයේ හැඳින්වෙන වැසි ලබාදෙන දෙවිඳුන් මුල් කොට අඹන ලද්දකි. මෙම වැහි බලි යාගයේදී ඔහු හඳුන්වනු ලබනුයේ ‘වැහිගම්පල මුත්තා’ යන නමිනි. මෙලෙස නිසි කලට වැසි ලබා දීමට නොහැකියාව වැහිගම්පල මුත්තාගේ දුර්වලතාවයක් බව ඔහුට දැක්වීම පිණිස ඔහුගේ නිරුවත් බලිය මත ස්ත්‍රී නිරුවත් බලියක් තැන්පත් කිරීම ලිංගික සංකේතාත්මක ඉදිරිපත් කිරීමකි. මෙය වඩාත් පැහැදිලිව කිවහොත් ඔහුගේ වැඩ බැරි බව කියා පෑමකි. එවැනි නිග්‍රහයකින් කෝපයටත් ලැජ්ජාවටත් පත්වන ‘වැහිගම්පල මුත්තා’ කල් නොයවාම ඒ ප්‍රදේශයට වැසි ලබා දෙතැයි එම ගැමියෝ විශ්වාස කරති.

ඒ කෙසේ හෝ නූතන සමාජයෙන් වසන් වී පවත්නා මෙවන් මානව විද්‍යාත්මක තොරතුරු හා දත්තයන් ජනතාව හමුවේ ප්‍රමාණවත් ලෙස සන්නිවේදනය නොවීම ද එක්තරා ජාතික ඛේදවාචකයකි.

තිලක් සේනාසිංහ