ඔපස් වීමේ වරදට ජීවිතයෙන් වන්දිගෙවූ පාසල් සිසුවියගේ සංවේදී කතාව 

ඔපස් වීමේ වරදට ජීවිතයෙන් වන්දිගෙවූ පාසල් සිසුවියගේ සංවේදී කතාව

ඔසප් රුධිර පැල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් තමිල්නාඩු දැරියක් සියදිවි හානිකර ගැනීමක් දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙයි.
සියදිවි හානිකර ගැනීමට පෙර ලිපියක් ලියා තබන දොළොස් හැවිරිදි දැරිය ගුරුවරිය තමාට “හිරිහැර” සිදු කරන ලද බව කියා සිටින්නීය.

ඔසප් වීම සම්බන්ධයෙන් අවමානයට පත් වීමක් ගැන එම ලිපියේ සඳහන් නොවුනත් රුධිර පැල්ලමක් නිසා සිය දියණියට පන්ති කාමරයෙන් පිටව යන මෙන් දැනුම් දී ඇති බව දැරියගේ මව පවසයි.

ඔසප් වීම ග්‍රාමීය ඉන්දියාවේ ඇතැම් පලාත්වල තවමත් සැලකෙන්නේ තහංචියක (taboo) මට්ටමිනි.

ඔසප් සමයේ කාන්තාවන් අපිරිසිදු යයි සැලකෙන ගතානුගතික මතයක් ද එහි මුල්බැස ගෙන ඇත.

ඉහත කී දැරියගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ලෙස සලකන අතර ඒ පිළිබඳව විභාගයක් ආරම්භ කර ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

දැරිය සිය සටහන ආරම්භ කර තිබෙන්නේ “අම්මේ ! මට සමාවෙන්න” යනුවෙන් සිය මව අමතමිනි.

ගෙදර දී සිදු කිරීමට පැවරෙන වැඩ (homework) සම්පූර්ණ නොකිරීම සම්බන්ධයෙන් ගුරුවරිය මින් පෙර තම දියණියට දඬුවම් දී ඇති බවට දැරියගේ මව චෝදනා කරයි.
“මගේ දුව පසුගිය සෙනසුරාදා ඉස්කෝලේ ඉන්න විට ඔසප් වීමට ලක් වෙලා තිබුණා. දුව ඒ ගැන ගුරුවරියට කිව්වාම ගුරුවරිය ‘පෑඩ්’ එකක් විධියට පාවිච්චි කරන්න දූවිලි පිස්නයක් දීල තිබුණා” එම මව පවසයි.

“ගුරුතුමිය මගේ දුව පන්ති කාමරයෙන් පිටත හිටවල තියල තියෙනව. අවුරුදු දොළහක ළමයෙක් එවැනි අමානුෂික ආකාරයට හිටවල තියන්නේ කොහොමද?” දැරියගේ මව ප්‍රශ්න කරන්නීය.

දැරිය ඊළඟ දිනයේ සියදිවි හානි කර ගෙන ඇත.

අදාළ විභාගයේ දී පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව දැරිය ඉගෙන ගත් ‘තිරුනෙල්වේලි’ දිස්ත්‍රික්කයේ (Tirunelveli) පාසලේ ප්‍රධානීහු බීබීසියට ප්‍රකාශ කර ඇත.

(BBC)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 66 වැනි උපන් දිනය අදයි මෙන්න ඔහුගේ ජීවන කතාව 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 66 වැනි උපන් දිනය අදයි මෙන්න ඔහුගේ ජීවන කතාව

ඔබට සුබ උපන්දිනක් වේවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 66 වැනි උපන් දිනය අදට (03) යෙදී ඇත.

දෙවැනි ලෝක සමයේ ආරක්ෂක හමුදාවේ සේවය කළ පල්ලේවත්ත ගමරාළලාගේ ඇල්බට් සිරිසේන පියාණන්ට හා යාපා අප්පුහාමිලාගේ නන්දාවතී මෑණියන්ට දාව මෙලොව එ‍ළිය දුටු මෛත්‍රීපාල සිරිසේන මහතා පසක් කළ ප්‍රබල සමාජ දේශපාලන කරුණු දෙකක් මේ මොහොතේ සිහිපත් කළ යුතුමය.

ගම්පහ, යාගොඩ ග්‍රාමයේ ගොවි පවුලක උපන් ඔහු පසක් කළ සමාජ කරුණ නම් සැබෑ මානවවාදී මිනිසුන් ගොඩනැ‍ඟෙන්නේ බොහෝ දුෂ්කර ජීවිත මඟින් බවත් සැප ජීවිත මඟින් එවන් අය බිහි වන්නේ කලාතුරකින් බවය. දේශපාලන කරුණ නම් වර්ෂ 1951 සැප්තැම්බර් 02 වැනිදා මෙරටේ බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයා පක්ෂය බිහි වී පැය 24ක් ඉක්මයෑමට පෙර ජන්මලාභය ලැබීමය.

මේ අන්දමේ සමාජ, දේශපාලන කරුණු රාශියක් රටේ ජන සමාජයේ යහපත උදෙසාම සනිටුහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා කුඩා කළ පළමුව ගම්පහ පහළයාගොඩ කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ නායකත්වයෙන් ඇරඹි පොලොන්නරුව මින්නේරි ගොවිජනපද ව්‍යාපාරයේ මුල්ම ඉඩම්ලාභීන් ලෙස ඓතිහාසික පුලතිසිපුරවරයට නික්මුණු මේ ගොවි පවුලේ සාමාජිකයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුව තෝපාවැව මහ විදුහලටත්, ‍ඉන් අනතුරුව පොලොන්නරුව රාජකීය විදුහලටත් ඇතුළත්ව අකුරු කළේය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේත් සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිණියගේත් දේශපාලන දර්ශනය ගුරු කොට තරුණ කාලයේදීම දේශපාලනයට පිවිසි ඒ මහතා 1981 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ මහ ලේකම් ධුරයටත් වසර 1983දී එහි සභාපති ධුරයටත් පත් විය.

වසර 1988 / 89 භීෂණ සමයේ කටුක දේශපාලන ජීවිතයක් ගත කළ ඔහු 1989 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වී මුල්වරට පාර්ලිමේන්තුවට පත් විය. අනතුරුව 1994 පොදුජන එක්සත් පෙරමුණු රජායේ මහවැලි සංවර්ධන කැබිනට් ඇමැති ධුරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා 2014 වන විට සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියේය.

මේ රටේ තීරණාත්මක ජනාධිපතිවරයෙක් වූ 2015 ජනවාරි 08 වැනිදා පැවැති මැතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට 06 වැනි විධායක ජනාධිපතිවරයා ‍බවට පත් විය. දෙස් විදෙස් හි ගෞරවය ජනාදරය හොඳ හිත දිනාගත් ජනාධිපතිවරයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා හැඳින්විය හැකිය.

මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද

රාවණා රජුගේ  ”ගුස්ති-සේලම්බරම්” එකතුකර සෑදු මාරාන්තික සටන්කලාවේ රහස් මෙන්න 

රාවණා රජුගේ  ”ගුස්ති-සේලම්බරම්” එකතුකර සෑදු මාරාන්තික සටන්කලාවේ රහස් මෙන්න

තෙක් නොවූවිරූ ”රාවණ” කතාබහක් සමාජගතවී තිබේ. පාසල් සිසුන් ඇතුළුව, පොදු ජනයාගේ ප‍්‍රියශීලී විෂයක් බවට රාවණ කතාන්දරය පත්ව තිබේ. රාවණ සමය පිළිබඳ ගවේෂණශීලී පරපුරක් නිර්මාණය වීම ගැන අපට ඇත්තේ ආඩම්බරයකි. ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකරලාගෙන් පසු රාවණ යුගය ගුලිකර ගත් අනාගත පරම්පරාව මේ තොරතුරු අලූත් අඩියකට පෙරළනු ඇත. විශේෂයෙන් පර්යේෂණ, ගවේෂණ කිරීමට නව යොවුන් පරපුරක් මේ මොහොතේ වගකීම් දැරීම නව පරිච්ෙඡ්දයකි. අද රාවණ කතාවේ තවත් පියවරකට යමු.

රාවණ රජු දක්‍ෂ සටන්කාමියෙකි. පහර දීමට හා පහරින් බේරීමට අපූරු ශිල්ප දැන සිටියෙකි. රාවණ පරපුරින් එන අගනා සටන් ක‍්‍රමයක් ලෙස අංගම් ශාස්ත‍්‍රය දැක්විය හැකිය. රාවණ රජතුමා අංගම් ශාස්ත‍්‍රයේ ආදිතමයෙකි.

කරාටේ, කුංග්ෆු ආදී සටන් ක‍්‍රමවලට වඩා දස දහස් ගුණයකින් අංගම් ශාස්ත‍්‍රය පෙරමුණේ සිටියි. එය දේශීය සටන් ක‍්‍රමයකි. අනුන්ගේ දෙයක් ඉගෙනීමට වඩා රාවණ රජ සමයේ පටන් එන අංගම් ශාස්ත‍්‍රය අපේ දරුවන් ප‍්‍රගුණ කළ යුතුය. අද එහි සෑහෙන අඩු ලූහුඬුකම් තිබුණත් ආරක්‍ෂාවී පැවැතීම ගැන සතුටක් දැනවිය යුතුය.

රාවණ රජතුමා අංගම් ශාස්ත‍්‍රයේ දී මන්ත‍්‍ර හා කාලය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකොට ඇත. කඩුවලින්, පොලූ මුඟුරුවලින් සටන් කිරීම, පොරබඳා ගැනීම, දියල්ල නියම අංගම් ශාස්ත‍්‍රයේ නැත. පොර බැදීම පුරාණ අංගම් ශාස්ත‍්‍රයේ නැති අතර එය වෙනම ක‍්‍රීඩාවකි. ”ගුස්ති” තවත් ක‍්‍රීඩාවකි. ”සේලම්බරම්” තවත් ක‍්‍රීඩාවකි. මේ සියල්ල එකතුකරගෙන ”අච්චාරුවක්” කරගත් ක‍්‍රීඩාවක් අද අංගම් හැටියට තිබේ.

රාවණ රජතුමා අංගම් ශාස්ත‍්‍රයේ දී ප‍්‍රබල මන්ත‍්‍ර භාවිත කර ඇත. එසේම පහර දෙන පුද්ගලයාගේ බර කිලෝ 70 ක් නම් එම සම්පූර්ණ බර අනෙකා වෙත ක්‍ෂණිකව ලබා දෙමින් පහර එල්ල කරයි. ඒ අයුරින්ම රාවණ රජතුමා ද නිලවලට අංගම් පහර ගැසීම වඩා හොඳින් කර ඇත. ”අංගම්” යනු ක‍්‍රීඩාවක් හෝ සෙල්ලමක් නොවේ. එය පුරාණයේ සිට පැවතියේ පහර ලබන්නා අතිශය දුර්වල කිරීම සඳහාය.Image result for rawana 3d

පහර කන්නාට නියම අංගම් පහරක් වැදුණොත් එක්කෝ පිස්සු වැටෙයි. නැත්නම් පැය කීපයකින්, දින තුනෙන්, දින හතෙන්, මාස තුනෙන් ආදී වශයෙන් මරණයට පත්වේවි. නැත්නම් රෝගීව දුක් විඳියි.

අංගම් ප‍්‍රහාරය දෙන ස්ථාන හා ක‍්‍රම ද තිබේ. වැළමිටෙන් ඔළුවේ නිලයකට පහරදීම ජනප‍්‍රිය ක‍්‍රමයකි. එවැනි පහරක් නිවැරදිව එල්ල වුවහොත් එය වෛද්‍යවරයෙකුට ද සුවකළ නොහැක්කකි. කකුලේ මහපට ඇඟිල්ලට ඉලක්කය ගෙන උඩපැන යටි තල්ලට පහර එල්ල කළ විට ප‍්‍රහාරය සාර්ථක නම් හිස කදින් වෙන්වේ. ප‍්‍රහාරය අසාර්ථක වුවහොත් මරණය හෝ, දැඩි අසාධ්‍ය තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවේ. මෙවැනි ප‍්‍රහාර කීපයක් පුරාණ සාහිත්‍ය කෘතිවල සඳහන්වේ.ගෝඨයිම්බර යෝධයා සහ මහාසෝන යෝධයා අතර ඇතිවූ සටන අංගම් ශාස්ත‍්‍රයේ විශේෂ තැනකි. ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳට මහාසෝන කළ විහිලූවක් නිසා සටනක් ඇවිළිනි. එම සටනේ දී ගෝඨයිම්බර උඩ පැන මහාසෝනගේ නිකට වෙත කකුලේ මහපටැඟිල්ලෙන් ප‍්‍රහාරය එල්ල කළේය. එයින්ම මහාසෝනගේ හිස ගැලවිනි. නමුත් මෙවැනි ප‍්‍රහාර අංගම් ප‍්‍රදර්ශනවලට ඇතුළත් කරන්නේ නැත.

රාවණ රජුගේ සමයේ අංගම් සංචිතයක් තිබිණි. එය ”අංගම්” සටනට හැකියාව ඇතියවුන්ගෙන් තැනූවකි. රාවණ රජතුමාගේ අංගම්කරුවන්ට සහාය ලැබුණ ද පසු කාලීන විභීෂණ ආදී රජවරුන්ගෙන් අංගම් සංචිතයට සැලකිල්ලක් ලැබුණේ නැත. එමනිසා අංගම් සංචිත පරපුර දකුණු ඉන්දියාවට ගියේය.Related image

මේ අය පසුව දකුණු ඉන්දියාවේ කුලයක් බවට පත්විණ. ඒ ”අගම්පුඩියර්” නම් විය. පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් පළමුවැනි විජයබාහු රජතුමා අතීතය හාරාඅවුස්සා බලා ලංකාවෙන් ගිය අංගම් සංචිතය (අගම්පුඩියර් කුලය* ලක්දිවට ගෙන්වා ගත්තේය. ඔවුන්ට ගම්බිම් ද ප‍්‍රදානය කළේය. මොවුහු අංගම් ශාස්ත‍්‍රයට ගුස්ති ආදී අංග ද එකතුකර සංවර්ධනය කරවාගෙන සිටියෝය. එදා මේ කුල ජනයා පදිංචි කළේ පුරාණ වැලිතොටය. අද එය දකුණේ බලපිටියය.
මීට වසර සිය ගණනකට පසු චන්ද්‍රභානු නමින් ”ජා” ජාතික රජෙක් ලංකාවට පැමිණියේය. ඔහු ලංකාව ආක‍්‍රමණය පිණිස සේනා සහිතව පැමිණියෙකි. එදා ලංකාවේ සිටි රජු වැලිතොටහි සිටි ”අගම්පුඩියර්” කුලයට ”ජා” රජු පරදවන්නට උපදෙස් දී ඇත.

එම ජනතාව රජුට ”අංගම්” ශිල්පයෙන් පහරදී මරාදමා ආක‍්‍රමණිකයාගෙන් රට බේරාගෙන තිබේ. එයට උපහාරයක් වශයෙන් වැලිතොට නම ඉවත් කරවා ”බළපිටිය” යැයි නම් කෙරිණි. ශක්තිය බලය පෙන්වූ තැනක් වීම ඊට හේතුවයි. රාවණ පරපුරෙන් පැවත එන ”අගම්පුඩි” කුලයේ ජනතාව දැනුදු ලංකාවේ විවිධ ප‍්‍රදේශවල වෙසෙති. දැනටත් මොවුන් දුටුවිට සාමාන්‍ය වැසියකුට වඩා ශරීරාංගවලින්ම සටන්කාමී බවක් පෙනේ. ”අගම්පුඩියර්” තරුණයකු බව හඳුනා ගත හැකිය. කායවර්ධන මධ්‍යස්ථානවලින් හදාගත් ශරීරයට වඩා වෙනස්ම වූ ආවේණික සටන්කාමී ලක්‍ෂණ සහිත ශරීර අංග බළපිටියේ අංගම් ශාස්ත‍්‍රයට නෑකමැත්තන් සතුව තිබේ.Image result for rawana 3d

රාවණ රජතුමාගේ කාලයේ සිට පැවත එන තවත් විශේෂ ශාස්ත‍්‍රයක් හැටියට දේශීය වෙදකම හඳුන්වා දිය හැකිය. තණකොළ ගසේ සිට බෝගස දක්වා සෑම පැළයක්, පැළෑටියක්, ගහක්, වැලක්ම රාවණ යුගයේ ඖෂධවී තිබේ. ආයුර්වේදය නමින් කරන වෛද්‍ය ක‍්‍රමය ද රාවණගේ වෙදකමයි. එයට හේතුව රාවණගේ වෛද්‍ය ක‍්‍රම ඉන්දියාව දක්වා පැතිර තිබීමය. හෙළ වෙදකමේ ශාස්ත‍්‍රීය ක‍්‍රමයට, පුස්කොළ පොත් බලා හැ¥ තෙල්, බෙහෙත් අද නොයෙක් වෙද පරම්පරා ඇසුරේ තිබේ. මේ සියලූ බෙහෙත් එක්තරා යුගයක පුස්කොළ පොත්හි තිබූ නමක්, ගමක් නැති ඖෂධයි. ඒවා පුස්කොළ පොතින් උපුටා නැවත නිෂ්පාදනය කරගත් අය තමන්ගේ නමින් ගුලි, කසාය, තෙල් හදා පරම්පරාවලට දායාද කළහ. අවසානයේ පැරණි සිංහල වෙදකම ඒ ඒ නම්වලින් නොයෙක් දෙනා ”තමන්ගේ” බවට පත්කරගත්හ. නමුත් හුදෙක් බොහෝ ඒවා රාවණ රජ කාලයේ පටන් පරම්පරා අනුව එන බේත් වට්ටෝරුය. මේ අනුව හෙළ වෙදකම හා ආයුර්වේද වෙදකම දෙකම රාවණ රජුට අයත් බව කල්පනාවට ගත යුතුය. ඖෂධයේ බලය, ශක්තිය පිරිහී ඇත්නම් එය වත්මන් නිෂ්පාදකයන්ගේ දොසක් මිස පුරාණ ඖෂධ වට්ටෝරුවල දොසක් නොවේ.

රාවණ රජතුමාට අයත් ඖෂධ උයන් රාශියක් එකල තිබී ඇත. නාගහපොළ, ඇහැලේපොළ, තල්වත්ත ආදී ප‍්‍රදේශ රාවණගේ වෙදකමට නෑකම් ඇත. පසුකාලීන බුද්ධදාස වැනි රජවරු රාවණගේ වෙද උයන් දියුණු කරවා තිබේ. සිංහරාජ වෙද උයන (අද සිංහරාජ කැලය* රාවණගේ ප‍්‍රමුඛ ඖෂධ උයනකි.
ඊළඟට රාවණගේ රාජ සභාව පිළිබඳ තවත් අලූත් යමක් සටහන් තබමි.Related image

වත්මන් ලංකාවේ ඇමැති මණ්ඩලය 108 ක් බව මාධ්‍යයේ පළවිණ. අදටත් වඩා විශාල එවක ලක්දිව ඇමැති මණ්ඩලය හත් දෙනෙකි. රාවණ රජුට ප‍්‍රබල ඇමැතිවරු සතක් සිට ඇත. කාර, මහෙජ, ශූර, උග‍්‍රසේන, තිරමුණ, මාන, භානු යක්‍ෂයෝ මේ ඇමැති මණ්ඩලය නියෝජනය කළහ. මේ සියලූ යක්‍ෂයෝ ලංකාව පමණක් නොව යටත් ප‍්‍රදේශ පවා පාලනය කරගෙන ශක්තිමත් රාජ්‍යයක් ගෙන ගියහ.

කාර රාක්‍ෂයා ඇමැති මණ්ඩලේ සිටි විශේෂතමයෙකි. ඔහු රාවණ හමුවට ආවේ ගියේ රෝද සතරක වාහනයකින් බව කියයි. මේ රෝද සතර යකඩ රෝද විය. මේ වාහනයට අගනා එංජිමක් ද තිබුණු අතර සූර්ය බල ශක්තියෙන් එය ගමන් කරවා ඇත. මේ රාවණ කතා පුවත් පුස්කොළ පොතෙහි දැක්වෙන අගනා කතාවකි.

මෙම ප‍්‍රවෘත්තියට අනුව රෝද සතරේ වාහනවල ආරම්භය රාවණ යුගයද? රෝද සතරේ වාහනය ලෝකය හමුවට ආවේ ලංකාවෙන්ද? යන ප‍්‍රශ්නයට නව ප‍්‍රවිෂ්ඨයක් ගත හැකිය.

අද ජපානයේ, කොරියාවේ, ඉන්දියාවේ වාහන නිෂ්පාදනය කෙරුණ ද රාවණ යුගයේ ලංකාවේ වාහන නිෂ්පාදනය සිදුවන්නට ඇති බව නිගමනයකට ආ හැකිය. රාවණ රජුගේ කාර රාක්‍ෂයා පමණක් එම විශේෂ වාහනයෙන් පැමිණි බව විස්තර වේ.

විශේෂයෙන් රාවණට වඩා තරමක් බලයෙන් අඩු සත් දෙනකුගෙන් යුත් යක්‍ෂ ඇමැති මණ්ඩලය, රටේ ඒ ඒ ප‍්‍රදේශවල පාලන බලය අතටගෙන කටයුතු කරවා ඇත. රාවණ පවරන ලද කටයුතු ක‍්‍රියාවට නංවා ඇත්තේ මේ අමාත්‍යවරුය. විශේෂයෙන් ඔවුන්ට සහාය වීමට සේනාපතිවරු 21 ක් සිට ඇත. විශේෂයෙන් මොවුහු යුද සේනාපතීහුය. මේ සේනාපතීන්ගේ භූත ආත්ම රාවණ දෙවි සමග දැනට ලොව සැරිසරන බව ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරයි.
එහෙත් ඇමැති මණ්ඩලයේ සිටි යක්‍ෂයන්ගේ යළි නැගිටීමක් ගැන පුරාණ පුස්කොළ පොත්හි සටහන් නොවේ.

කෙසේ හෝ වේවා රාවණ රජු මූලික කොටගත් සත් දෙනෙකු සහිත ඇමැති මණ්ඩලය, සේනාපතීන් 21 ක්, අන්තඃපුරයක්, බළකොටු, මාළිගා, රාජකීය උයන් සහිත රාජකීය දිවි පෙවෙතක් රජු භුක්තිවිඳ ඇත

දේශ දේශාන්තර ද පාලනය කළ සියල් සම්පතින් ආඪ්‍ය වික‍්‍රමාන්විත රජකු ලෙස රාවණ සඳහන් කළ යුතුය. හුදෙක් රාවණ යනු ”ලද බොළඳ” හෝ මිථ්‍යාවක් ලෙස දකිනවා නම් එය ඔබගේ අදහස, මතය, තීරණය විය හැකිය. නමුත් රාවණ රජු ගැන අප මෙතෙක් කතා කළ ලිපි සමග ජීවත්වී නම් හේ තෙද බල ඇති ලාංකීය උරුමයේ ”මහ මොළකරු” ”මහ උරුමක්කරු” හැටියට අදහස අවදිකොට ගත යුතුය.

එකල රටේ වූ දියුණුව, අධිරාජ්‍ය බලය, පාලන ශක්තිය මේ සියලූ දේ පසු කාලීනව ලොව බිහිවූ අධිරාජ්‍යවාදීන්ට වඩා ශක්තිමත් පුරුෂ ලක්‍ෂණය. ඒ අනුව ලොව බිහිවූ පළමු අධිරාජයා අපේ ‘‘රාවණ රජු” නොවේද? මෙය ලෝක සම්මතය කරා රැුගෙන යාමට කවුරුත් අත්වැල් බැඳගත යුතුය.
ලෝකයා විසින් තම තමන්ගේ රට රාජ්‍යවලට අධිරාජ්‍යයන් බිහිකර ගනු ලබද්දී සිංහලයන් ලෙස ”පුහු” ජාතියක් වීම නොව පුරාණ පුස්කොළ සාක්‍ෂි සහිතව ”රාවණ අධිරාජයා” යන මතය රටේ නිර්මාණය වීමට කල් එළැඹ ඇත.

ගුවනේ සිට වෙඩි වරුසාවක්ම එල්ලකිරීමට හැකි මහා රාවණාගේ  “සහශ‍්‍රගත” යානය පිළිබද හෙළි වූ විශ්මිත කතාව

ගුවනේ සිට වෙඩි වරුසාවක්ම එල්ලකිරීමට හැකි මහා රාවණාගේ  “සහශ‍්‍රගත” යානය පිළිබද හෙළි වූ විශ්මිත කතාව

රාවණා රජතුමා පිළිබඳ ජාතික පිළිගැනීමක් ඇතිවී තිබේ. එතුමා හෙළ රජ පරපුරේ ආදි මුත්තෙක් බව ඇසීම කෙනෙකුට රිදීමක් වන්නට පුළුවන. නමුත් අපි ලියන්නේ විජාතික බලයක් හෝ විජාතික බලවේගයක් ගැන නොවේ. අපි රාම ගැන ලියුවා නම් එතැන ගැටලූවක් වීම සාධාරණය.

රාවණ රජතුමා, රාම ගේ දෘෂ්ඨියෙන් දැකීම බරපතළ දොසකි. රාම කුමරු හින්දුන්ගේ පූජාවට පත්වන බව නොරහසකි. නමුත් හින්දුන් විසින් රාවණාට එම තැන ලබා දී නැත. එයට හේතු වන්නට ඇත්තේ එක්කෝ රාවණ රජතුමා රාමට විරුද්ධවීම විය හැකිය. නැතිනම් රාවණ ලක්දිව රජකු වීමත් රාම ඉන්දීය රාජ පරපුරකවීමත් විය හැකිය. මේ දෙදෙනාම හින්දු අය ලෙස සලකනවා නම් එය නිවැරදි දැනුමින් පිටස්තර දෙයක් බව අපි විශ්වාස කරමු.

රාවණ රජතුමා යුද ශිල්පයෙහි ප‍්‍රමුඛයෙකි. එතුමා යුදයට අවශ්‍ය ආයුධ සෑම අතින්ම සන්නද්ධ කොට ගෙන සිටියෙකි. න්‍යෂ්ටික අවි පවා රාවණා සතුව තිබූ බව පුරාණ තොරතුරු ඇසුරේදී පෙනී යයි. කෙසේ වෙතත් බොහෝ දෙනාගේ හිත සුව පිණිස රාවණ රජතුමා ඇතැම් යුද උපකරණ භාවිත කළේ නැත. එයට හොඳම උදාහරණයක් මේ ලිපිය ඔස්සේ සපයමු. රාවණාට සහශ‍්‍රගත නම් විශිෂ්ට යුද යානයක් තිබිණි. මෙම යුද යානය අද ”මල්ටි බැරල්” යුධෝපකරණයට වඩා බෙහෙවින් දියුණු වූවකි.

සහශ‍්‍රගත ගුවන් යානය නිෂ්පාදනය කළේ එවකට සිටි දක්ෂ ගුවන් යානා ඉංජිනේරුවකු වූ ධීර රකුසාය. ඔහු මහා රාවණාගේ උපදෙස් අනුව මේ යානය නිපදවා ඇත.

දක්ෂිණ ලංකාවේ කතළු පුරයේ කතළු කුමරු විසින් සපයන ලද රත්තරන්ද, වීර රකුසා සැපයූ රිදීද, අටකලම්පන්නේ ඉන්දීර රකුසා විසින් ලබා දුන් පිරිසිදු වානේද ඊට යොදා ගත් බව කියැවේ. මෙම සහශ‍්‍රගත යානය වෙනත් ග‍්‍රහලෝකයකට වුවද පහසුවෙන් පහරදිය හැකි තරම් බලවත් නිෂ්පාදනයක් විය.
විශේෂයෙන් රාවණ රජතුමා මෙම යුද ගුවන් යානය මගින් අඟහරු ලෝකය වැනි ජනාවාස ගත ග‍්‍රහලොවක බලය අල්වා ගැනීමට බලාපොරොත්තු වූවා වන්නටද පුළුවන. විටෙක මෙය අපට පුදුම උපදවන්නක් වුවද ගැඹුරින් කල්පනා කර බැලීමේ දී කිසියම් මතයක පිහිටන්නට බැරි නැත.

ලෝකය සම්පූර්ණයෙන් නොදියුණු යුගයක රටක් විසින් තවත් රටක් අල්ලා ගනු ලැබීම දුෂ්කරය. නමුත් බලසම්පන්න ආයුධ ඇති කලෙක ප‍්‍රබල රටක් විසින් දුර්වල රටක් අල්වා ගැනීම දුෂ්කර නොවේ. අප බැලිය යුත්තේ මේ න්‍යාය මත පිහිටා රාවණ යුගය යනු නොදියුණු යුගයක් ලෙස නොව වර්තමානයටත් වඩා දහස් සංඛ්‍යාත දියුණු තැනක සිටය. එවැනි තැනෙක සිට බලද්දී ග‍්‍රහලෝක අල්ලා ගන්නා තරමේ යුද උපකරණ තිබීම ගැන පුදුම ඉපදවිය යුතු නැත.

සහශ‍්‍රගත යානය සෑදීමේදී ඉන්දියාවේ හිමාල කඳුකරයෙන් ගෙන්වන ලද ”මයුර දණ්ඩ” නමැති ලී කොටස්ද මෙහි සවිකර තිබිණි. එය රියදුරුගේ ආරක්ෂාවට සවිකරන ලද බව රාවණා කතා තල්පතෙහි සඳහන් වෙයි.

විශේෂයෙන් සහශ‍්‍රගත යානය යුද්ධයට යොදා ගැනීමෙන් බලවත් මිනිස් සංහාරයක් වන බව දැන සිටි රජතුමා එය රාම හා සටනට යොදා ගත් බව නොපෙනේ.

මෙම නව ගුවන් යානය නිපදවන පුවත විභීෂණගෙන් රාමට දැන ගන්නට ලැබුණු අතර, යුද්ධය අතරමග නවතා දමා ආපසු යා යුතුයැයි යෝජනා කළේ රාමගේ අග‍්‍ර පුරෝහිත හනුමන්ත් ය.

”මම ආවේ ලංකාව බලන්න නෙවෙයි, මෙහි සඟවා සිටින සීතා රැුගෙන යන්නයි. එම නිසා ඔබ කවුරු ආපසු ගියත් මා ආපසු හැරෙන්නේ නෑ”
සිරුරින් කුඩා වුවත් රාම විසින් හනුමන්ත්ට පවසන ලද්දේ දැවැන්ත රණකාමියෙකු පරිද්දෙනි.

රාවණා රජතුමා දක්ෂ සටන්කාමියෙක්. එතුමා මේ සටනට සහශ‍්‍රගත යානය යොදා ගන්නේ නෑ. එතුමා මේ සටන සලකන්නේ පුංචි සටනක් ලෙසයි.
රාවණා රජතුමා පිළිබඳ මනා අවබෝධයක් තිබූ විභීෂණ රාමාට දැන්වූයේය. මේ විභීෂණ රාවණ රජතුමාගේ බාල සහෝදරයා වූ නමුත් ඔහු කටයුතු කළේ රාම කුමරුගේ පැත්තගෙනය.

සහශ‍්‍රගත යානය ගුවනේ එක තැනක හෝරාවක් වුවද නවතා සටන් කළ හැක්කක් බව කියැවේ. එකවර වෙඩි උණ්ඩ දහස් ගාණක් මුදාහල හැකි යානයකි. වෙඩි උණ්ඩ පොකුරු පිටින් මුදාහරින අතර උණ්ඩ නිකුත් කරන ප‍්‍රමාණය අවශ්‍ය පරිදි අඩු වැඩි කරවා ගත හැකිය.

සහශ‍්‍රගත යානය නිපදවා එහි ශක්තිය උරගා බැලීමේ අවස්ථාවක් කල්පිටිය මුහුදු ප‍්‍රදේශයේ පැවැත්විණි. එහි පහසුව පිණිස එවක එහි සිටි ධීවර ප‍්‍රජාවද ඉවත් කෙරිණි. මෙම යානය පණ ගැන්වූ පසු පළාතක් ගිනිබත් වන තරමට යානය බලවත් විය.

කල්පිටියේ යුද අභ්‍යාසයක් සඳහා සහශ‍්‍රගත යානය ලකේගල සිට පදවාගෙන ආවේ මේඝනාද (ඉන්ද්‍රජිත්) කුමරුය. යානය කල්පිටියේ විශාල ගල් පීඨිකාව මත ස්ථානගත කෙරිණි. මේ යුද අභ්‍යාසය දුර ඈත සිට නරඹන්නට විශාල ජනතාවක් ඒකාරාශි වූහ. ඔවුහු මෙය මහා වික‍්‍රමාන්විත ක‍්‍රියාවලියක් හැටියට දැක ප‍්‍රීති ඝෝෂා නඟමින් සතුට ප‍්‍රකාශ කරන්නට වූහ.

එදා කල්පිටිය වෙරළට රාවණ රජතුමා ද පැමිණ සිටියේය. යානය රජතුමාට පිළිගැන්වූයේ මේඝනාද කුමරු විසිනි. මේ සහශ‍්‍රගත යානය නිෂ්පාදනය වුණේ ලකේගල කන්දේය. එහි මංගල ගමන රාවණ රජුට භාර විය.

”මෙම ගුවන් යානයෙන් මේ රටේ කිසිම මිනිසෙක් ඝාතනය කිරීමට මම අදහස් නොකරමි. මෙය වෙනත් ග‍්‍රහලෝක සමග සටනට පිළියෙල කළ එකකි. දරුවනි, සහශ‍්‍රගත යානය තොපගේ ජයකි” යි කී රාවණ රජතුමා යානයට ගොඩ විය.

යානය පණගැන්වූ රජතුමා අහසට නැගුණේ දක්ෂ යුද නියමුවකුගේ ලක්ෂණ පෙන්නුම් කරමිනි. යානයෙහි හඬ කල්පිටියේ සිට පුත්තලම දක්වා හෙණ ගසන්නාක් මෙන් පැතිර ගියේය. එම ප‍්‍රදේශයේ සිටි වන සතුන් බියට පත්ව වන රොදවල, ගල්ගුහාවල, ගස් බෙනවල සැඟවී දින ගණනක් විසූ බව රාවණ කතා පුස්කොලහි සඳහන් වේ.

සහශ‍්‍රගත යානය මුහුදේ හා ගංගාවල පවා ස්ථාන ගත කර තැබීමට වුවද දියුණු එකක් විය.

යානය අහසේ දස්කම් පාද්දී කිතුල්ගල අසල වන රොදක් යානයේ බලවත්කම ඉදිරියේ ගිනිබත් විය. එම ගිනිදැල් ඉතා ශීඝ‍්‍රයෙන් කිතුල්ගල සිට යටියන්තොටට පැතිර ගියේය.

සහශ‍්‍රගත යානය නිසා ගිනිබත් වූ මේ ප‍්‍රදේශයට දැන් ගිනිගත්හේන යැයි කියන බව ආචාර්ය මිරැුන්ඩෝ ඔබේසේකර මහතා කියයි. එදා මෙම යානය නිසා සිදුවූ බලවත් විනාශය දුටු රාවණ රජතුමා බොහෝ සෙයින් කම්පාවට පත්විය.

සහශ‍්‍ර ගුවන් යානය පෘථිවිය මත කිසිම යුද්ධයකට භාවිත නොකරන ලෙස මේඝනාද කුමරුට තදබල ආඥාවක් නියම කළේය.

රාම සමඟ සටන බලවත් සටනක් බව රාවණ සිතුවේම නැත. රාම බලවත් තර්ජනයක් බව රාවණ සිතුවා නම් ඉතා පහසුවෙන් ඔහු මැඩපැවැත්වීමේ ශක්තිය රාවණ ලබා සිටියේය.

සහශ‍්‍රගත යානය රාමට එරෙහිව ක‍්‍රියාත්මක කළේ නම් රාම, හනුමන්ත් පමණක් නොව රාම සහායකයන් සියල්ලන් එක තැනක ඝාතනය කිරීමේ කාර්යය රාවණට සරල කාරණයක් විය.

රාවණ රජතුමා බොහෝ දුරදක්නා නුවණින් කටයුතු කළ අතරම, බොහෝ දෙනාගේ හිත සුව පැතූ බවද ඉතා පැහැදිලිව හඳුනාගත හැකිය. රාවණා රජතුමා තමන්ගේ ආත්මාභිලාෂය පමණක් තැකුවා නම් රාවණා පිළිබඳ වෙනස් ආකාරයකට මේ ලිපි ලියැවෙන්නට තිබිණි.

රාවණා යනු හෙළයාගේ ”පෞරුෂය” රැුකගෙන යුද බිමට ගිය හා අභීත තීන්දු ගත් රජකු හැටියට සටහන් කළ යුතුය. එතුමා හෙළයා රැුකගත්තා මිස හෙළයා නැසුවේ නැත. හෙළයා නසන්නට පැමිණි රාමා ට රාවණ රජතුමා සටන් කළ පිළිවෙලක් තිබිණි. එබැවින් රාවණ ගැන දකින බොහෝ දොස් නිවැරදි කර ගැනීමට මේ කාලයයි.

සටහන – අසංක ආටිගල

පිළිස්සුම් තුවාල වලට කදිම ඔසුව මාළු පොතු බව ඔබ දන්නවාද මෙන්න එම විශ්මිත ඔසුව 

පිළිස්සුම් තුවාල වලට කදිම ඔසුව මාළු පොතු බව ඔබ දන්නවාද මෙන්න එම විශ්මිත ඔසුව

පිළිකුල දනවන දෑ ඖෂධ දක්වා වර්ධනය කොට නවීන වෛද්‍ය විද්‍යාව ලත් ජයග්‍රහණය අගය කොට යුත්තක් වේ. එලෙස, බ්‍රසීලියානු ජාතික වෛද්‍යවරුන් පිරිසක් සිදු කළ අත්හදා බැලීම්වලට අනුව, පිලිස්සුණු තුවාල සුව කිරීමට කදිම ඖෂධයක් සොයා ගෙන ඇත.

තිලාපියා මාළු. ඔබේ ආහාර වේලට ආධුනිකයෙක් නොවේ. මේ පිළිබඳව පර්යේෂණ සිදු කළ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, අධික පිලිස්සුම්වලට ලක් වූ රෝගීන් හට තිලාපියා මාළු හම සිසිල ගෙන දෙන්නක් මෙන්ම අධික වෛද්‍ය ගාස්තුවලටද පිළියමක් වන බවයි.

පිලිස්සුණු තුවාලයක සුවය සඳහා අවශ්‍ය වන collagen සහ තෙතමනය තිලාපියා මාළු හම තුළ අන්තර් ගත වී ඇති බව උතුරු බ්‍රසීලයේ Ceara නම් ෆෙඩරල් විශ්වවිද්‍යලයේ විද්‍යාඥයින් පිරිසක් සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය කොට ගෙන තිබේ. එමෙන්ම, මෙය ගෝස් කැබැල්ලකට වඩා ඉහළ මට්ටමකින් තෙතමනය රඳවා තබා ගනියි.”පිලිස්සුම් තුවාල මත තිලාපියා මාළු හම් ඇතිරීම ඉතා අපූර්වයි. මාළු හම් කියන්නේ අපි බැහැර කරන දෙයක්.

නමුත් සමාජයට ප්‍රයෝජනවත් වන නිෂ්පාදනයක් ලෙස අපි මෙය යොදා ගන්නවා” Ceara විශ්වවිද්‍යාලයේ මහාචාර්ය odorio de Morais  මෙසේ පවසා සිටියි.

බ්‍රසීලියානු පර්යේෂකයන් තවදුරටත් පෙන්වා දෙන්නේ, මේ මාළු හම්වල ඉතා වේගවත් සුව කිරීමේ ගුණයක් ගැබ් වී ඇති බවයි. නිතර නිතර වේදනාවට ඖෂධ දැමීමේ අවශ්‍යතාවද මෙය අවම කරවයි.

මේ තිලාපියා මසුන්ගේ හම් රෝහල් වෙත යැවීමට මත්තෙන් විද්‍යාගාර තාක්ෂණ ශිල්පීන් විසින් විවිධ ජීවානුහරණ ක්‍රියාවලීන්ට භාජනය කොට, එහි ඇති virus විකිරණ මගින් විනාශ කිරීමට Sao Pauloහි ඇති රසායනාගාර වෙත යවනු ලැබේ. වරක් ජීවානුහරණය කොට පිරිසිදු කරන ලද මාළු හම් වසර දෙකක පමණ කාලයක් තබාගත හැකි බවයි පර්යේෂකයන් පවසා සිටින්නේ. මෙසේ ජීවානුහරණ ක්‍රියාවලීන්ට ලක් කළ මාළු හම් වලින් තවදුරටත් මාළු ගන්ධය වහනය නොවේ.

Antonio Janio යනු මෝටර් රථ යන්ත්‍ර ශිල්පියකු වන අතර, පෑස්සුම් ගෑස් සිලින්ඩරයකින් සිදු වුණු කාන්දුවකට ලක් වී බාහුව අධික ලෙස පිලිස්සුණු අයෙක්. මාළු හම් ප්‍රතිකාරය ලත් ඔහු පවසන්නේ, දවස් දෙකකින් දෙකකට මාරු කළ යුතු bandageවලට වඩා මහඟු සුවයක් මාළු හම් මගින් ඔහු ලබා ගත් බවයි.

පිලිස්සුම් තුවාලයක් ඇති වුණු විට, එම තුවාල ප්‍රදේශය පුරාවටම තිලාපියා මාළු හම අතුරා bandage එකකින් ආවරණය කෙරේ. මෙයට කිසිදු ආලේපනයක් භාවිත නොකෙරේ. දින 10කින් පමණ පසු වෛද්‍යවරුන් විසින් bandage ඉවත් කරනු ලැබේ. ඉන් පසු වියළි භාවයට පත්ව ඇති තිලාපියා සම පිලිස්සුම් තුවාලයෙන් මනාව ගලවාගත හැකි වේ.

Morais පවසන පරිදි, තිලාපියා ප්‍රතිකාරයට වැය වන්නේ පිලිස්සුණු රෝගීන් මත සාමාන්‍යයෙන් ආලේප කරන sulfadiazine ආලේපනයේ මිලට වඩා 75% අඩු පිරිවැයක්. එමෙන්ම, මේ සොයාගැනීමේ ඉදිරි පියවරක් ලෙස පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ, තිලාපියා ප්‍රතිකාරය වාණිජමය ලෙස නිෂ්පාදන මට්ටමෙන් දියුණු කිරීමටයි.

උදානි ඉන්ද්‍රචාපා

රගපානවට වඩා අමාරු වැඩේ තමයි සල්ලි ටික බේරගන්න එක අපි කාලාබිලා ඉන්නඕන 

රගපානවට වඩා අමාරු වැඩේ තමයි සල්ලි ටික බේරගන්න එක අපි කාලාබිලා ඉන්නඕන සමහරු හිතන් ඉන්නේ අපි කම්කරුවෝ කියලා

රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පියෙක් ලෙස පාලිත සිල්වාව හඳුන්වන්න පුළුවන්. මේ දිනවල විකාශය වන ‘දෙවැනි ඉනිමේ’ කෝච් සර් නිසා ඔහු ගැන හැමෝම කතා වෙනවා. ඒ නිසාම අපිත් ඔහුට කතා කළා.

දෙවැනි ඉනිමේ කෝච් සර්ට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

සෑහෙන්න ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ ගැන සතුටක් තියෙන්නේ.
කාලෙකට පස්සෙ නේද ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වෙන්නේ?
වසරක්, එකහමාරක් විතර නිර්මාණවලට දායකත්වය ලබාදුන්නෙ නැහැ. මොකද මට සරිලන විදිහේ ටෙලි නාට්‍ය ලැබුණේ නැති නිසයි. මෙගා ටෙලි නාට්‍ය නිසා මගේ දායකත්වය දෙන්න බැරිවුණා. සරත් ධර්මසිරි මහතාගේ ආරාධනය නිසා ගැමුණු මහරජ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.

ඒකෙන් ටෙලි නාට්‍යයක වෙනස හොයාගන්න පුළුවන් වුණා. මෙගා කියන මොඩල් එක ලංකාවේ ඇතුළේ කොහොමද කෙරෙන්නේ කියලා දැන ගත්තා. ඒ වගේම පසුගිය කා‍ලේ හරියන චරිතවලට ආරාධනා ලැබුණේ නැහැ. පස්සේ තමයි දෙවැනි ඉනිමයි ගැමුණු මහරජ ටෙලි නාට්‍යයි භාරගත්තේ. මට හිතෙනවා මම සෑහෙන්න සාර්ථක වුණා කියලා.

විදේශ ටෙලි නාට්‍ය විකාශය වීම නිසා මෙරට කලාකරුවන්ට අසාධාරණයක් වෙනවද?

මම නම් කැමති නැහැ විදේශ නාට්‍ය විකාශය කරනවට. මම දකින විදිහට ඉන්දියාවෙන් හොඳම නාට්‍ය ගෙන්වන්නෙ නැහැ. ජනතාව ආකර්ෂණය කරන ටෙලි නාට්‍යයන් තමයි මෙරට පෙන්වන්නේ. කිසිම කතාන්දරයක් නැති දෙබස්වලින් හෝ වැදගත්කමක් නැති ටෙලි නාට්‍ය ලාබෙට ගෙනැත් පෙන්වන එක විහිළුවක්. ඒ නාට්‍ය පෙන්වීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕන කියලයි මම හිතන්නේ.

ඓතිහාසික ටෙලි නාට්‍යයක රඟපෑම වෙහෙසකරයි නේද?

ඔව්. තරමක් වෙහෙසකර කටයුත්තක් තමයි රංගනයෙන් දායක වීම. ඒ වෙහෙස නැති වෙනවා හොඳ පිරිසක් එක්ක වැඩ කරන නිසා.

වර්තමාන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නෙ?

ගැටලු තියෙනවා. ඒවා රාජ්‍ය මට්ටමින් කෙරෙන්න ඕන. අවුරුදු ගණනාවක් ගියත් සමහර නාළිකාවලින් ටෙලි නාට්‍ය කොටසකට ගෙවන ප්‍රමාණය එන්න එන්නම අඩුවෙලා. ඒක හරිම ඛිෙදනීය තත්ත්වයක්. නාළිකාවලට ලොකු ආදායමක් ලැබෙනවා. මීට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවනවා නම් නිර්මාණකරුවෝ උනන්දු වෙලා උසස් නිර්මාණ බිහි කරාවි.

ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වීමේදී මොනවද ඔබ සැලකිලිමත් වන කරුණු?

දිගට වැඩ කරනවා නම් අඩු ගාණේ මුදල්වත් වෙලාවට බේරන්න පුළුවන් නම් හොඳයි. මොකද සමහර අය හිතනවා අපි විනෝදාස්වාදය සඳහා රඟපානවා ජීවත් වෙන්න ඕන නෑ කියලා. අපි පූර්ණකාලීනව මේකට කැප වෙනවා. ඒ කාලය තුළ අපි කොහොමද කාලාබිලා ඉන්නෙ කියන එක සමහර අයට වැදගත් නැහැ. වෘත්තීය මට්ටමේ නියැළෙන ශිල්පීන් ගැනත් හිතන්නෙ විනෝදට කරන දෙයක් කියලා. එහෙම හිතන පිරිසක් අද ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නවා.

එහෙම අයත් එක්ක වැඩ කරන්න අපහසුයි. පිටපත බලනවා, නාට්‍යයක් තෝරාබේරා ගැනීමේදී නිර්මාණකරුවා ගැනත් විශ්වාසයක් තියෙන්න ඕන. කතා කරන හැම එකටම සම්බන්ධ වෙන්නෙ නෑ. වෘත්තීය රංගන ශිල්පියෙක් විදිහට විවිධ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ඕන. නමුත් ඒවායේ ගුණාත්මක බව අඩු වැඩි වෙන්න පුළුවන්. ඒවාට වගකියන්න ඕන එහි අධ්‍යක්ෂවරයා.

නිර්මාණවලට වැඩ කරන්නෙ පදනමක් ඇතිව. අද වනවිට දිනපතා ගෙවන ක්‍රමයට ඇතැම් නිෂ්පාදකයෝ පුරුදුවෙලා ඉන්නවා. ඔවුන් හිතන්නෙ නළු නිළියෝ කියන්නේ කම්කරුවෝ වගේ පිරිසක් කියලා. මාසෙක විතර වැඩ දවස් දෙකෙන් කරලා යවන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. වැඩ කරද්දි ඒ වගේ අය අයින් කරන්න වෙනවා.

ටෙලි නාට්‍ය ආපු මුල උසස් නිර්මාණ බිහිවුණා. නමුත් අද එවැනි නිර්මාණ බිහි නොවන්න හේතුව මොකක්ද?

ඒ කා‍ලේ නාට්‍ය කළේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටපු නාට්‍ය පිටපතක තියෙන්න ඕන කාරණා මොනවද කියලා දැනගත්ත අය. අද ටෙලි නාට්‍ය හදන අධ්‍යක්ෂවරුන්ගෙන් සියයට පනහක්වත් වේදිකා නාට්‍ය නරඹලා තියෙනවාද කියන ගැටලුව තියෙනවා. ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න ගොඩක් පැති ඉගෙන ගන්න ඕන. අද අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය ඉතාම පහළට වැටිලා තියෙන්නේ. අද ඕනම කෙනෙක්ට අධ්‍යක්ෂණය කරන්න පුළුවන් වෙලා තියෙනවා නාළිකාවක ප්‍රධානියෙක් අඳුරනවා නම්.

ඔබ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයෙන් ඈත්වෙලාද?

මම අධ්‍යක්ෂණය ගැන හැදෑරුවා ඉන්දියාවේ ජාතික චිත්‍රපට ආයතනයෙන්. 1994 ‘අපේ ගමට අමුත්තෙක්’ කියන ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළා. ඒකට සම්මානයකුත් ලැබුනා. ටෙලි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා පුද්ගලික නාළිකාවකට 1999 වසරේ. සිනමා අධ්‍යක්ෂණය කරන්න බලා‍පොරොත්තුව තිබුණා. නිෂ්පාදකයෙක් ලැබුණේ නැහැ. තනියම නිර්මාණවලට අතගහන්න ගියොත් අපි ණයකාරයෝ වෙනවා.

නිර්මාණකරුවෙක් විදිහට එන්න විදිහක් නැහැ ලංකාවේ. නළු නිළියන් පුහුණුව කරගෙනයනවා. අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය කියන්නේ නිෂ්පාදකවරුන් හොයාගෙන රට වටේ යාම ‍නෙවෙයි. බලා‍පොරොත්තුවක් තියෙනවා මැරෙන්න කලින් චිත්‍රපටයක් කරන්න. බැරිවුණොත් ඒ හීනෙත් මාත් එක්කම මැරිලා යාවි.

රංගනය හැරුණු කොට ජීවිතේ සතුටු වෙන වෙනත් දේවල් තියෙනවාද?

වැඩමුළු කරනවා. ඉගෙන ගත්ත දේවල් මම අනෙක් අයත් එක්ක ඒ අත්දැකීම් බෙදාගනිමින් සතුටු වෙනවා. පහුගිය කා‍ලේ මම දහස් ගණනකට උගන්වන්න ඇති.

ලංකාවේ ඔබ ගුරුහරුකම් ලබාගන්නෙ අධ්‍යයනය කරන්නේ කාවද?

අපි ආචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයාගෙන් තමයි බොහෝ දේ ඉගෙන ගත්තේ. විදේශීය නාට්‍යකරුවන් විසි දෙනෙක් සමග වැඩ කරලා තියෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ධර්මසේන පතිරාජ මහතා, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර මහතාගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. ලෝකයේ දිනෙන් දින රඟපෑමේ විද්‍යාව දියුණු වෙලා තියෙනවා. ඒ දේවල් අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් වෙනවා. විෂයන් ගණනාවක් තියෙනවා අධ්‍යයනය කරන්න. ඒ දේවල් හදාරන්නෙ නැතුව ජාත්‍යන්තරයට යන්න අමාරුයි.

පවු‍ලේ විස්තර මතක් කළොත්?

බිරිඳයි, දරුවොයි ඉන්නවා. ඒ අයත් එක්ක සතුටින් ජීවිතේ ගත කරනවා.

දරුවන්ව කලාවට සම්බන්ධ කරන්න අදහසක් නැද්ද?

ඒ අය මේ ක්ෂේත්‍රයට තල්ලු කරන්න අදහසක් නැහැ. කලාව දැනෙනවා නම් කරන්න කියලයි තියෙන්නේ. මොකද අනුන්ගේ ජනප්‍රියත්වය තමන්ගේ කරගෙන වැඩක් නැහැ කාටවත්ම. තමන් කරන දේකට විතරයි ජනප්‍රියත්වය ලබාගන්න ඕන. මගේ අම්මලා, තාත්තලා කවුරුත් කලාවට සම්බන්ධ වෙලා නැහැ. ඔවුන් මට කැමති දේ කරන්න කීවා. මගේ ළමයින්ටත් මම කියන්නේ ඔවුන් කැමති දේ කරන්න කියලයි. නැතුව කාගෙවත් ජනප්‍රියත්වයක් පස්සේ දුවන්න කියලා ‍නෙවෙයි.

හනිමුන් එක නැතිවුණා කියලා දුකක් නෑ එයාට වගේම මටත් අකිලට හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙනවා

හනිමුන් එක නැතිවුණා කියලා දුකක් නෑ එයාට වගේම මටත් අකිලට හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙනවා

අකිල ධනංජය ගැන මේ දවස්වල හැමෝම කතා වෙනවා. ඒ ඔහුගේ විවාහයට පසුදින තරගයේ කඩුලු හයක් ලබාගැනීමත් සමගයි. ඔහු එම තරගයට සහභාගි වෙන්නෙ විවාහය දින රාත්‍රියේම නුවරට පැමිණෙන නිසා ඒ කැපකිරීම ගැන හැමෝම බොහොම උනන්දුවෙන් කතා වුණා. ඒ ගැන අහන්න අපි අකිලගේ ආදරණීය බිරිඳ නෙතලි ටෙක්ෂිණිට කතා කළා.

* විවාහය දවසෙම අකිල තරගයට සහභාගි වුණා. ඒ ගැන මොකද හිතුණේ?

විවාහය දවසෙම රෑ අපි නුවර එනවා. එදා අපේ හනිමුන් එක. ඒත් දුකක් දැනුණේ නෑ. මොකද අකිල යන්නෙ රට වෙනුවෙන් කියලා හිතුණ නිසාම. ඒ දවස නැති වුණා කියලා පසුතැවුණේ නැහැ.

* දුකක් හිතුණේ නැද්ද හනිමුන් එක දවසෙම රෑ අකිල ගියාම?

නෑ දුකක් හිතුණේ නැහැ. ඔහුත් එක්ක මමත් ගියා. මට ගොඩක් සතුටු හිතුණා ඔහුට ක්‍රීඩා කරන්න ලැබිම ගැන.

* විවාහයට කලින් අකිල ඔබට කීවද විවාහ උත්සවය දවසෙ තරගයට සහභාගි වෙනවා කියලා?

ඔව්. ඒ ගැන මට කලින් දන්වලා තිබුණ නිසා දුක හිතුණේ නැහැ.

* අකිල තරගයට සහභාගි වෙලා කඩුලු හයක් ගන්නවා?

ඇත්තටම වෙනදා මම අකිලට කියනවා හොඳට සෙල්ලම් කරන්න කියලා. එදා මට එහෙම කියන්නත් අමතක වුණා. එදා ඔහු තරගයටත් හොඳින් සෙල්ලම් කළා. ඒ නිසයි කඩුලු හයක් ගන්න පුළුවන් වුණේ. එකපිට ඔහු කඩුලු හයක් අරගෙන තිබුණේ නැහැ. ඒ නිසා ලොකු සතුටක් තියෙන්නේ. ඇත්තටම ඒක විවාහයට අකිල දීපු තෑග්ගක් වගේ.

* ඒ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වෙනවා. ඒ ගැන අකිල මොනවද කීවේ?

දුකයි. එයාට වගේම මටත් අකිලට හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා ඒ පරාජය දරාගන්න එයාට හැකියාව තියෙනවා. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒ නිසා ජය පරාජය හැමෝටම ‍පොදුයි.

* ඔහු එම තරගයේ වීරයා බවට පත්වීමත් දුර්ලභ අවස්ථාවක් නේද?

ඔව්, පරාජය වෙන කණ්ඩායමක තරගයේ වීරයා වීම කලාතුරකින් වෙන දෙයක්. ඇත්තටම මම හිතුවෙත් නෑ ඔහු එම තරගයේ වීරයා වෙයි කියලා. ඔහුටත් එහෙම බලා‍පොරොත්තුවක් තිබුණේ නැහැ. ඔහු තරගයක වීරයා වුණ ප්‍රථම අවස්ථාව. අකිල ඒ ගැන ගොඩක් සතුටු වුණා.

* අකිල මුණගැහුණු විදිහත් මතක් කරමු?

2010දී තමයි අකිල මුණගැහෙන්නේ. පාස‍ලේ දී ඔහු වගේම මමත් ක්‍රිකට් ක්‍රීඩා කළා. ඔහු මගේ මිතුරියක් අතේ යාළු වෙන්න අහලා තිබුණා. ඒත් මම මුලින්ම කැමැති වුණේ නැහැ. අපි දෙන්නම පාසල් ගියේ පානදුර මහානාම විද්‍යාලයට.

* ඊට පසුව ඔබ ඔහුට කැමැති වෙනවා?

එදා පාස‍ලේ බිග්මැච් එක දවස. ඔහු තමයි තරගයේ වීරයා වෙන්නේ. මට දුරකථන අංකය දුන්නත් මම ගත්තේ නැහැ. ඔහු ගියාට පසුවයි අංකය ගත්තේ. ඊට පස්සේ මම කතා කළා. ටික දවසක් කතා කරලා දැන හඳුන ගත්තට පස්සේ තමයි මම ඔහුට කැමැත්ත දෙන්නෙ.

* අකිලට කැමැති වෙන්න විශේෂ හේතුවක් තිබුණද?

ඔව්. හොඳ ගතිගුණ නිසයි ඔහුට කැමැත්ත දුන්නේ.

* දෙමාපියන් මේ සම්බන්ධයට කැමැති වුණාද?

ගෙවල් දෙකෙන්ම මුලින්ම කැමැති වුණේ නැහැ. එයාලගේ ගෙදරින් හිතුවේ එයා ක්‍රිකට් නැති කරගනී කියලා. අකිල ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වුණහම ගෙවල්වලින් ආශීර්වාදය අපට ලැබුණා.

* අකිල වගේ සැමියෙක් ලැබිම ගැන මොකද හිතන්නෙ?

අකිල මං ගැන හොයලා බලනවා. මට ‍පොඩි දුකක් දැනුණත් ඔහුට මාව තේරෙනවා. ඒ නිසා ඔහු වගේ සැමියෙක් ලැබිම ගැන මම ආඩම්බර වෙනවා.
තිළිණි කරුණාරත්න

සැමියාට හොරා බිරිද අනියම් පෙම්වතා සමග රෑට රෑට පෙම්කෙලලා මාට්ටු – බිරිද අනියම් පෙමතාටම බාර දී සැමියා ගෙදර යයි

සැමියාට හොරා බිරිද අනියම් පෙම්වතා සමග රෑට රෑට පෙම්කෙලලා මාට්ටු – බිරිද අනියම් පෙමතාටම බාර දී සැමියා ගෙදර යයි

පුරුෂයා හා දරුවන් දෙදෙනා සමග රාත්‍රියේ නිදා සිට අලුයම් කාලයේ අනියම් පුරුෂයෙකු සමග පැනගොස් සිටි කාන්තාවක පුරුෂයා විසින් අනියම් පුරුෂයාටම බාරදුන් බව වැලිගම පොලිසිය පවසයි.

කාන්තාව 24 හැවිරිදිය. පුරුෂයා 37 හැවිරිදිය. ඔහු රියැදුරු රැකියාවේ යෙදෙන්නෙකි. අනියම් පුරුෂයා රැකියා විරහිත අයෙකි. කාන්තාව පුරුෂයාට නොදැනෙන්නට කලක සිටම ඔහු හා අනියම් සම්බන්ධයක් පවත්වා ඇත.

සිද්ධිය වූ රාත්‍රියේ පුරුෂයා, කාන්තාව හා දරු දෙදෙනාට නින්ද ගොස් සිටියදී අලුයම් 2.20ට පමණ පුරුෂයා නින්දෙන් අවදිව ඇත. කාන්තාව ඇඳේ නොසිටි නිසා ඔහු කලබලයට පත්ව එළිවෙනතුරා කාන්තාව සොයා අන්තිමේදී වැලිගම පොලිසියට පැමිණිලි කර තිබේ.Image result for Fake husband indian

වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක මිලාන ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් අනුව කරන ලද විමර්ශනයේදී කාන්තාව අනියම් පුරුෂයාගේ නිවෙසේ සිටියදී පොලිසියට කැඳවාගෙන විත් ඇත.

ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යූ.ජී. සෝමසිරි මහතා විසින් කාන්තාව, පුරුෂයා හා අනියම් පුරුෂයා සමග සාකච්ඡා කොට නැවත වරක් කාන්තාව හා සැමියා එකතු කිරීමට කොතෙක් උත්සාහ කළත් එය සාර්ථක වී නැත.

කාන්තාව එක හෙලාම කියා ඇත්තේ තමන්ට අනියම් පුරුෂයා සමග යාමට අවශ්‍ය බවයි. අනියම් පුරුෂයාද ඇය බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

මෙම කතාබහට සවන්දී සිටි පුරුෂයා කාන්තාව අනියම් පුරුෂයාට බාරදීමට කැමැත්ත ප්‍රකාශ කර දරු දෙදෙනා තමන් බාර ගන්නා බව පවසා ඇත.

අවසානයේදී කාන්තාව අනියම් පුරුෂයා සමග පොලිසියෙන් පිටවී ගිය අතර පුරුෂයා දරු දෙදෙනා සමග පිටවී ගියේ ඉදිරියේදී දික්කසාද නඩුවක් පවරා බිරිඳගෙන් අයින් වෙන බව පවසමිනි.

(මිරිස්ස – සුනිල් ධර්මබන්දු ද සිල්වා)

මම රගපානවා හොදයි කියලා යාළුවො කියනවා එත් අපිට බලන්න වෙන්නේ නෑ T.V එක කැඩිලා සද්දේ විතරයි එන්නේ – හාර කොටියෙ “දෝණි”

මම රගපානවා හොදයි කියලා යාළුවො කියනවා එත් අපිට බලන්න වෙන්නේ නෑ T.V එක කැඩිලා සද්දේ විතරයි එන්නේ – හාර කොටියෙ “දෝණි”

ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘හාර කෝටිය’ටෙලි නාට්‍යය වයස් භේදයකින්  තොරව බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත්වී හමාරයි. මෙහි ‘දෝණිගේ’චරිතය හරහා බොහෝ රසික සිත්වල ආදරයට පාත‍්‍ර වුණ පුංචි තරුව තමයි ජාන්වි අප්සාරි කියන්නේ.  ඇයගේ මේ ගමන් මග ගැන කතා කරන්න ඇයව මෙලෙස අප සමග සම්බන්ධ විය.

මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘හාර කෝටිය’ටෙලි නාට්‍යය වයස් භේදයකින්  තොරව බොහෝ දෙනා අතරජනප්‍රියත්වයට පත්වී හමාරයි. මෙහි ‘දෝණිගේ’චරිතය හරහා බොහෝ රසික සිත්වල ආදරයට පාත‍්‍ර වුණ පුංචි තරුව තමයි ජාන්වි අප්සාරි කියන්නේ.

 මේ දවස්වල පාසල නිවාඩු නේද?

ඔව්, ඒක නිසා මම හොඳට සෙල්ලම් කරනවා

පාසල පටන් ගන්න දවස දන්නවාද?

දන්නේ නැහැනේ

ජාන්විගේ සම්පූර්ණ නම කියන්නකෝ?

ජාන්වි අප්සාරි අබේවර්ධනඑතකොට

වයස?

අවුරුදු 5යි මාස 10යිඉතිං

ඉස්කෝලේ ගැන කිව්වේ නැහැනේ?
මම ඉගෙන ගන්නේ මිනුවන්ගොඩ ධම්මාරාම ඉස්කොලේ එක වසරේයි.කවුද

පන්තිභාර ගුරුතුමිය?
රෝසි මැඩම්

මැඩම් හොඳයි?

හරි හොඳයි, මට ගොඩාක් ආදරෙයි.

ඉගෙන ගන්න කැමති මොනාද?

මේකප් ඉගෙන ගන්න කැමතියි.

මේකප් ඉස්කෝලේ උගන්වන්නේ නැහැනේ?

ලොකු වුණාම මම මේකප් ඉගෙන ගන්නවා.

ඇයි ඒ?

මම ආසයි කට්ටියගේ මුහුණවල් ලස්සන කරන්න.

ඒ කියන්නෙ ලොකු වුණාම් මේකප් ආර්ටිස්ට් කෙනෙක් වෙන්නද හිතන් ඉන්නේ?

ඔව්, මම ඒකට ආසයි.

 

එතකොට ඇයි රඟපාන්න හිතුණේ?

මුලින්ම රඟපෑවේ වෙළෙඳ දැන්වීමකටයි.

රඟපාන්න බය හිතුණේ නැද්ද?

අපෝ නැහැ. පොඞ්ඩක්වත් බය හිතුණේ නැහැ

රඟපාන එක ගැන යාළුවෝ මොකද කියන්නේ?

හොඳයි කියනවා. යාළුවොත් නාට්‍ය බලනවා. හැබැයි අපිට බලන්න වෙන්නේ නැහැ.

ඇයි ඔයාට බලන්න වෙන්නේ නැත්තේ?

අපේ ටීවී එක කැඩිලා සද්දේ විතරයි එන්නේ.

කවුරුත් ආදරය කරන චරිතයක් වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

අම්මායි, තාත්තයි, අක්කයි, මමයි එක දවසක් කොහෙද තැනක (BMICH) ප‍්‍රදර්ශනයක් බලන්න ගියා. තාත්තා එක්ක මාමා කෙනෙක් කතාකරනවා දැක්කා. තාත්තා ඇවිත් අම්මා එක්ක කිව්වා අක්කවයි මාවයි වෙළෙඳ දැන්වීමකට රඟපාන්න ඉල්ලුව කියලා. ඒකට තාත්තා හා කියලා තිබ්බා. ඊට පස්සේ ඒ චාමර සමරවික‍්‍රම කියන කැමරාකරණ මාමා අපිව සද්ධා මංගල සූරියබණ්ඩාර මාමා ළඟට එක්කගෙන ගියා. එතැනදී අක්කගෙයි, මගෙයි ෆොටෝස් අරගෙන දවස් දෙකකින් පණිවිඩයක් කියන්නම් කියල ඒ මාමා තාත්තිට කිව්වා. දවස් දෙකකින් කතා කරලා වෙළෙඳ දැන්වීමකට මාව තෝරගත්තා කියලා තාත්තිට කියලා තිබුණා.

පාසල් වැඩ අතපසු වෙන්නේ නැද්ද?

වැඩිපුරම රූගත කිරීම්වලට යන්නේ සෙනසුරාදා ඉරිදා තමයි. ඉස්කෝලේ දවසක ගියොත් අම්මා ටීචර්ට කියලා, අතපසු වුණ පාඩම් ටීචර් ගෙදරට එන්න කියලා මට කියලා දෙනවා.

ගොඩක් අය කතා කරන්නේ දෝණි කියලද?

ඔව්නේ, දැන් ඉස්කෝලේ යාළුවොත් දැන් මට කියන්නේ හාර කෝටියේ දෝණි කියලා.

 

මේ කතාබහ අතරට ජාන්විගේ ආදරණීය අම්මා වන නිලංකා නයනමාලී අප එක්කර ගනු ලැබුවා

දුව මේ තරමට ජනප්‍රිය වෙයි කියලා හිතුවද?

එහෙම නම් කවදාවත් හිතුවේ නැහැ. එයා ගොඩක් දක්ෂ නර්තනයටයි. අහම්බෙන් හම්බ වුණ අවස්ථාවක් එයාව මෙච්චර දුර අරං ආවා. මුලින්ම සිංහ පුත්‍ර ෆිනෑන්ස් එකේ වෙළෙඳ දැන්වීමක් තමයි කළේ. ඒක හරහා එයාට චිත්‍රපටයක් ආවා. ඊට පස්සේ තමයි ‘හාර කෝටිය’ සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. BMICH එකේදී චාමර සමරවික්‍රම පුද්ගලයා අහම්බෙන් හම්බ වෙලා තමයි දුවලා දෙන්නවා ඉල්ලුවේ.

ඊට පස්සේ දුවලා දෙන්නම එක්කගෙන ගියේ සද්ධාමංගල සූරිය බණ්ඩාර සර් ගාවට. එතැනදී දුවලා දෙන්නාගේම ෆෝටෝස් අරගත්තා. ඊට පස්සේ පොඩ්ඩිව තෝරගත්තා කියලා කෝල් කළා. ඒ කැමරාවේ හිටියේ රුවන් කොස්තා සර්. එයා කිව්වා පොඩි දුවට හැකියාවක් තියෙනවා කියලා. එතැනදී දුවව චිත්‍රපටයකට තේරුණා.

සද්ධා සර්ම තමයි හස්බන්ඩ්ට කතා කරලා කිව්වේ ‘මල්ලි මම දුවට කතාවක් ලියනවා. මම දුවව දාලා ලිව්වට කමක් නැහැනේද’ කියලා. ඊට පස්සේ අපේ හස්බන්ඩ් කිව්වා ‘සර්ට හොඳයි කියලා හිතනවානම් ලියන්න’ කියලා. සිවගුරුනාදන් සර් ඇතුළු හැමෝම නිසා තමයි අද දුව මේ තැන ඉන්නේ

ජාන්වී අද තරුවක් වෙලා ඉවරයි නේද?

ගොඩක් සතුටුයි ඉතිං

 

පාසලෙන් ලැබෙන සහයෝගය?

ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම පංති භාර ගුරුතුමිය චාමරී මහත්මිය වගේම විදුහල්පතිනි ඇතුළු සියලුම දෙනා මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරනවා. දුවගේ රංගන වැඩවලට ඔවුන් පාසලක් විදිහට ලොකු සහයෝගයක් දෙනවා.

මේ දේවල් එක්ක දුවට තවත් නිර්මාණ සඳහා ආරාධනා ලැබෙනවා ඇති නේද?

ඔව් නමුත් හැමවැඩක්ම භාර ගන්නේ නැහැ. ඊයේ පෙරේදා චිත්‍රපටයක් සඳහාත් ආරාධනාවක් ලැබුණා. එහෙම කියලා එයාව ගොඩක් මහන්සි කරවන්නේ නැහැ. දුව කොච්චර වැඩ කළත් කම්මැලි නැහැ. කොච්චර මහන්සි වුණත්, අසනීප වුණත් ඉස්කෝලේ යන්නේ නැතුව ඉන්නෙත් නැහැ

ඩිලාන් ක්‍රිෂාන්ත  ඡායාරූප – චමත් වින්දුල

 

බදුල්ලේ ගුවනේ අත්භූත ජීවියකු ඉගිලයන වීඩියෝවක් නිසා අන්තර්ජාලය කැළබෙයි 

බදුල්ලේ ගුවනේ අත්භූත ජීවියකු ඉගිලයන වීඩියෝවක් නිසා අන්තර්ජාලය කැළබෙයි

මේ පිටසක්වල ජීවියෙක්ද නැත්නම් මකරෙක්ද…? නැත්නම් සුපිරි බලයක් ලැබුණු මිනිසෙක්ද මෙය තවමත් අභිරහසක්

Alien Planet නම් යූ ටියුබ් චැනලයක් විසින් ශ්‍රී ලංකාවේ බදුල්ලේ සිදුවූ බව කියන අත්භූත සිද්ධියකට අදාළ වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තියෙනවා.

මෙම වීඩියෝව පිළිබඳව ඇතැමුන් අසත්‍යක් බව සඳහන් කරමින් අදහස් පළ කර තිබුණද තවත් සමහරු සඳහන් කර ඇත්තේ මෙවැනි දේ විය හැකි බවයි. නමුත් එසේ සිදුවන්නේ කෙසේද යන්න අභිරහසක්

Alien Planet නම් යූ ටියුබ් චැනලය මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ පිටසක්වල සත්ත්වයෙකුද යන්න පිළිබඳව මේ වීඩියෝව දැකීමෙන් සැක හිතෙන බවයි. 2012 වසරේ මෙම වීඩියෝව පටිගත වී තිබෙන. ඔවුන් එය Alien Planet යූ ටියුබ් වෙත එක් කර තිබෙනවා. ඔහුන් මෙම වීඩියෝව පළ කර සඳහන් කරන්නේ එය නරඹන්නන් මේ පිළිබඳව යමක් දන්නේ නම් සඳහන් කරන ලෙසයි.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)