ඉරාජ් ගේ මනමාලි 2 වීඩියෝව අන්තර් ජාලයට මෙන්න එම වීඩියෝව 

ඉරාජ් ගේ මනමාලි 2 වීඩියෝව අන්තර් ජාලයට මෙන්න එම වීඩියෝව

ඉරාජ් කියන්නේ අද නිරුවත මාකට් කර පුද්ගලයකු හැටියටයි ලංකාවේ අපි ගොඩක් දෙනා දන්නේ නමුත් දහසක් සිදුවීම් මැද රටට ආදර්ශමත් වැදගත් වීඩියෝවක් ඔහු නිර්මාණය කරලා මේ වගේ වටිනා දේවල් අපි අගය කරන්න අවශ්‍යයි පහතින් නරබන්න එම වීඩියෝව

ඔපස් වීමේ වරදට ජීවිතයෙන් වන්දිගෙවූ පාසල් සිසුවියගේ සංවේදී කතාව 

ඔපස් වීමේ වරදට ජීවිතයෙන් වන්දිගෙවූ පාසල් සිසුවියගේ සංවේදී කතාව

ඔසප් රුධිර පැල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් තමිල්නාඩු දැරියක් සියදිවි හානිකර ගැනීමක් දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙයි.
සියදිවි හානිකර ගැනීමට පෙර ලිපියක් ලියා තබන දොළොස් හැවිරිදි දැරිය ගුරුවරිය තමාට “හිරිහැර” සිදු කරන ලද බව කියා සිටින්නීය.

ඔසප් වීම සම්බන්ධයෙන් අවමානයට පත් වීමක් ගැන එම ලිපියේ සඳහන් නොවුනත් රුධිර පැල්ලමක් නිසා සිය දියණියට පන්ති කාමරයෙන් පිටව යන මෙන් දැනුම් දී ඇති බව දැරියගේ මව පවසයි.

ඔසප් වීම ග්‍රාමීය ඉන්දියාවේ ඇතැම් පලාත්වල තවමත් සැලකෙන්නේ තහංචියක (taboo) මට්ටමිනි.

ඔසප් සමයේ කාන්තාවන් අපිරිසිදු යයි සැලකෙන ගතානුගතික මතයක් ද එහි මුල්බැස ගෙන ඇත.

ඉහත කී දැරියගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ලෙස සලකන අතර ඒ පිළිබඳව විභාගයක් ආරම්භ කර ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

දැරිය සිය සටහන ආරම්භ කර තිබෙන්නේ “අම්මේ ! මට සමාවෙන්න” යනුවෙන් සිය මව අමතමිනි.

ගෙදර දී සිදු කිරීමට පැවරෙන වැඩ (homework) සම්පූර්ණ නොකිරීම සම්බන්ධයෙන් ගුරුවරිය මින් පෙර තම දියණියට දඬුවම් දී ඇති බවට දැරියගේ මව චෝදනා කරයි.
“මගේ දුව පසුගිය සෙනසුරාදා ඉස්කෝලේ ඉන්න විට ඔසප් වීමට ලක් වෙලා තිබුණා. දුව ඒ ගැන ගුරුවරියට කිව්වාම ගුරුවරිය ‘පෑඩ්’ එකක් විධියට පාවිච්චි කරන්න දූවිලි පිස්නයක් දීල තිබුණා” එම මව පවසයි.

“ගුරුතුමිය මගේ දුව පන්ති කාමරයෙන් පිටත හිටවල තියල තියෙනව. අවුරුදු දොළහක ළමයෙක් එවැනි අමානුෂික ආකාරයට හිටවල තියන්නේ කොහොමද?” දැරියගේ මව ප්‍රශ්න කරන්නීය.

දැරිය ඊළඟ දිනයේ සියදිවි හානි කර ගෙන ඇත.

අදාළ විභාගයේ දී පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව දැරිය ඉගෙන ගත් ‘තිරුනෙල්වේලි’ දිස්ත්‍රික්කයේ (Tirunelveli) පාසලේ ප්‍රධානීහු බීබීසියට ප්‍රකාශ කර ඇත.

(BBC)

“වෙනිසියුලාවේ රූ රැජින සාරංගව කිස් කරලා” කිස් කළා කියන්නේ මහලොකු දෙයක් නෙවෙයිනේ – සාරංග

“වෙනිසියුලාවේ රූ රැජින සාරංගව කිස් කරලා” කිස් කළා කියන්නේ මහලොකු දෙයක් නෙවෙයිනේ – සාරංග

කොහොමද ජීවිතේ?

වැඩකටයුතු ටිකත් කරගෙන හොඳින් ඉන්නවා.

දැන් ඔය මේ දවස්වල කරන වැඩ ටික මොනවද කියලත් කියමු නේද?

චාමර පීරිස් අධ්‍යක්ෂණය කරන ‘බටහිර අහස’ කියන අලුත් නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒ වගේම තව වේදිකා නාට්‍ය දෙකකත් පුහුණුවීම් කරගෙන යනවා. ඊට අමතරව සුපුරුදු විදියටම හාරකෝටියේ රූගත කිරීම් කරනවා.

රූ රැජනක් සාරංගට දුන්න හාදුවත් දැන් කතාබහට ලක් වෙන්න අරගෙන?

මිස් ශ්‍රී ලංකා අවසාන තරගයට රූ රැජනක් සහභාගි වුණා. වෙනිසියුලාවේ miss earth water කිරුළ පැලඳුව යුවතිය තමයි ඒ හාදුව දුන්නේ. ඒ සිදුවුණ දේ තමයි ප්‍රේක්ෂකයෝ අතර කතාබහට ලක් වුණේ.

ඒ හාදුව සාරංගටත් විශේෂ වෙන්න ඇති?

මෙහෙමයි ඉතිං එයාලගෙ සංස්කෘතියෙ හැටියට හාදුවක් කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි.

එතකොට ඒ ඡායාරූපය ෆේස් බුක් දැම්මේ විශේෂ නිසා නෙවෙයිද?

එහෙම නැහැ. ඒක මිස් ශ්‍රී ලංකා තරගයට අදාළ ඡායාරූපයක්. ඒ තරගයට අදාළ තවත් ඡායාරූප ෆේස්බුක් දාලා තිබුණා.

හාදුව දුන් තරුණිය ගැන සාරංගට මොකද හිතෙන්නේ?

අපි එදාමයි මුණගැහුණෙත්. හැබැයි ඇය හුඟාක් සුහද තරුණියක්.

රංගනයේදී විවිධ චරිත ලැබීම අතින් සාරංග හුඟාක් පොහොසත් නේද?

ඔව්. ඒකේ ලොකුම ගෞරවය ලැබෙන්න ඕන ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාට. මොකද ඔහු තමයි මට ගොඩක් වෙනස් චරිත ලබා දුන්නෙ සහ ඔහු තමයි මගේ හැකියාවන් මුලින්ම හඳුනා ගත්තේ.

ආයෙමත් සිනමාව පැත්තටත් එනවලු නේද?

ඔව්. සඳරුවන් ජයවික්‍රම අධ්‍යක්ෂණය කරන සිහින අභිෂේකය චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඉන්නවා. බොහෝ දුරට තවත් චිත්‍රපටයකට ඔක්තෝබර් මාසයේ සම්බන්ධ වෙයි. නමුත් තාම ඒක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.

සාරංග ජීවිතයේදී ලැබෙන දේවල් ගැන ගොඩක් සතුටු වෙන කෙනෙක්ද?

එහෙම නැහැ. ලැබෙන දේ ගැනවත් නොලැබෙන දේ ගැනවත් එච්චර හිතන්නෙ නැහැ. ජීවිතේ මධ්‍යස්ථව තමයි ගත කරන්නෙ.

ඔබට ජීවිතයේ හුඟාක් දේවල් හිමි වුණා වගේම සමහර දේවල් අහිමි වුණානේ. ඒ ගැන දුකක් තියෙනවාද?

සමහර දේවල් අහිමි වුණා. මට ඒ ගැන දුකක් නැහැ. මොකද මම බෞද්ධයෙක් හැටියට අටලෝ දහම ගැන දන්නවා. ඒ ගැන විශ්වාස කරනවා. ඒවා ගැන ලොකුවට හිතන්නෙ නැහැ.

ආයෙමත් සින්දුවක් කරන්න අදහසක් නැද්ද?

කාර්යබහුල නිසා සංගීතය පැත්තට යොමුවෙන්න බැරිවුණා. ඒත් දැන් සැලසුම් කරගෙන යනවා අලුතින් ගීතයක් කරන්න.

යුග ගීතයක් කරන්න කෙනෙක්ව හොයාගෙනද ඉන්නෙ?

මම අමිලා නදීශානි එක්ක යුග ගීතයක් කළා. ඒකටත් මම වීඩියෝවක් කරන්න ඉන්නෙ. ඒත් එක්කම තව යුග ගායනාවලට මට ආරාධනා ලැබෙනවා. මගේම ගීතයක් කරන්නත් මට අදහසක් තියෙනවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

පියුමි හංසමාලි , අක්ෂා සුදාරි කියන්නේ තනිකරම මුඩුක්කු ගෑනු මම එහෙම නෑ -ශෂී හේවගේ 

පියුමි හංසමාලි , අක්ෂා සුදාරි කියන්නේ තනිකරම මුඩුක්කු ගෑනු මම එහෙම නෑ -ශෂී හේවගේ

මොකද්ද ශෂී මේ පියුමි එක්ක ගහගත්තා කියන කතාවේ ඇත්ත නැත්ත…?

ඒ කතාව ඇත්ත අපි දෙන්නා නුගේගොඩ බෝ ගහ යටදී ගහගෙන පොලිසි ගියා

මුල සිට විස්තරේ ශෂී අපට කියනවද…?

මම මේ ගැන මාද්‍යයට කියලා ප්‍රසිද්දියේ සවූත්තු වෙන්නේ නෑ කියලා හිතාගෙන ගිටියේ . එත් මම නිහඩව ඉන්න එක මට ලොකු අසාදාරනයක් වෙනවා , පියුමි හංසමාලි එයාගේ මුඩුක්කු ගතිය ප්‍රදර්ශනය කරනවා

ශෂී කොහොමද පියුමිව අදුනාගත්තේ…?

බියුටි සැලෝන් එකක් අයිති කෙනෙක් හරහා තමයි මම පියුමිව අදුනගත්තේ , ඉස්සර එයා මගේ හොද යාලුවෙක් නෙවෙයි නමුත් කාලයක් අපි යාළුවො වගේ හිටියා එයාගේ තරම මම දැනගත්තා

කොහොමද යාළුකම වැඩිවුණේ…?

මගේ ගම මාතර , නමුත් නිරුපන වැඩවලට නිතර කොළඹ එනකොට මට කොලඹ නතර වෙන්න තැනක් ඕන වුනා මම එක මාසෙකට පියුමිගේ රාජගිරියේ ගෙදර නතර වුනා ඒ මට යන්න එන්න තැනක් නැතුව නෙවෙයි කොළඹින් කුලියට ගෙයක් හොයාගන්නකන් විතරයි

පියුමිගේ ගෙදර නතර වුනේ කුලී ගෙවලද…?

මම සෑහෙන්න සල්ලි වියදම් කළා පියුමිගේ අම්මා ඉන්නේ පියුමිගේ ගෙදරමයි ඒ අම්මා පියුමිගේ මහත්තයා ගෙදරින් එලවා ගන්න හූනියම් කරනවා , මම පියුමිගේ ගෙදර පිනට කන්න වැටිලා හිටියේ නෑ

පියුමි මාද්‍යයට කියලා තිබුනා ශෂී පියුමිගේ මහත්තයා එක්ක අනියම් ඇසුරක් පවත්වනවා කියල්ලා…?

ඔව් මම ඒක දැක්කා

පියුමිගේ සැමියා එක්ක ශශීගේ එහෙම ඇසුරක් තිබුනද…?

පියුමිටයි එයාගේ අම්මටයි ඕන කොහොම හරි කතා පතුරවලා ඒ මිනිහව ගෙදරින් එලියට ඇදලා දාන්න එයා එක්ක මගේ කිසිම අනියම් ඇසුරක් නෑ , මගේ කකුල් දෙකත් පිරිසිදුයි පියුමිගේ මනුස්සයට වඩා , පියුමි හන්සමාලිට ඒ වගේ මනුස්සයෙක් ලොකු උනාට මට එහෙම අය එක්ක ඉන්න බෑ

ශශීට පෙම්වතෙක් ඉන්නවද…?

මම කසාද බැදපු කෙනෙක් මගේ මහත්තයා ස්වීඩන් රටේ හෝටල් ව්‍යාපාරිකයෙක් . තව මාස දෙක තුනකින් මාත් මගේ මත්තයා ලගට යනවා

එත් ශෂී පියුමි යාළුවො දෙන්නම රාත්‍රී සාදවලට එකට ගමන් බිමන් ගියා ප්‍රසිද්දියේම…?

එක මම නැහැයි කියන්නේ නෑ , මම රාත්‍රී සාද – උත්සවවලට ගියේ තනියම ගෙදරින් එලියට බැහැලා ගියාට , පියුමි තනියම යන්නෑ එයා යන්නේ එයාගේ පෙම්වත්තු එක්ක

පෙම්වත්තු කියන්නේ සැමියාට අමතර තව පෙම්වත්තු කීප දෙනෙක් හිටියා කියන එකද…?

අපොයි ඔව් මොකද නැත්තේ පියුමිට වියදම් කරන්නේ ඒ ගොල්ලෝ තමයි

මේ දේවල් ගැන වගකීමෙන්ද ශෂී කතාකරන්නේ…?

ඔව් . පියුමි මාතේක්ක අමනාප වුනේ එයාගේ පෙම්වතා ගැන තොරතුරු මම එයාගේ සැමියාට කීවා කයලා හිතලයි

ශශීගේ හැසිරීම හෝදනති නිසා පියුමිගේ ගෙදරින් යන්න ශශීට යන්න වුනා කියන කතාව ඇත්තද,..?

එයා මාව එලෙවුවේ නෑ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මට වැල්ලවත්තෙන් කුලියට ගෙයක් අරගෙන දුන්නා

ඉතින් අන්තිමේදී ගහගත්තේ කොහොමද…?

මම නුගේගොඩ සැලුන් එකක එදා හිටියේ පියුමි එතනට ඇවිත් මම උබව අල්ලගන්න හිටියේ කියල කෑගැහුවා , පියුමි එක්ක අක්ෂා සුදාරිත් ආවා මම 3වීල් එකක නැග්ගා , ඒ දෙන්නා මාව ලුහුබන්දා , මම නුගේගොඩින් බැස්සා , පියුමිත් බැහැලා අවිති මට ගැහුවා මගේ ඇදුම් ඉරුවා මගේ ඉවසීම පැන්නා, මාත් ගැහුවා

ශශීත් ගැහුවා….?

මගේ ඇදුම ඉරුවට පස්සෙයි මම ගැහුවේ , අක්ෂලා,පියුමිලා වගේ මුඩුක්කු ගෑනු වගේ හැසිරෙන කෙනෙක් නෙවෙයි මම ,

ශෂී කලක් ලැගීම ආශ්‍රය කරපු ඒ යාළුකම ගැන මොකද හිතෙන්නේ ?

කපටි ගෑනු කෙනෙක් එයා , එක අතකින් තමන්ගේ අම්මට දරුවට සැමියාට නැති කෙනා මට මෙහෙම සලකන එක ගැන පුදුමයක් නෑ..

ශශීගේ සැමියා මේ සිද්දිය ගැන මොකද කිවුවේ ?

එයා මට බැන්නා , ඕනවට වඩා යාළුවො ආශ්‍රය කරනවා කියලා

ශෂී ඉක්මනින් රටින් යන්නේ කලකිරිලද ?

නෑ . මම කොහෝමත් මගේ ශ්බන්ඩ් ලගට ස්වීඩනයට යන්න ලාසිති වෙලා ඉන්නේ එතකන් මොඩ්ලින් වැඩ කරනවා

මේ සිද්දිය ගැන පොලිස්සියේ පැමිණිල්ලක් කළා නේද…?

ඔව් මම මිරිහාන පොලිස්සියේ පැමිණිල්ලක් කළා , එක විබාග වුනා

සමතයට පත්වෙන්න අදහසක් නැද්ද..?

පියුමි කවදා හරි ඔලුව බිම අනාගෙන මගේ කකුල් දෙක ලගට රන බව මන් දන්නවා

සඳමාලි වර්නසූරිය

ප්‍රභාකරන් මැරුවේ නෑ ඔහු සියදිවි නසාගත්තා කරුණා අම්මාන් ගෙන් ආන්දෝලනාත්මක කතාවක් 

ප්‍රභාකරන් මැරුවේ නෑ ඔහු සියදිවි නසාගත්තා කරුණා අම්මාන් ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

ප්‍රභාකරන් දිවි නසා ගත්තාද? වෙඩිතබා මරා දැමුවාද? කොටි නායකයාගේ මරණයට පණ දුන් කරුණාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ප්‍රභාකරන් මිය ගිය පුවත ඉතිහාසයට එකතුවී පසු යළිදු වරක් ඔහුගේ මරණයට පණ ලැබුණේය. වෙල්ලමුල්ලිවයික්කාල් බිමේදී දැවී අළුවී ගිය ප්‍රභාකරන්ට යළිදු වරක් පණ දුන්නේ කරුණා අම්මාන්ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සුපිරි ප්‍රහාරකයා ලෙස කලක් කිරුළු පළන්ව සිටි කරුණා සිය පැරණි නායකයාට පණ දුන්නේ ඔහුගේ මරණය වූ ආකාරය ගැන ආන්දෝලාත්මක ප්‍රකාශයක් කරමිනි. ඉන්දියාවේ ‘පුදියතලමුරයි’ රූපවාහිනි නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඔහු පැවැසුවේ ප්‍රභාකරන් හමුදාවෙන් මැරුම් නොකෑ බවය. ඔහු තම අවියෙන් හිසට වෙඩි තබාගෙන දිවි නසා ගත් බවත් ප්‍රභාකරන්ගේ බිරිය හා දියණිය හමුදාවේ කාලතුවක්කු වෙඩිවලින් මරණයට පත්වූ බවත් ඔහු කීවේය.

සටනේදී ප්‍රභාකරන්ගේ වැඩිමහල් පුත්‍රයා වන චාර්ල්ස් ඇන්තනී මියගියා. ඉන්පසු ඔහුගේ බිරිඳ මදිවදනී හා දියණිය වන ද්වාරකා ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් මියගිය බවට තහවුරු වූ තොරතුරු තිබෙනවා. මින්පසු බාල පුතා වන බාලචන්ද්‍රන් සමග ප්‍රභාකරන් වෙනත් ස්ථානයකට යන අවස්ථාවේදී බාලචන්ද්‍රන් අත්අඩංගුවට ගැනුණා. එම අවස්ථාවේදී ප්‍රභාකරන් ඔහුගේ පිස්තෝලයෙන් ඔහුටම වෙඩි තබාගත්තා. ඇත්ත වශයෙන්ම ප්‍රභාකරන් පණපිටින් හමුදාවට යටත්වීමට කැමති වන්නේ නෑ. ඔහු පිළිබඳ මා හොඳින් දන්නවා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට සයනයිඩ් කරල ගෙ‍ලේ පළඳවන ප්‍රභාකරන්, කිසිදිනක හමුදාවට බාරවෙන්නේ හෝ යටත්වන්නේ නෑ. කිසිකෙනෙකු නොහඳුනන ප්‍රභාකරන්ගේ සිරුරේ තිබෙන සලකුණක් මා දන්නවා.

ඒ අනුව තමයි මා මළ සිරුර හඳුනාගත්තේ. යුද සමයේදී සැඟවී සිටි හමුදාව බේරී පලා යන එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට වෙඩි තැබුවා. මෙය සිදුවුණේ මධ්‍යම රාත්‍රී 12.00ට පමණ. පසුව අලුයම 4.00ට පමණ තමයි ප්‍රභාකරන්ගේ මළ සිරුර හමුවුණේ. එම නිසා ප්‍රභාකරන් හමුදාවට අසුවී ඔවුන් විසින් වෙඩි තබනු ලැබුවා යැයි යන ප්‍රකාශයට මා විරුද්ධයි. ඔහු ඔහුගේ පිස්තෝලයෙන් ඔහුගේ හිසට වෙඩි තබාගෙන දිවි නසාගෙන තිබෙනවා. කරුණා අම්මාන් කීවේය.

කරුණාගේ මේ ප්‍රකාශයට වහාම ප්‍රතිචාර දැක්වූයේ සිව් වැනි ඊළාම් සටනේ මහ සෙනවියා වූ විශ්‍රාමික යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය. කරුණා අම්මාන් පවසන්නේ බොරු යැයි ඔහු කීවේය. ප්‍රභාකරන් මිය ගියේ ඔහු විසින්ම හිසට වෙඩි තබා නොගෙන බවත්, ප්‍රභාකරන්ගේ සිරුරේ තිබූ තුවාල අනුව ඔහු මිය ගියේ කාලතුවක්කු හෝ මෝටාර් ප්‍රහාරයකින් බවද හිටපු හමුදාපතිවරයා කීවේය. යුද ජයග්‍රහණයෙන් පසු ප්‍රභාකරන්ගේ මිනිය හඳුනාගැනීමට කරුණා අම්මාන් වෙල්ලමුල්ලිවයික්කාල්වලට ගියේ තමාගේ නියෝග මත බවද ඔහු කීවේය. සැබැවින්ම ප්‍රභාකරන් මිය ගියේ කෙසේද? යුද්ධය අවසන්වී හය වසරක් ගෙවීගියත් තවමත් රට්ටු එසේ අසති.

ඒ ප්‍රභාකරන්ගේ මරණය වූ ආකාරය ගැන ඇසින් දුටු සාක්ෂියක් නැති බැවිනි. මේ නිසා ප්‍රභාකරන්ගේ අවසාන මොහොත ගැන රටුන් අතරේ කයිකතන්දර රැසක් පැතිරී ගියේය. සමහරු කියන්නේ ප්‍රභාකරන් සිය දිවි නසා ගත් බවය. තවත් පිරිසකගේ මතය වන්නේ හමුදාව සමග මුහුණට මුහුණලා ඇති වූ ගැටුමකදී ඔහු මරණයට පත් වූ බවය. මේ කතා අතරේ එකල පැතිරී ගිය තවත් කතාවක් වන්නේ ජීවග්‍රහයෙන් අල්ලා ගත් ප්‍රභාකරන් එකල ජනපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ හා එකල යුද හමුදාපතිවරයාව සිටි ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හමුවට පැමිණවීමෙන් ඉක්බිතිව වෙඩි තබා ඝාතනය කෙරුණු බවය.

සැබැවින්ම මිය ගොස් ඇත්තේ ප්‍රභාකරන් නොව ඔහුගේ රුවට සමාන පුද්ගලයකු (ඩමියක්) බවද මීට හය වසරකට ඉහතදී රටේ කතන්දර පැතිර ගියේය. මේ සියලු කතාවලට මුල වූයේ ප්‍රභාකරන් පිළිබඳ අතිශයෝක්තියකින් ලියැවී තිබූ වීර කතාය. කිසිදු දිනක ප්‍රභාකරන් අල්ලා ගැනීමට නොහැකි වනු ඇති බව එම වීර කතාවල ලියැවී තිබුණි. සැබැවින්ම ප්‍රභාකරන්ගේ මරණය සිද්ධ වූයේ කෙසේද? ඊට පිළිතුරු සෙවීමට නම් සිව් වැනි ඊළාම් යුද්ධයේ අන්තිම දවසට යා යුතුය. ප්‍රභාකරන්ගේ මරණය සිදුවූයේ මැයි දහනව වැනිදා වුවත් අවසන් සටනේ කූඨප්‍රාප්තිය ළඟා වන්නේ මැයි දහතුන් වැනිදාය.

ඒ ප්‍රභාකරන් සැඟව සිටි වෙල්ලමුල්ලිවයික්කාල් බිම කොටුකිරීමත් සමගය. කලක් එල්.ටී.ටී.ඊ.යේ ප්‍රබලයකු වන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. පසුව හෙළි කළ ආකාරයට කොටුවී හුන් ප්‍රභාකරන් බේරා ගැනීමට ඔහු සැලසුම් හැදුවේය. ඒ සැලසුම අනුව කේ.පී. උත්සාහ කළේ වන්නි කැලයට හෙලිකොප්ටරයක් ගොඩබස්සා ප්‍රභාකරන්ගේ පවු‍ලේ සාමාජිකයන් මුදාගෙන මහ මුහුද මැද තිබෙන එල්.ටී.ටී.ඊ.ය ට අයත් නැවකට රැගෙන යාමය. රටවල් තුනක් ඔවුන් රැකබලා ගැනීමට කැමැති වූ බව කේ.පී. කීවේය. එනමුත් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් නොලැබි යාම හේතුවෙන් තමා එය කනගාටුවෙන් වුවද අත්හැර දැමූ බව කුමරන් පද්මනාදන් සඳහන් කර තිබුණි.

කෙසේ නමුදු ප්‍රභාකරන් කල්පනා කළේ අවසාන මොහොතේ හෝ හමුදාවට එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තමාට පලායාමට හැකිවනු ඇති බවය. දිනය දෙදාස් නවයේ මැයි දාහත් වැනිදාය. කොටි නායකයන් තීරණය කළේ තුන් කොන් ප්‍රහාරයක් එල්ල කිරීමටය. ඒ අනුව ප්‍රභාකරන් ඇතුළු කණ්ඩායමක් හමුදා වළලු බිඳගෙන නන්දිකඩාල් කලපුව හරහා ඒ 35 (මුලතිව් – පරන්තන්) පාර හරහා වන්නි කැලයට පැනයන්නටත් ඉන් පිරිසක් නැගෙනහිරට යන්නටත් තීරණය විය. තවත් කණ්ඩායමක් හමුදාවට කතා කොට යටත්වීමේ කොන්දේසි සාකච්ඡා කිරීමට තීරණය විය. එම සටන් බිමේ අරමුණවී තිබුණේ තුවාල ලබා සිටින කොටි සාමාජිකයන්ට ප්‍රතිකාර ගැනීමටත් ‍‍‍ජ්‍යෙෂ්ඨ කොටි නායකයන්ගේ පවුල් සඳහා ජීවිතාරක්ෂාව ලබා ගැනීමය.

තුන්වැනි කණ්ඩායමට භාර වූයේ ප්‍රභාකරන් සිටින ඉසව්වට පසුපසින් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය වළක්වා ගැනීමය. මේ සැලසුම යටතේ ඒ – 35 පාර ඔස්සේ සටන් කරන කොටි සාමාජිකයන්ට නායකත්වය දීම පැවරුණේ චාල්ස් ඇන්තනීටය. ඔහු වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය. යටත්වීමේ කොන්දේසි සාකච්ඡා කිරීම පැවරුණේ කොටි දේශපාලන අංශ නායක බි. නඩේසන්ටය. ඔහු සමග ඔහුගේ සිංහල ජාතික බිරිය වූ මාතර, කඹුරුපිටියේ විනීතා ගුණසේකරද හුන්නාය. විනීතා මෙන්ම නඩේසන් ද ශ්‍රී ලංකා ‍පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු කොස්තාපල්වරුය. කොළඹදී ඇති වූ ප්‍රේම සම්බන්ධතාවක් මත විවාහ වූ විනීතා, නඩේසන් එල්.ටී.ටී.ඊ.ය.ට බැඳුණු විට ඔහු සමග උතුරට ගියාය.

කෙසේ නමුත් පසුව හෙළි වූ පරිදි බි. නඩේසන් අවසන් මොහොත වනතුරා සිය චන්ද්‍රිකා තාක්ෂණ දුරකථනයෙන් ඉහළ පෙළේ කීප දෙනෙකු සමග සබඳතා පවත්වමින් සිටියේය. ඒ අතර යුද වාර්තාකරණය පිළිබඳ ලොව ප්‍රකට බ්‍රිතාන්‍ය මාධ්‍යවේදිනියක වන මාරි කොල්වින්ද සිටියාය. ඇය පවසා තිබූ පරිදි නඩේසන්ට අවශ්‍ය වී තිබුණේ ඔබාමා පාලනයෙන් හෝ බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ ජීවිතාරක්ෂාව පිළිබඳ සහතිකයකි. එම සහතිකය ලබා ගැනීම සඳහා මාරි කොල්වින් උත්සාහ කළාය.

එනමුත් වෙල්ලමුල්ලිවයික්කාල් බිමේ තිබුණේ ගිනි කෙළි සංදර්ශනයකි. ඒ බිමට එල්ල වූ නිමක් නොවූ වෙඩි වරුසා මැද මරණය මිස වෙන දෙයක් නඩේසන්ට ඉතිරි නොවීය. ඔහු මෙන්ම ඔහුගේ බිරිය වූ විනීතා ගුණසේකර ද කොටි සාම මහ‍ලේකම් කාර්යාලයේ ප්‍රධානී පුලිදේවන් ද තෝර ගත්තේ මරණයේ මාවතය. මේ අතර එල්.ටී.ටී.ඊ.යේ ප්‍රහාරාත්මක සැලසුම කරළියට ආවේය. දහහත්වැනිදා රාත්‍රී හතයි විස්සට පමණ නන්දිකඩාල් ඉදිරි ආරක්ෂක වළල්‍ලේ හුන් සෙබළුන්ට කොටින්ගේ ප්‍රහාරයක් ගැන ඉව වැටුණි. ඒ අතරේ බුද්ධි අංශ තක්සේරුව වූයේ එල්.ටී.ටී.ඊ.ය ඇන්කර් 1 නමින් මෙහෙයුමක් සැලසුම් කර ඇති බවය. කලපුව හරහා පැමිණ මරාගෙන මැරෙන කොටින්ගේ ප්‍රහාරයට ලක්වූ බංකර් දෙකක් විනාශ විය. ඉන් සෑදුණු හිඩැසෙන් කොටි රට තුළට රිංගා ගත්හ.

අවසාන සටනේදී සිය දිවි පිදීමට සෙබළුන් පැකිලුණේ නැත. මැදියම් රැයේ මරුවා සමග ඔට්ටු ඇල්ලූ වීර වික්‍රමාන්විත සෙබළු ගරිල්ලන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළහ. 17 වැනිදා රාත්‍රියේ හමුදාව ගරිල්ලන්ගේ තවත් මහා පරිමාණ ප්‍රහාරයක් බලා‍පොරොත්තු වූවේය. නමුත් විශාල දෙයක් නොවීය. පසුදින (18) අලුයම එකට පමණ නන්දිකඩාල් කලපුව දෙසින් පැමිණි සිවිල් ජනතාව අතරේ සැඟවී සිටි ගරිල්ලෝ පන්සීයක් පමණ හමුදාවට පහර දුන්හ. එම ප්‍රහාරය හමුදාවට දරා ගැනීමට අපහසු වූවේය.

ඒ – 35 පාරේ හමුදා ආරක්ෂක වළල්ල බිඳ වැටුණි. කුමරන් පද්මනාදන් පසුකලක මාධ්‍යයට හෙළි කළ තොරතුරු අනුව එල්.ටී.ටී.ඊ.ය යුද හමුදාවේ ඉදිරි ආරක්ෂක වළල්ල කඩන විටත් සුසෙයි ඔහු සමග චන්ද්‍රිකා දුරකථනය ඔස්සේ සබඳතා පවත්වමින් සිටියේය. අපි කඩාගෙන ගියා එල්.ටී.ටී.ඊ.යෙන් ඔහුට ලැබුණු අවසාන පණිවුඩයයි. මේ නිසා කේ.පී. යුරෝපයේ සිටින කොටි හිතැති ප්‍රජාවට දැනුම් දුන්නේ ප්‍රභාකරන් ආරක්ෂක වළලු බිඳ දමා පලා යාමට සමත් වූ බවය. එනමුත් කේ.පී.ගේ උපකල්පනය වැරදී ගියේය.

සිය ආරක්ෂක වළල්ල බිඳ වැටෙනවාත් සමග ඒ-35 පාරේ පිටුපසින් ප්‍රතිසංවිධානය වීමට පාබළ භටයෝ සමත් වූහ. ඒ කොමාන්ඩෝ හා විශේෂ බළකාවල අතිරේක ආරක්ෂාව සමගය. එල්.ටී.ටී.ඊ.යට එම ආරක්ෂක රැකවල් බිඳීමට නොහැකි විය. ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයෝ නැවත හැරුණහ. ඒ චාල්ස් ඇන්තනී නොමැතිවය. හමුදා ප්‍රහාරයෙන් ඔහු මිය ගොස් තිබුණි. මේ අතර වෙල්ලමුල්ලිවයික්කාල් දෙසට ඒ-35 පාර ඔස්සේ තුවාලකරුවන් තිදෙනෙකු රැගෙන ගුවන් සංග්‍රාමික බළසේනාවට අයත් ගිලන් රථය ගමන් කරමින් තිබුණේය. හමුදා පාලන ප්‍රදේශයට පැන ගත් ගරිල්ලෝ ගිලන් රථය පැහැර ගත්හ.

එහි උන් තුවාල ලැබූ සෙබළු තිදෙනාද රියැදුරා ද රථයෙන් පැන දිවි බේරා ගත්හ. ගරිල්ලෝ රථයට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. ඉන් ගිලන් රිය ගිනි ගෙන පිච්චුණේය. වෙඩි ප්‍රහාර මැද ගිලන් රථය දැවෙන විට ඒ අවට වැටී තිබූ ගරිල්ලන්ගේ සිරුර කීපයක්ද දැවී විකෘති වී තිබුණි. යුද හමුදා බුද්ධි අංශ නිලධාරීහු කොටින්ගේ පණිවුඩ හුවමාරු යන්ත්‍රවලට සවන් දුන්හ. ලොකු එක්කෙනාට අර දේ වුණා යනුවෙන් හුවමාරු වූ පණිවුඩයක් බුද්ධි නිලධාරීහු ග්‍රහණය කරගත්හ.

ගිලන් රථය ළඟ පිළිස්සුණු මළ සිරුරු තිබූ බැවින් මාධ්‍ය අතරට ගිය මුල්ම පණිවුඩයෙන් කියැවූයේ ප්‍රභාකරන් ගිලන් රථයකින් පැන යමින් සිටියදී වෙඩි වැදී මරුදුටු බවයි. මේ අතර කොමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළු ඇතුළු පාබළ රෙජිමේන්තු රැසක් ඒකාබද්ධව කොටියාට පැන යාමට ඉඩ නොදී කොටුකර පහර දුන්හ. උදෑසන ප්‍රහාරය අඩ පණ වන විට ගරිල්ලන්ගේ මළ සිරුරු සෑම තැනම වැටී තිබුණි. දහ අට වැනිදා කොටි නායකයන්ගේ මළ සිරුරු දුසිම් ගණන් හමු වන විට රජය ප්‍රකාශ කළේ එල්ටීටීඊය සහමුලින්ම විනාශ කළබවය. කෙසේ නමුදු මැයි දහ අට වැනිදා ප්‍රභාකරන් ගැන නිශ්චිත තොරතුරක් වාර්තා නොවීය.

හමුදා ප්‍රහාර මැද ඔහු නන්දිකඩාල් කලපුවේ කඩොලාන අතරේ සැඟව සිටියේය. සිය ගණනක් කායාරක්ෂකයන්ගේ දැඩි රැකවල් මැද දශක ගණනාවක් දිවිගෙවූ ප්‍රභාකරන් වටා අවසාන මොහොතේ හුන්නේ ආරක්ෂකයන් දහ අට දෙනෙකු පමණකි. එල්ටීටීඊ නායකයා සොයමින් අඛණ්ඩව මෙහෙයුම් කළ යුද හමුදාව නන්දිකඩාල් කලපුවේ කඩොලාන එකින් එක පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ඇරඹීය. ඒ කාලතුවක්කු මල්ටි බැරල් මෙන්ම යුද ටැංකිවලින් ඒදෙසට එල්ල වූ වෙඩි වරුසාවකින් ඉක්බිතිවය. මැයි දහ අට වැනිදා රාත්‍රියෙන් පටන්ගත් එම මෙහෙයුම පසුදින එළිවනතුරා ක්‍රියාත්මක විය.

පසුදින (19) උදෑසන 8 වැනි කාර්ය සාධක බළකාය නන්දිකඩාල් කලපුවේ මෙහෙයුම් ඇරඹීය. මැයි දහ නව වැනිදා උදෑසන දහයයි පහට පමණ සෝදිසි මෙහෙයුමේ යෙදී සිටි 8 වැනි කාර්ය සාධක බළකායේ සෙබළුන්ට මළ සිරුරක් හමු විය. ඒ තිස් වසරක් පුරා මේ රටේ ඉරණම තීන්දු කළ පුද්ගලයා වූ ප්‍රභාකරන්ගේ මළ සිරුරය. හිස පසාරු කරගෙන යන වෙඩි උණ්ඩයක් ඔහුට වැදී තිබුණි. ප්‍රභාකරන්ගේ ඊළාම් හැඳුනුම්පත, චන්ද්‍රිකා තාක්ෂණ දුරකථනයත් හා පිස්තෝලයත් ඒ අසල විය. එනමුත් ඔහුගේ ගෙ‍ලේ සයිනයිඩ් කරලක් නොවීය.

සයනයිඩ් කරල වූ කලී සෑම එල්ටීටීඊයේ සාමාජිකයෙකුටම ප්‍රභාකරන් උරුම කළ වස්තුව විය. ඒ නිසාදොා් ප්‍රභාකරන් අසූ හතේදී ඉන්දීය අගමැති රජිව් ගාන්ධි හමු වීමට ගිය අවස්ථාවේ දී පවා එය තමන්ගේ ගෙලෙන් ගැලවූයේ නැත. මේ නිසා අගමැති ආරක්ෂකයන්ට සිද්ධ වූයේ රජිව් ගාන්ධිගේ ආරක්ෂාව පතා කොමාන්ඩෝ සෙබළුන් යෙදවීමටය. එදා රජිව් ගාන්ධි ඉදිරියේ පවා නොගැලවූ සයනයිඩ් කරල ප්‍රභාකරන්ගෙන් ගිලිහී තිබුණි.

ඔහු පිළිබඳ තිබූ වීර කාව්‍යවල තිබුණේ යම් හෙයකින් ඔහු මරා දැමුණහොත් හෝ සයනයිඩ් කෑවහොත් ඒ මොහොතේම ඔහුගේ සිරුර පුළුස්සා දැමීමට කායාරක්ෂකයන් ඉන්ධන බඳුනක් රැගෙන ගිය බවය. ඒ නායකයාගේ සිරුර සතුරා අතට පත්වීම වැළැක්වීමටය. එනුමත් ඒ කිසිවක් නන්දිකඩාල් කලපුවේ වූයේ නැත. ප්‍රභාකරන්ගේ මළ සිරුර සමග ඔහුගේ එකොළොස් වියැති බාල පුතු වූ බාලචන්ද්‍රන්ගේ වෙඩි වැදුණු සිරුරද හමුදාවට හමු විය.

ප්‍රභාකරන්ගේ බිරිය වන මදිවදනි හා දියණිය ද්වරකාගේ ද ‍පොට්ටු අම්මාන්ගේ මළ සිරුර හඳුනා නොගත්තද හමුදවේ තක්සේරුව වූයේ ඔවුන්ටද ප්‍රභාකරන්ට අත් වූ ඉරණම අත් වූ බවය. මේ අතරේ සටන් බිමේ හුන් ‍‍‍ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු හමුදා මූලස්ථානයෙන් උපදෙස් පැතූහ. දුරකථන ඇමැතුම් ගණනාවක් මුලතිව් හා කොළඹ අතර හුවමාරු විය.

ඉක්බිතිව වෙල්ලමුල්ලි වයික්කාල් බිමේ ප්‍රසිද්ධ නොකරන ලද තැනකදී ප්‍රභාකරන්ගේ මළ සිරුර දවා අළු කරනු ලැබිය. ඉක්බිතිව අළු මුහුදු වතුරට මුසු වී සදාකාලිකවම ජලතලය අතරේ සැඟව ගියේය. එනමුත් තිස් වසක් පුරා මේ ‍පොළො තලය මත රුහිරු ගංගා නිර්මාණය කළ ප්‍රභාකරන්ගේ කතා පුවත කිසිදාක කිසිවෙකුට අමතකවනු ඇතැයි සිතිය නොහැක. මිහිරි ෆොන්සේකා -Lakbima-

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 66 වැනි උපන් දිනය අදයි මෙන්න ඔහුගේ ජීවන කතාව 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 66 වැනි උපන් දිනය අදයි මෙන්න ඔහුගේ ජීවන කතාව

ඔබට සුබ උපන්දිනක් වේවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 66 වැනි උපන් දිනය අදට (03) යෙදී ඇත.

දෙවැනි ලෝක සමයේ ආරක්ෂක හමුදාවේ සේවය කළ පල්ලේවත්ත ගමරාළලාගේ ඇල්බට් සිරිසේන පියාණන්ට හා යාපා අප්පුහාමිලාගේ නන්දාවතී මෑණියන්ට දාව මෙලොව එ‍ළිය දුටු මෛත්‍රීපාල සිරිසේන මහතා පසක් කළ ප්‍රබල සමාජ දේශපාලන කරුණු දෙකක් මේ මොහොතේ සිහිපත් කළ යුතුමය.

ගම්පහ, යාගොඩ ග්‍රාමයේ ගොවි පවුලක උපන් ඔහු පසක් කළ සමාජ කරුණ නම් සැබෑ මානවවාදී මිනිසුන් ගොඩනැ‍ඟෙන්නේ බොහෝ දුෂ්කර ජීවිත මඟින් බවත් සැප ජීවිත මඟින් එවන් අය බිහි වන්නේ කලාතුරකින් බවය. දේශපාලන කරුණ නම් වර්ෂ 1951 සැප්තැම්බර් 02 වැනිදා මෙරටේ බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයා පක්ෂය බිහි වී පැය 24ක් ඉක්මයෑමට පෙර ජන්මලාභය ලැබීමය.

මේ අන්දමේ සමාජ, දේශපාලන කරුණු රාශියක් රටේ ජන සමාජයේ යහපත උදෙසාම සනිටුහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා කුඩා කළ පළමුව ගම්පහ පහළයාගොඩ කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ නායකත්වයෙන් ඇරඹි පොලොන්නරුව මින්නේරි ගොවිජනපද ව්‍යාපාරයේ මුල්ම ඉඩම්ලාභීන් ලෙස ඓතිහාසික පුලතිසිපුරවරයට නික්මුණු මේ ගොවි පවුලේ සාමාජිකයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුව තෝපාවැව මහ විදුහලටත්, ‍ඉන් අනතුරුව පොලොන්නරුව රාජකීය විදුහලටත් ඇතුළත්ව අකුරු කළේය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේත් සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිණියගේත් දේශපාලන දර්ශනය ගුරු කොට තරුණ කාලයේදීම දේශපාලනයට පිවිසි ඒ මහතා 1981 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ මහ ලේකම් ධුරයටත් වසර 1983දී එහි සභාපති ධුරයටත් පත් විය.

වසර 1988 / 89 භීෂණ සමයේ කටුක දේශපාලන ජීවිතයක් ගත කළ ඔහු 1989 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වී මුල්වරට පාර්ලිමේන්තුවට පත් විය. අනතුරුව 1994 පොදුජන එක්සත් පෙරමුණු රජායේ මහවැලි සංවර්ධන කැබිනට් ඇමැති ධුරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා 2014 වන විට සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියේය.

මේ රටේ තීරණාත්මක ජනාධිපතිවරයෙක් වූ 2015 ජනවාරි 08 වැනිදා පැවැති මැතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට 06 වැනි විධායක ජනාධිපතිවරයා ‍බවට පත් විය. දෙස් විදෙස් හි ගෞරවය ජනාදරය හොඳ හිත දිනාගත් ජනාධිපතිවරයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා හැඳින්විය හැකිය.

මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද

ඇත්තටම blue whale ගේම් එක ගැහුවම සියදිවි නසාගන්න හිතෙනවද මෙන්න ඒ පිලිබද ඇත්ත කතාව 

ඇත්තටම blue whale ගේම් එක ගැහුවම සියදිවි නසාගන්න හිතෙනවද මෙන්න ඒ පිලිබද ඇත්ත කතාව

පහත ඇති සියල්ල ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී 

“කොහොමද කොල්ලනේ???..
අද මම කියන්න යන්නෙ ගේම් එකක් ගැන තමයි ඒ උනාට මේ ගේම් එක ply කරන්නනම් යන්න එපා මේ ගේම් එක හදලා තියෙන්නෙ අපේ පෝන් එකේ හරි පීසී එකේ හරි ඩේටා හැක් කරගන්න පුලුවන් විදිහට මේක ටිකක් භයානක ගේම් එකක් වෙන්න හේතුව තමයි මේකේ තියෙන එක ලෙවල් එකක අපේ අතේ තල්මසෙකුගේ සලකුනක් කොටාගන්නත් තියෙනවා..මේ ගේම් එක ply කරනකොට අපිට නොදැනීම අපේ device එකේ තියෙන data මේ ගේම් එක හදපු කෙනාට යවනවා එතකොට එයාට අපිව බ්ලැක්මේල් කරන්න පුලුවන් මේ වගේ සිද්දීන් නිසා මේ වෙනකොට මේ ගේම් එක හින්දා මිනිස්සු 130 දෙනෙක් සියදිවි හානි කරගෙනත් තියෙනවා ඒ හින්දම මේකට ඉන්දියාවෙන් නඩුවකුත් පනවනවා කියලයි ආරංචිය..
එහෙන්ම් මගේ යාලුවනේ මම ගියා ඔයාලත් පරිස්සම් වෙන්න…?cyber triks with malinda

………………………………………………………………………………………………………………………………………..

 

“මම දැක්ක බ්ලූ වේල් ගැන පෝස්ට් දාල තියනවා මචං මේක ගේම් එකක්……ප්ලේ කලාම හැක් වෙනවා කියලා…ගොන් යක්කුනෙ…..මතකයිනේ ඩාර්ක් වෙබ් සීන් එකත් අපේ උන් වවාගෙන කෑවා….මේකත් එමයි…..ඕයි බ්ලූ වේල් කියන්නේ මානසික පීඩනෙන් ඉන්න……හිතේ අවුලෙන් බූට් කාල ඉන්න වගේ තරුණ ඩයල් අල්ලගෙන කරන එකක්…….ඒක රුසියාවේ විකොන්තැට්කේ කියන සෝශල් මීඩියා එකෙන් පටන් ගත්ත සීන් එකක් ඕක හැන්ඩ්ල් කරනවා කියන්නේ හැකර්ස්ලා සෙට් එකක් තමයි…උන් පට්ට කාලයක් තිස්සේ සෝශල් මීඩියා වල ප්‍රොෆයිල් නිරීක්ශනය කරලා අර වගේ මානසික පීඩනෙන් ඉන්න ඩයල් වලට ගේම් එක සෙට් කරන්වාලු……ඕකෙ කරන්න තියන්නේ කපන් කොටන සීන් අපිටම වද දෙන සීන්…ඒවා ස්කයිප් වලින් ගේම එකේදි අපිට උපදෙස් දෙන එකෙක්ට පෙන්නන්න ඕනෙ…..50ක් වෙනකන් වැඩ කලාට පස්සෙ අන්තිමට බිල්ඩිමකින් පනින්න කියනවලු……දැන් උබල හිතයි කොහෙවත් නැති එකෙක් ඕවා කිවුවාම කරයිද කියලා…මම දන්න තරමට ඔකුන් මුල ඉදන්ම ගේම් එකට සෙට් උන් එවුන්ව මොල හෝදලා ගන්නවා…..තමුන් මැරුනාම තමන්ට අනිත් මිනිස්සුන්ට පාඩමක් උගන්නන්න පුලුවන් වගේ අදහස් දාන්වලු……..හැබැයි කාට හරි මගදි අයින් වෙන්න ඕනෙ උනොත් පවුලේ අයව මරනවා කියලා තර්ජනය කරන්වාලූ….දැන් ආයි උබලා හිතයි පිටරටක එකෙක්ට අපි මොකට බය වෙන්වාද කියලා…….මම මුලින් ම කිවුවානේ මේකට සෙට් වෙන්නේ ආතතිය විශාදය වගේ සීන් තියන ඩයල් කියලා උන්ට ඒවගේ තර්ජනයක් නිසා බය වෙන්න ඉඩ තියනවා අනිවා….කොහොම උනත් මේකට සෙට් වෙලා මැරිච්ච උන් ඉන්නවා පිටරට..ඉතාලියෙ එහෙම පොඩි එවුන් 2කුත් පැනලා මැරිලා…..උබලා උබලගේ පණ්ඩිතකමට ඕවා බාලා කෙල කරගන්න එපා…..අනික ඕවා ගැන සරල සාමාන්‍ය දේවල් වගේ පෝස්ට් දාන උන්ටත් කියන්න තියෙන්නේ මේකයි……මේ පෝස්ට් බලන විශාදිය හරි ආතතිය හරි තියන එකෙක් උනත් මේක තමයි විසදුම කියලා කරන්න ඉඩ තියනවා…ඒක නිසා අවදානමක් අරන් ජීවත් වෙයන්….උබල ෆේස්බුක් ඇවිත් කීබොර්ඩ් මැරයෝ වෙලා පොර ටෝක්ස් දැම්මාට ලොකේ ඉන්ටර්නෙට් එකෙන් අපිට හිතන්නවත් බැරි අපරාද වෙනවා……ෆේස්බුකියෙන් බ්ලොක් කලා කියලා උබේ මිස්ටේක් හදාගන්න බෑ මචංලා…උබේ පෝන් එකෙන් හරි මැශින් එකෙන් හරි කරන දේවල් නිසා ලොකු විනාසයක් උනත් වෙන්න පුලුවන්
සටහන: *අදාළ නෑනෙ”

පිළිස්සුම් තුවාල වලට කදිම ඔසුව මාළු පොතු බව ඔබ දන්නවාද මෙන්න එම විශ්මිත ඔසුව 

පිළිස්සුම් තුවාල වලට කදිම ඔසුව මාළු පොතු බව ඔබ දන්නවාද මෙන්න එම විශ්මිත ඔසුව

පිළිකුල දනවන දෑ ඖෂධ දක්වා වර්ධනය කොට නවීන වෛද්‍ය විද්‍යාව ලත් ජයග්‍රහණය අගය කොට යුත්තක් වේ. එලෙස, බ්‍රසීලියානු ජාතික වෛද්‍යවරුන් පිරිසක් සිදු කළ අත්හදා බැලීම්වලට අනුව, පිලිස්සුණු තුවාල සුව කිරීමට කදිම ඖෂධයක් සොයා ගෙන ඇත.

තිලාපියා මාළු. ඔබේ ආහාර වේලට ආධුනිකයෙක් නොවේ. මේ පිළිබඳව පර්යේෂණ සිදු කළ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, අධික පිලිස්සුම්වලට ලක් වූ රෝගීන් හට තිලාපියා මාළු හම සිසිල ගෙන දෙන්නක් මෙන්ම අධික වෛද්‍ය ගාස්තුවලටද පිළියමක් වන බවයි.

පිලිස්සුණු තුවාලයක සුවය සඳහා අවශ්‍ය වන collagen සහ තෙතමනය තිලාපියා මාළු හම තුළ අන්තර් ගත වී ඇති බව උතුරු බ්‍රසීලයේ Ceara නම් ෆෙඩරල් විශ්වවිද්‍යලයේ විද්‍යාඥයින් පිරිසක් සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය කොට ගෙන තිබේ. එමෙන්ම, මෙය ගෝස් කැබැල්ලකට වඩා ඉහළ මට්ටමකින් තෙතමනය රඳවා තබා ගනියි.”පිලිස්සුම් තුවාල මත තිලාපියා මාළු හම් ඇතිරීම ඉතා අපූර්වයි. මාළු හම් කියන්නේ අපි බැහැර කරන දෙයක්.

නමුත් සමාජයට ප්‍රයෝජනවත් වන නිෂ්පාදනයක් ලෙස අපි මෙය යොදා ගන්නවා” Ceara විශ්වවිද්‍යාලයේ මහාචාර්ය odorio de Morais  මෙසේ පවසා සිටියි.

බ්‍රසීලියානු පර්යේෂකයන් තවදුරටත් පෙන්වා දෙන්නේ, මේ මාළු හම්වල ඉතා වේගවත් සුව කිරීමේ ගුණයක් ගැබ් වී ඇති බවයි. නිතර නිතර වේදනාවට ඖෂධ දැමීමේ අවශ්‍යතාවද මෙය අවම කරවයි.

මේ තිලාපියා මසුන්ගේ හම් රෝහල් වෙත යැවීමට මත්තෙන් විද්‍යාගාර තාක්ෂණ ශිල්පීන් විසින් විවිධ ජීවානුහරණ ක්‍රියාවලීන්ට භාජනය කොට, එහි ඇති virus විකිරණ මගින් විනාශ කිරීමට Sao Pauloහි ඇති රසායනාගාර වෙත යවනු ලැබේ. වරක් ජීවානුහරණය කොට පිරිසිදු කරන ලද මාළු හම් වසර දෙකක පමණ කාලයක් තබාගත හැකි බවයි පර්යේෂකයන් පවසා සිටින්නේ. මෙසේ ජීවානුහරණ ක්‍රියාවලීන්ට ලක් කළ මාළු හම් වලින් තවදුරටත් මාළු ගන්ධය වහනය නොවේ.

Antonio Janio යනු මෝටර් රථ යන්ත්‍ර ශිල්පියකු වන අතර, පෑස්සුම් ගෑස් සිලින්ඩරයකින් සිදු වුණු කාන්දුවකට ලක් වී බාහුව අධික ලෙස පිලිස්සුණු අයෙක්. මාළු හම් ප්‍රතිකාරය ලත් ඔහු පවසන්නේ, දවස් දෙකකින් දෙකකට මාරු කළ යුතු bandageවලට වඩා මහඟු සුවයක් මාළු හම් මගින් ඔහු ලබා ගත් බවයි.

පිලිස්සුම් තුවාලයක් ඇති වුණු විට, එම තුවාල ප්‍රදේශය පුරාවටම තිලාපියා මාළු හම අතුරා bandage එකකින් ආවරණය කෙරේ. මෙයට කිසිදු ආලේපනයක් භාවිත නොකෙරේ. දින 10කින් පමණ පසු වෛද්‍යවරුන් විසින් bandage ඉවත් කරනු ලැබේ. ඉන් පසු වියළි භාවයට පත්ව ඇති තිලාපියා සම පිලිස්සුම් තුවාලයෙන් මනාව ගලවාගත හැකි වේ.

Morais පවසන පරිදි, තිලාපියා ප්‍රතිකාරයට වැය වන්නේ පිලිස්සුණු රෝගීන් මත සාමාන්‍යයෙන් ආලේප කරන sulfadiazine ආලේපනයේ මිලට වඩා 75% අඩු පිරිවැයක්. එමෙන්ම, මේ සොයාගැනීමේ ඉදිරි පියවරක් ලෙස පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ, තිලාපියා ප්‍රතිකාරය වාණිජමය ලෙස නිෂ්පාදන මට්ටමෙන් දියුණු කිරීමටයි.

උදානි ඉන්ද්‍රචාපා

මොකද්ද මේ “සොනික් බූම්” කියන්නේ මෙන්න ඔබ කිසිදා අසා නොමැති කතාවක් 

මොකද්ද මේ “සොනික් බූම්” කියන්නේ මෙන්න ඔබ කිසිදා අසා නොමැති කතාවක්

මොකද්ද මේ සොනික් බූම් කියන්නේ? සොනික් බූම් යනුවෙන් හදුන්වන්නේ ශබ්දයේ වේගයට වඩා වේගයකින් ගුවන්යානාවක් පියාසර කිරීමේදී ඇතිවන කම්පන තරංගයක් හේතුවෙන් හටගන්නා වූ අධික ශබ්දයකටයි. ඊට පැයකට කිලෝමීටර 1195කට වඩා වැඩි වේගයකින් ගුවන්යානාවක් පියාසර කළ යුතු වනවා.

සබ්සොනික් කියල කියන්නේ ශබ්දයේ වේගය නොඉක්මවූ වේගයකටයි. ඉතින් ශබ්දයේ වේගය නොඉක්මවූ වේගයකින් ගුවන් යානාව පියාසර කිරීමේදී ශබ්දය සියලූ අතට ගමන් කරනවා. හැබැයි ගුවන් යානාව ඉදිරියට ගමන් කරද්දී එහි වේගය නිසා ගුවන්යානයේ ඉදිරිපසින් ඇති ශබ්ද තරංග සම්පීඩනයකට ලක් වන අතර ගුවන් යානාවේ පිටිපස කොටස දක්වා තරංග කේතුවක හැඩයට විසිරී යනවා.

මේ කේතුව නිසා බාහිරින් කෙනෙකු ගුවන් යානය නිරීක්ෂණය කරද්දී, විශේෂයෙන් නිරීක්ෂකයා පසුකරද්දී ශබ්දයේ වැඩි තාරතාවයක් ඇති අතර නිරීක්ෂකයාගෙන් ඔබ්බට යෑමේදී හෙඬ් තාරතාවය අඩු වන බවට නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙයට ඩොප්ලර් ආචරණය කියලා කියනවා.

දැන් ශබ්දයේ ප‍්‍රවේගයට ළඟාවන වේගයකින් ගමන් කිරීමේදී සිදුවන්නේ පීඩන තරංග කේතුවක mach cone හැඩයකින් පිහිටා කේතුවේ පතුල ගුවන් යානාවේ පිටිපසටත් වඩා ඔබ්බෙන් පිහිටීමයි. මේ කේතුව ඇතුලේ තමයි සියලූ ශබ්ද තරංග පිහිටන්නේ. කේතුවේ කෝණය වේගයේ තරම අනුවයි තීරණය වන්නේ.

දැන් ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගුවන් යානාවක් පියාසර කරනවා යමෙකු ඈත තියා දුටුවත් එම නිරීක්ෂකයාට කිසිදු ශබ්දයක් නම් ඇහෙන්නේ නෑ. නිරීක්ෂකයාට ගුවන්යානාව පසු කරන විට ඉහත සඳහන් කළ පරිද්දෙන් ගුවන් යානාව පිටුපසටත් එහායින් පිහිටන කේතුවේ පතුල නිරීක්ෂකයාගේ සවන පසුකරද්දී තමයි මේ කියන විශාල ශබ්දය නිරීක්ෂකයාට එකවරම ඇසෙන්නේ.

එහෙම නැතිව ගුවන් යානාව ශබ්දයේ වේගය අබිබවන අවස්ථාවේ නොවෙයි විශාල ශබ්දය හටගන්නේ. සාමාන්‍යයෙන් වාණිජ සුපර්සොනික් ප‍්‍රවාහන ගුවන්යානයක් නිසා නිකුත්වන මෙම අධික ශබ්දයේ ප‍්‍රමාණය ඩෙසිබල් 136ක් පමණ වන බවත් පීඩනය පැස්කල් 120 පමණ වන බවත් සොයාගෙන තිබෙනවා.

රුපය : 1 සිට 3, ගුවන් යානාවක් ශබ්දයේ වේගයට වඩා අඩුවේගයක සිට ශබ්දයේ වේගය දක්වා වේගය වැඩිවන විට ශබ්ද තරංග ප‍්‍රමුඛ විසිරීමේ ක‍්‍රමය හා 4 කොටසින් කම්පන තරගය විසිරෙන ආකාරය දැක්වේ.

රෝධනයක් ඇතිවීමේ ක‍්‍රියාදාමය

Related image

යම් චලනය වන වස්තුවක් තරලයක් තුළින් ගමන් කිරීමේදී ගමන් කරන දිශාවට ප‍්‍රතිවිරුද්ධව ඉදිරි චලනයට බාධාවක් වන බලයකට නතුවනවා. චලන දිශාවට ප‍්‍රතිවිරුද්ව ඇතිවන මෙය රෝධනය කියලයි කියන්නේ Drag’ . රෝධනය වැඩි වන තරමට ගමන් කරන වේගය අඩුවනවා. ගුවන් යානයක් ගමන් කරද්දී තරලය ලෙස සැලකෙන්නේ සුළං පරිසරයයි.

රෝධනය සඳහා දායකවන ප‍්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි චලනය වන වස්තුව වටා පැතිර පවතින පීඩන කලාපය.

මෙම පීඩන කලාපය නිසා ගමන් කරන වස්තුව මතුපිට දී වස්තුව දෙසට බල ඇතිවනවා. මේ සියලූ බල වල එකතුව සංරචක දෙකකට ගණිතමය ලෙස කඩා දැක්විය හැකිවනවා. ඉහත කී කම්පන තරංග ඇතිවන්නෙත් මේ නිසයි.

Related image

අනිත් කරුණ වන්නේ වස්තුව සාදා ඇති ද්‍රව්‍යයේ ස්වභාවය නිසා ඇතිවන ප‍්‍රතිරෝධ බල වන අතර එයට තරලයේ දුස්ඝ‍්‍රාවීතා ගුණාංග බලපානවා. වස්තුවක රෝධනය සඳහා ගණිතමය අගයක් Drag coefficient ගණනය කරනවා. වස්තුවේ හැඩය වෙනස් කර රෝධන අගය අවම අගයකට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රෝධන අගය අඩුම හැටියට සලකන්නේ ජල බි`දුවක හැඩය වන අතර එහි රෝධන අගය 0.05 ක් වනවා.

ගුවන් යානයක් ශබ්දයේ වේගය අබිබවා යද්දී ඉහත ස`දහන් පරිදි කෝණික හැඩ කීපයක් එකවර වුවද ඇතිවිය හැකිය. එ් ගුවන්යානයේ හැඩතල නිසා ඇතිවන තත්වයන් නිසාය. ගුවන් යානාවේ පිටුපස කෝණයේ ආකාරයට සුදුපාටට පෙනුණද ඉන් පෙනෙන්නේ බාහිරින් ක්ෂණික අවපීඩනය නිසා ඒ වටා ඇතිවන වලාකුළුය.

එහෙත් පීඩනකෝණය පිළිබඳව නිසි ආකාරයට අධ්‍යයනය කිරීම කරනු ලබනුයේ ශිලෙරන් schlieren නම්වූ විශේෂිත කැමරා මගින්ය. මෙම කැමරාවලට සුළං තරලවල ඝනත්ව වෙනස්වීමේ හැකියාව ග‍්‍රහණය කරගැනීමට පුළුවන. ශබ්දයේ ප‍්‍රවේගය අබිබවා යෑමට විශේෂ හැඩතල, විශේෂ පියාපත් වගේම ඉතා ජවසම්පන්න ඇන්ජිමක්ද අවශ්‍ය වෙනවා. එ වගේම විශාල පීඩනවලට ඔරොත්තුදීමට ගුවන් යානාව නිපදවා තිබිය යුතුවනවා. ගුවන් යානයක් ශබ්දයේ වේගය අබිබවා යද්දී ආතතියෙත් ඝනත්වයෙත් උෂ්ණත්වයේ වගේම පීඩනයේත් ක්ෂණික වෙනස්වීම් සිදුවනවා. Image result for sonic boom flayt

පළමුවෙන් පරීක්ෂණ ගුවන් යානයක් ශබ්දයේ වේගය අබිබවා පදවනු ලැබුවේ ඇමෙරිකානු ගුවන් නියමුවෙක් වන චක් යෙගර් විසිනි. ඒ 1947 ඔක්තෝබර් මස පළමුවැනිදා අඩි 45,000 ක ඉහළ අහසේ තමයි එය සිදුවුණේ. අදටද එම බෙල් ං-1 රොකට් ගුවන්යානය ලෝක ප‍්‍රසිද්ධ ස්මිත්සොනියම් ගුවන් හා අභ්‍යවකාශ කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. ඊට පෙර අවස්ථාවල ද ගුවන් යානයක් ශබ්දයේ වේගය අබිබවා ගිය බවට නොයෙක් විට පැවසුණත් විද්‍යාත්මකව එසේ වී නැති බවට ප‍්‍රකාශ වෙනවා.

දැන් ඔබට හිතේවි ගුවනින් පමණද ශබ්දයේ වේගය ඉක්මවන්න පුළුවන් කියා. 1948 දී හමුදා පර්යේෂණ ගොඩබිම් ධාවන රථයක් කැලිෆෝනියාවේ මියුරොක් ගුවන් පථයකදී ශබ්දයේ වේගය ළඟා කිරීමට යාමේදී පීල්ලෙන් ඉවතට විසිවී විනාශ වුණා. එහෙත් 1997 දී රාජකීය ගුවන් හමුදාවේ රිචඞ් නොබෙල් ඇතුළු පිරිස සාදනු ලැබ ඇන්ඩි ග‍්‍රීන් විසින් පදවනු ලැබූ විශේෂ පර්යේෂණ රථයක් ප‍්‍රථමවරට ගොඩබිමින් ශබ්දයේ වේගය අබිබවා යෑමට හිමිකම් කියනවා.

එම වීඩියෝව පහතින් නරබන්න

 

රගපානවට වඩා අමාරු වැඩේ තමයි සල්ලි ටික බේරගන්න එක අපි කාලාබිලා ඉන්නඕන 

රගපානවට වඩා අමාරු වැඩේ තමයි සල්ලි ටික බේරගන්න එක අපි කාලාබිලා ඉන්නඕන සමහරු හිතන් ඉන්නේ අපි කම්කරුවෝ කියලා

රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පියෙක් ලෙස පාලිත සිල්වාව හඳුන්වන්න පුළුවන්. මේ දිනවල විකාශය වන ‘දෙවැනි ඉනිමේ’ කෝච් සර් නිසා ඔහු ගැන හැමෝම කතා වෙනවා. ඒ නිසාම අපිත් ඔහුට කතා කළා.

දෙවැනි ඉනිමේ කෝච් සර්ට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

සෑහෙන්න ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ ගැන සතුටක් තියෙන්නේ.
කාලෙකට පස්සෙ නේද ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වෙන්නේ?
වසරක්, එකහමාරක් විතර නිර්මාණවලට දායකත්වය ලබාදුන්නෙ නැහැ. මොකද මට සරිලන විදිහේ ටෙලි නාට්‍ය ලැබුණේ නැති නිසයි. මෙගා ටෙලි නාට්‍ය නිසා මගේ දායකත්වය දෙන්න බැරිවුණා. සරත් ධර්මසිරි මහතාගේ ආරාධනය නිසා ගැමුණු මහරජ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.

ඒකෙන් ටෙලි නාට්‍යයක වෙනස හොයාගන්න පුළුවන් වුණා. මෙගා කියන මොඩල් එක ලංකාවේ ඇතුළේ කොහොමද කෙරෙන්නේ කියලා දැන ගත්තා. ඒ වගේම පසුගිය කා‍ලේ හරියන චරිතවලට ආරාධනා ලැබුණේ නැහැ. පස්සේ තමයි දෙවැනි ඉනිමයි ගැමුණු මහරජ ටෙලි නාට්‍යයි භාරගත්තේ. මට හිතෙනවා මම සෑහෙන්න සාර්ථක වුණා කියලා.

විදේශ ටෙලි නාට්‍ය විකාශය වීම නිසා මෙරට කලාකරුවන්ට අසාධාරණයක් වෙනවද?

මම නම් කැමති නැහැ විදේශ නාට්‍ය විකාශය කරනවට. මම දකින විදිහට ඉන්දියාවෙන් හොඳම නාට්‍ය ගෙන්වන්නෙ නැහැ. ජනතාව ආකර්ෂණය කරන ටෙලි නාට්‍යයන් තමයි මෙරට පෙන්වන්නේ. කිසිම කතාන්දරයක් නැති දෙබස්වලින් හෝ වැදගත්කමක් නැති ටෙලි නාට්‍ය ලාබෙට ගෙනැත් පෙන්වන එක විහිළුවක්. ඒ නාට්‍ය පෙන්වීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕන කියලයි මම හිතන්නේ.

ඓතිහාසික ටෙලි නාට්‍යයක රඟපෑම වෙහෙසකරයි නේද?

ඔව්. තරමක් වෙහෙසකර කටයුත්තක් තමයි රංගනයෙන් දායක වීම. ඒ වෙහෙස නැති වෙනවා හොඳ පිරිසක් එක්ක වැඩ කරන නිසා.

වර්තමාන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නෙ?

ගැටලු තියෙනවා. ඒවා රාජ්‍ය මට්ටමින් කෙරෙන්න ඕන. අවුරුදු ගණනාවක් ගියත් සමහර නාළිකාවලින් ටෙලි නාට්‍ය කොටසකට ගෙවන ප්‍රමාණය එන්න එන්නම අඩුවෙලා. ඒක හරිම ඛිෙදනීය තත්ත්වයක්. නාළිකාවලට ලොකු ආදායමක් ලැබෙනවා. මීට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවනවා නම් නිර්මාණකරුවෝ උනන්දු වෙලා උසස් නිර්මාණ බිහි කරාවි.

ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වීමේදී මොනවද ඔබ සැලකිලිමත් වන කරුණු?

දිගට වැඩ කරනවා නම් අඩු ගාණේ මුදල්වත් වෙලාවට බේරන්න පුළුවන් නම් හොඳයි. මොකද සමහර අය හිතනවා අපි විනෝදාස්වාදය සඳහා රඟපානවා ජීවත් වෙන්න ඕන නෑ කියලා. අපි පූර්ණකාලීනව මේකට කැප වෙනවා. ඒ කාලය තුළ අපි කොහොමද කාලාබිලා ඉන්නෙ කියන එක සමහර අයට වැදගත් නැහැ. වෘත්තීය මට්ටමේ නියැළෙන ශිල්පීන් ගැනත් හිතන්නෙ විනෝදට කරන දෙයක් කියලා. එහෙම හිතන පිරිසක් අද ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නවා.

එහෙම අයත් එක්ක වැඩ කරන්න අපහසුයි. පිටපත බලනවා, නාට්‍යයක් තෝරාබේරා ගැනීමේදී නිර්මාණකරුවා ගැනත් විශ්වාසයක් තියෙන්න ඕන. කතා කරන හැම එකටම සම්බන්ධ වෙන්නෙ නෑ. වෘත්තීය රංගන ශිල්පියෙක් විදිහට විවිධ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ඕන. නමුත් ඒවායේ ගුණාත්මක බව අඩු වැඩි වෙන්න පුළුවන්. ඒවාට වගකියන්න ඕන එහි අධ්‍යක්ෂවරයා.

නිර්මාණවලට වැඩ කරන්නෙ පදනමක් ඇතිව. අද වනවිට දිනපතා ගෙවන ක්‍රමයට ඇතැම් නිෂ්පාදකයෝ පුරුදුවෙලා ඉන්නවා. ඔවුන් හිතන්නෙ නළු නිළියෝ කියන්නේ කම්කරුවෝ වගේ පිරිසක් කියලා. මාසෙක විතර වැඩ දවස් දෙකෙන් කරලා යවන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. වැඩ කරද්දි ඒ වගේ අය අයින් කරන්න වෙනවා.

ටෙලි නාට්‍ය ආපු මුල උසස් නිර්මාණ බිහිවුණා. නමුත් අද එවැනි නිර්මාණ බිහි නොවන්න හේතුව මොකක්ද?

ඒ කා‍ලේ නාට්‍ය කළේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා හිටපු නාට්‍ය පිටපතක තියෙන්න ඕන කාරණා මොනවද කියලා දැනගත්ත අය. අද ටෙලි නාට්‍ය හදන අධ්‍යක්ෂවරුන්ගෙන් සියයට පනහක්වත් වේදිකා නාට්‍ය නරඹලා තියෙනවාද කියන ගැටලුව තියෙනවා. ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න ගොඩක් පැති ඉගෙන ගන්න ඕන. අද අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය ඉතාම පහළට වැටිලා තියෙන්නේ. අද ඕනම කෙනෙක්ට අධ්‍යක්ෂණය කරන්න පුළුවන් වෙලා තියෙනවා නාළිකාවක ප්‍රධානියෙක් අඳුරනවා නම්.

ඔබ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයෙන් ඈත්වෙලාද?

මම අධ්‍යක්ෂණය ගැන හැදෑරුවා ඉන්දියාවේ ජාතික චිත්‍රපට ආයතනයෙන්. 1994 ‘අපේ ගමට අමුත්තෙක්’ කියන ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළා. ඒකට සම්මානයකුත් ලැබුනා. ටෙලි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා පුද්ගලික නාළිකාවකට 1999 වසරේ. සිනමා අධ්‍යක්ෂණය කරන්න බලා‍පොරොත්තුව තිබුණා. නිෂ්පාදකයෙක් ලැබුණේ නැහැ. තනියම නිර්මාණවලට අතගහන්න ගියොත් අපි ණයකාරයෝ වෙනවා.

නිර්මාණකරුවෙක් විදිහට එන්න විදිහක් නැහැ ලංකාවේ. නළු නිළියන් පුහුණුව කරගෙනයනවා. අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය කියන්නේ නිෂ්පාදකවරුන් හොයාගෙන රට වටේ යාම ‍නෙවෙයි. බලා‍පොරොත්තුවක් තියෙනවා මැරෙන්න කලින් චිත්‍රපටයක් කරන්න. බැරිවුණොත් ඒ හීනෙත් මාත් එක්කම මැරිලා යාවි.

රංගනය හැරුණු කොට ජීවිතේ සතුටු වෙන වෙනත් දේවල් තියෙනවාද?

වැඩමුළු කරනවා. ඉගෙන ගත්ත දේවල් මම අනෙක් අයත් එක්ක ඒ අත්දැකීම් බෙදාගනිමින් සතුටු වෙනවා. පහුගිය කා‍ලේ මම දහස් ගණනකට උගන්වන්න ඇති.

ලංකාවේ ඔබ ගුරුහරුකම් ලබාගන්නෙ අධ්‍යයනය කරන්නේ කාවද?

අපි ආචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයාගෙන් තමයි බොහෝ දේ ඉගෙන ගත්තේ. විදේශීය නාට්‍යකරුවන් විසි දෙනෙක් සමග වැඩ කරලා තියෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ධර්මසේන පතිරාජ මහතා, වසන්ත ඔබේසේකර, තිස්ස අබේසේකර මහතාගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. ලෝකයේ දිනෙන් දින රඟපෑමේ විද්‍යාව දියුණු වෙලා තියෙනවා. ඒ දේවල් අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් වෙනවා. විෂයන් ගණනාවක් තියෙනවා අධ්‍යයනය කරන්න. ඒ දේවල් හදාරන්නෙ නැතුව ජාත්‍යන්තරයට යන්න අමාරුයි.

පවු‍ලේ විස්තර මතක් කළොත්?

බිරිඳයි, දරුවොයි ඉන්නවා. ඒ අයත් එක්ක සතුටින් ජීවිතේ ගත කරනවා.

දරුවන්ව කලාවට සම්බන්ධ කරන්න අදහසක් නැද්ද?

ඒ අය මේ ක්ෂේත්‍රයට තල්ලු කරන්න අදහසක් නැහැ. කලාව දැනෙනවා නම් කරන්න කියලයි තියෙන්නේ. මොකද අනුන්ගේ ජනප්‍රියත්වය තමන්ගේ කරගෙන වැඩක් නැහැ කාටවත්ම. තමන් කරන දේකට විතරයි ජනප්‍රියත්වය ලබාගන්න ඕන. මගේ අම්මලා, තාත්තලා කවුරුත් කලාවට සම්බන්ධ වෙලා නැහැ. ඔවුන් මට කැමති දේ කරන්න කීවා. මගේ ළමයින්ටත් මම කියන්නේ ඔවුන් කැමති දේ කරන්න කියලයි. නැතුව කාගෙවත් ජනප්‍රියත්වයක් පස්සේ දුවන්න කියලා ‍නෙවෙයි.