ඉරාජ් ගේ මනමාලි 2 වීඩියෝව අන්තර් ජාලයට මෙන්න එම වීඩියෝව 

ඉරාජ් ගේ මනමාලි 2 වීඩියෝව අන්තර් ජාලයට මෙන්න එම වීඩියෝව

ඉරාජ් කියන්නේ අද නිරුවත මාකට් කර පුද්ගලයකු හැටියටයි ලංකාවේ අපි ගොඩක් දෙනා දන්නේ නමුත් දහසක් සිදුවීම් මැද රටට ආදර්ශමත් වැදගත් වීඩියෝවක් ඔහු නිර්මාණය කරලා මේ වගේ වටිනා දේවල් අපි අගය කරන්න අවශ්‍යයි පහතින් නරබන්න එම වීඩියෝව

ඔපස් වීමේ වරදට ජීවිතයෙන් වන්දිගෙවූ පාසල් සිසුවියගේ සංවේදී කතාව 

ඔපස් වීමේ වරදට ජීවිතයෙන් වන්දිගෙවූ පාසල් සිසුවියගේ සංවේදී කතාව

ඔසප් රුධිර පැල්ලමක් දැක කෝපයට පත් ගුරුවරියකගේ අපහාස කිරීම් නිසා සිත් තැවුලට පත් තමිල්නාඩු දැරියක් සියදිවි හානිකර ගැනීමක් දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙයි.
සියදිවි හානිකර ගැනීමට පෙර ලිපියක් ලියා තබන දොළොස් හැවිරිදි දැරිය ගුරුවරිය තමාට “හිරිහැර” සිදු කරන ලද බව කියා සිටින්නීය.

ඔසප් වීම සම්බන්ධයෙන් අවමානයට පත් වීමක් ගැන එම ලිපියේ සඳහන් නොවුනත් රුධිර පැල්ලමක් නිසා සිය දියණියට පන්ති කාමරයෙන් පිටව යන මෙන් දැනුම් දී ඇති බව දැරියගේ මව පවසයි.

ඔසප් වීම ග්‍රාමීය ඉන්දියාවේ ඇතැම් පලාත්වල තවමත් සැලකෙන්නේ තහංචියක (taboo) මට්ටමිනි.

ඔසප් සමයේ කාන්තාවන් අපිරිසිදු යයි සැලකෙන ගතානුගතික මතයක් ද එහි මුල්බැස ගෙන ඇත.

ඉහත කී දැරියගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ලෙස සලකන අතර ඒ පිළිබඳව විභාගයක් ආරම්භ කර ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

දැරිය සිය සටහන ආරම්භ කර තිබෙන්නේ “අම්මේ ! මට සමාවෙන්න” යනුවෙන් සිය මව අමතමිනි.

ගෙදර දී සිදු කිරීමට පැවරෙන වැඩ (homework) සම්පූර්ණ නොකිරීම සම්බන්ධයෙන් ගුරුවරිය මින් පෙර තම දියණියට දඬුවම් දී ඇති බවට දැරියගේ මව චෝදනා කරයි.
“මගේ දුව පසුගිය සෙනසුරාදා ඉස්කෝලේ ඉන්න විට ඔසප් වීමට ලක් වෙලා තිබුණා. දුව ඒ ගැන ගුරුවරියට කිව්වාම ගුරුවරිය ‘පෑඩ්’ එකක් විධියට පාවිච්චි කරන්න දූවිලි පිස්නයක් දීල තිබුණා” එම මව පවසයි.

“ගුරුතුමිය මගේ දුව පන්ති කාමරයෙන් පිටත හිටවල තියල තියෙනව. අවුරුදු දොළහක ළමයෙක් එවැනි අමානුෂික ආකාරයට හිටවල තියන්නේ කොහොමද?” දැරියගේ මව ප්‍රශ්න කරන්නීය.

දැරිය ඊළඟ දිනයේ සියදිවි හානි කර ගෙන ඇත.

අදාළ විභාගයේ දී පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව දැරිය ඉගෙන ගත් ‘තිරුනෙල්වේලි’ දිස්ත්‍රික්කයේ (Tirunelveli) පාසලේ ප්‍රධානීහු බීබීසියට ප්‍රකාශ කර ඇත.

(BBC)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 66 වැනි උපන් දිනය අදයි මෙන්න ඔහුගේ ජීවන කතාව 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 66 වැනි උපන් දිනය අදයි මෙන්න ඔහුගේ ජීවන කතාව

ඔබට සුබ උපන්දිනක් වේවා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 66 වැනි උපන් දිනය අදට (03) යෙදී ඇත.

දෙවැනි ලෝක සමයේ ආරක්ෂක හමුදාවේ සේවය කළ පල්ලේවත්ත ගමරාළලාගේ ඇල්බට් සිරිසේන පියාණන්ට හා යාපා අප්පුහාමිලාගේ නන්දාවතී මෑණියන්ට දාව මෙලොව එ‍ළිය දුටු මෛත්‍රීපාල සිරිසේන මහතා පසක් කළ ප්‍රබල සමාජ දේශපාලන කරුණු දෙකක් මේ මොහොතේ සිහිපත් කළ යුතුමය.

ගම්පහ, යාගොඩ ග්‍රාමයේ ගොවි පවුලක උපන් ඔහු පසක් කළ සමාජ කරුණ නම් සැබෑ මානවවාදී මිනිසුන් ගොඩනැ‍ඟෙන්නේ බොහෝ දුෂ්කර ජීවිත මඟින් බවත් සැප ජීවිත මඟින් එවන් අය බිහි වන්නේ කලාතුරකින් බවය. දේශපාලන කරුණ නම් වර්ෂ 1951 සැප්තැම්බර් 02 වැනිදා මෙරටේ බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයා පක්ෂය බිහි වී පැය 24ක් ඉක්මයෑමට පෙර ජන්මලාභය ලැබීමය.

මේ අන්දමේ සමාජ, දේශපාලන කරුණු රාශියක් රටේ ජන සමාජයේ යහපත උදෙසාම සනිටුහන් කළ මෛත්‍රීපාල සිරිසේන මහතා කුඩා කළ පළමුව ගම්පහ පහළයාගොඩ කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන්ගේ නායකත්වයෙන් ඇරඹි පොලොන්නරුව මින්නේරි ගොවිජනපද ව්‍යාපාරයේ මුල්ම ඉඩම්ලාභීන් ලෙස ඓතිහාසික පුලතිසිපුරවරයට නික්මුණු මේ ගොවි පවුලේ සාමාජිකයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුව තෝපාවැව මහ විදුහලටත්, ‍ඉන් අනතුරුව පොලොන්නරුව රාජකීය විදුහලටත් ඇතුළත්ව අකුරු කළේය. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේත් සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිණියගේත් දේශපාලන දර්ශනය ගුරු කොට තරුණ කාලයේදීම දේශපාලනයට පිවිසි ඒ මහතා 1981 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ මහ ලේකම් ධුරයටත් වසර 1983දී එහි සභාපති ධුරයටත් පත් විය.

වසර 1988 / 89 භීෂණ සමයේ කටුක දේශපාලන ජීවිතයක් ගත කළ ඔහු 1989 පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් වී මුල්වරට පාර්ලිමේන්තුවට පත් විය. අනතුරුව 1994 පොදුජන එක්සත් පෙරමුණු රජායේ මහවැලි සංවර්ධන කැබිනට් ඇමැති ධුරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා 2014 වන විට සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියේය.

මේ රටේ තීරණාත්මක ජනාධිපතිවරයෙක් වූ 2015 ජනවාරි 08 වැනිදා පැවැති මැතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට 06 වැනි විධායක ජනාධිපතිවරයා ‍බවට පත් විය. දෙස් විදෙස් හි ගෞරවය ජනාදරය හොඳ හිත දිනාගත් ජනාධිපතිවරයෙකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා හැඳින්විය හැකිය.

මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද

හනිමුන් එක නැතිවුණා කියලා දුකක් නෑ එයාට වගේම මටත් අකිලට හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙනවා

හනිමුන් එක නැතිවුණා කියලා දුකක් නෑ එයාට වගේම මටත් අකිලට හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙනවා

අකිල ධනංජය ගැන මේ දවස්වල හැමෝම කතා වෙනවා. ඒ ඔහුගේ විවාහයට පසුදින තරගයේ කඩුලු හයක් ලබාගැනීමත් සමගයි. ඔහු එම තරගයට සහභාගි වෙන්නෙ විවාහය දින රාත්‍රියේම නුවරට පැමිණෙන නිසා ඒ කැපකිරීම ගැන හැමෝම බොහොම උනන්දුවෙන් කතා වුණා. ඒ ගැන අහන්න අපි අකිලගේ ආදරණීය බිරිඳ නෙතලි ටෙක්ෂිණිට කතා කළා.

* විවාහය දවසෙම අකිල තරගයට සහභාගි වුණා. ඒ ගැන මොකද හිතුණේ?

විවාහය දවසෙම රෑ අපි නුවර එනවා. එදා අපේ හනිමුන් එක. ඒත් දුකක් දැනුණේ නෑ. මොකද අකිල යන්නෙ රට වෙනුවෙන් කියලා හිතුණ නිසාම. ඒ දවස නැති වුණා කියලා පසුතැවුණේ නැහැ.

* දුකක් හිතුණේ නැද්ද හනිමුන් එක දවසෙම රෑ අකිල ගියාම?

නෑ දුකක් හිතුණේ නැහැ. ඔහුත් එක්ක මමත් ගියා. මට ගොඩක් සතුටු හිතුණා ඔහුට ක්‍රීඩා කරන්න ලැබිම ගැන.

* විවාහයට කලින් අකිල ඔබට කීවද විවාහ උත්සවය දවසෙ තරගයට සහභාගි වෙනවා කියලා?

ඔව්. ඒ ගැන මට කලින් දන්වලා තිබුණ නිසා දුක හිතුණේ නැහැ.

* අකිල තරගයට සහභාගි වෙලා කඩුලු හයක් ගන්නවා?

ඇත්තටම වෙනදා මම අකිලට කියනවා හොඳට සෙල්ලම් කරන්න කියලා. එදා මට එහෙම කියන්නත් අමතක වුණා. එදා ඔහු තරගයටත් හොඳින් සෙල්ලම් කළා. ඒ නිසයි කඩුලු හයක් ගන්න පුළුවන් වුණේ. එකපිට ඔහු කඩුලු හයක් අරගෙන තිබුණේ නැහැ. ඒ නිසා ලොකු සතුටක් තියෙන්නේ. ඇත්තටම ඒක විවාහයට අකිල දීපු තෑග්ගක් වගේ.

* ඒ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වෙනවා. ඒ ගැන අකිල මොනවද කීවේ?

දුකයි. එයාට වගේම මටත් අකිලට හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා ඒ පරාජය දරාගන්න එයාට හැකියාව තියෙනවා. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒ නිසා ජය පරාජය හැමෝටම ‍පොදුයි.

* ඔහු එම තරගයේ වීරයා බවට පත්වීමත් දුර්ලභ අවස්ථාවක් නේද?

ඔව්, පරාජය වෙන කණ්ඩායමක තරගයේ වීරයා වීම කලාතුරකින් වෙන දෙයක්. ඇත්තටම මම හිතුවෙත් නෑ ඔහු එම තරගයේ වීරයා වෙයි කියලා. ඔහුටත් එහෙම බලා‍පොරොත්තුවක් තිබුණේ නැහැ. ඔහු තරගයක වීරයා වුණ ප්‍රථම අවස්ථාව. අකිල ඒ ගැන ගොඩක් සතුටු වුණා.

* අකිල මුණගැහුණු විදිහත් මතක් කරමු?

2010දී තමයි අකිල මුණගැහෙන්නේ. පාස‍ලේ දී ඔහු වගේම මමත් ක්‍රිකට් ක්‍රීඩා කළා. ඔහු මගේ මිතුරියක් අතේ යාළු වෙන්න අහලා තිබුණා. ඒත් මම මුලින්ම කැමැති වුණේ නැහැ. අපි දෙන්නම පාසල් ගියේ පානදුර මහානාම විද්‍යාලයට.

* ඊට පසුව ඔබ ඔහුට කැමැති වෙනවා?

එදා පාස‍ලේ බිග්මැච් එක දවස. ඔහු තමයි තරගයේ වීරයා වෙන්නේ. මට දුරකථන අංකය දුන්නත් මම ගත්තේ නැහැ. ඔහු ගියාට පසුවයි අංකය ගත්තේ. ඊට පස්සේ මම කතා කළා. ටික දවසක් කතා කරලා දැන හඳුන ගත්තට පස්සේ තමයි මම ඔහුට කැමැත්ත දෙන්නෙ.

* අකිලට කැමැති වෙන්න විශේෂ හේතුවක් තිබුණද?

ඔව්. හොඳ ගතිගුණ නිසයි ඔහුට කැමැත්ත දුන්නේ.

* දෙමාපියන් මේ සම්බන්ධයට කැමැති වුණාද?

ගෙවල් දෙකෙන්ම මුලින්ම කැමැති වුණේ නැහැ. එයාලගේ ගෙදරින් හිතුවේ එයා ක්‍රිකට් නැති කරගනී කියලා. අකිල ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු වුණහම ගෙවල්වලින් ආශීර්වාදය අපට ලැබුණා.

* අකිල වගේ සැමියෙක් ලැබිම ගැන මොකද හිතන්නෙ?

අකිල මං ගැන හොයලා බලනවා. මට ‍පොඩි දුකක් දැනුණත් ඔහුට මාව තේරෙනවා. ඒ නිසා ඔහු වගේ සැමියෙක් ලැබිම ගැන මම ආඩම්බර වෙනවා.
තිළිණි කරුණාරත්න

සැමියාට හොරා බිරිද අනියම් පෙම්වතා සමග රෑට රෑට පෙම්කෙලලා මාට්ටු – බිරිද අනියම් පෙමතාටම බාර දී සැමියා ගෙදර යයි

සැමියාට හොරා බිරිද අනියම් පෙම්වතා සමග රෑට රෑට පෙම්කෙලලා මාට්ටු – බිරිද අනියම් පෙමතාටම බාර දී සැමියා ගෙදර යයි

පුරුෂයා හා දරුවන් දෙදෙනා සමග රාත්‍රියේ නිදා සිට අලුයම් කාලයේ අනියම් පුරුෂයෙකු සමග පැනගොස් සිටි කාන්තාවක පුරුෂයා විසින් අනියම් පුරුෂයාටම බාරදුන් බව වැලිගම පොලිසිය පවසයි.

කාන්තාව 24 හැවිරිදිය. පුරුෂයා 37 හැවිරිදිය. ඔහු රියැදුරු රැකියාවේ යෙදෙන්නෙකි. අනියම් පුරුෂයා රැකියා විරහිත අයෙකි. කාන්තාව පුරුෂයාට නොදැනෙන්නට කලක සිටම ඔහු හා අනියම් සම්බන්ධයක් පවත්වා ඇත.

සිද්ධිය වූ රාත්‍රියේ පුරුෂයා, කාන්තාව හා දරු දෙදෙනාට නින්ද ගොස් සිටියදී අලුයම් 2.20ට පමණ පුරුෂයා නින්දෙන් අවදිව ඇත. කාන්තාව ඇඳේ නොසිටි නිසා ඔහු කලබලයට පත්ව එළිවෙනතුරා කාන්තාව සොයා අන්තිමේදී වැලිගම පොලිසියට පැමිණිලි කර තිබේ.Image result for Fake husband indian

වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක මිලාන ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් අනුව කරන ලද විමර්ශනයේදී කාන්තාව අනියම් පුරුෂයාගේ නිවෙසේ සිටියදී පොලිසියට කැඳවාගෙන විත් ඇත.

ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යූ.ජී. සෝමසිරි මහතා විසින් කාන්තාව, පුරුෂයා හා අනියම් පුරුෂයා සමග සාකච්ඡා කොට නැවත වරක් කාන්තාව හා සැමියා එකතු කිරීමට කොතෙක් උත්සාහ කළත් එය සාර්ථක වී නැත.

කාන්තාව එක හෙලාම කියා ඇත්තේ තමන්ට අනියම් පුරුෂයා සමග යාමට අවශ්‍ය බවයි. අනියම් පුරුෂයාද ඇය බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

මෙම කතාබහට සවන්දී සිටි පුරුෂයා කාන්තාව අනියම් පුරුෂයාට බාරදීමට කැමැත්ත ප්‍රකාශ කර දරු දෙදෙනා තමන් බාර ගන්නා බව පවසා ඇත.

අවසානයේදී කාන්තාව අනියම් පුරුෂයා සමග පොලිසියෙන් පිටවී ගිය අතර පුරුෂයා දරු දෙදෙනා සමග පිටවී ගියේ ඉදිරියේදී දික්කසාද නඩුවක් පවරා බිරිඳගෙන් අයින් වෙන බව පවසමිනි.

(මිරිස්ස – සුනිල් ධර්මබන්දු ද සිල්වා)

මම රගපානවා හොදයි කියලා යාළුවො කියනවා එත් අපිට බලන්න වෙන්නේ නෑ T.V එක කැඩිලා සද්දේ විතරයි එන්නේ – හාර කොටියෙ “දෝණි”

මම රගපානවා හොදයි කියලා යාළුවො කියනවා එත් අපිට බලන්න වෙන්නේ නෑ T.V එක කැඩිලා සද්දේ විතරයි එන්නේ – හාර කොටියෙ “දෝණි”

ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘හාර කෝටිය’ටෙලි නාට්‍යය වයස් භේදයකින්  තොරව බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත්වී හමාරයි. මෙහි ‘දෝණිගේ’චරිතය හරහා බොහෝ රසික සිත්වල ආදරයට පාත‍්‍ර වුණ පුංචි තරුව තමයි ජාන්වි අප්සාරි කියන්නේ.  ඇයගේ මේ ගමන් මග ගැන කතා කරන්න ඇයව මෙලෙස අප සමග සම්බන්ධ විය.

මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශනය වන ‘හාර කෝටිය’ටෙලි නාට්‍යය වයස් භේදයකින්  තොරව බොහෝ දෙනා අතරජනප්‍රියත්වයට පත්වී හමාරයි. මෙහි ‘දෝණිගේ’චරිතය හරහා බොහෝ රසික සිත්වල ආදරයට පාත‍්‍ර වුණ පුංචි තරුව තමයි ජාන්වි අප්සාරි කියන්නේ.

 මේ දවස්වල පාසල නිවාඩු නේද?

ඔව්, ඒක නිසා මම හොඳට සෙල්ලම් කරනවා

පාසල පටන් ගන්න දවස දන්නවාද?

දන්නේ නැහැනේ

ජාන්විගේ සම්පූර්ණ නම කියන්නකෝ?

ජාන්වි අප්සාරි අබේවර්ධනඑතකොට

වයස?

අවුරුදු 5යි මාස 10යිඉතිං

ඉස්කෝලේ ගැන කිව්වේ නැහැනේ?
මම ඉගෙන ගන්නේ මිනුවන්ගොඩ ධම්මාරාම ඉස්කොලේ එක වසරේයි.කවුද

පන්තිභාර ගුරුතුමිය?
රෝසි මැඩම්

මැඩම් හොඳයි?

හරි හොඳයි, මට ගොඩාක් ආදරෙයි.

ඉගෙන ගන්න කැමති මොනාද?

මේකප් ඉගෙන ගන්න කැමතියි.

මේකප් ඉස්කෝලේ උගන්වන්නේ නැහැනේ?

ලොකු වුණාම මම මේකප් ඉගෙන ගන්නවා.

ඇයි ඒ?

මම ආසයි කට්ටියගේ මුහුණවල් ලස්සන කරන්න.

ඒ කියන්නෙ ලොකු වුණාම් මේකප් ආර්ටිස්ට් කෙනෙක් වෙන්නද හිතන් ඉන්නේ?

ඔව්, මම ඒකට ආසයි.

 

එතකොට ඇයි රඟපාන්න හිතුණේ?

මුලින්ම රඟපෑවේ වෙළෙඳ දැන්වීමකටයි.

රඟපාන්න බය හිතුණේ නැද්ද?

අපෝ නැහැ. පොඞ්ඩක්වත් බය හිතුණේ නැහැ

රඟපාන එක ගැන යාළුවෝ මොකද කියන්නේ?

හොඳයි කියනවා. යාළුවොත් නාට්‍ය බලනවා. හැබැයි අපිට බලන්න වෙන්නේ නැහැ.

ඇයි ඔයාට බලන්න වෙන්නේ නැත්තේ?

අපේ ටීවී එක කැඩිලා සද්දේ විතරයි එන්නේ.

කවුරුත් ආදරය කරන චරිතයක් වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

අම්මායි, තාත්තයි, අක්කයි, මමයි එක දවසක් කොහෙද තැනක (BMICH) ප‍්‍රදර්ශනයක් බලන්න ගියා. තාත්තා එක්ක මාමා කෙනෙක් කතාකරනවා දැක්කා. තාත්තා ඇවිත් අම්මා එක්ක කිව්වා අක්කවයි මාවයි වෙළෙඳ දැන්වීමකට රඟපාන්න ඉල්ලුව කියලා. ඒකට තාත්තා හා කියලා තිබ්බා. ඊට පස්සේ ඒ චාමර සමරවික‍්‍රම කියන කැමරාකරණ මාමා අපිව සද්ධා මංගල සූරියබණ්ඩාර මාමා ළඟට එක්කගෙන ගියා. එතැනදී අක්කගෙයි, මගෙයි ෆොටෝස් අරගෙන දවස් දෙකකින් පණිවිඩයක් කියන්නම් කියල ඒ මාමා තාත්තිට කිව්වා. දවස් දෙකකින් කතා කරලා වෙළෙඳ දැන්වීමකට මාව තෝරගත්තා කියලා තාත්තිට කියලා තිබුණා.

පාසල් වැඩ අතපසු වෙන්නේ නැද්ද?

වැඩිපුරම රූගත කිරීම්වලට යන්නේ සෙනසුරාදා ඉරිදා තමයි. ඉස්කෝලේ දවසක ගියොත් අම්මා ටීචර්ට කියලා, අතපසු වුණ පාඩම් ටීචර් ගෙදරට එන්න කියලා මට කියලා දෙනවා.

ගොඩක් අය කතා කරන්නේ දෝණි කියලද?

ඔව්නේ, දැන් ඉස්කෝලේ යාළුවොත් දැන් මට කියන්නේ හාර කෝටියේ දෝණි කියලා.

 

මේ කතාබහ අතරට ජාන්විගේ ආදරණීය අම්මා වන නිලංකා නයනමාලී අප එක්කර ගනු ලැබුවා

දුව මේ තරමට ජනප්‍රිය වෙයි කියලා හිතුවද?

එහෙම නම් කවදාවත් හිතුවේ නැහැ. එයා ගොඩක් දක්ෂ නර්තනයටයි. අහම්බෙන් හම්බ වුණ අවස්ථාවක් එයාව මෙච්චර දුර අරං ආවා. මුලින්ම සිංහ පුත්‍ර ෆිනෑන්ස් එකේ වෙළෙඳ දැන්වීමක් තමයි කළේ. ඒක හරහා එයාට චිත්‍රපටයක් ආවා. ඊට පස්සේ තමයි ‘හාර කෝටිය’ සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. BMICH එකේදී චාමර සමරවික්‍රම පුද්ගලයා අහම්බෙන් හම්බ වෙලා තමයි දුවලා දෙන්නවා ඉල්ලුවේ.

ඊට පස්සේ දුවලා දෙන්නම එක්කගෙන ගියේ සද්ධාමංගල සූරිය බණ්ඩාර සර් ගාවට. එතැනදී දුවලා දෙන්නාගේම ෆෝටෝස් අරගත්තා. ඊට පස්සේ පොඩ්ඩිව තෝරගත්තා කියලා කෝල් කළා. ඒ කැමරාවේ හිටියේ රුවන් කොස්තා සර්. එයා කිව්වා පොඩි දුවට හැකියාවක් තියෙනවා කියලා. එතැනදී දුවව චිත්‍රපටයකට තේරුණා.

සද්ධා සර්ම තමයි හස්බන්ඩ්ට කතා කරලා කිව්වේ ‘මල්ලි මම දුවට කතාවක් ලියනවා. මම දුවව දාලා ලිව්වට කමක් නැහැනේද’ කියලා. ඊට පස්සේ අපේ හස්බන්ඩ් කිව්වා ‘සර්ට හොඳයි කියලා හිතනවානම් ලියන්න’ කියලා. සිවගුරුනාදන් සර් ඇතුළු හැමෝම නිසා තමයි අද දුව මේ තැන ඉන්නේ

ජාන්වී අද තරුවක් වෙලා ඉවරයි නේද?

ගොඩක් සතුටුයි ඉතිං

 

පාසලෙන් ලැබෙන සහයෝගය?

ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම පංති භාර ගුරුතුමිය චාමරී මහත්මිය වගේම විදුහල්පතිනි ඇතුළු සියලුම දෙනා මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරනවා. දුවගේ රංගන වැඩවලට ඔවුන් පාසලක් විදිහට ලොකු සහයෝගයක් දෙනවා.

මේ දේවල් එක්ක දුවට තවත් නිර්මාණ සඳහා ආරාධනා ලැබෙනවා ඇති නේද?

ඔව් නමුත් හැමවැඩක්ම භාර ගන්නේ නැහැ. ඊයේ පෙරේදා චිත්‍රපටයක් සඳහාත් ආරාධනාවක් ලැබුණා. එහෙම කියලා එයාව ගොඩක් මහන්සි කරවන්නේ නැහැ. දුව කොච්චර වැඩ කළත් කම්මැලි නැහැ. කොච්චර මහන්සි වුණත්, අසනීප වුණත් ඉස්කෝලේ යන්නේ නැතුව ඉන්නෙත් නැහැ

ඩිලාන් ක්‍රිෂාන්ත  ඡායාරූප – චමත් වින්දුල

 

බදුල්ලේ ගුවනේ අත්භූත ජීවියකු ඉගිලයන වීඩියෝවක් නිසා අන්තර්ජාලය කැළබෙයි 

බදුල්ලේ ගුවනේ අත්භූත ජීවියකු ඉගිලයන වීඩියෝවක් නිසා අන්තර්ජාලය කැළබෙයි

මේ පිටසක්වල ජීවියෙක්ද නැත්නම් මකරෙක්ද…? නැත්නම් සුපිරි බලයක් ලැබුණු මිනිසෙක්ද මෙය තවමත් අභිරහසක්

Alien Planet නම් යූ ටියුබ් චැනලයක් විසින් ශ්‍රී ලංකාවේ බදුල්ලේ සිදුවූ බව කියන අත්භූත සිද්ධියකට අදාළ වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තියෙනවා.

මෙම වීඩියෝව පිළිබඳව ඇතැමුන් අසත්‍යක් බව සඳහන් කරමින් අදහස් පළ කර තිබුණද තවත් සමහරු සඳහන් කර ඇත්තේ මෙවැනි දේ විය හැකි බවයි. නමුත් එසේ සිදුවන්නේ කෙසේද යන්න අභිරහසක්

Alien Planet නම් යූ ටියුබ් චැනලය මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ පිටසක්වල සත්ත්වයෙකුද යන්න පිළිබඳව මේ වීඩියෝව දැකීමෙන් සැක හිතෙන බවයි. 2012 වසරේ මෙම වීඩියෝව පටිගත වී තිබෙන. ඔවුන් එය Alien Planet යූ ටියුබ් වෙත එක් කර තිබෙනවා. ඔහුන් මෙම වීඩියෝව පළ කර සඳහන් කරන්නේ එය නරඹන්නන් මේ පිළිබඳව යමක් දන්නේ නම් සඳහන් කරන ලෙසයි.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)

සීගිරි චිත්‍රවල ඇති කාන්තා රූප කාශ්‍යප රජුගේ බිසෝවරු නෙවෙයි මෙන්න ඉතිහාසය වෙනස් කල නව සොයාගැනීම

සීගිරි චිත්‍රවල ඇති කාන්තා රූප කාශ්‍යප රජුගේ බිසෝවරු නෙවෙයි මෙන්න ඉතිහාසය වෙනස් කල නව සොයාගැනීම

සීගිරි චිත්‍රවල ඇත්තේ කාශ්‍යප රජුගේ දියණියන්

සීගිරිය ගැන විවිධ මත අදහස් වරින්වර එළිදකී. මේ විධියට වෙන්ඩ ඇත. යනාදී වශයෙන් ඒ ඒ අයගේ මනෝභාවයන් විද්වත් ලෙසත් අවිද්වත් ලෙසත් වරින්වර එළියට එන්නේය. මේ අද ඊයේ ආයේ සිංහයන්ගේ පාද ලෙස සලකන දොරටුවේ ඇති ඇඟිලි තුනේ පාද සිංහයකුගේ නොව කුරුල්ලකුගේ පාද මතයයි. මේ මත පුද්ගල මනෝභාව මිස යථා තත්ත්වය නොවේ.

එහි යථා තත්ත්වය නිවැරදි ලෙස මහාවංසය දක්වා තිබේ. එහෙත් මහාවංසය ලියා ඇත්තේ පාලි බසින් හා සිංහල අකුරින් වීම නිසා එහි එන අදහස් ඇඟට මදිය. අඩු ගණනේ ඉංගිරිසියෙන් බටහිරයකු ඔය තියෙන්නේ වලස් කකුල් යැයි කීවා නම් මහාවංසය කුණු ගොඩේය. විද්වත් මත අපට අවශ්‍යය. එහෙත් ඒවා හේතු සාධක නැති පරගැති මත නොවිය යුතුය.

සීගිරි ගල බිහි වූයේ ලෝක විනාශය සිදු වී සක්වල නැවත සෑදෙන අවස්ථාවේම බව කිවයුතු නැත. ගල්පස් කන්දක් ලෙස නිර්මාණය වී සොබා දහමේ පහරින් ගෙවී ගිය ශේෂ කන්දක ශේෂයක් බවට එය පත්වන්නට ඇත. රා.ව. 479 වන විට මෙය විශාල පර්වතයක් වශයෙන් වෙන් වී පැවැති බවට සිතීමට කිසිම සාධකයක් අවශ්‍ය නැත 479 කාශ්‍යප සිය අගනුවර මෙහි පිහිටුවා ගන්නා කල තිබූ තත්ත්වය එයයි. එහෙත් පෙර මෙහි ගල් ලෙන්වල භික්ෂූන් වාසය කළ බවට වෙනම අදහස් පසුව දක්වමු.

ධාතුසේන (461-479) රජුට පුත්‍රයන් දෙදෙනෙක් වූහ. අභිෂේක බිසොවගෙන් ලත් පුත්‍රයා වූ මුගලන් හා වෙනත් දේවියකගෙන් ලැබුණු පුත්‍රයා වූ කාශ්‍යප වශයෙනි. පියා මැරවූ කාශ්‍යප රජකමට පත් වූයේය. නියම ලෙස රාජ්‍යයේ හිමිකරු වූ මුගලන් කුමරු ඔහුට බියෙන් ඉන්දියාවට පලා ගියේය. එහෙත් කාශ්‍යපද අනුරාධපුරයේ විසීමට බිය විය. ඔහු ආරක්ෂාව උදෙසා ඉහතින් සඳහන් කරන ලද කන්ද තෝරා ගත්තේය. කාශ්‍යපගේ මේ තෝරා ගැනීම සිදුවන විට එහි නම සීගිරිය නොවීය. වෙනත් කිසියම් නමක් විය. එය අපට දැන් නිශ්චිතව දැනගත නොහැකිය. මහාවංසය මෙසේ කියා ඇත.

“ප්‍රාකාරයෙන් වටකොට හිණිපෙත් ගෙවල් සිංහ ආකාරයෙන් කරවීය. එයින් එය ඒ නමින් (සිංහගිරි) විය.”
මේ මහාවංස පාඨය කිසිවකුට වෙනස් කළ නොහැකිය. පර්වත මූණතේ සම්පූර්ණයේ කපරාරු කර සිංහ රූ ඇඳ තිබුණේය. ඒ නිසා සීගිරි වී යැයි ප්‍රවාදයක් තිබේ. එහෙත් ඒවා අද දක්නා නොලැබේ.

සීගිරියේ සිංහයා කරවා ඇත්තේ උක්කුටුකයෙන් වාඩි වී ඉදිරිය බලා සිටින ආකාරයෙනි. එහි පා මැදින් ඇතුළට යායුතු අතර මුඛයෙන් ගර්භයට පිවිසිය යුතු ආකාරය නිරූපිත වේ. පාදයේ ඇඟිලි මගින් වැසුනු අයුරු නිරූපිතය. සිංහයාගේ කටින් රිංගන්නට එන සමතා කවරෙක්ද? කාශ්‍යප රජු සිංහයෙකුසේ තමා ගැන සිතීය. යුදයට ගියේ “මුඅල්ලාකම්” කියාය.

පරාජය වන බව පෙනී ගිය තැන කඩුව ගෙන හිස සිඳගෙන කඩුව කොපුවෙහිද දමා ගත්තේය. ඔහුගේ සිතේ බලවත්කම මේවායින් පෙනේ. පසු කාලය වන විට ප්‍රදේශයම සීගිරි නමින් ප්‍රකට වූයේය. සීගිරියට සමීපයෙන් ඇති වියවුල්පත ලිපියක සිහිගිරි බිම් ප්‍රදේශයේ පිහිටි සාගුණා පන්සල නම් ආරාමයක් ගැන සඳහන්වේ.

අසිග්ගාහක සංඝතිස්ස (607-608) රජු දළ මුගලන් (608-614) රජුට පැරදී රුහුණට පලා යද්දී මුගලන් රජුගේ සේනාවට අසු වී රජුගේ නියමයෙන් සීගිරියට ගෙන ගොස්, රජු පුතා හා සෙනෙවියා යන තිදෙනාම එහිදී මරණයට පත් කළේය.

දළමුගලන් (608-614) රජුද ශිලාමේඝ (614-623) රජු සමග සටන් වැද පැරදී පලායන විට සීගිරියේදී මැරුම් කෑවේය. අනෙක් අතට මහාචාර්ය සෙනරත් පරණවිතාන කාශ්‍යප රජු ආලකමන්දාවේ කුවේරයා මෙන් විසී යැයි පවසා තිබේ. එය ඒ මහතාගේ මතයක් නොවේ. මේ අදහස මහාවංසයේම දැක්වෙයි. එහි මෙසේ කියැවේ.

“දර්ශනීය වූද මනහර වූද දෙවන ආලකමන්දාව මෙන් රජගෙයක් එහි කරවා කුවේරයා මෙන් විසීය.”
සීගිරියේ චිත්‍ර ගැනද විවිධ අදහස් ප්‍රකාශ වී ඇත. පැහැපත් රූප රාජකුමාරිකාවන්, බිසොවුන් දැක්වෙතැයිද, කළු පැහැති රූප සේවිකාවන් දැක්වෙතැයිද, H.C.P.බෙල් මහතා කියයි. මේ චිත්‍රවලින් අප්සරාවන් දැක්වෙතැයි කුමාරස්වාමි මහතා පවසයි. කළුවන් රද මේඝලතාද, පැහැපත් රූප විජ්ජුලතාද, අර්ථවත් කෙරේ යැයි සෙනරත් පරණවිතාන මහතා කියයි.

සීගිරි කාශ්‍යප රජුට බොධි, උප්ලවන්නා නමින් දියණිවරුන් දෙදෙනෙක් වූහ. රන්වන් පැහැය බෝධියටද, නිල්පැහැය මහනෙල්වලටද, ආරෝපණයවේ. මේ දියණියන්ගෙන් එක් අයකු රන්වන්ද අනෙක් දියණිය කාලවර්ණද වූ බව පෙනේ. මේ නම් තබා ඇත්තේ ඒ අනුවය. සීගිරි වනන් අතර මේ දෙදෙනා නිරූපිත යැයි දැක්වීම වඩා ප්‍රායෝගිකය.

මේ දියණියන් දෙදෙනාට රජු බෙහෙවින් ආදරය කළ බවද පෙනේ. සීගිරි ග‍ලේ චිත්‍රයට නැංවීමෙන් අර්ථවත් කළේ මේ දූවරුන් දෙදෙනා මිස අන් කවරියකවත් නොවේ. ඉසුරුමුණිය ප්‍රතිසංස්කරණය කළ කාශ්‍යප දූවරුන් දෙන්නාගේ නම්ද එයට තැබුවේ මේ දූහිතෘ ආදරය නිසාය.

සීගිරිය ගැන මේ කරුණු දැක්වූයේ අප නිවහල්ව සිතිය යුතු බවද පැවැසීම අවශ්‍ය බැවිනි. දැන් අපි සීගිරියේ සෙල්ලිපි සොයා යමු. මෙහිදි අප සීගිරි ගී ගැන අවධානයට ගන්නේ නැත.

සීගිරිය කාශ්‍යප රජුගේ වාසභවනය වීමට පෙර එහි ලෙන්වල භික්ෂුන් වාසය කරන ලද බව ඉහතින් දක්වා ඇත. එයට සාධක ලෙස එහි ලෙන්වල ඇති ලිපි දැක්විය හැකිය. ඒවා මෙසේය.

1. පරුමක කඩිය පුත ….
ප්‍රමුඛ කඩිගේ පුත්‍ර

2. පරුමක තිරිපුත අඛික්ධය ලෙණෙ
ප්‍රමුඛ තිරිගේ පුත්‍ර අබික්ධිගේ ලෙණ (පුදන ලදී)

3. පරුමක නගුලිය ලෙණෙ
ප්‍රමුඛ නගුලිගේ ලෙණ (පුදන ලදී)

4. පරුමක තිහ පුත බමදතහ ලෙණෙ
ප්‍රමුඛ තිස්සගේ පුත්‍ර බ්‍රහ්මදත්තගේ ලෙණ (පුදන ලදී)

5. උපශක උතරශ ච උපශික තිශය ච ශදය ලෙණෙ
උත්තර උවසුගේද තිස්සා උවැසියගේද සම අයිති ලෙණ (පුදන ලදී)

6. උපශක උතරහ ලෙණෙ
උත්තර උවසුගේ ලෙණ (පුදන ලදී)

7. 1. අබල වාබර සලහ

2. ලෙණෙ වෙසාය තොසාච
සියඹලා වෙළඳ ව්‍යාපාරික සලගේ
ලෙණ වෛශ්‍යා තොසා ගේද (පුදන ලදී)

පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමි

පෙරහරේ මොනර නැටුම නටපු අක්ක නෙගෝ රෑ කොල්ලෙක් එක්ක වෙනම නැටුමක් නටලා 

පෙරහරේ මොනර නැටුම නටපු අක්ක නෙගෝ රෑ කොල්ලෙක් එක්ක වෙනම නැටුමක් නටලා

රුහුණු මාගම් පත්තුවේ ගමක ජීවත් වූ අක්ක නගෝ දෙදෙනෙකි. අක්කාගේ වයස අවුරුදු පහළොවකි. නංගිගේ වයස අවුරුදු දාහතරකි. වසර කිහිපයකට පෙර අම්මා විදේශ රැකියාවකට ගොස් ඇති නිසා ඔවුන් ජීවත් වූයේ තාත්තා සමගය. මේ අක්කා නගෝ එම පළාතේ කලායතනයක සිසුවියෝ ද වූහ. ඔවුන් දෙදෙනා ඉදිරිපත් කළේ මොනර නැටුමය.

පළාතේ පෙරහරවලට ඔවුන්ගේ මොනර නැටුම අපූරු අලංකාරයක් එක් කළේය. පසුගිය දිනවල පැවති ඇසළ උත්සව පෙරහැරවලදී ද මේ මොනර පැටික්කියන්ගේ නැටුම දැක ගත හැකි විය. එසේ එක් ඇසළ උත්සවයක පෙරහරක නැටුමට පැමිණි අවස්ථාවේ අක්කා බොරු කකුල් නැට්ටුවකු සමඟ පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගත්තාය. ඔහු ගාල්ල නගරාසන්නයේ ගමක පදිංචිකරුවෙකි.

පෙරහර අවසන් වීමෙන් පසු ගාල්ල බස් නැවතුම් පොළේදී ඔවුන් හමු වූ අතර ? බෝ වූ නිසා ඔහු අක්ක නාගෝ දෙදෙනා ඔවුන්ගේ නිවෙසට කැඳවාගෙන ගියේය. තාත්තා නිවසේ සිටියේය.

දුව රැක බලා ගැනීමට තමාට හැකියාවක් නොමැති නිසා දුව රැගෙන යන ලෙස මේ අපූරු තාත්තා ඔහුගෙන් ඉල්ලා සිටියේය. එදින රාත‍්‍රී ඔහු ඇයගේ නිවසේ ගත කළේය. එහිදී වෙනදා පෙරහැරේ නටන බොරු නැටුම් වෙනුවට දෙදෙනා සැබෑවටම වෙනත් නැටුමක් නැටුවේය.

පසුදින තාත්තාගේ ආශිර්වාදය මැද ඔහු ඇය කැඳවා ගෙන යාමට සූදානම් විය. එහෙත් නංගි පැවසුවේ තමාට අක්කා නැතිව සිටීමට බැරි නිසා තමා ද එක්ක යන ලෙසය. ඒ අනුව අක්ක නගෝ දෙදෙනා ඔහු සමග පැමිණියහ. මේ අතර නංගිගේ පෙම්වතා ද එම නිවසට ආවේය.

එහෙත් වැඩි දිනක් ඔවුනට එසේ සිටීමට බැරි විය. කිසිවෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දෙන ලද පණිවුඩයක් අනුව එම කොට්ඨාසයේ පොලිසිය පැමිණ බාලවයස්කාර පෙම්වතුන් පොලිස් අත්අඩංගුවට ගත්තේය.

අක්කා පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා වාර්තා කර ඇත්තේ ඇය දුෂණය වී ඇති බවය. ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය පෙම්වත්හු දෙදෙනා සැප්තැම්බර් 9 දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරනු ලැබූහ.

ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය පැවසුවේ වැඩිදුර පරීක්ෂණ ස්ත‍්‍රී දුෂණය සිදුව ඇති තංගල්ල කොට්ඨාසයේ අදාළ පොලිස් ස්ථානය වෙත බාර දීමට කටයුතු කරන බවය.

(උණවටුන ඩී.ජී. සුගතපාල)

ප‍්‍රභාකරන් ජීවග‍්‍රහයෙන් අල්ලා කෑලී සීයකට වෙන් කරන බවකියූ බැස්ටියන්පිල්ලේ ගේ ඝාතනය වෙනුවෙන් සිදුවූ ප්‍රභා-උමා ගැටුම මෙන්න 

ප‍්‍රභාකරන් ජීවග‍්‍රහයෙන් අල්ලා කෑලී සීයකට වෙන් කරන බවකියූ බැස්ටියන්පිල්ලේ ගේ ඝාතනය වෙනුවෙන් සිදුවූ ප්‍රභා-උමා ගැටුම මෙන්න

භාකරන් ජීවග‍්‍රහයෙන් අල්ලා කෑලී සීයකට වෙන් කරන බවට පුරසාරම් දෙඩු බැස්ටියන්පිල්ලේ වන ලැහැබක කුණු වෙමින් සිටිය දී ගස් කපන්නෙකුට හමු විය. මේ ප‍්‍රවෘත්තිය එල්.ටී.ටී.ඊ ට ඉස්තරම් වාර්තාවක් වූ අතර තමන්ට ඕනෑම වීර කි‍්‍රයාවක් කර නොපෙනී යාමේ බලයක් ද පවතින බවට වහසි බස් දෙඩීය.

මෙම සුරු – විරු කම් ජ්‍යාතන්තරයට යාමත් සමඟ, 1978 දී කොටි සංවිධානය තුන්වන ලොකයේ ගරිල්ලා සංවිධානයක් බවට ප‍්‍රසිද්ධ වෙමින් පැවතිණි. එම ස්ථාවරය මත, ප‍්‍රභාකරන්ගේ නොනිල අපාරදෘශ්‍ය මෙහෙයවීම යටතේ නමුත් උමා මහේෂ්වරන්ගේ නව දෙනෙකුගෙන් යුත් මධ්‍යම කාරක සභාවකින් සමන්විත සංවිධානයක් ලෙස කොටි සංවිධානය මතුව පෙනිණි.

නැකත මනරම් යැයි සිතුණු නිසාදෝ 1975 දී සිදු කළ නගරාධිපති දොරේ අප්පාගේ ඝාතනයේ පටන් එද‌ා වන තුරු සිදු වූ ඝාතන ගණනාවක් ගැන කොටි සංවිධානය ප‍්‍රසිද්ධියේ වගකීම භාරගත්තේ 1978 දී ය. ලාභ කඩද‌ාසියක ඉන්දියාවේදී මුද්‍රණය කළ ලිපි ශීර්ෂයක කොළඹදී යතුරු ලියනය කරන ලද මේ නිවේදනය මගින් කොටි සංවිධානය සිය අතිශය ස්ථාවර අභංගුර මංගල නිවේදනය මුළු රටටම ප‍්‍රකාශ කර තිබිණි. “සියලුදෙනාගේම දැනගැනීම පිණිසයි.” ලෙස පණිවිඩය ආරම්භ වූ අතර එය අවසන් වී තිබුණේ මෙලෙසය. “මෙම මරණ සම්බන්ධයෙන් කිසිම සංවිධානයක් හෝ පුද්ගලයෙකු වගකීම භාර නොගත යුතුයි. එවැනි ක්‍රියාමාර්ග ගන්නන්ට එරෙහිව අතිශය බිහිසුණු පියවර ගැනීමට සිදු විය. පසු ගිය කාලයේ සිදු වූ හොරකම් ගැනද අපගේ සම්බන්ධයක් නැත.”

මෙම නිවේදනයේ පිටපත් පහක් දේශීය පුවත්පත් පහකට කොළඹ තැපැල්හලකින් යවා තිබිණි. එය පළකරන ලද්දේ ‘වීරකේසරී’ දෙමළ පුවත් පතේ පමණි.

එතෙක් කලක් කනින් කොණින් අසා කසු කුසුවක් ලෙසින් දැන සිටි දූෂමාන ආරංචිවලට නිල වශයෙන් වගකීමක් ලැබුණේ එද‌ායින් පසුවය. ඒ වනතුරු ‘කොටි’ පිළිබඳව මහජනතාව අදහාගෙන සිටියේ එය පවතින රජයේම අතේ රෝලක් ලෙස වුවත් මෙතැන් පටන් සිදුවන කටයුතු ගැන ජනතාව නිල වශයෙන් අයිතිකරුවකු ගැන දැන සිටියේය.

අමනාපයට පත් ආණ්ඩුව විශේෂ විධි විධාන භාවිතා කරමින් කොටි සංවිධානය තහනම් කළේය. තිස් අටදෙනෙකුගේ නම් රැගත් පෝස්ටරයක් මුද්‍රණය විය. යන්තම් වැඩුණු උඩු රැවුලක් සහිත ගැමි පෙනුමක් ඇති කොල්ලකුගේ රූපයක් යටින් මෙසේ සටහන්වී තිබිණි. වේලුපිල්ලේ ප‍්‍රභාකරන් නොහොත් තම්බි. 322 පේදුරුතුඩුව පාර, වැල්වැටිතුෙරෙයි.”

ඒ ආසන්නයේම දින දෙක තුනක් ඇතුළත අපරාධ රැල්ලක්ම සිදු විය. යාපනයේ සිට කොළඹට පැමිණි ගුවන් යානයක් කොළඹ දී පිපිරිණි. තවත් බැස්ටියන්පිල්ලේ කෙනෙකු වූ පොලිස් නිලධාරියෙකු ඔහුගේ බිරිඳ ඉදිරියේම වෙඩි කෑවේය. කොටි සංවිධානයට ආර්ථික ලාබයක් ලබාදෙමින් රුපියල් ලක්‍ෂ දොළහක මංකොල්ලයක් යාපනය රාජ්‍ය බැංකුවක සිදු විය. සියලු උත්සහයන් නිෂ්ඵල විණි. ‘ත‍්‍රස්තවාදීන් ගැන කිසිවෙකුගෙන් කිසිම තොරතුරක් නොලැබිණි.’

උසස් පොලිස් නිලධාරියෙකු වු ස්ටැන්ලි සේනානායක මෙසේ කියා තිබිණි: “මේ සාමාන්‍ය අපරාධකරුවන් නොවේ. ඔවුන් සාමාජ ජාලයන් සමඟ විධිමත් ක‍්‍රමවේදයන් හද‌ාගත් උගත්, කාර්යක්‍ෂම, නිදැල්ලේ සිටින අයයි. දැන් දැන් ඔවුන්ට මහජනතාවගේ බිය වැඩිවේ. ඒ නිසා තොරතුරු කොහෙත්ම ලැබෙන්නේ නැහැ.”

1979 වන තුරුත් සැනසිලිද‌ායක වාතාවරණයක් ආරක්‍ෂක හමුද‌ාවට නොලැබුණු නිසා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන හමුද‌ා කණ්ඩායම් යාපනයට යවා සැකකටයුතු තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන පහර දී වධ හිංසාවලට පවා ලක් කෙරිණ. අවස්ථාවෙන් මග හැරීම සඳහා ඔවුන් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දීයාවට පලා ගියහ.

එළැඹෙන අදියරට නොබියව මුහුණදීමට කොටි සංවිධානයට ඊරොස් සංවිධානයෙන් කාලීන වරමක් ලැබිණි. සුදුසු සටන්කරුවන් සිවු දෙනෙකුට ලෙබනනයේ දී විස්තීර්ණ යුධ පුහුණුව ලබා දීමයි. එක් එක් සෙබළාට කොටි සංවිධානය මඟින් රුපියල් ලක්‍ෂයක් (ගුවන් ගමන් සඳහා) ගෙවන ලදී. ලන්ඩනයේ විසූ සිරියානු ජාතිකයන් විසින් වීසා පහසුකම් සලසන ලදී.

උමා මහේෂ්වරන් හැර අනෙකුත් තිදෙනා පුහුණුවට අඛණ්ඩව සහභාගී විය. උමා නොසතුටින් ආපසු පැමිණියේ ප‍්‍රශ්නයක්ද හද‌ාගෙනය. ප‍්‍රශ්නය නම් උමා, කාන්තාවක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවට නැගුණු පැමිණිල්ලයි. සංවිධානය තුළ එවැනි සම්බන්ධකම් තහනම් කර තිබිණි. උමාට සංවිධානයෙන් ඉවත් වන ලෙස දැන්වුවත් ඔහු ඉවත් වූයේවත්, චෝදනාව පිළිගත්තේවත් නැත.

ප‍්‍රභාකරන් ගන්නා තීරණයක් නැවත සංශෝධන නොවන්නා නිසා මේ තීරණය හා ඊට පසුව ආ මතභේද ක‍්‍රමයෙන් ගොඩගැසී උමා හා ප‍්‍රභාකරන් අතර හටගත් මේ සංවිධානයේ විනය පිළබඳ කොන්දේසිය පසුව පුද්ගලික නෝකඩුවක් වන තරමට වර්ධනය විය.

විශේෂයෙන් ලන්ඩන් ශාඛාවෙන් නියෝජනයක් යාපනයට පැමිණ උත්සහා කලද යහපත් ප‍්‍රතිඵල නොවීය. එබැවින් ලන්ඩනයේ පදිංචි පුරවැසියෙකු වූ ඇන්ටන් බාලසිංහම් ලංකාවට එවීමට යෝජනා විය.

නැගෙනහිර දර්ශනවාදයේ මාක්ස්වාදී මතවාදයේ හා පුවත්පත් කාලාවේදීයකුද වූ මේ ඇන්ටන් ස්ටැනිස්ලෝස් බාලසිංහම්, දෙවන කසාදය වශයෙන් ඔස්ට්‍රෙිලියානු කාන්තාවක් සමග දිවිගෙවූ හිටපු බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාල නිලධාරියෙකි.

ඔහු ලියූ ‘සමාජවාදී ගමනක් වෙත’ නමැති දේශපාලන නිබන්ධනය ගැනද ප‍්‍රභාකරන් අසා තිබිණි. පසු කලෙක උමා මහේෂ්වරන් විසින් අනුමත කරන ලද මෙම නිබන්ධනයේ පිටපත්, යාපනය පුරා බෙද‌ාහැර තිබිණි. එපමණක් නොව තවත් භාෂා හයකට පරිවර්තනය කරන ලදුව කියුබාව ඇතුළු විවිධ රටවලද බෙද‌ාහැර තිබිණි.

බාලසිංහම් ලන්ඩනයේ සිට ඉන්දීයාවට පැමිණ සාමාන්‍ය හෝටලය නතර විය. ප‍්‍රභාකරන් ඔහු සමඟ කථා කළේ රාත්‍රී කාලයේදීය. ලංකාවට පැමිණීමට පෙර ඔහු ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ සගයින්ට මාක්ස්වාදයේ මූලික හරයන් ගැනත්, ඊළම් දේශය ගැනත් හා ප‍්‍රවේශම් විය යුතු ලිංගිකත්වය ගැනත් කරුණු කියා දුන්නේ ය. ඉන්දියාවේ සිටින කෙටි දින කිහිපය තුළ ප‍්‍රභාකරන් ඔහුට තම අතින්ම කෑම පිසූ අතර බටහිර හා දෙමළ චිත‍්‍රපටයක්ද නිවසේදීම නරඹන්නට සැලැස්වීය.

උතුරේ චණ්ඩි නායකයා වූ ප‍්‍රභාකරන් හඳුනා ගැනීමෙන් පසුව නැවතත් ඇන්ටන් බාලසිංහම් යුවල ලන්ඩනයට පිටත් වූ අතර යලිත් වරක් උමා – ප‍්‍රභා මත භේදය ඇවිලිණි. ප‍්‍රභාකරන් උමා මහේෂ්වරන්ට ඔහුගේ පෙම්වතිය වූ උර්මිලා කසාද බැඳීමට බල කලත් එයද ඉටු නොවිණි. උමාගේ මිතුරන් උර්මිලාටද, උමාටද සමාවන ලෙස ප‍්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටි විට ඔහු උර්මිලාගේ දෙපයට කෙල ගැසීය. ඔහුට පක්‍ෂයේ විනය කඩ කිරීම සම්බන්ධයෙන් පැවති ක්‍රෝධය එතරම් සැහැසි විය.

වෙලි වෙලී එන මතභේදයට නව දඟකැවීමක් කරමින් නවීනවන පක්‍ෂය ඉදිරියේ තමන්ට පසුබසින්ට සිදු වන බව ‘නිදහසට හේතුවක් පිණිස’ උමා ප‍්‍රකාශ කළේය. නමුත් ප‍්‍රභාකරන් එසේ නොවීය. (උමා වාර්තා කර ඇති ප‍්‍රකාශවල හැටියට ඔහු 1979 දී සංවිධානය අතහැර ගියේ ය) උමා එල්.ටී.ටී.ඊ පක්‍ෂය හැර ගියේ එල්.ටී.ටී.ඊ යේ අවි ආයුධද සමඟයැයි ඇතැම් මූලාශ‍්‍රවල සඳහන් වේ. එලෙස ගියා පමණක් නොව නියම සංවිධානයේ නායකයා තමන් බව ප‍්‍රකාශ කළ බවද සඳහන් වේ.

යළිත් වරක් කාසි ආනන්දන් වෙත ගිය ප‍්‍රභාකරන් – “මම දන්නේ නෑ, දැන් මොකක් වෙයිද කියලා. අපි අපි අතරම ගැටුම් ඇතිවෙයිද කියලත් හිතෙනවා.” – ඔහු තම වික්ෂිප්ත භාවය පළ කරමින් කීය.

“තමන් ගැන තියෙන විශ්වාසය විතරක් නැති කර ගන්න එපා.” කාසි ආනන්දන්ගේ සැනසිලිදායක අවවාදය එය විය.
තීරණ ආපසු හැරවීම දුෂ්කර වුවත්, මදුරාසියේදී උමා මහේෂ්වරන්ගේ ඇවතුම් පැවතුම් සෝදිසියෙන් සිට තමන්ට රහසින් වාර්තා කීරිමට ප‍්‍රභාකරන් තරුණ ඔත්තුකරුවකු යෙදෙව්වේ ය.

1980 දී ප‍්‍රභාකරන් යළිත් යාපනයට පැමිණියේය. පක්‍ෂය තුළ මතභේද තවමත් පැහෙමින් පැවතිණි. කවුරුත් ප‍්‍රභාකරන්ට මැසිවිලි හා කෙනෙහිලිකම්වලින් ඇනුම්පද හඟවන්නට පටන්ගත්හ. ඇතැමෙක් පක්‍ෂය විසුරවා හැර රහසිගත සංවිධානයක් ලෙස ගෙන යන්නටද යෝජනා කළහ.

සිටියා වූ ඇතැම් අය ‘ද්‍රෝහීන් ’ ලෙස නම් කළ ප‍්‍රභාකරන් වාමාංශික ව්‍යවස්ථාවක් සමඟ අලුත් මධ්‍යමකාරක සභාවක් පත් කළේය. නොසල්වී සිටි මිත‍්‍රයින් සිටියේ අතළොස්සකි. බොහෝ දෙ​ෙනක් පක්‍ෂපාත නොවූහ. ප‍්‍රභාකරන් පක්‍ෂය තුළ තීරණ අතික‍්‍රමණය කළ හැකි බලයක් තමන් වෙත දෙන ලෙස ඉල්ලුවත් එයද ප‍්‍රතික්ෂේප විය.

“මම පක්‍ෂය වෙනුවෙන් හූඟාක් දේ කළා. ඒත් කවුරුවත් ඒවා සලකන්නේ නැහැ.” ප‍්‍රභාකරන් ප‍්‍රසිද්ධියේම විවේචනය කළේය. ඇතැම්හු ඔහුව කෙලින්ම විවේචනය කළ අතර, ප‍්‍රභාකරන් කදුළු පිරි දෑසින් සියල්ල ඉවසා ගත්තේය. ඉතා ඉක්මනින් තමන් කල්ලියෙන් ඉවත් වන බවද කීවේය. එම තීරණය කම්පනයෙන්ද, නිශ්බ්ධතාවයෙන්ද, පිරුණු ඝනාන්ධකාරයක් විය.

ඉතාම ලඟින්ම සිටි මිතුරන් පවා ඔහුගේ හැරයාම වලක්වන්නට උත්සාහා කළද ප‍්‍රභාකරන්ගේ තීරණ අයෝමය විය. තමන් බැරූරුම් ලෙස හෑල්ලූ වී නිග‍්‍රහයට පත්වී ඇතැයි ඔහුට සිතී තිබිණි.

එක් චණ්ඩියෙකු ඔහුගේ කම්පාව වෙනුවෙන් පිස්තෝලයක් තෑගී දෙන්නට ඉදිරිපත් වූ අතර ප‍්‍රභාකරන් එය ආඩම්බරයෙන් බාරගත්තේය. මෙසේ චිත්ත පීඩාවෙන්ද, කල කිරුණු සිතින්ද හා විඩාපත් හදවතින්ද යුතුව ආපසු හැරුණු ප‍්‍රභාකරන්, තම මාමාගේ ගෙදරට ඇවිද ගොස් නව ජීවිතයක් අලුතින්ම ආරම්භ කළේය.