දණහිස් වේදනාවට ස්වභාවික ප්‍රතිකාර 8ක්

දනහිස කියන්නේ  අපේ ශරීරයේ පිහිටා තියෙන්  වඩාත්ම සංකීර්ණ සන්ධියක්. මේ දණහිස මාංශපේශීන් සහ අස්ථී බන්ධනියන් කිහිපයක් එකතු වී නිර්මාණය වෙලා තියෙනවා. ශරීරයේ දීර්ඝතම යාන්ත්‍රික ලීවර දෙක වන  කලවා සහ පහළ පාදය සම්බන්ධ කරන දණහිස සන්ධිය මත සෑමවිටම බලය ක්‍රියාත්මක වෙනවා.විශාල කලවා පේශීන් මගින් දණහිසට ශක්තිය වගේම  චලන හැකියාවත් ලබාදෙනවා.  ඒ වගේම ශරීරයේ ඉහළ කොටසේ බර […]

Continue Reading

දත් හිරිවැටීම සුවකර හැකි ස්වභාවික ප්‍රතිකාර ක්‍රම 5 ක්

දන්ත සෞඛ්‍ය අයහපත් වුණාම එයින් ඇතිවන නොයෙකුත් රෝග කෙතරම් පීඩාකරී වේදනාකාරී දෙයක් ද යන්න ඔබත් අත්විදලා ඇති. මුඛය ආශ්‍රිතව ඇතිවන කරදකාරී රෝගයන් රාශියක්ම පවතිනවා. ඒ අතුරින් දත් හිරිවැටීම කියන්නේ තරුණ මහලු බොහෝදෙනෙක් අත්විදින තවත් වේදනාකාරීම තත්ත්වයක්. ආයුර්වේදයේ දන්ත හර්ශ ලෙස හඳුන්වන මේ තත්වය ඇතිවීමට බලපාන හේතු සහ එය සුවපත්කර ගන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳවයි අද […]

Continue Reading

තක්කාලි භාවිතයෙන් ලස්සන වෙන ක්‍රම 7 ක්

සම ලස්සනට තබා ගන්නට උනන්දු වෙන අයට මේ ලිපිය බොහොම වැදගත් වේවි. අද අපි කතා කරන්නේ තක්කාලි භාවිතයෙන් කොහොමද අපේ සමේ පැහැය වැඩිකරගෙන ලප කැලැල් නැතිකරගෙන ලස්සන වෙන්නේ කියලා. තක්කාලි කියන්නේ අපි නිතර ආහාරයට ගන්නා එළවලුවක්. ඒත් ආහාරයට ගන්නවා වගේම අපේ සම රැක ගන්නටත් තක්කාලී අපිට භාවිතා කරන්නට පුළුවන්.  සම ගැඹුරින් පිරිසිදු කරන්නට, හිරු රශ්මියට […]

Continue Reading

දරු ඵල අහිමි කාන්තාවන්ට ගුණදෙන වරකා

කොස් ගස කියන්නේ ලාංකීය  අපේ බත් ගස බව අපි හැමෝම දන්නවා. ඒ නිසා  පොළොස්, කොස්, වැල, වරකා කියන්නේ අපිට නුහුරු නුපුරුදු ආහාර නම් නෙවෙයි. මේ මිහිපිට ඇති  වස විසෙන් තොර සුරක්ෂිත ගුණදායක ආහාරයක් වන කොස් ගසේ ඵලය වගේම පත්‍ර  පවා ආහාරය සඳහා යොදා ගන්නවා. ඉතින් අද මේ සූදානම් වෙන්නේ කොස් ගැන කතා කරන්න නම් නෙවෙයි. […]

Continue Reading

කොලෙස්ටරෝල් නැති කරන වට්ටක්කා පානය

අපේ එදිනෙදා ආහාරයට ගන්නා එළවලු අතරින් වට්ටක්කා කියන්නේ විටමින් C බහුල ගුණදායි ආහාරයක්.ඇතැම් අය ආහාරයට ගන්නට එතරම් රුචිකත්වයක් නොදැක්වුවත් මේ එළවලුව ලෙඩ රෝග බොහොමයකින්ම අපව ආරක්ෂා කරනු ලබනවා. ව්යංජනයක් විදියට නිතරම ආහාරයට එකතු කරගත්තත් වට්ටක්කාවලින් සුප් වගේම පානයන් සකස් කිරීම හෝ තම්බා ආහාරයට ගන්නටත් පුළුවන්. කුකබිටේසි කුලයට අයත් වෙන වට්ටක්කා ප්‍රභේද බොහොමයක් ලෝකය පුරාම පවතිනවා. […]

Continue Reading

සුදු ළූණු මී පැණි ආහාරයට ගැනීමෙන් සුව කරගත හැකි රෝග 10 ක්

අපේ ජීවිතය පවත්වා ගෙන යන්නට ආහාර අත්‍යවශ්‍ය වෙනවා. නමුත් අතට අසුවෙන දකින දකින ආහාර ගැනීමත් ගුණයට වඩා රසයට මූලික තැනක් දී ආහාර ගැනීමත් නිසා අද ලොකු කුඩා හැමෝම නොයෙක් ආකාරයේ ලෙඩරෝගවල ගොදුරු බවට පත්වෙමින් යනවා. නමුත් අපි ආහාර ගත යුත්තේ ඖෂධයක් ලෙසයි. එවිට ඖෂධය ආහාරයක් වන බව ග්‍රීක දාර්ශනිකයෙක් වරක් සඳහන්කර තියෙනවා.එය නිසි පරිදි නිසි […]

Continue Reading

දහදිය නැතිකරන පහසු ක්‍රම 6 ක්

දහදිය දැමීම කියන්නේ අපේ ශරීරයේ සිදුවන ස්වාභාවික ක්‍රියාවලියක්. මේ ආකාරයට අපේ සමේ දහදිය පිට කරන ග්‍රන්ථි මිලියන 2 ත් 4 ත් අතර ප්‍රමාණයක් පවතිනවා. වාතයේ උෂ්ණත්වය වැඩි වුණාම, බියට පත් වුණාම , උණ ඇති වුණාම මේ ආකාරයට දහදිය සම මතුපිටට ගලා ගෙන එනවා. දහදිය දැමීම මගින් අපේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙන්නට නොදී පාලනය කරනවා. ඒත් […]

Continue Reading

සියලු රෝග පවා සුව කිරීමේ බලයක් තිබෙන හෙන රාජ තෛලය

ලාංකිකයන් විදියට අපිට උරුම අපේ වෙදකම ඉතා විශිෂ්ඨ ගණයේ එකක්. අද වෙද්දි ක්‍රමයෙන් අභාවයට යමින් තිබුණත් හෙළ වෙදකමේ අපූරු දේ ගැන තවමත් කතාබහට ලක් වෙනවා. හෙළ වෙදකම  ජ්‍යෝතිශය සහ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය සමඟ බද්ධව පැවත එන නිසා දේශීය වෙදකමේ බොහෝ ඖෂධ රෝග සුවයට යොදා ගැනීමෙන් ඔබ්බට ගිය විස්මිත ගුණයන් පෙන්වනවා. ඒ නිසා අද වෙද්දිත් හෙළ […]

Continue Reading

බෙල්ල කලු වීම වළකන සත්කාර 10 ක්

කාන්තාවන්ට මෙන්ම පුරුෂයින්ට පවතින රූපලාවන්ය ගැටලු අතර බෙල්ල අවට කළුවීම ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබේ.  එනම් මෙය බාහිර සුන්දරත්වයට අවලස්සනක් ගෙන දෙන අතර එයින් බොහෝ දෙනෙකු පීඩාවට පත්ව තිබේ. එනම් මෙසේ බෙල්ල කළුවීමට නොයෙක් හේතු බලපානු ලබයි. එනම් ඒ අතර  අධික තරබාරු බව  ආර්තව චක්‍රයේ ඇති වන අක්‍රමිකතාවන්  හෝමෝන අසමතුලිතතාවන්  බෙල්ලේ අපිරිසිදු බව  මුහුණට සිදුකරන […]

Continue Reading

වාතරක්ත රෝගය හැදීගෙන එන විට පෙන්නුම් කරන රෝග ලක්ෂණ 18 ක්

පරිසරයේ වාතය හා ශරීරයේ රුධිරය කෝප වීම හේතුවෙන් වාතරක්ත රෝගය සෑදේ.  විශේෂයෙන් වයස අවුරුදු 50 ඉක්ම වූ පුද්ගලයින් තුළ මෙම රෝගය වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් තිබේ. විශාල රෝග  පරාසයක් තුළ මෙම රෝගී තත්ත්වය පැතිරී පවතී.  විශේෂයෙන් සමෙහි ඇතිවන කුෂ්ඨ ආසාදන, අත් සහ පාදවල ඇඟිලි හිරිවැටීම සහ ඒවායේ හැඩය වෙනස් වීම, අධි රුධිර පීඩනය, ආතරයිටිස් රෝගය, විලූඹ […]

Continue Reading