ඇස් වටා අඳුරු වීම වළකන ක්‍රම 8 ක්

health tips

ඇස් වටා අඳුරු වී තිබෙන පුද්ගලයෙකු දු‍ටු පමණින් ‘ඔයාට හොඳ නින්දක් ලැබෙන්නේ නැහැ නේද?’ කියා අපි ප්‍රශ්න කරන්නෙමු. නමුත්, විශේෂඥයින් පවසන ආකාරයට ප්‍රමාණවත් නින්දක් නොමැතිකමට හා වෙහෙසකාරී බවට අමතරව තවත් බොහෝ හේතුන් නිසා ඇස් වටා අඳුරු වීම ඇතිවිය හැකි බවයි. Dark circles ඇති වෙන්නේ කෙසේ ද සහා ඒවා නැතිකරගැනීමට හැකි ප්‍රතිකර්ම මොනවා ද කියා දැනගනිමු.

ඇස් යට කලු වෙන්නේ ඇයි?

ඇස් යට කලු වීමට බලපාන හේතු පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව වෙනස් වේ. නමුත්, ඒ සියලු දෙනා හටම පොදුවේ බලපාන එක් හේතුවක් වන්නේ රුධිරනාල තුල ප්‍රවාහයත් සමඟ සංසරණය වන ඔක්සිජන් ප්‍රමාණයේ මදකම යි. එහි ප්‍රතිඵලයක් ලෙස හයිපර්පිග්මන්ටේෂන් (hyperpigmentation) තත්වයක් හටගැනීම සිදුවේ. එසේ හයිපර්පිග්මන්ටේෂන් තත්වයක් හටගැනෙන්නේ ඇමයිනෝ අම්ලයක් වන ‘මෙලනින්’ වල බලපෑමකිනි ( ‘පිග්මන්ට්’ යනු වර්ණක වේ. මෙලනින් යනු එවැනි වර්ණකයකි. ඒ අනුව මෙම තත්වය ඇතිවන්නේ වර්ණක හේතුවෙන් සම මතු පිට හටගන්නා තදපැහැ අඳුරු ලප හෝ කැලැල් නිසාය)

‘Eyebags’ නැතිනම් ඇස් යට එල්ලා වැටීමට බලපාන හේතු වන්නේ නිරායාසයෙන්ම ඇස් යට ඇතිල්ලීමේ හෝ කැසීමේ පුරුද්ද, අධික ලෙස ඇස් හිරු කිරණට නිරාවරණය වීම, හොඳ නින්දක් නොමැතිකම මෙන්ම ජාන බලපෑම් සහා වයස්ගත වීමේදි ඇතිවන වෙනස්වීම් යනාදීය දැක්විය හැකියි. ඒ ආකාරයෙන්ම ඇස් වටා අඳුරු වීමට බලපෑ හැකි තවත් හේතුවක් වන්නේ ආසාත්මිකතා හටගැනීම, දද හටගැනීම (eczema), චර්මදාහය සිදුවීම (dermatitis) සහා ලේ අඩුකම හෙවත් ඇනිමියා තත්වය ආදී රෝග හටගෙන තිබීමයි.

ඇස් වටා කලු වීම් වළක්වාගන්නේ කෙසේද?

මෙලනින් යනු ස්වභාවික දුඹුරු හෝ කලු වර්ණකයක් වන අතර ඒවා මඟින් මිනිසාගේ සම, හිසකෙස්, ඇස් සහා සිරුරේ වෙනත් ස්ථාන වලට පැහැයක් ලබාදීම සිදුකරයි. ඇස් වටා අධිකව මෙලනින් එක්රැස් වීමෙන් ඔබේ ඇස් වටා කලුවී එල්ලා වැටීම සිදුවීම වළක්වාගත හැකි ටිප්ස් කිහිපයක් පහත පරිදිය.

  1. වඩාත් හිතකර නිදන ඉරියව්වක් අනුගමනය කිරීම

උඩු අතට සෘජු ඉරියව්වකින් නිදාගැනීමෙන් මුහුණේ ඉදිමුම් ස්වභාවයක් ඇති වීම වළක්වාගත හැකියි.ඔබ නින්දෙන් ගොරවන විට ඔබේ ඇස් යට වැඩි තරල (fluid) ප්‍රමාණයක් එකතු විම සිදුවේ (විශේෂයෙන්ම ඉතාමත් සමතලා ඉරියව්වකින් නිදාගෙන සිටිනවිටදී). නිදාගන්නා විට ඔබේ හිස මදක් ඉහළට උස්ව තබාගැනීමෙන් එසේ තරලයන් හටගැනීම වැළැක්වෙන අතර එමඟින් පසුදා උදෑසන ඔබේ මුහුණට හොඳ නැවුම් සැහැල්ලු බවක් ලැබී තිබෙන ආකාරය ඔබට දැකිය හැකි වේවි.

  1. සෘජු හිරු කිරණට නිරාවරණය වීමෙන් හැකිතාක් වැළකීසිටීම.

චර්මරෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසන ආකාරයට අපේ සම ඉක්මනින් වයස්ගත වීමට බලපාන්නේ හිරු එළිය පමණක් නොවන බවත් අහිතකර පාරජම්බුල කිරණ නිසා සමට සිදුවන හානි හේතුවෙන් වයස්ගත පෙනුමක් ඇතිවීමේ ක්‍රියාවලිය වේගවත් වන බවත් ඔවුන් පෙන්වා දෙති. සම වයස්ගත විමට පටන් ගැනීම නිසා ඉදිමීමට පටන්ගැනීම සහා ඇස් වටා කලුවීමට පටන්ගනියි. එමනිසා ඔබ පිටතට යන විට ‘sunscreen’ නිෂ්පාදනයක් භාවිතා කිරීමටත්, හිස් වැසුමක් පැලඳීමටත් කටයුතු කිරීම ඔබේ සමේ තරුණ පෙනුම ‍රැකගැනීමට ඉතා වැදගත් වේ.

  1. ස්වභාවික අමුද්‍රව්‍ය අඩංගු සත්කාර සමට ලබාදෙන්න

පිපිඤ්ඤා, භාවිත කල තේ බෑග් ආදී නිවසේ ඇති අමුද්‍රව්‍ය වලින් ඔබේ ඇස් යට එල්ලා වැටීම වළක්වාගැනීමට සත්කාර සිදුකල හැකියි. පිපිඤ්ඤා වල සිසිල් කිරීමේ ගුණය සහා ප්‍රති-ප්‍රදාහක ගුණය බහුලව ඇති නිසා ඇස් යට ඉදිමීම අවම කරගැනීමට උපකාරී වේ. එමෙන්ම තේ බෑග් වල අඩංගු කැෆේන් සහා ටැනින් කහට ගුණය බහුල නිසා එමඟින් සමේ ප්‍රදාහය ඇතිවීම අවම කරමින් සම සවිමත් කිරීමට උපකාරී වේ. හොඳ ප්‍රතිඵල සඳහා සිසිල් පීඩනයක් ලෙස පිපිඤ්ඤා හෝ තේ බෑග් සත්කාරය මිනිත්තු 5 ක් පමණ කලු පැහැ ගැන්වී ඇති ඇස් මත තබා පසුව හොඳින් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.

  1. අයිස් කැට වලින් මුහුණට සිසිල් සත්කාරයක් ලබාදීම.

අයිස් කැට හෝ හෝ අයිස් පැක් භාවිතයෙන් ද ඇස් වටා කලු පැහැ ස්වභාවය ඉවත්කරගත හැකියි. එමඟින් ඇස් වටා ඉදිමුම් ගතිය ඉවත්කරනු ලබයි.මුහුණ පුරා අයිස් කැට ආලේප කරගැනීමෙන් සම යථාතත්වයට පත්වීම වේගවත් කෙරෙන අතර ඔබේ සමට නැවුම් සහා නීරෝගී දීප්තිමත් බවක් ලබාදීම සිදුකෙරේ.

  1. ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම

ඔබේ සිරුරට හොඳින් විවේකයක් ලැබීමට නම් හොඳ නින්දක් අවශ්‍යමයි. සිරුරට ලැබෙන නින්ද අඩු වන තරමට අපේ සම සුදුමැලි ස්වභාවයක් ගැනීම සිදුවේ. එහිදී ඇස් යට කලු වී ඇති ස්වභාවය වඩාත් හොඳින් පිටතට කැපීපෙනීම සිදුවේ. අපගේ ඇස් වලට යටින් පිහිටන සම ඉතා තුනී, සිහින් සමක් වන නිසා එහි සම අධික වෙහෙසකර බවක් දැනුණු විට ඉක්මනින් අඳුරු වී යාම සිදුවේ. සිරුර තෙහෙට්‍ටුවට පත්වී ඇති විට අඛණ්ඩව රුධිර නාල ප්‍රසාරණය වී තිබීමත් එසේ ඇස් යට අවපැහැගැන්වීමට බලපානු ලබයි. මුහුණේ නැවුම් බව සහා තරුණ පෙනුම ‍රැකගැනීමට නම් වැඩිහිටියෙකු දිනකට පැය 7-9 ත් අතර ප්‍රමාණයක නින්දක් ලැබිය යුතු බව සඳහන් වේ

  1. Moisturizer වර්ග සහා ඖෂධීය ගුණයෙන් යුත් භාවිතා කිරීම

මුහුණේ තෙතමනය ආරක්ෂා කරගැනීමට moisturizer ක්‍රීම් වර්ග සහා ඖෂධීය තෙල් ආලේපන භාවිතා කිරීම මඟින් මුහුණ ‍රැළි වැටීම වළක්වාගත හැකියි. නිෂ්පාදන මිලදී ගැනීමේදී, ඇස් වටා අඳුරු බව දුරු කිරීමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරක බහුල මුහුණු ආලේපන වර්ග ‍තෝරාගැනීමට සැලකිලිමත් වන්න. ඔබේ මුහුණට සිදුකරන සත්කාර වලදී සහා වෙනත් රූපලාවන්‍ය ආලේපන ගැල්වීමේදී ඔබ භාවිතා කරන සම්බාහන චලනයන් මඟින් ඔබේ සමේ රුධිර සංසරණය ක්‍රියාවලිය වඩාත් ක්‍රමවත්ව සිදුවේ. එමඟින් නහර අවහිර වීම වැළැක්වෙන නිසා ඉදිමුම් හට නොගනියි.

 විටමින් E සහා විටමින් C අඩංගු moisturizer ක්‍රීම් වර්ගයක් දිනපතා භාවිතා කරන්න. එමෙන්ම දිනපතා ආමන්ඩ් තෙල් හෝ පොල් තෙල් ආලේප කිරීම මඟින් ඇස් වටා කලු ස්වභාවය ඉක්මනින් ඉවත්කරගැනීමට ඔබට හැකියාව ලැබේවි