උදරයේ තැන්පත්වී ඇති අහිත කර මේදය පැය 24ක් යන්න කරන ස්වභාවික පිළියම් 5 ක්

health tips

උදරය අවලස්සන ලෙස නෙරා ඒමට හේතුවන උදරය ආශ්‍රිතව තැන්පත්ව ඇති කරදරකාරී මේදය දහනය කරවන සහ ධමනි තුළ මේදමය ද්‍රව්‍ය තැන්පත් වී ඒවායේ අවහිරතා ඇතිවීම වළකන ස්වභාවික පිළියම් ක්‍රමයක් ගැනයි අද අපි ඔබට කියන්නේ. මෙය ඔබේ සිරුරේ පරිවෘත්තිය වේගය වැඩිකරමින් සිරුරේ තැන්පත්ව ඇති අනවශ්‍ය මේදය හා අතිරික්ත කැලරි දහනය වීම ද වේගවත් කරයි. හෘද රෝග වලට මූලික විය හැකි ධමනි තුළ මේදමය ද්‍රව්‍ය තැන්පත් වීමේ අවදානම ද වළකයි. ධමනි පිරිසිදු කර හෘද සෞඛ්‍ය වඩාත් නීරෝගි කරයි.

මේ පිළියම සකස්කරගන්නේ කොහොමද කියා මුළින්ම බලමු.

  • අතිශය පිරිසිදු ඔලිව් තෙල් මේස හැඳි 1ක්
  • රතු මිරිස්/මිරිස් කුඩු තේ හැඳි 1/8ක්
  • ලෙමන් ගෙඩියක යුෂ
  • අමු මී පැණි තේ හැඳි 1ක් මේ සඳහා අවශ්‍යයි.

කුඩා වීදුරුවක් ගෙන මේ සියල්ල ඊට එක්කර හොඳින් කළවම් කරන්න.උදෑසන ආහාරය ගැනීමට පෙර මෙය පානය කරන්න.

අතිශය පිරිසිදු ඔලිව් තෙල්-මේ සඳහා භාවිත වන ප්‍රධාන අමුද්‍රව්‍යක් තමයි අතිශය පිරිසිදු ඔලිව් තෙල් (extra virgin olive oil).මේවා ඒක-අසංතෘප්ත මේද වේ.ඒවා සිරුරට ඉතා හිතකරයි.මේවා මඟින් සිරුරේ නරක කොලෙස්ටරෝල් හෙවත් LDL මට්ටම් අඩුකරවයි.එම නිසා හෘදයාබාධ, ආඝාතය,හෘද රෝග වැනි අවදානම් ඇතිවීමට බලපෑ හැකි ධමනි අවහිරතා ඇතිවීම් අවම කරයි.ධමනි අවහිර වීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ ඒවායේ කොලෙස්ටරෝල් ඇතුළු මේද ද්‍රව්‍ය තැන්පත් වී රුධිරය ප්‍රවාහය වන මාර්ගය අවහිර වීමයි. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන නිසා ධමනි අවහිරතා ඇතිකරවන කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ යාම හා ඔක්සිකාරක ආතති අවදානම් අවම කරයි.

එපමණක් නොව, ඔලිව් තෙල් මඟින් රුධිර සීනි මට්ටම් ද නියාමනය කරයි.අතිරික්ත සීනි මේද බවට හැරීමේ අවදානම අවම කරයි.ඒ හරහා සිරුරේ බර අඩුකරගැනීමට සහය වේ. තවද, ඔලිව් තෙල් යනු ජීර්ණ ක්‍රියාවලියට ඉතා හිතකර මේද වර්ගයකි.බඩවැල් හරහා ජීර්ණය කළ ආහාර ගමන් කිරීම පහසු කරයි.ජීර්ණය ක්‍රමවත් කරන අතර මලබද්ධය වැනි බඩවැල් ආශ්‍රිත අපහසුතා ඇතිවීම් වළකයි. 

රතු මිරිස්-මෙහි එන තවත් අමුද්‍රව්‍යක් වන්නේ රතු මිරිස් ය. ධමනි පිරිසිදු කරවන ගුණ ඇති ප්‍රබල කුළුබඩුවක් ලෙස මේවා හඳුන්වයි. සිරුරේ පරිවෘත්තිය වඩවයි.එමඟින් වැඩි කැලරි හා මේද ප්‍රමාණයක් දහනය කරයි.මිරිස් වල අඩංගු කැප්සයිසින් නම් සක්‍රීය සංඝටක අනවශ්‍ය ලෙස බඩගිනි ඇතිවීම්, අධිකව ආහාර පාන ගැනීමට ඇති වන ආශාවන් පාලනය කරයි.සිරුරේ අග්නිය (තාපය) වඩවමින් තැන්පත්ව ඇති මේද දහනය වීම උත්තේජනය කරයි.නයිට්‍රික් ඔක්සයිඩ් මට්ටම් වැඩිකරමින් ධමනි හා නහර පුළුල් වීමට සලස්වයි.එමඟින් වැඩි ඔක්සිජන් හා පෝෂක ප්‍රමාණයක් සිරුර පුරා සංසරණය වීමට ඇති ඉඩකඩ ඉහළ දමයි.ධමනි බිත්ති වල මේදමය ද්‍රව්‍ය ‍රැඳීම අවම කිරීමට කැප්සයිසින් සංඝටක ක්‍රියාකරයි.එමෙන්ම හිතකර කොලෙස්ටරෝල් හෙවත් HDL මට්ටම් වැඩිකරවයි. අක්මාවේ මේද තැන්පත්වීමේ ඉඩකඩ අවම කරයි.

ලෙමන්-ලෙමන් වල විටමින් C බහුලයි. විටමින් C යනු ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි.අක්මාවේ නීරෝගී ක්‍රියාකාරීත්වය වඩවයි. සිරුර විෂහරණය කරන එන්සයිම ක්‍රියාකාරීත්වය වැඩිකරයි.පිත ස්‍රාවය වැඩිකරමින් ජීර්ණයට සහය වේ. සමස්තයක් ලෙස සිරුර විෂහරණය කරන ගුණයෙන් අනූනයි.තැන්පත්ව ඇති මේද දහනය කරයි.මූත්‍රා වර්ධක ගුණයෙන් යුක්ත නිසා බඩපිපුම වැනි අපහසුතා ඇතිවීම් වළකයි. මූත්‍රා ආසාදන ඇතිවීම් අවම කරයි.ආම්ලික බව නිසා අහිතකර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය පාලනය කරයි.

අමු මී පැණි-අමු මී පැණි වල ඇති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිප්‍රදාහක ගුණ සිරුර තුළ චිකිත්සක ප්‍රතිකාරයක් මෙන් ක්‍රියාකරයි.මී පැණි යනු හෘද රෝග අවදානම් වළකමින් හෘද සෞඛ්‍ය වඩවන ප්‍රබල ඖෂධයකි.මෙම ස්වභාවික පැණි වල අඩංගු ට්‍රෙලෝස් නම් ස්වභාවික සීනි ධමනි වල මේදමය ද්‍රව්‍ය තැන්පත් වීම වළකන ක්‍රියාකාරීත්වයක් ඇති ප්‍රතිශක්තිකරණ සෛල ප්‍රෝටීන සක්‍රීය කරවයි.මී පැණි යනු ජීර්ණ මාර්ගය නීරෝගී කරවන ප්‍රීබයෝටික් ගුණයෙන් අනූන ආහාරයක් ද වේ.සිරුරට හානිකර වස විස ද්‍රව්‍ය සිරුරෙන් ඉවත්කිරීමට සහය වේ.සිරුරේ කරදරකාරී ලෙස තැන්පත්ව ඇති මේද කොටස් දහනය වීමට ද මී පැණි හොඳ ඖෂධයක් ලෙස භාවිත කරයි.

*නිසි වෛද්‍ය උපදෙස් ලබාගෙන මෙම පිළියම් භාවිත කිරීම වඩාත් උචිතයි.