පිටගැස්ම පවා ක්ෂණිකව සුව කර හැකි වෙනිවැල් ගැට සතු ගුණ 10 ක්

health tips

පස්පංගුව, දස පංගුව වැනි ඖෂධ නිශ්පාදනයේදී එකතු කර ගන්නා වටිනා ඖෂධයක් ලෙස වෙනිවැල් ගැට හඳුනාගත හැකිය. එනම් වෙනිවැල් යනු විශාල රුක් ගොමු තුළ අතුපතර පැතිර යන කාෂ්ඨිය වැල් විශේෂයකි. එනම් වැල් වල ගැට පැවතීම හේතුවෙන් වෙනිවැල් ගැට යනුවෙන් හඳුන්වන මෙම වැල් විශේෂය නොයෙක් ප්‍රදේශ වල බාන් වැල් යනුවෙන් ද හදුන්වනු ලබයි. එනම් අතීතයේ මී ගවයන් ගැට ගැසීම සඳහා ශක්තිමත් වරපටක් ලෙස මෙම වැල් භාවිතා කළ හෙයින් බාන් වැල් යනුවෙන් හඳුන්වා තිබේ. එමෙන්ම මුළු ශාකයම කහ පැහැති නිසා කහවැල් යනුවෙන් ද  නොයෙක් ප්‍රදේශවල හදුන්වනු ලබයි. 

එනම් ඈත අතීතයේ සිටම ඖෂධ ලෙස භාවිතා කළ වෙනිවැල්  බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කරනු ලැබේ. එමෙන්ම වෙනිවැල් වල ඖෂධීය ගුණ රාශියක් අඩංගු වේ. රසායන ගුණය ,වේදනා නාශක ගුණය , ආහාර රුචිය වැඩිමේ ගුණය ,විස නැසීමේ ගුණය වැනි ගුණයන් අඩංගුවේ. 

ඖෂධ සකස් කරන විට වෙනිවැල් බහුලව යොදා ගන්නා අතර ඉන් රෝග ගණනාවක් සුව කර ගත හැකිය. 

  • අධික රුධිර වහනය වූ විට
  • උණට
  • මුත්‍රා දැවිල්ලට
  • ආහාර අරුචියට
  • ආසාත්මිකතා සමනයට
  • ගෙඩි වණ, තුවාල, සමනයට
  • දියවැඩියාවට
  • මුත්‍රා දැවිල්ලට
  • මුඛ රෝගයන්ට
  • උෂ්ණාධික බවට
  • අතීසාරයට
  • පනු රෝගයට 
  • සර්ප විෂට 
  • පිටගැස්මට වැනි රෝග රැසක් සුව කර ගැනීමට ඖෂධයක් ලෙස වෙනිවැල් භාවිතා කළ හැකිය. 

වෙනිවැල් වල ඖෂධීය ගුණ භාවිතය

මුඛ රෝග සඳහා මුඛයේ ඇතිවන විවිධ රෝග එනම් මුඛ දුර්ගන්ධය ,දත් මුල් දියවීම, විදුරුමසින් ලේ ගැලීම ,උෂ්ණ බිබිලි හට ගැනීම ආදී සියලු මුඛ රෝග සුවකර ගැනීම සඳහා ඖෂධයක් ලෙස වෙනිවැල් යොදා ගත හැකිය.

වෙනිවැල්ගැට, අරළු, බුලු, නෙල්ලි, සමන්පිච්ච කොළ, රසකිඳ, වියලි මිදි හා අසමෝදගම් සියල්ල තම්බා එම තැම්බූ ජලයෙන් දිනපතා මුඛය සෝදා හැරීමෙන් ඉහත සඳහන් කළ සියලු රෝග සුව කර ගත හැකිය.

පිටගැස්ම සඳහා-බොහෝවිට හදිසි අවස්ථාවක යකඩ ඇණයක් ඇනුන විටෙක හෝ ආයුධවලට කැපුන විටක ඇතිවිය හැකි පිටගැස්ම වළක්වා ගැනීම සඳහා

වෙනිවැල්ගැට, කොත්තමල්ලි හා සුදුලූනු තම්බාගත් ජලය පානය කිරීම යෝග්‍ය වේ.

මුහුණ පැහැපත් කිරීම සඳහා මුහුණ පැහැපත් කර ගැනීමට මෙන්ම මුළු ශරීරයම පැහැපත් කර ගැනීම සඳහා ඈත අතීතයේ සිටම රූපලාවණ්‍ය සත්කාරයක් ලෙස වෙනිවැල් භාවිතා කර තිබේ. එනම් වෙනිවැල් කුඩු මී පැණි වලින් අනා  මුහුණ මත ආලේප කර විනාඩි විස්සක් පමණ තබා සෝදා හැරීමෙන් මුහුනේ මැරුණු සම ඉවත් කරගෙන මුහුණ පැහැපත් කර ගත හැකිය. 

කුඩා දරුවන්ගේ පණු රෝග සඳහා ඈත අතීතයේ සිටම දරුවන්ට ඇතිවන පණු රෝග වැළැක්වීම සඳහා ඖෂධයක් ලෙස වෙනිවැල් භාවිතා කර තිබේ. එනම් මේ සඳහා වෙනිවැල්ගැට,  කහ, කෙලිඳ සහල්, එළබටු ආදිය එක්කර සකසන කෂාය පානය කිරීම යෝග්‍ය වේ. එනම් ඉන් පණු රෝග මෙන්ම පණුවන් නිසා ඇතිවන අතීසාරය වැනි රෝග තත්ත්වයන් ඇති වීම ද වලක්වා ගත හැකිය.

කුඩා දරුවන්ගේ සම ආරක්ෂා කිරීම සඳහා බොහෝවිට කුඩා දරුවන්ගේ සම මත ඇතිවන  ආසාදනයන් එනම් කැසීම,පලු දැමීම, දද, ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම සම ආරක්ෂා කර සමෙහි පැහැය වර්ධනය කර ගැනීමට ඈත අතීතයේ සිටම වෙනිවැල්ගැට ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් කුඩා දරුවන් නාවන විට එම වතුරට වෙනිවැල්ගැට, අමු කහ සහ කොකුම් පොතු එක්කර නැහැවීම සිදු කරනු ලැබේ. ඊට අමතරව මේ සියල්ල ගෙන හොඳින් කුඩු කර පිරිසුදු තලතෙලින් පැසවා සමෙහි ආසාදනය වූ ස්ථානවල ගල්වා තැබීම මගින් එම අසාත්මිකතා සුව කර ගත හැකිය. 

චර්ම රෝග සඳහා සම මත ඇතිවන දද, කුෂ්ට වැනි පීඩාකාරී රෝගයන් සමනය කරගැනීමට ඖෂධයක් ලෙස වෙනිවැල් ගැට භාවිතා කළ හැකිය. එනම්

වෙනිවැල්ගැට හා අමු කහ තැම්බූ වතුරෙන් එම දද කුෂ්ට සේදීම මෙන්ම වෙනිවැල්ගැට, අමු කහ සහ ඇත්තෝර හොඳින් තම්බා එම ජලයෙන් සෝදා හැරීම යෝග්‍ය වේ. 

ශරීරය සිසිල් කිරීම සඳහා බොහෝ දෙනෙකුට පවතින ශාරීරික උෂ්ණාධික බව පාලනය කරගෙන ශරීරයේ සිසිල් කර ගැනීමට හා දාහය සංසිඳුවා ගැනීමට වෙනිවැල් ගැට තම්බා පානය කිරීම මෙන්ම

වෙනිවැල්ගැට වැලක් කපා එහි යුෂ බැසීමට තබා පානය කිරීම යෝග්‍ය වේ. 

ඇස් රෝග සඳහා වෙනිවැල්ගැට තම්බා එම වතුරෙන් ඇස් සෙදීමෙන් ඇස් ආශ්‍රිතව ඇතිවන කැසීම්, රතු වීම්, ඉදිමීම සමනය කර ගත හැකිය.

ආසාත්මිකතාවන් සඳහා අසාත්මිකතා සමනය කිරීමට වෙනිවැල්ගැට, පත්පාඩගම් හා කොත්තමල්ලි හොඳින් තම්බා එම ජලය පානය කිරීම මගින් ආසාත්මිකතා සුව කර ගත හැකිය. 

උණ රෝගය සුව කරයි. ඈත අතීතයේ සිටම උණ රෝගය ඇති වීමට ඖෂධයක් ලෙස වෙනිවැල් භාවිත කර තිබේ. එනම් ඉඟුරු, කොත්තමල්ලි හා වෙනිවැල්ගැට තැම්බූ ජලය පානය කිරීම හෝ වෙනිවැල්ගැට හා පත්පාඩගම් තම්බාගත් ජලය පානය කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ.

හිසරදය සඳහා පීඩාකාරී හිසරදය සමනය කරගැනීමට වෙනිවැල් ඇල්දියෙන් අඹරා නළලේහි ආලේප කිරීම යෝග්‍යය වේ. 

කූඩැල්ලන් සපා කෑමෙන් ඇතිවන තුවාල සඳහා 

වෙනිවැල්ගැට එළඟිතෙලෙන් අඹරා එම ආලේපනය කූඩැල්ලන් සපා කෑ ස්ථානවල ආලේප කිරීම යෝග්‍යය වේ.

මේ ආදී වූ රෝග රැසක් සමනය කිරීමට ඖෂධයක් ලෙස වෙනිවැල් භාවිතා කළ හැකිය. නමුත් මිලදී ගැනීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් වී මිලදී ගත යුතුය.