රුධිර කැටි ඇතිවීම වළක්වා ගැනීමට ආහාරයට ගතයුතු දේවල් 10 ක්

health tips

රුධිරය කියන්නේ අපේ ශරීරය ජීවත් කරවන නියමුවා. ඉතින් රුධිර සංසරනය නිසි පරිදි සිදුවීම ශරීරයේ අවයවවල ක්‍රියාකාරිත්වය මැනවින් පවත්වා ගන්නට අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් මේ රුධිරය යම් අවස්ථාවක කැටි ලෙස රුධිර නාලවල පැවතුණොත් පුද්ගලයා මරණය කරා වුණත් ගෙන යන්නට පුළුවන්.රුධිර කැටි සිරවීම නිසා බොහෝදෙනා මරණයට පත්වන බව අසා ඇති. ඉතින් මේ රුධිර කැටි ඇතිවීම සහ ඒවා ස්වභාවිකව ආහාර මගින් දිය කරගෙන සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳවයි අද අප කතා කරන්නට සූදානම් වන්නේ.

යම් අනතුරක් නිසා සිදුවන රුධිරය ගැලීමකදී එය නතර වුණේ නැත්නම් පුද්ගලයෙකු මරණයට පත් වෙන්නට පුළුවන්.  ඒ නිසා රුධිරය ගලන අවස්ථාවක සවභාදහමෙන්ම පුද්ගලයාට ලබාදීපු දායාදයක් තමයි රුධිර කැටි ඇතිවීම. නමුත් මේ රුධිර කැටියක් එක්වරම ඇති වෙන්නේ නැහැ, එය යම් දීර්ඝ ක්‍රියාදාමයක් නිසා ඇතිවෙන්නක්. බාහිරින් රුධිර නාලයකට හානි වුණොත් මෙසේ රුධිරය කැටි ගැසීම ඉක්මනින් සිදු වෙන්නට පුළුවන්. ඒ හැරුණාම ඒ ක්‍රියාවලිය ශරීරය අභ්‍යන්තරයේ ආරම්භ වෙන්නටත් පුළුවන්. නමුත් අභ්‍යන්තරයේ රුධිර නාලයකට හානියක් වුණොත් එක්වරම මෙසේ රුධිර කැටි ගැසීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ  සඳහා  කාරණා කිහිපයක්ම බලපානු ලබනවා. 

  • වැඩි වේලාවක් එක් ස්ථානයක වාඩි වී සිටීම 
  • ඇතැම් ශල්‍ය කර්මවලින් පසුව 
  • දුම්පානය 
  • අධික ස්ථුලතාවය 
  • යම් උපත් පාලනය සඳහා අප ලබා ගන්නා ඇතැම් ඖෂධ 

ස්වභාදහමෙන් අපිට කොතරම් උපක්‍රම ලබාදී තිබුණත්  නොයෙක් ආකාරයේ සංකූලතා ඇති කරගත් අයට රුධිර කැටි ඇතිවීමේ අවදානමක් පවතිනවා. නමුත් එවැනි කිසිම අවදානමකට ලක්වීමට හේතු නැති නීරෝගිව සිටින අයටත් මෙවැනි අවදානමක් තියෙන බව සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතාබහට ලක්වෙන එක් කාරණයක් තමයි  කොරෝනා සඳහා ලබාදෙන ලද  නොයෙකුත් ආකාරයේ එන්නත් සහ කොරෝනා රෝගය වැළදීම නිසා  ඇතිවන සංකූලතා.

රුධිර කැටි ඇතිවෙන ස්ථාන මේ රුධිර කැටි වැඩි වශයෙන් පුද්ගලයාගේ පාදයේ අභ්‍යන්තරයේ ඇති ශිරා රුධිර වාහිනී තුළ ඇතිවන බව සොයාගෙන තියෙනවා. ඒවායේ රුධිරය වේගයෙන් ගමන් නොකරන නිසා රුධිර කැටි ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. නමුත් එසේ ඇතිවන රුධිර කැටි ඒ ස්ථානයේ රැඳී නොතිබී ක්‍රමයෙන් රුධිරය සමඟ ඉහළට ගමන් කිරීම සහ ශරීරයේ විවිධ අවයවයන් වෙතට ගමන් කිරීම මගින් හානිකර තත්ත්වයන් ඇති වෙන්නට හැකියාව පවතිනවා. එය මරණය පවා ගෙනදිය හැකි ජීවිතයට වඩා තර්ජනයක් වන රුධිර කැටි බවට පත් වෙනවා.

එවැනි රුධිර කැටියක් මොළයට ගමන් කිරීමෙන් මොළයේ සිරවුණොත් අංශභාගය ආදී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඇතැම්විට මරණය පවා ඇති වෙන්නට ඇති ඉඩකඩ වැඩියි. හෘදයට රුධිරය සපයන වාහිනීයක් තුළ මෙවැනි රුධිර කැටියක් සිරවුණොත් එතැනින් ඉදිරියට රුධිර ගමන් නොකිරීම නිසා  හෘදයාබාධයක් ඇති වෙන්නට පුළුවන්.

රෝග ලක්ෂණ 

  • වේදනාව 
  • ඉදිමීම 
  • රස්නේ ගතිය 
  • රතුවීම 

රුධිර කැටි ස්වභාවිකව දිය කරන ආහාර  

මිරිස් සහ ගම්මිරිස් හොංකොං සහ තායිලන්තය ආශ්‍රිතව කරන ලද පරීක්ෂණවලින් මිරිස් සහ ගම්මිරිස් ශරීරයේ රුධිර කැටි ඇතිවීම පාලනය කරන්නට සමත් බව සොයා ගෙන තියෙනවා. මේවා ආහාරයට ගෙන විනාඩි 30 ක් වගේ කාලයක් තුළ රුධිර කැටි ඇතිවීමේ තත්ත්වය 60% කින් අඩු කිරීමේ හැකියාව එහි ඇති රසායනික සංඝටකවලට ඇති බව එමගින් අනාවරණය කරගෙන තියෙනවා.

කරාබු නැටි කරාබු නැටි සතුව ප්‍රතිඔක්සිකාරක බහුල නිසා රුධිර කැටි ඇතිවීම අවම කිරීමේ සුවිශේෂි ගුණයකින් සමන්විතයි. ඩෙන්මාර්කයේ ඔඩේන් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද පර්යේෂණවලින් සොයාගෙන ඇති ආකාරයට මිරිස් සහ ගම්මිරිස් හා සමානවම රුධිර කැටි ඇතිවීම වළක්වන්නට කරාබු නැටිවලට හැකි බව අනාවරණය කරගෙන තියෙනවා.

සුදු ළූණු රසකාරකයක් ලෙසත් ආහාරයක් ලෙසත් ගත හැකි සුදු ළූණු සතු ගන්ධය නිසා ඇතැම් අය ආහාරයට ගැනීම ප්‍රතික්ශේප කරනවා. නමුත් ශරීරය අභ්‍යන්තරයේ රුධිර කැටි ඇතිවීම වළකාලන්නට සුදු ළූණුවලට අපූරු හැකියාවක් පවතිනවා.

ඉඟුරු ඉඟුරුවල අඩංගු සැලිසිලේට් කියන රසායනික සංඝටකය මගින් රුධිර කැටි ගැසීම අවම තත්ත්වයට පත් කරනු ලබනවා.

කුරුඳු රුධිර කැටි ඇතිවීම අවම කරන්නට අපූරු හැකියාවක් කුරුඳු සතු වෙනවා.

කළු බිම්මල් ශ්‍රී ලංකාවේ ආහාරයට නොගන්නා මේ ආහාරය  ඉන්දියාව, චීනය වගේ රටවල සුප් පිළියෙල කරන්නට භාවිතා කරනු ලබනවා. මේ කළු බිම්මල් සතු ගුණයන් පිළිබඳව ආයුර්වේදය වගේම බයිබලයෙත් සඳහන් වන බව අසන්නට ලැබෙනවා.

  • ඔලිව් තෙල් 
  • ලොකු ලූණු හා රතු ළූණු 
  • මිදි 

අනාදිමත් කාලයක සිට විවිධ  ලෙඩ රෝග  සඳහා ඖෂධ සකස් කිරීමේදීත් භාවිතයට ගත් මිදි රුධිරය කැටි ඇතිවීම අවම කරන්නටත් උපකාරී වනවා.

බොහෝ පලතුරු මිදි ඇතුළු බොහෝ පලතුරු වර්ග රුධිර කැටි ඇතිවීම් අවම කරන්නට අවශ්‍ය රසායනික සංගකයන් අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් මේ පලතුරු ආහාර ගැනීමෙන් පසුව අතුරුපසක් ලෙස ගැනීමේදී එසැණින් ගැනීම එතරම් සුදුසු නැහැ. ඒ නිසා ප්‍රධාන ආහාරයෙන් පැයකට හෝ විනාඩි30 ට පමණ පසුවයි අතුරුපස ලබාගත යුතු වන්නේ.

අපේ ආහාර රටාව මගින් වගේම දින චර්යාව යහපත් ලෙස වෙනස් කරගැනීමෙන් මේ රුධිර කැටි ඇතිවීම වළක්වා ගන්නට හැකියාව පවතිනවා. ඒ හැරුණාම ඉහත සඳහන් කළ කුළු අඩු හා ආහාර වර්ගත් නිතර ගැනීමෙන් සෞඛ්‍යාරක්ශිත ජීවිතයක් ගත කරන්නට පුළුවන්.