වයස 40න් පසු කාන්තාවක් තවත් අවුරුදු 40ක් කිසිම ලෙඩක් නැතිව ජීවත් වෙන්න කර යුතු දේවල් 12 ක්

health tips

ගෙවෙන තත්පරයක් පාසා අපි හැමෝම වයසට යනවා. ඒත්  අපි කවුරුවත් වයසට යනවට කැමති නැහැ. ඒ වගේම තමයි අපි හැමෝම වගේ හිතන්නේ අපේ ජීවිතයේ වඩාත් ලස්සනම කාලේ වයස අවුරුදු 21 – 25 දක්වා කාලය. ඒ නිසාම වෙන්න ඇති බොහෝ අය වයස 25 න් පස්සේ වයස කියන්න පවා අකමැති වෙන්නේ.

 බටහිර රටවල්වල  ආසියාතික රටවල්වලට වැඩිය මේ තත්වය ගොඩක් වෙනස්. මොකද වයස අවුරුදු 40-50 කාලය ඔවුන්ගේ ජීවිතයේ ස්වර්ණමය අවධිය විදිහටයි ඔවුන් සලකන්නේ. සාමාන්‍යයෙන් පිරිමි පාර්ශවයටත් වඩා වයස්ගත වෙද්දී කාන්තා පාර්ශවයට සැලකිලිමත් විය යුතු කරුණු කාරණා බොහොමයක් තියෙනවා.

 මොකද දරුවන්ගේ පවුලේ වැඩකටයුතුත් එක්ක රැකියාවේ කටයුතුත් එක්ක ගොඩක් වෙලාවට කාර්යබහුල ජීවිතයක් ගෙවන කාන්තාවන් තමන්ගේ සෞඛ්‍ය ගැන හිතන්නේ ඉතාම අඩුවෙන්. ඉතින් වයස අවුරුදු 40 – 50 වයස්වල පසුවන කාන්තා ඔබට  කායිකව සහ මානසිකවත් වඩාත් නිරෝගී ජීවිතයක් ගත කරන්නට  නම් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා කිහිපයක් තියෙනවා. අපි අද කතා කරන්නේ ඒ ගැනයි.

ඔබගේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න.සමබර ආහාර වේලක් දිනපතාම ගන්නා එක ලොකු කුඩා හැමෝටම පොදු ශරීර සෞඛ්‍යයට වඩාත් හිතකර දෙයක්. නමුත් වයස්ගත වෙද්දි අපේ ශරීරයට අවශ්‍ය කරන පෝෂණයය නිසි පරිදි නොලැබී  යනවා නම් ඒ වෙනුවට අපට අතිරේකයක්  විදිහට හෝ ඒ පෝෂණ අවශ්‍යතාව සපුරා ගන්නට සිද්ධ වෙනවා . ඒ සඳහා පෝෂණවේදියෙකුගේ උපදෙස් ඔබට ලබා ගන්න පුළුවන්. නමුත් මේ පෝෂක සැමවිටම ආහාර මගින් සපුරා ගන්න උත්සාහ ගන්න.

වයස්ගත වීමත් එක්ක මාංශපේෂි දුර්වල වීම සිද්ධ වෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ ඔසප් වීම නතරවීමත් එක්ක විවිධ පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව වගේ රෝගාබාධ ඇති වෙන්නට තියෙන ඉඩකඩ වැඩියි.ඒ වගේම අස්ථි දිරාපත් වීම නිසා ආතරයිටිස් ඔස්ටියෝපොරෝසිස් වගේ රෝග තත්ත්වයන් ඇතිවෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඔබ මේ විටමින් සහ පෝෂක ආහාර මඟින් ලබා ගැනීමට කටයුතු කරන්න.

කැල්සියම් කිරි සහ කිරි නිෂ්පාදන, කටු සහිත කුඩා මාළු වර්ග,පලා වර්ග, සෝයා, කුරක්කන්, තල, බිත්තර, නෙල්ලි, දිවුල්, රටඉදී, අලිගැටපේර

ඔමේගා 3 මේද අම්ල තෙල් සහිත මාළු වර්ග, වෝල්නට්, broccoli, හණ ඇට, කොළ පැහැති පලා වර්ග, බිත්තර 

විටමින් B 12 මස්, මාළු, කිරි ආහාර, කුකුල් මස්, මුදවපු කිරි, සැමන්, කොට්ටං, බඩ ඉරිඟු, කොල් ලු,පොඟවන ලද ධාන්‍ය වර්ග, නිවිති,  යෝගට්, බිත්තර, චීස්, පොල්කිරි 

මැග්නීසියම් තද කොළ පැහැති පලා වර්ග, සෝයා, බෝංචි, ඇට වර්ග, අලිගැටපේර

විටමින් D  හිරු එළිය, මාළු, ධාන්ය  වර්ග, බටර්, බිත්තර 

පොටෑසියම් රතු අල කොල, මයිසූර් පරිප්පු, බෝංචි, නිවිති, මල්ගෝවා, දඹල, බතල, කෙසෙල්, 

පිෂ්ටය සහ මේදය අඩු ප්‍රෝටීන බහුල ආහාර වැඩිපුර එකතු  කරගන්න. ප්‍රෝටීන්වල අඩංගු වෙන ඇමයිනෝ අම්ල වයස්ගත වීම සමග ඇතිවන බොහොමයක් ගැටලු අවම කර සෞඛ්‍යසම්පන්න ජීවිතයක් සඳහා උදව් වෙනවා.

සී නැති කහට කෝප්පයක් ගන්න ඔබ ප්‍රධාන ආහාර වේලක් ලබාගෙන පැයකට පමණ පසුව සීනි එකතු නොකරන ලද කහට කෝප්පයක් පානයට ගැනීමෙන් ආහාර වේලේ  ඇති අනවශ්‍ය තෙල් ප්‍රමාණය අඩු කරගන්නට හැකියාව ලැබෙනවා. එය ඔබව කොලොස්ටරෝල් සඳහා ඇති අවදානම අඩුකර ගන්නට උදව් වෙනවා .

  • දිනපතාම නොපිසින ලද සලාද හෝ සම්බෝල සමග පිසින ලද එළවළු හතරක්වත් ආහාරයට එකතු කරගන්න. 
  • බිත්තර සුදු මදය ආහාරයට ගන්න.  
  • ආහාර ගැනීමේදී බත් සමඟ රතු ළූණු ගෙඩියක් දෙකක් අමුවෙන් හපා ආහාරයට ගන්න.

අවුරුදු 40න් පසු කාන්තාවන්ටත්  පුරුෂයන්ටත්  සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න මේ පුරුද්ද හේතු වෙනවා. මොකද  රතු ළූණු  අපේ ශරීරයේ ඇති විෂ ඉවත් කරමින් දේහයට වාසි රැසක්ම ලබා දෙනවා.

උදෑසන සීනි එකතු නොකරන ලද ස්වභාවික දොඩම් යුෂ වීදුරුවක් පානයට ගන්න.විටමින් සී බහුල මෙවැනි ස්වභාවික නැවුම් පානයක් දිනපතාම ගැනීමෙන් ඔබේ තරුණ පෙනුම ආරක්ෂා කරගන්නට පුළුවන් . සමේ සෞඛ්‍ය යහපත්ව තියාගන්නටත් එය උපකාරී වෙනවා . ඒ වගේම ඔබ උදෑසන හිස්බඩ පානය කරන ජලය වීදුරුවට දෙහි යුෂ එකතු කිරීමෙන් පවා මේ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ශරීරයේ එකතු වෙලා ඇති විෂහරණය කරගන්නටත්, අධික කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගන්නටත් දේහ බර අඩු කර ගන්නත්, මානසික සහනය සඳහාත්  මේ පානය ඔබට අතිශයින්ම වැදගත් වේවි.

දිනපතාම කොළ ඇපල් ගෙඩියක් ආහාරයට ගන්න.කොළ ඇපල් අපේ ශරීරයට ලබාදෙන ප්‍රතිලාභ විශිෂ්ටයි. කොළ ඇපල් අපේ ශරීරයේ පරිවෘත්තීය  ක්‍රියාවලින් වැඩිදියුණු කිරීම, අක්මාව, ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගී කිරීම්, අස්ථි ශක්තිමත් කිරීම, ප්‍රතිශක්තිය වර්ධනය, අධි කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය අඩු කිරීම් ඇතුළු ප්‍රතිලාභ බොහොමයක් ලබා දෙනවා.  වයස අවුරුදු 40 න් පසුව නිරෝගීව ජීවත් වෙන්නට මේ කොළ ඇපල් ලබා ලබාදෙන දායකත්වය ඉතාම සුවිශේෂී 

  • ශාරීරික ව්‍යායාම්වල නිරත වෙන්න.
  • ශරීරයට අහිතකර කෘතීම රසායනික එකතු කරන ලද ආහාර පානාදියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න.
  • පිටි සහිත ආහාර පාලනය කරන්න.
  • තද අව්වට නිරාවරණය වීමෙන් වළකින්න.
  • මානසික ආතතියෙන් මිදෙන්න.
  • පසුතැවීම, කල්පනාකාරී වීම ආදිය අඩු කරන්න.
  • සමාජයීය ක්‍රියාකාරකම්වල නිරත වෙන්න. 
  • මාස තුනකට වරක් රුධිරගත සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කරවා ගන්න.
  • ඇස් පරීක්ෂා කර ගන්න. 
  • දිනකට වතුර බෝතල් හයක් පමණ පානයට ගන්න .
  • දිනපතා ආහාර ගැනීමෙන් පසුව හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්න. මෙය බඩවැල්වල ඇතිවන සංකූලතාවයන් වළක්වාලන්නට වගේම මළබද්ධයෙන් ඔබව ආරක්ෂා කරන්නටත් උදව් වෙනවා.

 ඒ වගේම රුධිර පීඩනය සහ ඔබගේ බර වැඩි වීම පිළිබඳවත්  නිරන්තරයෙන් අවධානයෙන් සිටියොත් වයස 40 පැන්නත් තරුණව ජවසම්පන්නව ඉන්න හැකියාව ලැබේවි.