සීනි පට ගාලා බස්සන තෙඹු කොළ සතු ගුණ 16 ක්

health tips

Zingiberaceae කුලයට අයත් තෙඹු යනු ඈත අතීතයේ සිටම බොහෝ දෙනෙකු ආහාරයට ගත් රසවත් පලාවකි. එනම් තෙතමනය සහ සෙවණ සහිත පරිසරවල හොඳින් වැඩෙන තෙඹු ශාකයේ පත්‍ර කොළ පැහැති වලයක ආකාරයෙන් පිහිටා තිබේ. කඳ මාංසල බවින් යුතු රතු පැහැති කඳක් වන අතර මෙම ශාකයට සමාන costs after නම් තවත් වර්ගයක් ද හඳුනාගත හැකිය.  එනම් එහි පත්‍ර තද කොළ පැහැතිවේ. එමෙන්ම එය රසයෙන් ඇඹුල් අධිකවේ. ඊට අමතරව costus dubious නම් තවත් වර්ගයක් හඳුනාගත හැකි අතර එහි මල් හටගන්නේ මුල් තුළය. 

කෙසේ වෙතත් ඖෂධ සහ ආහාර සඳහා භාවිතා කරන්නේ කඳ රතු පැහැති තෙඹු  ශාකයයි. එනම් මෙහි මුල් සුදු පැහැයෙන් යුක්ත වේ. ඈත අතීතයේ සිටම මෙම පළාව දියවැඩියා රෝගීන්ට ගුණ දෙන පළාවක් ලෙස හඳුනාගෙන ඇති අතර තවත් බොහෝ රෝග සමනය කිරීමට ද හේතු වන බව වර්තමානය වන විට කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එනම් ලොකු කුඩා සෑම දෙනා අතරම තෙඹු කොළ සම්බෝලය වඩාත් ප්‍රචලිත ආහාරයක් වේ. එමෙන්ම තෙඹුවල මිනිස් සිරුරට  හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. 

  • ප්‍රෝටීන්,
  • තන්තු
  • පොටෑසියම්
  • කාබෝහයිඩ්‍රේට්
  • ලිපිඩ
  • සෝඩියම්
  • යකඩ
  • මැග්නීසියම්
  • කැල්සියම් 
  • ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. 

මේ නිසා තෙඹු කොළ සලාදය සකස් කර ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. 

එනම් මේ සඳහා

  • තෙඹු කොළ දෙමිටක්
  • අමුමිරිස් කරල් 2
  • රතුලූනු ගෙඩි 2
  • පොල් ස්වල්පයක් 
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක් අවශ්‍ය වේ. 

තෙඹු කොළ සෝදා පිරිසිදු කර සිහින්ව ලියලා ගෙන එයට සිහින්ව කපා ගත් රතුලූනු,පසු අමුමිරිස් , පොල්,  ගම්මිරිස් කුඩු ,ලුනු  යන සියල්ල එකතු කර හොඳින් මිශ්‍ර කර කෑමට ගැනීමට මොහොතකට පෙර දෙහි යුෂ ස්වල්පයක් එක් කර ආහාරයට ගන්න. මෙය බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. 

තෙඹු කොළ සම්බෝලයේ ඖෂධීය ගුණ 

ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා ගැස්ට්‍රයිටීස් රෝගීන්ට එම රෝගය ඇතිවීම පාලනය කර ගැනීම සඳහා තෙඹු කොළ ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් තෙඹු පලා මැල්ලුමක් ලෙස හෝ සම්බෝලයක් ලෙස සකස්කර  ආහාරයට ගැනීම මේ සඳහා වඩාත් යෝග්‍ය වේ. 

හෘද රෝගය සඳහා තෙඹු කොළ ආහාරයට ගැනීමෙන් හෘද රෝග ඇතිවීම වළක්වා ගත හැකිය. එනම් තෙඹු ආහාරයට ගැනීමෙන් රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම, කොලෙස්ටරෝල් පාලනය කිරීම, අධිරුධිර පීඩනය පාලනය කිරීම සිදුකරනු ලැබේ.  එමෙන්ම තෙඹු කොළ වල අඩංගු පොටෑසියම් ක්‍රමවත්ව හෘදයට රුධිරය සැපයීම සිදුකරයි. එනම් මේ නිසා හෘද රෝග ඇතිවීම වළක්වා ගැනීමට තෙඹු ආහාරයට ගැනීම ගුණදායකවේ. 

ශරීරගත දාහය සඳහා බොහෝ දෙනෙකුට පවතින ශරීරගත දාහය සමනය කර ගැනීම සඳහා තෙඹු මුල් වල යුෂ පානය කිරීම ගුණදායකය. එනම් තෙඹුවල අඩංගු සිසිල් ගුණය ශරීරය සිසිල් කර ගැනීමට උපකාරී වේ. 

දියවැඩියාව පාලනය කිරීම සඳහා රුධිර ගත සීනි මට්ටම ඉහළ යාම පාලනය කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස තෙඹු කොළ සම්බෝලය ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. එනම් තෙඹුවල අඩංගු තන්තු රුධිරගත සීනි මට්ටම පාලනය කරයි. නමුත් ප්‍රමාණය ඉක්මවා තෙඹු ආහාරයට නොගත යුතුය. එමෙන්ම දිනපතා භාවිතා කිරීම මෙන්ම ඖෂධ සමඟ තෙඹු කොළ ආහාරයට නොගැනීමට දියවැඩියා රෝගීන් කටයුතු කළ යුතුය. නොමැතිනම් එය රුධිරගත සීනි මට්ටම අසාමාන්‍ය ලෙස පහත බැසීමට හේතු විය හැකිය. 

ශරීරයේ විෂ ඉවත් කිරීම සඳහා ශරීරයේ පවතින විෂ ඉවත් කර ගැනීමට තෙඹු ආහාරයට ගැනීම යෝග්‍ය වේ.  එනම් තෙඹුවල අඩංගු තන්තු හා ප්‍රතිඔක්සිකාරක ගුණ ශරීරගත විෂ ඉවත් කිරීම සිදුකරයි. 

රක්තහීනතාවය  සඳහා බොහෝ දෙනකුට පවතින යකඩ අවම වීමෙන් ඇතිවන රක්තහීනතාවය හෙවත් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීමේ රෝගය  සුව කර ගැනීමට යකඩ වලින් පොහොසත් තෙඹු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

  • මීට අමතරව 
  • මළබද්ධයට 
  • පණු රෝග සමනයට 
  • ලාදුරු රෝගයට 
  • සෙම් රෝගයට 
  • ශරීර විඩාව නිවා ගැනීම සඳහා 
  • ඇදුම රෝගය සඳහා 
  • චර්ම රෝග සඳහා 

මෙවැනි රෝග ගණනාවක් සුව කිරීමට තෙඹු සම්බෝලය, පලා මැල්ලුම ආහාරයට ගැනීම ගුණදායකය. නමුත් තෙඹු නිතර ආහාරයට ගැනීම ස්ත්‍රි , පුරුෂ දෙපක්ෂයේම මදසරුභාවයට හේතුවන බවද බොහෝ දෙනෙකු සඳහන් කරයි. මේ නිසා තෙඹු සතියකට වරක් පමණ ආහාරයට ගැනීම යෝග්‍ය වේ.