අගස්ති යන නාමයෙන් හඳුන්වන කතුරුමුරුංගා ශාකය ඈත අතීතයේ සිටම ඖෂධයක් ලෙස යොදා ගත් රනිල කුලයට අයත් ශාක විශේෂයකි. එනම් Fabeceae උද්භිද කුලයට කතුරුමුරුංගා vegetable bumming bird ,Bak Pushpa යන නම් වලින් ඉංග්‍රීසි භාෂාවේ හදුන්වනු ලබයි. එනම් අඩි 25ක් පමණ උසට වැඩෙන මෙම ශාකයේ නිජ භූමිය මලයාසියාවයි. ශාක පත්‍ර ඒකාන්තර පත්‍ර වන අතර සම පක්ෂ සංයුක්තවේ. ද්වී ලිංගික අක්‍රමවත් පුෂ්ප සුදු පැහැයෙන් යුතු වේ. එමෙන්ම කහ පැහැති සහ රතු පැහැති මුරුංගා මල් ද දැක ගත හැකිය.
එනම් කතුරුමුරුංගා පලා මැල්ලුම හා මල් ව්‍යාංජනය කා අතරත් ප්‍රචලිත අතර ආහාර සඳහා එකතු කර ගැනීමෙන් ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබාගත හැකිය.
- විටමින් A, B,C,
- ප්‍රෝටීන්
- කැල්සියම්
- නිකොටොනික් අම්ලය
- යකඩ
- මැග්නීසියම්
- රයිබොප්ලෙවින්
- නියසින්
- බීටා කැරොටීන්
- මේදය
- සින්ක්
- ඇමයිනෝ අම්ල
- තයමින්
- සෝඩියම්
- පොටෑසියම්
- කොපර්
- ඇලනින්
- ඇස්පර්ජින්
- ඇස්පාර්ටික් අම්ලය
ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ කතුරුමුරුංගා වල අඩංගු වේ. මීට අමතරව මෙම ශාකයේ කොටස් ආයුර්වේදය තුළ ඖෂධ සදහා භාවිතා කරනු ලැබේ. එනම් කතුරුමුරුංගා ශාකයේ කොළ, පොතු ,මුල් ,ඇට, මැලියම් ඖෂධ ලෙස යොදා ගන්නා අතර ආයුර්වේදයෙහි සදහන් කරන ආකාරයට රසයෙන් තිත්ත වීරයන් ශීත ගුණයෙන් ගුරු හා ලගුද විපාකයෙන් රූක්ෂ හා කටුක ගුණයන්ගෙන් යුක්ත වේ.
කතුරුමුරුංගා කොළ , මල් බහුලව ආහාරයට ගත්තද කතුරුමුරුංගා ඇට වල කොළවලට වඩා පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ. නමුත් ඒවායේ අඩංගු විෂ රසායන හේතුවෙන් ආහාරයට ගැනීම ගුණදායක නොවේ.
කතුරුමුරුංගා ඖෂධීය ගුණ
- මුත්‍රා රෝග සඳහා
- ශරීරය දාහය සමනය කිරීම සඳහා
- පිත් රෝග සඳහා
- ඇදුම පීනසට ශ්වසන රෝග සඳහා
- කාන්තා රෝග සඳහා
- සෙම් රෝග සඳහා
- රුධිරය සමඟ ඇතිවන පාචනය සඳහා
- බඩවැල් ආශිත රෝග සඳහා
- අර්ශස් රෝගය සඳහා
- සෙම්ප්‍රතිශ්‍යා සඳහා
- යන ආදී වශයෙන් ආහාරයක් ලෙස, ඖෂධයක් ලෙස කතුරුමුරුංගා කොළ භාවිතයට ගත හැකිය.
කතුරුමුරුංගා ශාකයේ අත් බෙහෙත්
අර්ශස් සඳහා කතුරුමුරුංගා යුෂවලට මී පැණි එකතු කර උදේ සවස පානය කිරීම ගුණ ගෙනදේ.
හන්දිපත් වේදනා සඳහා කතුරුමුරුංගා මුල්, කලුඅත්තන මුල් උණුවතුරින් අඹරා එම ස්ථානවල දිනකට එක්වරක් ගල්වා සම්බාහනය කිරීම මගින් හන්දිපත් වේදනාව සුව කර ගත හැකිය.
උණ සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස සඳහා කතුරුමුරුංගා, වදකහ කෂාය කර පානය කිරීම යෝග්‍ය වේ.
උගුර බැරැන්ඩි වීම සමනය කිරීම සඳහා උගුර බැරැන්ඩි වූ විට කතුරුමුරුංගා කොළ ,මල් හා පාවට්ටා කොළවලට වතුර පත 8ක් දමා පත එකට සිඳුවා උදේ සවස පත භාගය බැගින් පානය කිරීම මගින් උගුර ආශ්‍රිතව ඇතිවන රෝග සමනය කර ගත හැකිය.
උණ සඳහා උණ වැලඳුණ රෝගීන්ට කතුරුමුරුංගා ස්වරසය මී පැණි සමඟ පානය කිරීමට ලබා දීම යෝග්‍ය වේ.
අර්ශස් හා බඩවැල් ආශ්‍රිත තුවාල සමනය කිරීම සඳහා පීඩාකාරී අර්ශස් රෝගය සඳහා කතුරු මුරුංගා කොළ යුෂ දිනපතා උදෑසන පානය කිරීම ගුණදායක වේ.
මුඛ රෝග හා සෙම් ගෙඩි සඳහා මුඛයේ ඇතිවන බිබිලි, තුවාල,තොල් පැලීම් සමනය කිරීමට කතුරුමුරුංගා කොළ යුෂවලින් කට සේදීම යෝග්‍ය වේ.
ශරීරගත විෂ ඉවත් කිරීම සඳහා කතුරුමුරුංගා කොළ ඉස්ම හා මදුරුතලා කොළ ඉස්ම ගෙන ඊට වතුර පත හතරක් එකතු කර පත එකට සිඳුවා ගම්මිරිස් ස්වල්පයක් එකතු කර පත භාගය බැගින් උදේ සවස පානය කිරීම යෝග්‍ය වේ. එනම් මෙය තුවාල සුව කර ගැනීමට ද ඖෂධයක්වේ.
යටිපතුල් පැළීම සමනය කිරීම සඳහා කතුරුමුරුංගා මල් වේලා කුඩු කර මී කිරි සමග මුදවා උදේ සවස යටිපතුල් වල ආලේප කිරීම යෝග්‍යය වේ.

රාත්‍රියේ ඇස් නොපෙනීම සඳහා රාත්‍රියේ ඇස් පෙනීම වැඩි කර ගැනීමට කතුරුමුරුංගා කොළ යුෂ පෙරා බිංදු දෙකක් පමණ ඇස මත තැබීම ගුණදායකවේ.
සම මත ඇතිවන රෝග සඳහා සම මත ඇතිවන තුවාල ,ළප කැලැල් සමනය කිරීමට කතුරුමුරුංගා මල් ආහාරයට ගැනීම
මෙන්ම තුවාල හා සමෙහි ලප කැළැල් සමනය
කිරීමට කතුරු මුරුංගා කොළ යුෂ ගැල්වීම යෝග්‍ය වේ.
පැපොල සරම්ප මගින් ඇතිවන බිබිලි සඳහා මෙම රෝග හේතුවෙන් ඇතිවන බිබිලි,ලප කැලැල් සඳහා කතුරුමුරුංගා පොතු කෂාය කර පානය කිරීම යෝග්‍ය වේ.
කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සමනය කිරීම සඳහා මුරුන්ගා පොතු අඹරා යුෂ ගෙන ඊට මී පැණි එකතු කර පානය කිරීම ගුණදායකය.
ආර්තව ගැටලු සඳහා බොහෝ කාන්තාවන් පීඩා විඳින ආර්තව වේදනාවන් මෙන්ම, අක්‍රමවත් ඔසප් චක්‍රය ක්‍රමවත් කර ගැනීමට කතුරුමුරුංගා මල් අව්වේ වේලා කුඩු කර එලකිරි සමග පානය කිරීම යෝග්‍ය වේ.
- මීට අමතරව
- පිළිකා මර්දනය කිරීම සඳහා
- මතක ශක්තිය වර්ධනය කිරීම සඳහා
- අර්ශස් රෝග සඳහා
- සම පෝෂණය කිරීම සඳහා
යන ආදී වශයෙන් බොහෝ රෝග සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස, ආහාරයක් ලෙස කතුරුමුරුංගා ආහාරයට එක් කර ගත හැකිය.