Clitoria ternatea නම් උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නිල් කටරොල් මල් වලින් සිරුරට ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ රැසකි.ආයුර්වේදයේ මෙය ඉතා ගුණදායි ඔසුවක් ලෙස ද සඳහන් වෙයි.මෙම අලංකාර නිල් පැහැති මල් රුධිර රෝග, වාත රෝග, දැවිල්ල හා ඉදිමුම් (ප්‍රදාහය) නැසීමට, කුෂ්ඨ හා තුවාල සුවවීමට, සම ආරක්ෂා කිරීමට, ආමාශයේ ගැටලු සමනය වීමට ගුණදෙන බව සඳහන්.නිල් කටරොළු පානය අද කාලයේ ජනප්‍රිය ඖෂධීය පානයක් බවට පත්වෙලා තිබෙනවා. ඉතින්, අද අපි ඔබට කියන්නේ මේ පානය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයන පවා සනාථ කර ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ ගැනයි.
මුළින්ම බලමු නිල් කටරොළු පානය පිළියෙල කරගන්නේ කොහොමද කියලා:
අවශ්‍ය ද්‍රව්‍ය: සෝදා පිරිසිදු කරගත් නිල් කටරොළු මල් 5-6ක් පමණ, උණු වතුර කෝප්පයක් පමණ,ලුණු ස්වල්පයක් හා දෙහි යුෂ තේ හැඳි 1-2ක් පමණ.
ක්‍රමය:එක් අයෙකුට සරිලන ආකාරයෙන් සකසාගන්නේ මෙහෙමයි.කෝප්පයකට සෝදාගත් මල් ටික දමා නටන උණුවතුර පුරවාගන්න. පියනකින් වසා මිනිත්තු 5-10ක් පමණ තැම්බෙන්නට හරින්න. විවෘත කර බැලූ විට වතුර සම්පූර්ණයෙන් නිල් පාටට හැරී ඇති ආකාරය ඔබට පෙනේවි. එම තැම්බුම් සාරයෙන් ඉතිරි මල් පෙති ඉවත් කර ලුණු හා දෙහි එක්කර කළවම් කරන්න. දැන්, ඔබට මෙය පානය කරන්න පුළුවන්.
නිල් කටරොළු පානය හරහා සිරුරට ලැබෙන අපූරු සෞඛ්‍ය ප්‍රතිලාභ

සිරුරට ඉහළ මට්ටමේ ප්‍රතිඔක්සිකාරක ගුණයක් ලැබේ කටරොළු මල් වල ප්‍රතිඔක්සිකාරක ගුණ බහුලයි.මෙම ජෛව සංඝටක මඟින් සෛල හා පටක වලට හානිකරන මුක්තකණ්ඩ වලට එරෙහිව නැගී සිටීමේ හැකියාව සිරුරට ලබාදෙයි.මෙම විෂ බලපෑම් අකලට සිරුර වියපත් වීම හා නොයෙකුත් ලෙඩ රෝග අවදානම් වැඩිවීමට පවා හේතුවේ. ප්‍රතිඔක්සිකාරක එවැනි අවදානම් පාලනය කරයි.මෙය සිරුර විෂහරණය කරන ඖෂධීය පානයකි. කැෆේන් රහිත නිසා සෞඛ්‍යයට ඉතා හිතකරයි.
දියවැඩියාව පාලනය කරයි-ආහාර වේල් අතරතුරදී නිල් කටරොළු පානයක් ලබාගැනීම සිරුරේ ග්ලූකෝස් මට්ටම් වැඩිවීම පාලනය කරන අතර රුධිර සීනි මට්ටම් අඩුකරවයි.ශරීරය ආසාදන වලට ලක්වීමේ අවදානම ද අවම කරයි.විශේෂයෙන්ම දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින්ට මේ ගුණය වඩාත් වැදගත්ය. ඊට හේතුව ඔවුන් ආසාදන වලට ලක්වීමේ ඉහළ අවදානමක් තිබීමයි. දියවැඩියා රෝගීන්ට මෙය ඉතා ගුණදායි පානයක් බව සඳහන්මෙම පානය හෘද සෞඛ්‍ය ද නීරෝගි කරයි.
සමට හා හිසකෙස් වලට ද ප්‍රතිලාභ දේ.මෙම පානයේ ඇති ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ සම ඇතුළාන්තයෙන්ම නිරෝගි කරයි. සමේ තරුණ බව හා ප්‍රභාව සුරකියි.සමට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ ද මෙහි අඩංගුයි. හිසකෙස් ද පෝෂණය කරයි. අකලට හිසකෙස් පැසීම වැනි ගැටලු අවම කරයි.
රුධිර සීනි පාලනය කරන නිසා සම වියපත් වීමට බලපාන සාධක ඉස්මතුවීම ද පාලනය කරයි.ෆ්ලැවනොයිඩ වැනි ශාක රසායන අඩංගු බැවින් සමේ කොලැජන් නිෂ්පාදනය ද ඉහළ නංවයි.එමෙන්ම සමේ නම්‍යතාව හා සවිමත් බව වැඩිකරයි.ඇන්තොසයනින් අඩංගු නිසා හිස්කබලට හොඳින් රුධිර සංසරණය වෙයි. නිසි පෝෂණය හා ඔක්සිජන් ලැබීමත් සමඟ හිසකෙස් මුල් උත්තේජනය වී හිසකෙස් වර්ධනයට අවශ්‍ය පරිසරය සැකසේ.

මොළයේ ක්‍රියාකාරීත්වය නීරෝගි කරයි මොළයේ නියුරෝන ක්‍රියාකාරීත්වය ජවසම්පන්න කරමින් ඒවා නීරෝගි කරයි.
කාංසාව හා විශාදයට ප්‍රතිකාර කරයි කාංසාව (අනිසි බිය හා නොසන්සුන්තාව) හා මානසික අවපීඩනය වර්තමානයේ බොහෝ දෙනා පීඩාවට පත්ව ඇති මානසික ගැටලු දෙකකි. කටරොළු තේ පානය කිරීම මනසේ ආතතිය දුරලයි. මනස සැහැල්ලු කරයි.නැවුම් බවක් දැනෙයි.
පිළිකා නසයි -ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති නිසා සිරුරේ සෛල වලට හානිකරන මුක්තකණ්ඩ බලපෑම් වලට එරෙහිව සිරුරට හොඳ ආරක්ෂාවක් ලබාදෙයි. පිළිකා සෛල වර්ධනය වීමේ අවදානම බොහෝ හොඳින් අවම කරයි.