බාර්ලි පානය කිරීමෙන් ලැබෙන ගුණ 10 ක්

health tips

පෝෂණ ඌනතාවයන් සපුරා ගැනීම සඳහා බාල මහළු සෑම සියලු දෙනාටම පාහේ ආහාරයට එකතු කර ගත හැකි ධාන්‍ය වර්ගයක් ලෙස බාර්ලි හැඳින්විය හැකිය. එනම් බාර්ලි ආහාරයට ගැනීමෙන්  ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් එක් කර ගත හැකිය. එනම් ඒ අතර කැලරි, කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් ,මැංගනීස්, කොපර්, විටමින් B1,B4,  මැග්නීසියම්, මේදය, පොස්පරස්, සෙලනියම්, තඹ,කැලරි… ආදී පෝෂ්‍ය පදාර්ථ රාශියක් බාර්ලි වල අඩංගුවේ. 

බාර්ලි පානය වර්තමානය වන විට ප්‍රචලිත පානයක් බවට පත්ව තිබේ. එනම් බාර්ලි පානය භාවිතා කිරීම මගින් ශරීරය ශක්තිමත් කර ගත හැකිය. නමුදු සෙම් රෝග බහුල පුද්ගලයින් හා ආසාත්මිකතාවයන් ඇති පුද්ගලයින් බාර්ලි පානය භාවිතා කරන විට ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් බාර්ලි පානය භාවිතය එවැනි පුද්ගලයින්ට සුදුසු නොවේ. 

බාර්ලි පානය සකස් කරන ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බාර්ලි අවශ්‍ය ප්‍රමාණයට
  • වතුර කෝප්ප 4
  • මී පැණි ස්වල්පයක්
  • ලෙමන් සහ ඉඟුරු යුෂ ස්වල්පයක් 

වතුර දැමූ බඳුනක් ලිප තබා එයට  බාර්ලි එකතු කර අවශ්‍ය ප්‍රමාණයට ලුණු මිශ්‍ර කර හොඳින් තම්බා ගන්න. තැම්බුණු පසු වීදුරුවකට දමා මී පැණි සහ ලෙමන් යුෂ ස්වල්පය බැගින් එකතු කර හොඳින් මිශ්‍ර කර  ශීතකරණය තුළ  විනාඩි විස්සක් පමණ තබා පානය කරන්න. එනම් දිනකට බාර්ලි වීදුරුවක් පානය කිරීම මගින්  ශරීරගත නොයෙක් රෝග සමනය කර ගත හැකිය. 

බාර්ලි පානයේ ඖෂධීය ගුණ 

ශරීරගත විෂ ඉවත් කිරීම සඳහා සුදුසු පානයකි.ශරීරගත විෂ ඉවත් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි තවත් ස්වභාවික ඖෂධීය පානයක් ලෙස බාර්ලි පානය හැඳින්විය හැකිය. එනම් බාර්ලි පානය කිරීම මගින් බඩවැල් වල පවතින විෂ ඉවත් කර ගත හැකිය. එනම් ඒ සඳහා බාර්ලි වල අඩංගු beta – glucans නැමැති රසායනිකය සංයෝගය මුත්‍ර මාර්ගයේ හා බඩවැල් වල විෂ ඉවත් කිරීම සිදුකරයි. මේ නිසා ශරීරයේ විෂ ඉවත් කර ගැනීමට ඖෂධයක් ලෙස බාර්ලි පානය භාවිතය වඩාත් ගුණදායකවේ. 

ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.බොහෝ දෙනෙකුට ක්‍රමවත්ව ආහාර ජීර්ණය නොවීම ගැටලුවක් බවට පත්ව තිබේ. එනම් එය පසු කාලීනව රෝග රැසකට මූලකාරකයක් විය හැකිය. එය සමනය කරගැනීමට බාර්ලි පානය භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. එනම් බාර්ලි වල අඩංගු තන්තු මගින්  ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම සිදුකරනු ලැබේ. 

ශරීරගත බර අඩු කරනු ලබයි.බොහෝ දෙනෙකුට පවතින අධික ස්ථුලතාවය පාලනය කර ගැනීම සඳහා බාර්ලි පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් බාර්ලි පානය දිනපතා භාවිතා කිරීම මගින් එහි අඩංගු තන්තු නැවත නැවත කුසගිනි ඇතිවීම වලක්වා නිතර ආහාර ගැනීම අවම කරනු ලැබේ. එමෙන්ම  බාර්ලි පානය ශරීර පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත් ව කර අනවශ්‍ය මේදය දහනය කිරීමද සිදුකරනු ලැබේ. මේ නිසා ශරීර බර පාලනය වීම සිදුවේ. 

ශරීරය සිසිල් කරයි.උෂ්නාධික ශරීරයක් හිමි පුද්ගලයින්ට එම ශරීරය සිසිල් කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ඖෂධීය පානයක් ලෙස බාර්ලි පානය හැඳින්විය හැකිය. එනම් බාර්ලි වල අඩංගු සිසිල් කාරක ගුණය ශරීර දාහය සමනය කර සිසිල් කරනු ලබයි. එනම් ශරීරය උෂ්ණාධික  බව හේතුවෙන් ඇතිවන රෝග පීඩා සමනය කිරීමට බාර්ලි පානය යෝග්‍යවේ. 

මුත්‍ර රෝගයන්ට සුවය සලසයි. බොහෝ දෙනෙකුට පීඩා ගෙන දෙන මුත්‍ර ගල්  ඇති වීම ,මුත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ල.. ආදී මුත්‍ර රෝගයන් සමනය කිරීමට ඖෂධයක් ලෙස බාර්ලි පානය භාවිතා කළ හැකිය. 

උදරගත ආම්ලිකතාවය සමනය කිරීමට උපකාරීවේ.වර්තමානය වන විට වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට උදරගත ආම්ලික තාවය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගය ඇතිවී තිබේ. මෙම රෝගය නිසා උදරගත දැවිල්ල බඩ පපුව දැවිල්ල වැනි රෝග සංකූලතාවයන් ඇති වනු ලැබේ. එම රෝග සංකූලතාවයන් ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම උදර ආම්ලිකතාවය සමනය කිරීමට බාර්ලි පානය භාවිතය වඩාත් යෝග්‍ය වේ. 

පිළිකා මර්දනය කරයි.බොහෝ දෙනෙකුට පවතින මාරාන්තික රෝගයක් වන පිළිකා රෝගය මර්දනය කිරීම සඳහා ඖෂධයක් ලෙස බාර් ලී පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් බාර්ලි වල අඩංගු විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක ගුණයන් පියයුරු පිළිකා පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇති වීමට හේතුවන පිළිකා සෛල  මර්දනය කරනු ලැබේ. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගැනීම නිරෝගී දිවියක් ගත කිරීමට බෙහෙවින් ඉවහල් වේ. එනම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට බාර්ලි පානය භාවිතය වඩාත් සුදුසුවේ. එනම් බාර්ලි වල අඩංගු විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරකයන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ප්‍රතිශක්තිකරණය දුර්වල වීමෙන් ඇතිවිය හැකි රෝග වලින්ද ආරක්ෂාව සපයනු ලැබේ. මේ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ පුද්ගලයින්ට බාර්ලි පානය ලබාදීම ගුණදායකය. 

හෘද රෝගීන්ට සුදුසු වේ.හෘද රෝගයෙන් පීඩා විඳින රෝගීන්ට නැවත හෘදරෝග ඇතිවීම වළක්වා ගැනීමට බාර්ලි පානය භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. එනම් බාර්ලි පානය භාවිතා කිරීමෙන් හෘද රෝග ඇතිවීමට හේතුවන අධි රුධිර පීඩනය , කොලෙස්ටරෝල් ඇතිවීම වළක්වා හෘදයේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් ව පවත්වාගෙන යාමට ඉවහල්වේ. මේ නිසා හෘද රෝග ඇති වීම වළක්වා ගැනීමට බාර්ලි පානය භාවිතා කිරීම යෝග්‍යවේ. 

  • අස්ථි ශක්තිමත් කිරීමට
  • දියවැඩියා රෝගය පාලනය කිරීමට
  • මළබද්ධය සමනය කිරීමට
  • පිත්තාශය තුළ ගල් ඉවත් කිරීමට ආදි වූ රෝග සමනය කර ගැනීමට බාර්ලි ආහාරයට ගැනීම ගුණදායකය.