අපි ආහාර ගන්නා විට එය පෝෂ්‍ය පදාර්ථවලින් අනූන සමබර ආහාර වේලක් ලෙස ගන්නට උත්සාහ කරනවා. මොකද අපි ආහාර ගන්නේ කුසගින්න නිවා ගැනීමට පමණක් නොවන නිසා. අපේ ශරීරයේ පැවැත්ම සහ නීරෝගීතාවය උදෙසා අපි ගනු ලබන ආහාරවල ඇති පෝෂක අපිට උදව් වෙනවා. එවැනි පෝෂ්‍ය පදාර්ථ අතුරින් විටමින් කියන්නේ අපේ ශරීරයේ පෝෂණයට අත්‍යවශ්‍යම ද්‍රව්‍යයක්. මේ විටමින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා නිසියාකාරව පවත්වාගෙන යාමට වගේම කාබෝහයිඩ්රේට්, මේදය, ප්‍රෝටීන් ආදී පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කර ගන්නට උදව් වන එන්සයිම ක්‍රියාකාරී වීමටත් විටමින් වර්ග අවශ්‍ය වෙනවා. ඒ හැරුණාම ශරීරය විවිධාකාරයේ ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන්නට වගේම මුළු ශරීරයේම වර්ධනයටත් මේ විටමින් අත්‍යවශ්‍ය වෙනවා. ජල ද්‍රාවී සහ ජල අද්‍රාවී නොවන වශයෙන් බෙදා වෙන් කරන විටමින් වර්ග අතුරින් අද අපි කතා කරන්නට සූදානම් වන්නේ ජලයේ දියවන අපේ සිරුරට අත්‍යවශ්‍ය විටමිනයක් වන විටමින් C පිළිබඳවයි.
සාමාන්‍යයෙන් ප්‍රධාන ආහාරවේලකින් පසුව විටමින් C අඩංගු පලතුරක් ගන්නට අපි බොහෝදෙනා පුරුදු වෙලා සිටිනවා.විටමින් C අප ගනු ලබන ආහාරවල පෝෂ්‍ය කොටස් ශරීරයට අවශෝෂනය කර ගැනීමේදී බෙහෙවින් වැදගත් වෙනවා. ඒ හැරුණාම සම, කාටිලේජ, අස්ථි, කණ්ඩරාවන්, දත් රුධිරවාහිනි ආදිය නඩත්තුවට වගේම ප්‍රතිසංස්කරණයටත් අවශ්‍ය කොලජන් නිෂ්පාදනයට විටමින් C විශාල මෙහෙයක් සිදු කරනු ලබනවා. ඒ වගේම සමේ විවිධ ආසාදන සුව කරන්නටත් විටමින්වලට හැකියාව පවතිනවා.
මේ විටමින් C පලතුරු හැරුණාම එළවලුවලත් බහුලව අඩංගු වුණත් පිසීමේදී විටමින් C බොහෝසෙයින් විනාශ වී යාමට ඉඩකඩ පවතිනවා.විශේෂයෙන්ම එළවලු හෝ පලතුරු සිහින්ව කැපීමේදී වගේම අධික උෂ්ණත්වය යටතේ ආහාර පිසීමේදීත් මේ විටමින් C විනාශ වෙන්නට පුළුවන්. කොහොමවුණත් ශරීරයේ වැදගත් කාර්යන් රාශියකටම අත්‍යවශ්‍ය මේ විටමිනය අපේ ශරීරයේ වැඩි කාලයක් රැඳී නොසිටින නිසා සෑම දිනකම එය අපිට ලබා ගන්නට සිදු වෙනවා.මේ විටමින් C අවශ්‍ය පරිදි සිරුරේ හිඟවීම සෞඛ්‍ය ගැටළු රාශියකට මගපාදනු ලබන අතර කරදරකාරී රෝග ලක්ෂණයන් ද ඇති කරනවා. ඒ නිසා යම් විටෙක ශරීරයේ මේ විටමින් ඌණ වූ විට ඒ බව පෙන්නුම් කරන්නට විවිධ සංඥා නිකුත් කරනවා. ඒ ලක්ෂණ පිළිබඳව අවබෝධයෙන් සිටියොත් ඔබට ඒ ඌණතාවය මගහරවා ගන්නට ක්‍රියා කරන්නට පුළුවන්.
විටමින් C ඌණතාවයේ ලක්ෂණ

විදුරුමස් ඉදිමී ලේ ගැලීම විදුරුමස්වල වගේම දත්වල සෞඛ්‍යයට විටමින් C අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම විදුරුමස් ඉදිමී ඇතිවිට ඔබ විටමින් C වැඩි වශයෙන් ලබා ගන්නට අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටි කාන්තාවක් දිනකට විටමින් C මිලිග්‍රෑම් 75 ක් සහ වැඩිහිටි පිරිමි අයෙකු සඳහා දිනකට මිලිග්‍රෑම් 90 ක් පමණ ලබා යුතු බවයි සඳහන් වන්නේ.
පහසුවෙන් තුවාල සිදුවීම සහ තුවාල සුවවීම පමාවීම විටමින් C ශරීරයට ප්‍රමාණවත් තරම් නොලැබෙන බව කියාපාන මේ ලක්ෂණයත් අපට ඉතාමත් වැදගත්. සාමාන්‍යයෙන් ශරීරයේ සිදුවන සීරීම් හෝ තුවාල සුව වීමට වැඩි කාලයක් ගත වන්නේ නම් ඔබ පැගිරි කුලයට අයත් පලතුරු වගේම විටමින් C බහුල එළවලුත් වැඩි වශයෙන් ආහාරයට එකතු කරගත යුතු වෙනවා.
කොණ්ඩය පහසුවෙන් ගැලවී යාම කොණ්ඩය ගැලවී යාම විවිධ පෝෂණ ඌණතා නිසා වගේම විවිධ ලෙඩ රෝග නිසාත් ඇති වෙන්නට පුළුවන්. කොහොමවුණත් හිසකෙස් ගැලවී යාම හෝ කැඩීයාම මේ විටමින් C ඌණතාවය නිසා ඇතිවෙන්නට හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
සන්ධි වේදනාවන් නිතර ඇතිවීම මෙය විටමින් C ඌණතාවය පෙන්නුම් කරන සුලබ ලක්ෂණයක්. ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන විටමින් C අඩුවූ විට මෙවැනි තත්ත්වයන් ඇතිවෙන්නට පුළුවන්. මේ වේදනාවන් සමනය කරගන්නට විටමින් C බහුල ආහාර වැඩි වශයෙන් ආහාරවේලට එකතු කරගන්න.
නිතර ලෙඩවීම නිතර ලෙඩ වීම විටමින් C ඌණතාවය නිසා ඇති වන්නට පුළුවන්. නිතර උණ, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු වෙනත් ආසාදන තත්ත්වයන් ඇති වන්නේ නම් එය ඔබගේ ප්‍රතිශක්තිකරණයේ දුර්වලවීම නිසා ඇතිවන තත්ත්වයක්. විශේෂයෙන්ම විටමින් C සුදු රුධිරාණු නිපදවීම උත්තේජනය කරමින් බෝවන රෝගවලට එරෙහිව සටන් කරනවා. ඒ නිසා නිතර රෝගවලට ගොදුරුවීම විටමින් C ශරීරයට ප්‍රමාණවත් තරම් නොමැති බව හඟවන ලක්ෂණයක්.
දිවා කාලයේ නිදිමත රාත්‍රියේදි සුවදායි නින්දක් ලබාගත්තත් දිවා කාලයේදී ශරීරයට අධික වෙහෙසක් දැනීම මන්දගමී බව වගේම අධික නිදිමතක් දැනීමත් විටමින් C ඌණතාවයේ ලක්ෂණයක් වන්නට පුළුවන්.

සිරුරේ බර වැඩිවිම හේතුවක් නොමැතිව ශරීරයේ බර වැඩිවීම විටමින් C ඌණ බව පෙන්වන තවත් එක් ලක්ෂණයක්. විටමින් C ශරීරයේ මේදය වඩාත් කාර්යක්ෂමව දහනය කරන්නට උපකාරී වෙනවා. ඒ නිසා ශරීරයේ බර හේතුවක් නොමැතිව වැඩිවීම මේ විටමිනයේ ඌණතාවයක් නිසා වන්නට පුළුවන්.
සම වියළීම හා අඳුරු පෙනුමක් ගැනීම ශරීරයේ කොලජන් නිෂ්පාදනයට විටමින් C අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රමාණවත් තරම් විටමින් C ශරීරයට නොලැබුණු විට සමේ පැහැය අඩුවි සමේ වියළි බවක් හා රැලි ඇතිවීම සිදු වෙනවා. ඒ නිසා මෙවැනි ලක්ෂණයක් ඇත්නම් විටමින් C බහුල ආහාර වැඩි වශයෙන් ආහාරයට ගන්නට මතක තබා ගන්න.
නිතර නාසයෙන් ලේ ගැලීම නාසය කුඩා රුධිරනාලවලින් පිරී ඇති අතර ඒවා දුර්වලවීම වළක්වන්නට විටමින් C අවශ්‍ය වෙනවා. රුධිර නාල ප්‍රමාණවත් තරම් ශක්තිමත් නොවන විට එය නාසයේ රුධිරය ගැලීමක් දක්වා වර්ධනය වන්නට පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත්වීම වැදගත් වෙනවා.
- නියපොතු දුර්වලවීම
- සම මත රතු හෝ නිල් පැහැ ලප මතුවීම
මෙවැනි ලක්ෂණ ඇති අයෙක් නම් ඔබ වෙනදාට වඩා වැඩිපුර විටමින් C බහුල ආහාර ගන්නට අවශ්‍යයි. නමුත් විටමින් C අතිරේකයක් ලෙස ලබා ගන්නට බොහෝදෙනා උනන්දු වුණත් ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ විටමින් C බහුල එළවලු පලතුරු ආහාරයට ගෙන ශරීරයට ප්‍රමාණවත් තරම් විටමින් C ලබාදීමයි. ඒ වගේම වෙනත් විටමින් වර්ග ලෙස නොව විටමින් C වැඩිපුර ශරීරයට ලැබුණත් එය හානියක් වන්නේ නැති බවත් මතක තබා ගන්න. ජල ද්‍රාවී විටමිනයක් වන එය වැඩි වශයෙන් ශරීරයට ලැබුණත් ඉතා පහසුවෙන් ඒවා ශරීරයෙන් පිටවී යන නිසාවෙන්.