වයස්ගතවීම ලෙඩවීම කියන දේවල් අපේ ජීවිතයට සාමාන්‍ය දේවල් වුණාට අපි කවුරුවත් ලෙඩ වෙන්නවත් අපේ රූපය අවලස්සන වෙනවටවත් කැමති නැහැ නේ. වයස කොතරම් වැඩි අයෙක් වුණත් නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ තරුණ පෙනුම රැකගෙන නීරෝගීව ඉන්නට. ඉතින් තරුණ පෙනුම පවත්වා ගන්නට නම් බාහිරව ගල්වන ආලේපන පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.
විශේෂයෙන්ම වයස අවුරුදු 40 න් පස්සේ ශරීරය බොහෝසෙයින් වෙනස් වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා වයසත් සමඟම ඇතිවන ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙන්නටත් විටමින් අපේ ශරීරයට අත්‍යවශ්‍ය වෙනවා.
ඉතින් අපේ සිරුරට අවශ්‍ය කරන විටමින් වර්ග අතිරේක වශයෙන් ලබා ගන්නවට වඩා සමබර ආහාර වේලක් තුළින් ඒවා ලබා ගන්නට පුළුවන් නම් ඒවා හොඳින් අපේ ශරීරයට අවශෝෂණය කරගන්න පුළුවන්. වයස්ගත වීමත් එක්ක මාංශපේෂි දුර්වල වීම සිද්ධ වෙනවා. ඒ වගේම කාන්තාවන්ගේ ඔසප් වීම නතරවීමත් එක්ක විවිධ පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව වගේ රෝගාබාධ ඇති වෙන්නට තියෙන ඉඩකඩ වැඩියි.
ඉතින් ඒ නිසා හොඳ පෝෂ්‍යදායී සමබර ආහාර වේලක් තුළින් අපේ ශරීරයට අවශ්‍ය කරන විටමින් වර්ග ලබාගන්නට හැකියාව තියෙනවා. ඉතින් 40 පැන්නත් තරුණ විදියට නීරොගීව ජීවත් වෙන්නට මේ විටමින් වර්ග සමබර ආහාරවේලක් මගින් අපේ සිරුරට ලබා ගන්නම වෙනවා.

විටමින් B 12-වයස අවුරුදු 40 ඉක්මවීමත් සමඟ මේ විටමින් වර්ගය වැඩි වශයෙන් කාන්තාවකට අවශ්‍ය වෙනවා. මේ විටමිනය මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට, සාමාන්‍ය රුධිර සංසරණයක් පවත්වාගෙන යාමට, රතු රුධිර සෛල වර්ධනයට, ස්නායුවල ක්‍රියාකාරිත්වයට සහ පටකවල වර්ධනයට අවශ්‍ය වෙනවා. මේ විටමින් වර්ගය අඩුවීම නිරක්තිය, නින්ද නොයාම, බඩවැල්වල ගැටලු ඇතිවෙන්න හේතුවක්.
කුඩා වියේදී වගේම තරුණ වයසේදීත් බිත්තර කිරි ආහාර, මස් හා මාළු ආදී ආහාරවලින් විටමින් B 12 අපේ ශරීරයට ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. නමුත් 40 න් පස්සේ ආමාශයේ අම්ල ශ්රාවය කිරීම අඩුවීමත් සමඟ විටමින් B 12 ශරීරයට අවශෝෂණය වීම ක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා වයස 50 වීමට පෙර මේ විටමිනය අතිරේකයක් ලෙස හෝ මල්ටි විටමින් ලෙස හෝ ලබා ගත යුතු වෙනවා. දෛනිකව මිලි ග්රෑම් 2.4 ක ප්‍රමාණයක් හෝ ඊට වඩා වැඩියෙන් අපේ ශරීරයට ලබාගත යුතු වෙනවා. මෙය ජල ද්‍රාවී විටමිනයක් නිසා වැඩි ප්‍රමාණය මුත්‍රා ලෙස පිටවෙන නිසා ගැටළුවක් වෙන්නෙ නැහැ.
විටමින් B 12 අඩංගු ආහාර-මස්, මාළු, කිරි ආහාර, කුකුල් මස්, මුදවපු කිරි, සැමන්, කොට්ටං, බඩ ඉරිඟු, කොල් ලු,පොඟවන ලද ධාන්‍ය වර්ග, නිවිති, යෝගට්, බිත්තර, චීස්, පොල්කිරි
මැග්නීසියම්-රුධිර පීඩනය නියාමනය මූලික කර්තව්‍යය කරගත් මැග්නීසියම් යම් අවස්ථාවකදී සිරුරට ප්‍රමාණවත් නොවුණොත් හදවත් රෝග, දියවැඩියාව සහ ශරීරයේ විවිධ ස්ථානවල දැවිල්ල ඇතිවීමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම magnesium අපේ ශරීරයට කැල්සියම් අවශෝෂණය කර ගැනීමත් වේගවත් කරනවා. වැඩිපුර මැග්නීසියම් ශරීරගත වුණොත් දරුණු සෞඛ්‍ය ගැටලු ඇති නොවුණත් මස්පිඩු පෙරළීම, ඔක්කාරය, පාචනය වගේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්.
මැග්නීසියම් අඩංගු ආහාර-තද කොළ පැහැති පලා වර්ග, සෝයා, බෝංචි, ඇට වර්ග, අලිගැටපේර
විටමින් D -වයස අවුරුදු 40 ඉක්මවීමත් එක්ක නිරෝගීව ජීවත් වෙන්න අවශ්‍ය කරන තවත් විටමිනයක් තමයි විටමින් ඩී. මේ විටමිනය නිසි පරිදි ශරීරයට නොලැබීම අස්ථිවල දුබලතා ඇති කරන්නටත් අස්ථිවල වේදනාව ඇති කරන්නටත් හේතු වෙනවා.
විටමින් d උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් ලබාගන්න පුළුවන්. ඒ හැරුනහම මාළු, ධාන්‍ය වර්ග, බටර්, බිත්තර ආදිය මගින් විටමින් ඩී අපිට ලබාගන්න පුළුවන්.
කැල්සියම් -වයස අවුරුදු 30 ට පෙර ශරීරයට ලබා ගන්නා කැල්සියම් අපේ ශරීරයට ඉතා හොඳින් අවශෝෂණය කරගන්නවා. අපේ අස්ථි ශක්තිමත් කරන්නට ඒ ලබා ගන්නා කැල්සියම් ජීවිත කාලය පුරාවටම බලපාන බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. මාංශපේශී, ස්නායු හා හෘදයේ විධිමත් ක්‍රියාකාරිත්වයටත් කැල්සියම් බොහෝසෙයින් උදව් වෙනවා. ශරීරයට ප්‍රමාණවත් තරම් කැල්සියම් නොලැබුණොත් අස්ථිවල තැන්පත්වෙලා තියෙන කැල්සියම් ශරීරයට අවශෝෂණය කර ගන්නට පටන් ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙසට අස්ථි දිරායාම සිදු වෙනවා. ඒ නිසා නිසිපරිදි ශරීරයට කැල්සියම් අඩංගු ආහාර එකතු කර ගැනීම ඉතා වැදගත්.
නමුත් පමණට වඩා කැල්සියම් ලබා ගැනීමත් සුදුසු නැහැ.වයස අවුරුදු 40-50 ත් අතර කාන්තාවන් දවසකට කැල්සියම් මිලිග්‍රෑම් 1000 ප්‍රමාණයක් ද වයස 50 ට වැඩි කාන්තාවන් කැල්සියම් මිලිග්‍රෑම් 1200 ක ප්‍රමාණයක් ද ශරීරයට එකතු කරගත යුතුයි.
කැල්සියම් බහුල ආහාර-කිරි සහ කිරි නිෂ්පාදන, කටු සහිත කුඩා මාළු වර්ග, කොළ එළවළු වර්ග ,පලා වර්ග, සෝයා, කුරක්කන්, තල, බිත්තර, නෙල්ලි, දිවුල්, රටඉදී, අලිගැටපේර
ඔමේගා 3 මේද අම්ල -මෙය විටමිනයක් නෙවෙයි මේද අම්ලයක්. වයස්ගතවීමත් සමඟ ඇතිවෙන හදවත් ආබාධ නැති කර රුධිර පීඩනය යහපත්ව තියාගන්නට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්නට සුවිශේෂී දායකත්වයක් මේ ඔමේගා ත්‍රී මේද අම්ල ලබාදෙනවා. ඒ වගේම මොළයේ සෞඛ්‍ය මැනවින් පවත්වා ගෙන යන්නත්, ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගවලින් ආරක්ෂා වෙන්නත් ඔමේගා 3 බෙහෙවින් උපකාරී වෙනවා,
ඔමේගා 3 මේද අම්ල බහුල ආහාර-තෙල් සහිත මාළු වර්ග, වෝල්නට්, broccoli, හණ ඇට, කොළ පැහැති පලා වර්ග, බිත්තර
ප්‍රෝබයෝටෙක්-විටමිනයක් හෝ ඛනිජ ලවණයක් නොවන එය වයස 40 න් පසු කාන්තාවන් ගත යුතුම පෝෂ්‍ය පදාර්ථයක්. ප්‍රෝබයෝටෙක් මගින් ආමාශය නීරෝගීව තබා ගන්නා අතර ශරීරයේ බර අඩුකර ගන්නත් හෘද රෝග, දියවැඩියාව හා හෘදයාබාධවලට ඇති අවදානමත් අඩු කරනවා. ඒ වගේම ඉන්සියුලීන් මට්ටම වැඩි කර දියවැඩියාව පාලනය කිරීමටත් ආඝාතය ආදී තත්ත්වයන්ගෙන් ආරක්ෂාව සලසන්නත් මාංශපේශී දුර්වලවීම වළක්වා ගන්නත් ප්‍රෝබයෝටෙක් අතිශයින්ම වැදගත් වෙනවා.යෝගට් ආදී කිරි ආහාරවල ප්‍රෝබයෝටෙක් අඩංගු වුණත් එය ශරීරයට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අතිරේකයක් ලෙස ප්‍රෝබයෝටෙක් ලබාගත යුතුයි.
පොටෑසියම් -කුමන වයසක සිටියත් රුධිර පීඩනය යහපත් මට්ටමින් පවත්වාගෙන යාමට පොටෑසියම් අතිශයින්ම හේතු වෙනවා. රුධිරය කැටි ගැසීමට උදව් වෙන විටමිනයක් වන පොටෑසියම් හිඟවීම ලේ කැටි ගැසීම පමාවීමට හා අක්මාවට හානි වීමටත් විවිධ ගැටලු ඇති කරන්නටත් හේතුවක් . ඉතින් වයස අවුරුදු 40 න් පසුව කාන්තාවන්ට ඇති වෙන්නට තියෙන රෝග පාලනය කර ගන්නට පොටෑසියම් බෙහෙවින් වැදගත්.

පොටැසියම් බහුල ආහාර-බතල, කෙසෙල්, රතු අල කොල, මයිසූර් පරිප්පු, බෝංචි, නිවිති, මල්ගෝවා, දඹල අපි කාගෙත් ශරීරය වයස අවුරුදු 20 දී තිබුණු තත්ත්වයටම වයස අවුරුදු 40 ඉක්මවූ පසුවත් ක්‍රියා කරන්නේ නැති බව වටහාගත යුතු කාරණාවක්. සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයකට මිනිස් ශරීරයේ විටමින් නිෂ්පාදනය සිදු වුණොත් වයස් ගත වෙද්දී ඒ විටමින් නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රමයෙන් අඩුවෙලා යනවා. ඒ නිසා ශරීරයට අවශ්‍ය කරන පෝෂණය ගැන වයස්ගත වෙද්දී වැඩි වශයෙන් සිතන්නට ඕන.
ඒ වගේම සමබර ආහාර වේලක් මගින් හැකි සෑම පෝෂකයක්ම ශරීරයට ලබා ගන්නට කටයුතු කරන්නටත් ඕන. එසේ නැත්නම් ඒ අවශ්‍ය කරන විටමින් හෝ පෝෂ්‍ය පදාර්ථ වෛද්‍ය උපදෙස්වලට අනුව නියමිත මාත්‍රාවට ඔබට අතිරේකයක් විදියට ලබා ගන්නට හැකියාවක් තියෙනවා.වයස්ගත වුණත් වැඩිහිටි ඔබ ඔබේ නිරෝගීකම ගැන වගේම පෙනුම ගැනත් වැඩි අවධානයක් දිය යුතුමයි.