සුන්දර සමක් පවත්වාගැනීමට නම් සමේ නිරොගිබව ආරක්ෂා කරගැනීම සඳහා සිදුකළ යුතු සහ නොකළ යුතු දේවල් ගැන වැටහීමක්- සැලකිලිමත්භාවයක් තිබීම අතිශයෙන්ම වැදගත් වෙනවා. ඊට හේතුව නම් සුන්දරත්වය වැඩිකරගැනීමට භාවිතා කරන ඇතැම් දේවල් නිසා සුන්දරත්වය නැති වෙලා යන්නත් පුලුවන්.සම වයසත් සමඟ ස්වභාවිකව වියපත් වන දෙයක් වුවත් ඒ සඳහා 90% ක් පමණ බලපාන්නේ පුද්ගලයාගේ ක්‍රියාකලාප වේ. එදිනෙදා ජීවිතයේ භාවිතා වන ඇතැම් නිෂ්පාදන වර්ග සහ අනුගමනය කර ඇතැම් පුරුදු නිසා ඔබ නොහිතන ආකාරයෙන් ඔබේ සමට හානිවිය හැකියි. මේ එවැනි පුරුදු කිහිපයක්.

හිසකෙස් අලංකරණයේදී භාවිතා වන නිෂ්පාදන සමේ ස්පර්ෂ වීම හිසකෙස් සඳහා භාවිතා කරන ෂැම්පු, කන්ඩිෂනර්, හෙයාර් ස්ප්‍රේ, හෙයාර් ජෙල් ආදි කේෂාලංකරණ නිෂ්පාදන සම මත ආලේප වීමෙන් සමේ සිදුවු අවහිර වී යා හැකිය. එවැනි නිෂ්පාදන සමේ ස්පර්ෂ වී ඉතිරිවීමෙන් සමේ කුරුලෑ, බිබිලි සහ කැසිල්ල හෝ දැවිල්ල වැනි තත්වටන් සමේ සහ මුහුණේ හටගත හැකියි. මෙසේ සිදුවීමට ප්‍රධාන හේතුවක් වන්නේ කේෂාලංකරණ නිෂ්පාදන වල බහුලව සල්ෆේට් අඩංගු වීමයි. ඒවා සමේ සිදුරු අවහිරකරවන සුලුය. මෙවැනි තත්වටන් ඇති වීම වළක්වාගැනීමට සල්ෆේට් අඩංගු නොවන (Non-sulfates) නිෂ්පාදන මිලදී ගන්න. එමෙන්ම හිසකෙස් අලංකරණය කරන විට හිසකෙස් මුහුණට නොවැටෙන සේ බෑන්ඩ් (sweatband) එකක් භාවිතා කර ඔබේ මුහුණ තුවායකින් ආවරණය කරගෙන එම නිෂ්පාදන වර්ග ගැල්වීම සිදුකරන්න.
සම සඳහා ඇති නිෂ්පාදන (skincare products) වැඩිවශයෙන් භාවිතාකිරීම ඇතැම් සම සඳහා ඇති නිෂ්පාදන වල අඩංගු අමුද්‍රව්‍ය සහ කල්තබාගැනීමේ ද්‍රව්‍ය මඟින් ඔබේ සම සක්‍රීයව හානියට පත්වන අතර කුරුලෑ හටගැනීම වැනි තත්වයන් මඟින් සම දැඩි ලෙස පරිහාණියට ලක්වීම සිදුවිය හැකියි. කුරුලෑ පාලනය සඳහා ඇති ක්‍රිම් ,ජෙල් වැනි නිෂ්පාදන ප්‍රමාණය ඉක්මවා අධිකව භාවිතා කලහොත් සිදුවන්නේ ඔබේ චර්ම රෝග තත්වයන් තවත් උත්සන්න වීමයි. එබැවින් කිසිවිටෙක මෙම නිෂ්පාදන අනවශ්‍ය ලෙස අධිකව භාවිතා නොකරන්න. ඉන් ඔබට ඉක්මන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. සම සඳහා විශ්වාසවන්ත නිෂ්පාදන 1 හෝ 2 ක් පමණක් භාවිතයට ගන්න. ඉන් ඔබේ සමේ තත්වය යහපත් අතට පත්වීමටත් ඉඩ ලැබේවි.
මුහුණේ අනවශ්‍ය රෝම ඉවත්කිරීම සඳහා භාවිතා වන නිෂ්පාදන නිසි ලෙස භාවිතා නොකිරීම මේවා නිසි පරිදි භාවිතා නොකිරීමෙන් එහි ඇති සමේ සිදුරු අවහිර කිරීමේ බලපෑම ක්‍රියාත්මක වී සමේ කුරුලෑ වර්ධනය විමට පටන්ගත හැකියි. එහිදී සිදුවන්නේ එක් ගැටලුවක් දුරුකරගනිමින් තවත් ගැටලුවක් මතුකරගැනීමට සමාන දෙයකි. සමට හානි නොවී සමේ අනවශ්‍ය රෝම ඉවත්කරගැනීමට නම් පොල් තෙල්, පාම් තෙල්, තිරිඟු (wheat germ) ආදි සමේ සිදුරු අවහිර කරවන ආකාරයේ අමුද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතා කිරීමෙන් වළකින්න. ‘Non-Toxic’ (විෂ ද්‍රව්‍ය අඩංගු නොවන) සහ ‘Non-comedogenic’ (සමේ සිදුරු අවහිර නොකරන බව තහවුරු කල ) යනුවෙන් සඳහන් ලේබල් ඇති නිෂ්පාදන තෝරාගැනීමට යොමුවන්න.
සමට නිසි ආරක්ෂාවක් නොමැතිව අලුත් ස්ථාන වලට සංචාරය කිරීම සම්පූර්ණයෙනම් අලුත් තැනකට සංචාරය කරන විට ඔබේ සම පුරුදු පරිසරයෙන් වෙනස් වි අලුත් පරිසරයකට නිරාවරණය වීම ඇතැම් විට සමට හානි ඇතිවිය හැකි ආකාරයේ හේතුවක් විය හැකියි. හිරු එළිය, තාපය, සීතල සහ තෙතමනය අධික බව ආදි පාරිසරික සාධක වලට සම නිරාවරණය වීමෙන් සමට අපහසුතා මතුවී කුරුලෑ ආසාදන වැනි තත්වයන් මුහුණේ මතුවිය හැකිය. අලුත් පරිසරයකට අනුවර්තනය වීම හරහා මේ තත්වය දුරුවී යනු ඇත. සමට අහිතකර බලපෑම් ඇතිනොවන සේ නිවසින් පිටතදීත් ඇතුලතදීත් සින්ක් ඔක්සයිඩ් අඩංගු සන්ස්ක්‍රීන් නිෂ්පාදනයක් සමේ ගල්වාගෙන සිටින්න. ඔබ අධික සීත දේශගුණයක් ඇති පළාතකට ගමන් කරන විට සිරුර සහ සම විජලනයට පත් විම වළක්වාගැනීමට නිතරම සමේ තෙතමනය පවත්වාගන්න. හොඳින් ජලය පානය කිරීමට ද අමතක නොකරන්න.

දිනපතා භාවිතා වන මේක්-අප් රිමූවර් නිෂ්පාදන වල ඇතැම් විෂ ද්‍රව්‍ය අඩංගුවීම.මේවායේ අඩංගු ඇතැම් විෂ අමුද්‍රව්‍ය නිසා සමේ සිදුරු අවහිර වී ගොස් කුරුලෑ වර්ධනය විම සිදුවිය හැක. මෙම නිෂ්පාදන මෙන්ම මේවා භාවිතයෙන් මේක්-අප් ඉවත්කරගන්නා ක්‍රමයේ බලපැම් නිසාත් සමේ හානි සහ පීඩාකාරී ස්වභාවයන් ඇතිවිය හැකියි. මේක්-අප් ගැල්වීමෙන් පසු රාත්‍රී නින්දට පෙර සම මත රැඳී ඇති තෙල්, කුණු දුහුවිලි හොඳින් ඉවත්ව යන සේ මුහුණ පිරිසිදු කරගන්න.
පෙර සැකසූ ආහාර (processes food) පරිභෝජනය බර්ගර්, බනිස්, පීසා, ස්නැක් වර්ග ආදී කාබෝහයිඩ්‍රේට් අධික ආහාර පරිභෝජනය නිසා මුහුණේ කුරුලෑ මතුවිය හැකිය. ඒවායේ අඩංගු ඉහළ ග්ලයිසෙමික් දර්ශකය නිසා කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර මඟින් රුධිරයේ සීනි මට්ටම කෙරෙහි සෘජුවම බලපෑම් ඇතිකරවන නිසා ඉන් සමේ පීඩාකාරී ස්වභාවයන් වර්ධනය කරවීමේ හැකියාව පවතියි.අධික කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අඩංගු ආහාර සිමාකරන්න. ඒවා වෙනුවට හිතකර සංඝටක අඩංගු ඉහළ පෝෂණයකින් සමන්විත ප්‍රෝටීන් බහුල ආහාර පාන පරිභෝජනය කරන්න. නැවුම් එළවළු සහ පලතුරු පරිභෝජනය වැඩි කරන්න.
උදරය මත වැතිරී (මුණින් අතට) නිදාගැනීම දිනපතා කොට්ට කවර පිරිසිදු කිරීම සිදු නොකරන නිසා ඒවා මත කට කෙළ,සමේ ඇති තෙල් මෙන්ම අවට කුණු දූවිලි රැඳීම සිදුවේ. රාත්‍රී නින්දේදි මුහුණ කොට්ටය මත තෙරපී තිබෙන නිසා එවැනි අපද්‍රව්‍ය මුහුණේ ස්පර්ෂ වීම සිදුවී සමේ ආසාදන හටගැනීම, ඉදිමුම් ඇතිවීම සහා අකලට සම රැළි වැටීම පවා සිදුවිය හැකියි.
රෙදි කැබලි වලින් මුහුණ අධික ලෙස ඇතිල්ලීම තුවායකින් හෝ රෙදි කැබැල්ලකින් අධිකව සම ඇතිල්ලීම /ස්ක්‍රබ් කිරීම සිදුකලහොත් සමේ මැරුණු සෛල ඉවත්වීමේ ක්‍රියාවලිය අනවශ්‍ය ලෙස සිදුවි ඔබේ සමේ ස්වභාවයට සහ පැහැයට සෘණාත්මක බලපෑම් ඇතිකරවිය හැකියි.වොෂ් ක්ලෝත් වර්ගයේ තුවායකින් මුහුණ පිරිසිදු කරගැනීම සතියකට දින 3-4 කට පමණක් සීමා කරන්න. එමෙන්ම සමේ මැරුණු සෛල ඉවත් කිරීමේ සත්කාර අනවශ්‍ය ලෙස නිතරම සිදුනොකරන්න.
අධික උණුසුම් හෝ අධික සිසිල් ජලයෙන් ස්නානය කිරීම/ඇඟ සේදීම ජලයේ පවතින උෂ්ණත්වය ඔබේ සමේ නීරෝගිබව කෙරෙහි අතිශයින්ම වැදගත් වේ. සීතල ජලය මඟින් සම මත රැඳී ඇති තෙල්, කුණු දුහුවිලි වඩාත් හොඳින් ඉවත්කර පිරිසිදු කිරීමක් සිදුනොවේ. එමෙන්ම උණු ජලය භාවිතයෙන් සම පිරිසිදු කිරීමෙන් ඔබේ සම පීඩාවට ලක්විය හැකියි වගේම ඉන් සම අධිකව වියළිමට ලක්කරයි.
මුහුණ පිරිසිදු කරගැනීමට,ඇඟ සේදීමට හෝ ස්නානය කරන විට ඇල් මැරුණු ජලය භාවිතා කිරීමට හැකිනම් එය වඩාත් උචිතයි. ඉන් සමේ ඇතු කුණු දුහුවිලි ඉවත්කර සම පිරිසිදු කරනවා මෙන්ම සමේ ස්වභාවික තෙල් ආවරණයට හානි නොකර ආරක්ෂා කරයි. ෆැරන්හයිට් අංශක 98-108 අතර (සෙල්සියස් අංශක 36.5-40.5) අතර උෂ්ණත්වයකින් යුතු ජලය භාවිතයෙන් සම පිරිසිදු කරගන්න.

උදෑසනින්ම මුහුණ සෝදා නොගැනීම රාත්‍රී නින්දේදී තෙල්, කුණු දුහුවිලි සහ බැක්ටීරියාවන් වැනි දෑ සම මත ඒකරාශී වේ. එමෙන්ම නින්දේදී සම යථා තත්වයට පත්වීමේ සහ අළුත්වැඩියාවට පත්වීමේ ක්‍රියාවලින් සිදුවන නිසා සම මත තෙල් සහ විෂ අපද්‍රව්‍යන් ශ්‍රාවය වීමට සිදුවේ. මේවා නිසා අපිරිසිදු වී ඇති සම උදෑසනින්ම සෝදා පවිත්‍ර කරගැනීම සමේ නීරෝගිබවට සහ සුන්දරත්වය ආරක්ෂාකරගැනීම සඳහා ඉතා වැදගත්ය. මේවා ඉවත්වන සේ සම පිරිසිදු නොකරගැනීමෙන් බරපතල ලෙස සම වියපත් වීමට පටන්ගත හැකි අතර සම රැළි වැටීමට පවා පටන්ගත හැකියි. එබැවින්, උදෑසන අවදි වු පසුව ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කරගැනීම ඔබේ පළමු කාර්ය කරගන්න.
නිවස තුළ දී සන්ක්‍රීම් භාවිත නොකිරීම බොහෝ අය සිතන්නේ සන්ක්‍රීම් ගැල්වීම වැදගත් වන්නේ නිවසින් පිටතට යන විට පමණක් කියායි.නිවස තුළදීත් ඔබ හිරු එළියට නිරාවරණය වෙයි. උදාහරණයක් ලෙස ඔබ දවසින් වැඩි කාලයක් ගත කරන්නේ ජනේලයක් අසල නම් එහෙමත් නැත්නම්, පරිගණයක් ඉදිරියේ නම් ඔබේ සම හානිකර ආලෝකයන්ට නිරාවරණය වී තිබෙයි.සමට හානිකරන්නේ UVA,UVB වැනි කිරණ වර්ග පමණක් නොවෙයි. දුරකථන, පරිගණක, ටැබ්ලට් වැනි ඩිජිටල් උපාංග වලින් නිකුත්වන නිල් ආලෝකය (blu lights) ද ඔබේ සිරුරට හානිකරයි.එම නිසා නිවස තුළ සිටින නිසා සන්ක්‍රීම් එකක් භාවිත කිරීම අනවශ්‍යයයි කියා සිතන්න එපා!