අපි ගොඩක් ආසාවෙන් රසවිඳින ඇතැම් ආහාර පාන වර්ග නොසිතන ආකාරයෙන් අපේ සමේ නීරෝගිකමට හානි කරන අතර සම වේගයෙන් වියපත් වීමට බලපායි. මීට හේතුව වන්නේ එවැනි ආහාර පාන වර්ග වල අඩංගු අධික ප්‍රමාණයකින් සීනි, සෝඩියම් සහ සල්ෆේට් වැනි අමුද්‍රව්‍ය අපේ සෞඛ්‍යයට හානිකර ලෙස බලපෑම් කිරීමයි. එවැනි අමුද්‍රව්‍ය නිසා සිරුර වේගයෙන් විජලනය වීම වගේම සමේ කොලැජන් සංයුතිය දුර්වල වීයාම වැනි හානි ඇතිවිය හැකියි. එවිට සමේ මෘදු සුසිනිදු බව දුරු වී ගොස් සම රැළි වැටී වියපත් පෙනුමක් ඔබේ මුහුණෙන් මතුවන්නට පටන්ගනියි.
ඔබේ සම නීරෝගීව තබා ගැනීම ගැන ඔබ සැලකිලිමත් වෙනවා නම් මෙවැනි ආහාර වර්ග පරිභෝජනයෙන් හැකිතාක් වළකින්න.
- ටින් කල සුප්

මේවායේ අධිකව සෝඩියම් අඩංගු වේ.සෝඩියම් මඟින් සිරුරේ ඇති ජලය අවශෝෂණය කරගනිමින් සිරුර විජලනයට පත්කරයි. දිනකට පරිභෝජනය කල යුතු සෝඩියම් ප්‍රමාණයට වඩා අධික ප්‍රමාණයක් ටින් කල සුප් වල අඩංගු වන බව දත්ත වල සඳහන් වේ. සිරුර අධික ලෙස වියළී යාම සමට ද අහිතකර ලෙස බලපෑ හැකියි. විශේෂයෙන්ම සම අධික ලෙස වියළීයාම නිසා සමේ රැළි වැටුණු ස්වභාවයක් මතුවීමට පටන්ගනියි.
- පලතුරු ස්මූති

බොහෝ දෙනා කැමති පානයක් වුවත් ස්මූති වල බොහෝ ප්‍රමාණයකින් සීනි අඩංගු වේ. අධික සීනි පරිභෝජනය සමේ කොලැජන් වලට සහ සමේ ආකෘතික ස්වභාවයට අහිතකර ලෙස බලපායි.කොලැජන් යනු සමේ ආරක්ෂාව සඳහා මෙන්ම සමේ නම්‍යශීලිබව සහ තරුණ පෙනුම පවත්වාගැනීමට දායක වේ. පලතුරු වල අඩංගු වන්නේ ද සීනි නිසා නිතර ස්මූති පානය කිරීමෙන් ඔබේ සමේ සුමුදු බව අඩුවී යා හැකි අතර තරුණ පෙනුම ද නැතිවි යා හැකියි.
- ශක්තිජනක පාන වර්ග

ජවය ශක්තිය වර්ධනය කරගැනීමට ඉතාම හිතකර වුවත් මෙවැනි පාන වර්ග සමට හානිකරයි. මේවායේ අධික ලෙස සීනි මෙන්ම කැෆේන් ද අඩංගු වේ. මෙම අමුද්‍රව්‍ය දෙකම සමේ නීරෝගිබවට අහිතකර වේ. විශේෂයෙන්ම කැෆේන් නිසා සිරුර විජලනයට පත්විය හැකියි මෙන්ම ඔබේ සමට ද බලපෑම් ඇතිකරවයි. මෙවැනි පාන වර්ග නිසා සමට හානිවීම් සහ රැළි වැටීම් ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇත.
- ගැඹුරු තෙලේ බදින ලද ආහාර වර්ග

මෙවැනි ආහාර වර්ග අපේ සෞඛ්‍යයට ද අහිතකරයි වගේම සමට හානි කරමින් වියපත් පෙනුමක් ඇතිකරවීමට ද සමත් ය. ගැඹුරු තෙලේ බදින ලද ආහාර මඟින් සිරුරේ ඇති ප්‍රදාහක සංඝටක ඉහළ දැමීම සිදුකරන නිසයි.ඒවා අපේ සිරුරට අපහසුතා මතුකරමින් සම ප්‍රදාහයට ලක්කරමින්, සම හිරු එළිය වැනි අහිතකර බාහිර සාධක නිසා හානියට පත්වීමේ අවදානමට පත්කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස සමේ රැළි හටගැනීම සිදුවේ.
- එළවළු තෙල්

එළවළු තෙල් වල අධික ලෙස ට්‍රාන්ස් මේදය අඩංගු වන අතර එම හේතුවෙන් සම ප්‍රදාහයට ලක්වීමට හේතුවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සම අහිතකර පාරජම්බුල කිරණට නිරාවරණය වි හානි වීමට වැඩි ඉඩක් ඇත. සමේ ඇති ස්වයං ආරක්ෂක ගුණය නොමැති වී යාම නිසා සම රැළි වැටීම සහ වියපත් වීමේදි සමේ මතුවන කැලැල් ස්වභාවයන් මතුවීමට පටන්ගනියි.
- වියළි පලතුරු

මේවායේ අධික ලෙස සල්ෆේට් අඩංගුය. පලතුරු කල්තබාගැනීම සඳහා ඒවා යොදනු ලබයි. නමුත් සල්ෆේට් වල බලපෑමින් සිරුරේ ඇති අහිතකර මුක්තකණ්ඩ (free radicals) මට්ටම ඉහළ යයි. මෙම අහිතකර මුක්තකණ්ඩ නිසා සිරුරේ ඇති සෛල, DNA සහ ප්‍රෝටීන වලට හානි පමුණුවයි. එහි ප්‍රතිඵලයක් ලෙස සමේ කොලැජන් වලට හානි ඇතිවි සම අකලට වියපත් වීම ආරම්භ වන තර සම රැළි වැටුණු ස්වභාවයකට පත්වීම සිදුවිය හැකියි.
- මාගරීන්

බටර් වලට වඩා මාගරින් සෞඛ්‍යාරක්ෂිත බව මුල් කාලයේ මතයක් බිහි වී තිබුණා.කෙසේවෙතත්, මාගරින් වල අහිතකර මහු-අසංතෘප්ත මේද අඩංගු වේ. ඒවා අධික ලෙස පරිභෝජනාය් කිරීමෙන් සමට හානි ඇතිවිය හැකියි. එනම් අධික ලෙස මාගරින් ආහාරයට ගැනීම නිසා සමේ වියළි ගතියක් හටගැනීම සහ රැළි ස්වභාවයකට පත්වීම සිදුවිය හැකියි. සංතෘප්ත මේද අඩු සහ ට්‍රාන්ස් මේද අඩංගු නොවන මාගරින් වර්ගයක් පරිභෝජනයට තෝරාගැනීම සෞඛ්‍යාරක්ෂිතය.
- පැස්ටා

සැකසුම් ක්‍රියාවලියට ලක් වූ කාබෝහයිඩ්‍රේට් ආහාර (processed carbs) පැස්ටා, සුදු බත්, සහ පාන් වැනි ආහාර නිසා සමේ කොලැජන් වලට හානි ඇතිවිය හැකියි. එම ආහාර වර්ග සිරුරේ සීනි මට්ටම කෙරෙහිද අහිතකර ලෙස බලපානු ලබයි. මේ හේතුවෙන් සමේ නම්‍යශීලිබව නැතිවී ගොස් වඩාත් දුර්වල සමක් ඇතිවිම සහ සම රැළි වැටීමට පටන්ගැනීම සිදුවිය හැකියි.
- ඇගාවේ සිරප්

පැණි වෙනුවට ආදේශකයක් ලෙස භාවිතා කරන මේ සිරප් විශේෂයේ අධික ලෙස ෆෘක්ටෝස් අඩංගු වේ. ෆෘක්ටෝස් වල බලපෑමින් උසස් ග්ලයිකේශන් අවසන් නිෂ්පාදන ඇතිවේ. ඒවා සෛල හානිවීම සහ ප්‍රදාහයට ලක්වීම හා සම්බන්ධ බලපෑම් ඇතිකරන අතර සමේ වියපත් කැලල් මතුකිරිම , සම රැළි වැටීම වැනි මතුවීමට හේතු වේ.
- රස කල යෝගට්

මෙම යෝගට් නිෂ්පාදන වල අධික ලෙස සීනි අඩංගු වේ. මෙම සීනි මඟින් සමේ කොලැජන් සහ ඉලාස්ටින් තුල ඇති ඇමයිනෝ අම්ල ඛණ්ඩනය කරදැමීම සිදුකරයි. මෙසේ සම හානියට ලක්වීම නිසා සම එල්ලාවැටීමට පටන්ගැනීම, සම රැළිවැටීම වැනි අකලට සම වියපත් වූ පෙනුමක් ඇතිකරවන ලක්ෂණ පහළ වීමට පටන්ගනියි.