පැෂන් ෆෘට් යනු කහ පැෂන් ෆෘට්, දම් පැෂන් ෆෘට් සහ යෝධ පැෂන් ෆෘට් වැනි විවිධ ප්‍රභේද තුනක් ඇති බෙරි වර්ගයකි. ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ ලෙස විටමින් C,විටමින් B3 කාබෝහයිඩ්රේට් ,විටමින් B 2 , විටමින් A යනාදි පෝෂක වලින් අනූන යි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම, රුධිර පීඩනය සමතුලිත කිරීම, බඩවැල් සෞඛ්‍යය, හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, සංසරණය වැඩි දියුණු කිරීම වැනි සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදීමට මේවායේ ඇති ගුණ සමත්කම් කියයි. දකුණු ඇමෙරිකාවේ විවිධ පළාත් වල පැෂන් ෆෘට් යුෂ එක්තරා ආකාරයකින් සකසන ආවේණික වයින් විශේෂයක් ලෙස භාවිතයේ පවතින බව සඳහන් වෙනවා.මෙම රසවත් ගුණවත් පැෂන් ෆෘට් පරිභෝජනයෙන් අපේ සිරුරට ලැබෙන සෞඛ්‍යය ප්‍රතිලාභ ගැනයි අද අපි කතාකරන්නේ.
සිරුරේ බර අඩු කරගැනීම සඳහා සහය වෙයි ආහාර පාලනය කරන බොහෝ දෙනා පලතුරු වර්ග ආහාරයට ගැනීමට වැඩි නැඹුරුවක් දක්වනවා. නමුත් ඇතැම් පලතුරු වල කැලරි අන්තර්ගතය ඉතා ඉහළයි. පැෂන් ෆෘට් ගෙඩියක අඩංගු වන්නේ කැලරි 18ක් තරම් අඩු කැලරි අගයක්.අතුරුආහාරයක් විදියට පලතුරු ආහාරයට ගන්න අයට පැෂන් ෆෘට් කියන්නේ හොඳ තෝරාගැනීමක්.ඇට සහිත පැෂන් ෆෘට් මදය යෝගට් සමඟ මිශ්‍ර කර හෝ පලතුරු යුෂ පානයක් ලෙස සකසා පානය කළ හැකියි. තවද මිරිස් කුඩු ස්වල්පයක් හා ලෙමන් බිංදු කිහිපයක් එක්කර මදය ආහාරයට ගත හැකියි. පැෂන් ෆෘට් යුෂ පාන වර්ග වෙළඳපොලේ මිලදී ගන්නට තිබෙනවා. නමුත් සීනි, කෘතිම රසකාරක හා වර්ණකාරක වැනි දේවල් අඩංගු විය හැකි නිසා ඒවායේ සෞඛ්‍යාරක්ෂිතබව සැකසහිතයි.එම නිසා හැකිතාක් නැවුම් පලතුරු වශයෙන් මේවා ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරයි සිරුරේ ප්‍රතිශක්තිකරණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙනවා.ඔබ නිතර නිතර අසනීප වෙන කෙනෙක් නම් ඉන් බොහෝ දුරට පෙන්නුම් කරන්නේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉතා දුර්වල බවයි.ඔබේ සිරුරට හොඳ පෝෂණයක ලබාදීම ඉතා වැදගත් වන්නේ ඒ නිසයි.නිතිපතා පැෂන් ෆෘට් ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට අවශ්‍ය විටමින් වර්ග සහ වෙනත් ඛනිජ ලවණ පෝෂක ලබාගත හැකියි.පැෂන් ෆෘට් ගෙඩියක විටමින් C මිලිග්‍රෑම් 5ක් පමණ අඩංගු වෙනනවා. විටමින් C කියන්නේ අපේ ප්‍රතිශක්තිය වර්ධනය කරන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. විටමින් C සිරුරේ යකඩ උරාගැනීමේ හැකියාව ද වැඩිකරනවා. පැෂන් ඇට වල විටමින් A බහුලයි.ඒවා මඟින් රුධිරයේ ඇති ආගන්තුක ද්‍රව්‍ය,අපවිත්‍රකාරක,බැක්ටීරියා,විෂබීජ සහ ආසාදන පිරිපහදු කිරීමට සහය දෙනවා.
අස්ථි ශක්තිමත් කරයි සිරුරේ නීරෝගිබව සඳහා අස්ථි පද්ධතියේ නීරෝගිකම ඉතා වැදගත්. පැෂන් ෆෘට් යුෂ වීදුරුවක් දිනපතා පානය කිරීම හරහා අස්ථි ශක්තිමත් වීමට අවශ්‍ය පෝෂක රැසක් සිරුරට ලබාගත හැකියි.එක් ගෙඩියක පොටෑසියම් මිලිග්‍රෑම්63ක්,මැග්නීසියම් මිලිග්‍රෑම් 5ක් සහ කැල්සියම් මිලිග්‍රෑම්2ක් පමණ අඩංගු වෙනවා. මේවා නීරෝගි අස්ථි සඳහා වැදගත් පෝෂක ලෙස හඳුන්වන්න පුළුවන්.මෙවැනි පෝෂණයක් අඩංගු ආහාර පාන ගැනීමෙන් වියපත් වීමේදී සිරුරේ හටගත හැකි ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි ආබාධා වළක්වාගැනීමට හැකියාව තිබෙනවා.පැෂන් ෆෘට් වල පොතු සාරය සන්ධි වේදනා සමනය කිරීමට ගුණ දෙන බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා.
රුධිර පීඩනය නියාමනය කරමින් හෘද ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරයි අධි රුධිර පීඩනය ඇති පුද්ගලයින්ට සෝඩියම් (ලුණු) බහුල ආහාර වලින් වළකින ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ.කෘතිම ආහාර වල පමණක් නොවෙයි ඇතැම් ස්වභාවික ආහාර වල ද ඉහළ සෝඩියම් අන්තර්ගතයක් තිබෙනවා. ඒත් පැෂන් ෆෘට් එසේ නොවෙයි. රුධිර පීඩනය පාලනය වීමට අවශ්‍ය පොටෑසියම් ගුණය මේවායේ බහුලයි.පොටෑසියම් මඟින් රුධිර සංසරණය ප්‍රවර්ධනය කිරීම හා රුධිර නාළ ලිහිල් කිරීම වැනි ප්‍රතිලාභ ද සිරුරට ලබාදෙනවා.ඒ හරහා හෘදයට එල්ල වන පීඩනය අවම කරවනු ලබනවා (ඉදුණු ඒවා පමණක් ආහාරයට ගැනීම වැදගත්. අමුවෙන් ආහාරයට ගැනීම සයනයිඩ් විෂවීම් වැනි තත්වයන් ඇතිකළ හැකියි.) ගැබිනි සහ කිරිදෙන මවුවරු පැෂන් ෆෘට් තම දිනපතා ආහාර වේලට එක්කරගැනීමට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සැලකිලිමත්වන්න

දෙවන කාණ්ඩයේ දියවැඩියාව තත්වයෙන් පෙළෙන රෝගීන්ට ඉතා ගුණදායකයි යම් ආහාරයක ග්ලයිසමික් දර්ශකය ඉහළ අගයක් ගන්නා තරමට එහි පැණි රසය ද ඉතා ඉහළ මට්ටමක පවතියි. ඔබ ආහාර පාන ලෙස ලබාගන්නා දේවල් ඔබේ රුධිර සීනි මට්ටම් කෙරෙහි බලපෑමක් ඇතිකළ හැකියි.දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් අඩු ග්ලයිසමික් දර්ශකයක් ඇති ආහාර පාන වෙත යොමුවීම වඩාත් සුදුසු යැයි නිර්දේශ කර ඇත්තේ ඒ නිසයි.පැෂන් ෆෘට් කියන්නේත් එවැනි අඩු ග්ලයිසමික් දර්ශක අගයක් ඇති පලතුරක්.තන්තු මඟින් පලතුරේ අඩංගු සීනි රුධිරයට මිශ්‍ර වීම මන්දගාමී කරවයි.පැෂන් ෆෘට් වගේ පලතුරක් ආහාරයට ගත් පසු රුධිර සීනි මට්ටම එක්වරම ඉහළ යාමක් නොවන්නේ ඒ නිසයි.පැෂන් ෆෘට් සීරම් කොලෙස්ටරෝල් මට්ටම් අඩුකරමින් ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩුකිරීමට ද දායක වෙනවා.
ආහාර ජීර්ණය නීරෝගීකරවයි ජීර්ණ ක්‍රියාවලිය (බඩවැල්) ආශ්‍රිත ගැටලු වලින් පීඩා විඳින අයට පැෂන් ෆෘට් ඉතා හිතකර පලතුරක්.සරල කාබෝහයිඩ්‍රේට ආහාර පමණක් පරිභෝජනය කිරීම මල අපද්‍රව්‍ය බැහැර වීමේ ක්‍රියාවලිය අසීරු කළ හැකියි. පැෂන් ෆෘට් වල තන්තු පෝෂණය ඇති නිසා එම ක්‍රියාවලිය වඩාත් පහසු කරවයි.එක් ගෙඩියක තන්තු මිලිග්‍රෑම් 2ක් පමණ අඩංගු වෙනවා.මෙම තන්තු පෝෂණය සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම් අඩුවීමට සහ හෘද සෞඛ්‍ය වැඩිදියුණු වීමට දායකත්වය ලබාදෙනවා.
සම දීප්තිමත් කරයි විටමින් බහුල පලතුරක් නිසා සමට අවශ්‍ය පෝෂණය හොඳින් ලැබී සම නීරෝගි හා දීප්තිමත් කරවනවා.විශේෂයෙන්ම සමේ කොලැජන් නිෂ්පාදනයට අවශ්‍ය විටමින් A , සම වියපත් වීම වළකන ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති විටමින් C වැනි පෝෂක පැෂන් ෆෘට් වල අඩංගුයි.පැෂන් ෆෘට් වල පයිසිඇටනෝල් නම් සංඝටක මඟින් සම රැළි වැටීම පාලනය කිරීමට ඉහළ මට්ටමේ ප්‍රතිලාභයක් ලබාදෙන බව අධ්‍යයන මඟින් සොයාගෙන තිබෙනවා.
කාංසා ස්වභාවය අඩුකරයි කාර්යබහුලකම සහ පෞද්ගලික ගැටලු නිසා නිතරම දැඩි පීඩනයක්, මනස අවිවේකී බවක් දැනෙනවා.පැෂන් ෆෘට් වල මානසික සෞඛ්‍ය වැඩිදියුණු කරවන මැග්නීසියම් බහුල නිසා එවැනි ප්‍රබල කාංසා ස්වභාවයන් සමනය කිරීමට ගුණ දෙනවා.පැෂන් ෆෘට් වල නින්ද ප්‍රවර්ධනය කරන ගුණ ද අඩංගුයි. නින්ද ආශ්‍රිත ගැටලු ඇති අයට මෙය හොඳ ආහාරයක්.

ප්‍රතිප්‍රදාහක හා වේදනානාශක ගුණයෙන් යුක්තයි හිසරදය, ඇඟපත වේදනාව දැනුණු විට බොහෝ අය කරන්නේ වේදනානාශක පෙත්තක් හෝ ආලේපනයක් භාවිත කිරීමයි.විශේෂයෙන්ම ප්‍රතිප්‍රදාහක ඖෂධ පෙති අධික භාවිතය අක්මා විෂවීම,වකුගඩු අකරණිය,ආම්ලිකතාව සහ ගැස්ට්‍රික් වණ වැනි අතුරු ආබාධ වලට හේතු විය හැකි බව ඇතැම් වෛද්‍ය අධ්‍යයන මඟින් පෙන්වාදී තිබෙනවා.
පැෂන් ෆෘට් වල සිරුර සමනය කරමින් සහනය සලසන ඖෂධීය ගුණ අඩංගු වෙන නිසා පීඩාකාරී උත්කෝපක, විෂබීජ හා ආසාදන වලින් සිරුරට හොඳ ආරක්ෂාවක් ලබාදෙනවා.ප්‍රතිප්‍රදාහක ගුණ ඇති නිසා සිරුරේ වේදනා කැක්කුම් සමනය කිරීමට දායක වන බව විශ්වාස කරනවා.කුඩා ළමුන් තුළ පණු රෝග නැසීමට ද ගුණ දෙන බව සඳහන් වෙනවා.
කාන්තා ශරීරයේ නීරෝගීබව වැඩිදියුණු කරයි ඔසප් දින වලදී ඇති වන ගර්භාෂයේ පේශී කැක්කුම් වේදනා සමනය වීමට පැෂන් ෆෘට් ගුණදායි බව සඳහන් වෙනවා. ඊට හේතුව ඒවායේ අඩංගු මැග්නීසියම් පෝෂකයි.පැෂන් ෆෘට් මල් සහ කොළ පරිභෝජනය කිරීමෙන් ද සිරුරට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබෙන බව ඇතැම් වෛද්‍ය අධ්‍යයන පෙන්වාදෙනවා.ඔසප් දින වලදී ඇතිවන අපහසුතා සමනය කරගැනීමට පැෂන් ෆෘට් තේ පානය කරන්න.ආර්තවහරණයත් සමඟ වයස අවුරුදු 50-60 පමණ වන කාන්තාවන්ගේ සිරුරේ ප්‍රජනක හෝර්මෝන මට්ටම් ශීඝ්‍රයෙන් පහළ යාම සිදුවෙනවා.මෙහි ප්‍රතිඵලයක් ලෙස අත්ල සහ යටි පතුල් වල දැවිල්ල හටගැනීම වගේ ලක්ෂණ මතුවීමට පටන්ගනියි. ආර්තවහරණය සමඟ කාන්තාවන් අත්දකින තාප ග්‍රහණ (hot flashes) හෙවත් එක්වරම සිරුර තුළ උෂ්ණත්වය වැඩිවීමෙන් ඇතිවන අපහසුතා සමනය කිරීමට ද පැෂන් ෆෘට් ගුණදායිය.
ප්‍රජානන පරිහාණිය වළකයි මතක ශක්තිය සහ අවධානය වැඩිදියුණු වීමට නීරෝගි ආහාර පාන පරිභෝජනය කිරීම ඉතා වැදගත් වෙනවා.පැෂන් ෆෘට් වල මොළයේ ක්‍රියාකාරීත්වය හා ස්නායු පද්ධතියේ නීරෝගීබව ප්‍රවර්ධනය සඳහා ගුණ දෙන ෆෝලේට්,ප්‍රතිඔක්සිකාරක සහ පොටෑසියම් වැනි ඛනිජ පෝෂක බහුලයි.පොටෑසියම් මඟින් මොළය වෙත ඇති රුධිර සැපයුම ඉහළ දමනවා.එමෙන්ම ඇල්සයිමර්ස් සහ ඩිමෙන්ෂියා වැනි රෝග අවදානම් අවම කරවනවා.