හදිසි අවස්ථාවක ඔබ දැන සිටිය යුතු ප්‍රථමාධාර ක්‍රම 11 ක්

health tips

හදිසි අනතුරකදී හෝ රෝගී තත්වයක් ඇති වූ විටකදි වෛද්‍යවරයා වෙත ගෙන යනතුරු එම පුද්ගලයාගේ ජීවිතය ආරක්ෂා කිරිමට වැදගත් වන දෙයක් තිබෙනවා. ඒ තමයි ප්‍රථමාධාර. යම් පුද්ගලයෙකුට නිවැරදිව ප්‍රථමාධාර ලබා දෙන්නේ කෙසේදැයි අවස්ථා කිහිපයක් තුලින් ඉගෙන ගනිමු.

  1. තුවාලයකට අයිස් තබන ආකාරය

වැරදි ක්‍රමය: අයිස් තැබීම තුවාලයෙන් ලේ ගලා යාම අවම කරමින් තුවාලය බරපතල නොවීමට උපකාරී වේ. සෘජුව අයිස් කැබලි තුවාලය මත තැබීම වැරදි ක්‍රමයයි. එසේ සිදුකිරීම මඟින් සම මත අයිස් පිලිස්සුමක් ඇති විය හැකියි.

නිවැරදි ක්‍රමය:රෙදි කැබැල්ලක් ගෙන එයට අයිස් කැට දමා පොට්ටනියක් ලෙස සකස්කරගෙන තුවාලය මත මිනිත්තු 20 ක් පමණ සිසිල් කරගන්න.අයිස් ඉවත් කර මිනිත්තු 20 ක් පමණ තුවාලය ලිහිල්ව තබන්න. නැවත වාර කිහිපයක් අයිස් ප්‍රථමාධාරය සිදුකරන්න.

  1. උණ රෝගියෙකුගේ සම මත  මද්‍යසාර හෝ විනාකිරි ගැල්වීම

වැරදි ක්‍රමය: විනාකිරි සහා මද්‍යසාර රුධිරයට ඉක්මනින් උරාගැනීම සිදුවේ. මද්‍යසාර වලින් පිරිමැදීම නිසා මත් ස්වභාවයක් ඇති විය හැකි අතර විනාකිරි මඟින් ආම්ලිකතාව වැඩි විය හැකියි.කුඩා දරුවන්ට සුදුසු නොමැති ක්‍රමයකි.

නිවැරදි ක්‍රමය: ජලය පානය කිරීමෙන් සහා කාමරය ෆැරන්හයිට් අංශක 61-64 උෂ්ණත්වයකට ගෙන ඒමෙන් උණ ගතිය පහව යනු ඇත.

  1. සිහි මුර්ජා වූ පුද්ගලයෙකු ඔසවන ක්‍රමය

වැරදි ක්‍රමය: පුද්ගලයෙකු සිහි මුර්ජා වූ විටම ඔහුව/ඇයව නැගී සි‍ටුවීමට උත්සාහ නොකරන්න. එමෙන්ම සීත ජලය මුහුණට ඉසීමද නොකල යුතුයි. එමඟින් පුද්ගලයාගේ තිගැස්ම තවදුරටත් වැඩි විය හැකියි. ඔහුට/ඇයට සිහිය ලැබූ පසුව කෝපි හෝ ශක්තිජනක පාන වර්ග පානය කිරීමට ලබා නොදිය යුතුයි.කැෆේන් හේතුවෙන් සිරුර විජලනයට පත්විය හැකියි.

නිවැරදි ක්‍රමය:පුද්ගලයාගේ පාද ඉහළට ඔසවන්න.තද ඇඳුම් ලිහිල් කරන්න. සිහිය ලැබුණු විගස නැගී සිටීමට ඉඩ නොදෙන්න.

  1. පිලිස්සුම් තුවාල වලට බටර් හෝ සවර් ක්‍රීම් භාවිතා කිරීම

වැරදි ක්‍රමය: සම මත සිසිල් බවක් ඇති කරන නිසා බොහෝ දෙනෙකු පිලිස්සුම් තුවාල සඳහා මෙම ක්‍රම භාවිතා කරනු ලබනවා. නමුත්, පිලිස්සුම් තුවාලය මත බටර් හෝ සවර් ක්‍රීම් වියළී යාමෙන් ඝන පටලයක් නිර්මාණය වේ.එමඟින් සම මත තාප හුවමාරුවට බාධා ඇති වී තාපය තුවාලය තුල ගැඹුරට ගමන් කරමින් වැඩි හානියක් සිදුකිරීමට ඉඩ ඇත.

නිවැරදි ක්‍රමය:පිලිස්සුණු සම සිසිල් ජලයට  මිනිත්තු 15 ක් පමණ අල්ලාගෙන සිටින්න.පිලිස්සුම් තුවාලය මත වියළි සම කොටස ඉවත් කිරීමට උත්සාහ නොකරන්න. තුවාලයේ සම විවෘත වී ආසාදන වලට ලක්විම වැළැක්වීමට පිහිටන ආරක්ෂිත වැස්මක් සේ කටයුතු කරයි.

  1. අස්ථි වෙළුමක් සිදුකරන ආකාරය

වැරදි ක්‍රමය:අවසන්ධි වූ අස්ථි වල සන්ධි පැනීමක් සිදු වී ඇත්නම් ඔබ විසිම් වෙළුම් පටි දමාගැනීම ආබාධය තවත් දරුණු වීමට හේතුවක් විය හැකියි.

නිවැරදි ක්‍රමය: අනතුරට ලක් වූ අස්ථිය සහිත පාදය නොසෙල්වෙන ආකාරයෙන් හැකි ඉක්මනින් එම පුද්ගලයා රෝහලකට යොමු කරන්න. ආයාසයකින් සන්ධිය සැකසීමට හෝ තදකිරීමට උත්සාහ නොකලයුතුයි. පුද්ගලයාට පහසුවන ආකාරයෙන් වෙළුම් පටි ඔතන්න.බිඳුණු අස්ථිය සහිත ස්ථානය මෙන්ම එහි සන්ධි ද්විත්වය ද නොසෙල්වෙන සේ ප්‍රවේසමෙන් රෝගියාව ගෙන යන්න.

  1. කකුලේ උළුක්කුවක් ඇති වූ විට පාද උණුසුම් කිරීම

වැරදි ක්‍රමය:පාදයේ උළුක්කුවක් හට ගත් විට උණුසුම් ඇඳුම් භාවිතා කර එම මාංශ පේශීන් උණුසුම් කිරීම ප්‍රයෝජනයක් නොමැති උත්සාහයකි.එහිදී, උණුසුම අධික වීමෙන් අභ්‍යන්තර රුධිර වහනය වැඩිවී මාංශ පේශීන් වල ඉදිමුමද අධික වීමට පටන් ගනියි.

නිවැරදි ක්‍රමය: උළුක්කුව ඇති වූ මුල් දින කිහිපයේදී එම ස්ථානය සිසිල් කිරීමට උත්සාහ කරන්න. එමඟින් දැවිල්ල සහා වේදනාව අඩු වී යයි.පැය 48 ක් යනතුරු එම කකුලට වැඩි බරක් නොදීමට කටයුතු කරන්න.

  1. ආහාර විෂ වීමකදී වමනය කිරීමට පෙලඹවීම

වැරදි ක්‍රමය: විෂ ශරීර ගත වීමකදී වමනය කරවීම නිර්දේශිත ප්‍රතිකර්මයකි. නමුත්, අම්ල,ක්ෂාර ද්‍රව්‍ය හෝ වෙනත් දාහක ද්‍රව්‍යක් ශරීර ගත වී ඇත්නම් වමනය කරවීම කිසිසේත්ම නොකල යුතු ක්‍රියාවක් බව දක්වා ඇත.

නිවැරදි ක්‍රමය:වහාම ගිලන් රථයකට අමතන්න.වමනය පිට කිරීමෙන් ඔබට යථා තත්වයට පැමිණිය හැකියි සිතෙනවා නම් මැංගනීස්,බේකිං සෝඩා හෝ කිරි පානය කරමින් වමනය කිරීමට උත්සාහ නොකල යුතුයි. ඒ වෙනුවට හැකි තාක් උණුසුම් ජලය පානය කිරීම සිදුකරන්න.

  1. ආගන්තුක ද්‍රව්‍යයක් ඇසට ඇතුල් වූ විට 

වැරදි ක්‍රමය:ඇස තුලට ඇඟිල්ල දැමීම නොකල යුතුයි. එමඟින් ඇස තුවාල වීමට ඉඩ ඇත.

නිවැරදි ක්‍රමය: ගෝස් කැබැල්ලකින් ඇස ආවරණය කරගනිමින් වෛද්‍යවරයෙකු හමුවන්න. ඇසට ඇතුල් වූයේ රසායනික ද්‍රව්‍යයක් නම් හැකි ඉක්මනින් ගලන ජලයෙන් ඇස සෝදාගන්න.

  1. තුවාලයේ ඇනී තිබෙන ආගන්තුක දේවල් ඉවත් කිරිමට

වැරදි ක්‍රමය:තුවාලයක ඇනී තිබෙන ක‍ටුවක් හෝ වීදුරු කැබැල්ලක් අතින් ඉවත් කිරීමට කටයුතු කරනවා ඇත. නමුත්, ගැඹුරු තුවාල වලින් එවැනි ද්‍රව්‍ය අතින් ඇද ඉවත් කිරීමට උත්සාහ කිරීම ඉතා භයානක විය හැකියි. සැත්කම් කරන තුරු ඒවා ඉවත් කිරීමට වෛද්‍යවරුන් උත්සාහ නොකරන්නේ ඒ නිසයි. ඊට හේතුව වන්නේ අතින් ඇද ද්‍රව්‍ය ඉවත් කිරීමේදි කුඩා රුධිර නාලිකා කැපී ගොස් අධිකව රුධිර වහනය වීම නිසා මරණය පවා සිදුවීමට ඉඩ ඇති බැවිනී.

නිවැරදි ක්‍රමය:තියුණු පිහියක් හෝ වෙනත් ආයුදයක් ඇනි අනතුරකට ලක් වූවෙකු සිටී නම් හැකි ඉක්මනින් ඔහුව/ඇයව රෝහලකට ගෙන යාමට කටයුතු කරන්න. ඒ අතරේදී එම තියුණු ආයුදය ඉවතට ඇදීමට හෝ බුරුල් කිරීමට උත්සාහ නොකල යුතු බව මතක තබාගන්න.

  1. තුවාලයකට බෙහෙත් දැමීම

වැරදි ක්‍රමය: තුවාලයකට විවිධ ආලේපන ගැල්වීම නිසා ඒ මත අනවශ්‍යය තෙතමනයක් ඇති වෙයි. තුවලයක් ඉක්මනින් සුව වන්නේ නැවුම් වාතයට නිරාවරණයව තැබූ විටය.

නිවැරදි ක්‍රමය: සිසිල් ජලයෙන් තුවාලය සම්බන් යොදා හොඳින් පිරිසිදු කරගන්න. ඉන්පසුව, වියළි පිරිසිදු බැන්ඩේජ් පටියකින් ආවරණය කරගත හැකියි.

  1. කැපුම් තුවාල සඳහා ‘ස්කින් ග්ලූ’ වෙනුවට මැහුම් යෙදීම

වැරදි ක්‍රමය:කැපුම් තුවාල මත මැහුම් යෙදීම ඉතා වේදනාකාරි සහා දීර්ඝ කාලීනව සිදුවන  ප්‍රතිකාර ක්‍රමයකි. අනතුරුව,යෙදූ මැහුම් ඉවත්කිරීමට ද සිදුවේ.  ඒ වෙනුවට ‘ස්කින් ග්ලූ’ භාවිතා කිරීම ඉක්මන් සහා වේදනා රහිත ක්‍රමයකි.නිවැරදි ක්‍රමය: පළමුව රුධිරය පිටතට ගැලීම වැළැක්වීමට තුවාලය මත පීඩනය යොදන්න.ඉන්පසුව, තුවාල විවරයන් එකිනෙකට සමීප වෙන සේ ලංකර ස්කින් ග්ලූ ගල්වන්න. වියළෙන තුරු සිටින්න