ඕනෑම ආහාරයක් රසවත් කර ගන්නට අපේ මුළුතැන්ගෙට නැතුවම බැරි හිතවතා තමයි ළූණු. බී ලූණු,රතු ළූණු සුදුළූණු ආදී සෑම ළූණු වර්ගයක්ම අපේ ආහාර වේලට අපූරු රසයක් එකතු කරනවා. ඒ වගේම ආහාරවලට අපූරු ගුණයක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා ව්‍යංජනවලට පමණක් නෙවෙයි සුප් වර්ග ,සලාද ඇතුඑ විවිධ කෙටි කෑමවලටත් ළූණු නැතුවම බැහැ. අපි හිතනවාටත් වඩා ගුණදායක මේ ළූණුවල අඩංගු වෙන පෝශ්‍ය පදාර්ථ විනාශ නොවෙන ආකාරයට ගබඩා කිරීම සහ පිසීමට ගෘහණියන් දැනුවත් විය යුතුයි. ඒ නිසා අපි කතා කරමු අපිට නැතුවම බැරි ළූණු ගැන.
මුලින්ම කතා කරමු ළූණු කපද්දි ඇයි අපේ ඇස්වලට කඳුළු එන්නේ කියන කාරණාව ගැන.අපේ ශරීරයේ ආරක්ෂාව සඳහා වූ යාන්ත්‍රණයක් දේහයේ ස්වභාවිකවම පිහිටලා තියෙනවා. මේ නිසා ළූණු කපද්දි ඒවායේ සෛලයේ අඩංගු වෙන රසායනික පිටතට නිකුත් වෙනවා. මේ රසායනික අපේ ඇස්වල තැවරීමෙන් , අපේ ඇස්වල දැවිල්ලක් ඇතිවෙනවා. මේ දැවිල්ල ඉවත් කර ගැනීමේ යාන්ත්‍රණයක් විදිහට තමයි කඳුළු ගලන්නට පටන් ගන්නේ. ඉතින් ළූණු කපද්දි කදුළු එනවා කියලා කියන්නේ ළූණුවල රසායනිකයෙන් අපේ ඇසට ඇතිවෙන දැවිල්ල ඉවත්කරන්නට ක්‍රියාත්මක වෙන ආරක්ෂණ පිළිවෙතක්.
රසායනික වැඩි වශයෙන් ළූණු ගෙඩියේ මුල් සහිත කොටසේ අඩංගු වෙන නිසා ඒ කොටස අවසානයට කැපීමත්, ගලායන ජලයට එකතු වෙන සේ කැපීමෙන් වාතයට ඒ රසායනික බොහෝ සෙයිනසේ මුදා හැරෙන නිසාත් ඇසට කඳුළු ශ්‍රාවය වීම අඩුකරගෙන ළූණු කපා ගන්නට ගෘහණියන්ට හැකියාව ලැබෙනවා . ඒ වගේම ළූණු සුද්ද කරන විට ඇස් ආසන්නයට නොගෙනීමත්, ළූණු සුද්ධ කරන්නට පෙර ළූණු ගෙඩි විනාඩි තිහක් පමණ ශීත කිරීමත් ආදිය මේ කදුළු පාලනය කර ගන්නට අනුගමනය කරන්න පුළුවන්.
ඉතින් මේ ළූණුවල කැලරි අඩංගු වෙන්නේ ඉතාම අඩුවෙන්. මේවායේ කාබෝහයිඩ්‍රේට් සහ ස්වභාවික සීනිත් ස්වල්ප වශයෙන් අඩංගු වෙනවා. ඒ හැරුනහම මධ්‍යම ප්‍රමාණයේයේ ළූණු ගෙඩියක පහත ආකාරයට තවත් පෝෂය පදාර්ථ අඩංගු වෙනවා.
- කැලරි 44
- ආහාරමය තන්තු ග්රෑම් 2
- ප්‍රෝටීන් ග්‍රෑම් 1
- කැල්සියම් මිලි ග්‍රෑම් 25
- පොටෑසියම් මිලි ග්රෑම් ,160
- මේදය 0.1 g

ඒ වගේම ළූණු කියන්නේ විටමින් සී බහුලවම අන්තර්ගත වෙන ආහාරයක්. විටමින් සී හැරුණාම ළූණුවල අඩංගු වෙන මූලිකම විටමිනයක් තමයි විටමින් බී6 එහෙම නැත්නම් ෆෝලේට් කියලා කියන්නේ. ඒ වගේම ශාකමය ආහාරවල අඩංගු ශාක රසායන අපේ ශරීරයට විශාල කෘත්‍යයක් ඉටු කරනවා. ඉතින් ඒවා ළූණු වලත් නොඅඩුව අඩංගු වෙන නිසා අපේ ශරීරයට හිතකර බොහොමයක් වාසි ලබා ගන්නට පුළුවන්.
ළූණුවල අඩංගු වෙන ශාකමය රසායනික අතර ඇන්තොසයනින් කියන්නේ එවැනි එක් රසායනිකයක්. එය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙසත් ක්‍රියා කරනවා. එයින් අපේ ශරීරය පිළිකා ආදියෙන් පවා ආරක්ෂා කරනවා. මෙහි අඩංගු වෙන තවත් ශාකමය රසායනිකයක් තමයි Quercetin .රුධිර පීඩනය අඩු කරන්නත් ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කිරීමත් මෙහි විශේෂත්වයක්. ඒ වගේම මෙහි අඩංගු වන සල්ෆර් සංයෝගත් අපේ ශරීරයේ සුවිශේෂී කාර්යයන් බොහෝමයක් සඳහා දායක වෙනවා.
ළූණු ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ
- පිළිකා ඇතිවීමේ අවධදානම අඩු කරනවා.
- රුධිර කැටි ඇතිවීම වළක්වනවා.
- රුධිරයේ සීනි මට්ටම පාලනයට උදව් වෙනවා.
- රතු රුධිරාණු නිෂ්පාදනයට උපකාරී වෙනවා.
- අධි රුධිර පීඩනය අඩු කරන්නට දායක වෙනවා.
- ළූණු ස්වභාවිකවම රුධිරය තුනී කරන නිසා රුධිර කැටිගැසීම වළක්වනවා. එය හෘදයාබාධ සහ ආඝාත තත්වයන් ඇතිවීම පාලනයටත් උදව් කරනවා.
- ඔක්සිකාරක ආතතිය පාලනය කරනවා.
- වයස්ගත වීමේ ලක්ෂණ අවම කරනවා.
- ශරරීරයේ අහිතකර කශුද්‍ර ජීවීන් විනාශ කරනවා.
- අස්ථි නීරෝගීව පවත්වා ගන්නට උදව් කරනවා.
- වයස්ගත වීමත් සමඟ ඇතිව ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයන්ගෙන් ආරක්ෂාව සලසනවා.

මිනිසුන් වුණු අපිට වඩාත් හිතකර වාසි ලබාදුන්නත් ඔබේ සුරතලාට ළූණු ආහාරයට ලබාදීමේදී සැලකිලිමත් වෙන්න.මේ ළූණුවල සල්ෆයිඩ් සහ සල්ෆර් ඔක්සයිඩ අන්තර්ගත වෙනවා.මේ සල්ෆයිඩ් සහ සල්ෆර් ඔක්සයිඩ හේතුකරගෙන ඇනීමියා තත්වයක් .ඔබේ සුරතලුන්ට ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා බල්ලන්, පූසන් අශ්වයන් සහ වඳුරන් ආදී සතුන්ට ළූණු ආහාරයට ලබා දීමෙන් වැළකී සිටීම යහපත්.
ඒ වගේම බොහෝ දෙනෙක් සිදු කරන දෙයක් තමයි කපාගත් ළූණු හෝ කපා ඉතිරි වූ ළූණු ශීතකරණයේ ගබඩා කර තබා ආහාරයට ගන්නා එක. මෙයින් සැබවින්ම ළූණු විෂවීමක් ඇති වෙනවාද කියන කාරණාව පිළිබඳව අපි අවධානය යොමු කළොත් 2008 වසරේදී මේ සම්බන්ධ මතයක් ගොඩ නැගුණා . 2008 වසරේදී බොහෝ දෙනෙක් විශ්වාස කළා ශීතකරණයේ තබා ආහාරයට ගන්නා ළූණු විෂ සහිත වෙන්නට පුළුවන් කියලා. මේ සඳහා හේතුව විදිහට බොහෝ දෙනෙක් විශ්වාස කළේ ළූණු නරක් වීම සඳහා බැක්ටිරියා ක්‍රියාකාරීත්වයන් වැඩි වශයෙන් ඇතිවීම
නමුත් සැබවින්ම ළූණුවල අන්තර්ගත රසායනික සංඝටකයන් හේතුකරගෙන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වළකිනවා. ඒ නිසා. කපා ඉතිරිවූ ළූණු ශීතකරණයේ තබා ආහාරයට ගැනීම කිසිසේත්ම විෂ සහිත වෙන්නේ නැහැ. නමුත් කපන ලද ලූනු ශීතකරණයේ ගබඩා කිරීමේ හොඳින් ආවරණය කරන ලද භාජනයක ඒවා ගබඩා කර තැබීම අනිවාර්යයි.
ඒ වගේම ඔබ එළිමහනේ ළූණු ගබඩා කරන්නේ නම් අඳුර සහිත ස්ථානයක තැබීම තමයි වඩාත් සුදුසු. වැඩි ආලෝකය සහිත ස්ථානයක ළූණු තැබීමෙන් ළූණු ඉක්මනින් නරක් වෙන්න පුළුවන්. ඒ නිසා සිසිල් වියලි ස්ථානයක මේවා ගබඩා කරන්න.
ඉතින් ගුණදායක ළූණු නිතරම ආහාරයට එකතු කර ගන්නට අමතක කරන්න එපා.