නින්දට යාමට පෙර පාඩම් කරන්න. නින්දට යන්නට පෙර මනසට යන දේවල් ඉතා හොඳින්ම අපේ මතකයේ තැන්පත් වෙන බව පර්යේෂණවලින් තහවුරු කරගෙන තියෙනවා. පුන්චි කාලයේ දී කරපු කියපු ගොඩක් දේවල් අද අපේ මතකයෙන් ගිලිහී ගිහින් තිබුණත් නින්දට පෙර ඔබේ ආච්චි සීයා හෝ අම්මා තාත්තා කියලා දීපු කතාන්දර තවමත් මතකයේ තියෙනවා වෙන්නට පුළුවන්.එයට හේතුව වෙන්නේ ඉහත සඳහන් කළ කාරණාවයි. ඒ නිසා පාඩම් කරද්දි ඔබට මතක හිටින්නෙම නැති අපහසු විෂය කරුණු නින්දට පෙර කෙටි සටහනක් විදියට සකස් කරගෙන නින්දට යන්නට ආසන්නයේදී කියවන්න. එහෙමත් නැත්නම් ඔබ විෂය කරුණු ඔබේ කටහඩින් රෙකෝඩ් කර එය නින්දට පෙර අසන්න.මේ ක්‍රමය ඔබට උත්සාහ කර බලන්නට පුළුවන් මතකයේ රඳවා තබා ගන්නට අපහසු විෂය කරුණු මතක තබා ගැනීම සඳහා.
පාඩම් කරන්නට පෙර මනස සන්සුන් කර ගන්න.වෙන වැඩක නිරතවී සිට එකවරම පාඩම් කරන්නට ගත්තොත් එය ඔබට විෂය කරුණු මතකයේ රඳවා ගන්නට අවාසි වෙනවා. ඒ නිසා පාඩම් කරන්නට පෙර හොඳින් මනස සන්සුන් කර ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා විනාඩි කිහිපයක භාවනා කිරීම, සුදු හෝ ලා පැහැ බිත්තියක් දිහා ටික වේලාවක් බලා සිටිමින් හුස්ම ඉහළ පහළ යන බව මෙනෙහි කිරීම ගැන අවධානය යොමු කිරීම වගේ දෙයක් කිරීමෙන් විෂය කරුණු ඉතා හොඳින් මතකයේ තබා ගන්නට හැකියාව ලැබෙනවා.

ස්ථාන වෙනස් කරමින් පාඩම් කරන්න.අද බොහෝ අය පාඩම් කරද්දි පොත් අරගෙන ඇඳට යන්න පුරුදුවෙලා ඉන්නවා. ඇඳ කියන්නේ අපි විවේක ගන්නා, නිදා ගන්නා තැන. ඉතින් ඇඳට ගිහින් පාඩම් කරනවා කියන්නේ බොරු වැඩක්. මොකද ඒ සැප පහසුවත් එක්ක අපිට කම්මැලිකමක් වගේම නිදිමතත් එන එක වළක්වන්න බැහැ. ඉතින් පාඩම් කරන්නට තමා තෝරා ගන්නා තැන සයනය නොවිය යුතු බව මතකයේ තබා ගන්න.
උදාසීන බවකින් තොරව පාඩම් කරන්නට සුදුසු වෙන්නේ පුටුවක් සහ මේසයක්. ඒ සමීපයේ අනවශ්‍ය දේවල් ඈතට කරගෙන අවශ්‍ය දේවල් ළඟට කරගෙන ඉතා පිළිවෙලට ඒ ස්ථානය සකසා ගන්නට ඕන.
අනිත් කාරණය තමයි පොත තබා ඇති මේසය කිසිවිටෙකත් පාඩම් කරන්නට භාවිතා කරන්නට එපා. පොත් මේසයේ අපේ සෑම විෂයන්ට අදාල පොත් තියෙනව නේ. ඉතින් අපි එක් විෂයක් පාඩම් කරද්දි අර පොත් ටික දැක්ක ගමන්ම සිත කියනවා අර පොත් ඔක්කොම පාඩම් කරන එපැයි කියලා වගේ දෙයක්. ඉතින් අර පාඩමට දීපු අවධානය එතැනින්ම ඉවරයි. ඒ නිසා පාඩම් කරන්නට වෙනම මේසයක් අත්‍යාවශ්‍ය දේ පමණක් තබාගෙන භාවිතයට ගන්න. ඒ වගේම පොත් මේසය වගේම පාඩම් කරන ස්ථානයත් පිළිවෙලට තබාගැනීම හොඳ මානසිකත්වයෙන් පාඩම් කරන්නට උපකාරී වෙනවා.
ඒ වගේම එකම ස්ථානයේ ඉදගෙන පාඩම් කිරීමත් කරුණු මතකයේ තබා ගන්නට අපහසු වෙන හේතුවක්. අවට පරිසරය වෙනස්වීම මොළයේ නියුරෝන සම්බන්ධතා අලුතින් නිර්මාණය සඳහා ඉතා වැදගත්. ඒ නිසා පාඩම් මේසය හැරුණාම ගෙවත්තේ පුටුවක් තබාගෙන හෝ මිතුරෙකුගේ නිවසේ හෝ පාඩම් කිරීම සඳහා යොදා ගන්නට පුළුවන්.
හඩනගමින් කියවමින් ලියන්න.නිහඩව කියවා මතකයේ රඳවා ගන්නට අපහසු විෂය කරුණු හඩ නගා කියවමින් නැවත ලියමින් පාඩම් කරද්දි වඩා පහසුවෙන් මතකයේ තැන්පත් කර ගන්නට හැකියාව ලැබෙනවා.කටින් කියන දේ නැවත ඇසීමත් ලියන දේ දෑසින් දැකීමත් සිදුවීම නිසා ඉක්මනින් ධාරණය කරගන්නට හැකියාව ලැබෙනවා.
පාඩම් කරන අතරවාරයේදී විවේකයක් ලබා ගන්න. විශේෂයෙන්ම ඔබ ඔබටම සන්තෝසමක් ලබා දෙන්න. ඔබ පාඩමක් පාඩම් කර අවසානයේදී හොඳ තේ එකක් හෝ ඔබ කැමති කෑමක් ආහාරයට ගන්නට පුළුවන්. එහෙමත් නැත්නම් එළිමහනේ ඇවිදිමින් හෝ සින්දුවක් අසන්නට හෝ සමාජ මාධ්‍යයේ සැරිසැරීමක් වගේ සතුට දනවන දෙයක නිරත වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබේ සුරතල් පුන්චි වෙලාවක් කාලය ගත කිරීමත් මනස් සැහැල්ලුවීමට වගේම පාඩම් කළ කරුණු මතකයේ තැන්පත් වෙන්නත් විශාල හේතුවක් වෙනවා.
සිරුර ක්‍රියාශීලීව තබා ගන්න.මොළයට හොඳින් ඔක්සිජන් ගමන් කිරීම නියුරෝන සම්බන්ධතා ඇති කරන්නත් වැදගත් වෙනවා . ඒ නිසා සිරුර ක්‍රියාශීලීව් තබා ගන්නට පොඩි දුරක් දිවීම, සරල ව්‍යායාම්වල නිරතවීම, හොඳින් හුස්ම ගැනීම ආදිය මගින් ධාරණ ශක්තිය වැඩිකර ගන්නට හැකි බව පර්යේෂණවලින් පෙන්වා දී තියෙනවා. එය වැඩි කාලයක් පාඩම් කරන්නටත් ඔබට උපකාරයක් වේවි.
සමබල ආහාරවේලක් ලබා ගන්න.විභාගය ලං වෙද්දි බොහෝදෙනෙක් හොඳ පෝෂණීය ආහාරවේලක් ලබා ගන්නේම නැති තරම්. පාඩම් වැඩත් එක්ක ආහාර සකසා ගන්නට වේලාවක් වැය කරන්නට නොහැකි නිසා වෙනුවට පිටතින් විවිධ ක්ෂණික ආහාර හෝ පෝෂණ ගුණයෙන් හීන බර ලබා ගන්නට කටයුතු කිරීම පාඩම් කළ කරුණු මතකයේ රඳවා තබා ගැනීම බෙහෙවින් අඩු කරන්නට සමත් වෙනවා. ඒ නිසා පාඩම් කරන අතරේ හොඳ සමබල ආහාරවේලක් ලබා ගන්නට උනන්දු වෙන්න.
එක්ව හෝ තනිව පාඩම් කරන්න. මේ කාරණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා ඔබට වඩාත් හොඳින් කරුණු මතකයේ තබා ගන්නට සුදුසු ක්‍රමයක් පමණක් භාවිතා කරන්න. තනිව ඉන්නට කැමති අයෙක් පිරිසක් සමඟ පාඩම් කිරීමට යාමෙන් කිසිවක් මතකයේ නොරැදෙන්නට පුළුවන්. ඒ වගේම තමයි සාකච්ඡා කරමින් පාඩම් කරන්නට හුරු වුණු අයෙක්ට තනිව පාඩම් කිරීමත් නොගැලපෙන නිසා තමන් විසින්ම තමන්ට සුදුසු ක්‍රමය තෝරා ගන්න.

මනස උත්තේජනය කරන සංවේදන ලබා ගන්න. නිකන්ම පාඩම් කරනවාට වඩා මනස උත්තේජනය කරන සුවඳ හෝ ශබ්ද ආදී සංවේදන මගින් අපේ මොළයට කරුණු ධාරනය වීම කිහිප ගුණයකින් ඉහළ නංවා න්නට පුළුවන්. ඒ නිසා පාඩම් කරන සමීපයේ සුවද ආදිය තබා ගැනීම (ලැවෙන්ඩර් ) වගේම වචන නොමැති සියුම් සංගීතයකට සවන්දීමත් හරිම වැදගත්.
- පාඩම් කරන අතරේ ආහාර නොගන්න.
- හොඳ නින්දක් ලබා ගන්න.
පාඩම් කරන අය වැඩිපුරම කරන වැරැද්ද වෙන්නේ නිදිවැරීම. නිදිවරාගෙන පාඩම් කරන්නට සිදු වෙන්නේ විභාගය ලං වෙනතුරු සැලසුමක් ඇතිව පාඩම් නොකිරීම නිසා. ඒ නිසා නිදිවරමින් විෂය කරුණු සියල්ල ඔළුවට දාගන්නට උත්සාහ කළත් නිදිවරාගෙන පාඩම් කළ දේවල් ඉතා ඉක්මනින් අමතකවීමේ සම්භාවිතාවයත් වැඩියි. මේ නිසා ප්‍රමාණවත් නින්දක් ලබාගෙන ප්‍රබෝධමත්ව පාඩම් කිරීමෙන් වැඩි කරුණු ප්‍රමාණයක් මතකයේ රඳවා ගන්නට හැකියාව ලැබෙනවා.
පාඩම් කරන්නට වේලාවක් සොයන්නට එපා මේ මේ වේලාව මතක හිටින්නට හොඳම වේලාව ලෙස සමාජගතව තිබුණත් එය අපිට ප්‍රබෝධමත්ව පාඩම් කරන්නට නොහැකි වේලාවක් නම් අපහසුවෙන් ඒ වේලාව තුළ පාඩම් කරන්නට ගන්න එපා. අයෙකුට උදේ 4 ට පාඩම් කිරීම ගැටළුවක් වුණත් තවත් අයෙකුට එය අපහසු දෙයක්.නිදිමතෙන් පොත් දිහා බලාගෙන හිටියට ඒවා මතකයේ රැදෙන්නේ නැති නිසා තමාට ප්‍රබෝධයෙන් පාඩම් කරන්නට හැකි වේලාවල පාඩම් කිරීම සඳහා භාවිතා කරන්න.
එකදිගට පාඩම් කරන්නට එපා.පර්යේෂණවලින් සොයාගෙන තියෙන විදියට වැඩිහිටි පුද්ගලයෙක්ට යම් දෙයක් ගැන අවධානය බිඳ ගන්නේ නැතුව පවත්වා ගන්න පුළුවන් වෙන්නේ උපරිම විනාඩි 30 ක් හෝ 40 ක් . ඒ නිසා සෑම විනාඩි 30 – 40 කට වරක්ම පාඩම් කරද්දි විනාඩි 10 ක විවේකයක් ලබාගත යුතුයි.
මේ විවේකයේ දී මනස සැහැල්ලු කර ගන්නයි ඕන කරන්නේ. එළිමහනේ ටිකක් ඇවිදලා, සිංදුවක් අහලා මනස සැහැල්ලු කරගන්න පුළුවන්. එකම ඉරියව්වෙන් එකදිගට පාඩම් කරන්නත් එපා.
උදෑසනින් අවදි වීම මෙමගින් වැඩකටයුතු කල් නොදමා සැලසුමක් ඇතිව පාඩම් කරන්නට උදව් වෙනවා. ඒ නිසා ආතතියක් නැතිව විභාගය සඳහා සූදනම් වෙන්නත් පාඩම් කරන කරුණු හොඳින් මතකයේ තබා ගන්නටත් හැකියාව ලැබෙනවා.